IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අදටත් සුරැකෙන "මරුසිරාගේ" හිස්කබල

 

සිරිපාල හා රන්මැණිකායනු සුප‍්‍රසිද්ධ චිත‍්‍රපටයකි. මෙය ප‍්‍රබන්ධ කතාවක් නොවේ. සත්‍ය කතාවකි. මරුසිරා නමින් ප‍්‍රසිද්ධව සිට 1975 අගෝස්තු මස 05 වැනි දින එල්ලා මරා දමන ලද ඞී.ජේ.සිරිපාලගේ කතාව පදනම් කර ගනිමින් සිරිපාල හා රන් මැණිකා චිත‍්‍රපටය බිහිවූවේය. 


ශී‍්‍ර ලංකා අධිකරණ ඉතිහාසයේ එල්ලා මරාදමන ලද අය අතරින් සිරිපාල තරම් කතා බහට ලක්වූ වෙනත් සිරකරුවකු නොසිටින්නට ඇත. 

එල්ලූම්ගහට ගිය මිනිසකුගේ මරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ කොමිසමක්  පත්කැර ඇත්නම් ඒ මරුසිරා වෙනුවෙනි. අධිකරණ නියෝගයක් මත එල්ලා මරා දමන ලද පුද්ගලයකුගේ සිරුර අධිකරණ වෛද්‍යවරයකු විසින් නැවත ගොඩගෙන පරීක්ෂණයට ලක්කැර ඇත්නම් ඒ මරුසිරාගේ සිරුර පමණි. 

මෙතරම් ආන්දෝලනයකට හේතු වූ මරුසිරා මරා දැමීම මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම ශී‍්‍ර ලංකාවේ නවතා දැමීමට ද විශාල බලපෑමක් වූ සිදුවීමක් බවට මතයක් පවතී. බන්ධනාගාර ඉතිහාසයේ ඉතාමත් අපකීර්තිමත් සිදුවීමක් ලෙස ප‍්‍රකටව ඇති මරු සිරාගේ මරණය බෙහෙවින් විවාදාත්මකය. මරුසිරා මිනී මැරුම් කිහිපයකම සැකකරුවකු වූයේය. අවස්ථා කිහිපයකදීම පොලීසියට කොටුවූ මරුසිරා ඒ සෑම අවස්ථාවකදීම බන්ධනාගාරයෙන් පැන යාමට සමත් වූයේය අයෝමය කාය ශක්තියක් තිබූ බව පැවසෙන මරුසිරා තෙවරක්ම සිපිරිගෙයින් පැන ගියේය. පැන යන සෑම අවස්ථාවකම සිය පෙම්වතිය වූ රන්මැණිකා සොයා යන ඔහු යළිත් පොලීසියට කොටුවෙයි. 1974 වර්ෂයේ කරන ලදැයි කියන මිනී මැරුමක් සම්බන්ධයෙන් උසාවියේදී නඩුව විභාගවන අවස්ථාවේ මරු සිරා සිටියේ නිදැල්ලේය. ඔහු තම බිරිඳ රන්මැණිකා සමග සිටි බව පැවසේ. ඒකපාර්ශ්විකව විභාග වූ නඩුව අවසානයේ මරු සිරා එල්ලා මරා දැමීමට නියෝග කැරුණි.

මරු සිරාට මරණ දණ්ඩනය නියමවී තිබියදී ඔහු පොලීසියට කොටුවූයේය. ඒ අනුව මරුසිරා බෝගම්බර සිරගෙදරට ගෙන එන ලදී. එහි රඳවා තැබූ මරුසිරා එල්ලා මැරීමට නියමිත දිනය වූයේ 1975 අගෝස්තු 05 වැනිදාය. 

බොහෝ දෙනකු පවසන්නේ කොතරම් ශක්තිමත් සහ හිරෙන් පැන යාමට තරම් නිර්භීත අයකු වුව ද මරුසිරා මරණයට අසීමිත බියක් දැක්වූ බවයි. මේ නිසාම මානසික ගැටලූවලට බවා බඳුන් වූ මරු සිරා අවසානයේ මානසික ප‍්‍රතිකාර ලබා ගත්තේය. ඔහුට ලබාදුන් ලාගැක්ටිල් නමැති ඖෂධය වෛද්‍යවරයා විසින් ලබා දීමෙන් පසු ඔහු වතුර ද පානය කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයා එතැනින් ඉවත්වීම සිරිත වුව ද වෛද්‍යවරයා නොමග යවමින් බෙහෙත් පෙති විශාල සංඛ්‍යාවක් සගවාගෙන සිටි මරුසිරා එම බෙහෙත් පෙති විශාල සංඛ්‍යාව එකවිට පානය කැර සිහිමුර්ඡා තත්ත්වයට පත්වූයේලූ. 

තවත් පිරිසකගේ අදහස වන්නේ මරුසිරා එල්ලූම් ගසට යැවීමට පෙර දින රාති‍්‍රයේ ඔහු හිරෙන් පලා යනු ඇතැයි බන්ධනාගාර නිලධාරීන් දැඩි බියක් දැක්වූ බවයි. මේ නිසා ඔහු පැන යාම වැළැක්වීම සඳහා බන්ධනාගාරයේ කළ කෝලාහල කරන පුද්ගලයන් දමනය කිරීම සඳහා ලබාදෙන ලාගැක්ටිල් නමැති ඖෂධය විශාල ප‍්‍රමාණයක් මරුසිරාට ලබා දී ඇති බවත් ඒ හේතුවෙන් එල්ලූම් ගහට යද්දී ඔහු සිහිමුර්ජා තත්ත්වයට පත්ව සිටි බවත්ය. 

මරුසිරාගේ මරණය සම්බන්ධයෙන් බන්ධනාගාරයේ සිදුවූ දේ සත්‍ය-අසත්‍යතාව අදටත් දන්නේ එම අවස්ථාවට මුහුණදුන් පිරිස පමණි. මරුසිරා තමන් විසින්ම එකතුකැර ගත් බෙහෙත් පෙති පානය කර ස්ව කැමැත්තෙන්ම සිහිමුර්ජා තත්ත්වයට පත්වූවේ යැයි මොහොතකට නිගමනය කරමු. 

බන්ධනාගාරයේදී යමකු එල්ලා මරා දමන්නේනම් ඔහුගේ ඥාතීන්ට ඒ බව දැන්වීම සාමාන්‍ය සම්ප‍්‍රදායයි. නමුත් මරුසිරා මරා දමන බව ඔහුගේ බිරිඳට හෝ වෙනත් ඥාතියකුට හෝ දැනුම් දී නැත. ඒ වෙනුවෙන් පසු කාලීනව බන්ධනාගාර නිලධාරීන් නිදහසට කරුණු ලෙස පවසා ඇත්තේ මරුසිරා රන්මැණිකා සමග විවාහ වී නොසිටි බවයි. 

අගෝස්තු 05 දා උදෑසන පෝරකය වෙත මරුසිරා ගෙනයාමට පැමිණි බන්ධනාගාර නිලධාරින්ට බරපතළ ගැටලූවකට මුහුණ දීමට සිදුවිය. ඒ කොතෙක් උත්සාහ ගත්ත ද මරුසිරා අවදිකැර ගැනීමට නොහැකිවීමයි. ඔහු තද නින්දකය. කොතෙකුත් කතාකළ ද නැගිටුවීමට උත්සාහ  ගත්තද ඔහු නැගිටින බවක් පෙනෙන්නට නැත. අවසානයේ බන්ධානාගරයේ සිය`ලූම උසස් නිලධරීන් පවා එහි පැමිණියහ. ආගමික වතාවත් සිදුකිරීම සඳහා භික්ෂූන් වහන්සේ නමක් ද පැමිණ සිටියහ. අවසානයේ බන්ධනාගාර වෛද්‍යවරයා ද පැමිණ මරුසිරා පරීක්ෂා කළ ද ප‍්‍රයෝජනයක් වූයේ නැත. 

ගිලන් මැස්සක තබා පෝරකය වෙත ගෙන ගිය මරුසිරා එල්ලා මරා දැමීමට කටයුතු කළේ ඔහු තද නින්දේ සිටියදීය. ගිලන් මැස්සේ සිටියදීම ගෙලට තොණ්ඩුව වැටිණි. අනතුරුව අඑගෝසුවා එල්ලූම් ගහ කි‍්‍රයාත්මක කළේය. සිරුර පරීක්ෂාකැර බැලූ වෛද්‍යවරයා කියා සිටියේ එල්ලා විනාඩි 18 ට පසු මරුසිරා මියගොස් ඇති බවයි. 

‘‘මගේ මිනිහා එල්ලා මැරුවේ නැහැ. මරා දාලා එල්ලූවා ’’ යැයි කියමින් මරු සිරාගේ බිරිඳ රන් මැණිකා මහනුවර නගරය දෙවනත් කරන්නට වූවාය. මහාමාර්ගයේ කෑ ගසමින් විලාප තැබූ ඇය මහා ජන විරෝධයක් ඇතිකළාය. පුවත්පත් මගින් ද කවි කොළ මගින් ද මේ සම්බන්ධයෙන් විශාල ජන විරෝධයක් ගොඩනැගෙද්දී රජයට සිදුවූයෙන් ‘‘මරු සිරා මරා එල්ලූවාද? එල්ලා මැරුවාද?’’ යන්න පිළිබඳ නිවැරදි තීරණයක් ගැනීම සඳහා රජයෙන් කමිටුවක් පත් කැරුණි. මහාභාරකරු මහින්ද ඇහැලේපොල මහතා එහි ප‍්‍රධානියා වූයේය. 

සියලූ සාක්ෂි කැඳවීමෙන් පසුව මරුසිරාගේ මළ සිරුර යළිත් ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කැරුණි. එය භාරවූයේ එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශ ප‍්‍රධානී චන්ද්‍රා අමරසේකර මහතාටය. පසු කලෙක අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ කීර්තිමත් මහාචාර්යවරයකු වූ චන්ද්‍රසිරි නිරිඇල්ල මහතා ද ඔහු සමග සිටියේය.

මරුසිරා එල්ලා මැරුවා ද ? මරා එල්ලූවා ද ? යන්න පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක නිගමනයට එළඹීම මෙම පරීක්ෂණයේ අරමුණ වී තිබිණි. 

කෙසේ වෙතත් එදා වළෙන් ගොඩගත් මරු සිරාගේ සිරුර සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමෙන් පසු ඔහුගේ හිස්කබල පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ තැන්පත් කැර තිබිණි. පසු කලෙක පේරාදෙණියේ සිට කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යා ඒකකයේ ප‍්‍රධානියා බවට පත්ව පැමිණි මහාචාර්ය නිරිඇල්ල මහතා මරුසිරාගේ හිස්කබල කරාපිටිය වෛද්‍ය විද්‍යාලයට ගෙන ආවේය. එය මේ දක්වාම කරාපිටිය වෛද්‍ය පීඨයේ තැන්පත් කැර තිබේ.

සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය වන්නේ මරුසිරා මියගොස් ඇත්තේ එල්ලා දැමීමෙන් නොවන බවයි. ඔහු සිහිමුර්ජා වී සිටියදී එල්ලා දැමීමෙන්  අඩි දෙකයි අගල් දෙකක් සිරුර පහළට පැමිණීමෙන් තොණ්ඩුවෙන් ගෙල සිරවී ඔහු මියගොස් ඇති බව ද නිගමනය කැරුණි. එය එල්ලා මැරීමක් නොවන බව අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශය විය. 

අධිකරණයේ නියෝගය වූයේ ‘‘මැරෙනතුරු බෙල්ලෙන් එල්ලා තැබීම’’ යනුවෙනි. බන්ධනාගාරයේදී මරුසිරා ගිලන්මැස්සක තබාගෙනවිත් බෙල්ලෙන් එල්ලා තිබේ. ඒ අනුව අධිකරණ නියෝගය කි‍්‍රයාත්මක කළ බව කොමිසමේ නිර්දේශය වී ඇත. අධිකරණ වෛද්‍යවරයා කුමක් පැවසුව ද පරීක්ෂණ වාර්තාව නිකුත් වීමෙන් පසු ඔහුගේ මරණය සම්බන්ධයෙන් තිබූ ආන්දෝලනය තරමක් යටපත් වී ගියේය.  

එය එසේ වුව ද මරුසිරාගේ මරණය සම්බන්ධයෙන් ගැටලූකාරී තත්ත්වයන් බොහොමයක් තිබේ. මරණ ද`ඩුවම කි‍්‍රයාත්මක කිරීමට නියමිත අයකු වුව ද සිහි මුර්ජා වූයේ නම් ඔහු ගිලන්මැස්සක තබා රැගෙන යා යුත්තේ පෝරකයට නොව රෝහලට බව නොදන්නා කරුණක් නොවේ. එහෙත් එවැන්නක් සිදුවී නැත. 

මරුසිරාගේ හිස්කබල වර්තමානයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ තබා තිබේ. කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ යූ.සී.පී.පෙරේරා මහතා පසුගියදා අපූරු වැඩකට අතගසා තිබිණි. ඒ කරාපිටියේ දැනට ඇති හිස්කබල් එකිනෙක පරීක්ෂාකොට එහි සම්භවය හා ජනවර්ග ලෙස කවර වර්ගයකට අයත් වන්නේ ද යන්න සොයා බැලීමයි. 

මිනිස් හිස්කබලක ස්ථාන සහ දිශාවන් අනුව ලබාගන්නා මිනුම් 29 ක් සංසන්දනය කිරීමෙන් අදාළ නිගමනයන්ට එළැඹිය හැකි බව වෛද්‍ය පෙරේරා මහතා පවසයි. 

 


විශේෂඥ වෛද්‍ය පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය. 

‘‘අපි ලබාගන්නා මිනුම් අනුව පුද්ගලයකුගේ ගැහැණු-පිරිමි බව, කායික ස්වභාවය, උස, වයස, කායික ස්වරූපය, තීරණය කළ හැකියි. දැනට ලෝකයේ විවිධ රටවලින් තම ජනවර්ගයන් සම්බන්ධයෙන් එවැනි මිනුම් ලබාගෙන දත්ත රැස්කැර තිබෙනවා. අපි මේ අවස්ථාවෙදී මරු සිරාගේ හිස්කබලත් පරීක්ෂාවට ලක් කළා. ඔහු ගැන තිබූ කතා බොහොමයක දැක්වුණේ ඔහු ඉතාමත්ම හැඩිදැඩි විශාල ශරීරයකින් හෙබි පුද්ගලයකු බව. එම කථාවල සඳහන්වූ ඔහුගේ අසීමිත කාය ශක්තිය ගැනත් කියවුණා. සැබැවින්ම ඒ සියල්ල සත්‍යයක් බව අපේ පරීක්ෂණයෙන් සනාථ වුණා. ඔහු සාමාන්‍යයෙන් උසැති පුද්ගලයෙක්. අපි හිස්කබල් 113 ක් විශ්ලේෂණය කළා. ඒ අතරින් මරු සිරාගේ හිස් කබල අනිත් හිස්කබල්වලට වඩා විශාලයි. ඒ අනුව තීරණය කළ හැකියි ඔහු අසාමාන්‍ය ශක්තියකින් යුතු පුද්ගලයකු විය හැකි බව.’’ 

වෛද්‍යවරයා පවසන්නේ මරුසිරාගේ හිස්කබල ශ‍්‍රී ලාංකික ජන කොටස් හා සන්සන්දනය කිරීමේදී ඒවා සමග නොගැළපෙන බවයි. ඔහුගේ හිස් කබල වඩාත් ගැලපී ඇත්තේ යුරෝපීය ජාතිකයන්ගේ හිස්කබලට බව ද  වෛද්‍ය පෙරේරා මහතාගේ නිගමනයයි. 
වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතා පවසන්නේ මරු සිරා මරාදමා එල්ලූවාද? එල්ලා මරා දැමුවා ද? යන්න ගැන සොයන්නාසේම මරුසිරා යුරෝපීය ජාතිකයකුගෙන් පැවත එන පරපුරක සාමාජිකයකු ද යන්න පිළිබඳවත් සැකයක් ජනිත වී ඇති බවයි.  මියගොස් වසර හතළිහකට ආසන්න වුව ද මරු සිරා තවමත් කතා බහට ලක්වූ චරිතයක් බවට පත්ව තිබේ. 

 

වේරගොඩගේ සජීව විජේවීර

 



අදහස් (0)

අදටත් සුරැකෙන "මරුසිරාගේ" හිස්කබල

කසුන් Monday, 04 March 2013 09:17 AM

කවුරු මොනවා කීවත් මරුසිරා කියන්නේ හොඳ මිනිහෙක්... මූනිස්සම් 58ක් ඇඟේ තියාගෙන ජීවත්වුණු නියම සිංහලයෙක්. (ස)

:       0       0

කුරේ Thursday, 07 March 2013 09:27 PM

කොයි සිරාත් මරුට බයයි. මොකද ඉන්පස්සේ එන්නේ කළ හොද නරක ටිකනේ. (නි)

:       0       0

ලාල් Saturday, 09 March 2013 08:09 PM

මේ කාලේ පාතාල සිරාලා,කුඩු සිරාලා නිර්මානය කරන්නේ නම් දේශපාලූවන් තමයි. (නි)

:       0       0

සිසිල් Sunday, 07 April 2013 02:01 AM

අනිත් චන්ඩි වගේද? මරුසිරා අතීතයටත් නමක් එක්කරා (නි)

:       0       0

සම්පත් Monday, 04 March 2013 10:35 AM

අර මූනිස්සම් 58 කතාව කියන්නකෝ. මම මේ දන්නේ නැති හින්දනේ අහන්නේ. (නි)

:       0       0

ගාමිණී Sunday, 03 March 2013 08:40 PM

මරු සිරා මොන අපරාධ කළා වුණත් හිස් කබල නිරීක්ෂණ වාර්තාව නම් ඉතාමත්ම වටිනවා. (නි)

:       0       0

ගාමිණී Sunday, 03 March 2013 08:49 PM

යුරෝපීයයන් රට පාලනය කළ සමයේ එවැනි සම්භවයක් ඇතිවුණාද කියලා හිතන්නත් පුලුවන්. (නි)

:       0       0

සංජීව Wednesday, 06 March 2013 11:01 AM

කසුන්ලා වගේ අය තමයි මේ රටට වැඩි වැඩියෙන් අවශ්‍ය. (නි)

:       0       0

මදුෂාන් Friday, 20 June 2014 01:37 AM

එයා ගමේ සාමාන්‍ය චණ්ඩියෙක්. එයා මැරුවේ එයාව මරන්න ආපු අය විතරයි. (නි)

:       0       0

සුනිල් Wednesday, 06 March 2013 06:57 PM

මිනිහා ඒ තරම් වටිනවාද (දී)

:       0       0

දිනෙත් Thursday, 18 April 2013 11:08 PM

ඇත්තටම ගොඩක් වටිනා මිනිහෙක්. ඇයි මෙහෙම දෙයක් කළේ? මොනවා වුණත් විද්‍යාඥයෝ හොදට පරීක්ෂණේ නම් කරලා තියෙනවා (නි)

:       0       0

තාරක Saturday, 17 August 2013 10:27 PM

දැන් කලේ මරු සිරාලා කි දෙනෙක් නම් අපෙන් ඡන්දෙ ඉල්ලනවද.? (නි)

:       0       0

සිරි Saturday, 09 March 2013 10:36 AM

කසුන්, මාරු සිරා කියන්නෙ මිනී මරුවෙක් මිසක් හොඳ මිනිහෙක් වෙන්නෙ කොහොමද? අැඟේ මුනිස්සම් තබාගෙන සිටීම හෝ අහිංසක මිනිසුන්ට දාමරික කම් කිරීම නියම සිංහලයෙක්ගෙ ගතියක්ද? අද ලංකාවේ සිටින පාතාල කෙරුමන් සමඟ සසඳන විට ඔහු අහිංසකයි වගේ පෙනුනත් , අතීතයේ මෙවන් අපරාධ කරුවන් ගැන චිත්‍රපට නිපදවීමෙන් ( හුදෙක් වෙළඳ වාසි තකා)අපේ මිනිසුන්ගෙ සිත් තුල ඔහු ගැන ගැඹුරින් තැන්පත් වීමත් පසු කාලීනව සමහර අය(ඔබ වැනි) ඔහු වීරයකු ලෙස සැළකීමත් සිදුව අැති බව තේරුම් ගන්න.කවුරු මොනවා කීවත්, තේරුම් නොගත්තත් මෙයාලා තමයි අද ලංකාවෙ තියෙන පාතාල මාෆියාවට බීජ රෝපනය කළේ. අනිත් අතට, සූර සරදියෙල් නම් අදටත් ඔබ වැනි අයට මං පහරණ දාමරික හොරෙක් විතරයි. ඔහු වෙනුවෙන් අඩුම තරමේ මුද්දරයක් හෝ නිකුත් නොවීමට හේතුව ජන මාධ්‍ය විසින් ඔහුට නිසි යුතුකම ඉටු නොවීම සහ සිංහල අපේ ඇති මැකීමට අපහසු කුහක කමයි. (ස)

:       0       0

පේරාදෙණිය සරසවිය Friday, 25 October 2013 05:16 PM

මාරු සිරා කොච්චඑ වැඩකාරයෙක් වුණත් මිනිමරුවෙක්. දඩුවම මරණය නම් එල්ලලාද උල තියලාද වැදගත් නැහැ. (නි)

:       0       0

ප්‍රසන්න. Wednesday, 06 March 2013 10:51 PM

මාරු සිරා ජීවිතය නැතිකරගන්න කියලා එකගමනක් වෙඩිතියාගෙන තියනවා ( පපුවට ) එත් එයා මරුනේ නැහැ,, මුනිස්සම් ගණන නම් හරියටම දන්නේ නැහැ , එත් එයාගේ පපුවේ ඉවත්නොකරන ලද මුනිස්සම් සැලකියයුතු ප්‍රමාණයක් තිබිලා තියනවා...(අ)

:       0       0

ෂෙරිෆ් Wednesday, 06 March 2013 11:09 PM

බැලුවම අහිංසකයි ඒ මිනිහ හරි වසයි කෙරුවේ වැරදිමයි දාමරික වැඩ තමයි ... (නි)

:       0       0

ධර්මවර්ධන Wednesday, 06 March 2013 11:33 PM

කසුන් නම් නියම සිංහලයෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 46 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5694 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 817 4

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1408 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 125 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 209 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39154 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site