අධිවේගී මාර්ග ගැන වැඩි වශයෙන් කතා බහට ලක් වූයේ පසුගිය ජනාධිපතිවරණය සමයේය. ‘‘මෙගා ඞීල්’’ ගැන කතා කරද්දී මුලින්ම කියැවුණේ අධිවේගයයි. ජනපතිවරණයෙන් මාස අටකට පසු අද වන විට එම වචනය නෑසෙන්නාක් බඳුය. දැන් අධිවේගය ගැන නැවත අවධානය යොමු වී ඇත්තේ පසුගිය දිනෙක පළ වූ පුවත්පත් වාර්තාවක් නිසාය. ඉන් කියැවුණේ අධිවේගයේ ‘‘බොරු වළවල්’’ ගැනය.
දක්ෂිණ අධිවේගී මාර්ගය සාදා තවමත් වසර පහක් නැත.
ලංකාවේ මුලින්ම හැදූ අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුලින්ම පැවැති ගැටලූව වූයේ පාරට බල්ලන් ඒමයි. නිසි ආකාරයට ආරක්ෂක වැටවල් ගසා නැති නිසා බල්ලන් ආ බව ඒ දිනවල කියැවිණි. බල්ලන් හැපීමෙන් වාහන අනතුරු සිදුවන්නට ගොස් වළක්වා ගත් අවස්ථා එමට විය.
ඉන් පසු අධිවේගී මාර්ගයේ වරින් වර අනතුරු වාර්තා විය. මේ අනතුරු සිදුවන ස්ථාන ගැන සෙවිල්ලෙන් සිටි පොලිසියට පෙනී ගියේ බහුලව අනතුරු සිදුවන ස්ථාන කිහිපයක් ඇති බවයි. රියදුරන්ගේ නොසැලකිල්ල නිසා අනතුරු සිදු වන වා නම් එකම ප‍්‍රදේශයක අනතුරු බහුල වන්නේ ඇයිදැයි ගැටලූවක් විය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මානප්පෙරුම මහතාට පාදයක කොටසක් අහිමි කළේ ද දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් ය.
වරක් අධික වර්ෂාවක දී දක්ෂිණ අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටිණි. වාහන යටනොවී බේරුණේ අනූ නවයෙනි. මාර්ගයේ එක් මන්තීරුවක් වසා ඒවා සුද්ධ පවිත‍්‍ර කැරුණු අතර පස් කඳු කඩා නොවැටීමට යම් යම් පිළියම් යෙදීය.
එලෙස පිළියම් යෙදුවත් ගස් කඩා වැටීමේ අවධානම තවමත් පහව ගොස් නැත.
දකුණු අධිවේගී මාර්ගයේ ආරක්ෂිත දැල් තැනින් තැන කැඞී ගොස් තිබේ. ඒ නිසා සතුන් අධිවේගී මාර්ගයට රිංගීමේ ප‍්‍රවණතාවක් ඇතැයි අධිවේගී මාර්ගයට සම්බන්ධ නිලධාරියෙක් කීවේය.
මාර්ගයේ ඇතැම් ස්ථාන නිසි සමතලා ගතියකින් තොර බවත්, එනිසාම ඇතැම් ස්ථානවල වැස්සට වතුර පිරෙන බවත් අධිවේගී මාර්ගයේ නිතර යන රියදුරෝ කිහිප දෙනෙක් කීහ.
ඇතැම් ස්ථානවලින් යද්දී වින්ඞ්ස්ක‍්‍රීන් මතට වතුර විසිවෙන තරමටම වතුර පිරෙන බව ඔවුහු පැවසූහ.
රියදුරන් කියන ආකාරයට අධිවේගී මාර්ගය ඇත්තේ සාමාන්‍ය මාර්ගවලට වඩා තරමක් වේගයෙන් යෑමට වුවත් වැසි දිනවලට වතුර වළවල් නිසා එලෙස යා නොහැකිය. ඊට හේතුව තැනින් තැන අධික ලෙස වතුර එක් රැුස් වීමයි. මේ නිසා වාහන ලිස්සා යෑමේ ප‍්‍රවණතාව වැඩිය. එමෙන්ම ඇතැම් අවස්ථාවල දී වින්ඞ්ස්ක‍්‍රීන් වෙත ජලය විසිවෙද්දී රියදුරන් කලබල වීම නිසා ද අනතුරු සිදුවීමට ගිය අවස්ථා ඇතැයි සමහරු පවසති.
මේ ගැන කිහිප අවස්ථාවක දී පැමිණිලි කළත් තවමත් පළක් වී නැතැයි දැන ගන්නට තිබේ.

කිලෝමීටර් විස්ස, විසිපහ, පනහ, හැට, හැට පහ ආදී ස්ථාන ආශ‍්‍රිතව වැඩි වශයෙන් වතුර පිරී පවතින ස්ථාන ඇත.
කළු ගඟ හරහා ඉදි කර ඇති පාලම අසල (ගාල්ල දෙසට) අඟල් කිහිපයක් ගිලා බැස ඇති නිසා කොළඹ සිට ගාල්ල දෙසට යන කුඩා වාහන රියදුරන් හිටි ගමන් වළකට වැටී යළි ගොඩ එන තත්ත්වයක් මේ මාර්ගයේ ඇති බව ද බොහෝ දෙනෙක් කියති.
මීට පෙර මෙවැනි තත්ත්වයක් නොතිබුණු බවත් දැනගන්නට තිබේ. මෙම ස්ථානයේ ඇති කුඩා බැස්ම නිසා කුඩා වාහනවල යද්දී විශාල ගැස්මක් ඇතිවේ.
එමෙන්ම කටුනායක අධිවේගී මාර්ගයේ ද මෙවැනිම ගැට්ටක් ඇත. පාලමට වඩා මාර්ගය පහළින් පිහිටීම ඊට හේතුවයි. එමෙන්ම පාලම් මතින් යකඩ ස්ථර දමා ඇති අතර ඒ මතින් යද්දී ද විශාල ශබ්දයක් නැගෙයි. වාහනයේ ළමයින් යද්දී ඔවුන් බිය වූ අවස්ථා එමට බව රියදුරෝ කිහිප දෙනෙක් කීහ.
ඊළඟ ගැටලූව වන්නේ පාරේ පිවිසුම් ස්ථාන හැර අනෙක් ස්ථානවල විදුලි පහන් නොමැති වීමයි. මාර්ගයේ බොහෝ තැන් පවතින්නේ අඳුරේය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ගය ආසන්නයේ හැරෙන්නට රාත‍්‍රී කාලයේ අන් සියලූ_ ස්ථාන දැඩි අඳුරේ පැවතියත් ප‍්‍රතිවිරුද්ධ දිශාවේ සිට පැමිණෙන බස්, ලොරි හා කන්ටේනර වලින් නිකුත් වන සැර ආලෝක ධාරා වෑන්, කාර් පදවන්නන් දැඩි අසීරුතාවයට පත්වීම නිසා අනතුරු වීමේ ඉඩ වැඩි බව ද රියදුරෝ කියති.
සේවා මධ්‍යස්ථානයේ ඇති වැසිකිළි ආදිය නිසි පිරිසිදුකමක් නැත. මුදල් ගෙවා ඒවාට ගියත් ප‍්‍රමාණවත් පහසුකම් නොමැත.
අධිවේගී මාර්ග අනතුරකින් පාදයක් අහිමි වූ අජිත් මාන්නප්පෙරුම මහතා ඒ දිනවල කීවේ මාර්ගය ප‍්‍රමිතියෙන් අඩු බවයි.
අධිවේගී මාර්ග අනතුරක දී මාර්ගය රියදුරාගේ වියදමින් සාදා දිය යුතුය. මාර්ගයේ අලාභය ගෙවන තෙක් වාහනය නැවත ලබා නොදෙයි. ඇතැම් විට වාහනය හැදීමට යන වියදමට වඩා වැඩි වියදමක් පාරේ අලාභයට යයි. පාරේ අවුල් නිසා අනතුරු සිදුවී මාර්ගයේ අලාභයත් ගෙවීමට සිදුවීම දැඩි අසාධාරණ බව රියදුරෝ පවසති. නමුත් ඔවුන්ට විකල්පයක් නැත.
මාර්ගයේ ගැටලූ ගැන අධිවේගී මාර්ග අධ්‍යක්ෂ (මෙහෙයුම්, නඩත්තු) එස්. ඕපනායක මහතා මෙසේ කියයි.
‘‘මෙම මර්ගයේ වතුර රැඳෙන ස්ථාන හා අනෙකුත් අඩුපාඩු ඇති ස්ථාන හඳුනාගෙන තිබෙනවා. එම ගැටලූ කොන්ත‍්‍රාත් සමාගමේ අවධානයට යොමු කර තිබෙනවා.’’



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරටවල්වල අධිවේගී මාර්ගවල මීට වඩා ගැටළු තියෙනවා . අත්දැකලත් තියෙනවා . මේවා සාමාන්‍ය දේවල්. නමුත් අපට අලුත් අත්දැකීමක් නිසයි මේ අඩුපාඩු දකින්නේ . ඔය අඩුපාඩු නැති වුනොත් ලෝකේ අංක 1 අධිවේගය වෙයි (බ)
ශානක,ඔය ඉන්න රටේ තත්වේ ඔයාගේ කතාවෙන්ම පේනවා.(හේ)
මේ අධිවේගී මාර්ග වගේ නෙමෙයි, පිටරට ඒවා ප්‍රමිතියෙන් උසස්. කොළඹ - නුවර පාරත් මීටවැඩිය හොඳයි (නි)
ඔහොම අධිවේග මම ඇහුවමයි ශානක (නි)
නුවන්, මම ඉන්නේත් ඇමෙරිකාවේ. මෙහෙ පාරවල් වලත් ප්‍රශ්න තිබෙනවා. නමුත් හොරට හදන්නේ නැහැ. නුවන් කලබල වෙන්න එපා (නි)
අපොයි ඔව්. මේ කියන ඒවා ඇත්ත. (නි)
මේ සියලු කරුණුවලින් පෙනීයන්නේ අධිවේගී පාර නියම ප්‍රමිතියට සාදා නොමැති බවයි. මේ හේතුවෙන් නැතිවුණ ජීවිත වලටත්, තුවාල ලබා අසරණවුණ අයටත් වගකිවයුත්තේ අන් කිසිවෙකු නොව රජයත්, කොන්ත්‍රාත්කරුත්ය. මොවුන්ගේ නොසැළකිළිමත්කම හෝ දුෂණ හෝ වංචාසහගතකම හේතුවෙන් ඉතා බරපතල අපරාධයක් සිදුවී ඇත. වෙන රටක නම් නඩු විභාග කර මොවුන් අනිවාර්යයෙන්ම හිරේ යවනු ඇත. මොවුන්ට නඩු දමා වන්දි ඉල්ලා කළ අපරාධයට හිරේ යැවීමට පියවර ගතයුතුයි. (නි)
කැප්පෙටිපොල ඔයා පොළේ මාළු විකුනනවත් සුදුසු නැහැ වගේෙ(ම)
රාත්‍රියට අධිවේගී මාර්ගයේ ධාවනය දුෂ්කර බව ඇත්ත පිටවීම් දෙකක් අතර මැද විදුලි ආලෝකය නොමැතිවීම (බ)
මොකද්ද මේ අනතුරකදී පාරට වෙන හානි රියදුරාගේ වියදමින් හදාදෙන්න ඕනෑ කියන නීතිය? වාහනයක් පාරේ ගෙනයන්න අවශ්‍යම දෙයක් තමයි රක්ෂණය. ඒක ගන්නෙ ඔය කියන හානි වෙන්න පුලුවන් නිසා.රක්ෂණය අපට දෙන්නෙ ඒ වගකීම අරගෙන.එතකොට ඔය අධිවේගෙ ලංකාවෙ පාරක් නෙමෙයිද?එහෙම නැත්නම් වාහන රක්ෂණය කරනකොට ඒකෙ කොන්දේසියක් තියනවද ඔය පාරට වෙන හානි වලට ඒ අය වගකියන්නෙ නැහැ කියලා.මේ වගේ නීති තියෙන්නෙ ලංකාවෙ විතරයි.පිටරටක වාහන රක්ෂණයක් ගත්තහම ඔය වටග් ඒවා නැහැ.ඕනෑ පාරක යන්න පුලුවන්. (නි)
මේක පාරේ ප්‍රමිතියේ ප්‍රශ්නයක් නොවේ. රියදුරන්ගේ ප්‍රමිතියක් නැති කමයි . පිටරටවල මාර්ග වල තත්වයත් මේකේ වගේම තමයි . ලංකාවට හිම , අයිස් , කළු අයිස් , හේල්ස්, සෑන්ඩ් ස්ටෝම් එහෙමත් එනවානම් මේක වහලා දාන්න වේවි . එලවන්න දන්නේ නැතිකමට පාර පළි නැහැ (බ)
සත්‍ය, ඔයාගේ තියන සුදුසුකම මොකක්ද කියල නම් තේරෙන්නෙම නැ. ඕනෙවට වැඩිය කඩේ යන බවක් නම් පේනවා අදහස් වලින්. කැප්පෙටිපොළ කියන කතාවේ අැත්තක් තියනවා මේ පාරේ අනතුරක් වූ විට කාගේ වැරද්ද බලන්නේ නැ වාහන හිමිකරු පාරටත් දඩ ගෙවන්න ඕනේ. පාරේ වරදක් ඇත්තනම් නඩත්තු කරුවන්ට හෝ අදාල පාර්ශව වලට විරුද්දව නඩු පවරා වන්දි ලබාගත යුතුයි. (බ)
ලක්මාලුත් කඩේ යන බව නම් පෙනෙනවා. (අ)
කටුනායක කොළඹ අධිවේග මාර්ගයේ ගොස් ගාල්ල මාර්ගයට ගියාම හොඳට වෙනස තේරෙනවා. මාර්ග දෙකේ ප්‍රමිතියේ ලොකු පරස්පරයක් තියෙන්නේ කොහොමද? (බ)
මම දකින විදියට ඕනෑම පාරක් හැදුවම ටික කලකින් අඩු පාඩු ඇති වෙනවා. මේ පාරවල් වලින් අදායම් ලබනවා වගේම නඩත්තු කිරීම ඉතා වැදගත්. කොළඹ සිට ගාල්ල දෙසට කිලෝමීටර 23.4 කණුව අසල දරුණු ගැට්ටක් ඇති බව මම 6 වතාවකට වඩා කියල තියනවා. මීට සතියකට කලින් විතර එ්ක හැදුව. එවැනි තැන් වාර්තා කිරීම අපේ යුතුකම වුනාට එයට ඉක්මන් ප්‍රතිචාර දැක්වීම ඉතා වැදගත්. රියදුරන් දැනුවත් කිරීමක් කිසිම මාධ්‍යක සිදු වන්නේ නැ. නවක රියදුරන්ට වේගයෙන් ධාවනය කිරීමේ පළපුරුද්ද නැති කමත් මීට ප්‍රධාන හේතුවක්. (බ)
මමත් සමහර දවස් වල දිනකට හතර පස් ගමනක් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරනවා. ඔය කියන ජාතියේ අකරතැබ්බ වලට මාත් මුහුණ දීලා තිබෙනවා. ඉක්මනටම ඕවට පිළියම් යොදනවා නම් අපිට වාහනෙත් බේරාගෙන අපි යන ගමන පහසුවෙන් ආරක්ෂාකාරීව යන්න පුළුවන්. වැහි දිනවලට නම් ඔය මාර්ගයේ පුළුවන් තරම් පරිස්සමට එළවන්න කියලා තමා කියන්න තියෙන්නේ. (නි)