තිස් වසරක යුද්ධය තුන් වසරක වික‍්‍රමාන්විත මෙහෙයුමකින් ජයගෙන සිව්වසරකි. යුද්ධයේ ආරම්භයේ සිට වෙල්ලමුල්ලිවයික්කාල්හි නන්දිකඩාල් කළපුව අද්දරින් ප‍්‍රභාකරන්ගේ මළ සිරුර හමුවූ අවස්ථාව දක්වා සටනේ උණුහුම්ම මතකයන් අවදි කරන්නැයි අපි එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතාට ආරාධනා කළෙමු. මේ ඒ මහතාගේ මතක සටහනය.
|
|
|
ප‍්‍රශ්නය - මේ රටේ තිස් අවුරුද්දක් පුරා යුද්ධය තිබුණා. මම ඔබෙන් පළමුව දැනගන්න කැමතියි.. ඇයි ඒ තිස් වසර පුරාවට යුද්ධය ජයගන්න බැරිවුණේ?
පිළිතුර - හිටපු රාජ්‍ය නායකයන් හැමෝටම උපරිම වුවමනාව තිබුණා. ඒ අය හමුදාවට නියෝග දුන්නා. ඒ නියෝග දීම රාජ්‍ය නායකයන්ට විතරයි කරන්න පුළුවන්. යුද්ධයට අවශ්‍ය උපකරණත් ඒ අය අරන් දුන්නා. වැඩියෙන්ම අවි ආයුධ අරගෙන දුන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියයි. මල්ටි බැරල්, මිග් ප‍්‍රහාරක යානා, කෆීර්, ඩෝරා ඔය ඔක්කොම චන්ද්‍රිකා මැතිනියගේ කාලේ අරන් දීපුවා.
නමුත් හමුදාවේ තිබුණ සැලසුම් හුඟාක් අසාර්ථක වුණා. ඒ සැලසුම් ප‍්‍රායෝගික වුණේ නෑ. සීමිත සැලසුම් තමයි තිබුණේ. එකපාරක් යාපනය අල්ලනවා. තව පාරක් වඩමාරච්චිය අල්ලනවා. මුළු යුද්ධයම ඉවර කරන්න සැලසුමක් කොහේවත් තිබුණේ නෑ. එක්කෝ ඒ - 9 පාර අරින්න කියලා උත්සාහ කරනවා. යුද්ධය ඉවර කිරීමේ සැලැස්මක් කවදාවත් තිබුණේ නෑ. ඒ නිසා ඒ අතරේ ත‍්‍රස්තවාදීන් වැඩි වුණා.
ඊට අමතරව ඔය එක එක ක‍්‍රියාන්විතයන් බාරව හිටපු අයටත් යුද්ධයේ ප‍්‍රායෝගික අත්දැකීම් තිබුණේ නෑ. මට ඒ කාලේ ඉඳලම යුද්ධයත් එක්ක ඉඳලා අත්දැකීම් තිබුණා. ප‍්‍රභාකරන්ට තිබුණ වාසි අවාසි, කළ හැකි දේ කළ නොහැකි දේ පිළිබඳ අවබෝධයක් මට තිබුණා. ඒ නිසා සමූලඝාතනයට මට සැලැස්මක් හදන්න පුළුවන් වුණා.
ප‍්‍රශ්නය - බොහෝ යුද සැලසුම් විවිධ බලපෑම් මත හකුලා ගන්න සිදුවුණු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඔබ එහෙම දෙයක් ගැන හිතන්නේ නැද්ද?
පිළිතුර - ඒක සම්පූර්ණ බොරුවක් කියලයි මම හිතන්නේ. රාජ්‍ය නායකයෝ නියෝග දුන්නා හැම වෙලේම. හමුදා පසුබැසීම් තමයි ප‍්‍රධානම හේතුව වුණේ.
ප‍්‍රශ්නය - එතකොට වඩමාරච්චි සටන?
පිළිතුර - ඒ වඩමාරච්චි යුද්ධය දිගටම කරගෙන ගියා නම් ප‍්‍රභාකරන් ඉවර වෙනවා කියන කතාව අමූලික බොරුවක්. ඒක මම බය නැතිව කියනවා. වඩමාරච්චිය කියන්නේ බොහොම පොඩි ක‍්‍රියාන්විතයක්. ඒ වගේ ක‍්‍රියාන්විත මම කරපු අවුරුදු දෙකයි මාස නවයයි තුළ දිනපතාම දවසට තුන් පාරක් විතර අපි කළා. තේරුණාද? වඩමාරච්චිය කියන්නේ බැටෑලියන් හතරකින් කරපු සටනක්. සෙබළුන් දෙදාහයි. මගේ සටන තුළ සෙබළුන් පහළොස් දාහක් විතර හැමදාම සටනේ හිටියා. අවි ආයුධ ගත්තත් ඒ කාලේ කොටි සංවිධානයට මෝටාර් එකක්වත් තිබ්බේ නෑ. බිම් බෝම්බ ටිකක් දාන එක විතරයි ඒ කාලේ කළේ. ඒ කාලේ තමයි වඩමාරච්චි සටන කළේ.
වඩමාරච්චිය කියන්නේ විශාල ප‍්‍රදේශයක්. කිලෝමීටර් හතළිහක් විතර දිග කිලෝමීටර් විසිපහක් විතර පළල ප‍්‍රදේශයක්. ඒක වටකරන්න ගියා බළඇණි හතරකින්. ඒක සාර්ථකව කරන්න බැරි වැඩක්. ඒ වගේ ප‍්‍රදේශයක ත‍්‍රස්තවාදීන් ඉන්නවා නම් ඒ වගේ බැටෑලියන් හතරකින් ඒක කරන්න බෑ. අලි රංචුවකට වුණත් පැනලා යන්න පුළුවන්. අනිත් කාරණය තමයි ප‍්‍රභාකරන් වඩමාරච්චියේ හිටියෙත් නෑ. ඒ කාලේ යුද හමුදාවට යාපනය පැත්තට යන්න හිතන්නවත් බෑ. පලාලි කඳවුරෙන් නැගෙනහිර පැත්තට ගිහින් තමයි වඩමාරච්චියට ගියේ. පලාලි කඳවුරෙන් දකුණට එන්න ඕනෑ යාපනයට යන්නනම්. දකුණට යන්න ඒ කාලේ හිතන්නවත් බෑ. ප‍්‍රභාකරන් හිටියේ යාපනය පැත්තේ. ඒක හිතන්නවත් බැරි හින්දා ඒක සැලසුම් කරපු අප වඩමාරච්චියට ගියා. එහෙම යනකොට විශාල ප‍්‍රසිද්ධියක් දුන්නා. නමුත් පළමු වැනි විනාඩි තිහේදී විතර බිම්බෝම්බ අතුරපු තැනකින් යන්න ගිහින් තොන්ඩමනාරු කළපුව ළඟ අපේ සෙබළුන් තිහක් විතර මැරුණා. ඊට පස්සේ සටනක් තිබුණේ නෑ. වඩමාරච්චිය දිහාට හමුදාව නිකම් ඇවිදගෙන ගියා විතරයි. එහෙම නැතිව ඒක නතර කළේ ඉන්දියාව කියලා කිව්වට ඒවා බොරු කතා. වඩමාරච්චි සටනෙන් පස්සේ යම් යම් චෝදනා ආවා. ජනතාවට හිරිහැර වුණා කියලා. ඒ චෝදනා පිට තමයි ඉන්දියාව උඩින් ඇවිත් පරිප්පු දාන්න පටන් ගත්තේ. නමුත් ප‍්‍රභාකරන් බේරාගන්න පරිප්පු දැම්මේ නෑ. ඒක අමූලික බොරුවක්. මම ඕනෑම තැනක ඒ කතාව කියනවා.
ප‍්‍රශ්නය - තත්ත්වය ඒකනම් කොහොමද අවුරුදු තුනකින් යුද්ධය දිනුවේ?
පිළිතුර - මම මුලින් කිව්වා වගේම මේ යුද්දේ ආරම්භයේ ඉඳලා මමත් හැම මට්ටමකින්ම හිටියා. පළමුවැනියෙන්ම සෙබළකුට වෙඩි තියනකොටත් 1981 දී මම යාපනය රාජකාරි භාර නිලධාරියා එදා. දොරෙඅප්පට වෙඩි තියනකොට මාදගල් කියන හරියෙදි තමයි වෙඩි තිබ්බේ. ඒ වෙනකොට ඒ ප‍්‍රදේශය භාර ලූතිනන් මම. 1983 ජූලි 23 වැනිදා අපේ සෙබළු 13 ක් මැරුවේ. ඒක වෙන්න කලින් දවසේ එතැනින් ඒ වෙලාවටම පෙට්‍රෝල් එක ගියේ මම. ඊට පහුවදා තමයි සිංහ රෙජිමේන්තුවේ අපි පාබල හමුදාවේ වෙනත් බළඇණියකට ඒ ප‍්‍රදේශය භාර දුන්නේ. ඒ බළ ඇණියේ පළමු මුර සංචාරයට තමයි කොටි ගැහුවේ. ඔය විදියට යුද්දේ හැම ක‍්‍රියාන්විතයේම මම ඉඳලා තියෙනවා. හතර පස් දෙනෙක්ගෙන් පටන් අරගෙන 1983 දී දොළොස් දෙනෙක් වෙලා ඕක වැඩෙන හැටි මම දැකලා තිබුණා. ඒ නිසා දෙපැත්තෙම වැරැදි අඩුපාඩුකම් මම දැකලා තිබුණා.
ඒ නිසා මම අලූත් සටන් සංකල්පයක් හැදුවා. ඒ අනුව තමයි සටන් කළේ. ඉස්සර අපි පාරවල් දිගේමයි සටන් කළේ. මම කරපු පළමු වෙනස්කම තමයි අපි කැලයට ඇතුළු වුණා. ත‍්‍රස්තවාදියා පාරට තල්ලූ කළා. ත‍්‍රස්තවාදියා හුරුවෙලා හිටියෙ අපි පාරවල්වල ඉන්නත් ඒ අය කැලේ ඉන්නත්. ඒ ක‍්‍රමය වෙනස් වෙච්ච ගමන් ත‍්‍රස්තවාදියා අන්දමන්ද වුණා. ඒ අය හිතුවෙත් නෑ අපි මේක අතහරින්නේ නැතිව දිගටම කරයි කියලා. නමුත් අපි එල්ලිලාම ඉඳගෙන මේක කරපු හින්දා මහ වැස්සෙ, ගංවතුරේ, කන්න බොන්න නැතිව එක දිගට සටන් කළා. ඒ වේගයටත් එල්.ටී.ටී.ඊ යට මුහුණ දෙන්න බැරි වුණා.
හොඳ වෙලාවට මට සෙබළුන් එකතු වුණා. මම හමුදාපති පදවිය භාරගන්නකොට හිටියේ සෙබළුන් එක්ලක්ෂ දහසය දාහයි. නමුත් මම භාරගත්තාට පස්සේ ලක්ෂ දෙකක් වෙනකම් තරුණයන් බැඳුණා. මම භාරගන්න කලින් අවුරුද්දටම තුන් දාහයි තරුණයෝ බැඳුණේ. මම බාරගත්තට පස්සේ මාසයකට හාරදහසක් විතර බැඳෙන්න පටන් ගත්තා. ඒක මට ලොකු හයියක් වුණා. ඕක ඇතුළේ ත‍්‍රස්තවාදීන්ට ඔළුව උස්සන්න දෙන්නෙ නැතිව අපි පහර දුන්නා. මම සැලසුම් කරපු පැති වලින්ම සටන ආරම්භ කළා. මුලින්ම නැගෙනහිර. ඔය ලොක්කන් කාටවත් විශ්වාසයක් තිබුණේ නෑ... සටන දිගටම යයි කියලා. මාවිල්ලාරුවෙන් පටන්ගන්න කොට ඒ අය හිතුවේ ඒක එතැනින් නතරවෙයි කියලා. මම ඒක ඉවරවෙන්න කිට්ටුවෙනකොට වාකරේට කොක්ක දාලා ඒ පැත්තෙන් පටන් ගත්තා. වාකරේ ඉවරවේගෙන එනකොට මඩකළපුව බටහිරට කොක්කක් දාලා ඒ පැත්තෙනුත් පටන් ගත්තා. තොප්පිගල සටන යනකොටම වව්නියාවෙන් උඩට සේනාංකයක් යැව්වා. නැගෙනහිර යනකොටම උතුරේ යුද්ධයක් පටන් ගත්තා. මම මේගොල්ලන්ට කිය කියා හිටියේ නෑ. එහෙම කිව්වානම් මේ අය අනිවාර්යයෙන්ම නවත්වනවා. තොප්පිගල සටන යනකොටම උතුරෙන් සටන පටන් ගත්තා. ඒවා එක දිගටම ගෙනිච්චා. කොටියට ඒකට මුහුණ දෙන්න බැරිවුණා.
ප‍්‍රශ්නය - ඔහොම සටන් කරනකොට ජාත්‍යන්තර බලපෑම් එහෙම ආවේ නැද්ද?
පිළිතුර - ජාත්‍යන්තර වශයෙන් අන්තිම කාලේ ආවා. අපි ඔච්චර ළඟට යයි කියලා ඒ අය හිතුවේ නෑ. කිලිනොච්චිය එහෙම අල්ලයි කියලා ජාත්‍යන්තර ප‍්‍රජාව හිතුවේ නෑ. මම 2007 මාර්තු මාසේ වව්නියාවෙන් උඩට ඒx9 එකේ වම් පැත්තෙන් සේනාංකයක් දැම්මා. 2007 සැප්තැම්බර් වෙනකොට මන්නාරමෙන් තව සේනාංකයක් දැම්මා. 2008 ජනවාරියේ තව සේනාංකයක් මම දැම්මා වැලිඔයෙන්.
ප‍්‍රශ්නය - ප‍්‍රශ්නය එතැනින් ඉවර වුණාද?
පිළිතුර - 2008 මැද වෙනකොට මල්ලාවි, තුනුකායි කියන හරියට මම යනවා. වැලිඔයෙන් එහා සේනාංකය ජූනි අග වෙනකොට වන් ෆෝ බේස් කියන හරිය අල්ලනවා කිව්වා. අවුරුද්ද අග වෙනකොට වැලිඔය පැත්තෙන් ආපු සේනාංකය මුලතිව් අල්ලනවා කිව්වා. කිලිනොච්චිය අල්ලනවා. 2008 දෙසැම්බර් වෙනකොට කියලා මම කිව්වා. ඒ කියපු විදියටම ජූනි වෙනකොට ඒ කියපු තැන් දෙකටම ගියා. 2008 අපේ‍්‍රල් වෙනකොට මඩුවලට උඩ පැත්ත ඊට පස්සේ මන්නාරමේ හා වව්නියාවේ සේනාංක දෙක මඩුවලට උඩින් එකතු කළා. එතැන ඉඳලා උඩට උතුරට යන්න පටන් ගත්තා. කියපු විදියටම ජූනි වෙනකොට තුනුකායි ඇල්ලූවා. ජූනි වෙනකොට වන් ෆෝ බේස් ඇල්ලූවා. මම කියලා තිබුණේ 2008 අග වෙනකොට කිලිනොච්චිය අල්ලනවා කියලා. 2009 ජනවාරි 2 වැනිදා කිලිනොච්චිය ඇල්ලූවා. දවස් දෙකයි පහුවුණේ. මුලතිව් අල්ලනවා කිව්වා 2008 දෙසැම්බර්වල. ඒක ඇල්ලූවේ 2009 ජනවාරි 26 දා. දවස් 26 ක් පරක්කු වුණා. වැස්ස, ගංවතුර හින්දයි ඒක පරක්කු වුණෙත්. ඒ අනුව මං කියපු විදියටම මගේ සැලැස්ම ගෙනිච්චා.
ප‍්‍රශ්නය - සිවිල් ජනතාවට සිදුවන හානිය අවම කරගන්න මොනවගේ වැඩපිළිවෙලක් ද යෙදුවේ?
පිළිතුර - ඒ ප‍්‍රශ්නය වැඩියෙන්ම බලපාන්න පටන් ගත්තේ මාර්තු මාසයේ ඉඳලයි. පුදුකුඩිඉරුප්පු අපි අල්ලන්න ඉස්සෙල්ලා සිවිල් ජනතාවට ඕනෑතරම් ඉඩකඩ තිබුණා. ඒ කාලේ සිවිල් ජනතාව කිලෝමීටර හතරක් පහක් ඈතින් හිටියේ. ඒ නිසා ප‍්‍රශ්නයක් වුණේ නෑ. ගුවන් හමුදාව යූඒවි දාලා උඩින් නිරීක්ෂණය කර කර තමයි ගැහුවේ. මාර්තු මාසය වෙනකොට පුදුකුඩිඉරුප්පු වට කරනකොට තමයි ඔය ප‍්‍රශ්නය ආවේ. ඒ වෙනකොට තමයි සිවිල් ජනතාව ළඟට යුද්දෙ යන්න පටන් ගත්තේ. ඒ වෙලාවේ මට නියෝග දෙන්න වුණා බර අවි අඩුකරන්න. ඉදිරිපෙළට හැර පිටිපස්සට බර අවි වලින් ගහන්න එපා කියලා. එහෙම තමයි වෙඩි බලය පාලනය කරලා තමයි අපි යුද්ධ කළේ. ඒ නිසා තුවාලකාරයෝ වැඩිවුණේ අපේ.
2006 ඉඳලා 2007 ජූනි වෙනකම් නැගෙනහිර අල්ලන්න ගිහින් මගේ සෙබළු මැරුණේ දෙසීයයි. ඊට පස්සේ 2007 අග වෙනකොට සෙබළු දාහක් විතර මැරිලා තිබුණා. 2008 අවුරුද්දට සෙබළු දෙදාහක් නැති වුණා. අවි බලය අඩු කරලා සටන් කරන්න ගිය නිසා 2009 මාස හතරාමාරට සෙබළුන් දෙදාහක් නැති වුණා. ඒක එහෙම වුණේ සිවිල් ජනතාව බේරාගන්න ඕනෑ නිසා. අපේ‍්‍රල් 19 වැනිදා පුදුමාතලන් කළපුව හරහා ගිහින් එල්.ටී.ටී.ඊ පස් කණ්ඩිය කඩලා සිවිල් ජනතාව එක්ලක්ෂ පහළොස් දාහක් එළියට ගත්තා. ආපසු මැයි 14 වැනිදා මුලතිව් පැත්තෙන් කළපුව හරහා ගිහින් පස් කණ්ඩිය කඩලා එතැනින් අසූපන්දාහක් විතර සිවිල් ජනතාව එළියට ගත්තා. ඒ සටන් දෙකේදීම මට හුඟාක් හානි වුණා.
ප‍්‍රශ්නය - අන්තිම සටනේ අන්තිම දවස් වෙනකොට ඔබ ලංකාවේ හිටියේ නෑ. ඒ වගේ තීරණාත්මක දින කිහිපයේදී ඔබ හදිසියේ ලංකාවෙන් ගියේ ඇයි?
පිළිතුර - ඒක චීන සංචාරයක්. විනෝද ගමනක් නොවෙයි මම ගියේ. යුද හමුදාවට යාන්ත‍්‍රික පාබල බළ සේනාවක් අපි එකතු කළා. ඒකට වාහන ගන්න චීනයත් එක්ක කතා කරලයි තිබුණේ. ඒ වාහන පරික්ෂා කරන්න ඒ අය මට එන්න කියලා තිබුණා. අලූතෙන්ම ගන්න ඒවා නිසා මීට පෙර වගේ වැරැුදි වාහන නොවෙන්න ඕනෑ නිසා මම යන්න හිටියේ. හමුදාපති කාලේ හතර පාරක් විතර මම ඔය ගමන සූදානම් කරගත්තා. ඒත් හැම වෙලේම යුද්දෙ එක එක අවස්ථා නිසා මට යන්න බැරි වුණා. අන්තිමට මැයි මාසයට ඒ ගමන යෙදිලා තිබුණා. ඒ අය දෙන වෙලාවලූත් බලන්න වෙනවා. අපිට ඕනෑ විදියටම යන්න බෑ. මැයි මාසයේ මුල් සතිය වෙනකොට සටන ඉවර වෙයි කියලා මම හිතුවා. නමුත් සිවිල් ජනතාවගේ ප‍්‍රශ්නය නිසා සටන ටිකක් ඇදිලා ගියා. මැයි 11 වැනිදා සිට 17 දක්වා ගමන දාලා තිබුනා. එතකොට ගුවන් යානා බලපත‍්‍ර අරගෙන. ඒ අයත් එහෙ හෝටල් බුක් කරලා තිබුණ නිසා ඒ වෙලාවේ ඒ ගමන අවලංගු කරන්න අමාරු වුණා. කොහොම වුණත් පුදුමාතලන් ඇල්ලූවාට පස්සේ අපේ‍්‍රල් 19 න් පස්සේ ත‍්‍රස්තවාදීන් තනිකරම පුංචි තීරයට කොටුවෙලා තිබ්බේ. කිලෝමීටර් 8 ක් විතර දිග කිලෝමීටර 2 ක් විතර පළල තීරයක් ඒක. ඒ තීරය දිගේ ගල්රෝලක් පෙරළෙනවා වගේ හමුදාව දවසින් දවස ඉදිරියට ගියා. එතකොට ඒ සටන කාටවත් නවත්වන්න විදියක් තිබුණෙත් නෑ. කොහොම වුණත් මම 17 වැනිදා රෑ 9 වෙනකොට ලංකාවට ආවා. අන්තිම සටන පටන් ගත්තේ 17 ? දෙකාමාරට. ඒ සටන 19 වැනිදා උදේ දහය මාරවෙනකම් ගියේ. ඒ සටන සම්පූර්ණයෙන්ම මම මෙහෙයැව්වා.
ප‍්‍රශ්නය - ප‍්‍රභාකරන්ගේ මළ සිරුර හඳුනාගන්නා විට ඔබ හිටියෙ කොළඹ. ඔබ ගියේ නැද්ද ඒ මළ සිරුර බලන්න?
පිළිතුර - ඒක දකින්න මට අවශ්‍ය වුණේ නෑ. ඔය දර්ශන බලන්න යන ගතියක් මට තිබුණේ නෑ. යුද්දෙ කරනවා හැරෙන්න ත‍්‍රස්තවාදියා බලන්න යෑමේ දොළදුකක් මට තිබුණේ නෑ. ඒ මළ සිරුර අපි ප‍්‍රදර්ශනයට දැම්මෙත් නෑ. ඒක අඳුරගන්න අපි කරුණාව යැව්වා එතැනට. එයා ගිහින් අඳුර ගත්තා. ඊට පස්සෙ උපදෙස් දුන්නා ඒ මළ සිරුර ආදාහනය කිරීමට.
ප‍්‍රශ්නය - ප‍්‍රභාකරන්ගේ පොඩි පුතාගේ ඡුායාරූපයකට අදාළව ලොකු ආන්දෝලනයක් තියෙනවා. ඔබ මොනවද ඒ ගැන කියන්නේ?
පිිළිතුර - ප‍්‍රභාකරන්ගේ බිරිඳ ගැන දුව ගැන ඔය පොඩි පුතා ගැන කිසිම හෝඩුවාවක් අපට ලැබිලා තිබුණේ නෑ. යුද්දෙ ඉවර වුණාම ලොකු පුතාගේ චාල්ස් ඇන්තනීගේ මළ සිරුර හමුවුණා. අත්අඩංගුවට ගත්තා නම් අපි දොළොස් දාහක් ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගත්තනේ. ඒ අයව ආරක්ෂා කළානේ. එහෙම නම් ඔය කියන පොඩි ළමයටත් ආරක්ෂාව ලැබෙනවා. තමිල් චෙල්වම්ගේ බිරිඳ ප‍්‍රභාකරන්ගේ අම්මා තාත්තා අපි ආරක්‍ෂා කළානේ. මම දැක්කා පස්සේ කේ.පී කියලා තියෙනවා. ඒ කාලේ මම හිරේ හිටියේ. මැයි 14 වැනිදා ප‍්‍රභාකරන්ගේ බිරිඳ මිය ගියා කියලා. ඒ අයත් කොටි හමුදාවේ නිලධාරියෝ. බිරිඳත් බි‍්‍රගේඩියර් කෙනෙක්. දුව කර්නල් කෙනෙක්. පොඩි පුතා බාලචන්ද්‍රන් කැප්ටන් කෙනෙක්. චාල්ස් ඇන්තනී ලොකු පුතත් කර්නල් කෙනෙක්. ඉතින් මම දැක්කා කේ.පී කියලා තියෙනවා බිරිඳ මැරුණ සටන් පෙරමුණේ දී කියලා. දුවත් මැරුණ කියලා කේ.පී කියලා තිබුණා. ඔය පුතා කේ.පී. කියලා තිබුණ බෑග් එකකුත් අතේ තියාගෙන එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියා කියලා. කේ.පීලා හිටියේ මේ අයව එතැනින් අයින් කරගෙන යන්න. ඔය බාලචන්ද්‍රන් පුතා ‘‘කේ.පී. අන්කල් මාව ගෙනියනවා.....කේ.පී අන්කල් එනකම් මම ඉන්නවා’’ කිය කියා ඇවිද ඇවිද හිටියා කියලා කේ.පීම කියලා තිබුණා. ඉතින් අපි දන්නෑ....කොහේට ගියා ද.....එහෙම නැත්නම් සටනේ අන්තිම දවසේ රෑත් කළපුව හරහා මේ අය පැනලා යන්න හැදුවනේ. ඒ වගේ වෙලාවකදී වෙඩි වැදිලා මැරුණද කියලා කියන්න මම දන්නේ නැහැ.
ප‍්‍රශ්නය - පොට්ටු අම්මාන්ට මොකද වුණේ රෑ පොට්ටු ගැන කිසිම ආරංචියක් ආවේ නැහැනේ ?
පිළිතුර - පොට්ටු අම්මාන්ගේ කිසිම හෝඩුවාවක් අපට ලැබුණෙ නැ. ඒත් මම දැක්කා කේ.පී කියලා තිබුණ ප‍්‍රභාකරන් හා පොට්ටු අම්මාන් අතර ප‍්‍රශ්නයක් තිබුණා කියලා. ප‍්‍රභාකරන් හා පොට්ටු අම්මාන් කළපුව හරහා ගිහින් මුලතිව් කැලයට පනින්න ගිහින් පුපුරවාගෙන මැරුණා කියලා. ඒ වගේම ප‍්‍රභාකරන් ආපහු ආවා කියලා. ඒ වගේ දෙයක් වුණා වෙන්න පුළුවන්. ප‍්‍රභාකරන්ගේ අන්තිම මොහොත දක්වා කේ.පීට සම්බන්ධතා තිබුණනේ.
ප‍්‍රශ්නය - යුද්දේ අවසන් භාගයේදී ආරක්‍ෂක මණ්ඩලයේදී ඔබ කිව්වා ‘‘ප‍්‍රභාකරන් පැනලා ගියොත් පැනලා යන්නේ මුහුදෙන්’’ කියලා. ඇයි එහෙම අදහසක් ප‍්‍රකාශ කළේ ?
පිළිතුර - අන්තිම කාලෙදී මම ඒක ජනපතිටත් කිව්වා. ඒ ආරක්‍ෂක වළලූ යොදලා තිබුණ ආකාරය මට වැටහුනේ නෑ. ඒක සාර්ථකයි කියලා. සුසෙයි ගේ පවුලත් පැනලා යන්න ගිහින් අහුවුණානේ. ඒ විදියට ගොඩක් අය ගියානේ. සමහරු ඉන්දියාවටත් ගියානේ. ඒ නිසා මේ තිබුණ ආරක්‍ෂක වළල්ලේ එහෙම පැනලා යන්න පුළුවන්කමක් තිබුණා. මං හිතන්නේ ප‍්‍රභාකරන්ට යන්න තැනක් තිබුණේ නෑ. ඒ නිසා හිටියා. ඒ නිසා එයාගෙ බලාපොරොත්තුවක් තිබුණා අන්තිම මොහොතේ හරි අර කේ.පී කිව්වා වගේ අන්තිම මොහොතේ හරි හෙලිකොප්ටරයක් හරි ඇවිත් එයාව බේරා ගනියි කියලා. ඒ නිසා හිටියා.
ප‍්‍රශ්නය - ඔබ හා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා පංතියේ මිතුරෙක් කියලත් කියනවා.
පිළිතුර - මට වඩා අවුරුදු දෙකක් විතර එයා පහළින් හිටියේ. මම ආනන්ද විද්‍යාලයේ ජල කී‍්‍රඩා කණ්ඩායමේ නායකයා විදියට ඉන්න කාලේ වෝටර් පෝලෝ කණ්ඩායමේ නායකයා මම. ඔහු උපනායකයා. ඔහු තමයි මගේ ගෝල් කීපර් විදියට හිටියේ. මම ජාතික කණ්ඩායම දක්වා ගියා. එයා ඒතරම් දුරට ජල ක‍්‍රීඩාව කළේ නෑ. එයා මගේ මිතුරෙක් නෙවෙයි. මට වඩා අවුරුදු දෙකක් බාලයි. මම ආශ‍්‍රය කරපු මගේ කණ්ඩායමේ සාමාජිකයෙක් විතරයි.
ප‍්‍රශ්නය - ඔබ දේශපාලනයට නාවානම් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද ?
පිළිතුර - දේශපාලනයට නාවානම් රට නගන සංග‍්‍රාමයේ නොවෙයි රට කන සංග‍්‍රාමයේ කොටස්කාරයෙක් වෙන්න තිබ්බා.
සාකච්ඡා කළේ - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අපි සැමදා ගරුකරමු. නමුත් සියලු ජයග්‍රහණ ඔබ නිසා පමණක් ලැබුණා නොවේ. තව විශාල පිරිසක් මෙම ජයග්‍රහණ වලට උරුමකම් කියන බව ඔබ අමතක කිරීම ගැන කණගාටු වෙමි. (නි)
එදා අලිමන්කඩට වැඩිය ඔබට රවී කරුණානායකගේ පාමන්කඩ හොද උනා.(නදී)
කලගුණ නැති දේශපාලනය නොකර සිටියා නම් ඔබත් රජෙක් තමයි. (නි)
ඔබ තමයි යුද්ධයේ නියම නායකයා.(නදී)
යුද්දය නම් අපිට නැවතත් එපා
සංජය ඔබේ අදහස මා එසේම පවසන්නම්."ඔබ අපට දෙවියෙකි දේශපාලනයට නොගියා නම්" සදාචාරයක් නැති දේශපාලනය ඔබේ ගරුත්වය නැතිකළා. (නි)
ඔබ තුමාට මම ගරු කරමි. නමුත් ඔබ තුමා අවංක කෙනෙක් නොවෙයි.(නදී)
මේ රට බාරගන්න නියම මිනිසා ඔබයි මට හිතෙන විදිහට. ඔබට සදා ජය ලැබේවා! (නි)
ප්රභාකරන් කිව්වා හරියටම හරි. අපේ මිනිස්සුන්ට හැම දෙයකම මතක හරියටම සතියයි. තම ජීවිත කාලයෙන් හරි අඩකටත් වැඩියෙන් හමුදාවට සේවය කරපු විරුවෙකුටවත් කෘත ගුණ සලකන්න දන්නේ නැති අයගෙන් පිරුන රටක් මේක. අනේ උතුමාණෙනි , ඔබතුමා මේ රට අත හැර මිනිසුන් ඉන්නා රටකට ගොස් ඔබගේ වටිනා සේවය ලබා දෙන්න. අපි මෙන් ඔබ රටට ණය නැහැ උතුමාණෙනි. (නි)
ඔබ අපට දෙවියෙක් දේසපාලනයට නොගියා නම්.(නදී)
ප්රභාකරන් කිව්වා හරියටම හරි. අපේ මිනිස්සුන්ට හැම දෙයකම මතක හරියටම සතියයි. තම ජීවිත කාලයෙන් හරි අඩකටත් වැඩියෙන් හමුදාවට සේවය කරපු විරුවෙකුටවත් කෘත ගුණ සලකන්න දන්නේ නැති අයගෙන් පිරුන රටක් මේක. අනේ උතුමාණෙනි ඔබතුමා මේ රට අත හැර මිනුසුන් ඉන්නා රටකට ගොස් ඔබගේ වටිනා සේවය ලබා දෙන්න. අපි මෙන් ඔබ රටට නය නැහැ උතුමාණෙනි.(නදී)
අරුණ ඔබ දක්වලා තියන කරුණු සහතික ඇත්ත.අද එතුමා දේසපාලනය නොකර සිටියානම් රජෙක් වගේ ඉන්න තිබුණා.(අ)
එතකොට නේවි ගුවන් භටයන් යුද්ධ කලේම නැද්ද මහත්තයෝ? අපිත් යුද්ධ කාලේ අවදියෙන් හිටියේ. හැමෝම යුද්ධයට උපරිමය සහයෝගය දුන්නා කියන්න. (නි)
ඊර්ෂ්‍යාව වෛරය නැතිවී නම් ඔබත් රජෙකි උතුමාණෙනි. (නි)
යුද්දේ අන්තිම දවස් ටික ලංකාවේ විතරක් නොවෙයි ලෝකෙම උණුසුම් වෙලා තිබ්බේ
තමන් තනියම සියල්ල කළා කීම හාස්‍යජනක දෙයක් (නි)
මහත්මයා, අපි තවමත් ඔබට ගරු කරනවා. ඒක නැති කරගන්න එපා. ඔයා තරම් ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් දැවෙන කෙනෙක් මම කලින් දැකලා නැහැ.(නදී)
මෙයා ජනපති කමට නම් කරපු රනිල්,ජයලත් ජයවර්දන ,රවී කරුණානායක යන මේ කට්ටිය මෙයාට චන්දෙ දුන්නේ නෑ .එක මෙයා හොදටම දන්නවා.(නදී)
මෙය ජනාධිපති කමට නම් කරපු රනිල් වික්‍රමසිංහවත් මෙයාට ඡන්දය දුන්නේ නෑ.(නදී)
යුද්ධය දිනුවේ නිසි නායකත්වයක් තිබුණු නිසයි (නි)
එතකොට මහත්තයෝ ඔය බිත්තර ආප්පෙන් ගැහුවේ ඇයි?(නදී)
තිබ්බ තත්ත්වෙත් නැතිකරගෙන දැන් මෙතන මොනවද මේ කියවන්නේ? (නි)
ඔබ නීතිගරුක, එඩිතර යුධ හමුදාපති කෙනෙක් බව පිලිගනිමි. එහෙත් ඔබ දක්ෂ දේශපාලකයෙක් නොවේ. ඔබ දුන් නායකත්වය අපි හැමදාම පිලි ගන්නවා. ඒ වගේම ඔබ ලෝකයේ හොදම හමුදාපති විදියටත් පිලිගන්නවා. ඒ වගේම ඔබගේ උපක්‍රම නිවැරදි බවත් පිලිගන්නවා.නමුත් ඔබතුමාව හමුදාපති කළේ ජනාධිපති සහ ආරක්ෂක ලේකම්තුමායි. නැත්නම් ඔබතුමාත් විශ්‍රාම ගිහින් ගොඩක් කල්. ඒක නිසා ඒ කලගුණ සලකන්න. ඔබ වගේම අපේ ගුවන් හමුදාව , නාවික හමුදාව, ඇතුළු හැමෝම එකම බලාපොරොත්තුවකින් තමා සටන් කළේ. එක මේ ලංකාවේ හැමෝම දන්නවා. (නි)
ඔබ නීතිගරුක, එඩිතර යුධ හමුදාපති කෙනෙක් බව පිලිගනිමි. එහෙත් ඔබ දක්ෂ දේශපාලකයෙක් නොවේ. ඔබ දුන් නායකත්වය අපි හැමදාම පිලි ගන්නවා. ඒ වගේම ඔබ ලෝකයේ හොදම හමුදාපති විදියටත් පිලිගන්නවා. ඒ වගේම ඔබගේ උපක්‍රම නිවැරදි බවත් පිලිගන්නවා. නමුත් ඔබතුමාව හමුදාපති කළේ ජනාධිපති සහ ආරක්ෂක ලේකම්තුමායි. නැත්නම් ඔබතුමාත් විශ්‍රාම ගිහින් ගොඩක් කල්. ඒක නිසා ඒ කලගුණ සලකන්න. ඔබ වගේම අපේ ගුවන් හමුදාව , නාවික හමුදාව, ඇතුළු හැමෝම එකම බලාපොරොත්තුවකින් තමා සටන් කළේ. එක මේ ලංකාවේ හැමෝම දන්නවා. (නදී)
තමන් තනියම සියල්ල කළා කීම හාස්‍යජනක දෙයක්. තමන් ට සලකපු මිනිස්සුන්ව අමතක කළ ඔබතුමාට දඩුවම් දීම සාධාරනයි. නොදන්නා දේ නොදන්නා ලෙස සිටීම තමා සුදුසුම. දේශපාලනය ගැන තව ඉගෙනගත යුතුයි. (නි)
ඔබතුමා විශිෂ්ටයි (දී)
ජයග්‍රහණයේ අයිතිය තනියම තම නමට ගෙන දේශපාලකයෙකු වශයෙන් බඩ ගෝස්තරය සපුරා ගැනීමට ගොස්, සටන් බිමේ නිර්භීත නායකත්වයේ ගෞරවයද අහිමි කොටගෙන, පරාජිත දේශපාලකයන්ගේ පරාජිත දේශපාලන ගමනේ සාමාජිකයෙකු බවට පත්ව, ජයග්‍රාහී දිවි ගමනේ අවසානයෙහි(සැදා සාමයේ) පරාජිත මිනිසෙකු බවට පත් වීම පිළිබද අපගේ බලවත් කනගාටුව. තවද දේශපාලන වේදිකාව මත මහත්මයෙකු ලෙස තම වාග් සෛලය භාවිතා කිරීමට ඇරැවුම්. සුබ ගමන්.(නදී)
පරාක්‍රම, එය ක්‍රියාවෙන් ඔප්පු කලේ නැද්ද?(නදී)
කුහක වෙන්න එපා (නි)
මම වෙන මොනවා කියන්නද? මම; මම; මම; මම; මම; මම; මම; මම; මම... මම ඔක්කොම මම නේද? (නි)
අපිට අපි ගැන කලකිරෙනවා දාලා තියෙන අදහස් දැක්කම. සිංහලය මෝඩයා, කියන්නේ නිකන්ද? (නි)
එතකොට කොබ්බෑකඩුව විජය විමලරත්න හසලක ගාමිණීල වීරයෝ නෙවෙයිද? මහත්තයෝ, වීරයෝ කවදාවත් තමන්ගේ හපන්කම් කියා කියා ඇවිදින්නේ නැහැ, ක්‍රියාවෙන්ම පෙන්නනවා. (නි)
මෙතන ගොඩාක් අය කියලා තියෙන්නේ මෙතුම දේශපාලනයට ආවේ අපරදේ කියලා. ඒත් කනයා නැති වලේ ලූලා පණ්ඩිතයාලූ. දෙවියන් නැති තැන පෙරේතයන් රජ කරනවා වගේ මෙතුමා වගේ අවංක අය නැති තැන හොරු මංකොල්ලකාරයෝ ස්ත්‍රී දූශකයෝ රජ කරනවා. එක වරක් අසාර්ථක වූ පමණින් ඔහු දේශපාලනයේ අසාර්ථක යැයි කිව නොහැක. (නි)
අද අපිට සිද්ධ වෙලා තියෙන්නේ හිඟන්නෝ වගේ ජීවත් වෙන්න. (නි)
ජනාදිපති තුමාට, ආරක්ෂා ලේකම් තුමාට, යුද්දේ පෙර ගමන් කරුවන් වෙන කමාන්ඩෝස්, පොන්සේකා, දිගු දුර උන් ඇතුළු හැමෝම මුළු ඔක්කොමල්ලා උදව් කලා යුද්ධය දිනවන්න. ඒ සියල්ලටම යුද්ධයේ ගෙූරවය හිමි විය යුතුය. කව්රු කැමති උනත් නැතත් යුද්දේ සිතියම ජෙනරාල්ගේ. මෙයා නොහිටින්න තාමත් ජයරත්න එකට උතුරින් මිනී එනවා. හැමෝම ඕක දන්නවා කිව්වේ නැතුවට.(නදී)
ඔබතුමා මෙච්චර නැහුනේ කට නිසා. දැන්වත් කට පියාගෙන ඉන්න. නම්බු කර විදියට හමුදාවෙන් පැන්ෂන් ගියානම් අදටත් ඔබේ වටිනාකම කියලා නිම කරන්න පුළුවන් කමක් නැහැ (නි)
යුද්ධයට සාර්ථක එහෙත් දේශපාලනයට අසාර්ථක ජෙනරාල් ඔබයි (නි)
මෙහි පලවන ඇතැම් අදහස් දැක්කම පේනවා අපේ මිනිසු තමුන්ගේ මනස දේශපාලනයෙන් හා පුද්ගලවාදයෙන් කොයි තරම් කුරුවල් කර ගෙනද කියලා. (නි)
ඔබතුම මේ රටේ දේශපාලනයට විතරක් නෙමේ කිසිම දෙයකට ගැලපෙන්නේ නැහැ. මොකද මෙරටේ ඉන්න ගොඩක් කුහක මිනිස්සු. දැන් කාටවත් එදා යුද්ධ කරපු අයව මතක නැහැ. ඔක්කොම කරලා තියෙන්නේ දේශපාලකයෝ. බොරුවට සල්ලි නාස්ති කරනවා. අත පය නැති වුණ සොල්දාදුවන්ට සහන සලසන්නේ නැහැ. ගෙවල් හදලා දෙනවා කියලා තියන මිනිස්සුන්ටම දෙනවා. (නි)
අපි දැන් නිදහස් ජාතියක් (දී)
ජෙනරල්තුමනි, ඔබ තමයි යුද්ධය දිනුවේ. නමුත් ඔබ දේශපාලනයට එන්න එපා. (නි)
ජෙනරාල් , ඔබ තමයි යුද්ධය දිනුවේ. නමුත් ඔබ දේෂපාලනයට එන්න එපා. (දී)
දන්න අය දන්නවා කව්ද වැඩකරු කියලා. කවදා හරි ජය ගන්නවා අපි. ජෙනරාල්, ඔබට ජය! (නි)
ඔබලාට පිං යුද්දේ ඉවර කලාට (දී)
සරත් ෆොන්සේකා මහත්තයාට අපි ණය ගැතියි (දී)
අතිගරු මහින්ද රාජපක්ස ජනාදිපතිතුමාගේ කෙලින් තිබුන කොනදත්,ගෝඨාබය රාජපක්ෂ මැතිතුමාගේ නුවණත්, ඉවසීමත් හා ඔබතුමාගේ අත්දැකීම්,වීරත්වය,අවංක කැපවීම හා නියම යුද සෙනෙවියකුගේ මෙහෙයවීමත් සියලු ත්‍රිවිධ හමුදා පොලිසියේ සෙබළුන්ගේ කැපවීමත් නිසා ලැබුවා වූ ඉහලම ජයග්‍රහනයක් මේක.කාටවත් මේක තනි පුද්ගල බූදලයක් නෙමෙයි. (නි)
ඔබ ඉදිරියටම යන්න! (නි)
ඔබ සබැ වීරයකි ,වීරසේබලුන් වීරදෙශපාලන නායකයන් ,සහ වීර ජනතාවක් නොහිටින්නට ,ප්‍රභාකරන් තවමත් ජිවතුන් අතර ,අප ඔබව සදා සමරමු ! (දී)
ඔබ සියලු දෙනාටම පින් සිද්ද වෙන්න අපි ජිවත් වෙනවා
මගේ රටට දළදා හිමි පිහිටයි
මෙයා තනියම ගිහින් ඔක්කොම කරලා තියෙන්නේ. හමුදාව නිකම්ම ඉදලා වගේ කතාව.(නදී)
ඔය සරත් මහත්යට අගෞරව වෙන විදියට අදහස් දාන පණ්ඩිතයන්ට ගිහින් යුද්ධය කරන්න තිබුනනේ. එයාර්ෆෝස්,නාවික වලින් ගහනවා වගේ නෙමෙයි පාබල හමුදාවට කොච්ච්චර අවදානමක් තියෙනවද? (නි)
හමුදාපති වශයෙන් නිර්භීත කෙනෙක්. අගය කළ යුතුවෙනවා . (නි)
සරත් මහත්තයා 2009 ජනාධිපති. නේවි එකත් එයාර් ෆොස් එකත් නැතිව සම්පූර්ණයෙන්ම සටන මෙහෙයැව්වා. තවත් කයිවාරුව.(නදී)
සමහරක් අය ලියලා තියෙන අදහස් දැක්කම කළකිරෙනවා. අනේ අපේ රටට සේවයක් කරපු මහත්මයෙක් ගරු කරලා අදහස් දක්වන්න. අපේ රට හොද මිනිස්සු ඉන්න රටක් . එක නැති වෙන්න දෙන්න එපා .(නදී)
මෙයා තමයි වැඩකරු.(නදී)
මන් නම් හිතන්නේ මේක තම ලංකාවේ සංස්කෘතික හුනියම. හැමෝම කැමති පුරසාරම් දොඩන්න.බලයට එන්න.මේවා ආසියාවේ සංස්කෘතියට අයිති දේවල්. ඕනෑම රැකියාවකින් ජනප්‍රිය වන කෙනෙක්ගේ අවසානේ දේශපාලනේ.මේවා ආසියාවට අයිති දේවල්. හැබැයි ඒ සංස්කෘතියලු උතුම්.... (නි)
ඔබයි යුද්දේ කළේ. ඒක ඇත්ත. නමුත් ඔබ පමණද ඒක කළේ?වෙන ප්‍රවෘත්තියක් නම් මම මීට වැඩිය තදට බැනලා ලියනවා. ඒත් මේ ඔබතුමා නිසා මට හිතදෙන්නේ නැහැ දෙයක් හරියට ලියන්නවත්.මේ ගද දේශපාලනයට ඔබතුමා හොද වැඩියි.හොද රටකට ගිහින් දරුවොත් එක්ක ඉන්න.ඔබ ලංකාවට ණය නැහැ මම වගේ. (නි)
ඔබගැන මගේ හිතේ තියෙන්නේ අප්‍රමාන ගරුත්වයක්. ඒත් ඔබේ හැම ප්‍රකාශයක් සමගම මම එකග නැහැ මහත්තයා.මේ රජයට මාත් අකමැති වුණත් ඔබ තනියෙන් ඔක්කොම කළා යැයි කීම පිළිගන්ට බැහැ.ඔවු ඔබ අප්‍රමාන දායකත්වයක් දුන්නා.නමුත් ඔබ පමණයි කීම වැරදියි.ඔන්න ඔය දේශපාලනෙන් අයින් වෙලා හොද රටකට යන්න. (නි)
හරියට ප්‍රතිචාර දාන්නේ මෙතුමා මොනවත් ම කරලා නැහැ වගේනේ? පුදුම ලාංකිකයෝ. මෙතුමා හමුදාවේ හරි හිටියානේ. වංචාකාරයන්ටත් නම්බු නාම දෙන රටේ මෙතුමාගේ ජෙනරාල් පට්ටමටත් නැති කිරීම හරිම කණගාටුවක්. සත්‍යය ජය ගනීවා! (නි)
සරත් මහත්තයා නැත්නම් මේ සටන තාම දුවනවා. අපි ලාංකිකයෝ විදිහට මෙතුමාව අගය කල යුතුයි.(නදී)
511 වන්නි මුලස්ථානයට ඇවිල්ලා ඉදිරි මෙහුම් වලට උපදෙස් දීපු හැටි මතකයි. එදා අපේ ශක්තිය උනා. අනේ මම දන්නේ නැහැ මොනවා ලියන්නද කියලා ජරා දේශපාලනය වීරයෙක්ව අපිට නැතිකළා. මම වෙන මුකුත් කියන්නේ නැහැ මිනිස්සුන්ට අපහාස කරන්න ලේසියි. ජීවිතෙන් හරි අඩක් එතුමා යුධ හමුදාවට සේවය කල එක මෙතැන අදහස් දන එක තරම් ලේසි නැහැ. මම වෙන මොනවා කියන්නද. අන්තිමට අපිත් ආබාධිත වෙලා එදා තිබුනට වැඩිය රට හොද නැහැ කියලනම් කියන්න එපා. මේකට අපි අපේ හැම දීම කැප කරලා ඉවරයි.(නදී)
511 වන්නි මුලස්ථානයට ඇවිල්ලා ඉදිරි මෙහෙයුම් වලට උපදෙස් දීපු හැටි මතකයි. එදා අපේ ශක්තිය උනා. අනේ මම දන්නේ නැහැ මොනවා ලියන්නද කියලා. ජරා දේශපාලනය වීරයෙක්ව අපිට නැතිකළා. මම වෙන මුකුත් කියන්නේ නැහැ මිනිස්සුන්ට අපහාස කරන්න ලේසියි. ජීවිතෙන් හරි අඩක් එතුමා යුධ හමුදාවට සේවය කල එක මෙතැන අදහස් දාන එක තරන් ලේසි නැහැ. මම වෙන මොනවා කියන්නද. අන්තිමට අපිත් ආබාදිත වෙලා එදා තිබුනට වැඩිය රට හොද නැහැ කියලනම් කියන්න එපා මේකට අපි අපේ හැම දීම කැප කරලා ඉවරයි.(නදී)
හරියට ජනාදිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා අනෙක් හමුදාපතිවරු මුකුත් කරලා නැහැ වගේ. (නි)
ඔයා තරම් ඊර්ෂ්‍යාවෙන් දැවෙන කෙනෙක් මම කලින් දැකලා නැහැ. ප්‍රභාකරන් වගේමයි. දැන් මොකද්ද ඔයාගේ පක්ෂය. හැබැයි අය්යේ ඔයාට හැමදාම අලුත් පක්ෂ හද හදා ඉන්න වෙයි.(නදී)
රනිල් ඔබව ජනාධිපති පුටුවට යෝජනා කලා. එත් ඇයි හමුදාවේ මුලට නොදැම්මේ. කන්න දෙන අත හපා කන්නේ සර්පයෝ.(නදී)
1991 ඉඳලා 2009 වෙනකල් පොල්ගෑවද? තවත් කයිවාරුව.(නදී)
ඇයි තාත්තේ ඩිංගි බෝට්ටු හැදුවෙත් චන්ද්‍රිකා ඇන්ටිගේ කාලෙද? නේවි එකත් එයාර් ෆොස් එකත් ගොඩක් දේවල් කලානේ, ඒවා මතක නැද්ද? (නදී)
ඔබ නීතිගරුක, එඩිතර යුධ හමුදාපති කෙනෙක් බව පිලිගනිමි. එහෙත් ඔබ දක්ෂ දේශපාලකයෙක් නොවේ. ඔබ කවදාහෝ එසේයි සිතුවොත් එදින පටන් ඔබ නීතිගරුක, එඩිතර දේශපාලකයෙක්ද විය නොහැක. (නදී)
මෙයා ආමි එකට ආවේ මහින්ද ආවට පස්සෙද? ඇයි ඔයිට කලින් බැරි වුනේ ඔය ටික කරන්න? මෙයා නිකන් මාලුවෙක් වගේ කට හින්ද නහිනවා.(නදී)
ඔයා ලංකාවට ආවෙත් 17වෙනිද රෑ නේ. ඉතින් කවුද එතකොට අන්තිම සටන ප්ලෑන් කලේ? මෙව්වා බයිලා.(නදී)
කලින් ආණ්ඩු එකක් වත් ගුවන් ප්‍රහාර වලට ඉඩ දුන්නේ නැහැ. මහින්ද විතරයි ඉඩ දුන්නේ. ඒක නැත්තම් ගහල හමාරයි. මෙයා හැමදාම කියන්නේ එයා හින්දා යුද්දේ දින්නා කියලා.(නදී)
කෙසේ හෝ ඔබ අපට සහා මේ රටට නැති වී ඇති බවක් දැනෙනවා.(නදී)
ඇත්ත කතාව තමයි ඔය.(නදී)
ඔබව අපට මතකය.අපි ඔබ අමතක නොකරමු. (නි)
ඔබ ලෝකයේ විශිෂ්ටතම හමුදා නිලදාරියෙක් බව අපි හැම දනිමු, පිළිගනිමු. ඔබ දේශපාලනය නොකලා නමි මීටත් වඩා විශිෂ්ට පිලිගැනීමක් ඔබට ලැබීමට තිබුණි.(නදී)
ලංකාවේ ඉන්නේ අමුතුම් මිනිස්සු. දේශපාලකයෝ ඔක්කොම ජරාවලු. වෙන කෙනෙක් ආවම දේශපාලනයට ගෙලපෙන්නේ නැහැලු. එතකොට මේ රට හැමදාම මෙහෙමද? මේක වෙනස් කරන්න ඕනෑ නැද්ද? රටට ණය නැති ඔබතුමාට ජය වේවා! (නි)
මහත්මයා, අපි තවමත් ඔබට ගරු කරනවා. ඒක නැති කරගන්න එපා. (නි)
මම ඔබට ගොඩක් ගරුකරනවා .නමුත් කියලතියෙන හැමදේටම එකග වෙන්න බෑ (අ)
මහින්ද මහත්තයා ජනාධිපති නොවුනානම් මෙයා විශ්‍රාම යන්නේ පරාජිත නිලදාරියෙක් විදිහට. ඔය අනිත් අයගේ අවදානය ගන්න වෙන්නේ එහෙ මෙහෙ වටේ ගිහින් යුද්ද කරපු හැටි කියලා විතරයි. මොකද බෑනව එලියට ගන්නේ නැත්තේ?(නදී)
කමල්, ඔබගේ මුල් වැකි තුනම හරි. තුන්වැනි වැකියේ ඇති දේ සිදු වන්නට සැලැස්සුවේ දේශපාලකයින්ම නේද? මෙතරම් බුද්ධියක් තිබෙන මෙතුමා විහින් කරගත් දෙයක් මෙය. (නි)
ඔක්කොම කලේ ඔබ නම් මානව හිමිකම් කඩ කලෙත් ඔඹම කියලා කියන්නකෝ.(නදී)
ඔබ දුන් නායකත්වය අපි හැමදාම පිලි ගන්නවා. ඒ වගේම ඔබ ලෝකයේ හොදම හමුදාපති විදියටත් පිලිගන්නවා. ඒ වගේම ඔබගේ උපක්‍රම නිවැරදි බවත් පිලිගන්නවා.නමුත් ඔබතුමාව හමුදාපති කළේ ජනාධිපති සහ ආරක්ෂක ලේකම්තුමායි. නැත්නම් ඔබතුමාත් විශ්‍රාම ගිහින් ගොඩක් කල්. ඒක නිසා ඒ කලගුණ සලකන්න. ඔබ වගේම අපේ ගුවන් හමුදාව , නාවික හමුදාව, ඇතුළු හැමෝම එකම බලාපොරොත්තුවකින් තමා සටන් කළේ. එක මේ ලංකාවේ හැමෝම දන්නවා. මම නම් කියන්නේ ආණ්ඩුවේ ඉන්න අයත් මේක දැනගන්ඩ ඕනෑ.මෙතුමාට අපහාස කරන්න හොද නැහැ. ඒ වගේම මෙතුමාත් නිවැරදිව කට අරින්න ඕනෑ. එතකොට තම අපිට මේ ජයග්‍රහණය වැඩිය වැදගත් වෙන්නේ. (නි)
කෝලිත ඔබගේ අදහසට මමද එකග වෙමි. මගේ අදහස : කලින් තිබුන ආණ්ඩු පාලකයන්ගේත්, හමුදා පාලකයන්ගේත් අඩුපාඩු හා සම්පත් හිගකම් තියන්න ඇති. යුද්ධය දිනන්න ඔබගේ දායකත්වය වගේම අනිකුත් හමුදාවලත්, පොලිසියේත්, සිවිල් බලකාවලත්, එහි හිටපු නායකයන්ගේත්, පොදු ජනතාවගේත්, ආගමික නායකයන්ගේත් සහය තිබුන බව අමතක කර කතා කරන්න එපා. එම සියලු සම්පත් එකතු කර එක තැනක තබන්නට ආරක්ෂක ලේකම් තුමා දුන් දායකත්වය අමතකද? ජාතියන්තර බලපෑම් හමුවේ රටේ නායකයා ගත් එඩිතර තිරණය අපට අමතක නැහැ.එදා ඔබට ගැරහුව දේශපාලකයන්ට ගොඩ එන්නට මගක් නැතිව සිටින විට ඔබව ඉත්තකු හැටියට පාවිච්චි කර ඔබගේ ප්‍රතිරූපය විනාශ කළා. මහත්තයෝ, මෙතරම් ලොකු යුද ජයක් ලබන්නට ලොකු මනසක් තිබුන ඔබට ප්‍රෝඩකර කපටි දේශපාලකයින්ගෙන් ගැලවෙන්ට බැරි වුණා. (නි)
අනුර මොනවාද ගොන් තර්ක කියන්නේ, පාඨකයන්ට තමන් ගේ මතය දැරීමට අයිතිය තිබිය යුතුයි. ඔබේ තර්කය ගොන් තර්කයක් වුවද, නොවුවද ඔබටද ඉඩ තිබිය යුතුයි.(නදී)
ඔබ වීරයෙක්. එහෙත් ඔබ ලිඳේ වැටුනා නම් ලිං කටින්ම ගොඩ ආ යුතුයි (නි)
නිලන්ත හමුදාව පසු බැස්සේ නැත්නම් යුද්ධය අවරුදු 30 ඇදුනේ කොහොමද ? එතුමා හමුදාව පාච්චල් කරේ නැහැ. ඇත්ත කියලා තිබෙනවා. රාජ්‍ය සේවයෙන් පසුව දේසපාලනය කිරීමට , සැම කෙනෙකුටම පුළුවන්. නමුත් දේශපාලන මඩ ගොහුරුවට මෙතුමා නොබැස්සානම් හොදයි.(නදී) .
මම මේ කියන්නේ ගොන් තර්ක දාන අයටයි. පාසැලක විභාගයක ප්‍රතිඵල හොදවෙන්නේ උගන්නපු ගුරුවරු හොද නිසා මිසක් විදුහල්පතිවරයා හොද වුනාට නෙමෙයි.(නදී)
මානුෂිය මෙහෙයුම
ඔබ හොද හමුදාපති කෙනෙක්. නමුත් දේශපාලනය ගැන තව ඉගෙනගත යුතු බව මගේ හැඟිමයි. ඔබේ මෙහෙය අපි අගේ කරන්නෙමු සදා (නි)
ඇයි මේ හමුදාව පාච්චල් කරන්නේ හැම වෙලේම පසු බැස්සා කියලා? අනේ මහත්තයෝ, නම්බුව රැකගෙන ඉන්න (නි)
හැම රජයේ උත්සවයකදීම අපිට ඔබව මතක් වෙනවා. ඔබ සිටිය යුතු තැන ඔබ නැත්තේ පරාජිත දේශපාලුවන්ගේ කතා වලට මුලාවෙලා යුනිෆොර්ම් එක ගලවා රෙද්ද බනියමට බැහැපු නිසා.ඔබ ගැන දුකක් හිතේ ඇති වුණාට එහි වරදකරුත් ඔබම නිසා අපි මොනවා කරන්නද? (නි)
හැමෝම තමන්ට පුළුවන් උපරිමෙන් කළා. මෙතුමා පමණක් නොවේ. ඒත් මෙතුමාට වුණ දේ කාටවත් ම වුණේ නැහැ. අගය කළ පුද්ගලයකුව හෙලා දකිනවා, ගරහනවා. මෙතුමත් වීරයන්ගෙන් කෙනෙක්. හරියට හමුදාපති කෙනෙක් නැති හමුදාවක් යුද්ධය දිනුවා වාගේනේ මෙතන කථා (නි)
සමහර අයගේ අදහස් දැක්කම කලකිරෙනවා. ඔබවැනි අයට මෙහෙම සැලකුවා නම් අනෙක් අය ගැන මොන කතාද? කොහොම නමුත් ඔබතුමාට අපි හැමදාමත් ගරු කරනවා! නමුත් ඔබ මේ දේශපාලනයට ගැලපෙන්නේ නැහැ. එනිසා ඔබට කරපු දේවල් වලට ස්වබාවයෙන් දඩුවම් ලැබේවී. ඔබ ලංකාවෙන් යන්න .ඔබව බාරගන්න ලෝකයේ කොච්චර රටවල් බලන් ඉන්නවද? එවැනි රටකට ගොස් සතුටින් ජිවත් වෙන්න. (නි)
ඔබට ජයවේවා
අපි නිදහස්
නිවැරදි නායකත්වය
අපේ රණ විරුවන්ට ජයවේවා
යුද්දයේදී මිය ගිය සියල්ලන්ටම නිවන් සුව අත්වේවා
කැපවීම තමයි අපේ රටට දිනුම ගෙනාවේ