IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අන්තර්ජාලයෙන් අමාරුවේ වැටුණු ආදරවන්තයන්ගේ කතාවක්

  sg  

කාලය ගොඩක් වෙනස්වෙලා. තාක්ෂණය මිනිසාට ජීවිතය වෙලා. අතීතයේ ලොකු කාමරයක් වගේ තිබුණ පරිගණකය අද පුංචි උපකරණයක් වෙලා. ඒ පුංචි මෙවලම විශ්වය ගම්මානයක් බවට පත්කරලා. මේ මෙවලමත් සමඟ අපිත්් ගනුදෙනු කරන්න පුරුදුවෙලා. ඒ අපේ වැඩ පහසුවෙන් හා ඉක්මනින් කරගත යුතු නිසා.


සමාජ සංවර්ධනයත් සමඟ මිනිසාගේ එදිනෙදා රාජකාරී කටයුතු පහසු කර ගැනීමට සෑදූ පරිගණකය අද නැතිවම බැරි උපකරණයක් වෙලා. සන්නිවේදනය පහසු කරන අන්තර්ජාලය හා සමාජජාල වෙබ් අඩවි ජීවිතයට අත්‍යවශ්‍ය වෙලා. ඒත් රාජකාරියට අවශ්‍ය තාක්ෂණය අද යහපතට වගේම අයහපතටත් පිරිසක් භාවිත කරනවා. ඒ නිසා ඇතිවන සමාජ ගැටලූ අසීමිතයි.


අදත් මා ඔබ හමුවට ගෙන එන්නේ අන්තර්ජාලය නිසා අපහසුතාවට පත්වූ ආදරවන්තයන්ගේ දුක්බර කතාවක්.


ඇය මේනකා. අනුරාධපුර ප‍්‍රදේශයේ දුෂ්කර ගමක යුවතියක්. ඇය පෞද්ගලික ආයතනයක හෙදියක් ලෙස කටයුතු කළා. ඇයට ලැබුණේ රුපියල් දහදාහක වගේ පුංචි වැටුපක්.


ඒ වැටුපෙන් ඇයට කළ යුතු බොහෝ රාජකාරී තිබුණා. බාහිර උපාධිය හැදෑරූ ඇය ඇගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගන්නවා වගේම නිවසේ කටයුතුවලටත් උදව් උපකාර කළේ මේ වැටුපෙන්. ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළ ඇයට ආදරය තහනම් වචනයක් වුණා. ඒ ඇගේ ලෝකයේ සිහින ගොඩක් තිබුණ නිසා. ඇගේ අධ්‍යාපනය වගේම නංගිගේ සහ මල්ලිලා දෙන්නාගේ අධ්‍යාපනයත් ඇයට වගකීම් වුණා.


රැකියාව, යුතුකම්, අධ්‍යාපනය අතර හෙම්බත්ව සිටි ඇයගේ සිතට මුරකාවල්ලා තිබූ ආදරයේ අවශ්‍යතාව තදින්ම දැනුණා. හේතුව ඇය මේ සිදාදියේ හුදකළාවීම.

 

dd


මිනුක කියන්නේ පෞද්ගලික ආයතනයක ගිණුම් ලිපිකරුවෙක්. දවසක් ඔහුගේ බයිසිකලය අනතුරකට ලක්වුණා. අතේ ලේ ගලමින්ම ඔහු ඇතුළු වූයේ මේනකා සිටි රෝහලට. වෛද්‍යවරයා බැලූ පසු මිනුකගේ අතට බෙහෙත් දැමීම මේනකාට බාරවුණා. මේනකාගේ තැන්පත් ගතිගුණ ළඟ මිනුක අතරමන් වුණා. අතට බෙහෙත් දාගෙන රෝහලෙන් පිටමන් වුණත් මිනුකගේ හිත රෝහලේ නතරවුණා. ආයෙත් සැරයක් ඒ කරුණාවන්ත හෙදිය බලන්න ඇත්නම් මිනුකගේ හිත හඬාවැටුණා.


ඒ ඉල්ලීම නිසාම දවස් ගාණක් රස්තියාදු වූ මිනුක මේනකා සිටින ඉසව්ව සොයා ගත්තා. අහඹුවකින් හමුවූ බව මවාපාමින් මේනාකාත් සමඟ කතාබහ කළා.
කොළොන්තොටේ හුදකළාවී සිටි මේනකාට මිනුකගේ මිතුරුකම අලූත් අත්දැකීමක් වුණා. ඔහු දැකීමත්, ඔහු සමඟ කතාකිරීමත් ප‍්‍රීිතියට කරුණක් වුණා.
දවස් ගණන් හමුවී කතා කළ ඔවුන් පෙම්වතුන් බවට පත්වෙන්න ලොකු කාලයක් ගියේ නැහැ. මිනුකත් මේනකත් ඔවුන්ගේ ජීවිතයට ආදරනීය බලාපොරොත්තු එකතු කර ගත්තා. ඒ නිසාම ඔවුනොවුන් ආදරය පිළිබඳව ගෙවල්වල වැඩිහිටියන්ටත් පැවසුවා.


මේනකා දිළිඳු පවුලක වුවත් ලස්සන, ගුණ යහපත්, උගත් ගෑනු ළමයෙක් නිසා මිනුකගේ පවුලේ අය ඇයට කැමැත්ත දුන්නා.


ආදරය විවාහයෙන් අවසන්වීමට පෙරුම්පුරණ මේ පෙම්වතුන්ගේ ආදර කතාවට සීමාමායිම් නොතිබුණා. විවාහවීමටත් ප‍්‍රථම ඔවුන් හදවත්වලින් ඔවුන්ගේ කරගත්තා. ඒ නිසාම මේනකා මිනුක කියන හැමදේම කළා.


‘‘පැණිවරකා ගහටත් හෙණ ගහනවා’’ කියන්නේ කතාවට නෙවෙයි. ඒ වගේම දෙයක් මේ ආදරයටත් සිද්ධවුණා. ඒ මේනකාගේ යාළුවෙක් කියූ එක් කතාවක් නිසා. මේනකා යාළුවන් එක්ක අන්තර්ජාලයේ එක් වෙබ්සයිට් එකක් පරීක්ෂා කළා.


මේනකාගේ දෑසින් තරු විසිවුණේ ඒ වෙලාවේ. මිනුකයි මේනකයි ටි‍්‍රප් එකක් ගියපු වෙලාවේ ගත්ත වීඩියෝ එකක්.


මේනකා අතීතය සිහපත් කළා. ටි‍්‍රප් එක ගිය දවසේ ඔවුන් නැවතුනේ එක කාමරයක. මේ ආදරවන්තයින් අතර බොහෝ දේ වුණා. මිනුක ඒ හැමදේම වීඩියෝ කළා. ඒත් මේනකා ඒක දැකලා මිනුකට දොස් කිව්වා. ඒ වෙලාවෙම මිනුක ඒ වීඩියෝ එක මකලා දැම්මා. එහෙනම් කොහොමද ඉන්ටනෙට් එකට ඒ වීඩියෝ එක ආවේ.

 

ssh


මේනකා අහස පොළව ගැටලන්න කල්පනා කළා. හොඳටම අඩුවා. මුළු ජීවිතයම ගිනිගන්නවා වගේ දැණුනා. අමාරුවෙන් අප‍්‍රාණික ගත නැගී සිටියා.
මිනුකගේ නම්බර් එක එබුවේ විදුලි වේගයෙන්.


‘‘තමුසේ මහ පාහරයෙක් මාව රැවට්ටුවා’’


මේනකා අඬමින් කියාගෙන ගියා. මිනුක කරන්ට් වැදිලා වගේ බලාගෙන හිටියා. එකපාරටම මේනකාට වූවේ කුමක්දැයි ඔහු කල්පනා කළා. කාර්යාලයේ කටයුතු කිරීමට තරම් ඔහුට මනස හදාගන්න බැරිවුණා. යතුරුපැදියට නැගි ඔහු මේනකා සොයා ගියා.


මේනකා ඇගේ යාළුවත් සමඟ අඬමින් සිටිනවා මිනුක දුටුවා. හිස ගිනිගත් මිනුකට කිසිවක් තේරුම්ගත නොහැකිවූවා.


‘‘ඇයි මේ.... ඇයි මිනූ මට කෑගැහුවේ. ඇයි ඔයා ඔහොම අඬන්නේ’’. මිනුක ප‍්‍රශ්න කෝටියක් අසනවා. ඒත් මේනකා ඔහුගේ මුහුණවත් බලන්න කැමති වූණේ නැහැ. ඇගේ යහළුවා සමී මිනුකට අන්තර්ජාලයේ ඇති වීඩියෝව පෙන්නුවා.


මේනකා වගේම මිනුකත් හොඳටම කලබල වුණා. ඔහු දෑස් පිහදාගෙන යළිත් ඒ දෙස බලා සිටියා.


‘‘මේක කොහොමද වුණේ’’ ඔහු අහස පොළව ගැටලන්න කල්පනා කළා.


මිනුකට ඔහුගේ නැති වූ ෆෝන් එක ගැන මතක් වූයේ ඒ වෙලාවේ. ඒත් ඒ වීඩියෝ එක මකලනේ තිබ්බේ. මිනුකට කිසිම දෙයක් හිතා ගන්න බැරිවුණා. වීඩියෝ එක වගේම මේනකාගේ විරසකයත් මිනුකට දරාගන්න බැරිවුණා. දවස් දෙකක්ම සේවයට නොගිය මේනකා නිවාඩු දාලා ගමේ ගියා.


මිනුකට මේනකාගේ නිහඬතාව දරාගන්න බැරිවුණා. ඒ වගේම මේ වීඩියෝ එක අයින් කර ගන්නේ කොහොමද කියලා දසඅතේ කල්පනා කළා. මේ උභතෝකෝටික ගැටලූව නිසා කාර්යාලයේ වැඩ ගොඩක් අතපසු වුණා. බොස්ගෙන් බැණුම් අහන්න වුණු අවස්ථාත් එමටයි.


මිනුකගේ නොසන්සුන්තාව දුටු ඔහුගේ මිතුරා ඒ පිළිබඳව ඔහුගෙන් විමසුවා. ලැජ්ජාවෙන් වුවත් සිදුවී ඇති සියලූ දේ ඔහු යාළුවාට පැවසුවා.


ඒ අනුවයි මිනුක ශ්‍රී ලංකා හදිසි ප‍්‍රතිචාර සංසදය පිළිබඳ තොරතුරු දැන ගත්තේ.


ඇත්තටම සිදුවෙලා තිබුණේ මිනුකත් හීනෙකින්වත් නොහිතූ දෙයක්. එදා සිදුවීම මිනුක ෆෝන් එකෙන් මකලා දැම්මත් එය සම්පූර්ණයෙන්ම අයින් වී නැහැ. මිනුකගේ ෆෝන් එක කොහොම හරි නැතිවුණා. ඒත් එහි ගත යුතු කිසිවක් නොතිබූ නිසාත් පරණ ෆෝන් එකක් නිසාත් ඒ පිළිබඳ කිසිම දෙයක් ඔහු හොයන්න ගිහින් නැහැ. ඒත් එය හොරාගත් කෙනා කුමන ආකාරයකට හෝ ෆෝන් එකේ පරණ මකලාදාපු ෆයිල් අරගෙන බලලා. එකේ මැකුවත් මැකී නොතිබූ මෙම වීඩියෝ එක අන්තර්ජාලයට එකතු කරලා.


මිනුක මේ සියලූ දේ මේනකාට කිව්වා. ඔහු කියන දේ විශ්වාස කරනවා හැරෙන්න වෙන කිසිම දෙයක් හිතාගන්න මේනකාට බැරිවුණා. ඒ නිසා ඔවුන් දෙදෙනාම එකතුවෙලා හදිසි ප‍්‍රතිචාර සංසදයේ පිහිටෙන් මෙම වීඩියෝ එක අයින් කර ගත්තා. ඒත් ඔබට හිතන්න බොහෝ දේ ඉතිරි කළා. ඔබ විවාහයට පෙර සදාචාරයට පටහැනි විය යුතුද?


ලංකාව යනු ආසියාතික රටකි. එහි සංස්කෘතියක් සදාචාරයක් ඇත. ගැහැනිය යනු කාගේ හෝ දියණියකි, සොයුරියකි, බිරිඳකි. ඇය තමුන්ගේම බිරිඳවූවත් ඇගේ නිරුවත වීඩියෝවකට ගත යුතුද? කුමන හෝ ආකාරයකින් එය තවෙකකු අතට පත්වුවහොත් අපහසුතාවට පත්වන්නේ ඔබම නොවේද? සිය බිරිඳට, පෙම්වතියට, දරුවන්ගේ මවට එසේ අගෞරවයක් ලබාදිය යුතුද? ඔබ විනෝදය තකා කරන එවැනි දේ මඟින් ඔබගේම අයෙකුගේ ගෞරවය විනාශවන්නේ නම් ඉන් ඔබට තෘප්තියක් ළඟා කර ගත හැකිද?


අද ඇතැමෙක් කාගේ හෝ පින්තූරයක්, වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැරීම විලාසිතාවක් කර ගෙන ඇත. අනුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන ඔබට ඔබගේ කෙනකුට එසේවුවහොත් කුමණ ආකාරයකට දැනේවිද? සිතීම ඔබට භාර කරමි. තාක්ෂණයේ සීමා මායිම් දැන ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම ඔබේ වගකීමය.

 

sss

weg

 

ඉහත සිදුවීමට අදාළව බලනවිට ඔබේ ජංගම දුරකථනයේ සඳහන් පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ දැනුම්වත් විය යුතුය. එහිදී ජංගම දුරකථනයට ඇතුළුවීම සඳහා Screen lock එකක් යෙදීම යෝග්‍ය බවත් ඒ සඳහා ඉලක්කම් කීපයකින් යුතු රහස් අංකයක් (Security code) භාවිත කිරීම සුදුසු බවත් සඳහන් කරමු.


සමාජජාල වෙබ් අඩවිවලට හෝ විද්‍යුත් තැපැල් ගිණුම්වල (facebook, email) මුරපද මතක තබා ගැනීම සදහා ජංගම දුරකථනයේ සටහන් කිරීම නොකළ යුත්තකි.


මීළඟට භාවිත කළ ජංගම දුරකථනයක් අළෙවි කිරීමේදී එය Reset කිරීම හෝ ''Factory Default'' තත්ත්වයට පත් කිරීම කළ යුතුය. පින්තූර, වීඩියෝ දර්ශන, කෙටිපණිවිඩ මකා දැමීම ඔබගේ අනන්‍යතාව ආරක්ෂා කර ගැනීම සඳහා කිසිසේත් ප‍්‍රමාණවත් නොවේ. Factory Default තත්ත්වයට දුරකථනය පත්කිරීම මඟින් එය නිෂ්පාදනය කළ විගසම පැවති තත්ත්වයට පත් කළ හැකිය.


එසේම මතක ගබඩාවක් (Memory chip) තිබේනම් එය ඉවත් කර අලෙවි කිරීම සුදුසුය.


මේ සියලූ දේ වගේම දුරකථන සහ පරිගණක අලූත්වැඩියා කරන ස්ථානවලට භාරදෙන විට විශ්වාසවන්ත ස්ථානයකට භාරදීම සුදුසුය. යම් විටෙක අලූත්වැඩියා කරන අවස්ථාවේදී කිසිවෙකු විසින් දුරකථනයේ හෝ පරිගණකයේ තොරතුරු සොයායාමට ඉඩ ඇත.


ජංගම දුරකථතනය Bluetooth, Wifi නිතරම අනවශ්‍ය ලෙස සක‍්‍රිය (on) කර තැබීම සුදුසු නැත. ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයට (Smart phone) ඔබ විසින් මෘදුකාංග APPS) ස්ථාපනය කරන විට විශ්වාස ඒවා පමණක් ස්ථාපනය කළ යුතුය. යම් විටෙක ඔබ ස්ථාපනය කරන ලද (Mobile App) මෘදුකාංගයකින් එයට අදාළ නොවන ඔබගේ email හෝ  සමාජජාලවල මුරපද (Passwords) විමසයිනම් එය ව්‍යාජ මෘදුකාංගයක් වීමේ හැකියාව ඇත.

කිසිලෙසකත් සැකකටයුතු මෘදුකාංගවලට ඔබගේ වටිනා දත්ත ඇතුළු කිරීම අනතුරුදායකය. ඔබේ පෞද්ගලික අනන්‍යතාව වෙනුවෙන් හා ආරක්ෂාව වෙනුවෙන් තාක්ෂණය අවබෝධයෙන් හා නිවැරදිව භාවිතයට ගැනීම ඔබට පැවරී ඇති වගකීමක්ය.


m



අදහස් (0)

අන්තර්ජාලයෙන් අමාරුවේ වැටුණු ආදරවන්තයන්ගේ කතාවක්

ෆ්‍රී Saturday, 06 December 2014 03:45 AM

මෙවැනි දෙයින් සමාජය දැනුවත් කිරීම සම්බන්දයෙන් තුති පුදමි. නව තාක්ෂනය සමග ඇතිවන නව ආකාරයේ ගැටළු සම්බන්දයෙන් තව තවත් දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි. (ස)

:       0       0

දහනායක Wednesday, 21 January 2015 07:54 AM

සොෆ්ට්වරේ බාවිතය මගින් මෙවැනි අනතුරු වලක්වා ගතහැක. (අ)

:       0       0

අරුණ Saturday, 06 December 2014 05:08 AM

ගොඩක් ස්තූතිය අපිව දැනුම්වත් කළාට (දිල්)

:       0       0

කුමාර Monday, 08 December 2014 12:34 AM

මේ ගැන හැමකෙනෙක්ම නැවත හිතන්න. ලංකාව යනු ආසියාතික රටකි. එහි සංස්කෘතියක් සදාචාරයක් ඇත. ගැහැනිය යනු කාගේ හෝ දියණියකි, සොයුරියකි, බිරිඳකි. ඇය තමුන්ගේම බිරිඳවූවත් ඇගේ නිරුවත වීඩියෝවකට ගත යුතුද? කුමන හෝ ආකාරයකින් එය තවෙකකු අතට පත්වුවහොත් අපහසුතාවට පත්වන්නේ ඔබම නොවේද? සිය බිරිඳට, පෙම්වතියට, දරුවන්ගේ මවට එසේ අගෞරවයක් ලබාදිය යුතුද? ඔබ විනෝදය තකා කරන එවැනි දේ මඟින් ඔබගේම අයෙකුගේ ගෞරවය විනාශ වන්නේ නම් ඉන් ඔබට තෘප්තියක් ළඟා කරගත හැකිද? (නි)

:       0       0

රේණුකා Sunday, 07 December 2014 01:27 AM

බොහොම ස්තුතියි (නදී)

:       0       0

මොහොමඩ් ඛාන් Saturday, 06 December 2014 03:06 PM

බොහොම වැදගත් කතාවක්. හැම කෙනෙක්ම ආරක්ෂා වෙන්න ඉගෙන ගනීවි.(නදී)

:       0       0

සංඛ Friday, 12 December 2014 10:15 AM

හොද කතාවක් කාටත් දැන ගන්නත් එක්ක.(හේ)

:       0       0

ජයත් Monday, 08 December 2014 10:36 AM

මේක මානසික රෝගයක් .(හේ)

:       0       0

ගුණවතී Tuesday, 09 December 2014 04:46 AM

කුමාරට ප්‍රශංසා කළයුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4689 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 615 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1199 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 106 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 192 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 255 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39010 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25548 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1060 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site