”රටේ ජනතාව සාරධර්ම වලින් ඈත් වෙනවානම් රටට කොයිතරම් සාමය උදාකළත්, කොයිතරම් සංවර්ධනයක් කළත් ඒවායින් ඵලක් නොවන බව”ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් ප‍්‍රකාශ කළේය. රටේ නායකයාට මෙවැනි ප‍්‍රකාශයක් කිරීමට තරම් සිත් වන්නට ඇත්තේ අද රටේ සිදුවන නොයෙකුත් අපරාධ පිළිබඳව ඇසීමෙන් විය හැකිය. රටේ ජනාධිපතිවරයාට මෙවැනි ප‍්‍රකාශයක් ප‍්‍රසිද්ධ බෞද්ධ උත්සවයකදී කිරීමට තරම් ප‍්‍රබල අපරාධ රැල්ලක් දිනපතා රට තුළින් වාර්තා වෙමින් පවතී. සෑම වේලාවකම බණ අසන රටක, බණ කියන රටක මෙවැනි අපරාධ සිදුවිය හැකිද? ප‍්‍රශ්නය එයයි. නමුත් ඊට තවම පිළිතුරක් නොලැබෙනවා සේම දිනපතා එම අපරාධ රැල්ල දිගින් දිගටම වර්ධනය වෙමින් පවතී. වාර්තා වෙන ඇතැම් අපරාධ දිහා බැලූ විට එවැනි දේවල් මෙවැනි බෞද්ධ රටක සිදුවිය හැකිද යන බරපතළ ගැටලූව ජනතාවගේ සිත්සතන් තුළ මතුවී පවතී. වාර්තා වන ඇතැම් අපරාධ අහස පොළොව නුහුලන බරපතළ ගණයේ අපරාධයි. එවැනි බරපතළ අපරාධයක් පසුගිය සතියේදී කුරුණෑගලින්ද වාර්තා විය. මෙම අපරාධයේ විශේෂත්වය වූයේ මේ බරපතළ අපරාධය කාන්තාවක් අතින් සිදුවීමය. කවුරුත් විශ්මයට පත්කළ සිදුවීම වූයේ අපරාධයට වඩා එම දරුණු අපරාධය වයස අවුරුදු 36ක් වූ සුරූපී තරුණ කාන්තාවක් විසින් කිරීමය. මේ සුරූපී කාන්තාව එක්දරු මවකි. ඇය තම සැමියාගේ හොඳම මිතුරකුගේ බිරිය ඝාතනය කර තිබුණේ එම කාන්තාවගේ සිරුරේ තිස්පොළකට පමණ උල් පිහියකින් ඇනීමෙන්ය. මියගිය කතගේ දරුවන් දෙදෙනා ඉදිරිපිටදී ඔවුන්ගේ දයාබර මව මරාදැමීමට තරම් මේ කාන්තාව සැහැසි වී තිබුණි. එම කාන්තාවගේ මුළු ශරීරයම පිහිපහර වලින් සිදුරු කර දැමීමට තරම් සැකකාර කාන්තාව තිරිසන් වී තිබුණි. දිනපතා ආගම ධර්මයට සවන් දෙමින් පවක් කිරීමට බියක් දක්වන බෞද්ධයන් වෙසෙන රටක සියුමැලි කාන්තාවකට මෙවැනි කුරිරු අපරාධයක් කළ හැකිද? මේ වන විට කරගෙන යන පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ අනියම් පෙම් සබඳතාවක් මෙම ඝාතනයට මුල්වී තිබෙන බවය. සැකකාර කාන්තාවගේ සැමියා පෞද්ගලික සමාගමක උසස් නිලධාරියකු වන අතර ඔහු වසර කීපයක් විදේශගතව සිටියදී ඔහුගේ බිරිය තම මහගෙදර කොටසක නවාතැන්ගෙන සිටි සැමියාගේ මිතුරෙකු වූ මියගිය කාන්තාවගේ විවාහක සැමියා සමග අනියම් සබඳතාවක් ගොඩනගාගෙන ඇත. මේ බව දැනගැනීමෙන් පසුව මියගිය කාන්තාව හා සැකකාරිය අතර අවස්ථා ගණනකදීම ආරාවුල් හටගෙන තිබී ඇත. මේ ආරවුල නිම කිරීමේ අරමුණින් කතාබහක යෙදීම සඳහා තම නිවෙසට පැමිණෙන ලෙස සැකකාරිගේ සැමියා විසින් කරන ලද ආරාධනයකට අනුව පැමිණ සිටියදී මේ අවාසනාවන්ත සිදුවීම වී ඇති බව පොලීසිය කියයි. සැකකාරිය ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වූයේ ඉතා දරුණු ලෙස කර තිබූ කැපුම් තුවාල රැසක් හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීමෙන් එම කාන්තාව මරණයට පත්ව තිබූ බවය.මේ අවාසනාවන්ත සිදුවීමෙන් එක් සැමියෙකුට තම බිරිඳ අහිමිවූවාසේම දරුවන් දෙදෙනකුට තම ආදරණීය මව අහිමි විය. අනෙක් සැමියාගේ බිරිඳ බරපතල මිනීමැරුම් චෝදනාවකට ලක්ව සිරගතවී සිටී. ඔවුන්ගේ එකම දරුවාට අද මව් සෙනෙහස අහිමිවී ඇත. මුළු රටපුරාම කම්පනයකට පත්වූ මේ සිදුවීමෙන් අද මේ පවුල් දෙකටම අත්ව තිබෙන්නේ සමාජයට මුහුණ දිය නොහැකි බරපතළ සමාජ අපවාදයකි. ඔවුන්ගේ දු දරුවන්ගේ ජීවිත වලටද මෙය අනාගතයේදී බරපතළ කැලලක් වනු නියතය. දෙදෙනකු විසින් සමාජ සම්මතයට එරෙහිව කරන ලද හැසිරීමකින් අද පවුල් දෙකක්ම අසරණ වී ඇත. ඔවුන් එසේ අනියම් සබඳතා නොපවත්වා යහපත් පවුල් ජීවිත ගෙනගියා නම් මෙවැනි විපතක් කිසිදිනෙක සිදුනොවනු ඇත. අනියම් සබඳතා පවත්වන්නවුන්ට මේ සිදුවීම හොඳ පණිවුඩයක් ගෙනදීමට සමත්වනු ඇත. අනියම් සබඳතාවක අවසානය මෙවැනි විනාශයක් විය හැකි බව ඔවුන් වටහාගත යුතුය. වර්තමාන සමාජය අනියම් සබඳතාවලින් බෙහෙවින් පිරී ගොස් පවතී. සාමාන්‍ය පුරවැසියාගේ සිට ඉහළ ධනපතියා සහ රට හදන තැන සිටින දේශපාලනඥයා දක්වාම මේ අනියම් සබඳතාවයේ කතා පැතිර ගොස් පවතී. ඉහළ සමාජයට සහ අප රටේ ප‍්‍රසිද්ධ චරිත වලට මෙවැනි අනියම් සබඳතා සාමාන්‍ය දෙයක් වුවද පහළ සමාජයට මෙය ඔරොත්තු නොදෙන්නකි. රටේ ප‍්‍රසිද්ධ චරිත රටේ ඕපාදුප වලට කැමැති ජනතාවට අනියම් සබඳතා මගින් කුණු රසයක් මැවුවද පහළ සමාජයට මෙයින් අත්වන්නේ බරපතළ හානියකි. මේ රටේ ප‍්‍රසිද්ධ ගායක යුවළකගේ අනියම් සබඳතා පසුගිය දිනවල රටේ ජනතාවට පුවත් මැවූ හැටි මතකය. අප එසේ සිතුවද ඔවුන්ගේ දරුවන්ට මවුපිය උණුසුම අහිමිවීම කෙසේ බලපානු ඇද්දයි සිතන්නේ කීයෙන් කීදෙනාද? අද රටේ අනියම් සබඳතා ඉහවහා ගොසින්ය. එසේ නොකළොත් එය තමන්ගේ තරමට මදිකමක් යැයි සිතන අපූරු පුද්ගලයෝද මේ සමාජයේ සිටිති. ඔවුන්ට එය ආශ්වාදජනක කලාවක් වැනිය. නමුත් එයින් සිදුවන විපත පිළිබඳව නොසිතා ඔවුහු කාලකන්නි සතුටක් විඳිති. රජයේ සහ පෞද්ගලික ආයතන මෙවැනි අනියම් සබඳතා වලට අපූරු තෝතැන්නකි. බොහෝ වෙලාවට සෙනසුරාදා හෝ සතියේ නිවාඩු දිනවල ඔවුන් අතිකාලවල යෙදීමට කියා යන්නේ කාර්යාලයේ සිට අනියම් පෙමෙහි රසවිඳීමටය. මෙවැනි අනියම් පෙමක් විඳීමට ගිය ජෝඩු දෙකකට විඳින්නට සිදුවූ අපූරු සිදුවීමක් පසුගියදා කුරුණෑගලින් වාර්තා විය. එය මෙසේය. මොවුන් දෙදෙනාම රජයේ සේවකයෝය. දෙදෙනාම බොහෝ විට සතියේ නිවාඩු දිනවලට අතිකාල සඳහා යැයි කියමින් නිවෙසින් පිටත්ව කාර්යාලවලට යති. එදිනද එසේ ගිය සැමියා තම අනියම් පෙම්වතියද සමග අනියම් පෙම් සුව විඳීමේ අරමුණින් නගරයේ හෝටලයකට ගියේය. අවාසනාවක මහත. එම හෝටලයට එම වෙලාවේම තම විවාහක බිරියද තවත් පුරුෂයකු සමග ගොඩවැදුනේ මේ අනියම් සබඳතා දෙදෙනාටම හෙළිකරමිනි. මෙම අහඹු සිදුවීමෙන් කෝපයට පත් අඹුසැමි යුවළ ආව කාරිය පසෙක තබා ඇතිකරගත් ගෝරිය බේරීමට සිදුවූයේ හෝටලයේ සේවකයන්ටය. මේ තවත් ප‍්‍රකට සිදුවීමකි. ඇය කුරුණෑගල නගරයේ ප‍්‍රසිද්ධ පාසලක ජනප‍්‍රිය ගුරුවරියකි. ඇය එම පාසලේම සේවය කරන ගුරුවරයකු සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගියාය. ඇය ඔහු සමග හෝටලයකට ගොස් අනියම් සුව විඳිමින් සිටියදී අනියම් සැමියා ඔහුගේ ජංගම දුරකථනයට ඇගේ නිරුවත කැමරාගත කොට ඇත. පසුව එම නිරුවත් පින්තූර සමාජයේ ප‍්‍රසිද්ධ වූ අතර අවසානයේදී එම ගුරුවරියට සිදුවූයේ පාසලින්ද ඉවත්වී යාමටය. එවැනි තවත් ගුරුවරියක අනියම් සැමියා සමග හෝටලයකට වී පෙම්සුව විඳිමින් සිටියදී විවාහක සැමියාගේ අතටම හසුවීමෙන් පසුව දෙදෙනාටම ගුටිබැටදී පොලීසියට බාරදෙනු ලැබීය. අවසානයේදී ඇයට පවුල් ජීවිතය අහිමිවූවා පමණක් නොව දුෂ්කර පාසලකට මාරුවක් ලැබ යාමටද සිදුවිය. මෙවැනි සිදුවීම් බොහෝය. එසේම මෙවැනි සබඳතා හරහා සිදුවූ අපරාධද බහුලය. ගොකරැල්ල පදිංචි 40 හැවිරිදි දෙදරු මවක් සිය වයෝවෘද්ධ ආබාධිතව සිටින මව අනියම් සැමියා හා එක්ව මරා දමා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. සාමාන්‍ය මරණයක් ලෙස වළදැමුනු ලැබූ වයෝවෘද්ධ මවගේ සිරුර යළි ගොඩ ගැනුනේ එය මිනීමැරුමක් බවට පොලීසියට ලද නිර්ණාමික පණිවුඩයකට අනුවය. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ හිසට පොල්ලකින් පහරදී මව මරාදමා ඇතිබවය. කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් දිවයිනේ වැඩිම පිරිසක් ආරක්ෂක හමුදාවන්ට බැඳී සිටින අතර, තවත් විශාල පිරිසක් විදේශ රැකියාවලට ගොස් සිටිති. මොවුන්ගේ පවුල් වලින්ද අනියම් සබඳතා වලට ගොදුරු වීමෙන් බිඳී ගොස් සිටින පවුල් බොහෝය. මේ හේතුව මත අසරණ වී සිටින එම පවුල්වල දරුවෝ විශාල පිරිසක් විවිධ ලිංගික අපයෝජන වලට ගොදුරු වී සිටීමද අවාසනාවන්ත තත්ත්වයකි. මෙවැනි අනියම් සබඳතා සමාජයේ පරිහානියට, විනාශයට මිසක යහපතකට හේතුවී නැති බව මෙයින් හොඳාකාරවම පැහැදිලිය. ජනතාව සාරධර්ම වලින් ඈත්වීම මෙවැනි තත්ත්වයකට හේතුව බව මනාව පැහැදිලිවේ. ”ජනතාව සාරධර්ම වලින් ඈත්වෙනවා නම් රටට යහපතක් කිරීමෙන් ඇති ඵලය කුමක්දැයි කියන ප‍්‍රශ්නය සිතට එනවා.” යනුවෙන් ජනාධිපතිවරයාද කළ ප‍්‍රකාශය මෙම අවාසනාවන්ත තත්ත්වය තවත් අපූරුවට කියාපාන්නකි.
සටහන සහ ඡායාරූප : පුෂ්පකුමාර ජයරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොහාන්, රටේ වැදගත් පාලකයො මේ වගේ වැඩ කරන කොට අනිත් අය මොනවා නොකර ඉදියිද?.
කාන්තාවක් ,මවක් වූ මෙම තැනැත්තියට මරණයේදී වත් ගව්රවයක් ලබාදී නැති මෙම චායාරූපය මම හෙලා දකිමි.මිනී මරුම කලේ කියන කාන්තාව සමහර විටදැඩි කෝපය නිසා මෙම මරණය සිදු කරන්නට ඇත.එම කාන්තාව මෙම චෝදනාව සම්බන්දයෙන් නිවැරදි වන්නටද .පිළිවනි .සත්‍ය තොරතුරු පුවත් පත් මගින් එදිරි පත් කරන්න.(දැඩි වග කීමකින් යුතු පුවත් පමණක් ගෙන එන්න )
තමන්ට යම් අපරාධයක් හෝ පාඩුවක් වුවහොත් එයට වගකිව යුත්තේ තමන්ම බව සිත් ඇත්තෝ සිතට ගනිත්වා කියලා මම ඉල්ලා සිටිනවා
කාන්තාව සාධාරණයි
මෙම මිනීමැරුම කර කාන්තාව සාධරණයි....
සබ්බේ තසන්ති දණ්ඩස්ස.....
කාන්තාවන් සාධරණයි.... සැමියන් අසාධරණයි..............
කාන්තාව සාධාරණයි...කෝපය, වේදනාව, ආදරය නිසා මෙවැනි දෙයක් විය හැකියි
ජීවිතයක හැටි
ඉතා කණගාටුදායකයි
ඔය අදහස් ප්‍රකාශ කරලා තියන අය ඕක තවත් වරක් කියවල බලන්නකෝ...මිය ගිහිල්ලා තියන්නේ අහිංසක කාන්තාවක්...මිය ගිය කාන්තාවගේ මිනිහා මරපු කාන්තාවත් එක්ක හොර සම්බන්දයක් තිබිල තියන්නේ.....ඉස්සෙල්ල කියවල බලන්න ...
මිනි මරුවන්ට ඵල්ලුමි ගහ හැර වෙන කිසි විකල්පයක් නැ..
මම ගුරුවරයෙක්මි. මා දකින දේ නම් වැරැද්ද දුටු තැන නිසි දඬුවම නොලැබෙන්නේ නම් ඔහු කිසි දිනක වැරැද්ද හදා නොගනී. බලා ඉන්න අයද වැරදි කිරීමට බිය නැති වේ.
කාමෙහි වරදවා හැසිරීමේ ප්‍රතිඵල ඇස් පනාපිටම පෙන්වා ඇත
මේක ප්‍රසිද්ධ නොකර සැකකාරියට මරණ දඩුවම නියම කරන්න තියෙන්නේ
තෙවැනි ඡායාරූපය සදාචාරාත්මකද?
වාර්තාවේ හැටියට මියගොස් සිටින කාන්තාව අසරණයි. ඇයගේ දරුවන් දෙදෙනා සමග ගොස් ඇත්තේ තම සැමියා ව මුදා ගන්න විය යුතුයි. ඇය ව අවසාන වරටත් රවටා මරා දමා ඇති බවයි පෙනෙන්නේ. මේ අසරණ කාන්තාවගේ ඡායාරූපය ඉවත් කර මරණය සිදු කළ කාන්තාවගේ ඡායාරූපයක් දමන්න.
මේවා දැකලා කසාද එපා වෙනවා.අන්තිම ඡායා රූපය ඉවත් කරන්න.
රොහාන්, බුදුහාමුදුරැවෝ අපට දේශනා කරලා තියනවා වසලයෙක්ද නැත්නම් බ්‍රාහ්මනයෙක්ද යන්න තේරුම් යන්නෙ යම් කිසි පුද්ගලකුගේ ක්‍රියාවෙන් මිස උප්පත්තියෙන් නොවන බව. බුදුහාමුදුරුවෝ අපට උගන්වලා තියෙනවා වේතනාව තමයි හැමදේකටම මුල කියලා. 2012 ජූලි මස 08 12:07:17 | ලංකාදීප කර්තෘ මණ්ඩලය 14Share ”රටේ ජනතාව සාරධර්ම වලින් ඈත් වෙනවානම් රටට කොයිතරම් සාමය උදාකළත්, කොයිතරම් සංවර්ධනයක් කළත් ඒවායින් ඵලක් නොවන බව”ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් ප‍්‍රකාශ කළේය. රටේ නායකයාට මෙවැනි ප‍්‍රකාශයක් කිරීමට තරම් සිත් වන්නට ඇත්තේ අද රටේ සිදුවන නොයෙකුත් අපරාධ පිළිබඳව ඇසීමෙන් විය හැකිය.රටේ ජනාධිපතිවරයාට මෙවැනි ප‍්‍රකාශයක් ප‍්‍රසිද්ධ බෞද්ධ උත්සවයකදී කිරීමට තරම් ප‍්‍රබල අපරාධ රැල්ලක් දිනපතා රට තුළින් වාර්තා වෙමින් පවතී. සෑම වේලාවකම බණ අසන රටක, බණ කියන රටක මෙවැනි අපරාධ සිදුවිය හැකිද? ප‍්‍රශ්නය එයයි. නමුත් ඊට තවම පිළිතුරක් නොලැබෙනවා සේම දිනපතා එම අපරාධ රැල්ල දිගින් දිගටම වර්ධනය වෙමින් පවතී. වාර්තා වෙන ඇතැම් අපරාධ දිහා බැලූ විට එවැනි දේවල් මෙවැනි බෞද්ධ රටක සිදුවිය හැකිද යන බරපතළ ගැටලූව ජනතාවගේ සිත්සතන් තුළ මතුවී පවතී.වාර්තා වන ඇතැම් අපරාධ අහස පොළොව නුහුලන බරපතළ ගණයේ අපරාධයි.
සමහර පුද්ගලයෝ කොන්න්‍රාත්තුවට මිනිමරලා අපරාධ කරලා ඉන් පස්සේ ඒ මළ ගෙදරදී මිනිසුන්ගේ සිත් දිනා ගන්න හොද කථාවකුත් පවත්වනවා. ඉතිං කවුද හිතන්නේ මු මේ අපරාධයට සම්බන්දයි කියලා. ස්වභාවිකව ලෝකයේ සෑම ජාතියක්ම, සිංහල ජාතියට නිදහසේ ජිවත් වන්නට ඉඩහරින්න. සිංහල ජාතියට දාව උප්පත්තියක් ලබන්නේ ඕනැම මනුෂයෙක් ස්වභාවිකවය. ලංකාදීපය මිත්‍යා දුෂ්ඨික රටටක් කරගෙන යාම නවත්වන්න. එවිට ඹබට සැනසීමෙන් මැරෙන්නට හැකි වේවි. නැත්නම් ලෝකය විනාශ වෙලා යාවි. බුදුහාමුදුරුවෝ අපට පෙන්නලා දීල තියනවා, වරදක් හරි අපට පෙන්නලා දෙන්න පුළුන් වන්නේ මනුෂයන්ට මිස අමනුෂයන්ටවත් එහෙම නැතිනම් තිරිසනුන්ටත් නොවන බව. ඒ වගේම බුදුහාමුදුරුවෝ අපට උගන්වලා තියෙනවා වේතනාව තමයි හැමදේකටම මුල කියලා. (නි)
22 July 2012 රොහාන්, සමහර පුද්ගලයෝ කොන්න්‍රාත්තුවට මිනිමරලා අපරාධ කරලා ඉට පස්සේ ඒ මලගෙදර ගෙදරදී මිනිසුන්ගේ සිත් දිනා ගන්න හොද කථාවකුත් පවත්වනවා. ඉතිං කවුද හිතන්නේ මු මේ අපරාධයට සම්බන්දයි කියලා. ඒ වගේ වැඩක් තමයි ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන්නේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ සිංහල රටත්, සිංහල ජාතියත්, සිංහල භාෂාවත් විනාශ කරගෙන යන්නෙ. සිංහල ජාතියට උරුමයෙන් අයිති රට නැති බංගස්තානවීයනකම්. කොයි මනුෂයරටවලුත්, කොයිකවුරැත් මතක තියාගන්න සිංහලයා, සිංහජාතියක් වශයෙන් මේ දෙවියෝ බුදුන් නිදහසේ වැඩ සිටින ලංකා දීපය අවුරැදු දස දහස් ගානක් තිස්සේ මේ රැකගෙන ආ, සිංහල රටත්, සිංහල ජාතියත්, සිංහල භාෂාවත් මේ උරැමය. දෙමල ජාතියත්, ඉංග්‍රීසි ජාතියත් එක්ක ඇයි මෙ දිවිය ලෝකය විනාශ කරන්න හදන්නේ , මනුෂයන්ට හරි වැරදක් පෙන්වල දෙනවට මේ අමනුෂය ජාති දෙකම, (දෙමල ජාතියත්, ඉංග්‍රීසි ජාතියත් ) කැමති නැද්ද?. සවභාවිකව ලෝකයේ සෑම ජාතියක්ම, සිංහල ජාතියට නිදහසේ ජිවත් වන්නට ඉඩහරින්න. සිංහල ජාතියට දාව උප්පත්තියක් ලබන්නේ ඕනැම මනුෂයෙක් සවභාවිකවය. ලංකාදීපය මිත්තයා දුෂ්ටික රටටක් කරගෙන යාම නවත්වන්න. එවිට ඹබට සැනසීමෙන් මැරෙන්නට හැකි වේවි. නැත්නම් ලෝකය විනාශ වෙලා යාවි. බුදුහාමුදුරැවෝ අපට පෙන්නලා දීල තියනවා, වරදක් හරි අපට පෙන්නලා දෙන්න පුළුන්වන්නේ මනුෂයන්ට මිස අමනුෂයන්ටවත් එහෙම නැතිනම් තිරසනුන්ට නොවන බව. බුදුහාමුදුරැවෝ අපට දේශනා කරලා තියනවා වසලයෙක්ද නැත්නම් බ්‍රහක්මනයෙක්ද යන්න තේරැම් යන්නෙ යම් කිසි පුද්ගලකුගේ ක්‍රියා වෙන් මිස උප්පත්තියෙන් නොවන බව. සමහර විට මම විශාල වරදක් කලහොත්,මගේ අම්මා මට කියන දෙයක් තමයි උඹ ගෙදර ලොක්කා, උඔ වැරදි වැඩ කරන කොට කොහොමද මම අනිත් ඒවුන් හදාගන්නේ කියලා, හරියට කෝවිලේ කපුවා හිටගෙන රෙන කොට, අනිත් ඒවුන් දුව දුව රෙනව වගේ කියලා, අපේ අම්මා මට නිතර කියන කථාවක් ( මොකද මේක හොද සිංහල කියමනක් මිස කුනුහරපයක් නොවන බව කවුරැ කවුරැත් හොදින් මතක තබා ගන්න එත් මෙම වචන කුනුහරපයක් චගේ පෙනෙන්නේ කුනුහරප වැඩ කරන එවුන්ටයි, කුනුහරපේ හරි තැනට පාවිව්විකලහොත් රටක්, ජාතියක් හෝ ලෝකෙම වුනත් බේරගන්න හරි පුළුවන්. ඒකට ප්‍රධාන වන්නේ තමන් කුනුහරපය පාවිව්විකරන තැනේ හැටියට මිසක්, මෙය භාෂාවේ ප්‍රශ්නයක් නොවන අතර මෙය වැරදියට තෙරැම්ගන්නාගේ ප්‍රශ්ණයකි.) මගේ අම්මා ජිවත් වෙලා සිටි කාලයේදී මගේ අම්මාගේ කටින් කුනුහරැපයක් කියවෙනවා අපට ඇහිලා නැහැ. අපේ අම්මගේ කටින් මේ වචන පිටවුනේ සවභාවිකව අපව හරියට හදාගන්න. කෝවිලේ කපුවා හිටගෙන රෙන කොට, අනිත් ඒවුන් දුව දුව රෙනවලු. රටේ නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවගේ වැඩ කරන කොට අනිත් ඒවුන් මොනවා නොකර ඉදියිද?. බුදුහාමුදුරැවෝ අපට උගන්වලා තියෙනවා වේතනාව තමයි හැමදේකටම මුල කියලා,(වි)
කුරුණෑගල කියන්නත් ලැජ්ජයි..!!(නු)
සතුට වෙනුවෙන් පොඩි ළමයි පාවලා දෙන ගැහැනු......
එල්ලුම් ගහ අත්‍යවශ්‍යයි....
අපරාධ රැල්ලට එල්ලුම්ගහ අත්‍යවශ්‍යයි.
මෙවැනි අපරාධ වලට උපරිම දඩුවම් දිය යුතු අතර මිය ගිය කාන්තාවට නිවන් සුව පතමි..
ජනපතිඳුනි, මෙවැනි අපරාධ නැවත නොවෙන්නට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න..
බොරුනොකර එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න...
කරුණාකර අවසන් චායාරූපය ඉවත් කරන්න.
රොහාන් ,රුවන් ,ඔබ හරි විය යුත්ත එය මය !
රොහාන් ,රුවන් ,ඔබ හරි . විය යුත්ත එය මයි !
අනියම් පෙම් පළහිලව් -කාටත් හොඳ පාඩම්....
ඉතා ඉක්මනින් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්ට..........
සබ්බ පාපස්ස අකරනං කුසලස්ස උප සම්පදා
අවසන් ඡායරුපය පිළිබද මාගේ කිසිදු පැහැදීමක් නොමැත.
එල්ලුම් ගහ අත්‍යවශ්‍ය යුගයක් මේක ..බලධාරීන් නිසි අවධානය යොමු කරනවනම් තමයි හොඳ....
වැරදි කරන ගෑනු බේර ගන්න සැමියන්ට හොඳ පාඩම්....
තම තමන්ගේ ගැහැණු පත්තිනි අම්මල කියලම හිතන්න එපා....
නිතිය ක්‍රියාත්මක කිරීමට පසුබට වීම නිසා මෙවැනි සිදුවීම් සිදුවේ. වගකිව යුත්තා කවුරුන්ද යන්න හැමෝම දනී.
අපචාරකයන්ට දඩුවම් දිය යුතුයි...
අතිගරු ජනාධිපතිතුමනි, අපේ රටේ ඉතුරු ටික හදන්න නම් එල්ලුම් ගහ ගේන්න වෙනවා නේද?
මෙවැනි දේ සිදු වීමට හේතුව පවුල් සංස්ථාව තුළ සමගිය සාමය නැති වීමයි
අපේ රටේ දැන් ඕනම අපරාධයක් කරන්න පුලුවන්.ඇයි ඊළග දවසේ එළියට එන්න පුලුවන්නේ
ප්‍රශ්නේ තියෙන්නේ මේ ගාතනය කරපු කෙනාට දරු සෙනෙහස තිබ්බද කියන එකයි....