IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


අනුරාධපුර ඝාතන සැකකරුගේ පාපොච්ඡාරණය

 

 

අනුරාධපුර විහාරහල්මිල්ලකුලමේ නිවසකදී එකම පවුලේ තිදෙනෙක් සහ තවත් මවක සහ පුතෙක් කපා කොටා ඝාතනය කිරීමට සම්බන්ධ බව කියන යුද හමුදාවෙන් පලා ගොස් සිටි සෙබළෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ පස් දෙනා ඝාතනය කර පැය 24ක කාලයක් යන්නට මත්තෙන් ඝාතකයා කොටුකර ගැනීමට හැකිවූයේ වෙන කිසිවක් නිසා නොව, පොලීසියේ ඇති දක්ෂතාවය හා මනා කැපවීම නිසාය. ඒ කැප කිරීම නොවන්නට මෙතරම් කෙටි කාලයකදී ඝාතකයා කොටුකර ගැනීමට නොහැකි වනු ඇත.

පස් දෙනා මරා දමා රුපියල් ලක්‍ෂ 2 1/2ක පමණ මුදලක් ද පැහැරගෙන අනුරාධපුරයේ සිට පැමිණ හසලක නගරයේදී බස් රථයෙන් බසිනවාත් සමගම ඝාතකයා කොටු කර ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ලග්ගල ප‍්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි ජගත් කුමාර (32* නමැති හමුදාවෙන් පලා ගොස් සිටි සෙබළෙකි.
මොහු අවිවාහක අයෙකු වන අතර, ලග්ගල ප‍්‍රදේශයේ විහාරස්ථානයක ජීවත් වී ඇත.

පස් දෙනකු කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හමුදාවෙන් පලා ඇවිත් සිටි සෙබළාගෙන් ප‍්‍රශ්න කර ඇත්තේ අනුරාධපුර කොට්ඨාසය බාර පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා විසිනි.

පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා අපරාධ විමර්ශන කටයුතුවලදී දක්ෂතා පෙන්වා ඇති උසස් පොලිස් නිලධාරියෙකි.

ප‍්‍රශ්න කිරීම්වලදී සැකකාර සෙබළා පවසා ඇත්තේ මෙවැනි කතාවකි.
මොහුගේ පාපොච්චාරණය පොලීසිය සටහන්කරගෙන ඇත.
 

බරපතළ තුවාල ලැබූ කේ. ඒ. පියදාස සහ ඝාතනයට ලක්වූ ඔහුගේ බිරිය ඉන්දුමතී ශ‍්‍රියානි විවාහ වූදා
 
ඝාතනයට ලක්වූ ඉන්දුමතීගේ පුතා සුමිත් උදය කුමාර
 
ඝාතනයට ලක්වූ ඉන්දුමතීගේ දියණිය තක්ෂිලා කුමුදු කුමාරි
 
ඝාතනයට ලක්වූ පී. පේමාවතී

මගේ තාත්තා මියගිහින්. අම්මා රට රැකියාවකට ගිහින්. අයියා කෙනෙක් ඉන්නවා. අයියත් එක්ක මගේ සම්බන්ධයක් නෑ. එයා කොළඹ පැත්තේ රස්සාවක් කරනවා. මට ඉන්න කියා ස්ථිර ගෙයක් දොරක් නැහැ. කාලයක ඉඳලා ඉන්නේ ලග්ගල පැත්තේ පන්සලක. (පන්සලේ නම කියයි* මම දවසක් ගමනක් ගියා පෞද්ගලික බසයකින්. ඒ බස් එකේ කොන්දොස්තර හැටියට වැඩ කළේ ඔය මගේ අතින් මැරුම්කාපු ප‍්‍රියන්ත. බස් එකේ ඉස්සරහා සීට් එකේ කෙල්ලක් වාඩිවෙලා හිටියා. මම කොන්දොස්තරගෙන් පෑනක් ඉල්ලාගෙන මගේ හෑන්ඞ් ෆෝන් එකේ නම්බර් එක කොලකෑල්ලක ලියා කොන්දොස්තරට දුන්නා ඉස්සරහා සීට් එකේ ඉන්න කෙල්ලට දෙන්න කියා. කොන්දොස්තර මම කියපු විදියට වැඬේ කළා. ඊට පස්සේ කොන්දොස්තරයි මමයි අතර මිත‍්‍රත්වයක් ගොඩනැගුණා.

සැකකාර සෙබළා දුන් ජංගම දුරකථන අංකයට තරුණිය කතා කර ඇති අතර පසුව ඒ දෙදෙනා අතර ඇය තරුණියක් නොව විවාහක එක් දරු මවක් බවට ඔහුට දැන ගැනීමට ලැබී ඇත්තේ ඇගෙන්මයි.

මේ කාන්තාවගේ වයස අවුරුදු 19කි. විවාහ වී සිටින්නේ හමුදා සෙබළකු සමගය.

සැකකරු මේ කාන්තාව සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර, පසුව බස් කොන්දොස්තර ප‍්‍රියන්ත ද කාන්තාවගේ නංගි කෙනෙක් සමග පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.

පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතාගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ තවදුරටත් තොරතුරු හෙළිකරමින් සැකකාර හමුදා සෙබළා මෙසේ ද පවසා ඇත.
ප‍්‍රියන්ත මා දැන හඳුනාගෙන මාස 1 1/2කට වඩා නැහැ. ප‍්‍රියන්ත මගේ ජංගම දුරකථනයට ඇමතුමක් දීලා කිව්වා, අපි ඉඩම විකුණලා අනුරාධපුරේ පදිංචියට යනවා. ගෙදර බඩු ටික පටවාගෙන අනුරාධපුරේ යන්න එන්න කියා. මා ඔහුගේ ඉල්ලීමට එකඟ වුණා. මා කවමදාවත් ඔහුගේ නිවසට ගොස් තිබුණේ නැහැ. ලග්ගල ඉඳලා මම හසලක නගරයට ආවා. ප‍්‍රියන්ත මාව එක්කගෙන යන්න හසලක ටවුන් එකට ඇවිත් හිටියා. පසුව ලොරියකට බඩු පටවාගෙන අනුරාධපුරේ විහාරහල්මිල්ල කුලමේ ඔහුගේ ඥාතියකුගේ ගෙදර ගියා. බඩුටික ලොරියෙන් බාලා ඉවර වුණාට පස්සේ ලොරියේ රියැදුරා හා ක්ලීනර් මාත් ආපහු යන්න සූදානම් වුණා. පි‍්‍රයන්ත කිව්වා අද ඉඳලා හෙට උදේ යන්න කියා. ඔහුගේ ඉල්ලීම මත මම පියදාස කියන ඔහුගේ ඥාතියාගේ ගෙදර නතර වුණා. ලොරිය පිටව ගියේ පස්වැනිදා රාත‍්‍රි 7.30ට විතර.

ඒ ගෙදර තියන ගහක් යට බංකු තනා තිබුණා. ඒ බංකුවල වාඩිවෙලා පියදාස එයාගේ පුතා ප‍්‍රියන්ත එක්ක එකතු වෙලා අරක්කු බිව්වා. මම නම් එච්චර අරක්කු බිව්වේ නැහැ. පස්සේ අපි නිදාගන්න ගියා. මට නින්ද ගියේ නැහැ. මම නිදාගෙන හිටපු තැනින් නැගිටලා හිමින් සීරුවේ මුළුතැන් ගෙට රිංගලා මන්නා පිහියක් අතට ගත්තා. ගෙදර අය නිදාගෙන හිටපු තැන්වලට ගිහින් සේරටම මන්නා පිහියෙන් කෙටුවා.

සුවබර නින්දක සිටි පස් දෙනකුට මන්නා පිහියෙන් කොටා දැමූ සැකකරු ඊළඟට කර ඇත්තේ ප‍්‍රියන්ත හා ඔහුගේ මව ඉඩම විකුණා ගෙන මුදල් සඟවා ඇති ස්ථානය සොයා බැලීමට අල්මාරියක් කඩා එය අවුස්සා බලා ඇතත්, අල්මාරියේ ඒ මුදල් තිබී නැත.

සැකකරු ඇඳක් යට පරීක්ෂා කර බැලීමේදී බාස්කට් එකක තිබී සොයාගෙන එය විවෘත කර බැලීමේදී රුපියල් ලක්ෂ 2 1/2ක පමණ මුදලක් තිබී එය එතැනින් රැගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා තමන් කළ සහාසික ක‍්‍රියාව ගැන තවදුරටත් පොලීසියට පාපොච්චාරණය කරමින් මෙසේ ද කියා ඇතැයි පැවසුවේ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නිලධාරියෙකි.

මේ වෙනකොට ? 12.00ත් පහුවෙලා. ඇෙඟ් ලේ ගෑවුන තැන් හොදාගෙන ඇඳගෙන හිටපු සරම හා කමිසය ගලවා දමා වැලේ දමා තිබූ දිග කලිසමක් හා කමිසයක් ඇදගත්තා. ඒගෙදර තිබුණ පා පැදියේ නැගලා දහියාගම හන්දියට ගියා.  හන්දියේ කැඳ කඩයකින් කැඳ වීදුරුවක් අරගෙන බිව්වා. සිගරට් එකක් බිව්වා. පා පැදිය කඬේ ළඟ හේත්තු කරලා. කඬේ මුදලාලිට පොඞ්ඩක් ඒක බලාගන්න කියා පොඞ්ඩක් එහාට ගියා. ත‍්‍රීවිල් එකක් ආවා. ඒකේ නැගලා අනුරාධපුර අලූත් බස්ටෑන්ඞ් එකට ගියා. වව්නියාවේ ඉඳලා එන බස් එකක නැගලා රඹෑව හන්දියෙන් බැස්සා. එතකොට හොඳටම එළිය වැටිලා. මගේ හිතේ ඒ වෙලාව උදේ 6.30ට විතර ඇති. පැය භාගයක් විතර රඹෑව හන්දියේ ගත කළා. වව්නියාවේ ඉඳලා දඹුල්ල හරහා කොළඹ යන බස් එකකට නැග්ගා. දඹුල්ල නගරයෙන් ඒ බස් එකෙන් බැස්සා.

 



සැකකාර ඝාතකයා මෙසේ ද පොලීසියට පාපොච්චාරණය කර ඇත.
මගේ කකුල් දෙකට සෙරෙප්පු දෙකක්වත් තිබුණේ නෑ. ගෙදරින් කොල්ලකාගෙන ආ සල්ලිවලින් රුපියල් 1,500කට කැන්වස් සපත්තු දෙකක් අරගෙන දෙපයේ දාගත්තා. දඹුල්ලේ ජුවලරි ෂොප් එකකට ගිහින් බ්‍රේස්ලට් එකකකුයි, කුඩා මාල හතරකුයි ගත්තා. ඒ රන් බඩුවලට රුපියල් 80,000ක් වියදම් වුණා. මේවා ගත්තේ කොල්ලකාපු සල්ලිවලින්මයි. පස්සේ බ්‍රේස්ලට් එක අතේ දාගෙන මාල හතරම කරේ දාගත්තා.

රත්තරන් බඩුවලට මා හුඟක් ආසයි. ඒකයි මම මේ විදිහට කළේ. රත්තරන් බඩු ටික පැළඳගෙන බස් එකක නැගලා බකමූණට ආවා. බකමූණ නගරයේ හෝටලයකට ගිහින් දවල්ට බඩ පිරෙන්න බත් කෑවා. බකමූණේ බස් එකක නැගලා හසලක ඇවිත් බස් එකකින් බහිනවාත් එක්කම පොලීසියේ මහත්වරු කට්ටියක් මාව අල්ලා ගත්තා.

කොල්ලකා තිබූ මුදල්වලින් රුපියල් 1,53,000ක පමණ මුදලක් සැකකරුගේ කලිසම් සාක්කුවේ තිබී පොලීසිය සොයාගෙන තිබිණි.

කොල්ලකෑ සල්ලිවලින් මිලදී ගෙන තිබූ බ්‍රේස්ලට් එක හා රන් මාල 4 පොලිස් බාරයට ගනු ලැබීය.

ප‍්‍රියන්තගේ මිතුරාවූ මෙම සැකකාර සෙබළා ගැන මෙන්ම හසලක සිට අනුරාධපුරයට බඩු පටවාගෙන ආ ලොරියේ රියැදුරා ගැන හසලක පොලීසියට දැනුම් දී තිබුණේ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා විසිනි.

හසලක පොලීසියේ නිලධාරින් ලොරි රථයේ රියැදුරා හා සාහායකයාට හසලක පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දීමක් කර තිබිණි.

ලොරි රථයේ රියැදුරා පොලිසියට පැමිණ ප‍්‍රකාශයක් ලබාදී තිබුණත් සහායකයා නොපැමිණි නිසා ඔහු රැගෙන ඒමට පිටත්ව ගියේ හසලක පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් කුමාරසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමකි.

ලොරියේ සහායකයා ජීප් රථයේ දාගෙන පොලිස් ස්ථානය වෙත රැුගෙන එමින් සිටි අතරවාරයේ එදා තමන් සමග ලොරියේ බඩු පටවාගෙන ගිය පුද්ගලයා නගරයේ පිහිටි බස් නැවතුම්පොළෙන් බස් එකකින් බසිනවා නෙත ගැටී ඇත.

අන්න සර් අරූ තමයි එදා අපිත් එක්ක බඩු පටවාගෙන අනුරාධපුරේ ගියේ. මිනිහා ඒ ගෙදර නැවතුණා. අපි ආවා. යැයි කියා ජීප් රථයේ සිටි ලොරි සහායකයා පවසා ඇත.

පොලිස් ස්ථානාධිපති රුවන් කුමාරසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායම වහා ක‍්‍රියාත්මක වී ඔහු අල්ලාගෙන ඇවිත් පසුව අනුරාධපුර මූලස්ථාන පොලීසියට බාරදී ඇත.

උතුරු මැද පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන සහ උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි යන මහත්වරුන්ගේ මගපෙන්වීම හා විශේෂ උපදෙස් යටතේ මෙම පරීක්ෂණ කටයුතු සිදු කර තිබේ.

දක්ෂ අපරාධ විමර්ශකයින් වන පොලිස් අධිකාරි ජේ.යූ. රාමවික‍්‍රම, අනුරාධපුර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස විතානගේ, අපරාධ විමර්ශන අංශයේ සථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක  ප‍්‍රභාත් ගාල්ලගේ සහ පොලිස් පරීක්ෂක එම්.එස්.  කුමාරසිංහ   යන මහත්වරු මෙම පරීක්ෂණවලට සහභාගි වී සිටිති.

විහාර හල්මිල්ලකුලම ගම්මානයම කම්පාවට පත් කළ මේ සිද්ධියේදී ඝාතනයට ලක්වී ඇත්තේ ඉන්දුමතී ශ‍්‍රියානි (40), ඇයගේ පුත් සුමිත් කුමාර (23), දියණිය තක්ෂිලා කුමුදු කුමාරි (13), ඉන්දුමතීගේ සහෝදරියක් වන හසලක කොටියාපොල සිට පැමිණ සිටි පී. පේමාවතී (46) සහ ඇයගේ පුත‍්‍රයා වන ප‍්‍රියන්ත (22* යන පස් දෙනාය.

බරපතළ තුවාල ලැබූ ඉන්දුමතීගේ සැමියා කේ.ඒ. පියදාස මහතා අනුරාධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවේ.

සැකකාර සෙබළා රිමාන්ඞ් බාරයට පත්කර ඇත.

අපරාධයක් සිදුකර සැඟවී සිටීමට හැකි යැයි යමෙක් සිතන්නේ නම් එය මහා මුලාවකි. අපරාධයක් කර කිසිදා සැඟවී සිටිය නොහැකිය.

 

 

 

 



අදහස් (0)

අනුරාධපුර ඝාතන සැකකරුගේ පාපොච්ඡාරණය

චමි Wednesday, 13 November 2013 12:24 PM

මාගලි නෙමෙයි මෙයාට වෙන නමක් දැම්ම නම් හරි. කොයි රටෙත් ඉන්නවා හොඳ නරක දෙගොල්ලොම. උඩ බලන් කෙල ගහගන්නේ නැතුව ඉන්න. (ස)

:       0       0

ෆ්‍රැන්සිස් Tuesday, 12 November 2013 01:51 AM

මට හිතාගන්න බැරි මේ පුද්ගලයා මෙවැනි අන්තනෝමතික ක්‍රියාදාමයක් කරන්න ධෛර්යය ලබා ගත්තෙ තමුන් හැදුන වැඩුන පරිසරය අනුවද කියලා. ඒත් මේකා හව්හරණක් හොයාගෙන ගිහින් ඉඳලා තියෙන්නෙත් පන්සලකනේ. ඊළඟට අනියම් සම්බන්ධකම තිබිලා තියෙන්නෙත් හමුදාවෙ සෙබළෙක්ගෙ බිරිඳක් සමගයි?? (නි)

:       0       0

නුවන් සෙනෙවිරත්න Wednesday, 13 November 2013 01:15 PM

ඝාතකයින් බිහිවීම නැවැත්වීම සදහා එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට රජය වග බලා ගත යුතුයි (නි)

:       0       0

ශාන්ති Tuesday, 12 November 2013 07:49 PM

මගෙත් අදහස මරණ දඩුවම කියාත්මක කිරීම. එහෙම වුණොත් මේ අපරාධ ගොඩක් දුරට අඩුවෙව් (නි)

:       0       0

අජිත් Monday, 11 November 2013 07:04 PM

මට නම් ලියන්න කිසිම අදහසක් එන්නේ නැහැ. කියන්න තියෙන්නේ මුන්ව එල්ලලා තියන්න කියලා තමයි. (නි)

:       0       0

මාගලී Sunday, 10 November 2013 05:20 PM

මේවට කාගෙ අදහස්ද? අනේ මන්දා ලංකාව සුන්දර රට. පිටරට යන්න එපා. ඉන්න ලංකාවේ. නිදහස්, බෞද්ධ රට, කාරුණික සිංහල මිනිස්සු කියන අය ලියන්නකො මොනවා හරි. (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ. දිසානායක Wednesday, 13 November 2013 09:09 AM

හැමෝටම හොඳ පාඩම් ..කොහෙවත් යන නොවැදගත් මිනිස්සු සමඟ යහළුකම් හොඳ නැහැ. විශේෂයෙන්ම තරුණ දුවරු තරුණ බිරින්දෑවරු සිටින පිරිමි කල්පනාවෙන් යුතුව යහළුවන් කියාගන්න පුද්ගලයන් ගෙට වැද්ද ගත යුතුයි. මම ඔබට එක දෙයක් කියන්නම්. මගේ නිවසේ මගේ හිතවතෙකුටවත් ලගම ඥාතියෙක්වත් දුම් වැටී දල්වාගෙන හෝ බීමත්ව ගේට්ටුවෙන් ඇතුල් වීම සපුරා තහනම්.ඒ වගේ ම පැමිණෙනවා නම් ගේ කලින් දැනුම් දිය යුතුයි. ගේ දොරකඩට ඇවිල්ල කතා කෙරුවට ඔහුට යන්න වෙන්නේ හිත අමනාපයෙන් තමයි.මොකද ඒක අපිට කරදරයක් . තමන්ගේ වටපිටාව සහ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් නීතිමය රාමුවක් තම තමන් සාදාගත යුතුයි.විශේෂයෙන්ම සමාජයේ ජීවත්වන විට පුද්ගලයෙකු දුටු පමණින් මේ පුද්ගලයා මෙවැනි පුද්ගලයෙකු යයි පැවසීමට තරම් හොඳ ඉවක් තිබිය යුතුයි. (ස)

:       0       0

අමිල Saturday, 16 November 2013 12:08 PM

මේ වගේ දරුණු අපරාධ කාරයො ගියත් , කවුරුත් මුකුත් කරන්නේ නැහැ බයට , හිරෙටත් ගිහින් පන්සලේ ඉන්නවා අවගේ හොඳට ඉඳීවි (දිල්)

:       0       0

චන්දි Tuesday, 12 November 2013 09:35 AM

මේ වගේ අපරාධයක් කරන්න තරම්, මු තිරිසනේකද අනෙක මාස එක හමාරක මිත්‍රත්වක් ....?හැබැයි දැන් මේකව එලියට ආවොත් අර ලොරියේ ගිහින් මිනිහව පොලිසියට පෙන්නපු කෙනාටත්, මේ දෙයම වෙයි , 5 දෙනෙක් මරලත් තාම එකා ජිවතුන් අතරනේ (ස)

:       0       0

සිල්වා Tuesday, 12 November 2013 09:53 AM

යුද්දෙකට පස්සේස ඉන්න හමුදා සෙබළු පුනුරුත්තාපනය කිරීමට තිබ්බ ෆොන්සේකා මහතාගේ වැඩ පිළිවෙල නැවත්තුවා. ඒකේ විපාක තමයි අපි අද දකින්නේ.(නදී) .

:       0       0

අනුර Saturday, 16 November 2013 03:21 AM

ඔය කාටත් අමතක වෙලා ලොකු ලොකු දේශපාලන මිනීමරුවෝ ගැන . දෙනෝ දාහක් ඉස්සරහ මිනිමරල නිදහසේ ඉන්න අයත් ඉන්නවා. එහෙම රටක මිනිස්සු ඔහොම කරන එකට පුදුම වෙන්න ඕනේ නැ.!(නදී)

:       0       0

සීදේවි Friday, 15 November 2013 05:05 PM

මිනිසුන් මරණ හැමකෙනෙකුටම එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම ඉක්මනින් කළ යුතුය (නි)

:       0       0

දිමන්ත Tuesday, 12 November 2013 11:57 AM

ලංකාවේ මරණ දඬුවම ක්‍රියත්මක කරනවා නම් මේවා අඩු වේවි. (ස)

:       0       0

වර්ණ Thursday, 14 November 2013 05:30 PM

මේ මිනීමරුවා ආලවට්ටම් දාලා කියන ඔය කිසිම දෙයක් නිදහසට කාරණා නොවේ.හමුදාවේ ඉඳලත් විනයක් නැහැ.පන්සලක ඉඳලත් හැදිලා නැහැ. මේකා හදන්න පුළුවන් තැන එල්ලුම්ගහ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 299 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 47 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 111 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 223 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 231 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 898 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 516 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 293 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site