අනුරාධපුර නගරය භීතියෙන් මුසපත් කළ වන අලියා පැය හයක අති දුෂ්කර මෙහෙයුමකින් පසු අල්ලා ඇත් අතුරු සෙවණ වෙත ගෙනයාමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ.
පසුගිය 26 අලූයම පහයි තිහට පමණ අනුරාධපුර බසවක්කුලම ප‍්‍රදේශයෙන් පැමිණ ජනාධිපති මන්දිරය අසලින් පැරණි පූජා නගරයේ මහමෙවුනා උයනට ඇතුළුවී ඉන් අනතුරුව පූජා නගරයේ මංමාවත්වල සැරිසරමින් කලහකාරී ලෙස මෙම වන අලියා හැසිරුණි. ජය ශ‍්‍රී මහා බෝධිය ප‍්‍රධාන පිවිසුම් දොරටුව ආසන්නයේ දිවෙන ඇල්ලකට්ටුව මාර්ගයේ දී වන අලියා එල්ල කළ ප‍්‍රහාරයෙන් උදෑසන ආහාර නිවසට රැුගෙන ඒමට යමින් සිටි පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙකු වන අංක 173, ඇල්ලකට්ටුව පාර, මිහිඳුපුර පදිංචි අංගම්පේඩිගේ ගුණදාස (65) තිදරු පියා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.
ඉන් අනතුරුව මුහුණ සේදීම සඳහා නිවස පිටුපස ඇළට යමින් සිටි, ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ අබියස හේවිසි වැයීමේ හා ආවතේව කටයුතුවල නිරතව සිටි ඇල්ලකට්ටුව පාර, මිහිඳුපුර පදිංචිව සිටි බලි කියනගේ සන්දරනා (67) අටදරු පියා වන අලියා පහර දී තිබූ අතර බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු ද ජීවිතක්ෂයට පත්විය.
ඉන් පසුව මිහිඳුපුර වෙල්යාය ඔස්සේ ගමන් කළ වන අලියා මල්වතු ඔයෙන් එගොඩවී ඒ අසල ඇති පෙර පාසලක් මැදින් ජයන්ති මාවතට පිවිසී යුද හමුදා රෝහල අසලින් දුම්රිය නිවාස දෙසට ගමන් කළේය. ඒ අතරතුරදී දුම්රිය නිවාස කිහිපයකට පහරදී සුළු හානි සිදු කර යතුරු පැදියකට ද හානිකර තිබුණි. නැවත ජයන්ති මාවත ඔස්සේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය දෙසට දිව ආ වන අලියාට එම ප‍්‍රදේශයට පැමිණීමට ඉඩ නොදෙමින් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී එච්. සමුද්‍රජීව මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ස්වයංක‍්‍රීය ගිනි අවිවලින් අහසට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර වන අලියාගේ ගමන අඩාළ කළේය.
නැවතත් වන අලියා පෙර පාසල් භුමියෙන්ම මල්වතු ඔය හරහා මිහිඳුපුර වෙල්යාය දෙසට ගමන් කළේය. මෙම සිද්ධිය වන අවස්ථාවේ පෙරපාසලේ දරුවන් විශාල ප‍්‍රමාණයක් එහි සිට ඇති අතර පාලිකාව මෙම සිද්ධිය දැන ගැනීම නිසා දරුවන් පෙර පාසලේ ඉහළ මාලයට රැුගෙන යාමට කටයුතු කර තිබුණි. එම හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකී ගියේය.
උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි මහතා කලබලය ඇති වූ ප‍්‍රදේශයට පැමිණ සුදුසු ක‍්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දුන් අතර අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී සමුද්‍රජීව හෙට්ටිආරච්චි මහතා ජයන්ති මාවත ආසන්නයේ පිහිටි ප‍්‍රධාන විද්‍යාල පහේ ප‍්‍රධාන පිවිසුම් හරස්කොට බස් රථ නැවත්වීමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ. පාසල්වලින් පිටතට පැමිණීමට කිසිවෙකුට ඉඩ නොදුන් අතර කුලප්පු වූ වන අලියා පාසල්වලට කඩා වැදීමට සහ අනුරාධපුර නගරයට ඇතුළුවීමට ඉඩ තිබූ හෙයින් සියළුම පාසල් ඉදිරිපිට සහ නගරයට ඇතුළුවන ස්ථානයන් හි ගිනි අවි සහිතව පොලිස් නිලධාරින් යෙදවීමටද සහකාර පොලිස් අධිකාරිවරයා කටයුතු කළේය.
”පූජා නගරයට වන අලියකු කඩා වැදී මිනිසුන් මරා දමා රථ වාහන හා නිවාසවලට පහර දී ඇතැයි” යන කට කථාව නගරය පුරා ආරංචි වීමත් සමඟ නගරවාසීන් විශාල පිරිසක් සිද්ධිය නැරඹීමට මිහිඳුපුරට පැමිණි නිසා ජයන්ති මාවත දෙසට පිවිසීමට නොහැකි වන අයුරින් මාර්ග බාධක යොදා මාර්ගය වසා දැමීමට අනුරාධපුර පොලිසියේ රථවාහන අංශය පියවර ගනු ලැබීය. ඊට අමතරව ශ‍්‍රී මහා බෝධිය ඇතුළු පැරණි පූජා නගරයට පිවිසෙන සියලූම මාර්ග වසා දැමීමටත්, උදෑසන පුද පූජා පැවැත්වීමට ශ‍්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑයට පැමිණි බැතිමතුන් ආරක්ෂක ස්ථාන කරා ගෙන යාමට උඩමලූව පොලීසිය සහ රුවන්වැලි සෑ පොලිස් මුරපොළේ නිලධාරිහු කටයුතු කළහ.
ජයන්ති මාවත, මිහිඳුපුර, ඇල්ලකට්ටුව, ශ‍්‍රී මහ බෝධි මාවත, සිංහ කණුව, අඟුරු මඩුව ප‍්‍රදේශ දෙසට කිසිදු පුද්ගලයෙකුට නොපැමිණෙන ලෙස දන්වමින් අනුරාධපුර මහ නගර සභාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරිහු ශබ්ද විකාශන යන්ත‍්‍ර යොදාගෙන නගර වාසීන් දැනුවත් කළහ. අලූයම සිට ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු වන අලියා මෙල්ල කර ගැනීමට නොහැකිවුවහොත් ස්වයංක‍්‍රීය ගිනි අවි යොදාගෙන වෙඩි තබා වන අලියා මරාදමන ලෙස ආරක්ෂක අංශ නිලධාරීන්ට අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම්වරයා විසින් නියෝග ලබා දී තිබුණි. ඒ අනුරාධපුර නගරයේ ජනතාවගේ ආරක්ෂාව පිණිසය.
එහෙත් වන අලියාගේ ජීවිතය බේරාගෙන නගරවාසීන්ගේ ජීවිත හා දේපල ද බේරාගැනීමට වනජීවී නිලධාරීන් දැඩි ප‍්‍රයත්නයට නිරත වූ අතර ඒ සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීහු හා 212 වැනි බළසේනාවේ නිලධාරීහු සහයෝගය ලබා දුන්හ. පසුව දහවල් 10.40ට පමණ වන ජිවී නිලධාරීන් මල්වතු ඔය තරණය කර කැලෑවේ සැඟව සිටි වන අලියාට නිර්වින්දන ඖෂධ ශරීර ගත කර මෙල්ලකර ගස් බඳිණු ලැබීය.
වන අලියා රැුගෙන යාම සඳහා භාවිත කරන ලොරි රථ වන අලියා නිර්වින්දනය කළ ස්ථානයට ගෙන ඒම අසීරු කටයුත්තක්ව තිබුණි. වන අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීමෙන් අනතුරුව වසා දමා තිබූ සියලූම මාර්ග විවෘත කිරීමට අනුරාධපුර මූලස්ථාන පොලීසියේ රථ වාහන අංශය කටයුතු කළේය.
26 වැනිදා රාත‍්‍රියේ සිහිමුර්ජාව සිටි වන අලියාට නැවත සිහි පැමිණි පසු මිහිදුපුර වෙල් යායේ සිට මල්වතු ඔයේ දකුණු ඉවුර තරණයකර වලිසිංහ හරිස්චන්ද්‍ර පිටිය වෙත මෙම බිහිසුණු අලියා රැුගෙන ඒමේ මෙහෙයුම 27 වැනිදා උදෑසන ආරම්භ විය.
වන අලියා එම ස්ථානයෙන් පිටතට ගැනීම වන ජිවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මහත් අභියෝගයක් විය. එහෙත් එම අභියෝගයට එඩිතරව මුහුණදුන් වයඹ කලාපීය බාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ, ඌව මධ්‍යම කලාපීය බාර පශු වෛද්‍ය ඩබ්. ධර්මතිලක යන මහත්වරුන් ඇතුළු වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ දැවැන්ත මෙහෙයුමෙන් ඔයේ එහා මෙහා පීනමින් මල්වතු ඔයේ වම් ඉවුරේ පිහිටි මිහිඳුපුර වෙල්යායේ සිට වන අලියාට කිසිදු පීඩාවක් නොවන අයුරින් මල්වතු ඔය ඉවුරේ පිහිටි මිහිඳුපුර වෙල්යාය පිටුපස කැලෑවෙන් ඔයට බස්සවා ගැනීමට සමත්විය. වන අලියාව දකුණු ඉවුර දෙසට රැුගෙන පැමිණියහ. බැකෝ යන්ත‍්‍ර සහ ජේ.සී.බී. යන්ත‍්‍ර උපයෝගී කරගෙන මල්වතු ඔයේ ඉවුරෙන් විශාල මාර්ගයක් සකසා වන අලියාව හරිශ්චන්ද්‍ර උද්‍යානය වෙත ගෙන එනු ලැබීය.
වන අලියා අනුරාධපුර නගරයට කඩා වැදුණු අවස්ථාවේ සිට අවසාන අවස්ථාව දක්වා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකළ එම මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා අනුරාධපුර පොලීසියේ සහකාර පොලිස් අධිකාරී සමුද්‍රජීව හෙට්ටිආරච්චි මහතා ඇතුළු සෙසු නිලධාරීන්ගේ නොමඳ සහයක් ලැබුණි.
සිදුකළ මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ වනජීවී දෙපාර්තමේන්තුවේ වයඹ කලාපීය බාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා මෙසේ පැවසීය.
”ඉතිහාසයේ පළමුවැනි වරටයි වන අලියෙකු ට‍්‍රෑම්ප් රථයට නංවාගැනීම සඳහා මෙවැනි දැවැන්ත මෙහෙයුමක් සිදු කළේ. මෙය ත‍්‍රාසජනක සහ අතිදුෂ්කර කාර්යයක් බවට පත්වුණා. වන අලියාව මල්වතු ඔයෙන් එගොඩට ගෙන එද්දී අලියාගේ ජීවිතය පිළිබඳවත් මෙහෙයුමට සහභාගී වූ නිලධාරීන්ගේත් ආරක්ෂාව පිළිබඳව දැඩිලෙස සැලකිලිමත් වීමට සිදු වුණා.”
”නිලධාරින්ට වන අලියා හරිශ්චන්ද්‍ර උද්‍යානයට ගෙන ඒමට පමණක් පැය හතරහමාරක කාලයක් ගත වුණා. අප වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක නිරතව සිටියදීත් ජනතාවගේ ආරක්ෂාව සඳහා මෙම මෙහෙයුම දියත් කළා” යැයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව
ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අනුරපුර හෙල්ලූ දැවැන්තයා ඇල්ලූ හැටි