IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අනුලා බිසව හිටියේ බුදුන් වහන්සේගේ කාලයෙ කියලා කීවේ ඇයි ?

ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අතර, එහිදී පරාජයට පත්වූ රංගන ශිල්පිනියන් දෙස බැලීමේදී දැනට වඩා ජනතාව ගැන සිතිය යුතු aththada-me-kathaබව අවබෝධ කරගෙන සිටින්නේයැයි ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ඉරිදා ලංකාදීපය සමග පැවති සාකච්ඡුාවකදී ප‍්‍රකාශ කළාය. ඇය සමග පැවැත්වූ සාකච්ඡාව මෙසේය.

 

01 කොහොමද දේශපාලන කටයුතු?
Upeksha-Swarnamaliවරදක් නැහැ. කාර්යබහුලය. විමධ්‍යගත ප‍්‍රතිපාදන වෙන් කෙරුණේ මේ ළඟදී. ඒ වැඩ කටයුතු කෙරෙනවා. වත්තල සංවර්ධන කමිටුවේ සභාපති මම. ඊට අමතරව මගේ නමින් පිහිටුවා තිබෙන පදනමේ කටයුතුත් සාර්ථකව කෙරෙනවා.

 


01 ඔබේ නමින් පිහිටුවා ඇති පදනමෙන් කරන සේවය කුමක්ද?
 පහේ ශිෂ්‍යත්වයට ඉදිරිපත්වන දරු දැරියන්ට නොමිලයේ පාඨමාලා පවත්වනවා. භාෂා පන්ති පවත්වනවා. ස්වයං රැකියාවල යෙදී සිටින කාන්තාවන්ට වෙළෙඳ පළාත් පිහිටුවා ව්‍යාපාරිකයන්ගේ සහාය නොමිලේ ඇස් කණ්නාඩි ගැබිනි මවුවරුන්ට පෝෂණ මල්ලක් සමග අවබෝධාත්මක වැඩසටහන් කරනවා. වෛද්‍ය උපදෙස් දෙනවා.

 


01 ඔබ එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත්වී දැන් රජයට එක්වී සිටිනවා. අද රජය දුෂණය, වංචාව පිළිබඳව චෝදනා ලබනවා.
මෙතෙක් පැවැති සෑම රජයක්ම ගැන ජනතාව සියයට සීයක් තෘප්තිමත් වෙලා නැති බව මගේ හැඟීමයි. සියට සීයක් ජනතාව තෘප්තිමත් කළ රජයක් මේ ලෝකෙ කොහේවත් තිබිල නැහැ. අනාගතයේදී බලාපොරොත්තු වෙන්නත් බැහැ. වර්තමාන රජයට ඇතැම් ජනතාව දොස් පවරන්නෙ පදනමක් ඇතුවද කියන ගැටලූවත් තියෙනවා. අඩුපාඩු තියෙන්න පුළුවන්. වෙනත් කාලවකවානු එක්ක සංසන්දනය කර බැලූවම විශාල සංවර්ධනයක් රටට ලබාදී තිබෙනවා.
ඒ සංවර්ධනය සෑම අංශයකින්ම දක්නට ලැබෙනවා. වසර 30ක යුද්ධයක් අවසන් කරල තියෙනවා. රජයට මැජික් කරල පෙන්වන්න බැහැ. හැම රජයක්ම පාහේ රටට දායක කළ දේවල් තිබුණා. ඒ වගේම ජනතාවගෙන් කොටසකට නොගැළපෙන දේවල් සිදු වෙලත් තියෙනවා.


upeksha-kalina-03


01 මීළඟ ඡන්දයකට ඉදිරිපත්වීමට ඔබ බලාපොරොත්තු වෙනවද?
අනිවාර්යයෙන්ම

 


01 අනුලා බිසව සිටියේ බුදුන් වහන්සේගේ කාලයේ බවට ඔබ ප‍්‍රකාශය කර තිබුණා.
එහෙම දෙයක් නම් මා කියලා නැහැ. මම කිව්වේ ප‍්‍රථම රැජින බිහිවුණේ ලංකාවෙන් කියලයි. ඒ 47 බුද්ධ වර්ෂ කාලයේදී කියලයි. මා කිව්වෙ ඒක. කොහෙන් පටලවා ගෙන ලිව්වද මා දන්නෙ නැහැ. මට  ඕවා හොය හොයා ඉන්න වෙලාවකුත් නැහැ. ඔය වගේ දෙයක් නොකිව් බව මා දන්නවා.
ඒ අහගෙන හිටි පිරිසක් දන්නවා. මා එදා කියන්න උත්සාහ කළේ අපේ රටේ කාන්තාවෝ බලසම්පන්න තැන්වල ඉඳලා තියෙනවා. අද දේශපාලනයේ යෙදී සිටින කාන්තාවන් සංඛ්‍යාව සියයට 5කටත් අඩුයි කියලයි මා කිව්වෙ. මගේ සිංහල ටිකක් දුර්වලයි. ඒක ඇත්ත. වැරැුද්දක් හොයා ගන්න බැරි වෙලාවට මොකක් හරි හොයා ගන්නවා. ඒක තමයි මට කියන්න තියෙන්නෙ.

 


01 ඔබ ඉගෙනුම ලැබුවේ කොහේද?
ක්වේට්වල.
 

upeksha-kalina-04


01  ලංකාවේ පාසලකට ගියේ නැද්ද?
ක්වෙට් යුද්ධය කාලෙ මාස 6ක් රෝයල් ඉන්ස්ටිටියුට් එකට ගියා. නැවත ආපසු ක්වේට් ගියා.

 


01 ඔබ ඉතිහාසය විෂයක් වශයෙන් හදාරල තියෙනවද?
නැහැ. නමුත් පොත පතින්, කථාබහෙන් මට එක්රැස්වූ තොරතුරු තියෙනවා.

 


01 ශ්‍රී ලංකාවේ නම ගිය කාන්තාවන් ගැන ඔබ තොරතුරු රැස් කරල තියෙනවද?
එහෙම විශේෂ තොරතුරු රැස් කිරීමක් නැහැ. නමුත් ඉතිහාසය පුරා රටේ නමක් දිනාගත් කාන්තාවන් ගැන විශේෂ අවධානයක් තියෙනවා. ඒ මාත් කාන්තාවක් නිසා.

 


01 ඔබ ඇමැතිකමක් බලාපොරොත්තුව ඉන්නවද?
නැහැ. ඔය මහ ලොකු බලාපොරොත්තු මට නැහැ. ඡන්දයට ඉදිරිපත් වෙන්නෙ දිනනවා කියලා බලාපොරොත්තුවෙන්. ඡුන්දය තියෙන්නෙ ජනතාව අතේ. අමාත්‍යධූරත් අප අතේ නැහැ. බලහත්කාරයෙන්, මැරකමින්. ඡුන්ද ගන්නවලූ, ඇත්තද බොරුද දන්නෙ නැහැ. මට ඒවා අදාළ නැහැ. මා පාර්ලිමේන්තුවෙ ඉන්න පොඩිම මන්ත‍්‍රීවරිය. ඇමැතිකම තීරණය කරන්නෙ ජනාධිපතිතුමා. වගකීමක් පැවරුවොත් ඒක උපරිම යහපත් ලෙස කරනවා. අධීක්ෂණ ඇමැතිකමක් දුන්නත් මම සතුටින් වැඩ කරනවා. ඇමැතිකම් බලාපොරොත්තුවෙන් නම් දේශපාලනය කරන්නෙ නැහැ.

 


01 ඔබ එක්සත් ජාතික පක්ෂයේ ඉඳල රජයට එකතුවූ මන්ත‍්‍රීවරියක්. ජනාධිපතිවරයාගෙන් ඔබේ දේශපාලන කටයුතුවලට ලැබෙන සහය කොහොමද?
ජනාධිපතිතුමා තරම් ජනතා හිතවාදී නායකයෙක් මා දැකල නැහැ. එතුමා විශාල කාර්යභාරයක් කරන කෙනෙක්. වගකීම් පවරල දීල තියෙනවා. අපට ඒ අයත් එක්ක අපේ ප‍්‍රශ්න විසඳා ගන්න පුළුවන්.

 


01 සමහර අවස්ථා තියෙනවා, ජනාධිපතිවරයා එක්කම කතා කර විසඳගන්න වෙන.
එහෙම, අවස්ථාවක මා ජනාධිපතිතුමා එක්ක කතා කළා. එතුමා ඒක විසඳලා දුන්නා.

 


01  මොකක්ද ඒ ප‍්‍රශ්නය?
ඒක අපේ රාජකාරියට අදාළ ප‍්‍රශ්නයක්. තවත් දෙකක් කියන්න  ඕනෑ. අවසාන අයවැයේදී ඉදිරිපත් කළ යෝජනා තුනෙන්. දෙකක් සම්මත වුණා. මම පුදුම වුණා. මම යෝජනා සඳහන් කළ කොළේවත් එතුමා කියවයි කියල මා හිතුවෙ නැහැ. ඒ රැුස්වීමේ හිටිය මන්ත‍්‍රීවරු හැමෝම ප‍්‍රශ්න ඉදිරිපත් කළා. සමහරු ප‍්‍රශ්න දහය දොළහ ඉදිරිපත් කළා. එවැනි වෙලාවක මා වගේ කෙනෙක් ඉදිරිපත් කළ යෝජනා පිළිගන්න කියන එකම මදිද?


upeksha-kalina-02


01 ඔබට මන්ත‍්‍රී ආසනයක් තියෙනවද?
මන්ත‍්‍රී ආසනයක් දීල නැහැ. නමුත් වත්තල සංවර්ධන කමිටුවෙ සභාපති හැටියට ඉන්නවා. වත්තල සංවිධායක නීල් රූපසිංහ මහත්තය. මම ඉල්ලීමකුත් කළා.

 


01 ඔබ ඉල්ලූවෙ කොහේද?
ගම්පහ දිස්ත‍්‍රික්ක ආසනයක් ඉල්ලූවා. ප‍්‍රදේශයක් සඳහන් කළේ නැහැ. ආසන සංවිධායකවරයකුට ලොකු ප‍්‍රතිපාදනයක් ලැබෙනවා. මට ලැබෙන්නෙ මන්ත‍්‍රීවරයකුට ලැබෙන ලක්ෂ 50 විතරයි. ඒක මුළු දිස්ත‍්‍රික්කයට මදි.

 


01 ආසනයක් නොමැතිවීම ඔබට ගැටලූවක්ද?
දේශපාලනයට නවකයෙක් විදියට එක පැත්තකින් මේ නිදහසත් හොඳයි. ආසන 13 ම වැඩ කරගෙන යනවා. හොඳ නරක දෙකම තියෙනවා. ආසනයක් තියෙනවා නම් ස්ථිර ඡුන්ද පදනමක් ගොඩනගා ගැනීමේ ලොකු පහසුවක් තියෙනවා. අනිත් පැත්තෙන් ආසන 13ම සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්. දිස්ත‍්‍රික්කයෙම සම්බන්ධකම් ගොඩ නැගිල.

 


01 ඔබ ගියවර වැඩිම මනාප ගත්තෙ දේශපාලන චරිතයක් ලෙස නොවෙයි.
අනිවාර්යයෙන්ම ඔව්.

 


01 මෙවර ඔබට ලොකු අභියෝගයක් තියෙනවද?
ඔව්. අනර්කලී මන්ත‍්‍රීතුමියට වූ දේ මට ඉතාම පුදුමයි. හිතුවෙ නැහැ. ඇයගෙ මැතිවරණ කටයුතු හොඳට තිබුණා. ජනප‍්‍රිය චරිතයකට එහෙම වුණාම අපටත් ඒ ගැන හිතන්න වෙනවා. තවත් රංගන ශිල්පීන්ට සිදු වූ දේත් දැක්කා. දිනපු අයත් ඉන්නවා. රොජජ් සෙනවිරත්න වගේ අය දිනුවා.


upeksha-kalina-01


01 නිළියන් පැරදුනා. ගීතා හැර ඔබට ඔබ ගැන බියක් ඇතිවෙනවද?
බියක් නොවෙයි. නමුත් හිතන්න දේවල් තියෙනවා. ජනතාවගේ පැත්තෙන් සාමාන්‍යයෙන් හිතෙන දේට වඩා යමක් හිතන්න වෙනවා. ජනතාවට අවශ්‍ය දේ අඳුරගන්න වෙනවා. ඒ අවශ්‍යතාව හඳුනා ගැනීම ලේසි නැහැ. ඒත් උත්සාහ දැරිය යුතු වෙනවා.

 


01 ඔබ ප‍්‍රශ්න හඳුනාගෙන තියෙනවද?
සියයට සියයක්ම ජනතා ප‍්‍රශ්න හඳුනාගත්ත කියන්න බැහැ. හැමෝම එක ගොඩකට දාන්නත් බැහැ. නමුත් මා කරන සේවය ජනතාවට අවශ්‍ය දේ හඳුනාගෙන කියලයි මා හිතන්නෙ. හැබැයි ඒක සාර්ථකද කියන එක තීරණය වෙන්නෙ මැතිවරණකයදීම තමයි.

 

KALINA_futer_03



අදහස් (0)

අනුලා බිසව හිටියේ බුදුන් වහන්සේගේ කාලයෙ කියලා කීවේ ඇයි ?

පෙරේා Sunday, 10 August 2014 01:58 PM

දේශපාලනය කරන්න ඉහටත් උඩින් මේ දැනුම ඇති. ලංකාවට වාසනාවන්. (නදී)

:       0       0

සම්පත් Tuesday, 12 August 2014 07:15 PM

සිංහල බැරි මොකද දන්නෙ නැහැ (නි)

:       0       0

අමීර Tuesday, 12 August 2014 07:17 PM

අපේ අනාගත පරම්පරාවට මොනවා වෙයිද? කවදාද මිනිසුන්ට මොළය පෑදෙන්නේ? (නි)

:       0       0

අජිත් Sunday, 10 August 2014 02:13 PM

අනේ ඔන්න ඔයා අර පරණ රගපෑම කරගෙන ඉන්න අනේ නොදන්නා දේවල් කරන්න යන්නේ නැතිව. (නදී)

:       0       0

දිලුක් Wednesday, 06 August 2014 11:38 AM

බයවෙන්න එපා. රටේ බහුතරය පිස්සු නටනකම් ඔයාලා දිනුම්!! ඒත් කට පරෙස්සමින් නගා. (නි)

:       0       0

සමීර Wednesday, 06 August 2014 11:39 AM

දන්නා දේවල් වැඩියි වගේ කියලා මටත් හිතෙනවා (නි)

:       0       0

නීල් Tuesday, 12 August 2014 08:28 PM

ඇයගේ පාලන කාලය තුළ සිදු වූ සිද්ධීන් සළකා බැලීමේදී අනුලා දේවිය එතරම් වැදගත් චරිතයක් ලෙස මට නම් නොපෙනේ. ඇයගේ පාලන කාලය, දුටුගැමුණු රජුගේ ජයග්‍රහණ වලින් පසු රජරට රාජධානියේ දියුණු නොවූ යුගයක් ලෙසිනුයි මට නම් පෙනෙන්නේ (නි)

:       0       0

කෝලිත Friday, 08 August 2014 06:13 AM

ලංකාවේ මී හරක් ඉන්නකම් පබා දිනනවා (නදී)

:       0       0

අමර Friday, 08 August 2014 03:10 PM

ඔබගේ ජීවිතය තව තවත් අරුත්ඵල වේවායි සෙත් පතමි (නි)

:       0       0

පතිරණ Monday, 11 August 2014 05:46 AM

සත්‍ය මහත්මයා, අනුලා දේවිය වීරවරියක් හැටියට සලකන්නේ නැහැ . (දී)

:       0       0

ස්ටැන්ලි Wednesday, 13 August 2014 01:42 AM

මේ යන හැටියට ඉස්සරහට තව කවුරු කවුරු ඉදිරිපත් වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

බුද්ධිකා Wednesday, 06 August 2014 01:24 PM

දේශපාලන වේදිකා වල කොච්චර කිව්වත් ජනතාව බුද්ධිමත් කියලා... ඕන කෙනෙකුට තේරෙනවා ලංකාවේ අය බත් පැකට් එකට ඕන ජරා වැඩක් කරන අය කියල... (ස)

:       0       0

ටෝනි Thursday, 07 August 2014 07:35 PM

මොනවා වුණත් ඔබ කාලයක් ජනතා ප්‍රසාදය ඉහළින්ම දිනාගෙන සිටියා (නි)

:       0       0

ලෙස්ලි Thursday, 07 August 2014 07:35 PM

ගම්පහ අය ඔබට මනාප දුන්නේ කුමක් නිසාද කියලා මට තවම තේරුම් ගන්න අමාරුයි (නි)

:       0       0

රොහාන් සෞදි Saturday, 09 August 2014 11:05 AM

ඔයාට දේශපාලනය සුදුසු නැහැ (දී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 12 August 2014 12:50 PM

සියල්ල දත්එක්කෙනයි මේ ලෝකෙ හිටියෙ . ඒ සම්මාසම්බුදුරජාණන් වහන්සේ.අනිත් මිනිස්සු සේරම දන්නේ තමන් වැඩ කරන ක්ෂේස්ත්‍රයට අදාල දේවල් විතරයි. (අ)

:       0       0

උදේනි Thursday, 07 August 2014 04:08 AM

ඉතිහාසය විෂය තව ප්‍රවර්ධනය කරන්න ලංකාවේ (දී)

:       0       0

සරත් බණ්ඩාර Thursday, 07 August 2014 04:09 AM

ඔබ ලංකාවේ ඉගෙන ගෙන නැතිවත් ටිකක් හෝ දන්නවා ලංකාවේම ඉගෙන ගත්තු සමහරු ඔය ටිකවත් දන්නේ නැහැ (දී)

:       0       0

රණතුංග Thursday, 07 August 2014 04:09 AM

පරිනත දේශපාලකයෙක් වෙන්න කියල සුභ පතනවා (දී)

:       0       0

තිලක් Thursday, 07 August 2014 04:09 AM

ඇත්ත කියපු එක ගැන සතුටුයි (දී)

:       0       0

රත්න Thursday, 07 August 2014 04:07 AM

චන්ද දායකයෝ තමයි මේ වග කියන්න ඕනේ (දී)

:       0       0

සෙනරත් Thursday, 07 August 2014 04:07 AM

දේශපාලනය ගැන කලකිරෙනවා (දී)

:       0       0

h.m.d.හේවගේ Tuesday, 12 August 2014 01:12 PM

මේ පාර ඡන්දෙදි මිනිස්සු පෙන්නයි ඔය වගේ අය ඉන්න ඕන තැන.

:       0       0

හේවාවිතාරණ Saturday, 09 August 2014 12:00 PM

අරාබි බාෂාව නම් හොඳට කතා කරන්න පුළුවන් ඇති /කුවේට් වලම දේශපාලනය කරන්න තිබුනනේ (දී)

:       0       0

හේවාවිතාරණ Saturday, 09 August 2014 12:06 PM

මේ ලඟදි මට එංගලන්තයේ අවුරුදු තුනක් ඉඳල අපු එක්කෙනෙක් මුණ ගැසුන එයා කොස් ගහක් පෙන්නලා මගෙන් අහනවා මේක කොස් ගහක්ද කියල අනේ අනිච්චන් මෙහෙමත් සිංහලයෝ (දී)

:       0       0

නාලක Thursday, 07 August 2014 11:12 AM

මටත් හිතා ගන්න බැහැ (දී)

:       0       0

හේවාවිතාරණ Sunday, 10 August 2014 07:40 PM

මොන භාෂාවද හොඳට කතා කරන්න පුළුවන්?අපිටත් කියලා දෙන්නකෝ (නි)

:       0       0

දයාරත්න Wednesday, 06 August 2014 08:16 AM

දේශපාලනයට නවකයෙක් නිසා හොදට ගියා (දී)

:       0       0

මොහාන් Tuesday, 12 August 2014 02:04 PM

ඔබ වාසනාවන්තයි අඩු වයසින් පාර්ලිමේන්තු යන්න ලැබීම නිසා.(අ)

:       0       0

සුමේධා Monday, 11 August 2014 07:57 AM

පරිස්සමට කතා කරන්න මින් පසු (දී)

:       0       0

රවින්ද්‍ර Wednesday, 06 August 2014 08:51 AM

මේවා පත්තරේ දානවද අම්මපා (දී)

:       0       0

සාගර Friday, 15 August 2014 06:29 AM

මම මෙයාට බනින්නේ නැහැ , මොකද ඡන්දෙ දීපු මැට්ටෝ ලක්ෂ ගානක් ඉන්න නිසා, එ්ත් දැන් එකෙක්වත් බෙහෙතකට හොයාගන්න බැහැ (නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 10 August 2014 09:50 AM

එහෙනම් ඉංග්‍රීසි ව්‍යක්තව හැදිරවීමට හැකියාවක් ඇති. අපි නම් එය නොදුටුවෙමු (නදී)

:       0       0

උපුල් Wednesday, 06 August 2014 04:11 PM

ඔබට සැබෑ දේශපාලකයෙකු වීමට සුදුසුකම් නැති බව ඇත්ත. එනමුත් ඔබට සමාන බොහෝ අය පාර්ලිමේන්තුවේ ඉන්නවා. අපේ මිනිස්සු ඒ අය කරන ඕනෑම ගොං කමකට කට පියාගෙන ඉඳලා, ඔබ වගේ කාන්තාවන්ට හිනාවෙනවා. (අ)

:       0       0

නැනී Saturday, 09 August 2014 01:08 AM

ඇසට දසුනක් විය එදා ඔබ ..... නෙතට කඳුලක් වී මෙදා... මේ..... තරම් අප පාරවන්නේ ... අපෙන් වරදක් උනිද මන්දා ? (නදී)

:       0       0

දේදුනු Friday, 08 August 2014 10:25 AM

පිටරට ඉගෙනගත් අයගෙන් රටට වැඩක් නැහැ. එයා කුවෙට් වලින් රැකියාවක් ඉල්ලාගන්න ඕනේ. (නදී)

:       0       0

මිතිලා Monday, 11 August 2014 08:45 AM

මෙයාට ඡන්දෙ දුන්නු කෙනෙක් මම. එහෙම කියන්නත් දැන්නම් කැමති නැහැ. ඒ කාලේ හැම නළු නිලියෙක්ම මහින්දගේ පැත්ත ගනිද්දී සරත් ෆොන්සේකා වෙනුවෙන් බය නැතුව කතා කරපු නිසා අපි දන්නා දන්නා කෙනාට මෙයාට කතිරය ගහන්න කියල දන්නා හැමෝටම ,යාළුවන්ට, නෑයන්ට කිව්වා. මෙයා ඇස් දෙකට දැකලවත් නැතුව ඡන්ද දාහක් විතර අරන් දුන්නා (නදී) naha

:       0       0

අර්ජුන රණවන Tuesday, 12 August 2014 07:00 AM

නොදන්නේ සිංහල වුණාට දන්නා සිංහලෙන් කරන දේ ගැන ප්‍රවේශම් වියයුතුයි (නි)

:       0       0

සත්‍යයා Monday, 11 August 2014 02:23 AM

අනුලා දේවිය වීරවරියක් වෙන්න පුළුවන්. නමුත් විහාරමහා දේවිය ලංකා ඉතිහාසයට විතරක් නොවෙයි ලෝක ඉතිහාසයටත් එක් වූ ශ්‍රේෂ්ඨ කාන්තාවක්. (නි)

:       0       0

සත්‍යයා Monday, 11 August 2014 06:10 PM

අනුලා දේවිය උපේක්ෂාට වීරවරියක් (නි)

:       0       0

සනත් Sunday, 17 August 2014 07:29 PM

ගම්පහ ඉන්නේ මොන වගේ අයද කියලා මේ පාර බලන්න පුළුවන් (නි)

:       0       0

සත්‍යයා Monday, 11 August 2014 06:15 PM

අනුලා දේවිය නැති අඩුපාඩුව පිරිමහන්න පුළුවන් එකම එක්කෙනා කව්ද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

සහන් Wednesday, 06 August 2014 09:48 AM

නොදන්නා කම තමයි වෙන මොකද්ද (දී)

:       0       0

සේන Sunday, 10 August 2014 11:11 AM

සිංහල, බුද්දාගම, ඉතිහාසය, දේශපාලනය, ආදී මොනම දෙයක්වත් දන්නේ නැහැ කිව්වා නම් හරිනේ නංගියේ. (නදී)

:       0       0

ප්‍රියන්ත Saturday, 09 August 2014 03:45 AM

රට යන්නේ පල්ලමටම.(අ)

:       0       0

බුද්ධික Saturday, 09 August 2014 04:25 PM

මේ වගේ රට ගැන කිසිත් නොදන්නා උදවියට ඡන්දය දෙන ඡන්ද දායකයන් අල්ලලා සෞදි නීතිය දෙන්න ඕන...(අ)

:       0       0

රෝහණ Sunday, 10 August 2014 05:14 AM

ඕක ආඩම්බරයෙන් කියන්නේ ඇයි? අඩුපාඩු පිළිගැනීමක් නම් වරදක් නැහැ. හැබැයි ඕක කියන්න තිබුනේ යූ.එන්.පී එකේ ඉන්නකොට. (නදී)

:       0       0

රාවණ Sunday, 10 August 2014 05:17 AM

කලින් යූ.එන්.පී එකේනේ හිටියේ. ඒ නිසාද කොහෙද උජාරුවට කියන්නේ. (නදී)

:       0       0

අචිනි Saturday, 09 August 2014 04:15 AM

මේ වගේ පබාලා උඩ යැවු කොබාලා අතගාලා බලනු අන් ඇද්ද කියාලා (නදී)

:       0       0

මලිත් Sunday, 10 August 2014 05:27 AM

ඔය සිංහල දන්නේ නෑ කියල සමහර පොෂ් කට්ටිය කියන්නේ බොරු මාන්නෙට. නැතුව සිංහල දන්නැතුව නෙමෙයි. (නදී)

:       0       0

හේමන්ත Tuesday, 12 August 2014 05:19 PM

අනේ ඇත්තට මෙහෙමත් කතා? (නි)

:       0       0

රම්සි Tuesday, 12 August 2014 05:21 PM

අනේ! මේ අපිටද කියන්නේ? (නි)

:       0       0

රම්සි Tuesday, 12 August 2014 05:25 PM

මේ වගේ අය පාර්ලිමේන්තු යවපු අයටයි මඩු වලිගයෙන් තලන්න ඕනෑ. (නි)

:       0       0

ලක්විඳු Tuesday, 12 August 2014 05:26 PM

ඉතින් අපි කොහොමද කියන්නේ මේ ඉන්නේ අපේ රටේ මන්ත්‍රීවරියක් කියලා? (නි)

:       0       0

සමන් Monday, 11 August 2014 10:32 AM

ලංකාවේ චන්දය ඉල්ලන්න සුදුසුද (දී)

:       0       0

කුමාරසිරි Tuesday, 12 August 2014 05:34 PM

මේ වගේ අය පාර්ලිමේන්තු යවනකොට අපිට ඉතිරිවෙලා තියෙන්නේ උපේක්ෂාවෙන් බලා ඉන්න විතරයි. (නි)

:       0       0

කුමාරසිරි Tuesday, 12 August 2014 05:39 PM

ඔයාගේ දියුණු මොනවාද එතකොට? (නි)

:       0       0

හේෂාන් Wednesday, 06 August 2014 08:20 PM

එදා කාගේත් ආදරය දිනාගත් පබා....? (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 07 August 2014 02:44 PM

සිංහල දුර්වල අයද සිංහලුන් ඉන්න රටේ දේශපාලනය කරන්න එන්නේ අහන්නත් ලැජ්ජයි (නදී)

:       0       0

නිහාල් ප්‍රනාන්දු Friday, 08 August 2014 04:58 AM

සිංහල දන්නේ නැහැ කියන එක සමහරුන්ට ලොකු ආඩම්බරයක් . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5027 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 696 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1267 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 112 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 199 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 266 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site