IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අපි ඇඳුම් ගැලවුවාම ඔවුන් මහ හයියෙන් හිනාවුණා


 

ඝාතනය කෙරුණු පොලිස් නිලධාරියා

 

මෑත කාලයේ සිට දිවයින පුරා අපරාධවල ශීඝ‍්‍ර වර්ධනයක් දක්නට ලැබේ. මංකොල්ල කෑම්, මිනීමැරුම් පැහැරගෙන යාම්, කප්පම් ගැනීම් සොරකම් පසුගිය දිනවල නොකඩවා වාර්තා වන්නට විය. නවීන තාක්‍ෂණයේ සීසීටීවී කැමරා මගින් කොල්ලකෑම් කෙරෙන ආකාරය රටටම වාර්තා වූයේ ජනතාවගේ සිත්සතන්වල සිය, සංත‍්‍රාසය ඇති කරවමින්ය.

පොලිසිය එම අභියෝග පසුපස හඹායද්දී අවසානයට සිදුවූයේ පොලිසියේම නිලධාරීන් දෙදෙනකුම පැහැර ගැනීමට ලක්වීමය. කිසියම් නාඳුනන අවිගත් කල්ලියක් පසුගිය අඟහරුවාදා (6) මෙසේ පැහැරගනු ලැබුවේ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ සේවයේ යෙදී සිටි කොස්තාපල්වරු දෙදෙනෙකි. මෙසේ පැහැරගන ගනු ලැබූ කොස්තාපල්වරුන් දෙදෙනා ඒ වන විට රාජකාරියේ නිරතව තිබුණේ කුරුණෑගල දඹුල්ල ප‍්‍රධාන මාර්ගයේ ගැට්ටුවාන මංසන්ධිය අසලය. ඒ වන විට වේලාව අලූයම දෙක හෝ තුන වන්නට ඇත.

දඹුල්ල මාර්ගයේ මේ මංසන්ධියේ සිට මහනුවර සහ කොළඹ ප‍්‍රධාන මාර්ගවලට පිවිසීමට ප‍්‍රධාන අතුරු මාර්ගයක් පවතින බැවින් මේ ස්ථානයේ පැය විසිහතර පුරාම රථවාහන අංශයේ නිලධාරීන් රාජකාරියෙහි යොදවා තිබේ. ඔවුන්ගේ රාත‍්‍රි වැඩ මුරය රාත‍්‍රි 10.00 සිට උදෑසන 6.00 දක්වා ක‍්‍රියාත්මකය. ඒ අනුව පසුගිය සඳුදා (7) රාත‍්‍රි රාජකාරි ආවරණයට ගිය කොස්තාපල් චන්දන සම්පත් බණ්ඩාර (43)පැහැර ගැනීමෙන් පසුව වෙඩි තබා ඝාතනය කෙරිණි. ඒ කුරුණෑගල බඩගමුව රක්ෂිතය ආශ‍්‍රිතව පිහිටි රණවන ප‍්‍රදේශයේදීය.

එහිදී දිවි බේරාගත් කොස්තාපල් අජිත් වීරසූරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.

ඝාතනය සිදුව තිබෙන ස්ථානය කුරුණෑගල සිට බුදනාපිටිය හරහා වැල්ලව දක්වා වූ මාර්ගයේ ජනාකීර්ණ ස්ථානයකි. එහි පිවිසෙන මාර්ගයේ බඩගමුව රක්ෂිතයේ ජනශූන්‍ය ස්ථාන රැුසක් හමුවන අතර ඒවා මගහැර පැමිණ මෙවැනි ජනාකීර්ණ ස්ථානයකට පැමිණ ඝාතනය කිරීම ද පොලිසියට ගැටලූවක්වී තිබේ.
කොස්තාපල්වරුන් දෙදෙනාට පහරදී ඔවුන්ගේ නිල ඇඳුම් සමග යට ඇඳුම් පවා ගලවාගන සම්පූර්ණයෙන්ම ඔවුන් නිරුවත් කොට මේ අපරාධය කර තිබෙන බවද පොලිසිය සඳහන් කරයි.

මෙම පැහැර ගැනීමට හේතුව කුමක්දැයි අනාවරණයවී නැතත් පැහැර ගැනීමට පෙර පොලිස් නිලධාරීන් සිටි ස්ථානයට රාත‍්‍රියේ තනිව පැමිණි තරුණ කාන්තාවක් පිළිබඳව ද පරීක්‍ෂණ මෙහෙවන පොලිස් කණ්ඩායම්වල අවධානය යොමුවී ඇත.

එම තරුණ කාන්තාව තනියෙන් රාත‍්‍රියේ  පාරේ යන්නේ ඇයිදැයි පොලිස් නිලධාරීන් දෙදෙනා විමසූ අවස්ථාවේදී තමන් සැමියා සමග බහින් බස්වී අමනාපව කුරුණෑගල වැව රවුමේ පිහිිටි තම මහගෙදරට යන බව ඇය පවසා ඇත. ඒ අවස්ථාවේදී පැමිණි මෝටර් රථයකට එම කාන්තාව ගොඩවී ඇති අතර මෝටර් රථය පඳවාගෙන පැමිණ ඇත්තේ එම කාන්තාවගේ සැමියා විය හැකි බව පොලිසිය සැක කරයි. පසුව පැහැර ගත් පිරිසද පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දෙමින් මෙම කාන්තාව පිළිබඳව ද ප‍්‍රශ්න කර ඇත. ‘‘තොපි දෙන්නා අර ලස්සන ගෑනිත් එක්ක ටෝක් එක දාගෙන හිටියා නේද? යනුවෙන් ඔවුන් විමසූ බව වාර්තාවේ.

මෙයින් පෙනී යන්නේ අපරාධකරුවන් පිරිස රාත‍්‍රියේ තනිව මහමග ගිය එම කාන්තාව පිළිබඳව අවධානයෙන් සිට ඇති බවය. ඇතැම් විට එම කාන්තාව පැහැර ගැනීමේ අදහසක් ඔවුන් තුළ තිබෙන්නට ඇති බවටද පොලිසිය සැකකරයි. මේ නිලධාරීන් දෙදෙනා ඊට බාධාවක් වීම ඔවුන්ගේ කෝපයට හේතු වූවා විය හැකිය.

අවිගත් කොල්ලකරුවන්ගෙන් දිවිගලවාගත් කොස්තාපල් අජිත් වීරසූරිය මහතා තමන් මුහුණ දුන් එම බිහිසුණු අත්දැකීම මෙසේ විස්තර කළේය.
”-මමයි සම්පතුයි ගැට්ටුවාන හන්දියේ රාජකාරියට ගියේ රාත‍්‍රි දහයට. අපි පසුවදා පෙරවරු හය වෙනකල් එම ස්ථානයේ රාජකාරියේ යෙදිය යුතුව තිබෙනවා. අපි දෙන්නා රාජකාරියේ යෙදී සිටියදී රාත‍්‍රි දොළහට පමණ අපි ආසන්නයේම සුදු පාට හයිබි‍්‍රඞ් කාර් එකක්් නතර කළා. ඒකෙන් බැහැලා කලබලයෙන් වාගේ ගැහැණු කෙනෙක් අපි දිහාට ආවා. ඇය අපිට පැවසුවා කාරයේ සිිටින්නේ තම සැමියා බවත් ඔහු ඇයට කරදර කරන බවත්. අපි ඒ ගැන විස්තර විමසනකොටම ඇගේ සැමියා නැවත ඇයව මෝටර් රථයට නංවාගන එම ස්ථානයෙන් පිටව ගියා.''
 

දිවි බේරාගත් පොලිස් නිලධාරියා

‘‘ඒ මෝටර් රථය අපි සිටිය ස්ථානයෙන් පිටත්ව යනවාත් සමඟම මා දුටුවා වෑන් රථයක් දඹුල්ල දෙස සිට අපි සිටින දෙසට ඉතාම සෙමින් ධාවනය වෙනවා. එහි ගමන් විලාසය සැක බව මා සම්පත්ට කීවා. සම්පත් කීවා අපි ඒක නවත්තලා පරීක්‍ෂා කරමු කියලා.''

‘‘ඒ අනුව මා අත තිබූ විදුලි පන්දම දල්වලා එම වෑන් රියට නවත්වන ලෙස අණ කළා. වෑන් රිය අපේ නියෝගයට අනුව අපි ඉදිරිපිටින් නැවැත්තුවාම මමයි සම්පතුයි දෙන්නම ගියා ඒ වෑන් රිය අසලට. අපි දෙන්නා වෑන් රථයේ දෙවැනි දොර අසලට ළංවෙනවාත් සමඟම එක්වරම අපි බලාපොරොත්තු නොවූ ආකාරයට වෑන් රියේ ඇතුළේ සිටි පුද්ගලයෙක් ටී පනස්හය :ඔ 56* ගිනි ආවියක් ලෝඞ් කරලා අපි දෙන්නාගේ හිසට එල්ල කරලා නැගපියව් දෙන්නාම කියලා තර්ජනය කළා.

‘‘ගිනි අවියක් එල්ල කරලා තිබුණු නිසා අපිට ඒ වෙලාවේ කිසිම දෙයක් කරගන්න බැරිව ගියා. අපි දෙන්නා වෑන් රියට නැග්ගාම එහි රියැදුරාත් සමග හතර දෙනෙක් සිටින බව දුටුවා. ඔවුන් සියලූදෙනාම කළුපාට රෙදිකඩවලින් ඇස් වසාගෙන හිටියා. අපිට ටී පනස්හය ගිනි අවිය එල්ල කළ කෙනාට අමතරව, වෑන් රියේ සිටි තවත් දෙදෙනකු අත පිස්තෝලයක් සහ කඩුවක් තිබුණා.”

‘‘අපි දෙදෙනාම වෑන් රියේ මැද තිබුණු සීට් එකක වාඩි කරවලා ඔවුන් අපේ විස්තර විමසන්න පටන් ගත්තා. අපේ සේවා කාලය, බැඳලාද නැද්ද, දරුවෝ ඉන්නවාද, පදිංචිය කියලා අහලා ඇයි තොපි පිස්තෝල ගෙනාවේ නැත්තේ කියලත් ඇහුවා.”

‘‘ඊළඟට අපෙන් ඇහුවා පොලිසියේ තොපි ජරාව කනවා නේද කියල. අර කාර් එකෙන් බැස්ස බඩුවත් එක්ක තොපි ටෝක් එක දැම්මා නේද කියලත් ඇහුවා. එතකොට මට තේරුම් ගියා අපි ඊට පෙර හයිබි‍්‍රඞ් කාර් එකෙන් ආව ගෑණු කෙනා සමග කතා කරපු ආකාරය දිහා මේ පිරිස අවධානයෙන් බලා හිටිය බව. මොවුන් සිතාමතාම වෑන් රිය අපි අසලට පදවාගෙන පැමිණ තිබූ බවත් මට තේරුම් ගියා.

‘‘එහෙම ප‍්‍රශ්න කරලා ඔවුන් අපි දෙන්නාටම පහර දෙමින් පරුෂ වචනයෙන් බැණ වැදුණා. ඊළඟට ගිනි අවි අපිට එල්ල කරලා අපේ ඇඳුම් සියල්ල ගලවන්න අණ කළා. අපි කරන්නම දෙයක් නැති නිසා ඇඳුම් ගලවන්න වුණා. යට ඇඳුම් පමණක් නොවෙයි සපත්තු මේස් පවා ගලවන ලෙස ඔවුන් අපිට තර්ජනය කළා. මේ නිසා අපි සම්පූර්ණයෙන්ම නිර්වස්ත‍්‍ර වුණාම ඔවුන් අපි දෙස බලා සිනහාවීමට පටන් ගත්තා.”

‘‘ඒ වෑන් රථය ගැට්ටුවාන හන්දියෙන් යූ ටර්න් ගහලා හරවලා ආපසු දඹුල්ල දෙසට ගමන් කරමිනුයි සිටියේ. වෑන් රථය බඩගමුවේ සම්බෝධී විහාරය අසලින් රණවන පාරට හරවලා කැලය මැද්දෙන් ඉදිරියට යන බව තේරුණා. ඒ යන අතරේ ඉස්සරහා සීට් එකේ හිටිය දෙන්නා රහසින් වාගේ මොනවාදෝ කතා කරනවා ඇසුණා.”

‘‘වෑන් රථය කැලය කොටස පසු කරලා රණවන හන්දියෙනුත් ඉදිරියට ඇවිල්ලා ගෙවල් තියෙන ස්ථානයක නැවැත්තුවා. මා සිතුවා අපි මේ ස්ථානයේ බස්සලා යයි කියලා. අපි දෙන්නාටම වෑන් එකෙන් බහින්න කියලා ටී පනස් හය ගිනි අවිය අතේ තිබුණු කෙනාත් වෑන් එකෙන් බැස්සා. අපි දෙන්නාව ඉස්සරහාට තල්ලූ කරනවාත් එක්කම මට ඇහුණා වෙඩි ශබ්දයක්.”

‘‘සම්පත් අම්මෝ කියාගෙන වැටෙනවා මම දුටුවා. මට තේරුම් ගියා ඒ මිනිහා සම්පත්ට වෙඩි තැබුවා කියලා. ඒ වෙලාවේ මට මරණ බයක් ඇති වුණා. මට සිතුණා ඊළඟ ඉලක්කය මට තමයි කියලා. මේ නිසා කොහොම හරි ජීවිතය බේරාගන්න  ඕනෑ කියලා මම පැනලා ඒ පුද්ගලයා සමඟ පොර බැදුවා. කොහොම හරි තුවක්කුව උදුරාගන්න  ඕනෑ කියලා.”

‘‘පොර බදද්දී ටී පනස් හය ගිනි අවියේ පතරොම් ගැබ කොටස මගේ අතට අහුවුණා. මම ඒ කොටස ගලවලා දමලා එතනින් පැනලා ඉදිරියේ තිබුණු නිවසක ලයිට් එළියක් දෙසට දුවගෙන ගියා. ඒ අතරේ තවත් වෙඩි ශබ්දයක් මට ඇසුණා. මම දුවගෙන ගිිහින් නිවසක් පිටුපස වගේ කොටසක සැඟවුණා. ඒ වෙලාවේ අපි පැහැරගෙන ආ වෑන් රථය ආපසු හරවගෙන වේගයෙන් යනවා දුටුවා.”

තම සැමියාගේ අකල් මරණයෙන් දැඩි කම්පනයට පත්ව සිටින සම්පත් මහතාගේ බිරිඳ වන අනෝමා රත්නායක මහත්මිය පැවසුවේ මෙවැනි දෙයකි.
‘‘මගේ මහත්තයා බෝධි සත්වයෙක් වගෙයි. එයා අරක්කු, සිගරට්වත් බොන කෙනෙක් නෙවෙයි. මටයි දරුවන් දෙන්නටයි වගේම ගමේ අයටත් එයා හරිම ආදරයෙන් කරුණාවෙන් සැලකුවා.”

‘‘මහත්තයාගේ බෝධිසත්ව ගතිගුණ නිසා මම හැම වෙලාවෙම කිව්වෙ ඔයා වගේ කෙනෙක් පොලිසියට ගැලපෙන්නෙ නැහැ කියලා. එහෙම හිටපු මගේ මහත්තයව තමයි මේ වාගේ තිරිසන් විදිහට මරලා දැම්මේ. මේ කරපු අපරාධයට හෙණ හතම වදින්න  ඕනෑ” යැයි ඇය වේදනාවෙන් වැළපෙමින් පැවසුවාය.  
‘‘මෙම අපරාධය අහම්බෙන් සිදුවූවක් නොව එම අවිගත් කල්ලිය විසින් සැලසුම්ගතව සිදු කරන ලද්දක් බවට පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය කරගෙන තිබේ. මෙම පිරිස ඔවුන්ගේ දෑස් කළු රෙදිකඩවලින් ආවරණය කරගෙන සිටීමෙන්ම ඔවුන් යම්කිසි අපරාධයක් කිරීම සඳහා සංවිධානාත්මකව පැමිණ සිටි පිරිසක් බව පැහැදිලි වේ. එසේම කොස්තාපල් වීරසූරියගේ ප‍්‍රකාශවලට අනුව එම පිරිස යම් වෙලාවක් ගැට්ටුවාන මංසන්ධියේ සිටි කොස්තාපල්වරු දෙදෙනාගේ කටයුතු පිළිබඳව නිරීක්‍ෂණය කරමින් සිට ඇති බවද පෙනී යයි.

රාත‍්‍රී දොළහ පසුවී තිබූ එම වේලාව සාමාන්‍යයෙන් මාර්ගයක රථවාහන බොහෝ අඩුවෙන් ධාවනය වන කාලයකි. කොස්තාපල් වීරසූරිය පවසන ආකාරයට එවැනි අවස්ථාවක වාහනයක් සැකකටයුතු ආකාරයෙන් ධාවනය කෙරෙයි නම් එය පොලිසියේ සැකයට හේතු වන්නක් බැවින් අපරාධකරුවන්ටද පොලිසියේ  අවධානය ඔවුන් වෙත යොමු කර ගැනීමේ අරමුණින් සෙමින් ධාවනය කරවූවා විය හැකිය.

මෙම සිදුවීම පිළිබඳව බැලීමේදී සිද්ධියට ගොඳුරුවූ කොස්තාපල්වරු දෙදෙනාගේ කටයුතුද ගැටළු සහගත බව පෙනී යයි.

 



විශේෂයෙන්ම මෑත කාලයේ පැනවූ පොලිසියේ නීතිරීතිවලට අනුව පොලිසියෙන් බැහැරව රාජකාරී කටයුතුවලට යාමේදී පොලිස් නිලධාරීන් අනිවාර්්‍යයෙන්ම ගිනි අවියක් රැුගෙන යා යුතු වුවද එදින රාත‍්‍රි රාජකාරියට පවා කිසිදු ගිනි අවියක් රැුගෙන ගොස් නොතිබීමද අවධානයට ලක්විය යුතු වැදගත් කරුණකි. අඩුම තරමින් රථවාහන පොලිස් නිලධාරීන් නිතරම රැුගෙන යන පිස්තෝලය පවා මොවුන් එදින රැුගෙන ගොස් නොතිබුණි. අනතුරක් හේතුවෙන් තම අතක පවතින ආබාධයක් නිසා ටී පනස් හය රැුගෙන නොගිය බවත් දෙදෙනකු යන අවස්ථාවක එක් අයකු පමණක් ගිනි අවියක් රැුගෙන යාම තහනම් බැවින් දෙදෙනාම ගිනි අවි රැුගෙන නොගිය බවත් කොස්තාපල් වීරසූරිය පොලිසියට ලබාදුන් ප‍්‍රකාශයේ සඳහන් වේ.

නමුත් අවම තරමේ ඔවුන් සැහැල්ලූ පිස්තෝලයක් හෝ ගෙන ගියා නම් මෙවැනි විපතකින් බේරීමට එම අවිය ඉවහල් කර ගැනීමට බොහෝ දුරට ඉඩකඩ තිබුණි.

එසේම රාත‍්‍රී රාජකාරියක් සඳහා රථවාහන නිලධාරීන් රැුගෙන යා යුතු -වෝකි ටෝකි” ගමන්කථනද එදින මොවුන් රැුගෙන ගොස් නොතිබුණි. බොහෝ අවස්ථාවල රාත‍්‍රී බාහිර රාජකාරිවල යෙදෙන සමහර නිලධාරීන් රාජකාරිය පසෙක තබා තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවන් සඳහා යන බව ප‍්‍රසිද්ධ කරුණකි. උසස් පොලිස් නිලධාරීන්ද කිසිඳු අවස්ථාවක රාත‍්‍රී රාජකාරී නිරීක්‍ෂණය නොකිරීම නිසා මෙවැනි දේවල් සිදුවන බව පොලිසිය පවසන කරුණකි. ගිනි අවි සහ ගමන්කථන රැුගෙන නොගිය විට ඒවා නැවත පැමිණ පොලිසියට භාරදීමේ අවශ්‍යතාවක්ද නොමැති බව පෙනී යයි.

සාමාන්‍යයෙන් ආරක්‍ෂක අංශවල සේවය කිරීමේදී පොලිස් නිලධාරීන්ට ආත්මරාක්‍ෂක සටන් පුහුණුව ලබාදීමද අනිවාර්්‍යයෙන්ම සිදු කරන දෙයකි. ඒ අනුව මෙම සිද්ධියට මුහුණ දුන් කොස්තාපල්වරු දෙදෙනාටද තම හැකියාව හා පළපුරුද්ද නිසා අවිගත් පිරිස මෙල්ල කිරීමට ද බොහෝ දුරට ඉඩකඩ තිබුණා විය හැකිය. මෙතනදී එවැන්නක්ද සිදුවී නැත. පොලිස් නිලධාරීන් දෙදෙනා පහසුවෙන්ම අපරාධකරුවන්ට යටත් වී තිබේ. පොලිස් කොස්තාපල්වරියන් පවා පසුගිය කාලයේදී තනිවම අපරාධකරුවන් යටත් කරගත් අවස්ථා බොහෝ සෙයින් වාර්තා වූ බවද පෙන්වා දිය යුතුය.

අපරාධකරුවන්ගේ හැසිරීම් රටාව අනුව ඔවුන් සිතාමතාම මෙම අපරාධය සැළසුම් කර ඇති බව පරීක්‍ෂණ සිදු කරන පොලිස් කණ්ඩායම්වලද අදහස වී තිබේ. ඇතැම් විට පොලිසිය පිළිබඳ වෛරයකින් පසුවන පිරිසක් මේ අපරාධය කරමින් පොලිසියෙන් පළිගැනීමට සිතුවා විය හැකිය. පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ පොලිස් නිල ඇඳුම් ගලවා නිරුවත් කොට පොලිසියට අවමානයක් කිරීමට ද ඔවුන් අදහස් කළා විය හැකිය.

සිද්ධියට මුහුණ දුන් කොස්තාපල්වරුන් දෙදෙනාගේ පවුල් පසුබිම් හා පෞද්ගලික වාර්තා පිළිබඳව විමර්ශනය කිරීමේදී එම වාර්තා ඉතා යහපත් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එසේ වුවද මොවුන් දෙදෙනාගේ පසුගිය රාජකාරි කටයුතු පිළිබඳවද සොයා බැලිය යුතුය. ඇතැම්විට එවැනි සිදුවීමක් මෙවැනි පළිගැනීමකටද හේතුවක් විය හැකිය. විශේෂයෙන්ම මියගිය කොස්තාපල් සම්පත් දිගු කාලයක් උතුරුxනැගෙනහිර ප‍්‍රදේශවලදී සේවය කිරීමේදී වූවා විය හැකි යම් සිදුවීමක් නිසා මෙවැනි අපරාධයක් සිදුවූවා යැයිද නිගමනය කළ හැකිය. අපරාධකරුවන්ගේ ප‍්‍රශ්න කිරීමද ඊට හේතුවූ සාධකයක් විය හැකි බැවින් ඒ පිළිබඳවද සොයා බැලිය යුතුය.

එසේම මෙම සිදුවීමට සම්බන්ධ ගැට්ටුවාන මංසන්ධියෙහි රාජකාරි කටයුතුවල නිරත ඇතැම් රථවාහන පොලිස් නිලධාරීන් විවිධ රථවාහනවලින් අල්ලස් ලබාගන්නා බව ප‍්‍රකට කරුණකි. ඒ පිළිබඳව බොහෝ පැමිණිලිද පොලිසියට ලැබී ඇත. බස් රථවලින් මෙන්ම ලොරි රථවලින්ද ඔවුන් අල්ලස් ලබා ගන්නා බව පැවසේ. එවැන්නකට මුහුණ පෑ පිරිසක් පොලිසියෙන් පළි ගැනීමට සිතා මෙවැන්නක් කළා විය හැකි බවද උපකල්පනය කළ හැකි කරුණකි.

මෙම අපරාධයට යම්කිසි පාතාල කල්ලියක් හෝ වෙනත් ආරක්‍ෂක අංශයන් සම්බන්ධ යැයිද යන සැකයද පරික්‍ෂණ සිදු කරන පොලිස් කණ්ඩායම්වල අවධානයට යොමුවී තිබේ. ඊට හේතුව මෙවැනි ක‍්‍රියාකාරකම් පසුගිය කාලයේදී මෙවැනි පිරිස් අතින් වාර්තා වීම නිසාය. මොවුන් බොහෝ විට අමනාපයෙන් පසුවන්නේ පොලිසිය සමඟය. එනිසා අහම්බෙන් මෙන් මෙම නිලධාරීන් දෙදෙනාව දැක මෙවැනි ක‍්‍රියාදාමයක් කි‍්‍රියාත්මක කිරීමට ඔවුන් සිතුවාද විය හැක.

 

 



අදහස් (0)

අපි ඇඳුම් ගැලවුවාම ඔවුන් මහ හයියෙන් හිනාවුණා

බංඩාර Wednesday, 14 May 2014 03:05 AM

කව්රුත් ඕනේ කමින් මැරෙන්නේ නැහැනේ..කල යුත්තේ අපරාධකරුවන් සොයා ඔවුන්ව එල්ලුන් ගස් යැවීමයි..ලංකාවේ එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට කාලය පැමිණ ඇත..එකෙක් එල්ලූවා නම් අනික් ඔක්කම උන් පූස් පැටව් වගේ ඉදි..චන්ඩි නොන්ඩි වෙන්නේ එතකොටයි..(නදී)

:       0       0

බමුණුසිංහ Wednesday, 14 May 2014 06:19 PM

"කළයුත්තේ අපරාධකරුවන් සොයා ඔවුන්ව එල්ලුම් ගස් යැවීමයි." කොහොමද ඒක කරන්නේ? එතකොට තව තව මිනිස්සුත් එල්ලුම් ගස් යනවනේ. එහෙම නෙමෙයි, අවුරුදු 20 කින් නිදහස දෙන විදිහක් ගැන කතා කරමු (නි)

:       0       0

ශීලා Monday, 19 May 2014 01:34 PM

පොලිසියේ ගුටි වලින් බේරෙන්න පීනන්න බැරි මිනිහෙක් මුහුදට පැන්න විට පොලු වලින් ගහන වීඩියෝ එක (පසුගිය කාලයේ මාධ්‍ය වලින් ප්‍රචාරය වූ) මට මේ වෙලාවේ මතක් වුණා (නි)

:       0       0

රීටා Monday, 19 May 2014 01:37 PM

හා හොඳයි,පොලිසියෙන් මහජනතාවට අසාධාරණ වෙන්නේම නැද්ද? ආසියාවේ පොලිසි ගැන ඉංග්‍රීසියෙන් කියමනකුත් තිබෙනවානෙ මේ ගැන (නි)

:       0       0

බොතේජු Friday, 16 May 2014 05:37 PM

සමහරවිට ඔය කතාකළාය කියන කාන්තාව මුලින් ඇවිල්ලා පොලිස් නිලධාරීන් අත ගිනි අවි තිබෙනවද කියා බැලුවා වෙන්න බැරිද? (නි)

:       0       0

රූපා Monday, 19 May 2014 12:44 AM

ඉතින් ඒ ආපු කාන්තාවගේ වාහනයේ අංකය අනුව ඔවුන් ගැන අවශ්‍ය විස්තර සොයා ගන්න හැකියිනේ ..ඒ කාන්තාවත් මේවට හවුල් ද ? ඔත්තු බැලුවද ? සමහරවිට මේ පොලිසියේ දෙන්නත් දැනුවත්ව මේ හොරු කණ්ඩායම යම්කිසි සැලසුම් සහගත දෙයක් එදින රාත්‍රියේ මාන බලමින් සිටියේද ? ප(ස)

:       0       0

අශෝකා Wednesday, 14 May 2014 01:45 PM

ලිපියේ අවසාන කොටස කියවන විට හැගී ගියේ මොවුන් සාමාන්‍ය පොලිස් නිලදරුවන් නිසා වැඩේ මෙතැනින්ම නතර කරාවිද කියලයි. මොකද අද ලංකාව යන ක්‍රමය අනුව එහෙම හිතෙන එකත් පුදුමයක් නෙමෙයි නිසා! (නදී)

:       0       0

සරත් බණ්ඩාර Saturday, 17 May 2014 11:03 PM

පොලිස් ප්‍රකාශක පසුගිය දිනවල කිව්ව නිලධාරින්ට මොකද්ද දෙනවා කියල .රාත්‍රී කාලයේ හිස් අතින් රාජකාරිය කිරීමේ අාදීනව‍. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5078 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 706 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1277 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 114 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 267 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site