හෝලි කියන්නේ ඉන්දියාවේ ජනප‍්‍රිය චාරිත‍්‍රයක්. පාට පාට කුඩු වලින් බාල තරුණ මහලූ සියලූ දෙනා වර්ණ ගැන්වෙනවා. ඉන් ඔවුන් බොහෝ විනෝද වෙනවා. අද හෝලි සැණකෙළිය ලංකාවටත් ඇවිල්ලා. ලංකාවේ තරුණ තරුණියනුත් හෝලිවලින් විනෝද වීමට යනවා.

විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලට පෙනී සිටි තරුණ තරුණියන් ලංකාවේ හෝලිවල ඉලක්කයවී සිටිනවා.
ඒ නිසාම ලාංකීය සංස්කෘතියට අදාළ නොවන ඒත් ලංකාවේ ජනප‍්‍රිය කිරීමට වෙහෙසෙන හෝලි පිළිබඳ මා සොයා බැලූවා. එහිදී අන්තර් ජාලයේ තිබෙන මෙවැනි දැන්වීමක් දුටුවා. එහි සඳහන් වෙලා තිබුණේ මේ වගේ දෙයක්.
”ලංකාවේ සාමාන්‍ය පෙළ උසස් පෙළ අවසන් කළ තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් හෝලි ව්‍යසනයක් පැමිණ තිබෙනවා.
මේ හෝලි සැණකෙළිය පිළිබඳ මිතුරන් දැනුවත් කරන්නේ ෆේ්්ස්බුක් මාර්ගයෙන්. ටිකට් එකක් රුපියල් 500යි. රු. 500ක් දීලා ටිකට් අරගෙන පෙම්වතුන් ලෙස හෝ තනි තනි වශයෙන් තරුණ තරුණියන් හෝලි සැණකෙළියට සහභාගි වෙනවා. පාට කුඩුවලින් ක‍්‍රීඩා කරන අතරතුරේ තරුණියන්ට නොයෙකුත් අපහසුතාවයන්ටත් ලක්වෙන්න සිද්ධ වෙනවා. ඒත් හෝලි ක‍්‍රීඩාවක් නිසා ඒ හැම අපහසුතාවයක්ම විඳ දරාගෙන ඉන්න තරුණියන්ට සිදුවෙනවා”
ඇත්තටම එම ප‍්‍රකාශයේ සඳහන්ව තිබුණේ තරුණියන්ගේ සදාචාරය ගිලිහිලා යන ආකාරයයි. ඒත් ඊට එහායින් ගිය දේවලූත් එතන සිදු වෙනවා. ලැබුණ ආරංචියේ හැටියට නම් ටිකට් අරගෙන ඇතුල් කළ පසු ක‍්‍රීඩකයන් ගැන කිසිම අධීක්ෂණයක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම එතන තව තවත් ජාවාරම් සිදු වෙනවා.
ඒ පිළිබඳ ඊට සම්බන්ධ එක් තරුණයෙක් කිව්වේ මේ වගේ කතාවක්.

ගොඩක් පිරිමි ළමයි විනෝදෙට හෝලි සෙල්ලම් කරන්න යන්නේ. සමහර කොල්ලෝ කණ්ඩායම් හැදිලත් එනවා. ටිකට් අරගෙන ඇතුළට ගියාම මොනවද කරන්නේ කියලා බලන්න කවුරුත් එන්නේ නැහැ.
එතෙන්ට කුඩු ගංජා විකුණන අයත් එනවා. සමහර ළමයි ඒවට පුරුදු කාරයෝ. එයාලා හෝලි සෙල්ලම් කරන ගමන් එතනට ගිහින් ඒවත් ගන්නවා. ඒ වගේම ඒ යන අය අලූතෙන් කවුරුහරි එක්කරගෙන යන්නත් අමතක කරන්නේ නෑ. සමහර වෙලාවට රණ්ඩුවෙන අවස්ථාත් තියෙනවා. ඒත් පොලිසි යන්න තරම් දුරදිග යන්නේ නෑ. අපිත් පොඩි ෆන් එකක් අරගෙන එනවා”
අද තාරුණ්‍ය ගමන් ගන්නේ කොහාටද?
සැබැවින්ම ඛේදවාචකයකි. ඔවුන් කාගේ හෝ දියණිවරුය, කාගේ හෝ සොයුරියන්ය, නැතිනම් කාගේ හෝ පුතණුවන්ය. කාගේ හෝ සොයුරන්ය.
රටේ අනාගතය භාර ගැනීමට සිටින මෙවැන්නන් කුඩු ගංජා අතර අතරමංව උන්මත්තකයින් ලෙස සොයා යන්නේ කුමන සතුටක්ද?
පසුගිය ජනවාරි 17 වැනි සෙනසුරාදා ද මීගමු වෙරළේ මෙවැනිම හෝලි සැණකෙළියක් පවත්වා ඇත. ඒ පිළිබඳව කළ විමසුමකදී ඊට සම්බන්ධ වූ තවත් තරුණයකු පැවසුවේ මෙවැනි දෙයකි.
”ගිය සැරේ වාගෙම පොඩි ජොලියක් ගත්තා. ටිකට් එකක් රු. 500යි. හොඳට විනෝද වුණා. ආයේ ජනවාරි 24 කොළඹ තවත් හෝලි සැණකෙළියක් තියෙනවා.
මම ඔහුගෙන් මේ සැරෙත් කුඩු ගංජා වගේ දේවල් විකිණුනාද කියලා ඇහුවා. ඔහු හිස දෙපසට වනලා සිනාසුනා.
ඇත්තටම මෙවන් හෝලි සැණකෙලි ලාංකීය සමාජයට අත්‍යවශ්‍යද? මුළු දවසේම සිය ශ‍්‍රමය කැප කරමින් මව්පියන් උපයනා වැටුපෙන් දරුවන්ට මෙවැනි සැණකෙළිවලට සහභාගිවී සැබෑ සතුටක් ලබා ගත හැකිවේද? ශාක්ෂරතාවයෙන් ඉහළ පිරිසක් සිටින මෙවන් සමාජයක සංස්කෘතිය, හැදියාව සංවේදී බව පහව යමින් මෙවැනි සිහින ලෝක නිර්මාණයවීම සැබැවින්ම සෝචනීය තත්ත්වයකි.
වගකිවයුතු සමාජය අනාගත භාරකරුවන් මංමුලා කරන මෙවැනි දේ පිළිබඳව සොයා බැලීම කාලීන අවශ්‍යතාවයක් බව පසක් කරමි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම අහුලාගන්නේ රූපවාහිනියෙන්. මෝඩ කොල්ලෝ කෙල්ලන්ට තමා මේවා හරියන්නේ. (නි)
මේ වගේ එළිමහන් "සන්ධර්ශන" පවත්වන්න වෙන රටවල නම් පොලිස් අවසර ගන්න ඕන නේද?(හේ)
ශීලාචාර සමාජයක අශීලාචාර දේ කිරීමට රටට එන අශීලාචාරයන්ට එළව එළවා පහරදීමට එක්වෙමු. (නි)
රාජපක්ෂ පාලනයේ අතුරු ඵල නෙවෙයි ද මේ?(නදී)
අන්තවාදී වෙන්නේ නැතුව යථාර්තවාදී වුනානම් කාට කාටත් සමාජයටත් හොඳයි (නදී)
අනිවාර්යයෙන්ම නතර කරන්න ඕනෑ (නි)
මේක අන්ධානුකරණයක්. සමහරවිට මේක ඉන්දියාවෙ සංස්කෘතික අංගයක් වෙන්නෑති (බ)
අපිත් යමුද මිරිස් කුඩු ටිකක් අරන් හෝලි සැණකෙළියට? (දිල්)
මේ පුවත් කියවන බලදාරින්ගෙන් ඉල්ලා සිටිනවා මෙවන් දේ සංවිදානය කරන මිනිසුන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස. මෙවන් විකාර අපේ සමාජයෙන් තුරන් කරන්න ක්‍රියාමාර්ග ගන්න. (නදී)
ඕක ඉතින් පුදුම වෙන්න දෙයක් ද? අපේ රටේ මිනිස්සු, විශේෂයෙන් තරුණ පරපුර, ලෝකේ ඕනෑම රටකින් එන කුණු බාල්දි දේවත්වයෙන් ඔලුව උඩ තියාගෙන පිස්සු නටන අය වුනේ අද ඊයේ නෙමෙයි. මේකත් අපේ "ලොකු අයියාගෙන්" ලැබුන දායාදයක් නේ! (බ)
මේක සංස්කෘතිය වළදාන වෙළඳාමක් වෙලා (නි)
අපිටම කියා තිබෙන ඔය මහා ලොකු සංස්කෘතිය මොකක්ද? සමහරු බොරු බයිලා කිවුවට ආශාව හිත ඇතුළේ. ඊර්ෂ්‍යා කරන්න එපා. (නි)
මේ වගේ දේවල් 'මාර' වැඩ හැටියට බාර ගන්න තරම් අපේ තරුණ පරපුරේ බොහෝ දෙනෙක් මෝඩයි , බොළඳයි. ඒ තත්වයට අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වග කිව යුතුයි. (නදී)
ඉන්දියාවෙන් අපිට ගන්න පුලුවන් දෙය උතුම් වු බුදු දහම පමණයි.ඒ වගේම අපේ දෙමාපියන් ළමයින් පිළිබඳ තව උනන්දු වියයුතුයි. (නි)
ලංකාවේ සංස්කෘතියට යමක් අදාල දැයි තීරණය කරන්නේ කවු ද? ඒ තැනැත්තා යමක් ලංකාවේ සංස්කෘතියට අදාල නැතැයි තීරණය කළහොත් අනෙක් අය එය කිරීම වරදක් ද? (නදී)
හෝලි ඉන්දියාවේ පුරාතන වසන්ත සැණකෙළියක්. මහා කවි කාලිදාසයන්ගේ සිව්වෙනි සියවසේ රචනා වලද ශ්‍රී හර්ශයන්ගේ රත්නාවලි නාටකයේද සඳහන්ය. බාල මහලු කවුරුත් අදත් එක නියමිත දිනක අහින්සක විනෝදයක් ලබන උත්සවයක්. නමුත් ජීවිතයේ දුක්ඛ පක්ෂයම අවධාරණය කෙරෙන සංස්කෘතියකට නම් එය හරි නොයන බව පිලිගතයුතුය. (ර)
දම්මිකගේ අදහස හරි. නමුත් හැමදෙයකම සීමාවක් සහිතව. (නි)
මේවා අපේ සංස්කෘතියට අයිති දේවල් නෙමෙයි. ඉන්දියාවෙන් විසි කරන තුට්ටු දෙකේ මෙගා නාට්‍ය හඩ කව කව පෙන්නන එකේ විපාක තමයි මේ. නීති පනවා හෝ මේ විකාර නැවැත්විය යුතුයි (නදී)
ඇත්තටම ලංකාවට ගැල පෙන්නේ නෑ (නදී)
ඉන්දියාවේ ෆිල්ම් වල තියෙන ඕනෑම ජරාවක් අපේ නංගිලා මල්ලිලා කොපි කරනවා අනවබෝදයෙන්.(හේ)
ඇතැම් චැනල්වල ඉන්දියන් මෙගා පෙන්නපු එකේ ආදීනව තමයි මේ.(දිල්)
ලෝකේ එක එක තැන යන අය එක එක ඒවා අරන් එනවා . (නදී)
යහපාලනයට මේවාත් බලන්න ඕනෑ ....... (නි)
මේ ගැන කතා කරලා වැඩක් නෑ.(හේ)
මේ සෙල්ලන් නිසා සංස්කෘතිය විනාශ වෙනවා.(හේ)
අනේ මෙහෙමත් විකාර! (නි)
ළමයින් සමඟ හොඳ සම්බන්ධතාවයක් දෙමාපියෝ තියාගන්නවා නම් ළමයි වැරදි වැඩවලට පෙළඹෙනවා අඩුයි. (නි)
ඉන්දියාවේ නම් මේක තියෙන්නේ අවුරුද්දටම එකපාරයි (නි)
විළිබිය නැත්තන් ගැන පසුතැවෙන්න අවශ්‍ය නැත (නි)
ඔය පාට කරන්න ගන්න කුඩුවලට මිරිස් කුඩු හෝ ඊට වඩා හොඳ දෙයක් මිශ්‍රකර තිබුනා නම් හොඳයි (නි)
මේ වගේ හෝලි සැණකෙළියක් පෙබරවාරි 14 පේරාදෙණියෙත් තිබුනා. ලංකාවේ සංස්කෘතියට වෙන්න යන දේ නම් ශෝචනීයයි. (නි)
හැමදේම පිටරටින් අපේ සංස්කෘතිය විනාශ වෙනවා නේද මෙහෙම ගියොත් (දිල්)
මේවාට යන ළමයින්ටත් පිස්සු ඒවා වලට ළමයි යවන දෙමාපියන්ටත් පිස්සු (නදී)