අපේ රටේ ජාතික ගුවන් සේවාවක් ලෙස කි‍්‍රයාත්මක වන ශ්‍රී ලන්කන් ගුවන් සේවාව බොහෝ විට විවේචනයට ලක් වන්නකි. විශේෂයෙන් ලාභ අවමව පවත්වාගෙන යනු ලබන මෙම ගුවන් සේවාවේ වත්මන් තත්ත්වය විමසා බැලීමට අපි එහි සභාපතිවරයා වන නිශාන්ත වික‍්‍රමසිංහ මහතා මුණගැසුණෙමු. මේ ඔහු හා කෙරුණ සංවාද සටහනයි.
* ප‍්‍රශ්නය: අපට ආසන්න ආසියානු හා මැදපෙරදිග කලාපවල බොහෝ ගුවන් සේවාවන් කාර්යක්ෂමව ලභදායීව පවත්වාගෙන යද්දී ශ්‍රී ලන්කන් ගුවන් සේවාව දිගින් දිගටම පාඩු ලබන්නේ ඇයි?
පිළිතුර:- මේ කලාපයේ ගුවන් සේවාවන් වන එමිරේට්ස්, කටාර් එයාවේස්, සිංගප්පූර් එයාර්ලයින්, කැතේ පැසිෆික් වැනි ගුවන් සේවාවන් දිහා බැලූවම ඒවායේ යානා අලූත්වැඩියා කළ නවීන පන්නයේ ගුවන් යානායි. ඒවායේ සියයට 20x25ක් පමණ අඩුවෙන් ඉන්ධන වැය වන්නේ. අපට එවැනි ධාරිතාවක් නැහැ. එම නිසා එම ගුවන් සේවා ලාභ උපයනවා. විශේෂයෙන්ම ඒවාට නවීන බොහෝ සැප පහසුකම්වලින් යුත් ගුවන්යානා තිබෙනවා. අපට ඒවා සමග තරග කරන්නට තරම් හැකියාවක් නැහැ.
|
ශ්‍රී ලන්කන් එයාර් ලයින් සමාගමේ සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ |
ගුවන් සේවාවක් ගැන කතා කරද්දි ගුවන් තොටුපොළ, තීරුබදු සහිත සාප්පු සංකීර්ණ වගේ දේවලූත් එහි සාර්ථකත්වයට බලපානවා. ඒ වගේම ගුවන් බස් විකිණීමෙනුත් සමහර ගුවන් සේවා සමාගම් ලාභ උපයනවා. විශේෂයෙන්ම කැතේ පැසිෆික් ගුවන් සේවාව එසේ ලාභ උපයනවා. අපට එසේ කරන්නට හැකියාවක් නැහැ. නමුත් ජාතික ගුවන් සේවාවක් විදියට පාඩුව අවම කර ගැනීමට අපි නිරන්තරයෙන් උත්සාහ ගන්නවා.
මැදපෙරදිග බැලූවම රජය ඒ ගුවන් සමාගම්වලට යානා මිලදී ගන්නවා. ඒ රටවල ආර්ථිකයත් එක්ක එවැනි දේ කළත් අපට විශාල ආර්ථික ගැටලූ තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවාව එමිරේට්ස් කරගෙන යද්දි හොඳින් කෙරුණා. නමුත් ඉදිරියේදී අපි අපේ ගුවන් සේවාවේ උන්නතිය වෙනුවෙන් බොහෝ දේ කරන්නට සැලසුම් සකස් කර තිබෙනවා.
* ප‍්‍රශ්නය: ශ්‍රී ලන්කන් ගුවන් සේවාව පාඩු පිට පවත්වාගෙන යන්නේ නම් ලාභදායී ආර්ථික මාර්ගවල යානා ධාවනය කළ යුතුයි. නමුත් එය සංචාරකයන් වැඩිපුර යන ගමනාන්ත වැඩිපුර ධාවනය නොකර මගීන් අඩුවෙන් යන ආර්ථික ගමනාන්තවල ධාවනය වන්නේ ඇයි?
* පිළිතුර:- අපි යුරෝපයේ ගමනාන්ත ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. චීනය, මොස්කව්, ඉන්දියාව වගේ රටවලට සතියකට දෙවරක් පියාසර කරනවා. ඉදිරියේදී ගමනාන්ත වැඩි කිරීමට අපි අදහස් කරගෙන සිටිනවා. තවත් වසර තුනක් හතරක් යද්දී අපට මේ තත්ත්වය මගහරවා ගැනීමට හැකිවේවි කියා විශ්වාසයි. යුරෝපාකරයේ අපි වසර ගණනාවක සිට ගමනාන්තවල යෙදෙනවා. ඉතාලියටත් සතියකට තෙවරක් පමණ පියාසර කරනවා. ගුවන් සේවාවක් වුණාම හැමදාම කොහේ හෝ රටකට ගමනාන්ත යොදාගත යුතුයි. ඉදිරියේදී අපි මේ ඉලක්කය වැඩි කිරීමට අදහස් කරනවා.
දැනට ගමනාන්ත 33ට අප යනවා. ජපානයට සතියකට ගමන්වාර 3ක් යනවා. ඉදිරියේදී සතියට 7 පාරක්වත් යන්නට අදහස් කරනවා. අපේ ගුවන් යානාවක රටකට යන මගියකුට ආපසු එන නියමිත දිනයට පෙරාතුව හෝ හදිසියේ හෝ එන්න වුණොත් එන්න අපේ ගුවන් වාර තිබිය යුතුයි. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ හැසිරීම පිළිබඳවත් සලකා බලා ඉදිරියේදී ගුවන් ගමන් වාර වැඩි කරන්නටත් අපි අදහස් කරනවා.
* ප‍්‍රශ්නය:- මෙතරම් අර්බුද මැද පවත්වාගෙන යන ශ්‍රී ලන්කන් ගුවන් සේවාවට අලූත් ගුවන් යානා මිලදී ගැනීමේ සූදානමක් තිබෙනවා. එය අමාරුවේ වැටීමක් නොවෙයිද?
* පිළිතුර:- අප සතුව තිබෙන ගුවන් යානාවලින් සියයට 50ම වසර දහයකට වඩා පියාසර කළ ගුවන් යානායි. අපි අනෙක් ගුවන් සේවාවන් සමග තරග කරන්නට නවීන අංගසම්පූර්ණ පහසුකම් සහිත ගුවන් යානා තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ගුවන් සේවාවක ගුවන් බළඇණිය වසර 5ක් අඩුවෙන් ධාවනය වූ ඒවා විය යුතුයි. ලෝකයේ අනෙක් රටවල් බොහොමයක් වසර 5ක් ධාවනය කළ පසු ඒවා විකුණනවා. නැවත මිලදී ගනිද්දී අලූත් යානාවක් මිලදී ගන්නේ. අපිත් එවැනි ක‍්‍රමවේදයන්ට යා යුතුයි. විශේෂයෙන්ම ගමනක යෙදෙන ගුවන් මගියකුට යානාව තුළ හොඳින් ආගන්තුක සත්කාරයන් තිබිය යුතුයි. එනිසා එවැනි දේ ගැන අපි විශේෂ අවධානය යොමු කරනවා.
* ප‍්‍රශ්නය: ගුවන් යානා මිලදී ගැනීමට ඔබ මහා භාණ්ඩාගාරයෙන් ඇපකරයක් ඉල්ලා සිටියත් එය ප‍්‍රතික්ෂේප වුණා. ජාතික ගුවන් සේවාවකට ගුවන් යානා මිලදී ගැනීම ජාතික කටයුත්තක් නම් භාණ්ඩාගාරය අහක බැලූවේ ඇයි? මෙය තව තවත් අමාරුවේ වැටීමක් නොවෙයිද?
* පිළිතුර:- අපි මහාභාණ්ඩාගාරයෙන් ඇපකරයක් ඉල්ලා සිටියත් ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ මත එවැනි පහසුකම් ලබාදීමේ ක‍්‍රමවේදයක් එහි නැහැ. අපි එයාර් බස් මිලදී ගන්නේ ලීසිං පදනම මතයි. එනිසා ඇපකරයක අවශ්‍යතාව මතු වුණත් අපේ සමාගම ගැන ගුවන් යානා ලබාදෙන සමාගම්වල තිබෙන විශ්වාසය මත එම කටයුතු නිරාකරණය කර ගැනීමට හැකිියාව ලැබී තිබෙනවා. මිලදී ගැනීමේදී සම්පූර්ණ අයිතිය සියයට 25ක්වත් අපට තිබිය යුතුයි. අපට තිබෙන A -340 යානා 6ම වසර 15කටත් වඩා ධාවනය වූ ගුවන් යානායි. එනිසා A -350 යානා 4ක් මිලදී ගැනීමට අදහස් කරනවා. ලීසිං පදනම යටතේ මුලින් අප ඇමෙරිකන් ඩොලර් කෝටි 8ක් ඒ සඳහා අත්තිකාරම් ලෙස බැඳිය යුතුයි. සාමාන්‍යයෙන් රිය පොළකින් වාහනයක් ගන්නවා වගේ නොවෙයි ගුවන් යානාවක් මිලදී ගනිද්දි අත්තිකාරම් බැන්දට පසුවයි යානාව සවි කරන්නේ. ඉදිරියේදී අපේ මුදල් ශක්තිය අනුව ගමනාන්ත අනුව යානා බලඇණිය 30ක් දක්වා වැඩි කරන්න සූදානම් වෙනවා. ප‍්‍රංශ එයාර් බස් සමාගමක් සමග එම යානා මිලදී ගැනීම වෙනුවෙන් ගිවිසුම් ඉතා ඉක්මනින් අත්සන් කරනවා. අප මිලදී ගන්නේ බෝයින් යානා නොවෙයි. එයාර් බස් වර්ගයේ ගුවන් යානායි. බෝයින් යානා මිලදී ගන්නවා නම් ඒ සඳහා ඉංජිනේරුවන්, ගුවන් නියමුවන් හා යානාවේ කාර්යයමණ්ඩලය වෙනස් කළ යුතු වෙනවා. එවිට ඒ සඳහා අමතර මුදලක් වැය කරන්න වෙනවා.
* ප‍්‍රශ්නය:- ඛනිජතෙල් සංස්ථාවෙන් ඔබ ආයතනය ගුවන් යානා ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් අතිවිශාල ණයක් ගෙවන්නට සිදුවෙලා තිබෙනවා. මෙය ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ කඩාවැටීමට හේතු වුණා. මේ ගැන ඔබේ විග‍්‍රහය?
* පිළිතුර:- ඉන්ධන මිල ලෝක වෙළෙඳපොළේ විශාල ලෙස වැඩි වුණා. අප යානාවලට අවශ්‍ය ඉන්ධන ප‍්‍රමාණයෙන් සියයට 50x60ක් මිලදී ගන්නේ ඛනිජතෙල් සංස්ථාවෙන්. අපි රටකට යද්දී ඒ රටට යාමට අවශ්‍ය තෙල් ප‍්‍රමාණය පමණයි යානාවට යොදන්නේ. ආපසු එද්දි ඒ රටෙන් ඉන්ධන ලබා ගන්නවා. එහෙම නොවුණොත් අධික තෙල් ප‍්‍රමාණයක් දරාගෙන යානාව ගුවන් තොටට බස්සවන්නට අපහසු වෙනවා. අපේ ආදායමෙන් සියයට 50ක් වැය වන්නේ ඉන්ධනවලටයි. ඉතිරිය පඩි නඩි හා නඩත්තු කටයුතු වෙනුවෙන් වැය වෙනවා. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩි වුණාම ලංකාවෙත් මිල වැඩි වුණා. අපිි විශාල මූල්‍ය අර්බුදයකට මුලපිරුවා. ප‍්‍රශ්න ඇති වුණා. දැන් අපේ මූල්‍යමය සැලසුම් වෙනස් කරලා ඒවා ටිකෙන් ටික ගෙවාගෙන යනවා. යුද්ධය පැවැති කාලයේ මගීන් අඩුවෙන් අපේ ගුවන් යානාවල ගියේ. එනිසා ආදායම අඩු වුණා. දැන් අපි සතියකට රුපියල් මිලියන 150ක් ඒ ණය සඳහා ගෙවනවා. ගිය වසරේ අවසානයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 100ක් ගෙව්වා. තවමත් ගෙවනවා. ලෝකයේ ඉන්ධන මිල වැඩිම මාලදිවයිනේ. ඊළඟට ශ්‍රී ලංකාවයි. ඉන්ධන ලාබම සිංගප්පූරුවේයි.
අපි සිංගප්පූරුවේ මිලට ඉන්ධන ලබා දෙන්න කියා ඉල්ලූවත් ඒමිලට අපට ඉන්ධන ලබා දුන්නේ නැහැ. අනෙක් රටවල් තෙල් මිල වැඩි වුණාට පරණ මිල ගණන්වලටම ඉන්ධන ලබා දෙනවා. ඒ නිසා මම රජයෙන් ඉල්ලා සිටියා අපේ ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන සිංගප්පූරුවෙන් ගෙන්වන්නට අවසර ලබා දෙන්න කියලා. එහෙම වුණොත් ඒක අපට විශාල සහනයක්. අපේ පාඩුව අපට අවම කර ගන්න පුළුවන්.
* ප‍්‍රශ්නය:- ශ්‍රී ලන්කන් ගුවන් යානාවලදී මගීන්ට ලබාදෙන පහසුකම් සතුටුදායක මට්ටමක නොපවතින බවට මගීන්ගෙන් චෝදනාවක් එල්ල වෙනවා. මේ ගැන ඔබේ අදහස?
* පිළිතුර:- අපේ ගුවන්යානා ඉතාම පරණයි. එනිසා ඒවායේ යම් යම් අඩුපාඩු තිබෙන බව මම පිළිගන්නවා. විශේෂයෙන්ම ආසන සුවපහසු මට්ටමකින් සකසන්නට මම අදහස් කරනවා. ඒවාට පිළියම් යොදනවා. මේවාට රජයෙන් මුදල් ඉල්ලන්න බැහැ. අපට ලැබෙන ආදායමෙන් තමයි හැමදේම කරන්න වෙලා තියෙන්නේ. පැය 7, 8ක ගමනක් යද්දි මගියකුට සුව පහසුව තිබිය යුතුයි. අනෙක් ගුවන් සේවාවල ඒ පහසුකම් තිබෙනවා. අපට තවම ඒවා සමග තරග කරන්න තරම් ශක්තිමත් නැහැ. අලූත් ගුවන් යානා මිලදී ගත්තම මේ ප‍්‍රශ්න තරමක්දුරට මගහරවා ගන්න පුළුවන් වේවි. අපි ශ්‍රී ලාංකිකයන්ට කියන්නේ නිතරම අපේ ගුවන් යානාවල ගමන් කරන්න. අපේ ගුණ දොස් අපට කියන්න. එවිට අපට ඒවා හදාගන්න පුළුවන්. මේක රටේ ජාතික ගුවන් සේවය. එනිසා ලාංකිකයන් විදියට ජාතික හැඟීමකින් අපිත් එක්ක අත්වැල් බැඳගන්න කියලා අපි ආයාචනය කරනවා.
සටහන - දුෂ්‍යන්ත කුමාර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නදීගේ කතාව නම් හරියටම හරි. තව එකක් තමයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කෑම එහෙම හරි නැහැ. මම මාලදිවයිනේ ඉඳලා ලංකාවට එනකොට දුන්නේ නිකන් සැන්ඩ්විච් එකකුයි ඇපල් ජූස් එකකුයි විතරයි. එත් එමිරේට්ස් එකේ යද්දී ගොඩක් දේවල් කන්න දෙනවා, අනිත් එක ආසන සුවපහසුයි. තව ගොඩක් පහසුකම් තියෙනවා!! (නි)
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කිව්වලු.(නදී)
ඔබතුමට හොද නරක තේරෙනවා නේද? ඇයි ඔබතුමා කිවුවේ නැත්තේ මත්තල කරන්න එපා කියලා (නි)
ඇත්තටම මත්තල හදපු සල්ලි වලින් කොච්චර ප්ලේන් ගන්න තිබුණද?අපරාදේ එක ගුවන් තොටුපොළක් හොඳටම ඇති! (නි)
මමත් සිරිගේ කතාවට එකඟයි. මම එකපාරක් මාලෙට යද්දී ප්ලේන් එකේ ටීවී එකක්වත් වත් තිබ්බේ නැහැ. මම සීට් එකේ කවර උස්සලත් බැලුවා. කෑම ගැන සතුටුවෙන්න කොහෙත්ම බැහැ. මම මාලදිවයිනට ඉස්සෙල්ලම ගිය දවසේ ඉඳලා මේ වෙනකන් දුන්නේ ඇපල් ජූස් සහ මාළු බනිස් විතරයි (නි).
බුදු අම්මෝ ශ්‍රී ලංකන් පරණ ප්ලේන් වල යනකොට ඇග හීතල වෙනවා (නි)
මම ආඩම්බර වෙනවා අපේ ගුවන් සේවය ගැන. ඒත් පහුගිය සැරේ ලංකාවට ගිහින් එද්දී පැය 3 කට කලින් එයාර්පොර්ට් ආව මම සහ මගේ බිරිඳව අපි පරක්කුයි කියලා එදා අපහු හරවලා යැව්වා. අපි රුපි. 14000ක් වැඩියෙන් පහුවදා ගෙවලා අලුත් ටිකට් 2ක් ගත්තා. එදා ගුවන් යානය පැය 6ක් ප්‍රමාද වුනා. ගුවන් යානයේ ටීවී වැඩ කරන්නේ නැහැ. (නි)
මම ගොඩක් සැරයක් මාලේ කොළබ ගමන් කරලා තියනවා. ශ්‍රී ලන්කන් ගුවන් යානා වල කෑම නම් සිරි කියල තියන දේම තමා. මාළු බනිස්, ඇපල් ජූෂ් හරි කොමන්. එත් දැනට අවුරුදු ගානකට කලින් නම් මෙහෙම තිබුනේ නෑ. ගුවන් මගීන්ට දෙන කෑම ගැන නම් මීට වඩා ඔබ සමාගම සිතිය යුතුය. අනෙක නම් ගමන්මලු අදාල මගියාම ගන්නවාද කියා බැලීමක් හරියට වෙන්නේ නැහැ. මේ නිසා දිනක් මගේ මිතුරෙකුගේ ගමන් මල්ලක් නැතිඋනා. එහි i තිබුනේ ඔහු තම දියණියට තෑගි වශයෙන් මිලදී ගත් සියල්ල. ඔහු අදාළ මුදල් ලබා ගත්තෙත් ලැබුණු මුදල වගේ දෙගුණයක් විතර දුරකථන ඇමතුම් වලට වියදම් කරලා. එදා මෙදා තුර මම දකින්නේ ශ්‍රී ලන්කන් හි ගුණාත්මක බවී අඩු වීමක්.(නදී)
සිරි, ප්ලේන් වල කෑම දෙන්නේ යන වෙලාව අනුව. ඔයා ලන්ච් වෙලාවේ ගියා නම් දෙන කෑම වෙනස් . මම මාලේ යනකොට එමිරේට්ස් එකේ දුන්නෙත් ඕවම තමයි. මත්තල වැඩක් නැති වැඩක් කියලා මටත් හිතෙනවා. කටුනායක ලොකු කළා නම් ඔයිට හොදයි . (නි)
අපේ රටේ එදා වේල හම්බකරගෙන බොහොම අමාරුවෙන් ජීවත් වෙන අය ගොඩක් ඉන්නවා. ගුවන් යානා ගන්න එක ගොඩක් හොදයි. ඉස්සැල්ල රටෙ මිනිස්සු හොදින් කාලා බීලා ජීවත්වෙන්න ඕනා. ඒකට වැඩපිළිවලක් යෙදුවානම් තමයි ගොඩක් හොද. අහිංසක ගොවියාගේ එළවලු ටික විකුණගන්න බැහැ ඒවා කුනුවලවල්වලට දානකම් බලදාරියා බුදියනවා. මේවට වැඩපිළිවලක් කලානම් හොදයි ඔය කොමිස් ගැන හිතනවට වඩා.(නදී)
ශ්රී ලංකාවේ "පැරඩයිස්" එකට කොහොම මේ විදිහට වුණේ? පම්පෝරියට අලුත් ජාත්‍යන්තර ගුවන් තොටවල් හදන්න ඉස්සර තමයි මේවා ගැන හිතන්න තිබුනේ. (නි)
ඔය එන්නේ කට්ටිය. ඔහොම යනකොට හැමෝම එනවා. පියවරෙන් පියවර තමයි නැගිටින්න ඕනේ.(නදී)
එමිරටෙස් හැරුනම ලංකාවට යන අනිත් ගොඩක් ගුවන් සේවා පාවිච්චි කරන්නේ ඒ320 හෝ ඒ 330 යානායි. ශ්‍රී ලංකන් පාවිච්චි කරන්නෙත් ඒ320 හෝ ඒ330 යානායි. ඉතින් මොකක්ද වෙනස? මේක අපේ අයගේ ආකල්පමය ප්‍රශ්නයක් පමණයි. පරණ වෙලා තියෙන්නේ ඒ 340 යානා විතරයි.ඒවා මාරු කළ යුතුයි. අපේ කට්ටියට පිටරට නම් පරණ වුණත් කොයි දේත් හොදයි . (නි)
නිතර ගුවන් ගමන් යන්න සිදුවෙන කෙනෙක් විදිහට 1991 අපේ ගුවන් සේවයෙ තත්වයයි දැන් තත්වයයි ශෝචනීයයි. යුරෝපෙට වගේ දිග ගමන් කරනකොට මාත් යාලුවො බොහෝ දෙනෙකුත් අකමැත්තෙන් වුවත් ශ්‍රී ලංකන් තෝරගෙන අවදානම සහ අපහසුව ගන්නෙ නැහැ. අනෙක බලන්නකො ගුවන් සේවක සේවිකාවන්ගෙ තියෙන ආඩම්බරේ. සිංහලෙන් කතා කළොත් තවත් ඉවරයි. එයාලට වඩා අපි ඉංග්‍රීසි දන්නවා. ඒ වුනත් සිංහලයෙකුට ඉංග්‍රීසියෙන් කතාකරන්නෙ ඇයි? (නි)
ලෝකයේ ගුවන් සමාගම් විමර්ශන වලට අනුව අපේ ආගන්තුක සත්කාර වලට හිමි වන්නේ හොද තැනක්. ප්‍රශ්නේ A340 යානා පරණ වීම නිසා නවීන රුපවාහිනී , අන්තර්ජාල පහසුකම් , පහසු ආසන අඩු වීම. මේ නිසා යානා වෙනස් කල යුතුයි. අප්‍රිකාව ඉලක්ක කිරීම ඉතා හොද වැඩක්, ඒ උනාට අපේ කට්ටිය යන්නෙම වැඩක් නැති සුද්දෝ ගාවට. උන් අපේ ප්ලෛන් වල යන්නේ නැහැ . අප්‍රිකාවේ සිට ගොඩක් මිනිස්සු චීනෙට , තායිලන්තෙට , ඉන්දියාවට යනවා . ඇයි අපේ කට්ටියට මේවා පෙන්නේ නැත්තේ . අන්තිමට වැඩක් නැති මාර්ග වල ගිහින් පාඩු විදිනවා.(නදී)
අපේ අයට හරි තේරුමක් නැහැ. අපි ඉලක්ක කරන්නේ යුරෝප ලබා ගන්න නම් අප්‍රිකාව ඉලක්ක කළ යුතුයි. අප්‍රිකාව ආසියාවට සම්බන්ධ කරන්න හොදම තැන ලංකාව.(නදී)
ඇයි ඔබතුමා මිහින් ලංකා එක නිසා ශී ලංකන් සමාගම පාඩු ලබන එක ගැන කියන්න බය. ජොබ් එක ගහල යන නිසාද නැත්නම් කොන්ද පන නැද්ද. අපි දැකල තියෙනවා. මිහින් ලන්කා එකට ටිකටි ගත්තු අය ශී ලන්කන් එකේ ඩුබායි යනවා. ඒක පාඩු බිස්නස් එකක් නෙමෙයිද මහත්මයා. කෙලින් කතා කරමු පුලුවනි නම්.(නදී)
අපේ රටේ ගුවන් සේවය ගැන කට ඇරලා කතා කරන්න හිතෙන්නේවත් නැහැ. ලංකික අපිට කිසිම සැලකිල්ලක් නැහැ ගුවන් යානයේ ගමන් කරන ලංකික අයව ගණන් ගන්නේවත් නැහැ. සමහර ගුවන් සේවිකාවන්ගෙන් යමක් ඉල්ලගන්න දෙතුන් පාරක් පස්සෙන් යන්න වෙනවා. අවුරුදු කීපයකට පෙර සියලුම පත්තර ගුවන් යානට ඇතුලු වෙනකොට දුන්නා දැන් ඒකත් නැහැ, ගුවන් සේවිකාවන්ගේ මුහුණේ හිනාවක් වත් නැහැ (නි)
මැද පෙරදිග දැනට තිබෙන හොදම ගුවන් සේවය තටාර් ගුවන්සේවය. ශ්‍රී ලංකන් එකට පුළුවන් එයාලගෙන් උපදෙස් ගන්න.(නදී)
අපේ පියාසර කපිතාන්ලා ඉතාම දක්ෂ ලෝකේ සිටින හොඳම මහත්වරු . ඒ වුණාට ගුවන්යානයේ වේටර් සේවය කරන කට්ටිය ලාංකික අපිට ලොකු ආඩම්බරකම් පෙන්නන නිසා මමත් කණගාටු වෙනවා. ඒ අයගේ මනස තම රැකියාවේ තරමට වෙනස් කෙරුවොත් හැම ශ්‍රී ලාංකිකයෙක්ම අපේ ගුවන් සේවයේම ගමන් කරාවී. ජය ශ්‍රී! (නි)
ගුවන් යානා පරණ නිසාද සමහර අය එමිරේට්ස් වලින් එහෙ මෙහෙ යන්න පටන් ගත්තේ?? (නි)
අපේ රටේ එයාර් ලයින් එක නිසා අපි ලංකාවට එන්න ටිකට් ගන්න ගියාම පුදුම විදිහට එයාලගේ ගණන් උස්සලා.දැන් අපි කුවේට් එයාර් ලයින් එකෙන් අඩුවට ටිකට් එක අරන්න එන්න යන්නේ. ශ්‍රී ලංකන් හැමදාම බූකින්ග් ලු මේ කුවේට් එකේ (නි)
මම එයාර් ලයින් ගොඩක් පාවිච්චි කරලා තියනවා. ශ්‍රී ලංකන් එයාර් ලයින් ඔය කියන තරම් වරදක් නැහැ. අපේ එයාර් ලයින් එකේ ගුවන් සේවිකාවන්ගේ ආඩම්බරකම නම් වැඩියි (නි)
මමත් ඊයේ පෙරේදා ජපන් ගිහින් ආවා. අනේ මට නම් ඔය කියන තරම් අඩුවක් පෙනෙන්නේ නැහැ, ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ. තව ටිකක් අලුත් වුණොත් හොදයි. (නි)
මම සෙනරත්ගේ කතාව පිලිගන්න්නවා, ලන්කන් එයාර් ලයින් එක හොදයි අනෙත් ඒවා බලනකොට . (අ)
ඉස්සර ආයුබෝවන් කියල පිළිගත්තා යානයට ඇතුලුවෙනකොට. දැන් සමහර වෙලාවට ඒකත් කියන්නේ නැහැ. ලඟදි දවසක බ්ලෙන්කට් එකක් ඉල්ලුවහම සීතලට පෙරෝවගන්න ගුවන් සේවිකාව කිව්වා යානයට බ්ලැන්කට් ලබා දුන්නේ නැහැලු. නමුත් එයාලා හොඳට බ්ලන්කෙට් පෙරෝගෙන හිටියා. පාඩු ලබන නිසා වෙන්න ඇති.(නදී)
අනිත් ගුවන්සේවා ලාභ ගනන්වනම් අපිට බැරි වෙන්ඩ බැහැ. හේතුව කොහේ හරි දූෂණය ඇති. ප්‍රිය මනාප ගුවන් සේවක සේවිකාවෝත් අවශ්‍යයි. අපි ශ්‍රී ලංකන්ස්ලා යනවිට අපට සලකන විදියයි වෙන රටක අය යනකොට සලකන විදියයි වෙනස්. එහෙම උනාම අපිට යන්න වෙන්නේ වෙන ඒවායේ. (නදී)
මුදල් ප්‍රමාණවත් තරම් තියෙනවානම් කමක් නැහැ (දී)
සෙන්තිල්, මම වැඩ කරන්නේ ඕමාන් එයාර් ලයින් එකේ. කලින් ලන්කන් එයාර් ලයින්... (නි)
කතා කරන්න එපා මහත්තයෝ, අපිට තවත් වේලක් බඩ ගින්නේ තමයි ඉන්න වෙන්නේ (දී)
මොන පිස්සුද නවීන පන්නයේ ගුවන් සමාගම් තිබුනට අඩු මුදලක් ගෙවලා යන මිනිසුන් කොච්චර ඉන්නවද? එම මිනිසුන් යන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ. වෙලා තියෙන්නේ පහසුකමක් නැති වුනත් වෙලාවට යන්නවත් ලැබෙන එකත් ලොකු දෙයක්. යන මිනිස්සු දන්නවා වෙන දේවල්. ඒ නිසා මේ සාකච්ඡාව ගුවන් තොටුපොලට ගිහිල්ලම යන මිනිසුන්ගෙන් දැනගන්න (නි)
අපේ යානා පරණ ඒවා ඒවයින් කොමිස් ගැහුවේ පරණ කට්ටිය , අලුතෙන් යානා ටිකක් ගෙන එමු එතකොට අපිට අලුතෙන් කොමිස් ටිකක් ගහ ගන්න පුලුවන්.(නදී)
මෙකෙ හරියට කන්නවත් දෙන්නෙ නැහැ.(නදී)
මමත් සේවා 2, 3ක යනවා එනවා. අලුත් පරණ ප්‍රශ්නයක් නැහැ.අපේ අයගේ ආඩම්බරකම වැඩියි. අපේකම හිතලා අපි යනකොට එයාලා හිතන්නේ අපේ මෝඩකමට ඒකේ යනවා කියලා (නි)
අයියෝ ලබන මාසේ ලංකාවට යන්න බූකින් දැම්මා.(නදී)
මාලි කිවුවා වගේ එතුමා කියනවා එමිරේට්ස්ලා කරගන යද්දී හොදින් කෙරුණා කියලා. ඉතින් අපි කාටද මේවා කියන්නේ.... (නි)
මෙයා නම් කියයි එන්න කියලා ජාතික ගුවන් සේවය නිසා. කව්ද ඉතින් ටිකට් දෙන්නේ. ජාතියේ කමට නෙමෙයිනෙ මෙයාලගේ ගණනුත් ඉතින්. මීට වඩා ගනන් අඩු ගුවන් සේවා තියෙනවා.(නදී)
කියක් වමට ගහයිද ඔය ගනුදෙනු වලින්. ඔබතුමා ගහයි කියල නෙවේ කියන්නේ. නමුත් අපේ රටේ ලගින් ගියත් කැල්ලක් නැති වෙන තරමට හොරු උඩ ඉදන් පහළටත්, පහල ඉදන් ඉහළටත් තරගෙට හොරා කනවා. මේක අද ඊයේ දෙයක් නෙවේ සුද්ද ගියදා ඉදන්ම තත්වේ ඕකයි.(නදී)
කවුරු මොනවා කිව්වත් ශ්‍රී ලංකන් එයාර් ලයින් හොඳයි. අඩුම මිල මෙයාලගේ. සාත්තුව ඉතා හොඳයි අනෙක් ඒවා වගේමයි. පරිපාලනය හරි හැටි නැත්නම් ඒ වගේ හොඳ වෙන්න විදියක් නැහැ. මම කියන්නේ කාටත් ලංකන් එයාර් බාවිතා කරන්න කියලයි (නි)
අර මහත්තයා පවා කියනවානේ ''ශ්‍රී ලංකන් ගුවන් සේවාව එමිරේට්ස් කරගෙන යද්දි හොඳින් කෙරුණා'' කියලා. (නි)
ඔය මත්තලට වියදම් කළ මුදලෙන් , ඔය අලුත් ගුවන් යානා ටික 2009 දී වගේ අරගෙන ජාතික ගුවන් සේවය දියුණු කළා නම්? (නි)
නියමයි අලුත් යානා ගත යුතුයි නැත්නම් ඉදිරියක් නැහැ. කාගෙවත් බොරු අහන්නේ නැතුව යානා ගන්න.(නදී)
මම අන්තිම වරට ඇමෙරිකාවට එනකොට ශ්‍රීලන්කන් ගුවන් සේවය යොදා ගත්තේ (2011). අපි එයාපෝර්ට් එකට විනාඩි 45 ත් කලින් ඇවිල්ලත් අපිව දාල ආව වෙලා මදි කියල බෑග් පරික්ෂා කරන්න (වෙලාවට එන්න බැරිවුනා හොදටම වැස්ස එදා). එයාල අපිව මුලින්ම පරික්ෂා කරලා විනාඩි 20 ට පස්සේ තමි එහෙම කිව්වේ. ආපසු ගෙදර යන්න වුනා අවුරුදු එක හමාරේ පුතත් එක්කල. එයින් පස්සේ මම හිතුව ශ්‍රීලන්කන් ගුවන්සේවාවල ආයේ යන්නේ නැහැ කියලා.(නදී)
කලමනාකරණේ හදාරපු අය දන්නවා ලංකාවේ කළමනාකරනේ යුරෝපේ කාර්මික විප්ලවය කාලේ පාවිච්චි කරපු තියරි වලින් තමයි තාම දුවන්නේ කියලා.ඒ මොනවද කියලත් මෙහෙම විස්තර කරන්න අමාරුයි. ඒවා වෙනස් කරන්න අපේ අය කැමති නැති තාක් තුරාවට ඕවා ඔහොම තමා. (නි)
මෙය ජනාධිපති ආර්යාවගේ එක කුස උපන් සහෝදරයා. තවත් සහෝදරයෙක් ඔස්ට්‍රියාවේ තානාපති. අනේ හොඳයි.(නදී)
සර් අර ඔරලෝසුව හොදට වැඩකරනවද? (නදී)
ඔය ගුවන් යාන පරණයි කියන්න එපා. ඒක ඇහුණාම තව ටිකක් සෙනග අඩු වෙයි.ආ... තව එකක් ඕවා පරණ එක විතරමද පාඩුවට හේතුව.අපතේ යැවීම,නාස්ති වීම් ඇත්තෙම නැද්ද. (නි)
ඕක මොකටද විදුලි බිල චුට්ටක් වැඩි කෙරුවොත් ගුවන් යානා හතරක් පහක් ගන්න පුළුවන්.(නදී)
ගිය අවුරුද්දේ පමණක් ගුවන් සමාගමේ පාඩුව කොටි 2050. එමිරට්ස් ලාගෙන් අපහු රජෙට ගනිද්දී හුරේ දාපු අය කටවල් වහන් ඉන්නවා දැන්. මේ පාඩු වුනේ කොහොමද අහයි කියලා. දැන් අහලා වැඩක් නැහැ මොකෝ හේතුව කවුරුත් දන්නවා. ඕක ආයෙත් වෙන සමාගමකට දීල දාන්නා. නැතිනම් තව ටිකක් බඩුමිල වැඩි වෙයි.(නදී)
අලුත් ගුවන් යානා ගන්නවට අපිත් නම් හරි කැමතියි.නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කොමිස් මුදල් අත යට ගනුදෙනු වෙන එක. (නි)
පින්තුරේ දැක්කම මන් හිතුවේ සුද්දෙක් කියලා.(නදී)
අර පොල් හොරා හොරකන් කරපු ලක්ෂ ගානක ඔරලෝසුව ඔබතුමාගේ නේද?(නදී)
දැන් අඩුම මිල ගණන් තියෙන්නේ චයිනා සදන්, එටිහාඩ්... අනෙක් ඒවා අපට වඩා ටිකයි ගණන් වැඩි. (නි)
ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ ගියහම හොදයි කියලා මටත් දැනුනා. ලංකාවට එනකොට අපේ එකක එනවා. (නි)
ඔය සෙනරත් කියන කෙනා ජීවිතේටම එකම එක පාරක් ගුවන්යානයක ගමන්කරලා වගේ,නැත්නම් ඔහොම කියන්නේ නැහැ. මම පිටරටක ඉන්නේ දැන් අවුරුදු 35ක ඉඳලා. හැම අවුරුද්දෙම ලංකාවට එනවා. දැන ශ්‍රී ලංකන් නම ආවට පස්සෙ නම් සේවේ ඔක්කොම හරිම සවුත්තුයි. (නි)
පුළුවන් නම් හිනා වෙලා මනුස්සයෙකුට කතා කරන්න දන්න ගුවන් සේවිකාවෝ ටිකකුත් අලුතෙන් ගන්න . මොකද ඒවත් දැන් ගොඩක් පරණයි (නි)
අනේ මොනව කියනවද? ජාතික ගුවන් සේවය කියලා මම 4 වතාවක් ගියා. ගුවන් සේවිකාවෝ ලංකාවේ නෙමෙයි වගේ ඉන්නේ (නි)
දැන් වෙසක් කාලයත් එනවා. ඒකනිසා බුදු අම්මෝ කියලා පටන්ගන්නම්. අනේ? මහත්තයෝ, ඕනෑම දෙයක සීමාවක් තියෙන්න ඕනෑ. දැන් ඇති නේද? දැන් ටිකක් අපි ලංකාවට හැදෙන්න දෙමු. අනේ පරණ ගුවන් යානා හොදයි. අලුත් ඒවා ගෙනාවත් අපිට සල්ලි හම්බවෙන්නේ නැහැ. ඒක නිසා මේක නවත්වමු. (නි)
මේ මහත්තයා කියන කතාවේ ඇත්තක් තියෙනවා. එම්රේට්ස් කරන කාලේ හොඳින් කරා කියලා. එහෙමනම් ඇයි වසරකට කෝටි 2050 ක් පාඩු ලබමින් මේක තවදුරටත් පවත්වා ගෙන යන්නේ. මේක විකුණා දමන්න නැත්නම් මේකේ පරිපාලනය සුදුසු පුද්ගලයකුට හෝ සමාගමකට පවරන්න. මෙතුමා ජනාධිපති ආර්යාවගේ සොහොයුරා උණා කියලා මෙතුමාට ගුවන්සේවයක් පාලනය කරන්න අවශ්‍ය පලපුරුද්ද තිබෙනවද? මේ ගොල්ලෝ කරන සෙල්ලම් වලට වන්දි ගෙවන්න වෙන්නේ අපේ අනාගත පරපුරට. මේ බොරු සෝබන වැඩ නොකර මෙම මුදලින් ජනතාවට විදුලිබල සහනධාර දෙන්න.(නදී)
නිශාන්ත මහත්තයෝ පොඩි උපදෙසක් දෙන්නද?. ලාබ ලබන්න ඕනා නම් හරි ගුවන් මාර්ග තෝරා ගන්න. හොදම උදාහරණය දකුණු අප්‍රිකාව. උපරිම ලාබ ලබන මාර්ගයක්. අපි යන්න තියා හිතලවත් නැහැ ඒ 350 ගුවන් යනා ගැනීම ඉතා හොද තීරණයක්. මෙය ලාබ දායී ගුවන යානයක්. අපේ ගුවන් යානා වලට තියන ප්‍රධාන පැමිණිල්ල තමයි ගුවන්යානා ඇතුලේ ආගන්තුක සත්කාරය අඩු කම. ලංකාවට එන යන කට්ටියට වඩා සම්බන්ධතා ගුවන්යානා වැඩි කිරීමට උත්සහ කල යුතුයි.(නදී)
ලංකාවේ ගුවන් යානා වල යන්න අපිත් ආසයි. ප්‍රධාන ප්‍රශ්නේ ශ්‍රී ලංකන් යන්නේ සීමිත රටවල් වලට පමණයි. උදාහරණ ලෙස ඇමෙරිකාව , අප්‍රිකාව , ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට යන්නේ නැහැ. මේවා ලාබ ලබන ගුවන් මාර්ග. (නි)
ලංකාව ලාභ ලබන්න නම් අප්‍රිකාව ඉලක්ක කළ යුතුයි. (නි)
අපි ලාබ නොලබන්න ප්‍රදාන හේතුව සීමිත රටවල් ගානකට පියාසර කිරීම. දකුණු අප්‍රිකාව, ඇමෙරිකාව වැනි රටවලට පියාසර කළ යුතුයි. උදාහරණ ලෙස දකුණු අප්‍රිකාවේ සිට චීනයට යන අයෙකුට ලංකාව හරහා ලෙහෙසියෙන් යන්න පුළුවන්. ලාබ ලැබීමට නම් සම්බන්ධතා ගුවන් යානා වැඩි කළ යුතුයි. එමිරේට්ස් ගුවන් සමාගම දියුණු වුණේ මේ සංකල්පය මතයි. (නි)
අපේ ගුවන් යනා වලට තියන ප්‍රධාන පැමිණිල්ල ගුවන් යානා ඇතුලත "ඉන්ෆ්ලිඝ්ට් එන්ටර්ටෙයින්ට්මන්ට්" මදිකමයි. ආගන්තුක සත්කාර නෙමෙයි. මෙයට හේතුව ප්ලේන් පරණ වීමයි. (නි)
මම ලෝකයේ ගොඩක් ගුවන් සමාගම් වලට අයත් යානා වල පියාසර කර තියනවා. අපේ ගුවන් සමාගමේ යානා වල වැඩි වෙනසක් නැහැ . අපි අපේ ගුවන් සමාගමේ නම තියා ගන්න ඕනෑ. එතකොට මිනිස්සු එනවා. අලුත් යානා ගැනීම හොද තීරණයක්. ලංකාව සම්බන්ධතා ගුවන් යානා වලට හොද තැනක්. අපි ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනෑ. (නි)
අපිට සල්ලි දීලාවත් ශ්‍රීලන්කන් එයාර් ටිකට් ගන්න බැහැ. කැනඩා ඔෆිස් එකෙන්. ඇහුවොත් කියන්නේ ෆුල් බුකින් කියලා. නමුත් ගුවන්යානය යන්නේ බාගයක් හිස්වෙලා. අනිත් ගුවන් සමාගම් සදාරන මිලට යද්දී එයාර් ලංකා මිල 2400 ටත් වැඩි. කැනඩා එයාර් ලංකා කාර්යාලය සේවාව අන්තිම නරකයි.(නදී)
ශ්රී ලංකන් වල ඉඳගෙන යන්න බහෑ. කකුල් තියාගන්න ඉඩ නැහැ. සැප පහසු නැහැ. ආසන කැඩිලා. පුද්ගලික බස් එකක යනවා වගේ. අපි කවුරුවත් යන්නේ නැහැ ඒ නිසා. ඉදිරියට මේ තත්වය තවත් වැඩි වේවි. කරන්න දෙයක් නැහැ. අපේ දේ කියල මුදල් දීල අපහසුවෙන් යන්න ඕන නැහැනේ. අනික සේවක, සේවිකාවන්ගේ සේවාව පිළිබඳව කොහෙත්ම සතුටුවෙන්න බැහැ. හරියට නොමිලේ යනවා වගේ සැලකිල්ල.(නදී)