IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අපේ ජයට හේතුව රටේ සංවර්ධනයයි

ළඟ එන සබරගමුව ඇතුළු පළාත් සභා 03ක මැතිවරණ, ආණ්ඩුව මුහුණ දී ඇති සංවේදී අර්බුද හා කාලීන දේශපාලනය ගැන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති  ඩබ්.ඞී.ජේ. සෙනෙවිරත්නගේ මතවාදයයි මේ.


ප‍්‍රශ්නය:- පළාත් සභාවල නිල කාලය ඉවර වෙන්නට වසර 1 1/2ක් තිබියදී ආණ්ඩුව කඩිමුඩියේ ඒවා විසුරුවා ඡන්දවලට ගියේ ඇයි? ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය ආණ්ඩුවේ නහයට උඩින් යන්නට කලින් ජනතාව රවටාගෙන හෝ එය මර්දනය කිරීම මේ මැතිවරණ වල යටි අරමුණද? පිළිතුර:- නෑ. ඒ විග‍්‍රහය මම ප‍්‍රතික්ෂේප කරනවා. මැතිවරණ පැවැත්වීම ජනතාවගේ පැත්තෙන් ගත්තාම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලියක්. මේ මැතිවරණ ක‍්‍රමය එන්න කලින් තිබූ මැතිවරණ ක‍්‍රමය තුළ අතුරු මැතිවරණ තිබුණා. එතැනදී ජනතාවට අවස්ථාව ලැබුණා ආණ්ඩුවට පක්ෂව මෙන්ම විරුද්ධවත් මතය ප‍්‍රකාශ කරන්න. ජනතාව ආණ්ඩුවේ ගමන්මග පිළිබඳ හිතන විදිය දැනගැනීමට එය අවස්ථාවක් වුණා. ජනමතය හැසිරෙන්නේ කොහොමද කියලා දැනගැනීමට විපක්ෂයටත් අවස්ථාව ලැබුණා. ඒත් වත්මන් මැතිවරණ ක‍්‍රමයේ අතුරු මැතිවරණ නැහැ. පාර්ලිමේන්තු හා පළාත් සභා ඡන්ද කියන්නේ වසර 06 හා 05 ආදී වශයෙනුයි. මන්ත‍්‍රීවරයෙක් මියගියාම හෝ ඉවත් වුණාම ලැයිස්තුවේ ඊළඟට ඡන්ද ලබාගත් කෙනා පත්වෙනවා. එවිට අතරමගදී ජනමතය හැසිරිම ගැන කිසිඳු අදහසක් ලබාගැනීමට අවස්ථාව නැහැ. ඒ නිසා වසර 05ක්ම ඉන්නේ නැතුව ව්‍යවස්ථානුකූලව මේ පළාත් සභා තුන කලින් විසුරවලා ජනතාමතය කොයිබටද යන්න පිළිබඳ රටටම අවබෝධයක් ලබාගැනීමේ අවස්ථාව විවර කිරීමේ වැරැද්දක් නැහැ.   ප‍්‍රශ්නය:- ඒත් ජනතාව අද අධික ජීවන බරින් විරැකියාවෙන් පෙළෙද්දී වැඩි පඩි, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මාධ්‍ය නිදහස ඉල්ලද්දී ආණ්ඩුවේ හොරකම්, නාස්තිය, ළමා අපචාර, ඝාතන, කුඩු ජාවාරම නවත්වන ලෙස ජනතාව බලකරද්දී ආණ්ඩුව ඒවා කරනවා වෙනුවට හදිසි මැතිවරණ ලබාදීම ගැටලූකාරී නැද්ද? පිළිතුර:- ඔබ කියපු ඇතැම් සිදුවීම් සීමාව ඉක්මවා යන්න හදන තරම්. ඒවා වහාම සමනය කරගැනීම අවශ්‍යයි. නැත්නම් රට ත‍්‍රස්තවාදයෙන් බේරාගෙන සංවර්ධනය කිරීමේ සැබෑ ප‍්‍රතිඵල නොලැබී යන්නත් පුළුවනි. ඒනිසා ආණ්ඩුවක් ලෙස ඉහත දැක්වූ අපචාර මර්දනය කරන්නත් උපරිම පියවර ගනිමින් ඉන්නවා. කවර තරාතිරමක වුණත් කෙනෙක් අත්අඩංගුවට ගන්න නීතිය හරිහැටි ක‍්‍රියාත්මක කරන්න පියවර ගන්නවා. නීතියේ ස්වාධීන බව, නීතියේ පරමාධිපත්‍ය වැටුණොත්, පසුබෑමට ලක්වුණොත් ඒක රටක් ලෙස ඉතා අහිතකර වේවි. එහෙම වුණාම අපරාධ හා අපචාරවලට වගකිවයුතු අපරාධකරුවන්ට ආරක්ෂාවීමටත් ලොකු ඉඩක් ලැබෙනවා. ඒ තත්ත්වය නැති කරන්න ආණ්ඩුවක් ලෙස  ඕනෑකමින් අප කටයුතු කරමින් ඉන්නවා.

 

දුෂණ අපචාරවලට ආණ්ඩුවෙන් ඉඩ නෑ

  ප‍්‍රශ්නය:-රට හා ජනතාව පෙළන ප‍්‍රශ්න විසඳනවා වෙනුවට ආණ්ඩුව මැතිවරණවලට මුල් තැන දුන්නේ ඇයි කියලත් මම ඇහුවා? පිළිතුර:-ජනතාවගේ හා රටේ ගැටලූ විසඳීමට මේ ආණ්ඩුව තරම් අවංකව කැප වූ පිරිසක් නැහැ. ඒත් යම් යම් ගැටලූ අඩුපාඩු ඇතිවූ තැන් ඇති. ඒවාත් නිවැරදි කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් රැකෙන ලෙස මැතිවරණ පැවැත්වීම ගැටලූ සහගත වෙන්න ඉඩක් නැහැ. මේ මැතිවරණ අද ගැටලූවක් වෙලා තියෙන්නේ ජනතා විශ්වාසයක් නැති ඇතුළේ අර්බුද නිසා මරා ගන්නා විපක්ෂයට විතරයි.   ප‍්‍රශ්නය:-ඝාතන ළමා හා ස්ත‍්‍රී දුෂණ මත්ද්‍රව්‍ය ජනතා මුදල් ගසාකෑම හා නාස්තිය උසාවිවලට ප‍්‍රහාර එල්ල කිරීම විනිශ්චයකරුවන්ට තීන්දු සඳහා බලපෑම් කිරීම් ආදිය නීති ගරුක සමාජයකට කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. මේවා සිදුවුණාට පසුව විසඳුම් සෙවීමට වඩා සිදුනොවීමේ පරිසරය රට තුළ තැනීම නේද වඩා වටින්නේ. ආණ්ඩුවේ ඉහළ සිට පහළ දක්වා අය චෝදනාවලට ලක්වීම මෙවැනි පසුබිමක් ඇතිවීමට බලපෑ ප‍්‍රධාන හේතුව නේද? පිළිතුර:- පැහැදිලිවම ආණ්ඩුවේ දැඩි අවධානය ඔබ කියන පැත්තට යොමුවී තිබෙනවා. එය වඩාත් හොඳින් සිදුවීමයි අවශ්‍ය වන්නේ. යමක් සිදුවූ පසු පියවර ගැනීමට වඩා සමාජයට හිතකර වන්නේ ඒවා වළක්වන පියවර ගැනීමයි. ආණ්ඩුවේ හැම කෙනෙක්ම දැඩි ලෙස විනයානුකූලව හැසිරීම අවශ්‍යයි. ජනතාව හා සමාජය නිවැරැදි කිරීමට එය පරමාදර්ශයක් වේවි. විනය විරෝධී කටයුතු කරන  ඕනෑම තැනකදී ඊට එරෙහිව සෘජුවම ක‍්‍රියා කිරීමට ආණ්ඩුව පසුබට වෙන්නේ නැහැ. තරාතිරම බලන්නේ නැහැ. ඇතැම් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු පළාත් සභා හා පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්ට පවා එරෙහිව නීතිය අකුරට ක‍්‍රියාත්මක වෙනවා. සමහරු අත්අඩංගුවටත් අරන් තියෙනවා. ආණ්ඩුවක් ලෙස කෙළින් කටයුතු කරන්න පියවර ගෙන තිබෙනවා. පක්ෂයේ ප‍්‍රබල අය නායකයන්ට හිතවත් අය, පක්ෂය දිනවන්න කැපවූ අය කියලා දුෂණ අපචාර කරන්න ආණ්ඩුව ඉඩ දෙන්නේ නෑ.   ප‍්‍රශ්නය:- ඒත් සමහරුන්ට අත්හිටවපු ශ්‍රීලනිප සාමාජිකත්වය යළි ලබාදී තිබෙනවා. ඒ එක්කම ළඟදීම ඔවුන්ට තනතුරුත් ලැබේවි. එය වැරදි පූර්වාදර්ශයක් හා පනින රිලවුන්ට ඉනිමං තැබීමක් නේද? පිළිතුර:- චෝදනාවලට ලක්වූ කාටවත් පක්ෂ සමාජිකත්වය දීල නැහැ. එසේ ක‍්‍රියා කළ යුතුත් නැහැ. ඒත් යමෙකු චෝදනා ලැබූ පමණින් වැරදිකරුවකු වෙන්නෙ නැහැ. වැරදිකරුවකු බව ඔප්පු වුණොත් ඔවුන්ට එරෙහිව ආණ්ඩුව අනිවාර්ය පියවර ගන්නවා. එහෙම නොකර රටකට ඉදිරියට යන්න බැහැ.   ප‍්‍රශ්නය:-සබරගමුව අදාළ රත්නපුර දිසාවේ සන්ධාන නායකයා ඔබයි. රත්නපුර දිසාව ප‍්‍රමුඛ සබරගමුවේ ජනතාව යළිත් සන්ධානය දිනවිය යුත්තේ ඇයි? මොකද මුළු රටේම ජනතාව පෙළන ප‍්‍රශ්න සබරගමුවටත් අදාළයි නේද? පිළිතුර:- මේ ආණ්ඩුව යටතේ රත්නපුර දිස්ත‍්‍රික්කය ඇතුළු සබරගමු පළාත් හැම අංශයකින්ම දියුණූ කරන්න අපි ක‍්‍රියා කළා. පළාත් සභාව මෙන්ම විශේෂයෙන් මධ්‍යම ආණ්ඩුව ඒ වෙනුවෙන් විශාල මෙහෙයක් කළා. රු.කෝටි දහස් ගණනක් ඒ සඳහා යට කළා. පහළ වැටී තිබූ අධ්‍යාපන මට්ටම ඉහළට ඔසවා තබලා පොදු යටිතල පහසුකම් හුඟක් දියුණු කළා. විශේෂයෙන් මධ්‍යම ආණ්ඩුවේ මැදිහත්වීම නිසා මුළු සබරගමුව පළාතම අවදිවෙලා ලොකු සංවර්ධනයක් භෞතික ලෙස ඇතිවෙලා තියෙනවා. පාරවල්, රෝහල්, පාසල් හැදිලා විදුලිය ජලය කාටත් ලැබිලා තේ, රබර්වලට ඉහළ මිලක් ලැබිලා ජීවන මට්ටම ඉහළ තැනකට ගිහින්. මැණික් කර්මාන්තය නිසා රත්නපුර දිසාවේ වෙනමම ආර්ථිකයක් තිබෙනවා. ඒත් සියල්ල සම්පූර්ණයි කියල මම කියන්නේ නෑ. තව කළ යුතු දේ තිබුණත් ආණ්ඩුවක් ලෙස අප ඉටු කළ හැකි උපරිමයකට බව ජනතාව පිළිගන්නවා. ඒ නිසා අමාරු යුද්ධයක් ජය අරන් රටක් සංවර්ධනය කරන්නට මේ ආණ්ඩුව කරන කැප වීම ගැන ජනතාව පැත්තෙන් අගය කිරීමක් කරන්න සබරගමුව ජනතාවට මේ ඡන්දය හරහා අවස්ථාව ලැබී තිබෙනවා. අද ජීවන බර ටිකක් වැඩියි. ඒක ඇත්ත. ඒත් ජනතාවට ආදායම් ලැබීමේ අවස්ථාත් දැන් වැඩි වී තිබෙනවා. අනික සමහරුන්ට අද අවශ්‍යතා වැඩියි. ආදායමේ හැටියට මුදල් වියදම සමහරුන්ට පාලනය කරගන්න බැරි වී තිබෙනවා. ජංගම දුරකතන දෙක තුන පාවිච්චි කරන අය ඉන්නවා. ඒ වගේ ආර්ථික අමාරුකම්වලට ආණ්ඩුව වගකියන්නේ කොහොමද? ජනතාව අද බුද්ධිමත්. එදාට වඩා අද රට හැම අතින්ම දියුණු බව ජනතාවට අවබෝධ කර තිබෙන නිසා සන්ධාන ජය ස්ථිරයි.

 

විපක්ෂයේ කතාවලට ජනතාව රැවටෙන්නෙ නෑ

  ප‍්‍රශ්නය:- ඒත් එජාප වසර 17ක පාලනයට ශ්‍රීලනිප ප‍්‍රමුඛ මේ ආණ්ඩුවේ අය එල්ල කළ නාස්තිය, දුෂණය, බලයට කෑදරකම ආදී බරපතළ චෝදනා අද මේ ආණ්ඩුවට එරෙහිව ඊටත් වඩා ප‍්‍රබලව එල්ලවීම ගැන මොකද කියන්නේ.? පිළිතුර:- හැම ආණ්ඩුවකට විරුද්ධව ඔය චෝදනාව එල්ල වෙනවා. එල්ල කරන අය ඒවා දේශපාලන අරමුණු සහිතව ප‍්‍රකාශ කළත් ඔප්පු කරන්නෙ නෑ. ඒ කාලේ අපි කළේත් ඒකම තමයි  ඕනෑම ආණ්ඩුවකට නාස්තිය දුෂණය තිබෙනවා. ඒත් මේ ආණ්ඩුව ඒවා ඉතා අවම කරන්න ක‍්‍රියා කරනවා. මේක 100%ක් දුරු කරපු රටක් ගැන මම අහල නෑ. ඒත් ජනතාවගේ මුදල් පරිස්සමින් පරිහරණය කිරීමේ විශාල වගකීමක් කාටත් තිබෙනවා.   ප‍්‍රශ්නය:- කහවත්තේ ඝාතන පිළිබඳ විශාල සංවාදයක් රට තුළ තිබෙනවා. කුඩු ගැන සංවාදයක් තිබුණා. එහි අලූත්ම තත්ත්වය කෙබඳුද? පිළිතුර:- පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන උනන්දුවෙන් ක‍්‍රියා කර ගෙන යනවා. ඒ ප‍්‍රදේශයේ තාවකාලික පොලිසි පිහිටුවා තිබෙනවා. ගමේ ආරක්ෂාව හා සෙසු කරුණුවලදී ඒ ගමේ ජනතාවත් හවුල් කරගත යුතු බව මගේ මතයයි. පොලිසියේ ඉහළ නිලධාරීන් එක්ක කතා කරලා ජනතා සහභාගිත්වය සහිත ආරක්ෂාවට අදාළ වැඩ පිළිවෙළක් දියත් කළ යුතු බව මම පෙන්වා දුන්නා.   ප‍්‍රශ්නය:- උගත් පාඩම් කොමිෂන් නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට අදාළව ජිනීවාහිදී ලංකාවට අදාළ යෝජනාවක් ගිය වසරේ සම්මත වුණා. ඒත් ඒවා නිසි ලෙස ක‍්‍රියාත්මක කරන්නට ආණ්ඩුව උනන්දු නොවීම තුළ ලංකාව තවත් ලෝකය තුළ අනාථවේගෙන යනවා නේද? ලෝකයෙන් ආර්ථික ආධාර පවා නොලැබෙන නිසාද ණය ගෙවීම සඳහා තවත් ණය ගන්නට ආණ්ඩුවට සිදුවී තිබෙන්නේ...? පිළිතුර:- විවිධ තර්ක ඇතැම් කොටස් මතු කළත් හැම කෙනෙක්ම රට තුළ සිදුවන සංවර්ධනය ගැන පැහැදීමක ඉන්නේ. උගත් පාඩම් නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම පටන් අරන් තියෙන්නේ. ඒ නිසා ජාත්‍යන්තරයෙන් අපට බලපෑම් එන්න අවශ්‍ය නෑ. එවැනි බලපෑම්වලට ස්වාධීන රටක් ලෙස අප යටපත් විය යුතුත් නැහැ. ඒත් සියලූ ජාතීන්ට සමගියෙන් ජීවත්වීමේ පසුබිම ඇති කළ යුතුයි. ආණ්ඩුව ඒ සඳහා ක‍්‍රියාත්මක වෙනවා. අනික ලංකාවට ලෝක සහාය නැහැ කියන කතාව වැරදියි. ජාත්‍යන්තර මූල්‍ය ආයතන බැංකු හා මිත‍්‍ර රටවල් රැසක් අපට උදව් කරනවා. ණය ආධාරත් දෙනවා. ලංකාවේ විදුලි බලාගාරයක් ඉදිකරන්න ඩොලර් දශ ලක්ෂ 500ක ණයක් ඇමෙරිකානු එක්සිට් බැංකුව විසින් අනුමත කර තිබෙනවා. එවැනි තවත් ආධාර හා ණය තිබෙනවා. ඒ හරහා රට වේගයෙන් සංවර්ධනය කරන්න ඉඩ ලැබේවි. විවේචනයට ලක්කළ යුත්තේ ණය ගැනීම නොවෙයි ඒවා නිසි ලෙස යොදවන්නේ නැත්නම් පමණයි. ඒත් මේ ආණ්ඩුව ගන්නා ණය නිසි ලෙස යොදවනවා. ඉන් රටට ජනතාවට අනාගත පරපුරට නුදුරු අනාගතයේදී ප‍්‍රතිලාභ ලැබේවි. ජනතාවට සෘජු සහන දීලා කන්න බොන්න දෙන්නම ජාතික ධනය වැය කළොත් රටට දරු පරපුරට අනාගතයක් නැහැ. මේ ආණ්ඩුව පුළුල්ව සිතා ක‍්‍රියා කරන්නේ ඒකයි.

 

බාලතෙල් අර්බුදය ආර්ථිකයටත් හානිකරයි

  ප‍්‍රශ්නය:- ඉසෙඞ් අගය ප‍්‍රශ්නයෙන් රටේ අනාගත පරපුර වූ සිසු පරපුර ලක්ෂ ගණනකට විශාල අසාධාරණයක් වූ බවට චෝදනා තිබෙනවා. ආණ්ඩුවේ දේශපාලකයකු ලෙස නොව වගකිවයුතු හා උගත් පුරවැසියකු ලෙස ඔබේ ස්වාධීන දැක්ම කෙබඳුද? පිළිතුර:- මේ ප‍්‍රශ්නය හෑල්ලූවට තකන්න නරකයි. ආණ්ඩුවක් ලෙස අපි එහෙම කරන්නේ නෑ. මේ ප‍්‍රශ්නයෙන් විශාල සිසුන් සංඛ්‍යාවකට ලොකු අර්බුදයකට මුහුණදීමට වෙලා තිබෙනවා. විශ්වවිද්‍යාලවලට යන්න හිටපු ළමයි තම අනාගතය ගැන චිත්ත පීඩාවකට පත්වීම සැහැල්ලූවෙන් තකන්න නරකයි. මේ ගැටලූව ආවේ ආණ්ඩුවේම වරදින් නොවෙයි. කොහොම වෙතත් බරපතළ ගැටලූවක් මතුවී තිබෙනවා. කාටවත් අසධාරණයක් නොවන ලෙස ප‍්‍රශ්නය බේරාගැනීම ආණ්ඩුවේ වගකීමයි. මොකද මෙහිදී ආණ්ඩුවටත් විශාල වගකීමක් තිබෙනවා. ඒනිසා නිර්දේශ දෙකෙන්ම විභාගයට පෙනී සිටි සුදුසුකම් සපිරූ සියලූ දෙනාට සාධාරණය ඉටු කරන්න ආණ්ඩුව ක‍්‍රියා කළ යුතුයි. එහෙම සිදුවේවි කියල මට හිතෙනවා. දැනටත් ඒ වැඩපිළිවෙළ ඇරඹී තිබෙනවා. මොකද මේක ඉතා සංවේදී ප‍්‍රශ්නයක්.   ප‍්‍රශ්නය:- බාල ඞීසල් පෙට්රල් ගෙන්වා රටට ජනතාවට හා රටේ ආර්ථිකයට විශාල හානි සිව්වැනි වතාවටත් සිදුවී තිබෙනවා. එකම වරද කිහිප වරක් සිදු වන්නේ මේ ආණ්ඩුව වරදකරුවන්ට දඬුවම් වෙනුවට ඔවුන් බේරීමේ ප‍්‍රතිපත්තිය තුළ ක‍්‍රියාත්මක නිසාද? පිළිතුර:- ඇත්තටම එකම වරද කිහිපවරක් සිදුවීම ගැටලූකාරියි. මේ ප‍්‍රශ්න බරපතළ හා ජනතාවට ඉතා සංවේදීයි. ඔබ කිව්වා වගේ මේක රටේ ආර්ථිකයටත් හානිකරයි. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වාහන විශාල ගණනක් නැවතිලා. කාර් වෑන් බස් විතරක් නොවෙයි කෝච්චි හා මුහුද මැදදී බෝට්ටු පවා නැවතීම බරපතළ තත්ත්වයක්. ඇතැම් කම්හල්වල යන්ත‍්‍ර සූත‍්‍ර පවා නැවතිලා. මේ නිසා රටට ආර්ථික අවාසි විශාල ලෙස සිදුවෙනවා. මගේත් වාහන 02 ක් නැවතුණා. ෆිල්ටර් මාරුවට හා ඉන් ඇතිවූ දෝෂ සඳහා විශාල මුදලක් යටවුණා. මෙවැනි දේ යළිත් ඇති නොවීමට වගබලා ගැනීම අත්‍යවශ්‍යයි. එසේම මේවාට වගකිවයුතු අය සොයා ගෙන තිරාතිරම නොබලා දඬුවම් කිරීමත් කළ යුතුයි. නැත්නම් මෙවැනි බරපතළ ප‍්‍රශ්න තවත් ඇතිවේවි. මේවා අන්තිමට ආණ්ඩුවේ එකවුන්ට් එකටයි වැටෙන්නේ.   ප‍්‍රශ්නය:- ළඟ එන ඔබ අයත් සබරගමුවත් එසේම උතුරු මැදත් පවතින දේශපාලන හා ජාතීන්ගේ සංයුතියට වඩා නැගෙනහිර තත්ත්වය වෙනස්. ආණ්ඩුව එක්ක ඉන්න මුස්ලිම් කොංග‍්‍රසය, වීරවංශ පිල, වමේ පක්ෂ මේ ඡන්දයේදී ආණ්ඩුවෙන් ගැලවී ඡන්ද ඉල්ලීම ගැන ඔබේ විග‍්‍රහය කුමක්ද? පිළිතුර:- ඒ ඒ පක්ෂවලට තමන්ගේ ශක්තිය උරගා බලන්න තරග කරන්න උත්සාහ කරනකොට ඒ ඒ ප‍්‍රදේශවල පවතින දේශපාලන පසුබිම හුඟක් බලපානවා. ඒත් ඒ අය පැහැදිලිවම කියල තිබෙනවා වෙනමම ඡන්දයට ඉදිරිපත් වුණත් ඡන්දයෙන් පසුව ආණ්ඩුව එක්ක එකඟතාවට එනවා කියලා. මේවා දේශපාලන හේතු මිසක් ලොකු අරුමයක් නොවෙයි.   ප‍්‍රශ්නය:- සබරගමුවේ හා රත්නපුර දිසාවේ සන්ධාන නායකයා ලෙස එම මැතිවරණයේ ප‍්‍රතිඵලයට අදාළ ඔබේ අනාවැකිය හා ජනතාවට ලබාදෙන පණිවිඩය කුමක්ද? පිළිතුර:- සබරගමුවේ විතරක් නොවෙයි මේ පළාත් සභා තුනේම ජය සන්ධානය ලබනවා. විපක්ෂයේ අසමගිය, ජනතාවට ඔවුන් ගැන විශ්වාසයක් නැතිවීම මෙන්ම මේ ආණ්ඩුව රට පුරා කරන සංවර්ධනය අපේ ජයට හේතුවයි. ආණ්ඩුවක් දීර්ඝ කාලයක් ඉදිරියට යන කොට සුළු සුළු ප‍්‍රශ්න ඇති වෙනවා. මේ ආණ්ඩුවටත් ඒක පොදුයි. ඒත් ජනතාව අද බුද්ධිමත් නිසා විපක්ෂයේ නොමග යැවීම්වලට ඔවුන් රැවටෙන්නේ නැහැ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න

සංවාද මෙහෙවර අශෝක ජයතුංග



අදහස් (0)

අපේ ජයට හේතුව රටේ සංවර්ධනයයි

ගොඩකවෙල අසංක Tuesday, 14 August 2012 12:59 PM

රත්නපුර මහ සෙනෙවියාණෙනි, දස දහසක් තරුණයන්ගේ රැකියාපිපාසය සංසිදවූ ඔබට දීර්ඝායුෂ ලැබේවා...!!(නු)

:       0       0

වාසනා Monday, 13 August 2012 05:07 PM

ජයවේවා

:       0       0

ප්‍රභාත් කුළරත්න Tuesday, 14 August 2012 08:53 PM

මහ සෙනෙවියනි.. අපරාදෙ කලු ගග ව්‍යාපාරය නැවැත්තුවෙ.. (නු)

:       0       0

සුමන Monday, 13 August 2012 12:28 PM

මට පොඩි කැස්සක් තියෙනවා මේ දවස් වල. නැතුව නක්කලේට නෙවෙයි කැස්සේ... (දී)

:       0       0

චානක Tuesday, 14 August 2012 06:55 PM

සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි. (නි)

:       0       0

චානක Tuesday, 14 August 2012 06:53 PM

දේශපාලකයන් හුග දෙනෙක් කරන්නේ රට කන එකයි. (නි)

:       0       0

චානක Tuesday, 14 August 2012 06:58 PM

මොනවා වුණත් රට නම් දැන් අරාජික වෙලා ඉවරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 119 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5948 3

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 882 6

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1474 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 135 1

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 213 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site