මේ දිනවල පුංචි තිරයේ විකාශය වෙන ‘‘දම්සාරි’’ ටෙලි නාට්‍යයේ නිම්සාරි චරිතය රඟන්නේ ඇයයි. ඒ වගේම ‘‘මිරිඟු දිය’’ ටෙලි නාට්‍යයෙන් ද ඇය ඔබට මේ දිනවල දැක ගන්න පුළුවන්. පසුගිය කාලයේ විකාශය වූ ‘‘අංගනා’’ ටෙලි නාට්‍යයේ ඇය රඟපෑ චන්තුලිගේ චරිතය බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. ඒ හින්දා සමහරු ඇය හඳුන්වන්නෙත් චන්තුලි කියලයි.

ඇය තමයි නෙතු පි‍්‍රයංගිකා. පුංචි තිරයේ මේ දිනවල ජනපි‍්‍රය වී සිටින මේ රුවැත්තියටත් එක එක අමුතු යෝජනා ක්ෂේත‍්‍රයෙන් වගේම පිට අයගෙනුත් ලැබෙනවාලූ. ඉතිං නෙතු ඒවාට මොනව ද කරන්නේ කියලා අපි ඇයගෙන්ම දැන ගනිමුකෝ.
ඔයාට දුරකථන ඇමතුම්වලින් යෝජනා එහෙම එනවා ඇති නේද?
‘‘මෙහෙමයි. දුරකථන ඇමතුම් එනවා. ඒවා ඉතිං අපට ගන්න වෙනවානේ. අනවශ්‍ය දෙයක් ගැන නම් කතා කරන්නේ මා ඉක්මනින් ඒවා විසන්ධි කරනවා. පේ‍්‍රක්‍ෂකයෝ ඉතිං අපට තිබෙන ආදරයටයි කෝල් කරන්නේ. ඒ අයට මම උත්තර දෙනවා. ඒ අතරේ ඉතිං විවාහ වෙන්න යෝජනාත් ගේනවා. ඒවාත් කොහොම හරි බේරාගෙන තරහා වෙන්නේ නැති විදිහට ඔවුන්ට පිළිතුරු දෙනවා.
-අනවශ්‍ය දුරකථන එන ප‍්‍රමාණය අඩුයි. එස්.එම්.එස්. නම් එන්නේ නැති තරම්. අනවශ්‍ය ඒවා ආවත් කතා කරලා බලනවා. ඔවුන් එන්නේ වැරැුදි පාරක නම් හෙමිහිට මා එයින් අයින් වෙනවා. මොකද මට හොඳට මේ ක්ෂේත‍්‍රය ගැන වැටහීමක් තිබෙන හින්දා.”
එතකොට ඔයාගේ ෆීල්ඞ් එකේ අයගෙන් යෝජනා එන්නේ නැද්ද?
‘‘ෆීල්ඞ් එකේ නම් ප‍්‍රශ්නයක් ඇති වෙලා නෑ. මොකද මා දන්නවා කරන්න ඕනෑ දේ හා නොකළ යුතු දේ. හැබැයි ඉතින් එකට වැඩ කරද්දී ආදර සබඳතා ඇති වෙන්න පුළුවන්. එහි දී විවාහ යෝජනාත් එනවා. එහෙම වෙන්නේ අපි කාලයක් එකට වැඩ කරන විට ඇති වන බැඳීම හින්දයි. එහි වරදක් මා දකින්නේ නෑ. නමුත් ඉතිං අපි ඔලූව කල්පනා කරලා වැඩ කරන්න එහි දී ඉගෙන ගන්න වෙනවා.”
අද අලූත් නිළියන්ට ලිංගික බලපෑම් කලා ක්ෂේත‍්‍රයේ සිදු වන බවට මතයක් තිබෙනවා. ඔයාටත් එවැනි දේවල්වලට ආරාධනා කරලා නැද්ද?
-බොරු කියන්න ඕන නැහැනේ. මටත් එවැනි ආරාධනා ලැබී තිබෙනවා. හැබැයි ඉතිං ගොනා හැරෙන්නෙ පොල් පැළය කන්නයි කියලා මා අවබෝධ කරගන්නවා. සමහරු නිර්මාණවල දී අර ප‍්‍රධාන චරිතය දෙන්නම් කියලා ලිංගික බලෑපම්වලට ආරාධනා කරන අය ඉන්නවා. එවැනි අය මට හම්බ වෙලා තිබෙනවා. එතන දී මම අයින් වෙනවා. මොකද අපි නිර්මාණයට අපේ දක්ෂතාව පෙන්වනවා මිස තව පෙනෙන්ට අපේ ඇඟ විකුණලා නිර්මාණ ලබා ගන්න අවශ්‍ය නෑ කියලයි මා හිතන්නේ.
-නිළියක් විදිහට නිර්මාණයක චරිතයට අදාළ දේ කරනවා මිස ෆීල්ඞ් එකේ වෙනත් දේ කරන්න මා යන්නේ නෑ. මම එවැනි දේවලට ආරාධනා කළොත් ඒ නිර්මාණයට දායක වෙන්නෙත නෑ. මම ක්ෂේත‍්‍රය ගැන හොඳ අවබෝධයෙන් තමයි කටයුතු කරන්නේ. ඒ හින්දා බොහෝ දෙනා මම කොයි වගේද කියලා දන්නවා.”
ඔයා බොහෝ වෙලාවට කොට ඇඳුම් අඳිනවා. මේවා හින්දත් සමහරු වැරැදි විදිහට ඔයා ගැන හිතන්න පුළුවන් නේද?
-ඒකට මම මොනවා කරන්න ද? මට අවශ්‍ය තැනට සරිලන ඇඳුම් අඳිනවා. අනෙක මම කොට ඇඳුම් අඳිනවා. බොහෝ වෙලාවට චරිතයට අදාළව මට යම් යම් ඇඳුම් අඳින්න සිද්ධ වෙනවා. එහි දී යම් කෙනෙක් අපි ගැන වැරැුදියට හිතනවා නම් ඒ ඔහුගේ තිබෙන දුර්වලතාවක්. කෙල්ලෙක් කොටට ඇන්ඳා කියලා කොල්ලන් පිස්සු වැටෙනවා නම් ඒ ඔවුන්ගේ මානසිකත්වයේ වැරැුද්දක්. මොකද අපි නිරුවතින් රඟපාන්නේ නැහැනේ. අනික තරුණ කාලයේ දී විලාසිතා කරන්න ඕනේ. එය මට උචිත ආකාරයට තමයි කරන්නේ.”
ඔයාගේ ආදර සම්බන්ධතාවක් ළඟ දී කැඩුණා කියලා ආරංචි වුණා. ඇත්ත ද නෙතු ඒ කතාව?
‘‘ඔව්. පසුගිය කාලයේ මට ‘එෆෙයාර්’ එකක් තිබුණා. දැන් මාස 3-4කට ඉස්සෙල්ලා ඒක නැති වුණා. ඒ හින්දා දැන් මම තනිකඩවයි ඉන්නේ. ගෙදරින් එන යෝජනාවක් බලලා ඉදිරියේ දී ආදර සම්බන්ධයක් පටන් ගන්නයි හිතාගෙන ඉන්නේ. ඒ හින්දා දැනට මගේ ජීවිතයේ හිස් තැන පුරවන්න ඇබෑර්තුවක්
තිබෙනවා.”
ඉතිං ඔයා මේ දවස්වල මොනව ද කරන්නේ කියලා දැන ගන්නත් කැමැතියි.
-මේ දවස්වල ‘දම්සාරි’ ටෙලි නාට්‍යයේ නිම්සාරිගේ චරිතයත් ‘මිරිඟු දිය’ ටෙලි නාට්‍යයේත් රඟපානවා. තව අලූත් ටෙලි නාට්‍ය 2ක අලූතින් වැඩ පටන් ගන්නවා. ඒ දෙකෙහිත් රඟපාන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ චිත‍්‍රපටයක රඟපාන්න ආරාධනා ලැබී තිබෙනවා. බොහෝ දුරට ලබන වසරේ ජනවාරියේ එහි රූගත කිරීම් ආරම්භ වේවි.
‘දම්සාරි’ ටෙලි නාට්‍යයේ චරිතයට හොඳ ප‍්‍රතිචාර මේ දිනවල ලැබෙනවා. නමුත් පසුගිය දවස්වල විකාශය අවසන් වූ ‘අංගනා’ ටෙලි නාට්‍යයේ චන්තුලිගෙ චරිතයට නම් හිතා ගන්න බැරි විදිහට ප‍්‍රතිචාර ලැබුණා. තවමත් එයට ප‍්‍රතිචාර ලැබෙනවා. සමහරු මාව හමු වුණාම කතා කරන්නෙත් චන්තුලි කියලයි. ඒ තරමට ඔවුන්ගේ හිතට ඒ චරිතය හොඳට කා වැදිලා. ඒ ගැන නම් ලොකු සතුටක් තිබෙනවා.”
කතාබහ කළේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම හිටියොත් නම් නංගි, මටත් හිතෙනවා අයුතු යෝජනාවක් ගේන්න. සොරි හොදේ. (අ)
කොටට අඳිනවා කියන්නේ වත්කම් හෙලි කිරීමක්.(නදී)
පව් නේද මෙහෙම කරන එක.(නදී)
නියමයි! (නදී)
චන්ද්‍ර වීරසිංහ උන්නැහේ , මෙවැනි කැත අදහස් පළකරන ඹහේ කවුද? සරසවි අධ්‍යපනයක් ලැබූවෙක්ද කියාත් සැකයි. ඹහෙගේ අමිමා ඹහේ ළදරුවෙකු කාලේ ගඳ ජරා ඇද සෝදා පිරිසිදු නොකළේ නම් අදත් ඹහේ ඌරු පැටියෙක් මෙන් ජරා ගොඩේ තප්පුලන බව අමතක වූවාද?. ඹහෙගේ අමිමා හෝ සහෝදරියක් ටිකක් කෙටියට වස්ත්‍රයක් ඇන්දොත් ඹහේ ඒ අය දෙස බලන්නේත් එසේ ජරා පිළිකුලෙන්ද? ගෑණු පුරුෂ භාවයෙන්, අඳින වස්ත්‍රයෙන්, හමේ පාටින්, උස මහතින්, කතා කරන භාෂාවෙන්, අදහන ආගමෙන් ආදියෙන් යමෙකු පිළිකුල් නොකරන්න. ක්‍රියාවෙන් හා ඔහුගේ සිතුම් පැතුම් වලින් යමෙක් හොඳ හෝ නරක වේ. චන්ද්‍ර වීරසිංහගේ ප්‍රතිචාරය කියවූ කාන්තාවන් මෙතෙක් එයට විරුද්ධව යමක් නොලීයා සිටීම ගැන කණගාටු වෙමි.(නදී)
කොටට ඇඳගෙන යන්න සරිලන තැන කොහෙද කියන්නකෝ. (ස)
මෙම ලිපිය නැවත වරක් ඵල කරන ලෙස ඉල්ලා සිටිනවා.(නදී)
අනේ අපොයි .... (නදී)
සරසවියේදී මගේ මිතුරෙක් ඉතා ප්‍රායෝගික පාඩමක් මට කියා දුන්නා කොටට ඇඳගත් අනවශ්‍ය ලෙස සිරුර ප්‍රදර්ශනය කරන කෙල්ලෙක් දුටු විට අනේ! මේ ළමයත් ඇත්තටම කක්කා කරනවනේ. ඒවත් හරිම ගඳ ඇතිනේ කියල ඇය දෙස පිළිකුලෙන් බලන්න කියලා. කියල වැඩක් නැහැ .මෙම ක්‍රමය ඉතාමත් සාර්ථක වුනා. අවශ්‍ය නම් ඔබලාත් පිලිපැද බලන්න. (නදී)
කොටට අදින කොට ලස්සනයි කියලා හිතේ ඇති.(නදී)
නංගී ඔහොම කියනකොට මතේ කේන්ති යනවා.(නදී)
මම දන්නා තරමින් ලංකාවේ සමාජ සම්මතයන් ඔය අදහස් වලට වඩා වෙනස්. අපි සමාජ සම්මතයන්ට එරෙහිව ගියොත් සමාජයේ පිරිහීම එතනින් ආරම්භ වෙනවා. (අ)
ගැනියක් උනාම ලස්සනට ඉන්න ඕන ඒක නිසා තමන්ට කැමතිවිලාසිතාවක් තොරා ගන්න එක තමන්ගේ වැඩක් ඒනට ඉර්සියා කරන එක නමි හොද නෑ තමන් අයිති තමන්ටනේ නේද? (අ)
. ඒ හින්දා දැන් මම තනිකඩවයි ඉන්නේ. ...! (අ)
කොටට ඇන්දට කමක් නෑ සුලන් පොදේ යන්න එපා !(නදී)
ගැහැනු කොටට අදින්න අවශ්‍ය නැහැ (නි)
මල කෝලම් (නදී)
හරි, හරි (නදී)
ඔයා කැමති විදිහට අදින්න බලන්න. ඇයට කැමති විදිහට හිතන්න කියන්න.(නදී)
ගැහැණියක් නිළියක් විදියට රංගනයේ යෙදෙන එක ඇයගේ වෘත්තිය වෙන්න පුළුවන් , ඒ අය දිහා වපර ඇහෙන් බලන එක හරිද? තමන්ගේ මව, සොහොයුරිය, දියණිය, ඒ අයත් ගැහැණු නේද? ඔය වැනි අයුතු යෝජනා ගේන්නේ මානසික රෝගියෝ. (නදී)
මාලිනි ෆොන්සේකා මහත්මිය ගැනත් ලිපියක් දමන්නකෝ (නි)
පව් නේද ? (නදී)
මෙයා කියන විදියට බහුතරයක් නිළියන්ට හොද චරිත ලැබිලා ප්‍රසිද්ධයට පත්වෙන්න ලිංගික අල්ලස් දෙන්න වෙනවද? මට වැටහුනේ එහෙමයි. අමනාප වෙන්න එපා.(නදී)
අනේ මොකටද කොටට අඳින්නේ.ඇන්දත් ඉතින් මොකුත් නෑ වගේනේ. (ස)
කතාකරනවා විතරයි නේ ? (අ)
ඉතා වටිනා ලිපියක්. මෙවැනි ලිපි තවදුරටත් පළකරන මෙන් මම ඉල්ලා සිටිමි. (නි)
ඔබට හොද අනාගතයක් තිබෙනවා (නි)