IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අලි පැටව් පිටින්ම උස්සන "අලි ජාවාරම"

බත්තරමුල්ලේ සිට රාජගිරිය දෙසට ධාවනය වූ ලොරියකි. එහි ඇත්තේ එක් ලාම්පුවක් පමණි. ලොරිය පිටුපස කොටසේ අලි පැටවෙකි. ඊට පිටුපසින් පරිසරවේදියකු සිය රථයෙන් මේ ලොරිය ලූහුබැද එන බව ලොරි රියදුරා, සහායකයා හෝ ඇත්ගොව්වා දන්නේ නැත.



 

දහස් සංඛ්‍යාත පිරිසක් ඔබ මොබ යන මහා මාර්ගයේ එක් විදුලි ලාම්පුවක් සහිතව ලොරිය ධාවනය වෙමින් තිබේ. පරිසරවේදියා ඒ අතර මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරමින් සිටියේය. ඒ තවත් පරිසරවේදීන් පිරිසක් මේ ලොරිය ධාවනය වෙමින් පවතින පෙදෙසට ගෙන්වා ගැනීමයි. අවසානයේ ලොරිය කොටු කැර ගැණිනි. ඒ ස`දහා පොලීසියේ සහාය ද ලැබිණි. අනපේක්ෂිත ලෙස පරිසරවේදීන් රැසක් ඒ වනවිට ලොරිය වටකැර තිබුණෙන් අලියා රැුගෙන නිශ්චිත ස්ථානයට යාමට ලොරි රියදුරාට හැකිවූයේ නැත.

නමුත් කොළඹ නම ගිය පන්සලක හිමිවරුන්ගේ නම් කියා අලි පැටවා රැුගත් ලොරිය පළා යාමට උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ වී ගියේය. පරිසරවේදීන් සමග මාධ්‍යවේදීන් රැුසක් ද මේ මෙහෙයුමට සම්බන්ධ වී තිබිණි. එය ශී‍්‍ර ලංකාවේ මහ මග දී හොර අලි පැටවකු අල්ලාගත් ප‍්‍රථම අවස්ථාවයි.

වනජීවී වැටලීම් අංශයේ නිලධාරීහු ද පැමිණියහ. ඒ අතර අලි පැටවාට බලපත‍්‍ර ඇති බවත් ඒ හොර අලි පැටවකු නොවන බවත් පැවසීමට රටේ දේශපාලන බලවත්තු ඇතුළු අති බහුතරයක් වනජීවී නිලධාරීන්ට බලපෑම් කරමින් සිටියහ. කෙසේ වුවත් අලි පැටවා වනජීවී දෙපාර්තමේන්තුව භාරයට පත් කැරිණි. අනතුරුව සිදුවූයේ ප‍්‍රකට හිමිනමක් පැමිණ පරිසරවේදීන්ටත් මාධ්‍යවේදීන්ටත් බැණවැදී වනජීවී නිලධාරීන් ද බිය ගන්වා අලි පැටවා රැුගෙන යාමය. මග රැුක සිට හොර අලි පැටවා ඇල්ලූ පරිසරවේදීන්ටත් එය මහ රෑ සජීවී ලෙස වාර්තා කළ මාධ්‍යවේදීන්ටත් සිය නිවෙස් බලා යාමට සිදුවූයේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ය. අලි හිමිකරුවන් යැයි කියාගත් අයගේ මැර හමුදාවක් පොලීසියේ ඇස් පනාපිට ම වනජීවී දෙපාර්තමේන්තුව වටකැර තිබිණි.
ඒ අලි පැටවා අල්ලාගෙන හොර අලි පැටවකු බව සනාථ කිරීමට පරිසරවේදීන් හා මාධ්‍යයෙන් ගත් උත්සාහය රටේ මහ බලවතුන්ගේ මැදිහත් වීමෙන් යට ගිය ද ලංකාවේ කි‍්‍රයාත්මක හොර අලි ජාවාරමේ තරම කියාපාන්නට ඒ මෙහෙයුම ප‍්‍රමාණවත් වූයේය. එතැන් සිට දිග හැරෙන්නට වූයේ මහ පොළොව නුහුලන ආකාරයේ දැවැන්ත අලි ජාවාරමකි.

මව මරා පැටියා පැහැරගන්නා නොමිනිසුන් ගැන කතාන්තර, වගා ළිං අටවා පැටවුන් අල්ලා ගන්නා ආකාරයත්, වාහන බ`ද පටි යොදාගෙන කරන අලි මෙහෙයුමත් ටිකෙන් ටික අනාවරණය වෙද්දී වනජීවී දෙපාර්තමේන්තුව සතුව ඇති හීලෑ අලි ඇතුන්ගේ තොරතුරු ඇතුළත් ලේඛණය හෙවත් අලි තෝම්බුව අතුරුදන් විය. එවැනි ලේඛණයක් අතුරුදන් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ ම නිලධාරියකු හැර වෙනත් කිසිවෙකුට නොහැකි බව කිව යුතු නැත. වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළම පැලැන්තිය මේ හා සම්බන්ධ බවට පරිසරවේදීන් නැගූ චෝදනාව ඉන් සනාථ වූයේ තවත් සැකයක් ඉතිරි නොකරමිනි.

ශී‍්‍ර ලංකාවේ නිශ්චිත අලි බලපත‍්‍රයක් සහිතව ඇතිදැඩි කරන හීලෑ අලි ඇතුන් ප‍්‍රමාණයට වඩා හොර අලි පැටවු තොගයක් ඇතැයි යන්න පරිසරවේදීන්ගේ අදහසයි. එයට හො`දම සාක්කියක් වන්නේ පසුගිය දා හබරණ කැලයෙන් අලි පැටවුන් 63 දෙනකු කොළඹ ගෙනැවිත් ඇතැයි යනුවෙන් පරිසරවේදීන් නගන චෝදනාවයි. එහි සත්‍යයක් ඇතැයි යන්න පාසල් යන වයසේ දරුවාගේ පටන් රටේ තීන්දු තීරණ ගන්නා දේශපාලකයෝ පමණක් නොව නීතිය ආරක්ෂා කරන නිලධාරිහුද දනිති. විවිධ ආකාරයේ දණ්ඩනයන්ට ලක්කරමින් හොර රහසේ නීති විරෝධීව ර`දවාගෙන සිටින අලි පැටවුන් අවම වශයෙන් හත් දෙනකු මේ වනවිට වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය දා මහා රාති‍්‍රයේ උඩවලවේ දී පැහැර ගැනීමට ලක්වූ අලි පැටවා ද පේරාදෙණිය රෝහලක වෛද්‍යවරයකු භාරයේ සිට අනතුරුව හොර රහසේ ම නිවෙසකට රැගෙන ගොස් අත්අඩංගුවට ගැණුනු අලි පැටවා ද ඒ අතර වෙයි.

පරිසරවේදීන්ගේ සංඛ්‍යාත්මක විග‍්‍රහයන්ට අනුව වනාන්තරවලින් අල්ලා මිනිස් භාරයට ගෙන ඇති අලි පැටවුන් සංඛ්‍යාව 65ක් පමණ වේ. මේ අලි සොරකම සම්බන්ධයෙන් වාර්තා වන්නේ හබරණ වනාන්තරයෙනි. මින්නේරිය, කවුඩුල්ල හා හබරණ සංචාරකයන් ගෙන යන ජීප් රථ කිහිපයක් යොදාගෙන මුල්ම සොරකම සිදුකැර තිබිණි.

 


 

ඒ 2009 වර්ෂයේ දී ය. හබරණ ‘‘ආසිරිගම’’ ප‍්‍රදේශයේ පදිංචි පිරිසක් අලි හොරකම සිදුවන අයුරු හෙළිකළ බව වනජීවී නිලධාරීහු කියති.
හිංසාකාරී ලෙස ර`දවාගෙන සිටි දෙවැනි අලි පැටවා සොයා ගන්නා ලද්දේ බලංගොඩ ප‍්‍රදේශයේ නිවසක කාමරයක් ඇතුළේ බැ`ද දමා සිටිය දී ය. යළිත් කි‍්‍රයාත්මක වූ වනජීවී හදිසි වැටලීම් ඒකකය අතුරුගිරියෙන් තවත් අලි පැටවකු අල්ලා ගන්නා ලදී. මේ සැකකරුවා මහරගම පදිංචි ව්‍යාපාරිකයෙකි.

පරිසරවේදීන් විසින් මහ මගදී අල්ලාගන්නා ලද අලි පැටවාගේ සිද්ධිය වාර්තා වූයේ ඉන් අනතුරුවය. මේ අලි පැටවා පන්නිපිටියේ එක්තරා විහාරස්ථානයක සිට නාරාහේන්පිට ඇති තවත් විහාරස්ථානයකට ගෙන යමින් සිටිය දී අල්ලාගෙන තිබිණි. මේ සිදුවීමෙන් පසු කුපිත වූ හොර අලි ජාවාරම්කරුවෝ මාස කිහිපයක් තමන්ගේ හොර අලි පැටවුන් ප‍්‍රවාහනය කරද්දී ආයුධ සන්නද්ධ කිහිප දෙනකු සහිත ඩිෆෙන්ඩර් රථයක් ද ඒ පසුපසින් යැවීමට කටයුතු කැර තිබිණි.
ඉන් පසු මීරිගම වලව්වකද, පන්නිපිටිය ඇරැුව්වල ගැමුණු මාවතේ ද ර`දවාගෙන සිටි අලි පැටවුන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.

උඩවලවේ ජාතික වනෝද්‍යානයෙන් අලි පැටවකු පැහැරගෙන යාමට සූදානමක් ඇතැයි ලැබුණු තොරතුරකට අනුව වනජීවී නිලධාරීන් හා පරිසරවේදීන් පිරිසක් එහි යන විට සොරකම ස`දහා පැමිණි බවට සැක කළ හැකි ට‍්‍රැක්ටරයක් සොයා ගත හැකි විය. නිර්වින්දන ඖෂධ ලබාදීම හේතුවෙන් අඩ නිර්වින්ධන තත්ත්වයේ සිටි අලි පැටවා පැටවීමට අවශ්‍ය කඹ ඇතුළු උපකරණ තොගයක් ද තිබූ ට‍්‍රැක්ටරයේ ටේ‍්‍රලරයද ඒ ස`දහාම විශේෂයෙන් සකසා තිබිණි. අලියා ගෙන යාම පටිගත කළ මාධ්‍යවේදියකු  ට‍්‍රැක්ටරය පසුපස ආ සුඛෝපභෝගී ජීප් රථ දෙකක් ද රූපයට නැගුවේය.

ජීප් රථවලින් බැහැගත් පිරිස මාධ්‍යවේදියාට පහර දී කැමරාව උදුරා ගැණිනි. අනාවරණය වූයේ මේ අලි පැටවා පැහැර ගැනීමට පැමිණ සිටියේ රටේ මහ බලවතෙකුගේ සොහොයුරියකගේ පිරිසක් බවයි.

 


 

මේ සම්බන්ධයෙන් තවමත් නීතිය කි‍්‍රයාත්මක වී නැතැයි පරිසරවේදීහු පවසති. පොලීසිය ද අනුගමනය කරන්නේ උදාසීන පිළිවෙතකි.

උඩවලවේ අලියාගේ සිද්ධියෙන් දින කිහිපයකට පසු හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ නිලධාරියකු හොර අලි පැටවකු සමග පේරාදෙණියේ ගන්නෝරුව නිවසක දී වනජීවී නිලධාරීන්ට කොටුවූයේය.

සැකකරු මේ අලි පැටවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය පීඨයේ පශු වෛද්‍ය ශික්ෂණ රෝහලට ගෙන ගොස් එහි ර`දවා තබා ඇත. පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරයකු මේ අලි පැටවාට ප‍්‍රතිකාර කැර ඇත. ඉන් අනතුරුව අලි පැටවා ගන්නොරුවට රැුගෙන යන්නේ පා ගමනිනි. ගන්නෝරුවේ රණබිම කනිෂ්ඨ විද්‍යාලයට ආසන්න නිවෙසකට රැුගෙන යන අලි පැටවා එහි ර`දවා සිටිය දී වනජීවී නිලධාරීන් පැමිණ ව්‍යාජ බලපත‍්‍රයක් ද සම`ග අලි පැටවා අත්අඩංගුවට ගන්නේ අලි ජාවාරමේ තවත් අවස්ථාවක් හෙළිකැර ගනිමිනි.  

අදාළ වෛද්‍යවරයා පවසන්නේ තමන් කිසිදු නීත්‍යානුකූල නොවන දෙයක් කැර නොමැති බවයි.

මේ සියලූ සිදුවීම්වලින් පැහැදිලි වන්නේ ඉතා සංවිධානාත්මක ව මේ අලි පැටවුන් අල්ලා විකිණීමේ ජාවාරම සිදුවන බවයි. ඒ ජාවාරම පසුපස දේශපාලකයන්, ආගමික නායකයන්, සත් ගුණවත් මහා උපාසකවරු ලෙස පෙනී සිටින්නන්, රජයේ උසස් නිලධාරීන්, වනජීවී නිලධාරීන්, නීති අංශයේ උසස් නිලධාරින්, වෛද්‍යවරු මෙන්ම වනෝද්‍යාන ආසන්න පදිංචි මුදලට ගිජුවූ ගැමියන් ද සිටින බවයි.

හොර බලපත‍්‍ර

අලි ඇල්ලීමේ ජාවාරම ආරම්භ වූයේ කැලයේ අතරමං වූ අලි ඇල්ලීමෙනි. දැන් පසුව බොරු වළවල් කපා අලි ඇල්ලීම දක්වා වැඩිදියුණු වූ මේ ජාවාරම ටික කලකින් මව මරා අලි පැටවා තනිකොට අල්ලා ගැනීම දක්වා අමානුෂික තත්ත්වයට පැතිරගියේය. දැන් පෙනෙන්නට තිබෙන්නේ හොර අලි ඇල්ලීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයෝ ඊටත් වඩා දියුණු වී ඇති බවය. මීරිගම වලව්වකින් සොයාගත් අලියාගේ උදරයේ තිබුණේ නිර්වින්දන ඖෂධ එන්නත් කිරීමේ දී සිදුවූ තුවාල බව පරිසරවේදීන්ගේ මතය විය. එය සනාථ වන්නේ උඩවලවේ දී පැහැර ගැනීමට උත්සාහගත් අලියා අර්ධ වශයෙන් නිර්වින්දනය කැර තිබීමෙනි. දැන් අලි හොරු කැලයේ සිටින අලි නිර්වින්දනය කැර අල්ලති. අලි ගැන හො`දින් දන්නා පශු වෛද්‍යවරුන් මේ ජාවාරම පිටුපස සිටින බවට එය ද තවත් සාක්ෂියකි.

ජාතික වනෝද්‍යානයක් ආසන්න ගැමියකුගේ නිවසක් වැස්සෙන් කැඞී ගිය විට ඒ වෙනුවෙන් නව නිවසක් පරිත්‍යාග කරන ලද්දේ එක්තරා සංගමයක ප‍්‍රජා සේවාවක් ලෙසිනි. මෙවන් ප‍්‍රජා සේවාවකට පසුබිම වූයේ මේ ගමේ වැසියන් හොර අලි අල්ලා දීමේ දී විශාල කාර්ය භාරයක් ඉටුකිරීමයි. නිවෙස හිමිවූ පුද්ගලයා ද මේ හොර අලි අල්ලා ගැනීමට උපකාර කරන්නෙකි.

රුපියල් 25,000 ත් 50,000 ත් අතර මුදලක්, මත්පැන් බෝතල් කිහිපයක් හා වාහන බඳපටි හතරක් ලබාදුන් විට මේ හවුල් කරුවෝ අලින්ට උගුල් අටවා අලි පැටවුන් අල්ලා දීමේ දක්ෂයෝය.

කැලයෙන් අල්ලා කොළඹ ගෙන එන අලි පැටවුන්ට බලපත‍්‍ර සෑදීමේ ජාවාරම ද ජයටම සිදුකෙරෙමින් පවතී. 2009 වර්ෂයේ දී වනජීවී නීති සංශෝධනයේ දී අලියකුට පැටවකු බිහිවීමට සිටින්නේ නම් ඒ ගැන තොරතුරු දැනුම් දීම අවශ්‍ය බවත් අලි මවගේ සෞඛ්‍ය සම්බන්ධ අඛණ්ඩ තොරතුරු වාර්තා, පැටවා ප‍්‍රසූත කළ පසු පැටවා පිළිබඳ වාර්තා, පැටවා මියගියේනම් ඒ පිළිබඳ වාර්තා සියල්ල අවශ්‍ය බවට නීති සංශෝධනය කැරිණි. නමුත් සිදුව ඇත්තේ කැලයෙන් අල්ලාගෙන එන අලින්ට 2008 පෙර දින යෙදු බලපත‍්‍ර ලබා දී තිබීමයි. එවිට අලි පැටවාගේ මවගේ පැටිකිරිය අවශ්‍ය වන්නේ නැත. මේ අලි ජාවාරම්කරුවන්ගේ බලපත‍්‍රවල සටහන්ව ඇත්තේ 2008 දී ඉල්ලූම් කළ බලපත‍්‍රය 2011 සිට 2013 දක්වා වූ වසරවලදී ලබා දී ඇති බවයි. මේවා එකින් එක හෙළිදරව් වෙද්දී වනජීවී දෙපාර්තමේන්තුව සතුව තිබූ හීලෑ අලි සම්බන්ධ ලේඛණය හෙවත් අලි තෝම්බුව අතුරුදන් වූයේය. ඒ අලි ජාවාරම පිටුපස සිටින නිලධාරී පැලැන්තිය ආරක්ෂාවීමට යෙදු එක් උපායකි.  

අලි හිමිකරුවන් විසින් වරින් වර පෙන්වන බලපත‍්‍ර බොහොමයක් අත්සන් කැර ඇත්තේ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් විසිනි. මේ බලපත‍්‍ර වැඩි ප‍්‍රමාණයක් හොර බලපත‍්‍ර බව පරිසරවේදීහු පෙන්වාදෙති. අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් 2013 වර්ෂයේ ජුනි මස 20 දිනැතිව නිකුත් කැර ඇති අංක 358 හා අංක 359 දරණ අලි බලපත‍්‍ර දෙකෙන් එක් බලපත‍්‍රයක් ලබාදී ඇත්තේ අංක 358නි.

ඒ අලි දෙදෙනාගේ බලපත‍්‍ර නිකුත් කළ දිනයේ අලින්ගේ උස සටහන්ව ඇති ප‍්‍රමාණයත් ඉන් වසර දෙකකට පසු අලි පරික්ෂා කිරීමේ දී ස`දහන් කැර ඇති උසත් අතර ඇත්තේ අඩියක් හා අඩි දෙකක් වැනි වෙනසක් පමණි. පරිසරවේදීන් පමණක් නොව වනජීවී දෙපාර්තමේන්තුවේ වැටලීම් නිලධාරීන් පවා පවසන්නේ මේ අලි දෙදෙනාගේ බලපත‍්‍රය අනුව උස නොගොස් ඇත්තේ අලි දෙදෙනාටම ඇත්තේ ව්‍යාජ බලපත‍්‍ර බැවිනි.

අංක 333 දරණ බලපත‍්‍රයක් ගැහැනු අලියකු වෙනුවෙන් 2012 මාර්තු 27 වැනි දින නිකුත් කැර ඇත. මේ බලපත‍්‍රය ලබා ඇති තැනැත්තා 2010 වර්ෂයේ මියගිය බවට මරණ සහතිකයක් රජය මගින් නිකුත් කැර තිබේ. දැන් මැරුණු අලින්ට පමණක් නොව මියගිය මිනිසුන්ට ද අලි බලපත‍්‍ර ලැබෙන යුගයකි.
අලි ජාවාරමට සම්බන්ධ හොර බලපත‍්‍ර කෙරුවාව සම්බන්ධ හො`දම සාක්කියක් ලැබෙන්නේ ඇරැුව්වල නිවසක සිටින අලියකු ඇල්ලීමට වනජීවී නිලධාරීන් ගිය අවස්ථාවේ දී ය. ඒ අලි පැටවා වෙනුවෙන් වනජීවී දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ බව කියන අංක 202 දරණ බලපත‍්‍රයක් පෙන්වූයේය. පසුගිය දිනවල දී හොර අලි වැටලීම්වලදී අංක 359 දරණ බලපත‍්‍රයක් ද සොයා ගැණිනි. 202 බලත‍්‍රයත් 2013 ජුනි 10 දින නිකුත් කැර ඇති 359 දරණ බපත‍්‍රයත් අතර කාලය අවුරුදු එකකි.

ඇත් අතුරු සෙවණෙන් හා පින්නවලින් ලබාදුන් අලි සහ හීලෑ අලින්ට ලැබුණු පැටවුන් හැර වෙනත් කිසිදු අලි පැටවකු මෙරට නිවෙස්වල සිටිය නොහැකිය. එලෙස පින්නවලින් දුන් අලි සංඛ්‍යාව 20ක් යැයි උපකල්පනය කළහොත් වසරක් ඇතුළත වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කැර ඇති බලපත‍්‍ර සංඛ්‍යාව 157 න් 137 දෙනකු නිවෙස්වල උපත ලබා සිටිය යුතුය. වනයෙන් හොර අලි අල්ලන්නේ නැතිනම් මේ තරම් අලි පැටවුන් නිවෙස්වල උපත ලැබුවානම් එය ලෝක වාර්තාවක් වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න මහතා මෙසේ කීවේය.

”අලි ජාවාරම දැන් ජයටම සිදුවනවා. මේ පසුපස වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සිටින බව පැහැදිලියි. නැතිනම් මේ විදිහට බලපත‍්‍ර දිය නොහැකියි. ඒ වගේ ම අලි තෝම්බුව නැති වුණෙත් මේ ජාවාරමේ තොරතුරු වසං කළ යුතු නිසා. අපි අනුමාන කරන විදියට අලි පැටවුන් 140ක් 150ක් පමණ ප‍්‍රමාණයක් පසුගිය වසර දෙක තුනක කාලයේ දී වනාන්තරයෙන් අල්ලාගෙන කොළඹට ගෙනවිත් තිබෙනවා. වනජීවී නීති උල්ලංඝණය කරමින් ඔවුන් වෙනුවෙන් බලපත‍්‍ර නිකුත් කරන්නේ නීතිය කි‍්‍රයාත්මක කළ යුතු නිලධාරීන් විසින්මයි. මේ ජාවාරම පිටුපස ප‍්‍රබල දේශපාලනඥයන්, නීතිවේදීන් ඇතුළු වෘත්තිකයන් ඉන්නවා.”

කෙසේ වෙතත් පරිසරවේදීන් පවසන්නේ රටේ බලගතු පුද්ගලයන් දැවැන්ත අලි ජාවාරම පසුපස එය පෝෂණය කරමින් එයින් යැපෙමින් සිටිය ද ඔවුන් හමුවේ පවා නොබියව සිය රාජකාරිය ඉටුකරන වනජීවී නිලධාරීන් පිරිසක්ද සිටින බවයි. මේ නිලධාරීහු නොයෙක් තර්ජන ගර්ජන මධ්‍යයේ සිය රාජකාරී ඉටුකරති. ඔවුන්ට ඉහළින් සිටිමින් මුල් පුටු හොබවන නිලධාරීන් නොයෙක් අවස්ථාවල මේ නිලධාරීන්ට අවවාද කැර ඇති බව අප දන්නා කරුණකි.
‘‘අපි ගාවටත් එන්න වුණාම අපි බලාගන්නම් යැයි’’ වරක් ඉහළ නිලධාරියෙක් මේ වැටලීම් සිදුකරන නිලධාරීන්ට කියා තිබිණි.

මෙරට හොර අලි සොයා සාර්ථක වැටලීම් කළ නිලධාරීන් කිහිප දෙනකුට පසුගිය දා චීන දේශයේ ශිෂ්‍යත්වයක් ලැබිණි. අපිත් බලාගන්නම් යැයි කියූ උසස් නිලධාරියා මේ අයගේ ශිෂ්‍යත්වයට අදාළ ලේඛණ අනුමත කිරීම වළක්වා තිබේ.

 


 

මෙවැනි වාතාවරණයක් යටතේ අලි ඇතුන් සොරකම කෙසේ වළක්වාලන්නට ද යන ගැටලූවට දැන් පරිසරවේදීන් පමණක් නොව වනජීවී දෙපාර්තමේන්තුවේ අවංක නිලධාරීන් රැුසක් මුහුණ පා සිටිති. තම රාජකාරිය පසෙක දමා මුදලට ගිජු වී වනාන්තරයේ අලි පැටවුන් කොළඹ පටවන්නට උඩගෙඩි දෙන දෙපාර්තමේන්තුවේ ඇතැම් බලධාරින් ඔවුන්ට තර්ජනයකි. එපමණක් නොව අලි ජාවාරම සම්බන්ධයෙන් කරුණු දැක්වීම ඒවා වාර්තා කිරීම ද දැන් මරණීය තර්ජන සහිත කාර්යයක් බවට පත්ව තිබෙන බව පසුගිය මාස දෙකක පමණ කාලයේ දී වූ සිද්ධිවලින් පැහැදිලිය.

අලි ජාවාරම තවමත් ජයටම කෙරෙමින් පවතී. අලි පැටවකු දුටු තැන පරිසරවේදීන්ට ඒ බව දැනුම් දීම සමස්ත ශී‍්‍ර ලංකාවාසී ඔබ සැමගේ යුතුකමකි. අලි සම්පත රැකගැනීමට සමස්ත සමාජය ම එකට එක්ව පෙළගැසී මේ ජාවාරම්කරුවන්ට එරෙහිවිය යුතුය. සමාජයක් නැගීසිටින විට ඔවුන්ගේ බලය දුර්වල වනු ඇත.

 




අදහස් (0)

අලි පැටව් පිටින්ම උස්සන "අලි ජාවාරම"

ජාගත් Saturday, 24 May 2014 01:41 PM

මේ පවු කාරයෝ අපා ගත වෙන කොට ලංකාවේ අලි ඉවර වෙලා තියෙයි. බෞද්ධ ඇමති කෙනෙකුත් ඉන්නවා නේද? අයි නිකම් ඉන්නේ? මිනිස්සු එක හැඩින් කීවොත් අහන්න වෙනවා. (අ)

:       0       0

සරත් බණ්ඩාර Thursday, 22 May 2014 12:02 AM

කැලේ ගස් කැපුව. ඉඩම් අල්ලාගෙන හෝටල් හැදුව කැලේ ගංජා හේන් වැව්ව .දැන් අලිපැටව් ජාවාරමේ .මේවා කරන්නේ කාගේ අනු දැනුම ඇතිව ද කියල ජනතාව දන්නා කරුණක් ,ඔහොම තව ටික කාලයක් යමු .ජනතාව ම පිළිතුරු දෙන කාලය උදාවේවි (ස)

:       0       0

අස්මිත් Sunday, 25 May 2014 03:38 PM

මිනිස් ජාවාරම සේම සතුන් ජාවාරමත් ලෝකයේ නොයෙකුත් රටවල ඇත. ඉතිහාසයේ පටන් සිදුවෙනවා.

:       0       0

ප්‍රියන්ත Tuesday, 20 May 2014 09:00 PM

සුන්දර පරිසරයක් ඇති නොමිනිසුන්ගෙන් පිරුණ රටකි ලංකාව. හරිම සංවේදී පුවතක්. ලංකාදීපයට ප්‍රණාමය! (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 20 May 2014 09:44 PM

අම්මව මරල දරුවෝ පැහැරගන්න උන්ටත් වෙන්නේ ඔකමයි. (ස).

:       0       0

අශාන් Saturday, 24 May 2014 07:29 AM

හරිම කණගාටුයි. අලි ඇතුන් කියන්නේ අපේ දේශීය සම්පතක්. එය ආරක්ෂා කිරීම නායකයන් ඇතුළු කාගේත් වගකීමක්. මුදලට කෑදර මිනිස්සු ගැන ඇතිවෙන්නේ කලකිරීමක්. මේ තත්වයට විරුද්දව පරිසරයට ආදරය කරන සියලුදෙනා විරුද්ද විය යුතුයි. (ස)

:       0       0

ප්‍රනීත් Friday, 23 May 2014 02:06 AM

දැන් ඉතින් තියෙන්නේ මේවා කරන අයගේ නම් ගම් හොයාගෙන, උඩපැනගෙන ගිහින් ඡන්දෙත් දායි අපේ අය (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 22 May 2014 10:44 AM

මේ සියල්ල සුන්නද්දූලිවෙලා යන කාලය ළඟ බව පේනවා. මුළු ලංකාවම සුන්නද්දූලි වෙලා යන්න ඕන, මුල ඉඳන් පටන් ගමු. ඉතුරු වෙන හොඳ අය එක්ක. (ස)

:       0       0

උදය Sunday, 25 May 2014 09:01 PM

මේවගේ හොර වැඩක් කරන්න මේ මිනුස්සයා කොච්චර මෝඩද? (දී)

:       0       0

සමන් කුමාර Sunday, 25 May 2014 09:01 PM

මේවට දේශපාලනය ඍජුවම සම්බන්ද බවනම් පැහැදිලි එත් එක්කම රටේ බලවතුන් මේවට සම්බන්ද බව පොඩි මිනිහත් දැන් දන්නවා. (දී)

:       0       0

රොෂාන් වෙරෝන Wednesday, 21 May 2014 09:26 PM

මේක දැන් අපේ රටේ ඉහල පැලැන්තිවල අයට විලාසිතාවක් වෙලා. අර අහිංසක සතුන් මේ නොමිනිස්සුන්ගේ ක්‍රියා වලින් ජිවිත කාලයම අපා දුක් විඳිනවා. (ස)

:       0       0

චම්පි නිශ්ශංක Wednesday, 21 May 2014 09:44 PM

මේ මුළු රටම විනාශවන යුගය වැඩි ඈතක නැත දෙවියනි ඔබ කොහිද (අ)

:       0       0

උපාලි Wednesday, 21 May 2014 08:33 AM

වැඩි පිරිසකට අයිති සුන්දරත්වය සුළු මැරයින් පිරිසකට විනාස කරන්න ඉඩ දෙන මේ දේශපාලුවන් සහ ඉහල නිලදාරීන් නිසා අපේ රටට වන හානිය කියා නිම කල නොහැකිය. මේ රජයේ ඉන්න නායකයින්ට මේවා නොපෙනේ නම් වැඩි දුරක් නොගොසින් මිනිසුන් වෙන විකල්පයක් කරා යාමට සිතනු ඇත. අප හැර වෙන විකල්පයක් නොමැත යන මිත්‍යා සංකල්පයෙන් මේ නායකයෝ වේලි ඇත. පිළිගත හැකි විකල්ප බිහිවෙනු ඇත. 1956, 1977, 1983 අපට මතක ඇත. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5026 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 695 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1267 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 112 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 199 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 266 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site