|
|
ප‍්‍රංශ රූමතියන් ති‍්‍රරෝද රියක් තුළ |
ප‍්‍රංශ රූප රැජිනි තේරීමේ තරගයේ අවසන් වටයට තේරී පත්වූ ප‍්‍රංශ තරුණියන් 33 දෙනකුට ලෝකයේ ඕනෑම රටකට ගොස් විනෝද වීමට සංවිධායකයන්
ලබාදුන් වරප‍්‍රසාදයෙන් ප‍්‍රංශ යුවතියෝ ශ්‍රී ලංකාව තෝරාගෙන පසුගියදා ලංකාවට පැමිණ විනෝද වූහ.
සිනමන් හෝටල් සමාගම මෙම පිරිසට ලංකාවේ විවිධ ස්ථාන පෙන්වීම සහ ඔවුන්ට නවාතැන් ලබාදීම සිදුකරනු ලැබීය.
ප‍්‍රංශ රූ රැජිනියෝ් මුලින්ම හබරණ සිනමන් ලොජ් හෝටලයට පැමිණ සීගිරියට ගොස් එතැන් සිට කොට කලිසම් හා ටී ෂර්ට් හැඳ තී‍්‍රරෝද රථ වලින් පොළොන්නරුව මාර්ගයට ගොස් එතැන් සිට සෆාරි ජීප් රථවලින් කවුඩුල්ල ජාතික උද්‍යානයට අලින් බලන්නට පිටත් වූහ.
කවුඩුල්ලේ අලින් දැක යුවතියෝ දැඩි සතුටට මෙන්ම භීතියටද පත්වූහ. ඒ ඔවුන් සමග පැමිණි පිරිසක් සිටි වාහනයකට වල් අලියකු පහරදීමට පසුපස පැන්නීමත් සමගය.
පොළොන්නරුව සීගිරිය නැරඹූ යුවතියන්ට ශ්‍රී ලංකා දිනය සැමරීමට අවස්ථාව උදාවිය. ශ්‍රී ලංකා කාන්තාවන් අඳින සාරිය හැඳගත් ප‍්‍රංශ යුවතියෝ මැටි කළ උකුලේ තබාගෙන ශ්‍රී ලංකා කාන්තාවන් අනුකරණය කිරීමටද උත්සාහ කරමින් සතුටු වූහ.
සංස්කෘතිකාංග රැගත් පෙරහැරක් නැරඹීමටද ඔවුනට අවස්ථාව උදාවූ අතර වෙස් නැට්ටුවන් සමග තාලයට නටන්නටද රූ රැජිනියෝ එක්වූහ.
|
|
හබරණදී බලූ රංචුවකට මැදිව... |
|
අලි බලන්න ගිහින්.. කවුඩුල්ල වනෝද්‍යානයේදී... |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිතුනේ අනේ අපේ රට පොජ්ජට දෙන වදයක් කියලා. (නි)
අපේ සුරුපිනියන්ට මොකක්ද කියන්නේ.(නදී)
සුරුපිනියන් කිව්වට දැන් රුප සෝභාව බල්ලන්ටම ගිහින් වගේ. අලින්ට උනත් මම හිතන්නේ තද වෙන්න ඇති මේ මොන යක්කු ටිකක්ද ලොකුවට පුම්බල ගෙනාවේ කියලා.(නදී)
ප්‍රංශේත් දැන් ෆුල්ම චාටර් වගේ. ලස්සන කෙල්ලෙක් හොයා ගන්නම බැරිද. අපේ ලංකාවේ ගහන ක්‍රිකට් මැච් එකක් ටීවී එකේවත් බලන්න කියන්න හොඳ සුරුපිනියෝ ටිකක් බලාගන්න. (ස)
අපෝ මේගොල්ලන්ට සුරුපිනියෝ කිව්වම අපේ ගමේ කෙල්ලන්ට කියන්න ඕනේ දිව්‍යන්ගනාවෝ කියලා. සාරි ඇඳලා විතරද දන්නේ නැහැ සතුටු වුනේ. (ස)
මොකුත්ම නැහැ (නදී)
සත්තු බලන්න ලංකාවේ මොන තැනකට ගියත් අකුරැස්ස, තංගල්ල වගේ තිරිසන්නු සභාපතිකම් කරන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ පැත්ත පලාතෙවත් එක්ක යන්නනම් එපා.(අ)
මට හිතෙන විදියට ඕනෙමකෙනෙකුට අවස්ථාව තිබිය යුතුයි නම් ලංකාවේ අඩුවෙනවා. (දිල්)
ලංකාවේ කෙල්ලෝ තරම් ලස්සන නැහැ (නි)
සුරූපිනියන් කිව්වට කිසිම ගතියක් නැති අයනේ ගොඩක් ඉන්නේ. (නදී)
ටිකක් පරිස්සම් වෙන්න.(නදී)
රත්නායක, තංගල්ල පැත්තෙ එක්ක ගියාට වරදක් නැහැ විසිතුරු පෙන්වන්න. හැබැයි අර සභාව පැත්ත පළාතක එක්ක නොයා. (ස)
අනේ මේ අහිංසක කෙල්ලෝ තංගල්ල පැත්තෙනම් අරන් යන්න එපා.(නදී)
බල්ලෙකුත් ඉව කරනවා නේද? (නදී)
අපචාර ක්‍රියාවලට මුලික හේතුව ඔය නම් නෙමෙයි අපචාර කරන්න එන කට්ටිය ඔය පත්තර කියවන්නෙත් නැතුව ඇති. අපචාර ඇති වෙන්න හේතුව දුහුල් ඇඳුම් සහ ශරීරය නිරාවරණය වීම ඒ වගේ දේවල් ලංකාවේ අඩු වුනොත් ලංකාවෙත් අපචාර ක්‍රියා අඩුවෙයි.(නදී)
ඇයි මේ සුරූපිනියෝ කියන විෂේශණ පදය හැම තැනකම යොදල තියෙන්නෙ. මේ ගොල්ලොත් සාමාන්‍ය මනුස්සයො නේද. ගැහැනුන්ව සාමාන්‍ය විදියට නැතුව සුරූපිනියන් හෝ අඞගනාවන් නොහොත් යම් භාණ්ඩයක් ලෙස දැකීම තමයි අපචාර ක්‍රියා වලට මූලික හේතුව. (අ)
සනත්, බොහෝ ගැහැණුන්ගේ බැලු බැල්මට ගතියක් නැත. මේකප් තමයි සුරුපිනියන් බවට පත් කරන්නේ. මේකප් හෝදා බැලු විට ගන්නම දෙයක් නැත. (නදී)