IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අල බහිනකම් හිටිය මට අල තැම්බෙනකන් ඉන්න එක මහ වැඩක් නෙවෙයි

 zfd

      

sdg

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හට පූර්ණ ජනාධිපති සමාව හිමිවීම පසුගිය දිනවල වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවකි. ඒ පිළිබඳ ජනරාල් සරත් ෆොන්සේකා ඉරිදා ලංකාදීපයට මෙසේ අදහස් දැක්වීමට එක්විය.

 

 

button ජනාධිපති සමාව හිමිවීම පිළිබඳ ඔබ මොන වගේ හැඟීමකින්ද ඉන්නේ දැන්?
ඒ පිළිබඳ යම් සතුටක් මට තියෙනවා. රටේ අයත් ඒ ගැන සතුටු වෙනවා. ඒක මට ලැබුණු පෞද්ගලික ලාභ ප‍්‍රයෝජනයක් හැටියට වඩා සිදුවුණු අසාධාරණයකට සාධාරණය ඉෂ්ට වුණා කියලයි හිතෙන්නේ.


හිටපු පාලකයාගේ නොමනා හැසිරීම නිසා මේ වරද සිදුවුණේ. මට ලැබුණු නිදහසම අද මුළු රටටම ලැබිලා තියෙනවා. ජනතාව ඒ නිදහස භුක්ති විඳින ආකාරය අපට පාර තොටේදී වුණත් පේනවා. මට ලැබිය යුතු දේවල් නැවත ලැබුණා. හිටපු අගවිනිසුරුවරියටත් ඒ සාධාරණය ඉටුවුණු බව අපි දැක්කා.
මේ ලැබුණු අවස්ථාව නිසා අපට දිගටම වඩාත් ශක්තිමත්ව ජනතා සේවය ඉටු කරන්න පුළුවන්. දැන් අපට භීෂණයකින් තොරව දේශපාලනය කරන්න පුළුවන්.

 


button දැන් මොකද ඊළඟට කරන්නේ? පාර්ලිමේන්තුවට ආපහු එන්නද කල්පනාව?
පාර්ලිමේන්තුවට එනවද යන එක පිළිබඳව මේ අවස්ථාවෙ අපි මැතිවරණ කොමසාරිස්ගෙන් සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසලා තියෙන්නේ. අසාධාරණව මට අහිිමි කළ පාර්ලිමේන්තු ආසනය, අනූඅටදාස් අටසීයක් ඡුන්දය දීලා මට ලබාදුන් පාර්ලිමේන්තු ආසනය, නැවත කොහොමද ලැබෙන්නේ කියන එක විමසලා තියෙන්නේ. ඒකට තීරණයක් ඉතා ඉක්මනින් ලැබේවි. හොඳ තීරණයක් ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා. මට ඒක අහිමි කලාට පස්සේ ඒ පාර්ලිමේන්තු ආසනයේ ඉන්නේ ජයන්ත කැටගොඩ මන්තී‍්‍රතුමා. ඔහු කියලත් තිබුණා මට ඒ ආසනය හිමි වෙනව නම් ඔහු ඒ මන්තී‍්‍රධුරයෙන් ඉල්ලා අස්වෙනවා කියලා.

1

 


button ඔය කිව්වට ජයන්ත කැටගොඩ එච්චර පරිත්‍යාගශීලී වෙයිද?
ඒ පසුබිම සැකසිලා තියෙන්නේ ජනතාවගේ බලාපොරොත්තුවකුත් තියෙනවා ඒ ආසනය මට නැවත ලැබිය යුතුයි කියලා. අපි තව ටිකක් බලමු. කොහොම වුණත් ඊළඟ මහමැතිවරණයේදී අපිට තරග කරලා පාර්ලිමේන්තුවට එන්නත් පුළුවන්. අල බහිනකන් හිටපු මට අල තැම්බෙනකන් ඉන්න එක මහ වැඩක් නෙවෙයි. අවුරුදු පහක් දුෂ්කර කි‍්‍රයා කරපු මට තව මාස තුන හතරක් ඉවසන්න පුළුවන්. උතුරේ ත‍්‍රස්තවාදියාගෙන් රට බේරගත්තු අපට  ඕක එච්චර දෙයක් නෙවෙයි. කිසිම හදිසියක් අපට නෑ. මහ මැතිවරණයේදී අපට ජනතා ආශිර්වාදය ඉහළින්ම ලැබෙන බව විශ්වාසයි. ඉතින් නැවත පාර්ලිමේන්තුවට යාම ගැන ගැටලූවක් නෑ.

 


button කොළඹින්ද ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුව?
ඔව්. අනිවාර්යයෙන්ම. කොළඹ දිස්ති‍්‍රක්කය තමයි මට ලක්ෂයක විතර ජනතාවත් ආශිර්වාද කරපු ස්ථානය. ඔවුන්ව මට අමතක කරන්න බෑ. ඒ අයට හරියාකාරව සේවයක් කරන්න ඒ වෙලාවෙ මට අවස්ථාව ලැබුණෙ නෑ. ඒ අතපසු වුණු සේවය ඉදිරි මහ මැතිවරණයෙන් පස්සෙ කොළඹ දිස්ති‍්‍රක්කයේ ජනතාවට ඉටු කරන්න  ඕනෑ.

2

 


button ඔබ ජනාධිපතිවරණයකටත් තරග කළ කෙනෙක්. ආපහු මන්තී‍්‍ර කෙනෙක් වෙන්න තරග කිරීම තත්ත්වයට මදි වගේ කියලා හිතෙන්නෙ නැද්ද?
ඒක ප‍්‍රශ්නයක් නෑ. ඒ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් රට විනාස කරන දූෂිත පාලනයට එරෙහිව. ඒ ජනාධිපතිවරණය අපි ජයග‍්‍රහණය කළා කියලා අපට විශ්වාසයි. ඒත් ඒ ජයග‍්‍රහණය කොල්ල කෑවා. ඊට පස්සෙ අපට නොසෑහෙන්න හිරිහැර වුණා.
ජනතාවගේ බලාපොරොත්තු අපි ඉෂ්ට කළ යුතුයි. ඒක නිසා නැවත මහ මැතිවරණයකට තරග කිරීම මදිකමක් කියලා මම හිතන්නේ නෑ.

 


button මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සහ ඔබ ඔච්චරටම ”ඔරොප්පු” වෙන්න පටන් ගත්තේ කොහොමද?
මම රණවිරුවන් සමඟ රටට යුද ජයග‍්‍රහණය ලබා දුන්නා. ඊට පස්සේ අපට තේරුණා මහින්ද රාජපක්ෂට රාජ උෂ්ණය වැළඳුණා කියන එක. ඔහු රජවෙන්න රජ පවුලක් හදන්න සූදානම් වුණා. රණවිරුවො අමතක කළා. රණවිරු සුබ සාධනය අමතක කළා. දූෂිතයො, හොරු ළඟට ගත්තා. දූෂණ වැඩ පටන් ගත්තා. මම ළඟින්ම හිටපු හින්දා ඒක තේරුම් ගන්න මට වැඩි කාලයක් ගියේ නෑ. ඒ අවස්ථාවෙම මම තීරණය කළා එතනින් ඉවත් වෙන්න. ඔහු වැරැදි වැඩ නොකර හරි පාරේ ගියා නම් අදටත් ජනාධිපති. එහෙනම් ගෝඨාභය රාජපක්ෂ අදත් ආරක්ෂක ලේකම්. ඔහු නොමනා පාරේ ගිය නිසා අපි ඔහුට අභියෝග කළා. ඔහු අද ඒ කරපු වැඩ ගැන පසු තැවෙනවා ඇති.

3

 


button අනෙක් ආරක්ෂක ප‍්‍රධානීන්ට ඔය අවුල පෙනුණෙ නැද්ද?
මම ගත්තු තීරණය අනෙක් අය ගත්තෙ නැත්තෙ ඇයි කියන එක ඒ අයගෙන් තමයි දැන ගන්න  ඕනෑ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න කෙනෙක් නොවන නිසා මම කෙළින් තීරණයක් ගත්තා. තානාපතිකමට හෝ වෙනත් තාන්න මාන්නවලට කට පියාගෙන ඉන්න පුරුද්දක් මට නෑ. මටත් ලේකම් තනතුරු දෙන්න හැදුවා. ගෝඨාභය රාජපක්ෂ එයාගේ තනතුරේ රාජකාරි දෙකට කඩලා කොටසක් මට දෙන්න හැදුවා. ලලිත් වීරතුංග මගේ ගෙදරට ඇවිල්ලා ඇමැතිකමක් දෙන්න පොරොන්දු වුණා. ඒ සියල්ල ප‍්‍රතික්ෂේප කළේ රට ගැන හිතන නිසා. අනෙක් හමුදාපතිවරු විශ‍්‍රාම ගිහිල්ලා තානාපතිකමක් හරි මොකක් හරි අරගෙන පැත්තකට වෙලා ඉන්නවා. ඒ අය දැන් රටටත් අමතකයි. අපි ගත්තු අභියෝගය ගන්න අනිත් අය සූදානම් නැති නිසා ඒ අය අසාධාරණය දැක දැකත් නොදැක්කා වගේ හිටියා වෙන්න ඇති.

 


button යුද ජයග‍්‍රහණය වෙනතුරු ඔබ මේ අය එක්ක ගනුදෙනු කළා. ඒ කාලේ ඔය කියන අසාධාරණ වැඩ ඔබ දැක්කෙ නැද්ද?
යුද්ධයට අත ගැහුවට පස්සේ මට  ඕනෑ වුණේ ඒක ඉවරයක් කරන්න මිසක් වෙන හැම දේ ගැනම හොය හොයා ඉන්න නෙවෙයි. ඒ වෙලාවෙ අපි ඒක අතඇරිය නම් යුද ජයග‍්‍රහණය රටට ලැබෙන්නෙ නෑ. මම මගේ රාජකාරිය හරිහැටි ඉටු කරන්න තමයි ඒ කාලයේ කටයුතු කළේ. අනිත් එක ඔය පාලකයා ඒ කාලෙදි පස්සෙ කාලේ තරම් නොමනා අයුරින් හැසුරුණේ නෑ. ත‍්‍රස්තවාදය ඉවර වුණාට පස්සෙ තමයි එයාටත් තටු ආවේ. එතන ඉඳලා තමයි එයා දූෂණයට යොමු වුණේ. එතකොට තමයි අපි ඒකට අභියෝග කළේ. මුලින් අපි කියන දේ ඔහු ඇහුවා. නිදහස ලැබුණට පස්සෙ මේ අයට හමුදාවත් අමතක වුණා. රටේ නීතියත් අමතක වුණා. පකිස්ථානයේ වගේ නම් ඔය වගේ වෙලාවක හමුදාව බලය අරගන්නවා. අපි එහෙම කළේ නෑ. අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නිසා ඔය පාලකයො ඒ වෙලාවෙ ගෙදර යැව්වෙ නෑ.

5

 


button යුද ජයග‍්‍රහණය ඔබ තනිවම අයිති කර ගන්න හදනවා වගේ අදහසක් සමහරු කියනවා නේද? අනෙක් හමුදාපතිවරු එහෙම...
යුද ජයග‍්‍රහණය මම තනියම අයිති කරගන්නෙ නෑ. ඒක සියලූ රණවිරුවන්ගේ කැපවීම උඩ ලැබුණු දෙයක්. මම ඒක මීට පෙරත් කියලා තියෙනවා. නමුත් ඒ දේශපාලනඥයින්ට ඒක දෙන්න බෑ. කොළඹට වෙලා ආරක්ෂක කවුන්සිලේ නිදි කිරා වැටුණු යුද්ධය ගැන සාකච්ඡුා කරන අතරේ වීඩියෝ ගේම් ගහ ගහ ඉඳපු ආරක්ෂක ලේකම්ට හරි යුද සිතියම බිත්තියට දාලා යුද සැලසුම් පැහැදිලි කරන්න හදනකොටම නිදිකිරා වැටුණු හිටපු ආරක්ෂක ඇමැතිට හරි ඒ ගෞරවය ඒ ආකාරයෙන්ම දෙන්න බෑ. යුද ජයග‍්‍රහණයේ ගෞරවය හිමි වෙන්න  ඕනෑ සෙබළුන්ට නාවික හමුදාව, ගුවන් හමුදාව සිවිල් ආරක්ෂක බළකාය වගේම පොලිසියත් කැපී පෙනෙන වැඩ කොටසක් යුද ජයග‍්‍රහණය වෙනුවෙන් ඉටු කළා. ඒත් යුද්ධයේ බර සීයට අනූවක් විතර කරට ගන්න වුණේ යුද හමුදාවට. කුහක නොවී කවුරුත් ඒ සත්‍ය පිළිගන්න  ඕනෑ. අපි ත‍්‍රස්තවාදීන් විසි තුන් දාහක් ඝාතනය කරලා දොළොස් දාහක් පණ පිටින් අල්ලා ගත්තා. නාවික සහ ගුවන් හමුදාව ඒ තරම් ප‍්‍රමාණයක් ඝාතනය කළේ නෑ, ඒක ඒ අයගෙ රාජකාරියේ හැටියට සිදුවුණු දෙයක්. ඒක අඩුවක් නෙවෙයි. යුද හමුදාවෙ කාර්ය භාරයයි. අනෙක් කොටස්වල කාර්ය භාරයයි. සන්සන්දනය කරන්න යන එක සාධාරණ නෑ.

 


button ඔබ කියන ආකාරයට ආරක්ෂක කවුන්සිලේ සාකච්ඡුා සිද්ධවෙන අතරේ වීඩියෝ ගේම් ගහ ගහ ඉඳපු ආරක්ෂක ලේකම් එක්ක ඒ ගැන තර්ක කළේ නැත්තෙ ඇයි?
ඒක අවශ්‍ය නැති වැඩක්. මම ඒ අයගෙන් ඉල්ලූවෙ අවි ආයුද ගන්න සල්ලි. මම යුද්දෙ පටන් ගන්න කලින් අයවැයෙන් වෙන්වුණු මුදලම තමයි ඊට පස්සෙත් ලැබුණෙ. ඒකෙන් තමයි මමත් යුද්ධ කළේ. මම අනවශ්‍ය දේවල්වලට ඇඟිලි ගහන්න ගියේ නෑ. ඒ අයට චීනෙ ඔලිම්පික් උළෙල තිබුණු කාලේ මාස හයක් යනතුරු පතරොම් ගෙන්න ගන්න බැරිවුණා. මම පෞද්ගලිකව පකිස්ථානෙ යුද හමුදාපතිට කතා කරලා එහේ තොගවලින් ඩොලර් මිලියන හැටක පතුරම් මම ඉල්ල ගත්තා. ඒ විදිහටයි අපි වැඩ කළේ. ඒ අය හිටපු ජොලියෙන් අපිත් හිටියා නම් යුද්දෙ දිනන්න බෑ.

 

4

 


button ඕක ඇත්ත නම් ගෝඨාභය රාජපක්ෂ ”ගෝඨාස් වෝ” කියලා පොතකුත් ලිිව්වෙ.
තරගෙට පොත් ලියන්න මට නම් වුවමනාවක් නෑ. මට එහෙම ශෝකයකුත් නෑ. අපි කරපු දේවල් රණවිරුවො දන්නවා. රටේ ජනතාව දන්නවා අපි කරපු කැපවීමේ ප‍්‍රතිඵලය ගැන. පොත් ලිය ලියා කරපු වැඩ කියන්න  ඕන නෑ.


හමුදාවෙන් තනතුරු දාලා ගිය කෙනෙක් පොත් ලිව්වට වැඩක් නෑ. රන්ජන් විජේරත්නගෙ කකුල් දෙක අල්ලලා වැඳලා අස්වීම අරගෙන ගියේ ගෝඨාභය රාජපක්ෂ 1990 දී. පස්සෙ ඇවිල්ලා තමයි ආරක්ෂක ලේකම් වුණේ. ඒ පොත ලියලා එයා සතුටක් ලබන එක ගැන මට ප‍්‍රශ්නයක් නෑ. ඒත් එයාගෙ ගෙදර අය පවා දන්නවා ඇති ඔය පොතේ තියෙන චණ්ඩිකම් එයා කළේ නෑ කියලා.

 


button ඔබ කියන විදියට ඒක සත්‍ය විකෘති කිරීමක් නම් ඔබට වගකීමක් නැද්ද ඇත්ත සමාජගත කරන්න?
මම ඒක ඉවසීමෙන් කරනවා. ඉදිරියේදී එවැන්නක් මගේ අතින් කෙරේවි. ප‍්‍රතිරූප හදාගන්න පොත් ලියන්න නම් බලාපොරොත්තුවක් නෑ. ඉතිහාසය නිවැරැුදි කිරිමයි අවශ්‍ය වෙන්නේ. සමහර විට මම නොලිව්වත් වෙන අය හරි නිවැරැුදි ඉතිහාසයක් ලියාවි. පහුගිය කාලේ හමුදා නිලධාරීන් තමන්ගෙ අත්දැකීම් ලියන්න බයේ හිටියෙ එක්කෙනයි පොතක් ලිව්වෙ. ලෝකෙ වෙන රටවල හමුදා නිලධාරීන් යුද්දෙකින් පස්සෙ තමන්ගේ අත්දැකීම් ලියන සම්ප‍්‍රදායක් තියෙනවා. මමත් අවශ්‍ය මොහොතෙදි ඒක ලියනවා.

 


button 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම කාගේ යෝජනාවක්ද?
හමුදාවෙන් ඉවත් වෙන්න  ඕනෑ කියලා මම තනි තීරණයක් ගත්තේ. දේශපාලනය කිරීමත් මගේ ඔළුවෙ තිබුණා. ඒ තීරණය ගන්නකොට මගේ ගෙදර අයවත් දන්නෙ නෑ, රූපවාහිනියේ නිව්ස්වලින් තමයි ගෙදර අයත් ඒක දැන ගත්තේ. අස්වීමේ ලියුම දීපු දවසට කලින් දවසෙත් මම ජනාධිපති එක්ක පැයක් විතර කතා කළා. මම කරුණු පහදන්න උත්සාහ කළා. ඒත් එයා ඒවට ඇහුම් කන් දුන්නෙ නෑ. එතෙන්දි මට කලකිරීමක් ඇති වුණා. හමුදාවෙන් ඉවත් වුණාට පස්සෙ මට ආරාධනා ලැබුණා ජනාධිපතිවරණයට තරග කරන්න කියලා. එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ඇවිත් මේ ගැන සාකච්ඡුා කළා. මමත් දවස් තුනක් විතර කල්පනා කරලා ඒකට කැමැති වුණා.

 


button 2010 ජනාධිපතිවරණයෙන් ඔබ ජයග‍්‍රහණය කළා කියලා වගකීමෙන් කියන්නෙ කොහොමද?
මැතිවරණ කොමසාරිස්ගෙ හැසිරීම ප‍්‍රධාන කාරණයක්. ඡුන්ද පෙට්ටියක්වත් රැුක ගන්න බැරිවුණා කියල ඔහුමනේ කිව්වේ. තොග පිටින් ඡුන්ද කාඞ් පාරවල්වල තිබිලා හමුවුණා. තැන් කීපයක ඡන්ද දූෂණ සිද්ධ වුණා. ප‍්‍රතිඵල වෙනස් කළා. කියනකොට සාධක විශාල ප‍්‍රමාණයක් තියෙනවා.

 


button මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ඇමැතිතුමා ආණ්ඩුවෙන් එළියට ඇවිත් ජනාධිපතිවරණයට තරග කරන්න තීරණය කිරීම පිළිබඳ රහස් සාකච්ඡුාවල ඔබ හිටියද?
ඒ සාකච්ඡුාවල මම හිටියේ නෑ. මාධ්‍ය සාකච්ඡුාවෙන් පස්සෙ අපි මුණ ගැහිලා සාකච්ඡුා කළා.

 

31_PAGE_14_M
button එතුමට සහය දෙන්න ඔබ කොන්දේසි දැම්මද?
යහ පාලනය නීතිය වගේ කාරණා ගැන අපි කතා කළා. අපි ගිවිසුමක් අත්සන් කළා.

 


button ඒ සාකච්ඡුාවලදී එතුමා ජනාධිපතිවුණොත් ඔබට ජනාධිපති සමාව ලබාදීම ගැන ඉල්ලීමක් කළාද?
ඒ සාකච්ඡුාවලදී මම වෙනුවෙන් මගේ ප‍්‍රතිලාභ ගැන කිසිවක් කතා කළේ නෑ.

 


buttonමහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිදුවුණ ¥ෂණ ඝාතන දැන් ටික ටික එළියට එනවා. ඔබ මේ කාලයෙන් වැඩි කොටසක් මේ රටේ හමුදාපති. මේවා ගැන ඔබ යම් යම් තොරතුරු දැනගෙන හිටියෙ නැද්ද?
මටත් ඔය ඇතැම් ඝාතන පිළිබඳ ප‍්‍රශ්නාර්ථයක් තිබුණා. ඒවා ගැන මට යම් සැකයක් තිබුණ. අපේ දක්ෂ පොලිසිය මේවා ගැන නිහඬවීම අපට ප‍්‍රශ්නයක් වුණා. මේවා ගැන අනවශ්‍ය මැදිහත්වීමක් කරන්න හමුදාපති වුණත් අපට හැකියාවක් තිබුණෙ නෑ. මට වෙන රාජකාරියක් තිබුණානේ. අනුන්ට අයිිති දේවල් ගැන සොයන්න මම උනන්දු වුණේ නෑ. දූෂණ වැඩියෙන්ම සිද්ධ වුණේ යුද ජයග‍්‍රහණයෙන් පස්සේ.

 


button මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ගැන ඔබේ නමත් ඈඳුණා?
හිටපු පාලකයා සහ හිටපු ආරක්ෂක ලේකම් මාව මේකට පටලවන්න උත්සාහ කළා. මම හිරේ ඉන්න කාලේ මේකට මට නඩු දාන්න ලොකු උත්සාහයක් දැරුවා. ඒත් ඒක අසාර්ථක වුණා. මේ සිද්ධිය ගැන ඒ අයට බැරිවුණා මට විරුද්ධව බෝරු සාක්කියක් හදා ගන්න. ඒ ඝාතනය ගැන මට යම් සැකයක් තිබුණා.

 


buttonx ඔබේ ළඟම හිටපු ජයන්ත කැටගොඩ පැදුරටත් නොකියා ගියේ ඇයි?
එයා ගියේ මොකද ගිහිල්ලා කළේ මොනවද කියලා දැන් රටම දන්නවා. ඔහුගේ අවසාන කාලයේ හැසිරීම ගැන අපට ප‍්‍රශ්නයක් තිබුණා. නමුත් ඔහු පක්ෂයේ උපනායක හැටියට වගකීමෙන් වැඩ කරයි කියලා අපි හිතුවෙ. ඒක නිසා ඔහුගෙන් අනවශ්‍ය ප‍්‍රශ්න කිරීම් කළේ නෑ. එයා ගියේ ඇයි කියලා එයාගෙන් ඇහුවා නම් ඉතුරු ටික දැන ගන්න පුළුවන්.


පහුගිය දවස්වල කතාවක් පැතිරුණා ඔබට ආරක්ෂක ලේකම්කම දෙන්න යනවා කියලා. මොකක්ද මේකෙ ඇත්ත නැත්ත?
ඒක දුන්නත් මම බාර ගන්නෙ නෑ. මම දේශපාලනය කරන කෙනෙක්. මම පක්ෂ නායකයෙක් හැටියට අමාත්‍යාංශ ලේකම් තනතුරක් ගන්න බෑ. අනික ගෝඨාභය රාජපක්ෂ කියන්නෙ අතීතයේදී හමුදාවෙ මට කනිෂ්ඨ නිලධාරියෙක්. එයා වැඩ කරලා ගිය ආරක්ෂක ලේකම්කම එයා ගියාට පස්සෙ මම බාර ගැනීම පෞද්ගලිකව මගේ ගෞරවයට සුදුසු නෑ.

 


button ඊළඟ කැබිනට් මණ්ඩලෙන් ඔබ බලාපොරොත්තුවෙන ඇමැතිකම මොකක්ද?
ඒක තාම හිතලා නෑ. මගේ දක්ෂකම්වලට සුදුසු දෙයක් ලැබේවි.

 


button 2010 සාපේක්ෂව අද ඔබ පරිණත දේශපාලනඥයෙක් කියලා හිතනවද?
ඒක මට වඩා ජනතාව තීන්දු කරාවි. මට විශ්වාසයි මම ගැන.

 


buttonඔබට ෆීල්ඞ් මාෂල් තනතුර ලැබීම ගැන සංවාදයක් තියෙනවා නේද?
කවුරු මොනවා කිව්වත් ඒක ලැබීම ප‍්‍රශ්නයක් නෙවෙයි.

 


buttonඅනෝමා ෆොන්සේකාට ඡුන්දෙ ඉල්ලන්න අවස්ථාවක් දෙනවද?
දැනටත් එයා දේශපාලන කටයුතු කරනවා. මැතිවරණයකට තරග කිරීම සුදුසු අවස්ථාවෙදි තීරණය කරන්න  ඕනෑ දෙයක්. පක්ෂයේ අවශ්‍යතාවය උඩ ඒක සිද්ධ වේවි.

 

m



අදහස් (0)

අල බහිනකම් හිටිය මට අල තැම්බෙනකන් ඉන්න එක මහ වැඩක් නෙවෙයි

රොෂාන්ත Wednesday, 11 February 2015 05:05 AM

ඇත්තටම ඔබට කොන්දක් තිබෙන යුග පුරුෂයෙක් නිසා රාජපක්ෂගේ තාන්න මාන්න වලට යට වුනේ නැ... යුද්ධයේ සබෑ නායකයා ඔබයි .(දිල්)

:       0       0

අශෝක Friday, 06 February 2015 09:30 PM

මහත්තයෝ, අපි සැමදා ඔබ සමඟයි (නි)

:       0       0

උපුල් Tuesday, 10 February 2015 07:21 PM

නුඹ ලක්මවගේ කුසේ ඉපදුන උදාර පුතෙක් (නි)

:       0       0

ජීවා Friday, 06 February 2015 01:28 PM

හැමෝගෙම බලයට කෑදරගම තියෙනවා (නදී)

:       0       0

සංජීව Tuesday, 10 February 2015 10:08 AM

දකුණින් බිහි වූ තවත් ශ්‍රේෂ්ඨ නායකයෙක්.(හේ)

:       0       0

දුමින්ද Tuesday, 10 February 2015 05:08 AM

වෛර කිරීමෙන් සිදුවන යහපතක් නැත (නදී)

:       0       0

රසික Tuesday, 10 February 2015 05:41 AM

ඔබට සම කරන්න පුළුවන් වීරයෙක් මිහිපිට නැත. ඔබට ජාතියේ ප්‍රණාමය (දිල්)

:       0       0

වාසනා Thursday, 05 February 2015 10:44 PM

ඔබට සියලු දෙවි පිහිටයි! තිත්තයාට වාරයක් වගේම කොකාටත් වාරයක් එනවා (නි)

:       0       0

සමන් පෙරේරා Saturday, 07 February 2015 10:16 AM

යුද්දය නැති කලේ ඔබ තුමාද හිටපු ජනාධිපති තුමාද ? (නදී)

:       0       0

රණවක Tuesday, 10 February 2015 06:43 AM

යුද්දය කරද්දී එකට උපරිම දෙයක් කළා.එකට අපි සලකනවා.කාගේ හරි ලණුවක් කාලා තමයි දැන් කියවන්නේ. (හේ)

:       0       0

දේශප්‍රිය Wednesday, 11 February 2015 03:31 AM

පහුගිය රජය තරම් කිසිම රජයකින් රණවිරුවන්ට සැළකුවේ නැහැ. ඒවා මේ රටේ ජනතාව දන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4556 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 583 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1169 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 103 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 190 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 248 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site