වල් අලි දඩයමේ ගොස් වල් අලියෙකුගෙන්ම මැරුම් කෑ ඉංග්‍රිසි ජාතික පාලකයකුගේ සොහොනක් කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ නම් ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානයේ ඇත.
කතරගම වනජීවී අඩවිය භාර නිලධාරි කරුණාසේන විතාන මහතා මෙම සොහොන සම්බන්ධයෙන් මෙසේ කියයි. ජේ.පී.ඉරේෂන් නමැති මෙම සුදු ජාතිකයා ඉංග්‍රීසි පාලන සමයේදී ගල්ගේ ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කර තියෙනවා. ඔහු දක්ෂ දඩයක්කාරයෙක්. අලි ඇතුන් දඩයම ඔහුගේ හොඳම විනෝදාංශයයි. මෙසේ ඔහු අතින් අලි ඇතුන් සිය ගණනක් වෙඩිකා මිය ගොස් තිබෙනවා. දෛවයේ සරදමකට මෙන් අවසානයේදී අලියකුට වෙඩි තියන්න ගිහින් ඔහු ඒ අලියගෙන්ම මැරුම් කාලා.
ඉන්පසු ඔහුගේ මිත්‍රයන් යාල වනයේ රමණීය ගල් තලාවක ඔහුගේ සොහොන් කොත ඉදි කළා. එහි මෙසේ සදහන් වෙනවා. ගල්ගේ ප්‍රදේශයේ නිර්මාතෘ හා බ්‍රිතාන්‍ය ජාතික ශූර දඩයක්කරුවකුවූ ජේ.පී.ඉරේෂන් මහතා සිහිවීම පිණිසයි. උපත 1877 අප්‍රියෙල් 03 දා විපත 1923 නොවැම්බර් 12 දා. ඔහුගේ මිතුරන් විසින් මෙම සිහිටනය ඉදි කරන ලදී. ඔහු සාමදානයේ සැතපේවා.
මෙම සොහොන් කොත අඩි 40 ක් විතර උසට තිබුනා. නමුත් කලින් කලට හෙන වැදීම නිසා එය කැඩි යන්නට පටන් ගත්තා. මෙම සොහොන ගැන නිතර වාර්තා කරන ලෙස ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුවට දන්වල තියෙනවා.ඒ අනුව මම මෙම අඩවිය භාර නිලධාරියා වශයෙන් සොහොන කැඩී ගිය කිප අවස්ථාවකම එම කාර්යාලයට දන්වා සිටියා.ඒ හැම වාරෙම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඇවිත් මෙම සොහොන් කොත අලුත්වැඩිය කරනවා. හෙණ වදින් බැවින් දැනට ඔවුන මෙම සොහෙන් කොතේ උස අඩි 20 කට විතර අඩු කර තියෙනවා. මේ පළාතේ ගම්වල මිනිසුන් කියන්නේ සුද්ද අලි මරපු නිසා එම අලින්ගෙ ආත්මයන් මෙම සොහොනෙනුත් පලි ගන්නවා කියලයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල්තලාව උඩ උසට උසේ උල් හැඩේ තියන කණුවක් ගහුවම අකුණු නොවදියිද? (ස)
අලි මරපු නිසා වෙන්න ඇති හෙණ වදින්නේ සොහොනට (ස)
අපේ රටින් කාලා, අපේම අලින්ව මරලා . සොහොනට උන දේ හරි.(නදී)
මේ වගේ අලි මරපු සොහොනට හෙන වදින සුදු මහතකුගේ සොහොනක් ගැන මට නුවර එලිය ප්‍රාද්ශයේ තියනවා කියලා ලිපියක් ලැබුණා.. හැබැයි එම අලි අවුරුදු ගානකට කලින් හිටපු රෝම තියන හොඩවැල කොට දිග අලි හිටියලු..!(නු)
අපි මොකටද මේ වගේ මිනිසුන්ගේ සොහොන් පරිස්සම් කරන්නේ? (නි)
මේ වගේ කෙනෙකුගේ සොහොනක් අපි මොකටද ආරක්ෂා කරන්නේ ? කාගේ අවසරයක් පිටද මෙතන මෙය ඉදිකරලා තියෙන්නේ ? (ස)
අපේ රටේ ඉතින් වැඩිපුරම ඉන්නේ කොන්ද පණ නැති කට්ටියනේ. (නි)
ඒ වගේ අපරාධ කළොත් කාටත් වෙන්නේ මේ වගේ තමයි කියලා හොදට හිතාගත්තොත් හොදයි. (නි)
මේ වගේ කෙනෙකුගේ සොහොනක් අපි මොකටද ආරක්ෂා කරන්නේ ? කාගේ අවසරයක් පිටද මෙතන මෙම ස්මාරකයක් ඉදිකරලා තියෙන්නේ ? මගේ අදහස නම් මේක මෙතනින් ඉවත් කර දැමිය යුතුයි කියලයි. ඉන්ග්‍රීසි අයට ස්මාරකයක් අවශ්‍ය නම් එය එංගලන්තයේ හරි ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට හරි ඉදිකරගන්න කියන්න. (නි)
සුද්දොන්ට වඩා අපරාධ කරන අය ලංකාවේ ඉන්නවා දැන් (ස)
අංජලිකා ඔයාගේ කීමට මම එකඟයි (ස)
මෙහෙම සොහොන් අලුත්වැඩියා කරන අය වුණත් පරිස්සම් වුණොත් නේද හොද. (නි)
කළකම් පලදේ (දී)
සුද්ද සුද්දාගේ අයව මහා ගෞරවයකින් හොදට බලාගන්නවා. සුද්ද සුද්දගේ අයව මැරුණත් අමතක කරන්නේනැහැ. මේක අපේ ලංකාවේ නායකයොත් ඉගනගන්ඩ ඕනෑ. ඒකයි මෙම කතාවෙන් අපිට ඉගෙනගන්න තිබෙන පාඩම. හෙන ගහන හැටි ගැන කතාකරලා වැඩක් නැහැ. ලංකාවේ මීටවැඩිය හෙන හත ගහන දේවල් අපේ අය කරනවා දැන්. අපි ශිෂ්ටසම්පන්න ශ්‍රේෂ්ට ජාතියක් තමයි. හැබැයි අද නෙමෙයි එදා. (නි)
ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුවට දන්වලා තියෙනවාද? නෑත්නම් ඉල්ලීමක් කරලා තියනවද? දෑනුම් දීමක් කරන්න එයලට නෛතික බලයක් තියෙනවාද? (නි)
මෙයා කර වැඩේ නිසා වෙන්න ඇති හෙණ වදින්නේ (ස)
ඔය වගේ තැනක් හෝර්ටන් තැන්න ප්‍රදේශයෙත් තියෙනව කියල අහල තියෙනවා.(ස)
ඇත්තුන්ට පාඩුවේ ඉන්න දුන්න නැති නිසා තමා. සොහොන අළුත්වැඩියා කරන උදවියත් ඊළඟට පරිස්සම් වෙන්න. හොඳේ. (නි)
තව ගහන්න කියලා නම් මම කියන්නේ නැහැ (දී)
මමත් ඔය හරියේ කාලයක්ම හිටියා. තවමත් අලි කරදරේ තියෙනවා. (නි)
මෙයා දැන් කොහේ ඇද්ද? (නි)
කළකම් පල දේ (දී)