IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


අලි වැට පෙනි පෙනී කුළු හරකුන්ගේ ගෝරනාඩුවක්

 

 

රුක්ෂාන් ඇතුළු පිරිසට කරකියා ගත හැකි දෙයක් තිබුණේ නැත. ඔවුහු රාත‍්‍රිය ජීප් රථයේම ගෙවා දැමීමට තීරණය කැර සිටියහ.

සවස් වනතුරු කරන ලද සංචාරය අතරතුර දී ඔවුන් සන්තකයේ තිබූ පානය කළ හැකි අවසන් ජල බිංදුව දක්වාම අවසන් වී තිබිණි. මුළු රාත‍්‍රියම ගත කරන්නට වන්නේ ජලය බිඳක් හෝ නොමැතිවය. ඈතින් මහ ජලාශයක් පෙනුන ද කිඹුල් ගහණයත් අලි රංචු කිහිපයත් ඔවුන් එහි යන ගමන වළකාලයි.

වනයේ තැන තැන තිබුණු දිරා ගිය අතු කැබලි කිහිපයක් හා කොළ රොඩු එකතු කළ තිදෙනා ගිනි මැලයක් දල්වා ගත්හ.

විටින් විට හමා එන වියළි සුළ`ග ගත යම් තරමකින් නිවා ලන්නට සමත්වුව ද දිනයේ දැඩි වෙහෙසකර බව ඔවුන් දිගින් දිගටම පීඩාවට පත්කරයි. ඈතින් සඳ මෝදු වුව ද එය ද පිරුණු සඳක් නොවන බැවින් රාතී‍්‍ර සඳ එළිය ද ඈත වැව දකින්නට ද ප‍්‍රමාණවත් නැත. විටින් විට ඇසෙන අලින්ගේ කුංච නාදය වනාන්තරයේ බිහිසුණු බව නැවත නැවතත් සිහිපත් කරයි.

නිදි නැතිව ජීප් රියටම වී විවිධ මාතෘකා ඔස්සේ කතා කරමින් රැය පහන් කිරීම රුක්ෂාන්ගේ බලපොරොත්තුව වුව ද අඩවි වනජීවී නියාමකවරයා නිදන්නට වූවේය. රුක්ෂාන් වරින් වර නැගිට ගොස් ගිනි මැලයට දර එකතු කරයි. එය ඔවුන්ට ඇති එකම ආරක්ෂාවයි.

‘‘වනාන්තරය ඇතුළේ වුණත් එදා රෑ පුදුම රස්නයක් තිබුණේ. සුළගත් හමනවා. ඒත් ඇග තෙත් වෙන්න දාඩිය දානවා. අපිට කරගන්න කිසිම දෙයක් නැහැ. මේ අතරේ කාක්කෝ වගේ මහ විශාල මදුරුවෝ ඇවිත් ඇග පුරාම විදිනවා. ඒක පුදුමාකාර වේදනාවක්. ඇග පත පුරාම පළු නගිනවා. ’’

ජීප් රියේ පිටුපස අසුනේ නිදා සිටින වනජීවී නියාමක වරයා හිටිවනම අම්මෝ යනුවෙන් කෑ ගසමින් ඔළුව අල්ලාගෙන නැගිටියි. ඔහු එසේ කෑ ගසමින් නැගිට හිස බදාගෙන මද වේලාවක් සිට යළිත් නිදන්නට වෙයි. අනෙක් අයට නිදන්නට නොහැකි තරමට හයියෙන් ගොරවන මේ නියාමක වරයා යළිත් විනාඩි කිහිපයකින් පෙර පරිදිම කෑ ගසා නැගිටියි. ගිනි මැලයේ මලානික ආලෝකයෙන් මේ පෙනෙන දසුන රුක්ෂාන්ට විටෙක විසුළු දසුනකි.
 

රුක්ෂාන් ජයවර්ධන

වෙහෙසකර බව හේතුවෙන්ම විටින් විට අඩ නින්ද රුක්ෂාන් සොයා පැමිණිය ද බඩ ගින්නත්, මදුරුවන්ගේ පීඩාව මෙන්ම වනජීවී නියාමක මහතාගේ ගෙරවිල්ලත් හේතුවෙන් ඔහුට නින්දක් ලැබෙන්නේ නැත. නිශාචර පක්ෂීන්ගේ බිහිසුණු ලතෝණියත් රාතී‍්‍ර වනයේ ක‍්‍රියාශීලී වන කෘමි සතුන්ගේ නොනවතින නාදයත් ශ‍්‍රවණය කරමින් ඔහු රාත‍්‍රිය ගත කළේය.

‘‘රාතී‍්‍ර කාලයේ මේ වගේ අකරතැබ්බකට ලක්වෙලා වනාන්තරයක ගත කරපු මුල්ම දවස. මම විටින් විට වනාන්තරයෙන් ඇහෙන නොයෙකුත් ශබ්ද වලට හොඳින් ඇහුම්කන් දුන්නා. ඒවායේ යම් රටාවක් තිබුණා කියලත් හිතෙනවා. කොහොම වුනත් හිරු උදාවෙන තුරු සිටියේ බොහොම අමාරුවෙන්’’

අහසේ ඈතින් යන්තමට හිරු එළිය මෝදුවන ආකාරය රුක්ෂාන්ට සැනසීමක් ගෙන ආවේය. රාති‍්‍රයේ වනයේ ඇති බිහිසුණු බව දහවලේ එතරම්ම භයානක නොවේ. දිවා කාලයේ වන සතකුගේ ප‍්‍රහාරයකින් බේරීමේ යම් අවස්ථාවක් ලබා ගැනීමට හැකියාවක් ඇත.

‘‘ අපි රාත‍්‍රියම මේ විදියට ගත කරලා එළි වුණත් කිසිම කෙනෙකුගෙන් පිහිටක් ලැබේවි යැයි හිතුවේ නැහැ. අපි හිරවි සිටි ස්ථානය අනුව කාටවත් අපිව හොයාගන්න බැරි වෙන බව අපිට විශ්වාසයි. මේ නිසා අපේ තීරණය වුණේ අපහසුවෙන් වුණත් පාර දිගේ උදව් ඉල්ලාගෙන යන්න. ’’

හිමිදිරි පාන්දරම ඔවුහු ගමන් ඇරඹූහ. වනෝද්‍යානයක පයින් ඇවිද යාම නීතියෙන් තහනම් වුව ද ඔවුන්ට කරන්නට කිසිවක් නැත. ටිකෙන් ටික ඉදිරියට යන රුක්ෂාන් ඇතුළු පිරිසට ගමන අසීරු වෙමින් තිබේ.

පැය දොළහකට වැඩි කාලයක් බොන්නට දිය පොදක් නැතිව, කුසට කිසිදු අහරක් නොමැතිව යන මේ ගමනට නැග එන හිරු තවත් විඩාව එක්කරයි. මේ ගමන අතරතුර  ඕනෑම වෙලාවක වනයෙන් මතුවන කොටියකු තමන් මතට කඩා පැනීමට ඉඩ තිබේ. නැතිනම් රංචුවෙන් වෙන්වී ඉබාගාතේ ඇවිදින ප‍්‍රකෝප වූ මද කිපුණු අලියෙක් ඉදිරියට පැමිණ තමන් ඇතුළු පිරිස ක්ෂණයකින් පොඩි පට්ටම් කැර දමනු ඇත. වනාන්තරයේ අහර සොයා සැරි සරණ වලසකු පැමිණ සිය උල් නිය වලින් තමන්ට මාරාන්තික තුවාල සිදුකරනු ඇත. මේ බිහිසුණු අභියෝග ජයගැනීමට ඔවුන් සතු එකම ආයුධය වන්නේ වනාන්තරයෙන්ම සොයාගත් ලී කැබලි පමණි.

‘‘අපි පැය භාගයක් විතර ඇවිදගෙන ගියා. අපේ බලාපොරොත්තුව වුණේ හැකි ඉක්මනින්ම වනෝද්‍යාන කාර්යාලයට යාමටය. සංචාරකයන් සමග පැමිණෙන වාහන කිසිවක් නැහැ. එදා සතියේ දිනයක් නිසා සංචාරකයන් පැමිණීම කොහොමත් අඩුයි. මේ විදියට ටික දුරක් යන විට එකපාරටම අතු කැඩෙන ශබ්දයක් ඇසුණා. ඒ සමගම අපි නතර වුණා. අපි පුළුවන් තරම් නිශ්ශබ්දව කන් දුන්නා. අලි අතු කඩා කන ශබ්දය ඇසෙනවා.  ඒ අපිට ඉතාමත්ම ආසන්නයෙන්. කොහොම වුණත් අලි ඉන්න දෙසින් අපේ පැත්තට සුළ`ග හමා එනවා. මේ දේ අනිත් පැත්තට සිදු වුණානම් අලින්ට අපේ ඉව දැනෙනවා. අපි හෙමින් හෙමින් අඩිය තියමින් ඉදිරියට ගියා. පාර දිගේ මේ විදියට යාමත් තරමක් භයානකයි. මොකද පාරට එන වන සතුන්ට අපිව සෘජුවම පෙනෙනවා. ඒත් කැලේට යාමත් කළ නොහැකියි. කැලේට ගියොත් සතකුගෙන් එල්ලවන ප‍්‍රහාරය වඩාත් දරුණු විය හැකියි. ඒ වගේම අපිට එවැනි ප‍්‍රහාරයක් එල්ලවේයැයි කල්තියා දැනගන්නත් බැරි වෙනවා.’’

මේ ගැටළුවෙන් මිදීමට නම් ඔවුන් වඩාත් ආරක්ෂාකාරී විය යුතුය. ඒ සඳහා අනුගමනය කළ දේ ගැන තිදෙනාම සාකච්ඡුා කළහ. අවසානයේ තීරණය වූයේ ඔවුන් ගමන් කරමින් සිටින මාර්ගයට යාබද ව ඇති පැරණි වෙල්යායට පිවිස ඒ ඔස්සේ ගමන් කිරීම සුදුසු බවයි. වනාන්තරයත් එම වෙල් යායත් අතර අලි වැටක් ඇති බව වනජීවී නියාමකවරයා කීවේය.

වනෝද්‍යානයේ ජීප්රථ මාර්ගයෙන් මිදී ඇතුළට ගිය ඔවුහු වන සතුන් ගමන් කිරීම හේතුවෙන්ම සෑදි ඇති අඩි පාරවල් ඔස්සේ අලි වැට සොයා පිය මනින්නට වූහ.

වනයේ මාවත් තනන්නෝ අලිය. ඔවුහු ගමන් කිරීමට අපහසු ස්ථාන වල පවා මං තනති. ඇතැම් විටෙක පළලටත් තවත් විටෙක පටුවත් ඇති මේ වන මං ඔස්සේ ගමන් කිරීම පහසු නැත. විටෙක වගුරු සහිත එරෙන සුළු ස්ථාන හරහා වැටී ඇති මේ වන ම`ග ඔස්සේ යන ගමන වන දිවියේ අසිරියත් දුෂ්කරතාවත් පෙන්වන කැඩපතකි.

වනාන්තරය අවසන් වන්නේ තෘණ භූමියකිනි. ගස් අතරින් එය පෙනෙන්නට තිබේ. ඒ පිටුපස අලි වැට තිබෙන බවත් අලි වැටෙන් රිංගූ විට පැරණි වෙල් යාය හමු වන බවත් සක්සුදක් සේ පැහැදිලිය. වනයෙන් නික්මීමට ඇති කෙටිම මාර්ගය එයයි. අලි වැට පැන ගතහොත් ඔවුන් බොහෝ සෙයින් සුරක්ෂිත වේ.
වනාන්තරය අවසන් විය තෘණ භූමියට පිවිසි තිදෙනා ඉදිරියට ගමන් කළහ. එහෙත් වැඩි දුරක් යන්නට අවසර නැත. වනයේ සැරිසරණ කුළු හරක් රංචුවක් ඉදිරියෙනි. රැුළේ නායකයා සෘජුවම මේ තිදෙනා දෙස බලා සිටියි. හදිසියේම පැමිණි මේ දෙපා සතුන් කවුරුන්දැයි ඔවුන් දන්නේ නැත.

‘‘ ඒ සත්තු අපි දිහා ඇසිපිය නොහෙලා බලා සිටිනවා. අපිට අලි වැට පේනවා. නමුත් මේ වගේ දෙයක් වේවි කියා හීනෙකින්වත් හිතුවේ නැහැ. කුළු හරක් අපි දැකලා බොහොම තරහින් පිඹිනවා. දැන් දැන් පහර දේවි කියලා හිතුවා. අපි හැරුණොත් කිසිදු සැකයක් නැහැ එළවගෙන එනවා. කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. අනිවාර්ය වන සත්ත්ව ප‍්‍රහාරයකට ගොදුරු වෙනවා. නමුත් මට මතක් වුණා  ඕනෑම සතෙක් ආගන්තුකයකුට බියක් දක්වනවා. මේ සියුම් දෙය අත්හදා බලන්න හිතුවා. මම කිව්වා අපි තුන් දෙනාම කෑ ගහගෙන කුළු හරක් ඉන්න දිහාවට දුවමු එවිට එයාලා බයවෙලා යාවි කියා. මේකට මගේ අනෙක් ස`ගයන් දෙන්නා එක`ග වුණා. මම එක දෙක තුන කියලා හයියෙන් කෑ ගහගෙන දුවන්න පටන් ගත්තා. ’’

එහෙත් කුළු හරක් රංචුවට අභියෝග කරමින් ඒ දෙසට දිව ගියේ රුක්ෂාන් පමණි. මීටර 10 ක් පමණ දිව ගිය ඔහු පිටුපස හැරී බලද්දී අනෙක් දෙදෙනා සිටි තැනම ගල් ගැසී බලා සිටිති. රුක්ෂාන් සහ කුළු හරක් රංචුව අතර පරතරය අඩු වූවේය. කෙසේ වෙතත් රුක්ෂාන්ගේ උත්සාහය වැරදුනේ නැත. කුළු හරක් දෙතුන් දෙනා ආපසු හැරී සිටියහ. ස`ගයන් නොමැතිව වුව ද තනිවම කෑ ගැසු රුක්ෂාන් තවත් අඩි කිහිපයක් රැකෙම්වා හෝ මියෙම්වා හෝ යැයි සිතා ඉදිරියට යද්දී හරක් රංචුවේ නායකයා ද ආපසු හැරිණි. දුහුවිලි අවුස්මින් කුළු හරක් රංචුව පසු නොබලා දිව ගියහ. හැකි ඉක්මණින් එතැනින් අලි වැට වෙත දිව ගිය තිදෙනා ඉන් රිංගා වෙල් යායට පැමිණියහ.

‘‘ සර්, හරි වැඬේනේ කළේ. එකපාරටම දිව්වනේ. කතා කරලා දිව්වනම් අපි තුන්දෙනාම යනවනේ. ’’ වනජීවී නියාමක වරයා කියූ එවදන් අසා සිටි රුක්ෂාන් කිසිවක් කීවේ නැත.

තවත් අඩහෝරාවකින් පමණ ගමට ගිය රුක්ෂාන් ඇතුළු පිරිස ගරාජයකින් උදව් ඉල්ලාගෙන පැමිණියහ. එදා සවස් වනවිට ජීප් රිය ගොඩට ගෙන පිළිසකර කැර ගැනීමට හැකිවූයෙන් එදින රාත‍්‍රිය වනෝද්‍යානයේ බංගලාවේ ගත කිරීමට හැකියාව ලැබිණි.

රුක්ෂාන්ගේ ගමන් සගයා වූ සෙබස්තියන්ට තවත් ඇබැද්දියකට මුහුණ දීමට සිදුව තිබිණි. ඔහු බංගලාවේ නොසිටි රාති‍්‍රයේ මීයෙක් සියලූ ඇඳුම් කපා දමා තිබූ බව රුක්ෂාන් සිහිපත් කරයි.

 

 

වේරගොඩගේ සජීව විජේවීර

 

විල්පත්තුවේ දින හතරක් - 1

විල්පත්තුවේ දින හතරක් - 2

විල්පත්තුවේ දින හතරක් - 3



අදහස් (0)

අලි වැට පෙනි පෙනී කුළු හරකුන්ගේ ගෝරනාඩුවක්

ධම්ම Tuesday, 20 August 2013 11:47 PM

ලංකාවේ ජරාජීර්ණ දේශපාලනයේ එරී සිටි සීයා දුටු මුණුපුරා ජීවිතේ කලකිරී වනාන්තර ගතවෙන්න ඇති රූපවතී. (නි)

:       0       0

නිල්මිණි Tuesday, 13 August 2013 02:08 PM

රුක්ෂාන් ජයවර්දන කියනේ හිටපු ජනාදිපති ජයවර්දන මහතාගේ මුණුපුරා. දැන් ඉන්න පාලකයන්ගේ දරුවන්ට වඩා පේනවනේ වෙනස . වැදගත් පරම්පරාවල ඉපදෙන්න වාසනාවන්ත වෙන්න ඕන. (දී)

:       0       0

රත්නායක Sunday, 11 August 2013 08:03 PM

ඇති යන්තමින් ආවා ඇති දැන් ඇගට ලේ උනලා ඇති නේද?(නදී)

:       0       0

රූපවතී Friday, 16 August 2013 02:11 PM

නිල්මිණි ..ඔයාට ගොඩක් ස්තුතියි ..මම ගොඩක්ම අසාවෙන් කියවන ලිපියක් මේක ...?ඒත් මේ රුක්ෂාන් මහත්තයා කියන්නේ කාගේ කව්ද ? කියල අද තමා මම ඔයාගෙන් දැනගත්තේ ..?ඇත්තමයි අපි ඒ මහතාව සජීවීව නොදැක්කත් කාගේ කවුරුන්ද නොදන්නවා වුවත් , ඔහුගේ ලිපි කියවද්දී නරඹද්දී , ඡායා රුවක් දකිද්දී ,හදවත්වලට පුදුම ලෙන්ගතුකමක් දැනුණා ...කොටින්ම කියනවා නම් ලොකු භක්තියක් දැනුණා. නිරහංකාර, උතුම් හොද මිනිස් ගතියක් දැනුණා ..? දැන් මම දන්නවා කවුද කියල අපේ රුක්ෂාන් මහත්තයා ...? ඔබට ස්තුති මෙවන් දුෂ්කර දේ අප වෙත ලබාදෙමින් ඔබේ වටිනා කාලය වැයකලාට ...? (ස)

:       0       0

රූපවතී Friday, 16 August 2013 02:24 PM

මේ ළගදී මම දැක්කා, විදෙස් මාධ්‍යයක් තුලින් අපේ ලංකාවේ .. "එලිෆන්ට් අයිලන්ඩ් " කියලා ශ්‍රී ලංකාවේ අලින් එකතු කළ පින්නවල, හා ජාතික වනෝද්‍යාන වල ඉන්න අලි හා ඔවුන්ගේ හැසිරීම ක්‍රියාකාරකම්.එම කැමරා වාර්තාකරු කියා සිටියේ ඔහු වසර ගනනක් අප්‍රිකාවේ අලි ඇතුන් සමග ඔවුන්ගේ ක්‍රියාවන් හැසිරීම් අධ්‍යයනය ක‍ර ඇති නමුත් ලංකාවේ මේ වගේ ලස්සන අලින් ටිකක් දැකීම හරිම වාසනාවක් කියලා.තවත් පුදුම දෙයක් ඔහු කිවුවේ. වනේ උපන් අලි පැටියෙක් අනික් ඇතින්නක විසින් හොරකම් කරගැනීමක්...?ඔහු දැකපු දුර්ලභ සිදුවීමක් බවයි.තවද වසර කීපයක් පමණ ලොකු කකුල් තුනේ අලියෙකුත් ඔහුගේ කැමරාවේ සටහන් වෙලා තිබුනා.හරිම දුකයි බොරු කකුලකින් යන ඒ පටියත් ගොඩක් සංවේදී අවස්ථාවක් ...!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 218 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 44 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 87 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 176 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 225 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 872 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site