IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අල්ලස් කොමිසම ගැන අපිට පැහැදීමක් නෑ

7_SLTK_P_17

 

කරුණු රැසක් මත මේ දිනවල දේශපාලන කරළිය උණුසුම්ය. ඒ උණුසුම් මාතෘකා පිළිබඳ මේ කතාබහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සම`ගයි.

 


button කට්ටිය කියන්නේ අනුර කුමාරට අරලියගහ මන්දිරෙන් කාමරයක් හම්බවුණා කියලා. අනුර දැන් ඒකෙද ඉන්නෙ?
ඒ තරම් අසත්‍ය විහිළුසහගත, අවලාද ප‍්‍රවෘත්තියක් නිර්මාණය කරන්න තරම් මේ කතාව පතුරපු අය බංකොලොත් වීම ගැන අපට තියෙන්නෙ කණගාටුවක් විතරයි. අපිට එක් අවස්ථාවක අමාත්‍යධුර හතරක් හිමිවෙලා තිබුණා. ඒ වෙලාවෙ අපට නිල නිවාස ඇතුළු අමාත්‍යාංශයට අදාල වරප‍්‍රසාද සියල්ලත් ලැබුණා. ඒත් අපි කවුරුවත් ඒ නිල නිවාස පාවිච්චි කළේ නෑ. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නිවාඩු නිකේතනයක් තියෙනවා නුවරඑළියේ. අපේ පක්‍ෂයේ කිසිම මන්ත‍්‍රීවරයෙක් එක රැුයක් ඒකෙ ගත කරලා නෑ. රජයේ තානායම් විශාල ප‍්‍රමාණයක් තියෙනවා. බොහෝ මන්ත‍්‍රීවරු ඒ තැන්වල පවුල් පිටින් ගිහින් සැප ගන්නවා. අපි කවුරුවත් ඒවට ගිහින් නෑ. මම අමාත්‍යවරයා විදියට කටයුතු කරන කාලේ ඒ අමාත්‍යාංශවලට අදාල බංගලා තිබුණා. ඒ එකකවත් එක රැුයක් මම ගත කරලා නෑ. ඒක නිසා රජගෙදර කාමර ගානෙ රිංගන අමාරුවක් අපට නෑ. එවැනි මේනියාවක් තියෙන මහත්තුරු නිර්මාණය කරපු මේ අසත්‍ය ප‍්‍රවෘත්ති ගැන කතා කරන්නවත් වැඩක් නෑ. අරලියගහ මන්දිරේ වළං හෝදපු, රෙදි අපුල්ලපු මහත්තුරු හිතනවා ඇති හැමෝම එයාලා වගේ කියලා. පක්ෂයක් විදියට අපි ජනතාව සම`ග කරන ගනුදෙනුවට සහ අප ලබන ජනතා ප‍්‍රසාදයට කුහක කම් කරන කීප දෙනෙකුගේ ප‍්‍රබන්ධයන් විතරයි  ඕක.

 


button දැන් ඇතිවෙලා තියෙන ජාතික ආණ්ඩුවක් පිළිබඳ කතාබහට ජනතා විමුක්ති පෙරමුණ දක්වන්නේ කොයි වගේ ප‍්‍රතිචාරයක්ද?
මේ පාර්ලිමේන්තුවට ජාතික ආණ්ඩුවක් ගොඩනගන්න සදාචාරාත්මක අයිතියක් නෑ. පසුගිය ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාව මහින්ද රාජපක්‍ෂ පරාජය කළේ මහින්ද රාජපක්ෂ සහ ඒ පවුලෙ අයටත් තිබුණු විරෝධය පමණක් නිසාම නෙවෙයි. ඒ ප‍්‍රතිචාරය ජනතාව දැක්වූවේ ඒ මුළු පාලනයටම තිබුණු විරෝධයක් හැටියට. කුඩු ව්‍යාපාරවලට සම්බන්ධ ඇමතිවරු, එතනෝල් ව්‍යාපාරවලට සම්බන්ධ අමාත්‍යවරු, රාජ්‍ය සේවකයින් ගස් බැඳපු ඇමතිවරු, මාධ්‍ය ආයතනවලට පහරදීපු ඇමතිවරු, ජනතාවගේ දේපොළ කොල්ලකාපු ඇමතිවරු, නිධන් හෑරීමේ චෝදනාවලට ලක්වෙච්ච අය, හරක් හොරෙන් පටවපු අය ඇතුළු චෝදනා විශාල ප‍්‍රමාණයක් එල්ලවුණු සියලූ දෙනාටත් එරෙහිව තමයි මේ ජනවරම ලැබිලා තියෙන්නේ. ඒක නිසා ඒ පාලනයට හවුල් වෙච්ච සියලූ ඇමතිවරුන්ට සහ මන්ත‍්‍රීවරුන්ට එරෙහිව ආපු ඒ ජනවරම හරහා නැවත ඒ ¥ෂිතයින්ම එකතු කරගෙන යළි ජාතික ආණ්ඩුවක් හදන්න උත්සාහ කිරීම කිසිසේත්ම යුක්තිසහගත නෑ. ඒක නිසා මේ පාර්ලිමේන්තුවට ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමට කිසිදු අවස්ථාවක් නෑ කියන එක තමයි අපේ අදහස. ඒ සඳහා කිසිදු ඉඩක් ලබා නොදිය යුතුයි.


2010 දීපු ජනවරමත් ඒ පාර්ලිමේන්තුව තුළ අද නියෝජනය වෙන්නේ නෑ. අද වෙනකොට මන්තී‍්‍රවරු එහෙට පැනලා මෙහෙට පැනලා ඇමතිධුර අරගෙන විකෘතිවෙලා තියෙන්නේ. තනතුරුවලට සමහරු විකිණිලා තියෙනවා. මුදල්වලට විකිණිලා තියෙනවා. ඒක නිසා මේ පාර්ලිමේන්තුවට තවදුරටත් ඉදිරියට යෑමට යුක්තිසහගත අයිතියක් නෑ. ඒක නිසා මේ පාරේලිමේන්තුව විසුරුවලා ඒ ඒ පක්ෂ මැතිවරණයට ඉදිරිපත්වෙලා තමන්ගේ අදහස ජනතාවට කියලා ජනතාවගේ අනුමැතිය සහිතව තේරීපත්වෙන පිරිසට අවශ්‍ය නම් ජාතික හෝ සර්වපාක්ෂික ආණ්ඩුවකට යන්න. එහෙම නැතුව මේක තවදුරටත් ඉදිරියට යා යුතු නෑ.

 


button ජාතික ආණ්ඩුවක් පිළිබඳ අදහසකට හුළං ගහන එකෙන් වැඩිම වාසිය කාටද ඔබ හිතන විදිහට?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු තමයි මේක කරගහගෙන යන්නේ. ඒ අයට අහිමි වෙච්ච වරප‍්‍රසාද පිළිබඳ සාංකාව, නැවත ඔවුන්ට පාර්ලිමේන්තුවට පත්වීමට හැකිවේදැයි කියන එක පිළිබඳ තියෙන සැකය වගේ කාරණා උඩ මේ අයට එල්ලෙන්න තියෙන හොඳම පිදුරු ගහ විදියට මේ අය හිතන්නේ ජාතික ආණ්ඩුවක්. දැන් වැඩිපුරම දූෂණ චෝදනා එල්ලවෙලා තියෙන්නේ මේ පිරිසට. එතකොට ඔවුන්ම නැවත පාලනයේ කොටස්කරුවො වුණොත් ඒ චෝදනාවලින් ගැලවෙන්නත් පුළුවන්. මොකද තමන් තමන්ටම දඬුවම් කරගන්න ක‍්‍රමයක් නෑනේ. මේ ජාතික ආණ්ඩු සංකල්පයකට යාම තුළ දූෂණ චෝදනා එල්ලවුණු හිටපු ඇමතිවරුන්ට ඒකෙන් බේරිලා යන්න පාර කැපීමකුත් සිදුවෙනවා. ඒක ඉතාම නරක තත්ත්වයක්. ඒක නිසා මේක වහාම වැළැක්විය යුතුයි. මේක ජනතාව පිළිබඳ සිතාබලා ගත්තු තීන්දුවක් නෙවෙයි. මේක තනිකරම මේ පිරිසේ පෞද්ගලික වුවමනාවක් විතරයි.

 


button එක්සත් ජාතික පක්ෂය මේ යෝජනාවට කොහොම ප‍්‍රතිචාරයක් දක්වයිද?
මොකද ඔවුන්ගේ තීරණය මෙතනදි ඉතාම වැදගත්.
එක්සත් ජාතික පක්ෂය මේ සඳහා දක්වන ප‍්‍රතිචාරය පිළිබඳ පූර්ව නිගමන දෙන්න අපට හැකියාවක් නෑ. ඒක ඔවුන් අතේ තීරණයක්. නමුත් ඔවුන් ඒ තැනට තල්ලූ වුණොත් ඔවුනුත් අර්බුදයට යනවා. ඔවුන් මීට කැමති වුණොත් ඒකෙන් අදහස් වෙන්නෙ පසුගිය ආණ්ඩුවෙ දූෂිතයන්, වංචනිකයින් සමඟ එක්ව ආණ්ඩුවක් කරන්න ඔවුන් සූදානම් කියල. ඒකෙන් ඔවුන් ජනවාරි 8 වෙනිදා ජනතාව දුන් ජනවරමට එරෙහිවීමක් සිදු කරන්නේ. ඒක නිසා ජාතික ආණ්ඩුවක් පිළිබඳ තීරණයකට ඒමේදී එක්සත් ජාතික පක්ෂයේ සැබෑ ස්වරූපය හෙළිවීමකුත් වෙනවා.

 


button ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ අපේ‍්‍රල් 23 පාර්ලිමේන්තුව විසුරුවන්න  ඕනැමයි කියන අදහසේද?
අපි ඒක කියන්නේ කාරණා කීපයක් උඩ. ජනවාරි 8 වෙනිදා ජනතාව දුන් ජනවරම අමතක කරන්න හොඳ නෑ. ඒ වගේම මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා මැතිවරණයේදි දුන් පෙරොන්දු, දිව්රුම් දීමෙන් පස්සෙ කළ ප‍්‍රකාශ, ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රකාශනයේ සඳහන් කාරණා කියන සියලූ තැන්වල අපේ‍්‍රල් 23 පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ සාකච්ඡුා වෙනවා. ඒක නිසා අපේ‍්‍රල් 23 පාර්ලිමේන්තුව විසුරුවාහැර ජනතාවට අවස්ථාව දිය යුතුයි තමන් කැමති පිරිසක් පාර්ලිමේන්තුවට තෝරාපත්කර ගැනීමට. ඇයි ඒකට බාධා කරන්නේ.

 


button මහින්ද රාජපක්ෂ නැවත ඔසවා තැබීමේ ”නුගේගොඩ ව්‍යායාමය” ගැන ජනතා විමුක්ති පෙරමුණේ තක්සේරුව මොකක්ද?
පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ප‍්‍රධාන සන්ධානයට යම් ඡන්ද ප‍්‍රමාණයක් ලැබුණා. ඒ ඡුන්ද ප‍්‍රමාණය ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිගේ කි‍්‍රය කලාපය යම් ප‍්‍රමාණයකට ඉවහල් වෙලා තියෙනවා. නුගේගොඩ රැස්වීමේදී ජනතාව වෙත ගෙන ගියේ මහින්ද රාජපක්ෂ නැවත කරළියට ගෙන ඒම, රාජපක්ෂගේ ආරක්ෂාව, රාජපක්ෂගේ හඬා වැටීම, රාජපක්ෂ පිළිබඳ අනුකම්පාව වගේ කාරණා. ඒ වටා ඒ නිශ්චිත මොහොතේ යම් පිරිසක් එකතුවෙලා හිටියා. නමුත් ඒක දිගු කාලීන ලෙස දේශපාලන ව්‍යාපෘතියක් ලෙස රඳා පවතින එකක් නෙවෙයි. මොකද, මහින්ද රාජපක්ෂට යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග දේශපාලන ගමනක් ඉතුරුවෙලා තියෙනවා කියලා අපි හිතන්නේ නැහැ. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තොර මහින්ද රාජපක්ෂටත් ගමනක් තියෙනවා කියලා අපි හිතන්නේ නෑ. ඒ නිසා අනාථභාවයට පත් වූ අනාථ මඩමකට රාජපක්ෂ හිටපු ජනාධිපති රිංගාවි කියලා අපි හිතන්නේ නෑ. ඔහු හිතනවා ඇති සමහරවිට ඔහු නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නොතිබිය යුතුයි කියලා. කොහොම නමුත් අපි විශ්වාස කරන්නේ නෑ මේ රටේ සක‍්‍රීය දේශපාලන භූමිකාවකට නැවත වරක් මහින්ද රාජපක්ෂට හෝ ඔය නුගේගොඩ රැුළියේ සංවිධායක පිරිසට හෝ අවතීර්ණ වෙන්න අවස්ථාවක් තියෙනවා කියලා.

 


button ඉතිහාසයේ කවදාවත් නොදුටු ආකාරයට ජනාධිපතිවරණයේදී පරාජිත පුද්ගලයා පරාජය වූ සැනින් යළි වීරයෙක් කරන මේ තත්ත්වය අමුතු එකක් නේද?
ඒකෙ මහ ලොකු විශේෂයක් නෑ. හැබැයි මේ තත්ත්වය අපි මීට කලින් දැකලා නෑ තමයි. මහින්ද රාජපක්ෂ ජයග‍්‍රහණයේදී වගේම පරාජයේදීත් කි‍්‍රයා කළේ වෛරය වැපිරීමෙන්. 2010 දී ලක්ෂ 18 කින් දිනලත් පරාජිත සරත් ෆොන්සේකාට වධදීලා වෛරය මුදා හැරියා. අදත් මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා දිනුවෙ ඊළමේ ඡුන්දවලින් කියලා වෛරය වපුරනවා. මහින්ද මහත්තයා මැදමුලන ගෙදර ජනෙල් පොල්ලෙ එල්ලිලා කරන කතාව වෛරය වැපිරීමක්. ඒ කෝපය සහ වෛරය පිටකිරීම වීරත්වයක් බවට ආරෝපනය කරන්න සමහරු උත්සාහ කරනවා. චිත‍්‍රපටියකදි දුෂ්ඨයටත් භූමිකාවක් තියෙනවා. මහින්ද රාජපක්ෂත් මේ දැන් කරන්නෙ ඒ වගේ භූමිකාවක්. ඒක කිසිසේත් වීරත්වයට ඔසවා තැබිය යුතු දෙයක් නෙවෙයි. ඔහුට වීරයෙක් වෙන්න  ඕනැ නම් ඔහුගේ පරාජයට හේතු වුණු ඇත්ත කාරණා සිහිබුද්ධියෙක් විමර්ශනය කරන්න  ඕනැ. ඔහුගේ පාලන කාලය පිළිබඳ ස්වයං විවේචනයකට ඔහු යන්න  ඕනැ. එවැනි ප‍්‍රශස්ත දේශපාලන භූමිකාවකට පණ පොවන්න ඔහුට සැබෑ වුවමනාවක් තියෙනවා කියලා අපට පේන්නෙත් නෑ. චිත‍්‍රපටියේ දුෂ්ඨයාට ලැබෙන යම් පේ‍්‍රක්ෂක ආකර්ෂණය වගේ එකක් තමයි මහින්ද රාජපක්ෂට දැන් ලැබෙන්නේ.

 


button විපක්ෂයේ අය සල්ලිවලට, වරප‍්‍රසාදවලට බිලිබාගෙන හදාගත්තු විකෘති තුනෙන් දෙකක් තමයි මහින්ද රාජපක්ෂ පාලන කාලයේ තිබුණේ කියලා චෝදනා එල්ල වුණා. දැන් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් සිද්ධවෙලා තියෙනවා පාර්ලිමේන්තුවෙ බහුතරය රැුකගන්න හිටපු ඇමතිවරුන්ටත් වාහන දෙක ගානෙ දෙන්න. ක‍්‍රම දෙකම එකයි වගේ නේද?
අපේ රටේ දේශපාලනයේ ඇතිවෙලා තියෙන ඛේදවාචකයේ තරම තේරුම් ගන්න මේක ඉතාම හොඳ අවස්ථාවක්. අපේ පාර්ලිමේන්තුවට පත්වෙලා ඉන්න බොහෝ දෙනා වාහන දෙකකට, තෙල් ටිකකට බිලිබාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමන්ගෙ මන්ත‍්‍රීකම ඒ වගේ සුළු දේකට පාවා දෙන්නත් සූදානම් පිරිසක් ඉන්නේ. මේක ඉතාම ලජ්ජාසහගත තත්ත්වයක්. අපි රටේ ජනතාවට කියන්නේ මේ සිදුවන සිදුවීම් දිහා ඉතා හොඳින් නිරීක්ෂණයක් කරලා ඉදිරියේදි මැතිවරණවලදි තීන්දු තීරණ ගන්න කියලා.


අපට වැදගත් ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරගන්න අවස්ථාවක් උදාවෙලා තියෙනවා. මේ අවස්ථාව තියෙන්නේ මේ මොහොතේ පමණමයි. ඒක මඟහරින්න එපා. 1994 ඉඳලා ජනාධිපතිවරු තුන් දෙනෙක් පස් වතාවක් ජනාධිපති පුටුවෙ වාඩි වුණා. ඒ හැම වතාවෙම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුව දුන්නා. ඒත් තාම ඒක ඉෂ්ඨ වුණේ නෑ. අද අපට මේ පිළිබඳ තීරණාත්මක තීන්දුවකට එන්න අවස්ථාව උදාවෙලා තියෙනවා. මේක විශේෂ දේශපාලන තත්ත්වයක්. මේ තත්ත්වය ඇතුළෙ තමයි මේ ප‍්‍රතිසංස්කරණ සිදුකර ගැනීමට හොඳම ඉඩ ප‍්‍රස්ථාව තියෙන්නේ. නමුත් ඒකට පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙක බලය  ඕනෑ. පාර්ලිමේන්තුවෙ ඡන්ද ගණන් ගැණෙන්නේ ඔළු ගෙඩි ගණනින්නේ. ඒ ඔළුගෙඩි ප‍්‍රමාණය වැදගත් වෙනවා මේ ප‍්‍රතිසංස්කරණ සඳහා. ඒ ඔළුගෙඩි ප‍්‍රමාණය ගන්න නම් ඒ අයට කප්පම් දෙන්න සිද්ධවෙනවා. ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. මේ දින 100 ටවත් මේ අයට නිකං වාහනයි තෙලූයි නැතුව බෑ. මේක කප්පම්දීමක්. අඩුම තරමෙ මේ දින 100ටවත් තමන්ගේ වාහනේක යන්න සූදානම් නැති අය රටක් හදන්න හිතයිද? ඉතින් මේ රටේ ජනතාවට වගකීමක් තියෙනවා මේ අය ගැන ඉදිරියේදී තීන්දුවක් අරගන්න.

 

button දැන් කෙනෙක් ඇෙඟ් හැපුණත් අහන්නේ ” ඕකද යහපාලනේ” කියලා. එතනින් එහාට ගිහින් මේ ආණ්ඩුව පිළිබඳ ඔබලට විවේචනයක් තියෙනවාද?
අපි මේ ආණ්ඩුවෙ කොටස්කරුවො නෙවෙයි. මේ ආණ්ඩුව පිළිබඳ සාමූහික වගකීමක් අපට නෑ. අපට මේ වෙලාවෙ රටට අවශ්‍ය වැඩ කොටසක් කර ගැනීමට අවස්ථාවක් තියෙනවා. මේ ආණ්ඩුවෙ කැබිනට් එක ගැන අපට විවේචනයක් තියෙනවා. කැබිනට් මණ්ඩලයේ ව්‍යුහය පිළිබඳ බරපතල අවුල් තියෙනවා. ඇමතිවරු ඉල්ලා අස්වෙනවත් අපි දැක්කා. විද්‍යාත්මකව අමාත්‍යාංශ බෙදීමක් මේ තුළ පේන්න නෑ. ඉන්න ගානට ඇමතිධුර බෙදලා දුන්නා. ඇතැම් අමාත්‍යාංශ ලබා දුන්නු ඇමතිවරු පිළිබඳ බරපතළ චෝදනා තියෙනවා. සමාජ විවේචනයකුත් තියෙනවා ඒ පිළිබඳ. අපටත් ඒක ඒ ලෙසම තියෙනවා. නමුත් මේ වෙලාවෙ ඒ මත්තෙම හැපි හැපී ඉන්නෙ නැතුව වැදගත් අවස්ථා ප‍්‍රතිසංස්කරණ කර ගැනීමට තියෙන අවස්ථාව උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගන්නෙ කොහොමද කියලා අපි කල්පනා කරන්න  ඕනෑ. මේ ආණ්ඩුවෙන් කර ගන්න පුළුවන් සීමා සහිත වැඩ කොටස් කර ගැනීමේ උත්සාහයක මිසක් කර ගන්න බැරි සීමාරහිත සිහිනයක අපි නැහැ. මේ ආණ්ඩුව ගැන ලොකු බලාපොරොත්තු පොදි බැඳ ගන්නෙ නෑ. ඉදිරියේදී අපට මීට වඩා විවේචන ඇතිවෙන්න පුළුවන්. ඒ ඒ අවස්ථාවෙ හැටියට ගත යුතු හොඳම තීරණය ජනතා විමුක්ති පෙරමුණ ගන්නවා.

 


button ඔබත් ඉන්න ජාතික විධායක සභාවෙන් වැඩක් කෙරෙනවද ඇත්තටම?
ජාතික විධායක සභාව පිළිබඳව පසුගිය දවස්වල අසත්‍ය ප‍්‍රවෘත්ති පළවෙලා තිබුණා. පෙබරවාරි මාසයට ජාතික විධායක සභාව රැුස්වෙලා නෑ කියලා. ඒ පළකරපු ප‍්‍රවෘත්තිය බොරුවක්. ඒ පුවත පළවෙනකොටත් දෙපාරක් මේ මාසෙට අපි රැුස්වෙලා තිබුණා. අපි අපේ අදහස් ඒ සභාවෙ ඉදිරිපත් කරනවා. ව්‍යවස්ථා සංශෝධනය සාකච්ඡුා කරලා කෙටුම්පත් කරලා අවසන් කරලා තියෙනවා. තොරතුරු දැන ගැනීමේ පනත අවසන් වෙලා විධායක සභාවට ඉදිරිපත් කරලා තියෙනවා. මන්තී‍්‍රවරුන්ගේ ආචාරධර්ම විධායක සභාවට ඉදිරිපත් කරලා තියෙනවා. මේවා පිළිබඳ සංවාද කරනවා. දූෂිතයින්ට දඬුවම්දීම පිළිබඳ යම් නිර්ණයන් ටිකක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ටික කෙරෙමින් තියෙනවා. ඒත් මේවා සිදුකෙරෙන වේගය ප‍්‍රමාණවත් මදි කියන එක අපිත් පිළිගන්නවා. අනෙක් අතට මේ අයගෙන් මීට වඩා වැඩි වේගයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. ජනතාව විසින් අපට පවරපු වගකීම ඉටුකර ගැනීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් මැදිහත් වෙනවා.

 

button ජාතික විධායක සභාව තුළ සිවිල් සමාජ නියෝජනයක් නැති නිසා ඒක නැවතත් දේශපාලන නායකයින්ගෙම වැඩක් වෙලා නැද්ද?
ඒ අඩුපාඩුව අපිත් පිළිගන්නවා. ඒ ගැන අපි කරුණු කියලත් තියෙනවා. ඒ පිළිබඳ සාකච්ඡුා කරළත් තියෙනවා. මේ සඳහා මැදිහත් විය හැකි පුද්ගලයින් අපේ රටේ ඉන්නවා. ඒ අයගෙ දායකත්වය ලබාගත යුතුයි කියන මතයේ අපි තවදුරටත් ඉන්නවා. මේ සියලූ කොටස් මේ සඳහා එකතුකර ගත්තම ඇති විය හැකි ප‍්‍රායෝගික දුෂ්කරතා ගැන තමයි තියෙන ප‍්‍රශ්නය. යාන්ත‍්‍රණයේ ගැටලූකාරී තත්ත්වයන් උඩ මේක අතරමග ඇණහිටින එකත් අපරාධයක්. සිවිල් සමාජය සමග මේ කාරණා පිළිබඳ වෙනම සාකච්ඡුාවලට යා යුතුයි කියන තීරණය දැනට ඇතිවෙලා තියෙනවා.

 


button ¥ෂිතයින්ගේ ෆයිල් ඔසවාගෙන යාම ඔබලා දැන් නතර කරලද? තාම කරගෙන යනවද?
අල්ලස් කොමිසමට අපි බලගතු පැමිණිලි රැුසක් ඉදිරිපත් කරලා තියෙනවා. අල්ලස් කොමිසමේ කි‍්‍රයා කලාපය පිළිබඳ අපට ඒ හැටි පැහැදීමක් නෑ. ඒකෙ සභාපතිවරයාට එරෙහිවත් පැමිණිල්ලක් තියෙනවා. හිටපු ජනාධිපති අල්ලස් කොමිසම පාවිච්චි කළේ තමන්ට එකඟ නොවන අය ආණ්ඩුමට්ටු කරගන්න.
අලූත් අධ්‍යක්ෂවරියක් අල්ලස් කොමිසමට පත්කරලා තියෙනවා. එතුමිය මේ සඳහා වගකිවයුතු දායකත්වයක් දක්වන බව දැනට ප‍්‍රකාශ කරලා තියෙනවා. ඒ ගැන අපි සුබවාදීව බලාගෙන ඉන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් යම් මට්ටමකට මේ පරීක්ෂණ සිදුකරනවා. අපි අපේ හෙළිදරවු කිරීම දිගටම කරගෙන යනවා.


අපි ඉතාම විවෘතව කියන්න කැමතියි මේ දූෂිතයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට බාධා පමුණුවන යම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් හෝ ඉන්නවනම් ඒ අයගේ නම් ගම් ඉදිරියේදී හෙළි කරන්නත් සූදානම්.

 


button තොරතුරු දැන ගැනීමේ පනතට ඔබලා මැදිහත් වෙනවද?
අපි මාධ්‍ය සංවිධාන සහ සිවිල් සංවිධාන සමඟ මේ පිළිබඳ සංවාද කරනවා. දැන් මූලික කෙටුම්පත් සකස් කරගෙන යනවා. විධායක සභාවෙන් මේ පිළිබඳ අපි දීර්ඝ ලෙස සාකච්ඡුා කරනවා. අලූතෙන් එකතුවිය යුතු කරුණු සහ සංශෝධනය විය යුතු කරුණු පිළිබඳ අපේ අවධානය යොමුවෙලා තියෙනවා.

 


button ඔබලා අවශ්‍ය මොහොතක පාරට බහිනවා කිව්වා. ඒ වගේම පසුගියදා ඔබලා පාරට බැස්සා මේ ආණ්ඩුවට බලපෑම් කරමින්. ඒ විරෝධයේ උණුසුම කොහොමද?
අපි කිව්වා වගේම පාරට බැහැලා බලපෑම් කළා. ඒක සාර්ථකයි. ඉදිරියටත් අවශ්‍ය කි‍්‍රයාමාර්ග අරගන්න අපි සූදානම්. රටට ජනතාවට ජයග‍්‍රහණ අත්කරදීමේ කි‍්‍රයාවලියකට තමයි අපි මේ මගින් අවතීරණය වෙලා තියෙන්නේ. රටවැසියන්ටත් මේ සඳහා වගකීමක් තියෙනවා. මේ ව්‍යුහයන් දෙස පසෙක සිට බලා සිටීම වෙනුවට ඒ සඳහා බලපෑමක් එල්ල කිරීම සමාජයේ වගකීමක්. අපේ උද්ඝෝෂණ ව්‍යාපාරය ඒ සමාජ වගකීම ශක්තිමත් කිරීම සඳහා උදවු වෙනවා.
මේක තවදුරටත් සිදුවෙන ආකාරය ඉදිරියේදී තීරණය වේවි. මොකද, ආණ්ඩුවට ඇහෙන්න ලොකු සද්දයක්  ඕනෑ. මේ පාලකයින් පොඩි පොඩි සද්දවලට අවදි වෙන අය නෙවෙයි. අපි මුල පුරපු ඒ හඬ නැගීමට සියලූ ජනතාවට අපි ආරාධනා කරනවා.

 

m



අදහස් (0)

අල්ලස් කොමිසම ගැන අපිට පැහැදීමක් නෑ

නාලනී Saturday, 14 March 2015 11:27 AM

අතීතය අපිට හොදට මතකයි. ඔයාල එන්න හදන්නේ මොකටද කියල අපි දන්නවා. සල්ලි වලට රට පාවාදෙන නරි.(නදී)

:       0       0

කරුණාදාස Friday, 13 March 2015 02:49 AM

ජවිපෙ අද හොඳ තැනකට එමින් සිටිනවා. තව තව උගතුන් සම්බන්ධ කරගන්න. සමහර නූගත්ලෙස කතා කරන මොනවාහරි කියන කථිකයන් නිසා ජවිපෙ ගොඩනගන්න හදන ප්‍රතිරූපය නැතිවෙනවා. (නි)

:       0       0

චම්පික Friday, 13 March 2015 04:59 PM

අපි කලබල නොවී සිටීමයි මේ වෙලාවේ වැදගත් වෙන්නේ (නි)

:       0       0

අතුල Saturday, 14 March 2015 11:55 AM

අනෙක් පක්ෂ දිහා බලන ආකාරයෙන් ජවිපෙ දිහා බලන්න එපා. ඔවුන් කරන කැප කිරීම කවුරුවත් කරන්නේ නැහැ. ඔය සමහරු උඩින් පල්ලෙන් අතගාලා කිසි දෙයක් සොයන්නේ බලන්නේ නැතිව චෝදනා කරනවා ඔවුන්ට. එහෙත් කිසිම පුද්ගලික ලාබ ප්‍රයෝජන නොබලා ඔවුන්ගේ යුතුකම හරියට ඉෂ්ට කළ බව පෙනෙනවා. ඔබලාට තව තවත් ශක්තිය ලැබේවා. (නදී)

:       0       0

බෝමුරු Friday, 13 March 2015 04:21 AM

මොකද ඔය කව්රුත් දේශපාලකයන්ගේ අධ්‍යාපන සුදුසුකමක් ගැන කතාකරන්නේ නැත්තෙ ?(බ)

:       0       0

සම්පත් Tuesday, 17 March 2015 08:50 AM

අනුන් විවේචනයෙන් විතරක් යැපෙන්න බෑ. ඔයාලගේ වැඩපිළිවෙල මොකද්ද? (දිල්) 

:       0       0

කෙවින් Sunday, 15 March 2015 12:10 AM

මෙතුමාගේ හා විජිත හේරත් මහතාගේ අධ්‍යාපන සුදුසකම් ඇසිමෙන් පසු පැහැදිමක් ඇති වුනා. ගණිත අංශයෙන් උපාධියක් ගන්න පුළුවන් කියන්නේ තාර්කික බුද්ධියක් ඇති උගතෙකු බව මාගේ හැඟිමයි.(නදී)

:       0       0

ලසිත Sunday, 15 March 2015 02:27 AM

ඔබලාගේ පක්ෂය තව තව ශක්තිමත් කරගන්න. කවිකාරයො නැතුව උගත් අය ඉදිරියට දැම්මොත් කිසියම් ගැම්මක් හා නව ප්‍රවනතාවක් හදා ගන්න බැරි වෙන එකක් නැහැ. තාම පොඩි මදිකමක් වගේ දෙයක් තියෙනවා වගේ ලොකු ලොකු අයට තමන් ජවිපෙ කියලා කියන්න. ඇත්තම කියනව නම් මටත් ඉස්සර පෙන්නන්න බැහැ. අපි දැක්කේ මිනිමරන දේපල විනාශ කරන උද්ඝෝෂණ කරන කඩාකප්පල්කාරි වැඩ විතරයි ඒ කාලේ. නමුත් පසුගිය ජනාධිපතිවරණයෙදි ඔබලාගේ කතා හා සංවාද ඇසිමෙන් පසු හිතුනා මේ මිනිස්සු ඇත්ත නේද කියන්නේ කියලා.(නදී)

:       0       0

සරෝජ් Sunday, 15 March 2015 02:40 AM

ජවිපෙ එකල කල යම් වැරදි නිසා රාත්‍රියේ භයානක සිහිනයක් වගේ මිනිසුන්ගේ හිතේ ඒක තියෙනවා. ඒ නිසාම ඔබලා මොනවා කිව්වත් කියන්නේ මොනවද වත් අහන්න හිත් වල කැමැත්තක් තිබුනේ නැහැ. ඒකයි ඔබලා මොන තරම් දේ කිව්වත් ඡන්ද ගන්න බැරි උනේ. නමුත් පහුගිය කාලේ යන එන ගමන් හරි කතාවක් දෙකක් ඇහුනම ඒවා අහන්න හිතුනා. ඇත්ත නේද කියන්නේ කියලා හිතුනා. මේක තමයි බහුතර ජනතාවගේ තත්වය කියලයි මට හිතෙන්නේ. (නදී)

:       0       0

කරුණාදාස Sunday, 15 March 2015 04:06 AM

අපි අසු ගනන්වල ජවිපෙට කැමති නැහැ. රතු ෂර්ට් ඇඳගෙන පාරවල් ගානේ හිඟාකන ජවිපෙට කැමති නැහැ. කැම්පස් වල කඩාකප්පල් වැඩ කරන ජවිපෙට කැමති නැහැ. නමුත් අද තියෙන ජවිපෙට කැමතියි. ඒ කැමැත්ත තව තව වැඩි කරගැනිමේ හැකියාව ඇත්තේ ඔබලාටයි. අපිටත් හරි ආසයි උගත් මිනිස්සු ජවිපෙ ඉන්නවා දකින්න. ඒකම ලොකු සහතිකයක් නැවත පරන හිටපු තත්වෙට ජවිපෙ නොයන බවට. (නදී)

:       0       0

ෂේමන් Sunday, 15 March 2015 04:09 AM

සා/පෙල අසමත් ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු, ජාත්‍යන්තරය පිළිබඳ උපදේශකයෝ හා රාජකිය දෛවඥයෝ තබාගෙන වසර 10 ක් රටක් පාලනය කලා නම් මොලයක් ඇති ජවය ඇති ඔබ පක්ෂයට රටක් පාලනය කරන්න බැරි කමක් නැහැ. උත්සාහ කර බලන්න. (නදී)

:       0       0

දිල්හාණි Sunday, 15 March 2015 04:25 AM

අපිට විමුක්තිය එපා. මහා උද්වේගකර දේවල් එපා. අවශ්‍ය හොර මැරකම් නැති නීතියට ගරුකරන මිනිසුන් පිරිසක් ඉන්න රටක් විතරයි. ඒක කරන්න ඔබලාට හැකියාව ඇති බවයි දැන්නම් හිතෙන්නේ. ඉන කද බඩ මහත නුගත් දේශපාලඥයන්ට සර් සර් කියලා අපිට දැන් ඇතිවෙලා තියෙන්නේ. අපේ දරුවො වදින්නේ මේ තරම් දූෂනයෙන් පිරුණූ නූගතුන්ටනේ කියලා මහා දුකක් හදවතේ තියෙනවා. ජවිපෙන් අපි මේ කාලකන්නි තත්වය නැති නරයි කියලා බලාපෙරොත්තු වෙනවා.(නදී)

:       0       0

කුමාරි Thursday, 12 March 2015 04:14 PM

දේශපාලනය කරන කවුරුත් කියන්නේ ඔය කතාවමනේ මහත්තයෝ... (නි)

:       0       0

කරුණාරත්න Tuesday, 17 March 2015 12:36 AM

ජවිපෙයි හෙළ උරුමයයි සෙසු සුළු පක්ෂයි එකතුවෙලා සන්ධානයක් හදලා ඡන්දෙට ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. දැන් ඇතිවෙලා තියෙන්නේ ජනතාවට. (නි)

:       0       0

තිළිණ Thursday, 12 March 2015 11:15 PM

ඔවුන් ගැන දැන් රටේ බහුතරයකට පැහැදීමක් නැහැ මහත්තයෝ (නි)

:       0       0

පිවිතුරු Friday, 13 March 2015 01:08 AM

අවස්ථාවාදීන්ට නියම දඬුවම ලබන මැතිවරණයේදී මිනිසුන්ගෙන් ලැබේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4365 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 541 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1141 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 100 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 188 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 244 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38985 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25536 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1053 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site