IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අවුරුදු දෙදහසකට පසු රජුගෙන් පළිගන්න ආ ඇමැතියා

 

 

fh

තිසා වැව ඉස්මත්තෙන් මෝදු වූ පුන් ස`ද හාත්පස ආලෝකවත් කරමින් බැබළෙයි. රජවාසල නිහ`ඩය. විටින් විට මහ වාසල ගෙමිදුලෙහි ඇවිද යන රාජපුරුෂයෝ තම විමසිලිමත් දෙඇස් හාත්පස යොමු කරති. ඡායාවක වෙනසක් පවා ඔවුන්ගේ තීක්ෂණ ඇස්වලට නතුවන්නේ නිරායාසයෙනි.
කෙමෙන් කෙමෙන් කාලය ගෙවී යයි. මෙතෙක් සිය අනේක විවිධ ස්වර්ණාභරණයෙන් විරාජමානව සිටි මහ රජු වඩාත් සැහැල්ලූ ඇ`දුමකින් සැරසී සිය අග බිසව සිටින කුටිය වෙත යාමේ අපේක්ෂාවෙන් එළියට බැස්සේය. සිරිපොද වැස්ස හාත්පස පැතිර යද්දී ඔහු කඩිනම් ගමනින් සිය චර පුරුෂයන් ද සමඟ බිසෝ මාළිගයට යන්නට විය.

   


මේ ගමනේ විශේෂත්වයක් තිබේ. රජු තම අග බිසව හමුවට මාස ගණනකින් එහි ගොස් නැත. රජු එහි යන විට බිසවගේ මාළිගයේ මද ආලෝකයක් දක්නට ඇත. මලානික පහන් එළියකින් බිසවගේ යහන් ගැබ ආලෝකවත් වී තිබේ.


පිටත සිටි සේවිකාවක රජු දැක මහත් කලබලයට පත්ව අග බිසවගේ කුටිය වෙත දිව ගියාය. රජු ඇය පසු පසින් කඩිනම් ගමනින් එහි යන විට ඇතුලතින් ඇසෙන සිනා හ`ඩ තව තවත් උස්ව නැගෙයි. රජු මදක් වික්ශිප්තව බලා සිටියි. බිසවගේ සිනා හ`ඩත් තවත් පුරුෂයකුගේ සිනා හ`ඩත් ඇගේ යහන් ගබඩාවෙන් ඇසෙමින් තිබේ.

sdgcb
ෙදාර විවර කළ මහරජු වහා එහි ඇතුළු විය. පුදුමයකි. රජු සමඟ ඉතා සමීපව කටයුතු කරන අමාත්‍යවරයෙක් රජුගේ අග බිසව සමඟ යහන් ගබඩාවේය. වහා කි‍්‍රයාත්මක වූ රජු රාජපුරුෂයෝ කැඳවීය. අමාත්‍යවරයා අත්අඩංගුවට ගැණිනි. බියෙන් මුසපත්ව කිසිවක් කර කියාගත නොහැකිව බලා සිටින අග බිසව දෙස රවා බැලූ මහරජු කිසිවක් නොකියාම පිටව ගියේ කෝපයෙන් වෙව්ලමිනි.


රජුගේ නියෝගය මත අමාත්‍යවරයා රහසිගත කුටියක සිරකෙරිණි. අග බිසවට යළි කිසි දිනක සිය කුටියෙන් එළියට එන්නට ඉඩ ලැබුණේ නැත.
අත්‍යවශ්‍ය කටයුත්තකට රජු හමුවීමට බව කියමින් පොහෝ දිනයේ මාළිගාවට පැමිණි අමාත්‍යවරයා යළි නිවසට නොපැමිණීම ගැන ඔහුගේ බිරි`දත් දරුවෝත් කලබලයට පත්ව සිටියහ. අමාත්‍යවරයාට වූ දෙයක් කිසිවෙකු දන්නේ නැත. ආහාර නොමැතිව කුසගින්නේම මියගිය අමාත්‍යවරයාගේ සිරුර හොර රහසේම මාළිගාවෙන් ඉවත් කැරිණි. අමාත්‍යවරයාගේ මරණය කිසි දිනෙක හෙළිවූයේ නැත.

 


කිසිදා තම අග බිසව හමුවීමට නොගිය මහ රජු තමන්ගේ සිත්ගත් අන්තඃපුර බිසවක් දිගටම ඇසුරු කළේය. රජු අග බිසවගෙන් ඈත්වීමත් අමාත්‍යවරයාගේ හදිසි අතුරුදන්වීමත් කාලයේ වැලි තලාවෙන් වැසී ගියේය. දින සති මාස අවුරුදු  වී අවුරුදු දහසකට වැඩි කාලයක් ගෙවී ගියේය. නමුත් මළවුන් කිසිදා බොරු නොකියන්නේය යන වදන යළිත් ප‍්‍රත්‍යක්ෂ කරමින් මේ අභිරහස ගාල්ලේ නිවසකින් සාක්ෂි සහිතව ඉදිරිපත් වන්නට විය.


ඒ ගුරු ගෙදරකිනි.
අපි ඔහුට සිසිර යැයි කියමු. සිසිරට පාසල් වියේදීම පෙම්වතියක් සිටියාය. තම නිවස ආසන්නයේම නිවසක යුවතියක වූ ඇය සමන්මලීය. මේ දෙදෙනාගේ ආදරයට නිවෙස්වලින් ද ආශිර්වාද ලැබුණේ ඔවුන් දෙදෙනාම එකට අධ්‍යාපනය ලැබූ නිසාවෙනි. එකම විශ්වවිද්‍යාලයකට ගිය ඔවුන්ට එකම වර්ෂයේදී ගුරු පත්වීම් ලැබිණි. ඒ එකිනෙකට ආසන්න වූ පාසල් දෙකටය.

1


සිසිරගේත් සමන්මලීගේත් විවාහය ජයටම සිදුකැරිණි. සමන්මලීගේ පියාගේ ත්‍යාගය වූයේ අලූතෙන් ඉදිකළ නිවසකි. මේ දෙදෙනා එහි පදිංචි වූහ. එහෙත් ඒ කැදැල්ලේ සතුට පැවතියේ ටික දිනක් පමණි. සමන්මලී සිසිර සමඟ අඹු සැමියන් සේ සිටීම ටිකෙන් ටික ප‍්‍රතික්ෂේප කරන්නට වූවාය. එකිනෙකා හා බැ`දුණු ආදරයෙන් වසර දහයක් පමණ ඇසුරු කර විවාහපත් වූ මේ යුවළගේ සතුට පෑල ෙදාරින් පළා ගියේය.


හිසරදය, කැරකිල්ල, ඇ`ගපත රිදීම, අද අසනීපයි වැනි වදන් කියා සමන්මලී තම සැමියාගෙන් නිතර නිතර ඈත් වූවාය. මේ යුවළට දරුවකු නොමැතිවීම ගැන මාපියන් ප‍්‍රශ්න කරද්දී සිසිර සහ සමන්මලී නිහඬ වූහ.


මේ අතර සිසිරගේ දුර ඥාති සොයුරියක් හදිසියේම සිසිරගේ පාසලකට ගුරුවරියක ලෙස පැමිණියාය. ඇය රෝෂිණීය. රෝෂිණී සමන්මලීටත් වඩා හැඩකාරියකි. කොළඹ හැදුණු වැඩුණු ඇය වඩාත් සමාජශීලී යුවතියකි. අවිවාහක තරුණියක වූ ඇය නතර වූයේ සිසිරගේ අම්මාගේ නිවසේය.


තම පාසලට ආ රෝෂිණී නංගීට සිසිර බොහෝ උදව් කළේය. කොළඹින් ආ රෝෂිණී ගුරුතුමිය පාසලේ සිටි අනෙක් ගුරුවරියන්ට වැඩිය ඇල්ලූවේ නැත. නිතර අ`ගර ද`ගර පාමින් ඉ`ගි මරමින් කතා කරන ඇයගේ මුකුළුව බොහෝ් දෙනෙක් ප‍්‍රතික්‍ෂේප කළහ. ඒ නිසාම ඇයට පිහිටට සිටියේ සිසිර පමණි.
සමන්මලී රෝෂිණී ප‍්‍රතික්‍ෂේප කළේ නැත. විශ්වවිද්‍යාලයට යන කාලයේදී ද තමන්ට වඩා වසර දෙකකට පමණ පසු කණ්ඩායමක විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකව සිටි රෝෂිණී හ`දුනන සමන්මලී රෝෂිණීට සිය නිවසේම නවාතැන් දුන්නාය.


සිසිර සහ රෝෂිණී එකිනෙකා හා වැඩි වැඩියෙන් සමීපවීම බොහෝ ගුරුවරු දැක්කේ ඔවුන් දෙදෙනා වරදේ බැෙ`දන අයුරිනි. කෙසේ වෙතත් මේ සම්බන්ධය ටිකෙන් ටික වඩාත් සමීප වෙද්දී ඔවූහු වරදේ බැඳුනහ. සමන්මලී ලිංගික සම්බන්ධතා ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිසිර රෝෂිණී වෙත තල්ලූ වී ගියේය. ඔහු එය තම සිතින් සාධාරණීකරණය කරගත්තේ සමන්මලීට සිතින් බැණ වදිමිනි. එසේ වුවද මෙය කිසිවකු පිටතට පෙන්නුවේ නැත.


සමන්මලීට ද මේ ගැන ඉව වැටී තිබිණි. ඇයට බොහෝ දෙනා ඒ ගැන කියා සිටියාය. සමන්මලීගේ අම්මාත් තාත්තාත් පැමිණ ඒ
ගැන සිය දියණියට අවවාද කළහ. ඒත් ඇය ඒ කිසිවකට කන් දුන්නේ ද නැත.


මාස කිහිපයක් මේ ආකාරයෙන් ගෙවී යද්දී හදිසියේම රෝෂිණී වෙනත් භාෂාවකින් කතා කරන්නට වූවාය. මේ භාෂාව සිංහල බස හා බොහෝ සමාන වුව ද තේරුම් ගැනීම අපහසුය. තතු දන්නවුන් කීවේ රෝෂිණීට යම් ආවේෂයක් පැමිණ ඇති බවයි. එය පිරිමි කටහ`ඩකි. ගැඹුරු පිරිමි කටහ`ඩකින් ඇය කතා කරන්නේ භූතයකුගේ බලපෑම හේතුවෙන් යැයි සිතූ සමන්මලී තම සැමියා සිසිර සමඟ එක්ව ප‍්‍රදේශයේ ගුරුකම් දන්නා අයකු වෙත රැුගෙන ගොස් නූල් බැන්ද වූහ. ටික දිනක් සුපුරුදු පරිදි සිටි රෝෂිණී යළිත් අමුතු බසකින් කතා කරන්නට වූවාය.


ඇය හිටි හැටියේ පිරිමියකු සේ කටයුතු කරමින් පවසන්නේ තමන් අනුරාධපුරයේ රජ මාළිගාවේ දී මරා දැමූ සෝරථ නම් අමාත්‍යවරයකු බවයි.


”මම සෝරථ, රජ්ජුරුවෝ මාව කුටියක හිරකරලා මරා දැම්මා. මට කන්න නොදී මැරුවේ. අන්තිමේ දී මගේ සිරුර කාටත් හොරා තිසා වැව ළ`ග වළ දැම්මා. මම හැම ආත්මයකම මේ රජ්ජුරුවන්ගෙන් පළිගන්න එනවා. දැන් මේ මගේ වාරය.” රෝෂිණීගේ සිරුරට ආරූඪ වී සිටින සෝරථ නම් අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ තම අග බිසව තනිකර ඇය පිළිකුල් කරමින් අන්තඃපුර බිසවක් ළ`ගින් ඇසුරුකරමින් සිටි රජු තමන් මරා දමා අනුරාධපුර රජ මාළිගයේ අග බිසව තනිකැර දැමූ බවයි.  ඔහු පවසන්නේ කුසගින්නේ මියගොස් භූත ආත්මයක වසර දහසකට වඩා කාලයක් එක දිගට දිවි ගෙවන තමන්ට පෙර ආත්මය මතක ඇතත් රජුත් ඔහුගේ අග බිසවත් ආත්ම ගණනාවක් උපත ලබා ඇති බැවින් ඔවුන්ට ඒ භවය අමතක වී ගොස් ඇති බවයි.

 

3


සෝරථ අමාත්‍යවරයා ලෙස සිටි වත්මන් භූතයා පවසන්නේ එකල රජු සිය අග මෙහෙසිය ප‍්‍රතික්‍ෂේප කරමින් අන්තඃපුර බිසවක් කෙරෙහි යොමු වූ බැවින් අග බිසව තමන් හා අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ බවයි. එය පොහෝ දිනක දී රජුගේ අතටම අසුවීමෙන් තමන්ට කුසගින්නේම මියයාමට සිදුවූ බව ද මේ භූතයා අතීත අනුරාධපුරයේ භාවිත කළා යැයි කියන අමුතු බසකින් කතා කරමින් පවසයි. මේ භාෂාව තේරුම් ගැනීම පවා අපහසු කාර්යයකි.


එදා රජු අද සිසිරය. භූතයා පවසන්නේ අතීතයේ තමන්ව කොතෙක් ප‍්‍රතික්ෂේප කළ ද රජු හා ආලයෙන් බැ`දී සිටි අග බිසව දැන් ඉපද සිටින්නේ රෝෂිණී ලෙස බවය. එදා රජුට පිටුපා සෝරථ සෙනෙවියා හා සබ`දකම් පැවැත්වීමේ වරද හේතුවෙන් ආත්ම ගණනක් ඇයට එදා රජු හමුවුව ද විවාහ වීමට නොලැබුණු බව ද සෝරථ කියයි. එදා රජු අන්තඃපුර ස්ති‍්‍රයකට ඇති කැමැත්ත හේතුවෙන් තම අග බිසව ප‍්‍රතික්‍ෂේප කිරීමේ පාපයේ ප‍්‍රතිඵලය වී ඇත්තේ උපදින ආත්මයක් ආත්මයක් පාසා තවමත් ඔහු සිය බිරි`දගෙන් ප‍්‍රතික්‍ෂේප වීමයි.


සෝරථගේ මේ කතාව සමන්මලී ද අදහාගත නොහැකිව අසා සිටියාය. සිදු වූ සියල්ල දැන් සියලූදෙනා හමුවේ නිරාවරණය වී ඇත.


සැමියා හා සම්බන්ධතා නොපවත්වමින් ආගමික කටයුතුවලට නැඹුරුවෙමින් සිටි සමන්මලී තවදුරටත් තම සැමියා සිසිරට හා ඔහුගේ අනියම් බිරි`ද වී සිටින රෝෂිණීට ඉඩ දී පසෙකට වූවාය. සමන්මලීගේ පියා ඉදිකළ නිවසේ අඹු සැමියන් වී සිටින්නේ එදා අනුරාධපුරයේ රජු හා බිසව ලෙස සිටියා යැයි කියන සිසිර හා රෝෂිණීය. එදා සිය අග බිසව ප‍්‍රතික්‍ෂේප කළ වරදට සිසිරට ද`ඩුවම් වි`දින්නට වීමේ ප‍්‍රතිඵලය වූයේ සමන්මලී තනි වීමයි. නමුත් ඒ ඇයගේම කැමැත්තෙනි.


මෙසේ තවත් මාස ගණනක් ගෙවී ගියේය. සෝරථ අමාත්‍යවරයා ද විටින් විට එදා අග බිසව වූ රෝෂිණීගේ සිරුරට අරක්ගෙන මදවේලාවක් ෙදාඩව ෙදාඩවා සිට නැවත ආපසු යයි.


මෙය කොතෙක් ඉවසා සිටිය ද සමන්මලීට තවදුරටත් දරාගත නොහැකි වූවාය. අවසානයේ ඇය තම මානසික අසහනයට පිළියම් සොයා කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා හමුවට ගියාය.

 

af

 

එම තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා මෙලෙස විග‍්‍රහ කළේය.


”මෙය ඇත්තටම රජ කතාවක් නොවෙයි. සෝරථ කියා භූතයෙක් නැහැ. මේ වගේ දේවල් අපේ සංස්කෘතියේ පවතිනවා. ඒ වගේ ම එවැනි දේ අපි කතාන්තර ලෙස අසා ඒවා යටිසිතේ තැන්පත්ව තිබෙනවා. විටින් විට එවැනි දේ මතුවිය හැකියි. මුලින්ම වරද සිදුව තිබෙන්නේ සමන්මලී අතින්. ඇය විශාදය කියන රෝග තත්ත්වයෙන් පෙළුණු නිසා තමන්ගේ සැමියා සමඟ ලිංගිකව එක්වීම ප‍්‍රතික්‍ෂේප කළා. එහි ප‍්‍රතිඵලය වූයේ සැමියා වෙනත් යුවතියක් වෙත ඇඳී යාම. ඒ ස`දහා රෝෂිණීට අවස්ථාව ලැබෙනවා. සමන්මලී තමන්ගේ රෝගී තත්ත්වය තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා ඇය ප‍්‍රතිකාර නොගෙන සිසිරට හා රෝෂිණීට ඉඩ දී බලා සිටියා.


රෝෂිණී නැවතී සිටියේ සිසිර හා සමන්මලී දෙදෙනාගේ නිවසේ. ඇයගේ සිතේ ඇයටත් නොදැනීම ඇතිවූ තත්ත්වයක් තමයි මතුවන්නේ. ඇය සිසිරට ආලය කරනවා. ඒ අතර සමන්මලී කියන නීත්‍යනුකූල බිරි`ද මේ සම්බන්ධයට විරුද්ධත්වයක් නොපෙන්නුවත් ඇය සිටීම රෝෂිණීට කරදරයක්. ඒ නිසා මේ රජ කතාව ඇතැම් විට රෝෂිණී හිතාමතාම ගොතා සැලසුම් සහගතව ඉදිරිපත් කළ දෙයක් වෙන්නත් පුළුවන්. නැතිනම් ඇගේ අවශ්‍යතාව අනුව ඇගේම යටි හිතෙන් උපන් කාන්තාවක් වෙන්නත් පුළුවන්. මේ ආවේෂය ආවේ ඇගේ පාලනයකින් තොරව විය හැකියි. කෙසේ වෙතත් ආවේෂයට බ`දුන් වන්නේ පරලවීම කියන මානසික රෝගය හේතුවෙන්. මේ ආවේශය විසින් අපූරු කතාවක් පිළිබිඹු කරනවා. නමුත් මෙය මානසික රෝගයක්. අප එයට ප‍්‍රතිකාර කළා.


සමන්මලීට විශාදය තත්ත්වයට ප‍්‍රතිකාර කිරීමෙන් පසු ඇය යථා තත්ත්වයට පත්වුණා. සිසිරව ලිංගිකව ප‍්‍රතික්ෂේප කළ ඇය දැන් සිසිර සමඟ ඉතා සතුටින් කල්ගත කරනවා. රෝෂිණීට ප‍්‍රතිකාර ලබාදීමෙන් පසු ඇය දැන් මේ නිවසින් ඉවත්ව ගොස් පසුව ගුරුවරියක ලෙස වෙනත් රටක සේවයට ගියා. ඒ නිසා දැන් සිසිර හා සමන්මලී දෙදෙනා ඉතා සතුටින් කල්ගත කරනවා.

 

m

 



අදහස් (0)

අවුරුදු දෙදහසකට පසු රජුගෙන් පළිගන්න ආ ඇමැතියා

ගුණවර්ධන Friday, 16 January 2015 08:51 PM

මේ ඇමති කතාකළ භාෂාව අප්‍රභංෂ භාෂාවක්ද? පුනරුප්පත්තිය ගැන මම මොනවා කියන්නද? (නි)

:       0       0

අතලේ සුමන හිමි Saturday, 17 January 2015 09:50 AM

මනෝ විද්‍යා කාරයෝ ඔක්කොම විද්‍යාවට දානවා. අපේ තාත්තට ඔහොම එකක් හැදිලා මම ඔය රූබන් ලඟටත් එක්ක ගෙන ගියා. එයා දීපු බෙහෙත් බිල එ්වගේ සැරට තාත්ත නිදියගෙන හිටියා මුළු දවසෙම. පස්සේ ගෙදර අය තොවිලයක් කරලා පෙරේතයෝ ගැට ගහල තමයි ඉවර කලේ. දැන් හොඳටම හොදයි (නදී)

:       0       0

තිලක් Monday, 19 January 2015 02:19 AM

ඔය දොස්තර මහත්තයා බෞද්ධාගම විශ්වාස කරන්නේ නැහැ. ඕපපාතික උපත් නැහැ කියනවා. උතුම් බුද්ධ වචනය කෙරේ ශ්‍රද්දාවක් නැහැ. ලෝබ ද්වේශ මෝහ ඇතිවෙන්නේ විසාදිය නිසාද ? කෙනෙක් දුප්පත් වෙන්නෙත් පොහොසත් වෙන්නෙත් ලස්සන වෙන්නෙත්, අවලස්සන වෙන්නෙත්, විසාදිය නිසාද? පුලුවන්නම් ඔය විද්‍යාවෙන් මේ ලෙඩත් සුවකරලා පෙන්වන්නකෝ. (නදී)

:       0       0

ගජබා Friday, 16 January 2015 04:34 AM

මේක නම් පුදුම පළිගැනීමක්.සෝරත තරහට කරලා තියෙන්නේ අමුතුම ක්‍රියාවක්.මට අහුවෙන්නේ නැහැනේ පෙර ආත්ම වල තරහකාරයෝ...! මගේ පෙර ආත්ම වලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. (නි)

:       0       0

දැකුම් Thursday, 15 January 2015 04:32 PM

අනේ රෝෂිණී, ඔයා දැන් කොහෙද ඉන්නේ? (නි)

:       0       0

ජීවා Sunday, 18 January 2015 08:53 AM

බුදුහාමුදුරුවෝ පෙරේතයෝ යක්ෂයෝ ගැන කියල තියෙන්නේ, මීට අවුරුදු 2500 කට කලින් (නදී)

:       0       0

අශෝකා රළපනාව Wednesday, 14 January 2015 09:04 AM

ඔය කියන විදියටම ඔය ලෙඩ සනිප වෙන වඩ කියන එක ගැටලුවක්.කවුරු හරි ඉන්නවා නම් එහෙම මමත් සනිප වුණ කියල කියන්න් කරුණාකරල අදහසක් දාන්නකො. (අ)

:       0       0

චන්ද්‍රා Wednesday, 28 January 2015 01:04 AM

කියා තියෙන්නේ ඇත්ත කතාවක් වෙන්නත් බැරි නැහැ නේද? (නි)

:       0       0

අමා Saturday, 17 January 2015 01:08 PM

හැම දේම මනෝවිද්‍යාවට දාන්න එපා.මොකද පෙරේතයන් වෙලා උපදිනවා.අවුරුදු දහස් ගණන් දුක්විදිමින් ඉදල මේ වගේසම්බන්ධ වෙනවා. (අ)

:       0       0

යමුනා Wednesday, 14 January 2015 06:54 PM

මට නම් මේ කිසිම දෙයක් හිතාගන්න බැහැ. එතකොට අර රජ කතාව බොරුවක්ද? (නි)

:       0       0

ලහිරු Saturday, 17 January 2015 06:30 AM

බොරු ගොතපු කතා අනේ ඔය. විස්වාස කරන්න බෑ (අ)

:       0       0

ජීවන්ත Monday, 19 January 2015 09:40 AM

ඇත්තටම වැදගත් ලිපියක්.(හේ)

:       0       0

කුමාර Sunday, 18 January 2015 02:17 PM

ගජබා, එහෙම කියන්න එපා. ඔබ අද ලෝකය අත් විදින විදිය(ඇස්,කන්,නාස්....) පෙර භවයේ ප්‍රථිපලයක්. අමතක කරන්න එපා බුදු හිමියන් දෙසූ විදියට " වර්තමාන ඵලය අතීත හේතුව නිසා අති වූවක්". (නදී)

:       0       0

අචිර Monday, 19 January 2015 05:45 PM

ලංකාවේ මිනිස්සු මිත්‍යාවේ ගිලිලා. කවදා නම් ගොඩඑයිද මන්දා (නි)

:       0       0

තිලක් Thursday, 15 January 2015 01:58 AM

රෝෂිණිය, නුඹ කුමන රටේ සිටින්නෙහිද? මට ඕනෑම රටකට වීසා ගතහැකිය (නි)

:       0       0

නුවන් Friday, 16 January 2015 01:57 AM

මේ නවීන මානසික රෝග ප්‍රථිකාර ඉතාමත් භෞතිකවාදී විදියට හිතන ක්‍රමයක්. පුනර්භවය, ප්‍රේත ආත්ම විශ්වාස නොකරන විද්‍යාවක් යයි කියන අවිද්‍යාවක් කියලා තමයි මට හිතෙන්නේ. ඇත්ත වශයෙන්ම මෙය රෝෂිණී හිතලා කළ දෙයක් වෙන්නත් පුළුවන්. (නි)

:       0       0

රජිත් වර්නසන්ත දුනගහ Friday, 30 January 2015 04:14 PM

දුක හිතෙන කතාවක්.. හරිම අමුත්තක් දැනෙනව..අනේ මන්ද මෙහෙමත් ලෝකයක්..සංසාර ගමන ගැන බයත් හිතෙනවා. (නදී)

:       0       0

තිනුග Sunday, 18 January 2015 07:11 PM

මේ රූබන් මහත්තයා හැම දේම විද්‍යාවට දාන්න යනවා. මේ දේවල් වලින් වෙන්නේ මිනිස්සු පව් කරන්න බය නැතිවෙන එක. මෙතුමා මේ පැහැදිලි කරන්නේ පව් කළාට කමක් නෑ විද්‍යාත්මකව හිතුවම පව් කියන දේවල් නෑ කියන එකද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4545 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 575 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1166 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 103 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 190 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 247 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1054 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site