IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


අවුරුදු හතේ සිට පිළිම නෙළන හාමුදුරුවෝ

”මේ තරම් සියුමැලි ද කළුගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා”


කරුණා වැගිරෙන සිතුවිලි දහරා හිත් පිත් නැති කළු ගලකට කැටි කොට ගොනු කොට නෙළු බුදු පිළිම ළඟ දෑසින්  කඳුළක් කඩා වැටෙනු  වළකන්නට අසීරුය. මැරෙන ඉපදෙන මේ සංසාරයේ දුක කියන්නට කාත් කවුරුත් නැති විසල් ලෝකයක බුදු සමිදානණේ සිිටින්නේ ඔබ පමණකියි සිතුවිල්ල ළඟ ඒ කදුළු වළක්වන්නට නොහැකි තරම්ය.

කහ සිවුර දෙවුර දරමින් පන්සලේ පොඩි සාදු ලෙස විවරණ ලබන්නට පෙර දවසක පුංචි කොලූ ගැටයකු ලෙස ගමේ ගහකොළ අතර කරක් ගැසූ සන්දියේ පටන් පුංචි සිත දිව ගියේ වන  බැද්දේ  පලූ, වීර, මාදං, ගස් අතරට නොවේ. කට්ටි ගැසී දිවයන ඇවිදින පුංචි කොලූ රංචුව  අතර දුවපැන ඇවිදින්නටද නොවේ.

කොබවක විමලධම්ම හිමි

සසර මෙතෙකින් නිම නොවේ. ආ දුර කොතෙක්ද කියන්නට නොදන්න තරම් සංසාරය දිගු ගමනකි. මරණයේ  තොටුපොළ ළඟ නැංගුරම්ලන ජීවිතේ යාත‍්‍රාව තවත් භවයක් සොයා යයි. පින් පව් සමඟ සසර පුරුද්දට භවයෙන් භවය රැුගෙන යන පුරුදු වෙත්නම් ඒ  පුංචි  කොලූ ගැටයා සසර පුරුද්දට රැුගෙන ආවේ පිළිම නෙළීමේ පුරුද්දය.

නාන ළිඳ ළඟ මැට්ට දෙඅත්ලට ගෙන ඒ කිරිමැට්ටෙන් පිළිම නිර්මාණය කිරීම එදා දවස ඒ පුංචි දරුවාගේ ලොකුම සතුට විය. සොහොයුරියන් කෝම්පිට්ටු හදමින් සෙල්ලම් ගෙවල් හදද්දී ඔහු හුඹස් මැටියෙන් බුදු පිළිම සැදුවේය. ඒ වෙද්දී ඔහුගේ වයස අවුරුදු හයකට - හතකට වැඩි නැත. බුදු පිළිම නෙළනු වස් බුදුපිළිම දෙස බලා සිටින්නට ඒ පුංචි දරුවාට අවැසි වූයේද නැත.

”පුංචි කාලේ මම බුදුපිළිම විතරක් නොවෙයි හුඹස් මැටියෙන් පුංචි සත්තුත් හැදුවා. මම බුදුපිළිම නෙළන්න හුඹස් මැටි ගෙනයන්න කැලේ යන නිසා ඒ කාලේ තාත්තා වත්ත වටේ තිබුණු හුඹස් කඩලා පුච්චලා දැම්මා. ඒ කාලයේ අපේ ගමේ  අය මා හදන බුදු පිළිම දැකල ඒවා මගෙන් ඉල්ලගෙන යනවා. මම අවට විහාරවලටත් පිළිම අඹලා ගිහින් දුන්නා”

පිළිම නෙළන්නට පෙම් බැඳි සිත එලෙසින්ම කහ සිවුරටද ලොබ බැන්ඳේය.

ඒ 1977 නොවැම්බර් මස 17 වැනිදාය. පිටිපන ධම්මාලෝක හිමිගේ ශිෂ්‍ය හිමිනමක් ලෙස උන්වහන්සේ පිටිපන විශුද්ධාරාම විහාරායේ මහණදම් පුරන පාරමිතාවේ ආරම්භය සටහන් කළේය.

මේ වෙද්දී ඔස්ටේ‍්‍රලියාවේ වැඩ වෙසෙන හෝමාගම මාවත්ගම විශුද්ධාරාම විහාරාධිපති ශාස්ත‍්‍රවේදී ශ්‍රී සද්ධර්ම වාගීස්වර කලාශූරී කොබවක විමලධම්ම හිමියන්ගේ අතීත ජීවිතයෙන් බිඳක් පමණි ඒ. බුද්ධ ප‍්‍රතිමා නෙළීමට පමණක් නොව දේවරූප මුරගල්, සඳකඩ පහණ, විහාර බිම් අලංකරණය කරන දිය ඇලි පොකුණු පැරැුණි වෙහෙර විහාරවල කැඞී බිඳී දුර්වරණ වී ගිය බුද්ධ ප‍්‍රතිමා ප‍්‍රතිසංස්කරණය, චෛත්‍ය නිර්මාණය මේ සියල්ල විෂයෙහි උන්වහන්සේ දක්වන්නේ  අනුපමේය කුසලතාවකි.

මම මහණ වුණේ අවුරුදු 11දී විතර. මහණ වුණාට පස්සේ පුංචි හාමුදුරුවෝ වෙච්ච මට කැලේ දුවලා පැනල හුඹස් මැටි සොයා ගන්න ඉඩක් නැති වුණා. පුංචිකමට මම මොකද දන්නවද කළේ පන්සලේ දැහැත් වලට දායකයෝ අරගෙන එන හුණු එකතු කරලා ඒ හුණු වලින් බුදුපිළිමයක් නෙළුවා. එය පුංචි බුදු පිළිමයක්. මට මතකයි ඒ බුදුපිළිමය නායක හාමුදුරුවෝ හුගාක් අගය කලා. එදා මගේ හිතට පුදුම සතුටක් දැනුණා. උන්වහන්සේ මගේ හැකියාවට ඉඩහැරියා.
පිරිවෙන් ශාස්ත‍්‍රයෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර සරසවියට ඇතුළු වූ කොබවක විමලධම්ම හිමියන්ට තමා ලද උපාධියෙන්  ඉනික්බිති ගුරු පත්වීමක් ලැබුණේය. එහෙත් සියල්ල අතරේ හිත රැදුණු එක් තැනක් විය. ඒ පිළිම නෙළීමේ කලාව අද්දරය.

උන්වහන්සේ පළමුකොටම අකුරු ශාස්ත‍්‍රය දරුවන් වෙත උගන්වාලූයේ කළුතර දිස්ත‍්‍රික්කයේ ඉත්තෑපාන මහ විදුහල් බිමේදීය. ඒ ගුරුදිවිය පාසල් කිහිපයකම නවාතැන් ලද්දේය.

ඒ 2002 වසරයි. විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේනාධිපති වැලමිටියාවේ කුසලධම්ම නායක හාමුදුරුවෝ මට දුන් අනුශාසනා හා උපදෙස් අනුව මම පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනේ බුදු මැදුරේ  දොලොස් රියන් බුදුපිළියමක් නෙළුවා. ඔය කාලයේදී තමා මා මූර්ති කලාව ගැන පතපොත හැදෑරුවේත්. මානව ?ප ගැන ගවේෂණ කළා. දක්ෂ මූර්ති ශිල්පින්ගේ උපදෙස් හා ශිල්ප මූලධර්ම ලබා ගත්තා. මම පුංචි බුදුපිළිම නෙළලා ඒ පිළිම වහන්සේලා කන්තලේ වගේ දුෂ්කර ප‍්‍රදේශවල හිටිය මිනිසුන්ට දුන්නේ  වන්දනාමාන කරන්න.

මේ මහා මනුසත් කුලේ උපන් සිය දහස් මිනිසුන් දෑත් නළලට එක්කර වඳින නමස්කාරයන්ගේ ඒ පිළිම වහන්සේලා පිදුම් ලැබූහ.

විසල් පරිමාණයේ සමාධි බුදුරූප  ප‍්‍රතිමා දහයකට ආසන්න සංඛ්‍යාවක් උන්වහන්සේ විසින් නිර්මාණය කරනු ලැබ තිබේ.  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර ධම්මසරණ විහාරයේ  හිටිපිළියමක් නිර්මාණය කරන්නටත් අඩි 50ක් උස චෛත්‍ය වන්සේ නමක් නිර්මාණය කරන්නටත් උන්වහන්සේ භාග්‍ය ලද්දේය. එම විහාර බිමේ තැනුණු සඳකඩ පහණ මුරගල්. වාලූකාබැම්ම විහාරස්ථාන භූමි අලංකරණය මේ සියලූ නිර්මාණ උදෙසා වැයවුණේ උන් වහන්සේගේ නිර්මාණ කෞශල්‍යයේ මහිමයයි. ලාංකික සම්ප‍්‍රදාය ඒ සියල්ල මත මැනවින් කැටිවී ඇත. දෙස් විදෙස් බොහෝ බෞද්ධයන්ගේ නොමද ප‍්‍රසාදයටත් ගෞරවයටත් ඒ සියල්ල බඳුන් වී තිබේ.

මාවත්ගම විශුද්ධාරාම විහාරයේ දහඅට රියන් බුදුපිළිමයක් මම නිර්මාණය කළා. අවුරුදු දෙකක කාලයක් ඊට වැය වුණා. අපේ දායක මහත්මයෙකුත් ගමේ අයත් මීට අනුග‍්‍රහය ලබා දුන්නා. ලංකාවේ කොහේවත් මෙවැනි පිළිමයක් දකින්න    ලැබෙන්නේ නැහැ.

මම පිළිම නෙළන්නට පෙර බාරහාර වෙන්නෙ නෑ. දේව පූජා, බහිරව පුජා තියන්නෙ නෑ. බුදුදහම ගැන මට තියෙන අසීමිත විශ්වාසයම මට ශක්තියක් වෙනවා. මාව රකිනවා.

බුදුරුවකට පණ පොවමින්

පලංචියට නැගලා, සිමෙන්ති බදාම අනලා, ඒ වැඩ කරද්දී සමහර විට මට හිතිලා තියෙනවා මම පලංචියෙන් වැටුණොත් කියලා. ඒත් එහෙම හිතුවාට කවදාවත් එහෙම වුණේ නෑ. මට හිතෙන්නේ ඒ තමා ධර්මයේ ආශිර්වාදය

සමහර විට උපාසක අම්මා කෙනෙක්ගේ ඇස් දෙකට මේ පිළිම දකිද්දී කදුළු එනවා. ඒ භක්ත්‍යාදාරය මට සතුටක්. බුදුපිළිමයක දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ගොඩනගද්දී ලඹ අල්ලා නූල් අල්ලලා මැනල කිරලා මම ඒ ලකුණ මතු කරන්නෙ  නෑ. මට හිතෙන්නෙ සංසාර පුරුද්දක් මා තුළ තියෙනවා කියලා.
මම කවදාවත් මේ බුද්ධ ප‍්‍රතිමා සල්ලිවලට විකුණුවේ නෑ. මේ මගේ සතුට මිසක් සල්ලි නොවෙයි.  ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධාන සංඝනායක දිගාමඩුල්ලේ විමලානන්ද හිමි සෙවණේ මෙල්බන් නුවර බෙරික් විහාරයේ වැඩ වෙසෙමින් උන්වහන්සේ දැනුදු  වෙහෙසෙන්නේ ප‍්‍රතිමා නිර්මාණය විෂයෙහිමය. ඒ උන්වහන්සේ සිත්මඬල මත පරම ආනන්දයත් සුවයත්  එයම වන බැවිණි.

 

 

සටහන - සංජීවිකා සමරතුංග

 



අදහස් (0)

අවුරුදු හතේ සිට පිළිම නෙළන හාමුදුරුවෝ

සමන් කුමාර Monday, 29 July 2013 06:58 AM

හැකියාවට රැකියාවක් සංසාරගත හැකියාවක් (නි)

:       0       1

පෙරේරා Monday, 29 July 2013 01:40 PM

මම සාමාන්‍ය පෙළ කරන කාලේ මෙම හිමි නම සිටි පන්සලේ පාඩම් කළා. මාවතගම. දිනක් මම හොරෙන් බලාගෙන හිටියා ඔහු පිළිම අඹන විදිහ. ඔහු එය දැක කිව්වා ලගට ඇවිත් බලාගෙන ඉන්න කියලා.මට පුදුම හිතුනා. එය දැකීමත් එක්තරා පිනක්,මෙතුමා ඉතා හොද ගුණ යහපත් හිමිනමක්. ඔබට තෙරුවන් සරණයි (නි)

:       0       0

සෙනෙවි Sunday, 04 August 2013 03:40 PM

පෙර පිනකිනි හිමි හට ඔය හැකියාව, ඒකයි කලාවට ඔය හැටි ලැදියාව, කිසිවිට නොසලකනු මැන මෙය රැකියාව, පිං පුරවන්න ඔය පින ඇත හිමි ගාව (නි)

:       0       0

ජනානන්ද හිමි Monday, 29 July 2013 09:16 AM

ඔබ වහන්සේට තව තවත් ඔය වෙනි කටයුතු කරන්නට දිර්ගායුෂ ලැබේවා. තෙරුවන් සරණයි (දී)

:       0       0

ජයී තිසර Sunday, 28 July 2013 08:21 PM

සංසාරයේ හැකියාවකි ඇත්තෙන්ම.. දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ගොඩනැඟ්ම.. පිළිම නෙළා තම භක්තිය පෙන්වීම.. අගයමි සමිඳු ඔබෙ සේවය සැමදාම (නි)

:       0       0

සදුනි Sunday, 28 July 2013 10:23 PM

ලෝක පුජිත කලාකාමී යති රුවනක් වේවා...!! (නි)

:       0       0

රොෂාන් සංජීව කුමා Wednesday, 31 July 2013 02:07 AM

නිර්මල බුදු දහම අනාගතයට ගෙන යන ඔබටයි නියම බොදු බලය ඇත්තේ...ඔබ වැජබෙවි එක සත්‍යයි (අ)

:       0       0

රොෂාන් සංජීව කුමාර Wednesday, 31 July 2013 02:09 AM

ඕස්ට්‍රේලියාවට විතරක් නොවේ ලෝකෙටම ගෙනියන්න අපේ හාමුදුරුවනේ !(අ)

:       0       0

චතු Wednesday, 31 July 2013 05:04 AM

අපට අනුකම්පා කර ලන්ඩන් නුවරට වඩින සේක්වා. පින්වත් මිනිසුන්/දායකයන් මේ නුවරත් ඉන්නවා. තෙරුවන් සරණයි (අ)

:       0       0

වසන්ත Monday, 29 July 2013 12:23 PM

සංසාරයේ පෙරුම් පුරනවා වෙන්නැති අපේ බුධාලම්බන ප්‍රීතිය වැඩිකරලා , බුධානුසතියට සිත යොදයන්න එතකොට ඒ පින් ඔබ වහන්සේටත් ලැබෙනවා සදු සදු !, (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 218 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 44 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 86 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 176 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 225 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 872 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site