IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


අෂ්ඨඵල බෝධිය ළඟ භාවනාකළ වැඩිහිටියා

කුඩා කදුවලින් වටවු ගම්මානයේ වැඩි දෙනෙක් එදින සිටියේ අවදියෙන්ය. පසුදා ගමේ වැඩිහිටියන් සහභාගිවන වන්දනා ගමනට සෑම නිවසකින්ම පාහේ කවුරුන් හෝ යන නිසා ගමම ඊට සුදානම් වු බව කීම වැරදි නැත. විවිධ ලෙඩ රෝග, අතුරු ආන්තරා ඇතිවු විට පිරිසුදු රෙදි කඩක් ගෙන දෙහි කෑල්ලකින් පිරිසිදු කරගත් කාසියකින් බැදි පඩුරු රැසක් ඒ වන විට ගම්වැසියන් විසින් වන්දනාවේ යන තම ඥාතීන් අත තබන්නට වෙනවෙනම සුදානම් කර තිබෙන බවද  බොහෝ නිවෙස්වලින් දිස්වින. යාබද ගමේ තේ කර්මාන්ත ශාලාවේ වු කණිසම පාන්දර හතරට හඩ දෙද්දී වන්දනා ගමනට එක්වූ සියලූ දෙනාම පාහේ බස්රථයට නැග අවසන්ය. ‘‘තුණුරුවන්ගේ සරණින්, සියළු දෙවි දේවතාවුන්ගේ පිහිටාරක්‍ෂවෙන් අපි පිටත්වෙන්නයි සුදානම. හැමෝම සාදුකාරයක් දෙමු.’’ බස් රථය ඇතුළෙන් ඇසුණු වැඩිහිටියෙකුගේ ඉල්ලීමට අවනතවු බස් රථයේ සිටි සියලූ දෙනාම දුන් ‘සාදු’ නාදය ගම පුරාවට පැතිර ගියේ තිබු නියැ`ඩියාව මොහොතකට බිද දමමිනි. කෑගල්ල දිසාවේ ගමක වැඩිහිටියන් මේ යන්නේ කතරගම වන්දනාවේය. පිරිසේ සංවිධායකයන් සහ ආවතේව කටයුතු සදහා පැමිණි කිහිප දෙනා හැරුණු විට සෙසු සියල්ලෝම වැඩිහිටියෝය. සුදු ඇදුමින් සියල්ලෝම සැරසී සිටියහ. සමහර වැඩිහිටි කාන්තාවන් හිසේ තුවායක් හෝ සුදු පැහැති ලේන්සුවක් පොරවාගෙන සිටියේ බස්රථය තුළට එන සීතල සුළගින් මිදීමටය. වැඩිහිටියන් වුවත් ගමනට එක්වු පිරිස තුළින් දිස්වූයේ තාරුණ්‍යයේ නටඹුන්ය. අතීත මතකයන් සිහිපත්කරමින් කෙරුණු කතාබහ සමග බස් රථය කතරගමට පැමිණෙන විට සවස හතරට පමණ විය. නවාතැන් ගැනීමට සුදානම් කර තිබු විශ‍්‍රාම ශාලාවට ගිය පිරිස ඇගපත සෝදාගෙන පිරිසුදුවී නැවතත් සුදු ඇදුමින් සැරසී කතරගම දේවාලයට යන්නට සුදානම් වුහ. තම ගමන්මලූවල තිබු ඔප්පුකරන්නැයි දුන් පඩුරු ආදියත්, හදුන්, කපුරු, තෙල්, ආදියත් වෙන්කරගෙන මේ දේවාලයට යන්නට සුදානම් වන්නේ සැදැහැ සිතින්ය. කිසිවෙකුත් තුළ කලබලකාරී බවක් නොවීය. බුලත්විට හපන වැඩිහිටියන් පැය ගණනාවකට ඉන් මිදී ඇත්තේ තමන් මේ යන්නට සුදානම් වන්නේ ආගමික පරිසරයකට බව දන්නා නිසාය. ‘‘අපි ඉස්සර වෙලාම කිරිවෙහෙරට ගිහිං කිරිවෙහෙර වන්දනා කරමු. ඊට පස්සේ අෂ්ඨඵල බෝධිය වන්දනා කරලා පින් අනුමෝදන් කරලා කතරගම දේවාලයට යමු.’’ සංවිධායකයන්ගෙන් ලැබුණ උපදෙස ගැන පිරිස සිටියේ දැඩි සතුටකිනි. කතරගම පූජා බිමට පිරිස එනවිට තවත් බැතිමත්හු කණ්ඩායම් වශයෙන් එහි වූහ. හිරු බැස යමින් තිබුණද එහිවු කිසිම බැතිමතෙකු තුළින් කලබලකාරී බවක් දිස් නොවීය. වෙනදා වැඩිපුර කතාබහ කරන වැඩිහිටියන් මෙදින කතා කළේ සීමාසහිතවය. මෙසේ කතාවට වාරණ දමා ඇත්තේ කිසිවෙකු විසින් නොව තමතමන් විසින්ය. ගොම්මන් කලූවර වැටෙන පැයේ ගෙදර සිටියේ නම් විවිධාකාරයෙන් අවවාද දෙන කටකාර ගැමියන් තුළ ඇත්තේ මීට පෙර නොදුටු තැන්පත් බවකි. පුන්‍ය භූමියක හැසිරිය යුතු ආකාරය ක‍්‍රියාවෙන් පෙන්වමින් මේ වැඩිහිටියන් පුද බිමට පැමිණ සිටි අනෙකුත් බැතිමතුන් සමග කිරිවෙහෙරට ගමන් කළේ මුලින්ම කිරිවෙහෙර වන්දනා කරන්නටය. කිරිවෙහෙරට පැමිණි සෑම තැනැත්තෙක්ම පාහේ වන්දනා කිරීමෙන් පසු කිරිවෙහෙර වටා එක් වටයක් හෝ යන්නට ඔවුහු අමතක නොකළහ. මේ වැඩිහිටියන් එහි යන විට ඒ ආකාරයටම සුදුවතින්  සැරසුණු තවත් වැඩිහිටි පිරිසක් දොහොත් මුදුන් දී කිරිවෙහෙර වන්දනා කරමින් සිටියහ. හෝරාවක් පමණ කිරිවෙහෙර  අසල ගතකළ පිරිස අෂ්ඨඵල බෝධිය වන්දනා කරන්නට පිටත්වන විට මහපොළොව අ`දුර සිපගෙන අවසන්ය. එහෙත් අවට වු විදුලි ආලෝකය නිසා ඒ බව නොදැනුනි. අෂ්ඨඵල බෝධීන් වහන්සේ අබියස පිරිසක් බෝධි වන්දනාවේ යෙදෙති. තව පිරිසක් භාවනාවේ යෙදෙති. පුජා වට්ටි රැගෙන මහ දේවාලයට යන පිරිසද එතැනට පෙනේ. මහ දේවාලයත් අෂ්ඨඵල බෝධියත් වටකොට ඇති වලාකුලූ බැම්මේ දිවා කල අයිතිකරුවන් වු වදුරු රැළ දවසේ අවසානයත් සමග ගිය දිහාවක් හොයාගන්නට නැත. දේවාලයේ කාර්යාලය පැත්තෙන් ඇතුලූවෙන මකර තොරණ අසල පිරිසක් පෝලිමට හිටගෙනය. දොහොත්  මුදුන්ට ගත් පොල් ගෙඩියක දැල්වෙන කපුරු පෙතිවලින් ඇවිලූනු කහ පැහැති දැල්ලට වඩා කලූ පැහැත් දුමක් ඉන් පිටවනු ඈතට පෙණිනි. ඔවුන් එකිනෙකා පසුපස ගොස් ඉදිරියේ ඇති යකඩ කූරුවලින් ආවරණය කළ ගල් පතුරට මතට තම දොහොත් මුදුනේවූ කපුරු දැල්වෙන පොල් ගෙඩිය වෙරයොදා පතිත කරයි. එය බිදීයන ආකාරය දෙස බලන සමහරුන්ගේ මුහුණුවල ඇත්තේ ඉහවහා ගිය සතුටකි. තවත් සමහරුන්ගේ මුහුණුවලින් පෙනුනේ ඉච්ඡුාභංගත්වයකි. කතරගම මහ  දේවාලය ඉදිරිපිට පොල් ගසන බැතිමතුන්ගේ මේ විවිධ ඉරියව් දෙස මෙවැනි හැන්දෑවක අදුරත් සමග මුසුවු විදුලි පහන් එළියෙන් සහ දැල්වෙන කපුරු ආලෝකයෙන් ටික වෙලාවක් බලා සිටින කෙනෙකුට අපූරු දසුන් දැකගත හැකිය. තමන් මෙතෙක් විදි අපල උපද්‍රව, රෝග, දෝෂ දුරිභූතවේවා යැයි දහසක් ප‍්‍රාර්ථනා ඇතුව එහි පැමිණන්නෝ පොල් ගසති. තමන් විසින් බිදින  පොල් ගෙඩිය බිදෙන්නේ කෙලෙසකද ඒ අකාරයටම ඒ අපල උපද්‍රව, රෝග, දෝෂ දුරිභූත වන බවට දැඩි විශ්වාසයක් ඔවුහු ඇති කරගනිති. විභාග හෝ වෙනත් බලාපොරොත්තු ඉටුවේවායි පතමින් පොල් ගසන අය හැමවිටම බලාපොරොත්තු වන්නේ එය දෙකට බිදී බෑ දෙක උඩුබැලි අතට පෙරළී තිබෙනු දකින්නටය. දෙකට බිදිනු පොල් ගෙඩියේ එක් බෑයක් මුනින් අතටත් අනික් බෑය උඩුබැලි අතටත් තිබුනොත් ලැබෙන්නේ සමඵල බවට සමහරුන් තුළ විශ්වාසයක් පවතී. එමෙන්ම මුනින් අතට ඇත්තේ මුඞ්ඩ පැත්තේ බෑය නම් ඉන් අත්වන ප‍්‍රතිඵල ගැන විශ්වාසයන් ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස්ය. මහ දේවාලයට පූජාව තැබීමෙන් පසු මේ ආකාරයට පොල් ගහන බොහෝ දෙනෙක් තමන්ගේ ආයාචනයට කතරගම දෙවියන් දක්වන ප‍්‍රතිචාරය මේ පොල්ගෙඩිය බිඳෙන ආකාරයෙන් පිළිබිඹු කරන බවට නිගමනයන්ට ද එළඹෙයි. පොල් ගෙඩිය බිදෙන්නේ එය එල්ලකරන පහරේ වේගය මෙන්ම පොල් ගෙඩිය බිඳින තැනැත්තාගේ කාය ශක්තිය අනුව නිසා බැවින් පොල් ගෙඩි බිඳෙන ආකාරය හා කතරගම දෙවියන්ගේ ප‍්‍රතිචාර සැලකීම වැරදි බවට විශ්වාස කරන පිරිස්ද මේ අතර සිටිති. හිරු බැස ගොස් හෝරා දෙකක් ඉක්මවු මොහොතේ මහදේවාලය ඉදිරිපිට මකර තොරණින් එළියේ නඩයක කිහිප දෙනෙක් යම් කලබල ස්වරූපයෙන් හැසිරෙනු පෙනුණි. නඩයේ කෙනෙක් මගහැරීම ඊට හේතුව විය. මේ කලබලය ඇතිවී තිබුණේ අපි මුලින්ම කතාකළ වැඩිහිටි පිරිස සිටි නඩයෙනි. ‘‘කිරිවෙහෙර ළග ඉදලා උන්දෑ ආවා. මට ඉස්සරින් ඇවිත් බෝධිය ළගදි තමයි මම ඈත්වුනේ.’’ අතුරුදන්වු අයගැන කෙනෙක් කීවේය. ‘‘බෝධිය වැදලා භාවනා කරලා මම නැගිටින කොට මට දකුණු පැත්තෙ වාඩිවෙලා උන්දෑ භාවනා කරනවා මම දැක්කා. හැබැයි මම බෝධිය වටේ ගිහිං එනකොට උන්දෑ එතන හිටියේ නෑ. තවත් කෙනෙක් කීය. මේ තොරතුරු අනුව අතුරුදන් පුද්ගලයා අෂ්ඨඵල බෝධිය තෙක් පැමිණි බවට තහවුරු විය. කිහිප දෙනෙක් අෂ්ඨඵල බෝධිය අවටත් මහ දේවාලය අවටත් සොයන්නට විය. අඩ හෝරාවක පමණවු සෝදිසියකින් පසු ඔවුන් පැමිණියේ හිස් අතිනි. ‘‘ඒ කොහෙවත් නෑනේ’’ අතුරුදන් තැනැත්ත සොයන්නට ගිය අයගේ පිළිතුර විය. මෙවනවිට හිටගෙන සිටීම නිසා සෙසු වැඩිහිටියන්ද යම් කෙහෙට්ටුවට පත්ව සිටින බවක් දිස්විණි. ඊටත් වඩා තමන් සමග වන්දනාවේ ආ අසල්වැසියාගේ අතුරුදන්වීම ගැන ඔවුන් සිටියේද යම් විමසිලිවත් ස්වරූපයකිනි. මේ අතුරුදන්ව ඇත්තේ නඩයේ සිටි තැන්පත්ම වැඩිහිටියෙකි. හැත්තෑ පස්වැනි විය ඉක්මවූ ඒ තැනැත්තා කිසිම කටයුත්තක් පමණ ඉක්මවා නොකළ නිසා හැමදෙනාගෙන්ම ඔහුට ලැබුනේ වැඩි සැලකිල්ලකි. කෙසග සිරුරකින් හෙබි ඔහු වැඩි අධ්‍යාපනයක් නොලද මුත් පන්සලෙන් අකුරු ඉගෙනගත් නිසා පිරිත් පොත පවා හො`දින් කියවුයේ වත්මන් දරුවන්ට ආදර්ශයක් ගෙන දෙමිනි. කෙනෙකුගේ අණට අවනත මේ වැඩිහිටියා හිතුමතේට තනිව එහා මෙහා නොගිය අයෙක් විය. සමහර වැඩිහිටියන් මෙන් අවශ්‍ය දෑ මෙන්ම අනවශ්‍ය දේවල් සහිත සැහැල්ලූ ගමන්මලූ රැගෙන එද්දි මේ වැඩිහිටියාගේ අත තිබුණේ තෙල්, මල්, හදුන් කපුරු ආදිය පමණකි. ‘‘ආපහු කිරිවෙහෙර පැත්තටවත් ගියාද? සුදු ඇදගත්තු තවත් නඩයක් හිටියනේ. අපි කියලා හිතලා ඒ අය පස්සෙන්වත් ගියාද දන්නේ නෑ’’ නඩයේ කෙනෙක් කීවේය. ඒ අනුව සෙසු පිරිස නවාතැන් පොළට පිටත්කර අතුරුදන්වු වැඩිහිටියා සොයන්නට සංවිධායක මණ්ඩලයේ දෙදෙනෙක් කිරිවෙහෙර දෙසට පිටත්විය. කිරිවෙහෙර මලූව, ඒ අවට පමණක් නොව කතරගම පුදබිම තුළ පිහිටි වැසිකිලි කැසිකිළි පවා ඒ දෙදෙනාගේ පරීක්‍ෂාවට ලක්විය. ඒ කොතැනකවත් අතුරුදන්වු වැඩිහිටියා නොවීය. වැඩිහිටියාගේ හැඩරුව පවසා එවැන්නෙක් දුටුවේදැයි හමුවු කිහිප දෙනෙකුගෙන්ම විමසුවත් සතුටුදායක පිළිතුරක් ඔවුන් කිසිවෙකුගෙන්වත් නොලැබිනි. ‘‘අපි දැන් මොකද කරන්නේ. පොලීසියටවත් කියමු නේද? වෙන කරන්න දෙයක් නෑ.’’ ‘‘නෑ අපි එක පාරටම පොලිසි ගිහිං වැඩක් නෑ. පොලිසියත් කියයි තව හොයලා එන්න කියලා.’’ වැඩිහිටියා සොයන්නට කිරිවෙහරෙට ගිය දෙදෙනා ආපසු එන අතරේ කතාබහ කරන්නට විය. ‘‘මේ කොයි එකටත් අපි ආයිපාරක් බෝධිය පැත්තෙන යමු’’ දෙදෙනාගෙන් කෙනෙක් යෝජනා කළේය. ‘‘වැඩක් නෑ මම තුන්පාරක්ම බෝධිය වටේම ගිහිං බැලූවා. හා කමක් නෑ, කියනවට යමු.’’ අනෙකා කීවේය. රාත‍්‍රී නවයට ආසන්නව තිබුණද දේවාලයට තවමත් බැතිමත්හූ එති. වැඩිහිටියා සොයා කතරගම පුදබිමේ අෂ්ඨඵල බෝ මලූවේ බටහිර පැත්තෙන් ඉදිරියට ඇදුන දෙදෙනාගෙන් කෙනෙක් එකවරම ගල්ගැසී නැවතුනි. ‘‘අර.. අර.. බලන්ඩකෝ. අතන භාවනා කරන්නේ අර මනුස්සයා නේද?’’ ගල්ගැසී නැවතුන තැනැත්තා කීවේ අතක් ඒ දෙසට දිගු කරවමිනි. ‘‘ඔව් නේන්නම්. මේක හරිම පුදුමයක් නේ. මම මීට ඉස්සරවෙලා තුන්පාරක්ම මෙතනට ඇවිත් බැලූවා. එතකොට මේ මනුස්සයා හිටියේ නෑ නොවැ. දැන් අරගොල්ල කලබල වෙලා ඇති.’’ අනෙකා කීය. ‘‘එපා භාවනා කරන වෙලාවට බාධා කරන්න එපා. අපි අර කට්ටියට කෝල් කරමු මෙයා ඉන්නවා කියලා. එතකොට කලබල වෙන එකක් නෑ. භාවනා කරලා ඉවර වුණාම අපි උන්දැව එක්ක යමු.’’ දෙදෙනාම එකගතාවකට පැමිණියහ. අතුරුදන්වු තැනැත්තා අෂ්ඨඵල බෝමලූවේ භාවනා කරමින් සිටින බවට ලද ආරංචිය ඒ වනවිටත් නවාතැන්ගත් විශ‍්‍රාම ශාලාවට පැමිණ සිටිය අයගේ අමන්දානන්දයට හේතුවක් විය. තවත් අඩහෝරාවකටත් වැඩි වෙලාවක් භාවනා කරමින් සිටි වැඩිහිටියා කිසිදු කලබලයක් නොමැතිව දණනමා අෂ්ඨඵල බෝධියට වැද නමස්කාර කර නැගී සිටිමින් වට පිට බැලීය. -කෝ අනික් කට්ටිය දේවාලෙට ගියා ද? ’’ කිසිදු අමුත්තක් නැතිව ප‍්‍රශ්නයක් යොමුකළ වැඩිහිටියා හිමින් සීරුවේ මහදේවාලය දෙසට ගමන් කළේය. ඔහු හොයන්නට ගිය දෙදෙනා ද ඔහු පසුපසින් ගියහ. මහදේවාලයෙන්  එළියට පැමිණි පසු  පැය එකහමාරක් පමණ තමන් කලබලයට පත් කරමින් කොහේ ගියේදැයි වැඩිහිටියාගෙන්  විමසුවේ ඔහු සොයාගිය දෙදෙනායි. ‘‘මම කොහේවත් ගියේ නෑ. බෝධිය වන්දනා කරා.’’ වැඩිහිටියාගේ ප‍්‍රකාශයේ යම් අරුතක් ගැබ්ව ඇතිබව දෙදෙනාට අවබෝධවිනි. ඒ නිසා වැඩිදුර ප‍්‍රශ්න නොකරම ‘කතරගම දෙවියන්ගේ පිහිටයි’ කියලා හිතාගෙන අපි යමු මාමේ” කියමින් තිදෙනා නවාතැනට එන්නට පිටත්වූහ. හදිසියේ අතුරුදන්ව පසුව හමුවූ වැඩිහිටියා සමග රාත‍්‍රී  ආහාරයෙන් පසු පිරිස අල්ලාප සල්ලාපයේ යෙදෙමින් හෝරා කිහිපයකට පෙර සිදුවූ සිද්ධිය ගැන සමාලෝචනයක නිරත වුහ. ‘‘මම බෝධිය ළග දණ නමාගෙන බෝධිය වන්දනා කරලා භාවනා කරන්න කියලා හිතාගෙන වාඩිවෙන කොට මා ළගින් හිටපු උපාසක ඇත්තෙක් කිව්වා, ඔය ඇත්තගේ නඬේ අය තවම වන්දනා කරනවා නේද? කියලා. මම වටපිට බලද්දී අපේ අය දණනමාගෙන වදිනවා. මට කතාකළ උපාසක ඇත්තෝ අහරමිනිය ගොතාගෙන වාඩිවෙලා භාවනා කරන්න පටන්ගත්තා. අපේ අය වන්දනා කරලා නැගිටිනකම් මාත් භාවනා කරන්න පටන්ගත්තා. මම ඇස් ඇරලා බලනකොට මේ ළමයි දෙන්නා විතරයි පේන්න හිටියේ.’’ කිසිවක් නොදත් වැඩිහිටියා කීවේය. ‘‘කතරගම මහ දේවාල බිමේ ඔයවගේ සිදුවීම් අනන්තවත් වෙලා තියන බව අහන්න ලැබිලා තියනවා.’’ තවත් වැඩිහිටියෙක් සිය කටහ`ඩ අවදි කළේ ඒ ගැන වැඩිමනත් කතා කොළයුතුයැයි යන අවවාදය වචනයෙන් නොකියමිනි.

අජිත්ලාල් ශාන්තඋදය
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 2 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 3 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 4 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 5 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 6 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 7 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 8 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 9 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 10 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 11 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 12 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 13 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 14 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 15 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 16 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 17 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 18 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 19 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 20 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 21 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 22 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 23 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 24 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 25 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 26 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 27 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 28 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 29 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 30 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 31 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 32 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 33 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 34 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 35 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 36



අදහස් (0)

අෂ්ඨඵල බෝධිය ළඟ භාවනාකළ වැඩිහිටියා

කුමාර Monday, 19 November 2012 09:45 AM

හොඳයි (ස)

:       0       0

දස්වි Monday, 05 November 2012 02:51 PM

විශිෂ්ටයි (ස)

:       0       0

චාමිකර Sunday, 28 October 2012 07:48 PM

ධර්මයේ හැසිරෙන්නාට දෙවියන් පිහිට වෙති. (නි)

:       0       0

සෙනවි Thursday, 22 November 2012 01:01 PM

අහන්නත් සන්තෝෂයි (ස)

:       0       0

චමෝද් Thursday, 22 November 2012 05:52 PM

ඇත්තටම මෙහෙම දේවල් දාන එක හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 165 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 577 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 158 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 147 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 344 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 662 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site