කෑගල්ල මහාධිකරණයේ විභාග වූ ස්ත‍්‍රී දුෂණ නඩුවකින් වරදකරුවූ රුවන්වැල්ලේ ඒ. සෝභිත නමැත්තාට මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය විසි අවුරුදු (20) සිර දඬුවමක් ද රුපියල් ලක්‍ෂ දෙකක වන්දි මුදලක් හා රුපියල් 20,000 දඩයක්ද පසුගිය 2 දින නියම කළාය. එම දුෂණයට ලක්වූ කාන්තාවට රැකියාවක් ලබා දෙන මුවාවෙන් ඇය සෝභිතට අයත් රුවන්වැල්ල වෙදමැදුරට කැඳවාගෙන ගොස් ඉන්පසු සෝභිතට අයත් බුලත්කොහුපිටිය ලිහිණියාවත්ත බංගලාවට කැඳවාගෙන ගොස් රාත‍්‍රියේ සෝභිත අතින් දුෂණයට ලක්කිරීමට අනුබල හා උදව් උපකාර කළ අයි.එච්. හේමචන්ද්‍ර හා එම්.අයි. අනෝමා යන පැමිණිලිකාරියගේ මාමාට හා නැන්දාට ද මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය වෙන්වෙන් වශයෙන් විසි අවුරුදු සිර දඬුවම් ලබා දී රුපියල් ලක්‍ෂ 2ක බැගින් වන්දි මුදල්ද රු. 20,000 බැගින් දඩ මුදල්ද නියම කළාය. තිදෙනාටම අවුරුදු 20 බැගින් සිරදඬුවම් නියම විය. තිදෙනාටම රුපියල් ලක්‍ෂ 2 බැගින් එම කාන්තාවට වන්දි මුදල් ගෙවීමට නියම කළ මහාධිකරණ විනිසුරු එම වන්දි මුදල් නොගෙවන්නේ නම් එක් අයෙකුට අවුරුදු 1 1/2 බැගින් සිර දඬුවම්ද නියම කළාය. ඉන් පසු එක් අයෙකුට රුපියල් 20,000 බැගින් වෙන් වෙන් වශයෙන් තිදෙනාටම දඩ මුදල් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය රුපියල් 20,000 මුදල නොගෙවන අයට තවත් වසර එකහමාර බැගින් සිර දඬුවම් නියම කළාය. දින 9 ක් එක දිගට නඩුව විභාග වීමෙන් පසුව 2 වැනිදා තීන්දුව ප‍්‍රකාශයට පත් කළාය. 2005 ජූලි මස 16 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී උඳුගොඩ පදිංචිව සිටි තරුණ කාන්තාවකට රැුකියාවක් ලබා දෙන මුවාවෙන් රුවන්වැල්ල වෙද මැදුරේ ඒ. සෝභිත හිමියන් වෙත කැඳවාගෙන ගොස් ඇය දුෂණය කිරීම පිළිබඳ චෝදනා ලබා සිටියේ රුවන්වැල්ල වෙදමැදුරේ ඒ. සෝභිතය. එම සිද්ධියට අනුබල දීම පිළිබඳව පැමිණිලිකාරියගේ මාමා කෙනෙකු වන අයි.එච්. හේමචන්ද්‍ර හා එච්.අයි. අනෝමා යන දෙදෙනා චෝදනා ලබා සිටියෝය. පළමුව පැමිණිලිකාරිය මහාධිකරණය හමුවේ සාක්කි දුන්නාය. ඇය මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය හමුවේ මෙසේ පැවැසුවාය. මා විවාහක කාන්තාවක්. විවාහය අත්හැරුනාට පසු ගෙදර ඇවිත් සිටියා. මා උපාධියත් කළා. රැුකියාවක් බලාපොරොත්තු වුණා. විත්තිකාර මාමායි නැන්දයි මට කීවා හොඳ තැනක රැකියාවක් තියෙනවා බලන්න යමු කියා. මා ඒ අනුව රැුකියාව බලන්න 2005 ජුලි 16 දා ගියා. නැන්දයි මාමයි මාව පළමුවෙන් රැුගෙනගියේ රුවන්වැල්ලේ ඒ. සෝභිත හිමිගේ වෙද මැදුරට. එහිදී මගේ සහතික පරීක්‍ෂාකර රැුකියාව ලබා දෙන්න අපි තිදෙනා ත‍්‍රීරෝද රථයකින් ළිහිණියාවත්තට යැව්වා. අපි ළිහිණියාවත්තට යන විට හවස් වී තිබුණා. අපි ගිය බංගලාව ඇත්තේ පාළු තේවත්තක් මැද්දේ. මෙය තට්ටු දෙකක ගොඩනැගිල්ලක්. අපි ගියාට පසු නැන්දා සහ මාමා කීවා දැන් රෑ බෝ වුණා. යන්න වාහන නැහැ. හෙට උදේ යමු කියලා. බංගලාවේ රස්සාව දෙන්න වත්තෙ මහත්තයත් මගේ සහතික පරීක්‍ෂා කළා. රාත‍්‍රිය වේගන එන විට ඒ. සෝභිත ළිහිණියා වත්තට ඇවිත් අපිට කෑම බීම සැපයුවා. ඔහු මාමටයි නැන්දටයි බොන්න දී සෝභිත හිමිත් හොඳටම බීවා. මම නිදාගෙන ඉන්න විට වෙරිමත්වූ සෝභිත මා ළඟට ආවා. මට බලහත්කාර කමක් කරන්න හදන විට ඉඩ දුන්නේ නැහැ. එවිට සෝභිත මා ඇඳේ පෙරළා ගෙන මට අපරාධයක් කළා. මම ගෙදර ගිහින් සිද්ධිය මවට කීවා. ඊටපසු අපි පොලීසියේ පැමිණිල්ලක් දැම්මා යයි පැවසුවාය. ඇය මෙම සාක්කි දුන්නේ රජයේ අධිනීතීඥ චමින්ද අතුකෝරළ මහතාගේ මෙහෙයවීම යටතේය. ඉන්පසු පළමුවැනි විත්තිකරු වූ ඒ. සෝභිත තමාගේ නිදොස් බව ඔප්පුකිරීමට මහාධිකරණයේදී සාක්කි ලබා දුන්නේය. ඔහුගේ සාක්කි මෙහෙයවූයේ නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතාය. ඔහුගේ මෙහෙයවීම යටතේ 1 වැනි විත්තිකරු කියා සිටියේ තමාගෙන් රුපියල් ලක්‍ෂ 5 ක වන්දි මුදලක් ඉල්ලූ බවත් එම මුදල් නොදෙන්නේ නම් තමාව දුෂණය කළ බවට පොලීසියේ පැමිණිල්ලක් කරන බවත්ය. එහෙත් 1 වැනි විත්තිකරු එම මුදල නොදුන් බව කීවේය. ඉන් අනතුරුව රජයේ අධිනීතීඥ චමින්ද අතුකෝරළ මහතා නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් 1 වැනි විත්තිකරු ඒ. සෝභිත මෙසේ පැවැසුවේය. මම ගැහැණු සමග අනන්ත සම්බන්ධ කම් පවත්වා තියෙනවා. හැබැයි බලෙන් නොවෙයි කැමැත්තෙන්. මම මත්පැන් පානය කර තියෙනවා. බාල වර්ග නොවෙයි විස්කි බ‍්‍රැන්ඩි වගේ දේවල්. මම බාල දේවල් පාවිච්චි කරන්නේ නැහැ. රජයේ නීතීඥ මහතා - තමුන් සිවුරේ සිට වැරදි වැඩ කරන එක හරිද? 1 වැනි විත්තිකරු - මම විතරක් නොවෙයි, බොහෝ දෙනා කරනවා. අද සමාජයේ හැටි. මම වැඩියෙන්ම ජපානයේ බුදු දහමට කැමැතියි. ජපානයේ පාංශුකූලයක් දෙන්න ගියාම දෙන්නේ පෙජරෝ එකක්. ලංකාවෙ පාංශු කුලයට දෙන්නේ තුවායක්. ඒ රටේ භික්‍ෂුව අපි වගේ නොවෙයි හොඳට කාල බීලා ජොලියේ ඉන්නවා. අපිටත් ඕනෑ මැරෙන තුරු ජොලියෙ ඉන්න. ඒ නිසා ජපානයේ බුදු දහමට මම වැඩිපුර කැමැතියි. සෝභිත අධිකරණයේදී කීවේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව
ශ්රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අහෝ සෝභිත නොදිටි මොක්පුර
හර්ෂන Monday, 08 October 2012 12:00 PM
අපරාදේ මිරිස්සට යවන්න තිබුණේ ....කපලා කොටලා දාවි (ස)
.සම්පත් Monday, 08 October 2012 12:05 PM
ව්ශ්වාසය හැර නැයෙක් ලෝවේ කොහෙන්දෝ...... "මම විතරක් නොවෙයි, බොහෝ දෙනා කරනවා" කව්ද අනේක් අය? එක මුතු වෙමු. සසුන රකිමු. (ස)
රණ්බණ්ඩා Sunday, 07 October 2012 03:29 PM
අවුරුදු දෙකකින් පස්සේ පොදු සමාවකින් ගෙදර ඇවිත් පරණ රස්සාවම පටන් ගනියි. (නි)
මධූරංග Monday, 08 October 2012 06:57 AM
රටේ ප්‍රසිද්ධ තැනකට ගෙනත් ගල් ගහන්නයි තියෙන්නේ. (නි)
භාග්‍යා ප්‍රසාද් Saturday, 13 October 2012 09:12 PM
ඇත්තටම හරිම පහත් පුද්ගලයෙක් හිතේ ඇති මෙයාටත් ජපානයේ කාලා බීලා හොදට වාහන පාංසකූලයට දේවි කියලා.. මේ අය නිසා රටේ ඉන්න හොද හාමුදුරුවො දිහාත් මිනිසුන් වපර ඇහින් බලනවා..!(නු)
සෙනෙරත් Monday, 08 October 2012 09:05 AM
මටත් ආසයි මේ වගේ අයට හොඳට නෙලන්න (ස)
දයා Monday, 08 October 2012 10:32 AM
වෙන මුකුත් නෙමෙයි මෙයා ඊලඟට දේශපාලනයට ඒවි (ස)