”තඹුරු වනය මුකුලිත වන බව සවස කවුරු විසින් වැළකිය හැකි මෙදිය කුස”
(සුභාෂිතය)
හිරුත් සමඟ විකසිත සියපත් හිරු අවරගිර සැඟව යද්දී මුකුලිත වුවත් පොළොව මත පිපුණු මේ සියපත් කිසිදා පරව නොයන විලසකි. ”නෙළුම් පොකුණ” නමින් පිබිදුණු විසල් සියපත ගැන අපි ඉකුත් කාලයේ කතා කළෙමු. ඒ නෙළුම් පොකුණේම තනි නොතනියට මෙන් තවත් අපූරු ”නෙළුමක්” කොළඹ ඞී.ආර්. විජයවර්ධන මාවතේ බේරේ වැව අද්දර පිපෙන්නට පෙරමං බලා හිඳියි. නෙළුමක හැඩයෙන් සැලසුම නිමවී හමාරය. ඉනික්බිති ”නෙළුම් කුළුණ” ලෙස නම් ලද්දේ ඒ නෙළුමය. නෙළුමක් විලස සැලසුම් සැදුවේද, සැදූ සැලසුමට නෙළුම් කුළුණයැයි නම් තැබුවේද හේතුවක් ඇතුවය. නෙළුම - එය සුපින්වත් බවේත්, සෞභාග්‍යයේත් සංකේතයක්ම වැන්න. ත‍්‍රස්තවාදයේ ශාපයෙන් ගැලවීම ලත් දේශයට, සෞභාග්‍යයේ අරුණැල්ල දෝරගලා එන දේශයට වාසනාව කැඳවන සලකුණක් පවා කොතරම් නම් අගනේදැයි සිතෙන්නේ පිපුණු ”නෙළුම් පොකුණ” සේම හෙට දවසක පිපෙන ”නෙළුම් කුළුණ” ඇස ගැටෙද්දීය. සාමය සෞභාග්‍ය ගැන හැඟීම් දනවන නිසාවෙන්ම නෙළුමක හැඩය ගත් ඒ කුළුණට නෙළුම් කුළුණ යැයි නම් තැබුණි. මීටර් හයසිය තිස්හතරක් උසින් යුතුව ලෝකයේ උසම කුළුණ ජපානයේ ඉදිවෙමින් පවතී. එහි ඉදිකිරීම් නිමකිරීමට සැලසුම් කර ඇත්තේ මේ වසරේ පෙබරවාරි මාසයේදීය. ”ටෝකියෝ ස්කයි ටී‍්‍ර” ලෙස ලෝකයේ මේ උසම කුළුණට නම් තබා ඇත. ශ්‍රී ලංකාවේ නෙළුම් කුළුණ ඉදිවන්නේ දකුණු ආසියාවේ උසම කුළුණ වශයෙනි. එහි උස මීටර් 350 කි. කොළඹ ඞී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි හෙක්ටයාර් 3.06 ක භූමි භාගයක බේරේ වැව ආසන්නයේ මෙම කුළුණ ඉදිකරන්නට සැලසුම් කර තිබේ. දකුණු ආසියාවේ උසම කුළුණ අපේ පුංචි රටේ ඉදිවීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ ආඩම්බරයට කරුණක් බව අපි සැවොම පිළිගනිමු. එමෙන්ම නිල් අහස සිඹින්නට මෙන් අහස අරා නැගෙන නෙළුම් පොහොට්ටුවේ සොඳුරු දසුන කොළඹ පුරවරයටම අලූත් සුන්දරත්වයක් රැගෙන එනු නොඅනුමානය. එය හෙට දවසක නගරයේ ආකර්ෂණීයත්වයේ සංකේතයක් බවට පත්වෙනු ඇත. නෙළුම් කුළුණ සිවුමහල් කුඩා පීඨිකා සහිත නිදහස් ස්ථාවර කුළුණකින්ද, මධ්‍යම විෂ්කම්භය සහිත ආධාර කුළුණු කඳකින්ද, මහල් අටක් සහිත කුළුණු ශීර්ෂයකින්ද යුක්ත වෙයි. එහි මුදුන වානේ රාමුව සහිත ඇන්ටෙනා කුඹයකින් සමන්විත වෙයි. නෙළුම් කුළුණ යෝජිත නව බහු සම්පේ‍්‍රෂණ කුළුණ ලෙසද හඳුන්වාදිය හැක. එළැඹෙන 20 වැනි දින මෙම ව්‍යාපෘතිය උදෙසා මුල්ගල් තැබෙනු ඇත. නෙළුම් කුළුණ ඉදිකිරීමේ පරමාර්ථය හුදෙක් නගර ශෝභනත්වය පමණක්ම නොවේ. ඒ හා සබැඳි තවත් අරමුණු කිහිපයකි. එය මුදල් උපයාදෙන අස්වැන්නක කුළුණක් ලෙස ද අනාගතයේ දවසක සම්භාවනාවට පත්වෙන්නේ යැයි කිව හැක්කේ ඒ අරමුණු දෙස බැලීමේදීය. විදුලි සංදේශ සේවා පහසුකම් සැපයීම, විවේකය සුවදායි ලෙස ගතකිරීමේ කේන්ද්‍රස්ථානයක් බවට නෙළුම්කුළුණ පත් කිරීම, අවම වශයෙන් ගුවන් විදුලි සේවා සපයන්නන් පනහකට විදුලි සංදේශ සේවා සපයන්නන් විස්සකට හා රූපවාහිනී සේවා සපයන්නන් පනහකට පහසුකම් සැපයීම නෙළුම් කුළුණ කේන්ද්‍රගතව ඉටුකරගන්නට අපේක්ෂා කරන තවත් අරමුණු කිහිපයකි. එමෙන්ම මෙය ආරක්ෂක සංඥා සැපයීම මෙන්ම කොළඹ නගරයේ විවිධ ගොඩනැගිලිවල ස්ථාපිත අප‍්‍රමාණ වූ අධිබලැති ගුවන්විදුලි සහ එෆ්.එම්. ඇන්ටෙනා අවම කිරීම සහ ඉවත් කිරීමෙහිලා ද අනාගතයේදී වක‍්‍රව දායක වෙයි. බහු සම්පේ‍්‍රෂණ විදුලි සංදේශ සේවා සැපයීම හැරුණු කොට මෙම කුළුණේ පීඨිකාව විදුලි සංදේශ සේවා පිළිබඳ කෞතුකාගාරය, භෝජනාගාරය, පරිපාලනමය කාර්යාල, ප‍්‍රදර්ශන ශාලා සහ අනුරූපී පහසුකම් වලින් සමන්විත වේ. කුළුණේ පාදම කොටස අධිවේගී සෝපාන වලින් සමන්විතය. එය සංයුක්ත සිලින්ඩරාකාර හැඩය ගන්නා අතර තරප්පුව සිරස් සංසරණතා පද්ධතියකින් යුතුවෙයි. එසේම ප‍්‍රධාන පද්ධතිය විවිධ වර්ගයේ ගොඩනැගිලි සේවාවන්ගෙන් යුක්තය. නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර වශයෙන් ”ටීම් පාක්” නමින් විනෝදාස්වාදය සපයන අලංකාර උද්‍යානයක් ඉදිකිරීමට බලාපොරොත්තු වේ. පවුලකට පැමිණ රසවත් ආහාර පාන වලින් සප්පායම් වී ක‍්‍රීඩා කටයුතු ආදියෙහි නිරත වෙමින් සතුටින් සැහැල්ලූවෙන් දවස ගෙවන්නට හැකි ලෙස මෙම උද්‍යානය ඉදිකරන්නට අපේක්ෂා කෙරේ. ඉතාමත් සහනදායී මිල ගණන් යටතේ ”ටීම් පාක්” හි සතුටින් සරන්නට ශ්‍රී ලාංකික ඔබට නුදුරු අනාගතයේදී ඉඩහසර ලැබෙනු ඇත. චීන රජය හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඉකුත් 3 වැනිදා නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා වූ ගිවිසුමට අත්සන් තැබූහ. චීනරජය නියෝජනය කරමින් ඉහළ පෙළේ නිලධාරීන් දහතුන් දෙනෙකු මේ අවස්ථාවට සහභාගි වූහ. එමෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ. ඒ සියලූ දෑස් මත දැල්වුණේ හෙට දිනෙක මේ පොළව මත පිපෙන අලූත් ”නෙළුම” ගැන බලාපොරොත්තුවයි.සටහන - සංජීවිකා සමරතුංග / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතා හොද වැඩක්
ජනපතිතුමාට සුභ පතනවා! (නි)
මම ඇත්තෙන්ම අගය කරනවා මේ පුදුමාකාර කුළුන නිර්මාණය කළ පුද්ගලයව
හෙටක් තනන වීරයා.
රට ගැන මට දුකයි
අපේ කොමෙන්ට් දාන්න මොකක්ද වගෙයි ද? ඕන නැති වල පල කොමෙන්ට් නම් හැමදාම පල වෙනවා , යමක් හොදට ගලපලා, ලෝකයේම දැනුම කටිකරලා දැම්මම ඒවා පල වෙන්න නැත්තේ ඇයි?, සරල වින්දනයද, ඇස අරවෙන කොමෙන්ට්ද ලංකාදීපය අගය කොරන්නේ?
ගොඩාක් හොදයි. අපිත් ආසයි අනෙක් රටවල් වගේ ලස්සනට අපේ රටත් දකින්න. ජනාධිපතිතුමාට හදවතින්ම සුබ පතනවා
හොඳ වැඩක්.
හොද වැඩක්. ඒත් රටක දියුණුව කොන්ක්‍රීට්වලින් මණින්න බෑ. දවසකට තුන්වේලක් කන්න නැති විශාල ජනතාවක් තවමත් අපේ රටේ ඉන්නවා
රටක් ලෝකයා ඉදිරියට ගෙන යාම හොද ව්‍යාපාරයක්. අපේ රටට සුබ අනාගතයක්
රටක් ලෝකයේ ඉදිරියට ගෙනයාමේ හොද ව්‍යාපෘතියක්. අපේ රටට සුබ අනාගතයක්
ඉතා හොඳ වැඩක්.
තුරුවන් සරණයි
අනාගතයට අගනා ආයෝජනයක්. මතු දිනක මුදුනේ දකින චමත්කාරය මැවී පෙනෙයි. සාර්ථකම වේවා
හොදයි
අපේ රටත් ලොකයේ අනිත් රටවල් වගේම ලස්සන එකක් කරන්න උත්සහා ගන්න එකට ගොඩාක් සිතුතිය. නමුත් ඔය තැනට ලොකු මිනිස්සුනට පමණක් නොවේ සාමාන්‍ය අයටත් යන්න පුළුවන්නම් ගොඩාක් වටිනාව.
ලංකාවේ ආශ්චර්යය
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මාගේ උණුසුම් සුබ පැතුම්
සංවර්ධනයේ තවත් පියවරකට. සුභප්‍රාර්ථනා.
රටේ මීට වඩා වැඩ නැද්ද
දැනට ලෝකයේ උසම කුලුණ මීටර් 800 කටත් වඩා වැඩියි. කොහොම වුණත් හොද වැඩක ආරම්භයක්. මම සුබ පතනවා
මම අපේ රට දියුණුවීම පිළිබද ආඩම්බර වෙනවා
හොඳදේ අගයකළ යුතුමයි.
කාලොචිත හොද දෙයක් !
ලෝකේ උසම ගොඩනැඟිල්ල හදන්න සුදානම් කරාම අපිට වත හොඳ තැනක් එයි.
මෙය ඉතා හොද අදහසක්
අපි හොද දෙයට හොදයි කියනවා. ජනාධිපතිතුමාට මා සුබ පතනවා