IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ආනන්දි සසිදරන්ගේ රංගනය වින්දිතයකු උදෙසාද? අපරාධකරුවකු උදෙසාද?

1 20_PAGE_20_M_1 

 

ඞී.බී.එස්. ජෙයරාජ්

 

බොහෝ දේශපාලකයෝ ප‍්‍රසිද්ධිය ලබාගැනීම ස`දහා විවිධ ක‍්‍රම භාවිත කරති. කාලයත් සම`ග හීන වන ප‍්‍රසිද්ධිය යළි තමා වෙත නතු කර ගැනීම ස`දහා ඔවුහු විවිධ සූත‍්‍ර උපයෝගී කර ගනිති. රෙදි මිල ඉහළ යාමට එරෙහිව එක්තරා දේශපාලනඥයකු කලකට ඉහත අමුඩයෙන් සැරසී පාර්ලිමේන්තුවට පැමිණියේද, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මිය ඇදී ඇති බව පවසමින් තවත් දේශපාලනඥයකු සභා ගැබට මල් වඩමක් රැගෙන ආවේද එවන් ප‍්‍රසිද්ධියක් අරමුණු කරගෙනය. ප‍්‍රසිද්ධිය තකා මරණය තෙක් උපවාස කරන බව පවසා රහසින් ලෙමන් පෆ් අනුභව කරන දේශපාලකයෝද, පාද යාත‍්‍රා යන, ජනඝෝෂා පවත්වන දේශපාලකයෝද මේ අතර වූහ. දේශපාලකයාගේ අපේක්ෂාව වනුයේ සැමගේම සිත් ඇදගන්නා පුද්ගලයකු බවට පත්වීමටය. මෙම අපේක්ෂාව සම්බන්ධයෙන් කදිම කියමනක් ඇත. එනම් ‘‘දේශපාලකයා මංගල උත්සවයකදී මනමාලිය වීමටද, ප‍්‍රසාද ස්නාපනයේදී ළදරුවකු වීමටද අවමංගල්‍යයකදී  මෘතශරීරය බවට පත්වීමටද අපේක්ෂා කරයි’’ යනුවෙනි.

 


ප‍්‍රසිද්ධිය ලබාගැනීම සම්බන්ධයෙන් කතාබහට ලක්වුණු මෑත කාලීන සිදුවීම වනුයේ උතුරු පළාත් සභා මන්තී‍්‍රනී ආනන්දි සසිදරන් සම්බන්ධයෙනි. ඇය ප‍්‍රසිද්ධිය ලබාගත්තේ අතුරුදන් වූවා යැයි පැවසුණු ජ්‍යෙෂ්ඨ කොටි නායක එලිලන් නිසාය. ආනන්දි සසිදරන්, මේජර් එලිලන් නමින් ප‍්‍රකටව සිටි සින්තුරෙයි සසිදරන් නම් කොටි නායකයාගේ බිරිය වූවාය. 2009 මුලතිව්හිදී හමුදාවට යටත් වූ එල්.ටී.ටී.ඊ. නයකයන් අතර එලිලන්ද සිටි බැව් වාර්තා විය. ඉන්පසු ඔවුන් පිළිබ`ද කිසිදු තොරතුරක් නොමැති වූ  අතර සියල්ලන් අතුරුදහන් වූවන් ලෙසින් සැලකිණි. අතුරුදහන්වූ තම සැමියා පිළිබ`ද තොරතුරු ලබා දෙන මෙන් ඉල්ලමින් ආනන්දි දැවැන්ත ප‍්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියාය. එමගින් දේශීය හා විදේශීය වශයෙන් අවධානය දිනාගැනීමට මෙන්ම දෙමළ ජනයාගේ අනුකම්පාව දිනාගැනීමට ද ආනන්දි සමත්වූවාය.

SLD_20150621_A020
ඇයගේ ප‍්‍රසිද්ධිය ප‍්‍රයෝජනයට ගත් දෙමළ ජාතික සන්ධානය 2013 පැවැති උතුරු පළාත්සභා මැතිවරණයට ඉලංකෙයි තමිල් අරසු පක්ෂ අපේක්ෂිකාව ලෙස ආනන්දි ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. එහි ප‍්‍රතිඵලය වූයේ උතුරු පළාත් මහඇමති විග්නේස්වරන්ට පසු වැඩිම මනාප ලබා ගනිමින් ඇය උතුරු පළාත් සභාවට තේරී පත්වීමය. පසුකාලයේ දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් කි‍්‍රයා නොරිස්සූ ඇය ස්වාධීන පිළිවෙතක් අනුගමනය කළාය. ඉලංකෙයි තමිල් අරසු පක්ෂය විනයානුකූල හේතුවක් මත ඇයට තහනමක් මේ වන විට පනවා ඇත්තේ එහෙයිනි. එහෙත් එමගින් ආනන්දිගේ ප‍්‍රසිද්ධිය ලබාගැනීමේ කි‍්‍රයාදාමයට අකුල් හෙළනු නොහැකිය.


පසුගිය දිනවල ආනන්දි සසිදරන් මතභේදකාරී ප‍්‍රකාශ දෙකක්  ඉදිරිපත්කොට තිබිණි. ඉන් පළමුවැන්න වූයේ තම සැමියා වූ සින්නතුරෙයි සසිදරන්හට යුක්තිය හා සාධාරණය ඉටු නොවන්නේ නම් ජිනිවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මුලස්ථානය ඉදිරිපිට දිවි නසා ගන්නා බවට කළ ප‍්‍රකාශයයි. දෙවැන්න  හිටපු තමිල්නාඩු මහා ඇමතිවරයා වූ මුතුවේල් කරුණානිධිගේ දියණිය වන ඉන්දියානු රාජ්‍ය සභා මන්තී‍්‍රනී කනිමෝෂි, එලිලන්හට හමුදාවට යටත්වන ලෙසින් උපදෙස් දී ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන බවට පොරොන්දුවක් දුන් බවට ඇය කළ ප‍්‍රකාශයයි. මෙම ප‍්‍රකාශය තරයේ ප‍්‍රතික්ෂේප කළ කනිමෝෂි, එලිලන් යනු කවරකුදැයි එකල තමා දැන නොසිටි බවද කියා සිටියාය. කෙසේ වුවද කනිමෝෂි සමඟ ඇතිකරගත් අර්බුදය උපයෝගී කර ගනිමින් ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය ස`දහා කිසියම් ප‍්‍රසිද්ධියක් හා ප‍්‍රචාරයක් අත්පත් කර ගැනීමට ආනන්දි වෑයම් කළාද යනුවෙන් සැකයක් මතුවෙයි.


මැතිවරණයේදී යාපනය දිස්ති‍්‍රක්කයේ ඡුන්ද පදනම වර්ධනය කර ගැනීමටත්, අන්තගාමී දෙමළ ඩයස්පෝරාවෙන් මූල්‍යමය උපකාර ලබාගැනීමටත් අරමුණු කරගනිමින් මෙවැනි මතභේදකාරී ප‍්‍රකාශ සිදු කළ බවටද සැක කළ හැකිය. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ දෙමළ ජාතික මහජන පෙරමුණේ දේශපාලන කි‍්‍රයාකලාපය හමුවේ මහ මැතිවරණයට ඉලංකෙයි තමිල් අරසු පක්ෂයෙන් නාම යෝජනා ලබාගත හැකි වුවහොත් තමාට විශාල ජයග‍්‍රහණයක් අත්පත් කරගත හැකි බවට ආනන්දි විශ්වාස කරන බවක් පෙනෙන්නට තිබේ. එහෙයින් තම සැමියාගේ නම ප‍්‍රයෝජනයට ගනිමින් ප‍්‍රචාරය ලබා ගැනීමටත්, එමඟින් තම ප‍්‍රතිරූපය වර්ධනය කර ගනිමින් පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරියක ලෙස තේරී පත්වීමටත් ඇය අරමුණු කරගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ. දකුණේ ඝාතනය වූ දේශපාලනඥයන්ගේ වැන්දඹු බිරියන් දේශපාලනයට පැමිණෙන ආකාරයට උතුරේ අතුරුදහන් වූවන්ගේ බිරියන්ද දේශපාලනයට පැමිණෙන්ට උත්සාහ කරන බව ආනන්දිගේ කි‍්‍රයාකලාපය තුළින් පැහැදිලි වෙයි.

 


දේශපාලන අභිලාෂය
ආනන්දි සසිදරන්ගේ දේශපාලන අභිලාෂය සරල කරුණක් ලෙසින් බැහැර කළ හැකි දෙයක් නොවේ. තම පරමාර්ථ සාක්ෂාත් කරගනු ස`දහා එහි පරිසමාප්තිය තෙක් ලූහුබ`දින කාන්තාවක බව ඇයගේ විවේචකයන් පවා පිළිගත් කරුණකි. එලිලන්ට පේ‍්‍රම කිරීමට හා ඔහු හා විවාහ වීමට ඇය  ගත් දැඩි උත්සාහය ඇගේ අධිෂ්ඨානය පෙන්නුම් කරන්නකි.  ආනන්දි සසිදරන් එලිලන්ගේ බිරිය ලෙසින් කරළියට පැමිණියේ යුද්ධය අවසන් වීමෙන් පසුය. තම සැමියා 2009 සිට අතුරුදහන් වූ බව පවසමින් උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම හමුවේ ඇය ප‍්‍රකාශයක් කළාය. එහිදී ඇය කියා සිටියේ තම සැමියා  මුලතිව් දිස්ති‍්‍රක්කයේ වට්ටවාහල් ප‍්‍රදේශයේදී ආරක්ෂක අංශවලට යටත්වනු සියැසින් දුටු බවයි. තම සැමියා වන එලිලන් තවත් ජ්‍යෙෂ්ඨ එල්ටීටී.ඊ නායකයන් පිරිසක් සමඟ යටත්වීමට ගිය අවස්ථාවේ ඇයත් දරු තිදෙනාත් ඔවුන් පසුපසින් ගිය බවද ඇය බීබීසී ලෝක සේවයේ දෙමළ සේවයට ප‍්‍රකාශ කොට තිබුණාය.  හමුදාව තම සැමියා ‘මාවිල්ආරු එලිලන්’ ලෙසින්  හ`දුනාගෙන සිටි බවද ඇය කියා සිටියාය. එලිලන් පසුව නිදහස් කරන බවත් ඇයටද අනෙකුත් සිවිල් වැසියන් මෙන් බාර වන ලෙසටත් එක් හමුදා නිලධාරියකු ප‍්‍රකාශ කළ බැව් ඇය කියා තිබුණාය. ආනන්දිගේ මෙම ප‍්‍රකාශය හේතුවෙන් ඇය ජනතාව අතර සංවේදනීය චරිතයක් බවට පත්වූවාය. හිටපු එල්.ටී.ටී.ඊ නායකයකුගේ බිරිඳක තම සැමියා යටත් වීමෙන් පසු  අතුරුදහන් වී ඇති බවට කොමිසමක් හමුවේ ප‍්‍රකාශ කෙරුණු පළමු අවස්ථාව එය විය.


කොමිසම හමුවේ  සහ මාධ්‍යයට කළ ප‍්‍රකාශ සත්‍ය වුවද අසත්‍ය වුවද එමගින් දැඩි සමාජ බලපෑමක් ඇති කිරීමට ආනන්දි සමත් වූවාය. දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ එල්.ටී.ටී.ඊ හිතකර මාධ්‍යයද මෙයට පුළුල් ප‍්‍රචාරයක් ලබා දීමට කටයුතු කළේය. ඇය උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම ඉදිරියට ගියේ දෙමළ ජාතික සන්ධාන මන්ති‍්‍ර සිවඥානම් ශ්‍රීධරන්ගේ සහය හා උනන්දු කිරීම මත බැව් පසුව හෙළිදරවු විය.


ආනන්දි සසිදරන් උපත ලැබුවේ 1971 සැප්තැම්බර් 10 වැනිදාය. ඇගේ මව්පියෝ යාපනයේ කන්කසන්තුරෙයි සහ චුලිපුරම් ප‍්‍රදේශවලින් පැවත ආ අය වූහ. දරුවන් සය දෙනකුගෙන් යුතු පවුලක පස්වැන්නා වූයේ ඇයයි. ඇයගේ වැඩිමහලූ සොහොයුරිය වූ වසන්ති ඊපීආර්එල්එෆ් සංවිධානයේ සාමාජිකාවකව සිටියාය. 1989දී කුරුම්බසෙට්ටි ප‍්‍රදේශයේදී එල්ටීටීඊ සංවිධානය විසින් ඇය ඝාතනය කරනු ලැබිණි. ඉන් වසර කිහිපයකට පසු ඇයගේ බාල සොහොයුරා එල්ටීටීඊ සංවිධානයට එක්විය. ම`ද කලකට පසු ඔහු අතුරුදහන් වූ අතර සටනේදී මියයන්නට ඇතැයි විශ්වාස කෙරිණි.
(මතු සම්බන්ධයි)

m



අදහස් (0)

ආනන්දි සසිදරන්ගේ රංගනය වින්දිතයකු උදෙසාද? අපරාධකරුවකු උදෙසාද?

පිවිතුරු යහපාල Tuesday, 23 June 2015 03:46 PM

අපිටනම් ඔතන රංගනයකුත් නැහැ..වින්දනයකුත් නැහැ..හිතට දුක එලිලන් එක්ක මෙයත් අතුරුදන් නොවීම ගැනයි..යුද්ධය ජයග්‍රහණය කිරීමේදී සන්නද්ධ අංශය ගැන දැක්වූ සැලකිල්ල මෙන්ම ඔවුන්ගේ දේශපාලන අංශය පිලිබදවත් බළල් අත් පිලිබදවත් හිටපු රජය නිසි සැලකිල්ලක් එදා දක්වුවනම් කල යුතු දේ එදා සම්පුර්ණ කලානම් අද තියෙන ගොඩක් ප්‍රශ්න මේ ආකාරයට ඇති නොවන්නත් මේ විදියේ වහසි බස් අපිට අහන්න දකින්න නොලැබෙන්නත් තිබුන බොහෝ දුරට.. (බ)

:       0       0

චතුර Tuesday, 23 June 2015 07:22 PM

ඒ පුද්ගලයා මේ රටේ අහිංසක මිනිස්සු කී දෙනෙකුගේ ජීවිත වලට වන්දි ගෙවන්න ඕනෑද? (නි)

:       0       0

උපසේන Wednesday, 24 June 2015 09:11 PM

මම කැමතිම අර දේශපාලකයා සම්බන්දයෙන් කරලා තියෙන කීමට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3726 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 440 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1060 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 95 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 183 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 242 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38951 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25525 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1035 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site