IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ආසියාවේ ආශ්චර්ය පඩි ගෙවන්නෙත් ණය අරගෙන

 

එජාපය ඇතුළු විපක්ෂ මැයි රැළි සඳහා එක් වූ අතිවිශාල ජනතාව ගැනත් ජනතාව අද විඳින අධික ජීවන බර, විරැකියාව ඇතුළු පීඩනය මෙන්ම 2014 දී පිහිටුවන බව කියන ආණ්ඩුව ගැනත් එජාප බලවතකු වන දයා ගමගේ එළිදැක්වූ මතවාදයි මේ.

 

 ප‍්‍රශ්නය:- යුද්ධය ජයගත්තද අද මේ රට මේ ආණ්ඩුව යටතේ සමාජ ආර්ථික දේශපාලන හා සදාචාරාත්මක පැත්තෙන් පතුළටම වැටී ඇතැයි එජාපය ඇතුළු විපක්ෂය කියනවා. ඒත් ආණ්ඩුවට එරෙහි එජාප කි‍්‍රයාකාරීත්වය මන්දගාමී බවට එල්ලවෙන චෝදනාවට ඔබ මොකද කියන්නේ?
පිළිතුර:- මේ මතය ඇති කළේ යටි අරමුණු මත කි‍්‍රයාත්මක ඇතැම් ජනමාධ්‍යයි. මේ මාධ්‍ය මාෆියාව හැසිරෙන්නේ ආණ්ඩුව සතුටු කරන්න මිසක් ජනතාව ගැන වගකීමෙන් නෙවෙයි. ආණ්ඩුවේ පිටරට සංචාර, කොම්පියුටර්, කාර් පර්මිට් වගේ බාල ප‍්‍රතිලාභ අරගෙනයි සමහරු ජනතා ප‍්‍රශ්න යට ගහන්නේ. අනික මේ ජනාධිපතිතුමා සියලූ පක්ෂ කඩා බිඳ දමලා ඇතුළේ ප‍්‍රශ්න ඇති කරන්න සමත් වී තිබෙනවා. විපක්ෂය විතරක් නෙවෙයි අද ශ්‍රීලනිපය පවා භේද කරල තියෙනවා. බෙදීම් ඇති කරලා රට පාලනය කිරීමයි අද මේ කරන්නේ.

 


 ප‍්‍රශ්නය:- එදා ජේ. ආර්. කළෙත්  ඕකම නේද?  ඕනෑම ආණ්ඩුවක් මේ උපක‍්‍රමය පාවිච්චි කරනවා. ඊට අහු නොවීම විපක්ෂයේ වගකීම නේද?
පිළිතුර:- ජේ. ආර්. කරපු දේවල් ද අද සිදුවෙන්නේ. එතුමා තමන්ගෙ පවුලට කියල මොකුත් කළේ නෑ. ඒත් අද වෙන්නේ තමන්ගේ පවුලේ අයට සියලූ ධනය බලය ඒකරාශි කිරීමේ දේවලූයි. උතුරු කොරියාවේ ජනතාව දුක් විඳිද්දී එක පවුලක් පරම්පරා ගණනක් ඒ රටේ සාරය උරා බොන ඒකාධිපතිකම මේ රටේත් ඇති කරන්න ජනතාව ඉඩ දෙනවාද? රටේ සියලූ පවුල් දුක් විඳිද්දී එක පවුලක් විතරක් ගොඩනඟන මේ සදාචාරාත්මක නොවූ කි‍්‍රයාවලිය ජනතාව තව හුඟක් කල් ඉවසන්නෙ නැති බව ඒකාන්තයි.

එජාපයේ මන්තී‍්‍රවරුන්ට මුදල් සල්ලි වරප‍්‍රසාද දීලා ආණ්ඩුවට බිලිබා ගත්තා. තවත් අයට එජාපය තුළම ඉන්න කියලා ඔවුන් හරහා ගැටුම් ඇති කරවීමේ පසුබිම නිර්මාණය කළා. අපේ සමහරුන් දැන හෝ නොදැන ආණ්ඩුවේ මේ ලණු කාලා රාජ්‍ය බලය රාජපක්ෂවරුන්ටම දිගටම පවරා දීලා ජනතාවට ද්‍රෝහීවන වැඩ කළ බවට සමහරු සැක පළ කරනවා. එජාපය දිනවන්න වැඩ කරන බව කියමින් මේ අය මේ පහත් කටයුත්ත කළ බවටත් විග‍්‍රහ තිබෙනවා. ඇතැම් ජනමාධ්‍යත් ආණ්ඩුව සතුටු කරන්න ඊට සහාය දෙනවා. ජනතාව දුක් විඳිද්දී දේශපාලන කොන්ත‍්‍රාත් මේ අය කරන්නේ.

 


 ප‍්‍රශ්නය:- පක්ෂයක් ඔළුව උස්සන්න  ඕන එවැනි අභියෝග මැද තමයි. එදා ශ්‍රීලනිපය මුහුණ දුන්නේ අද එජාපයටත් වඩා අසීරු පසුබිමකට වුණත් ඔවුන් සන්ධාන හදලා ඉන් ගොඩ ආවා. එජාපයට ගොඩ එන්න බැරි ඇයි?
පිළිතුර:- ලිබියාවේ, ඊජිප්තුවේ, ටියුනීසියාව වගේ මෑතකදී ආණ්ඩු වැටුණු රටවල් වලත් ලංකාවේ වගේම සියලූ ජනමාධ්‍ය ඒ තිබුණු ආණ්ඩුවල හොරණෑ වෙලයි හිටියේ. බොරු කියමින් ජනතාව දිගටම රවටන්න පුළුවන් බව ඒ පාලකයො හිතුවත් ජනතාව බුද්ධිමත් බව අන්තිමට ඒත්තු ගියේ ඒ ජනමාධ්‍ය කී බොරුවලට පා පහරදී ජනතාව විසින්ම තමන් අන්දවපු පාලකයන් ගෙදර යැවූ නිසයි. ඊළඟ ඡුන්දයේදී ලංකාවේත් ඒකම කරන්න ජනතාව ඇත්ත මොකක්ද කියලා අද තේරුම් අරගනයි ඉන්නේ. ඒ සඳහා ජනතාව ගම් හා බිම් මට්ටමින් පෙළ ගැස්වීම් කි‍්‍රයාවලිය එජාපය අරඹලා තියෙන්නේ. එදා ජේ. ආර්. කරපු ආකාරයේ ආදර්ශ අදට ගැළපෙන ලෙසයි අපි කරන්නේ. අලූත් සාමාජිකයන් ලක්ෂ 30ක් අපේ ඉලක්කයයි. දැනට ලක්ෂ 10ක් මුල් අදියරේ පහසුවෙන් බඳවාගත්තා. ආණ්ඩුව ඒකට බයවෙලයි ”නිල් රැුල්ල” කියල ප්‍රෝඩාවක් කළේ. ගෙවල්වලට ගියාම මිනිස්සු ඔවුන්ට පොලූ අරන් තිත්ත භාෂාවෙන් හුඟක් තැන්වලදි කතා කරල තියෙන්නේ.

 


 ප‍්‍රශ්නය:- ජනතාවට රටට බලපාන ප‍්‍රධාන ප‍්‍රශ්නවලදී එජාපය කරන මැදිහත්වීම් විරෝධතා හා උද්ඝෝෂණ මදි බව ඇතැම් අයගේ මතයයි. අනික එජාප නායකයා ඉන්නේ ආණ්ඩුව එක්ක බවට පැතිර යන බරපතළ චෝදනාව ගැන ඔබේ ප‍්‍රතිචාර මොනවාද?
පිළිතුර:- ඔය මතය වපුරන්නෙත් ආණ්ඩුව බව ඉතා පැහැදිලියි. ආණ්ඩුවට වක‍්‍රව උදව් කරන මාධ්‍යත් ඒ නිසා ඔය පහත් හා වැරැුදි මතය ප‍්‍රචාරය කරනවා. ආණ්ඩුවේ නායකයිනුත් උපක‍්‍රමශීලීව මේ වැඬේ කරනවා. නායක තුමාට නිල කටයුත්තකට ආරාධනා කළාම අරලියගහ මන්දිරයට යන්න වෙනවා. එතනදී කළු කෝපි බොන්න දීලා ඒකෙ පින්තූර අරන් පත්තරවල හා ජනමාධ්‍යවල පළ කරනවා. කළු කෝපි බීපු බව දේශපාලන තීරු ලිපිවලට ආණ්ඩුවෙන්ම දෙනවා. මේ පහත් දේශපාලනය නොදත් අසරණ ජනතාව වැරැදි අවබෝධ ලබාගන්නවා.

ජේ. ආර්. කේන්ද්‍රයේ රැස්වීමකට එජාප නායකතුමා ඔය මන්දිරේට ගිය වෙලාවෙ පාසල් ළමයි පිිරිසකුත් මන්දිරේ බලන්න ඇවිත්. ජනාධිපතිතුමා අපේ නායකතුමා එක්ක එකට ඇවිත් ඒ ළමයි හමුවෙලා ඒ දර්ශන හා ඡායාරූප මාධ්‍යවල පළ කළා. එතනදීත් සමහරු නායකතුමා ගැන බොරු පැතිරෙව්වා. ආණ්ඩුවයි මේවා ප‍්‍රචාරය කරලා බොරු මත සමාජය තුළ ඇති කරන්නේ. ඵල ඇති ගහටයි ගල් ගහන්නේ. මේ වැටුණු ආර්ථිකය ගොඩගත හැකි එකම පුද්ගලයා මෙන්ම ජාත්‍යන්තර ලෙස හිරවී ඇති මේ රට බේරාගත හැකි එකම පුද්ගලයා  එජාප නායකයා නිසයි ආණ්ඩුව එතුමා වට්ටන්න මේ පහත් වැඩ කරන්නේ කියලා ආණ්ඩුවේ කළ කිරුණු ඇමැතිවරුම අපට කියනවා. ආණ්ඩුවේ ඇමැතිවරු 58ක් එජාපයට එකතු වෙන්න සූදානම්. වෙලාව එනතෙක් ඔවුන් ඉන්නේ.

ජනතාවට, රටට අසාධාරණය කරමින් සියලූ පවුල් අනාථ කරමින් එක පවුලක් තරවීම ගැන ආණ්ඩුව තුළම දැඩි විරෝධයක් තියෙනවා. යුද්දෙන් පස්සෙ 5000ක් අතුරුදන්වූ රටක් මේක. මාධ්‍යකරුවන් 44ක් ඝාතනය වූ හුඟ දෙනෙකුගේ කකුල් කඩපු, මාධ්‍ය ගිනි තියපු ඊට වගකිවයුතු කිසි කෙනෙක් පොලීසිය ඇල්ලූවෙ නැති පුදුම රටක අපි මේ ඉන්නේ. අද මේ රටේ නීතියක් තියෙනවද? අධිකරණ කොමිසමේ ලේකම්ට පහර දෙන, අග‍්‍ර විනිශ්චයකාරවරියට අසභ්‍ය වචනයෙන් බනින ඇමැතිවරු ඉන්න, ඇයව අයින් කරලා නීතිය පවා හෑල්ලූ කරන රටක් බවට ලංකාව අද පත්වෙලා. මේ රටේ නීතිය ගැන ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, හොරකම් ආදිය ගැන ලෝකය ප‍්‍රශ්න කරන්නෙ ඒකයි.

එජාපය හරි වෙලාවටයි වැඬේට බහින්නෙ. වෙසක් එකට මිසක් සිංහල අවුරුද්දට තොරන් ගහල හරියන්නෙ නැහැ. දේශපාලනය හා ආණ්ඩු පෙරළීමත් හරියට ඒ වගෙයි.

 


ප‍්‍රශ්නය:- නමුත් දැන් අධික ජීවන බර, අධික විරැකියාව, අධික විදුලි බිල වැඩි කිරීමත් ඒ තුළ සියලූ භාණ්ඩ හා සේවාවල මිලත් ජනතාව පිට පැටවීම සඳහා ආණ්ඩුව කටයුතු කිරීමත් ඒ පසුබිම තුළ ප‍්‍රවාහන ගාස්ත, ජල බිල ආදි අනෙකුත් සියලූ බරත් ජනතාව පිට පැටවෙන නිසා ඔවුන්ට ආණ්ඩුව තිත්තවී තිබියදී එජාපය ඊට එරෙහිව කළ විරෝධතා ප‍්‍රමාණවත්ද?
පිළිතුර:- විධායක බලය, 2/3 බලය තියෙනවා කියන ආණ්ඩුව අප හමුවේ අකුලාගත් අවස්ථා එමටයි. ඊ.පී.එෆ්. හා ඊ.ටී.එෆ්. අරමුදල්වල ඇති වැඩ කරන ජනතාවගේ මුදල්වලට සුද්දය දෙන්න ආණ්ඩුව හැදුවේ පෞද්ගලික අංශයට විශ‍්‍රාම වැටුපක් ගේන බව කියමිනුයි. එජාප ඇතුළු විපක්‍ෂයත් වෘත්තිය සමිතිත් ඒක පරාජය කළේ නැද්ද? 

විදුලි බිලක් දෙකක් ගෙවලා මේකේ අමාරුව ජනතාවට දැනෙන්න දීලයි ජනතාව දැනුවත් කළ යුතුව තිබුණේ. ජනතාව රවටන්න මේ අය දක්ෂයි.
මේ ජනාධිපතිතුමා කම්කරු ඇමැතිව ඉන්න කාලේ ”කම්කරු ප‍්‍රඥප්තිය” ගෙනැත් සේවක අයිතීන් සුරකින බවට ජනතාව ඇන්දුවා. චන්ද්‍රිකා මැතිනිය මේක ගේන්න ඉඩ නොදෙන බව එදා කිව්වා. දැන් එතුමා ජනාධිපතිතුමා නිසා කම්කරු ප‍්‍රඥප්තිය ගේන්න කියල අපි මතක් කරනවා. කම්කරුවන්ට සැබෑ ආදරේ නම් එතුමාට එය කළ හැකියි. ඉන්ධන මිල වැඩි කළාම ධීවරයො පාරට ආවාම ආණඩුව වෙඩි තියල දෙන්නෙක් මැරුණා. විශ‍්‍රාම වැටුපට විරුද්ධව නැගී සිටි එක් අයෙක් ඝාතනය කළා.

ජනාධිපතිතුමාගෙ ප‍්‍රධානත්වයෙන් විදුලි බිල වැඩි කරන යෝජනාව කැබිනට් එක සම්මත කරල ජනතාව පිට ඉතිහාසයේ ලොකුම ලයිට් බිල පැටෙව්වා. හැම අතින්ම මේකට විරෝධතා නැෙඟන කොට දැන් බිල අඩු කරන්න ජනාධිපතිතුමා උපදෙස් දුන්නා කියල ආණ්ඩුව කියනවා. කැබිනට් එක මේක සම්මත කරන කොට එතුමා හිටියෙ කුස්සියේ හැංගිලාද කියල කවුද ටී.වී. එකක ඇහුවා. ජනතාව පිට බර පටවනවා මදිවාට ගොනාට අන්දන එකත් මේ පාලකයො ජයට කරනවා. අනික රු. 1000 කින් විතර විදුලි බිල වැඩි කරලා රු. 10 කින් බිල අඩු කිරීම ලොකුම විහිළුවක්. මොකද මිනිස්සු තණකොළ කන බවයි මේ පාලකයො හිතන්නේ. මේ ආණ්ඩුව මේ තරම් අපට රිදවද්දී අපි රැවටෙන්නෙ ඇයි කියලයි ජනතාව දැන් හිතන්න  ඕනෑ.

අද ජනතාව පිට බර පටවන ගමන් ආණ්ඩුව ජනතා මුදල් විනාශ කරන විධිය පුදුමාකාරයි. ක්ලබ් එකක් හදාගෙන ටී.වී, චැනල් එකකුත් අරඹලා රැට ලයිට් දාගෙන කාර් රේස් පදිනවා. ලැම්බෝගිනි රේසිං කාර්වල බදු බින්දුවටත්, සී. සී. 1000 මෝටර් සයිකල්බදු රු. 2500ටත් බස්සලා කාර් හා මෝටර් බයිසිකල් රේස් පදින්නයි හදන්නේ. ඒත් ජනතාව මිලට ගන්නා කාර් හා සයිකල්වලට ලක්ෂ ගණන් බදු ගහනවා. හිතවතුන්ට තීරු බදු නැති වාහන පර්මිට් දීලා කෝටි 5700ක් ආණ්ඩුවට පාඩු වෙලා. දුප්පත් ජනතාවටයි මේවා ගෙවන්න වෙලා තියෙන්නේ. දුප්පතාට ගහලා ඔවුන්ගේ සල්ලි සූරාගෙන ධනපතින්ට සැළකීම මේ ආණ්ඩුවේ පිළිවෙතයි. දුප්පත් ජනතාව එළවා දමලයි ආණ්ඩුව ඉඩම් අල්ලන්නේ.

 


 ප‍්‍රශ්නය:- මෙවර ”දැයට කිරුළ” තිබුණේ අම්පාර ප‍්‍රමුඛ නැගෙනහිර ප‍්‍රදේශය තුළයි. ඒ හරහා ප‍්‍රදේශයට ඇතිවූ ප‍්‍රගතිය ගැන මොකද කියන්නේ.
පිළිතුර:- ගියවර අනුරාධපුරේ දැයට කිරුළට කෝටි 2500 ක් වැය වුණා. අද එතන ඇත්තේ හිස් ඉඩමක් විතරයි. මෙවර කොච්චර කෝටි ගණනක් වැය කළාද කියල තාම කවුරුවත් දන්නෙ නැහැ. ඒත් කෝටි ගණන් හොරකම් කිරීම් ගැන නම් පත්තරවල පළවුණා. අම්පාරේ පාරවල් නම් හැදුවා. අම්පාරේ කොන්ත‍්‍රාත් සංගමයක් තිබුණත් එක් අයකුටවත් සුළු කොන්ත‍්‍රාත් එකක් ලැබුණෙ නැහැ. තංගල්ලෙන් තමයි කොන්ත‍්‍රාත්කාරයො ආවේ. ගල් පවා පිටින් ගෙනාවේ. හාඩි ආයතනයට අලූත් ගොඩනැගිල්ලක් ලැබුණා. තිබුණු ගොඩනැගිලිවල තීන්ත ගෑවා. එච්චරයි. ඊළඟට විදුලි බුබුලූ ලක්ෂ 50ක් විතර පත්තු කරලා විදුලි මණ්ඩලේට බර පටවලා සැණකෙළි පවත්වපු එකයි කළේ. අම්පාරට නැගෙනහිරට හෝ ඒ ජනතාවට දැයට කිරුළෙන් ලැබුණු දෙයක් තියෙනවද මට තේරෙන්නෙ නෑ. වැය වූ මුදල රු. කෝටි 6000ක්වත් වෙන්නැති කියලයි නිලධාරීන් කියන්නේ. ”දැයට කිරුළ” කියන්නේ නාස්තියට කියන තවත් නමක්. පේ‍්‍රමදාස මැතිතුමාගෙ ගම් උදාවෙන් ඒ පළාතට පාරවල් හා ගෙවල් 600ක්වත් හැදුවා. රාජ්‍ය ආයතන හැදුවා. මේකෙ ඒ මොකුත් නෑ.

2001 එජාප ආණ්ඩු කාලේ මේ රටට ලෝක බැංකු ආධාරයක් ලැබුණා. මුළු රටේම අලි වැටවල් ගහන්නයි ඒක ලැබුණේ. මමත් ඒ මුදල් ලබාගන්න සම්බන්ධ වුණා. එජාප ආණඞ්ුව පෙරළුණා. ඒ මුදල්වලින් 50%ක්වත් මේ ආණ්ඩුව පාවිච්චි කළේ නෑ. අනිත් මුදල් වාෂ්ප වෙලාද? අලින් අතින් හැමදාම මිනිස්සු මියයාම හා දුප්පත් අයගේ ගෙවල් විනාශ වීම ගැන මේ ආණ්ඩුව වග කිව යුත්තේ ඒකයි. මේ ආණඩුව හැම වසරකටම රු. කෝටි 15,000ක් විතර ලෝකයට ණය වෙනවා. 1948 සිට 2005 දක්වා හිටපු සියලූ ආණ්ඩු ලබාගත් ණය මෙන් හතර ගුණයක් 2005 සිට මේ දක්වා මේ ආණ්ඩුව ණය අරන් රට උගස් කරල තියෙන්නේ. ආසියාවේ ආශ්චර්ය ගැන කයිවාරු ගහන ආණ්ඩුව රජයේ පඩි ගෙවන්න රු. කෝටි 4900ක් අපේ බැංකුවලින් ළඟදී හූරගත්තා. හැම ප‍්‍රමුඛ රාජ්‍ය ආයතනම අද බංකොළොත්. තෙල් සංස්ථාව කෝටි 8900ක් විදුලි මණ්ඩලය කෝටි 7000ක් ශ්‍රී ලංකන් කෝටි 2000ක් ආදි දැවැන්ත පාඩු ලබන්නේ. ආණ්ඩුවට වැඩ පිළිවෙළක් සැලසුමක් නෑ. වැඩ බෑ. හේතුව ඒකයි. ශ්‍රී ලංකන් කෝටි 2000ක් පාඩු ලබන අතරේ තව කෝටි 31,500ක් වැය කරලා ප්ලේන් 10ක් ගන්න හදනවා. කාට හරි මේකෙන් ලොකු කොමිස් කුට්ටියක් එනවා ඇති. රට බංකොළොත් වෙලා තියෙද්දී මේ වගේ වැඩ වලට ප‍්‍රමුඛතාව දෙන්නේ ඒකයි. මේ රටට තව ගුවන් තොටුපළවල් තව නව කි‍්‍රකට් කී‍්‍රඩාංගණ වරාය හදන්න කලින් සම්පූර්ණ කළ යුතු කොච්චර දේවල් තියෙනවද? රටේ අවශ්‍යතාවට වඩා තම සාක්කුව ගැන බැලීම අද පවතින ඛේදවාචකයයි. මේවා අසාර්ථක වුණාට ජනතාවට බර ගෙවන්න වෙනවා. අපි විරුද්ධ ඒකටයි. ආණ්ඩුව මෙච්චර ජනතාව තලා පෙලා ජනතා මුදල් හොරකම් කරද්දී සන්ධාන මැයි දින පෙළපාලි ගිය අය තමන් ගැන ලැජ්ජා වෙන්න  ඕනෑ. ඒත් මෙවර එජාප ඇතුළු විපක්ෂයේ රැලි අති සාර්ථකයි. ජනගඟක් ගැලූවා. සියලූ පිරිස් එකතු කරගෙන 2014 දී අපි ආණ්ඩුවක් පිහිටුවලා ලෝක සහායත් අරන් ශීඝ‍්‍රයෙන් රට සංවර්ධනය කරනවා. ජනතාවට සහන දෙනවා. පවුල්වාදි දේශපාලනයට මෙන්ම හොරකමටත් තිත තබනවා. මේ ජයග‍්‍රහණයට බාධා කරන අය ඉන්නවා නම් ඔවුන් හළලා හෝ ජනතාව වෙනුවෙන් අපි ඉදිරියට ගිහින් ආණ්ඩුවක් හදනවා. 

 

 

සංවාද මෙහෙවර - අශෝක ජයතුංග

 

 

 



අදහස් (0)

ආසියාවේ ආශ්චර්ය පඩි ගෙවන්නෙත් ණය අරගෙන

සුකිරි Tuesday, 07 May 2013 09:37 AM

94 බලයට පත් උන අය මෙයාලගේ වැරදි කියල බලේට ආවා. ඒ කියපු වැරදි ඇත්ත. 94 ආණ්ඩුවේ වැරදි ටික 2002 කියලා දැන් ආණ්ඩුවේ ආයෙම බලේට ආවා. සුද්දා ගිය දා ඉදන් වෙච්ච දෙයක් නම් නැහැ. ඔක්කොම අපටයි කොලේ වහන්නේ. දීපු දඩුවමක් නැහැ.(නදී)

:       0       0

ගාමිණී Tuesday, 07 May 2013 08:34 PM

එයාට වැඩිපුර දුක ඇයි දන්නෙ නැහැ (නි)

:       0       0

ලසන්ක Tuesday, 07 May 2013 09:40 AM

මේ කියන දේ සහතික ඇත්ත උනත් මන් මේ ප්‍රශ්නේ අහන්නේ මේ රටේ දේසපාලන හුනියමේ හැටි පෙන්වන්න. අර කොටින්ට හිල්ටන් හෝටලේදි සල්ලි දීම, ගම උදාවේ හොරකන්, මහවැලි වියාපාරෙන් පස්සේ ආසියාවේ ලොකුම පොහොසතා බිහිවීම ගැන මොකෝ කියන්නේ.(නදී)

:       0       0

පාල Tuesday, 07 May 2013 09:43 AM

කවුරුත් අහල තියනවද 18 වෙනි සියවසේ ඉතාලියේ හිටපු නිකොලොයි මැකියාවෙලි කියන දාර්ශනිකයා. අන්න එයාගේ දර්ශනේ තමා අපේ පක්ෂ විපක්ෂ දේසපාලකයන්ගේ දර්ශනයත්."කුමාරයා" කියන එයාගේ පොත කියෙවුවොත් ඔක්කොම තියනවා. ලෝකේ කිසි රටක් එයාගේ දර්ශනේ අනුගමනේ නොකරයි.(නදී)

:       0       0

රූපා Tuesday, 07 May 2013 09:47 AM

අපටත් ඕන දුෂිත පාලකයෝ අයින් කරන්න තම.නමුත් ඊළගට පත්වෙන උදවිය දුෂිත නැහැයි කියල කොහොමද විස්වාස කරන්නේ. අපිට තේරෙන විදියට කිසිම වෙනසක් නැහැ.ඔක්කොගෙම කථා විතරයි.(ස)

:       0       0

දිසානායක Tuesday, 07 May 2013 11:26 AM

ඇත්ත රුපා. ඔවුනුත් එකයි. මොවුනුත් එකයි. ඔය කෑගහන අය කරපුව තමයි අද මේ රටට මෙහෙම වුනේ. (ස)

:       0       0

සෙනරත් Monday, 06 May 2013 11:45 PM

කතාව ඇත්ත වෙන්න ඇති. මෙයාලා කියන්නේ අපිව පත් කරගන්න, එතකොට ප්‍රශ්නය විසදෙනවා කියලනේ. හරියට අර කවුද ඇහුවලු ලංකාවේ බුදු දහම ආරක්ෂා කරන්න බෞද්ධ අපි මොනවද කළ යුතු කියලා. ඔක්කොම කිව්වේ හලාල් තහනම් කරමු... වගේ යෝජනා. කවුදෝ කෙනෙක් කිව්වලු පන්සිල් පද 5 රකිමු කියලා. ඔක්කොම එකතු වෙලා එයාව එලියට පැන්නුවලු. මනස වල්මත් කරගන්න එපා (නි)

:       0       0

සුජීව Thursday, 09 May 2013 03:49 PM

දයා මහතාණෙනි , මේ වගේ අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාස කිරීම ගැන ඔබට ගොඩක් තුති. මතු අනාගෙත දී ශ්‍රේෂ්ට ශ්‍රී ලංකාවක් ගොඩනගන්න.(නදී)

:       0       0

තුසිත Thursday, 09 May 2013 11:41 PM

ඔබතුමාලගේ පක්ෂය බලයේ ඉන්න කාලවල කරපු දේවලුත් ඉතින් දැන් වෙන දේවල් වලට දෙවෙනි නැහැ. පසුගිය අවුරුදු කිහිපයේ ඔබතුමන්ලාගේ ක්‍රියා කලාපය අනුව, ඔබතුමන්ලා බලයට ආවත් වෙනසක් වේ යැයි මා හිතෙන්නේ නැහැ. (නි)

:       0       0

ආලෝක Saturday, 11 May 2013 01:27 AM

ඒකට ඔයාලගේ පඩි ඇතලත් නමුත් මගේ නම් නෙමේ.(නදී)

:       0       0

චූලා Tuesday, 07 May 2013 09:35 AM

පොදුවේ ලංකාවේ පක්ෂ විපක්ෂ දෙසපලනෙට හේතුවක් ඇතත් නැතත් මන් නම් විරුද්දයි. මේ කියන කතාව ඇත්ත උනත් අපිට අමතක නැහැනේ 94 පෙර තත්වේ. 94 පසු තත්ත්වෙත් අමතක නැහැ.දැන් තත්ත්වෙත් හොදට දන්නවා. අන්තිමට බලද්දී හැමදාම එක වගේ තමයි වැඩ ටික වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 24 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5617 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 802 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1383 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 124 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 209 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25586 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site