කේ‍්‍රම්බි‍්‍රජ් හි ආදිපාදවරිය වන කේට් මිඞ්ල්ටන් වෙනුවෙන් ”රෝයල් ප‍්‍රින්සස්” නමින් නැවක් භෞතිස්ම කිරීමේ උළෙල පසුගියදා සැම්ප්ටන්හි සාගර වේදිකාවක් මතදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. මෙම නැව භෞතිස්ම කිරීම සිදුකෙරුණේ කේට් මිඞ්ල්ටන්ගේ ප‍්‍රධානත්වයෙනි.
|
රෝයල් ප‍්‍රින්සස් නෞකාව |
|
නැව දියත් කළ මොහොතට එක්වූ කේට් කුමරිය |
කේට් කුමරිය ජූලි මාසයේදී කුළුඳුල් දරු උපත බලාපොරොත්තුවෙන් සිටින්නීය. ඊට පෙර ඇය තනිව සහභාගි වන ප‍්‍රසිද්ධ උත්සවය එය බැව් රාජකීය ප‍්‍රකාශකයෙක් පැවසීය.
1984 දී කේට් ගේ නැන්දම්මා වූ ඩයනා කුමරිය විසින් රෝයල් ප‍්‍රින්සස් නමින් නැවක් භෞතීස්ම කරන ලද්දේ ද එම ස්ථානයේදීම ය.
මේ අවස්ථාවේ කේට් කුමරිය හැඳ සිටියේ පවුම් 169 ක් වටිනා ඩැල්මේෂන් මෝස්තරයක් සහිත කබායකි. ඇය විසින් පවුම් 1250 ක් වටිනා ෂැම්පේන් බෝතලයක් සම්ප‍්‍රදායානුකූලව බිඳ දැමීමෙන් අනතුරුව නැව දියත් කරනු ලැබිණි. ඉන් අනතුරුව ඇය නැවේ කාර්ය මණ්ඩලය ද හමු වී ඔවුන් සමග සුහදව කතාබහ කළාය. එහි කපිතාන් ලෙස සේවය කළේ ටෝනි ඩ‍්‍රැපර් නමැත්තෙකි.
ඔහු සමග සුහදව කතා බස් කළ කේට් ආදිපාදවරිය දෙදහ වසරේ යෙදුණු මුහුදු සවාරියක මතකයද සිහිපත් කළාය.
රෝයල් පි‍්‍රන්සස් නෞකාව සිය මංගල ගමන ගියේ බාසිලෝනාවටය.
මම මීට කලින් සැම්ප්ටන් වරායට ගිහින් තිබුණත් මේ වගේ නැවකින් එහි ආ පළමු අවස්ථාවයි.
සෑම්ප්ටන්හිදී වරාය අධ්‍යක්‍ෂ මොරිසන් හමුවූ මොහොතේ දී කේට් ආදිපාදවරිය පැවසුවාය.
රෝයල් ප‍්‍රින්සස් නම් වූ මෙකී නෞකාව අඩි 1082 ක් දිග වන අතර මගීන් 3600 ට ගමන් කළ හැකියි. කී‍්‍රඩාගාර, කැසිනෝ කාමර, ස්පා ආදියෙන්ද සමන්විත මෙම නෞකාව තුළ අඩි 28 ක් දිග වීදුරු පතුලක්ද තිබේ. ඉන් මුහුදු පත්ල නැරඹීමට ලැබීම සංචාරකයකුට ලැබෙන අපූරුතම අවස්ථාවකි.
ශාන්ත කුමාර විතාන
|
නැවේ ඇතුළත... |
|
නැවේ අවන්හල |
|
නැවේ කාර්ය මණ්ඩලය හමුවී... |
|
කපිතාන් සමග |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ මෙයා මාත් එක්ක අවුරුදු තුනකට කලින් දවසට පැය හතර පහක් ඔන්ලිනේ චැට් කරලා හොදට විනෝද වුන කෙල්ලෙක්නේ.(නදී)
අනේ මම මොකද කරන්නේ මට දුක හිතනවා අප්පා! (නි)
මිථ්‍යදෘෂ්ටික උනත් සත්වයන්ට පින් විපාක දෙනකොට මෙහෙම තමයි. සියල්ල නිත්‍ය වුණා නමි මේවා කරන එකේ වරදක් නෑ.(නදී)
අනුන්ගේ දේවල් අපිට මොකටද ? (නි)
ඔය 77 ක ආච්චි කෙනෙකුත් කසාද බදින්න හොයන කාලේ, හොද නැද්ද ,කල්පනාට එඩින්බරෝ ආධිපාදව පොඩ්ඩක් හදුන්වලා දුන්නොත්! (නි)
ඔබ රටට වාසනාවක් දෙවි පිහිටයි.(නදී)
අනුන්ගේ දේවල් අපිට මොකටද ? තමන්ගේ වැඩක් බලා ගනිල්ලා.(නදී)
සිතාරා ඔබට තියෙන්නේ ඊර්ෂ්‍යාවක්..... මම විලියොන්ගේ ඇගේ එල්ලිච්ච නිසා..... මට ඊර්ෂ්‍යා නොකර ඔබ හැරියාව අල්ලා ගන්න.... බැරි වුනොත් අපේ මාමන්ඩියා චාර්ස්ව උනත් කමක් නැහැ..... (අ)
සිතාරාගේ කොමෙන්ට් එක දැකලා කේට්ට හොදටම දුක හිතිලා.... කේට් කියනවළු මහා රැජීන අකමැති වුනත් කමක් නැහැ සීතාරා එයාට අකමැති වෙච්ච එකට දුකයි කියලා......(අ)
කෙනෙක් ඇතුව උපදින්නත් තව කෙනෙක් නැතුව උපදින්නත් පෙර කළ කර්මය බලපානවා. අපි සැවොම බුදු දහමට අනුව හැසිරිය යුතුයි (නි)
පැන්ටාට රජකුමාරයෙක් බැඳගන්න බැරි උනානේ!(නදී)
පව්, නැවක් විතරද නම් කලේ, අපේ රටේ නම් රජ කෙනෙකුට තමන් කැමති ඔනේ දෙයක් කිසිම අපහසුවකින් තොරව නම් කරගන්න පුලුවන්.(නදී)
දැක්කද ලංකාවේ මැණික් ගල දාපු මුද්ද. මෙයා ඒක වැදගත් උත්සව වලට දානවා.(නදී)
ඔව් මමත් සිතාරාට වැඩිය කැමති නැහැ.(නදී)
මම නම් මෙයාට වැඩිය කැමති නැහැ. (දී)
අනේ මේ උපුල් , අනුන්ගේ පට්ටන්දර හොයන්නේ නැතුව තමුසෙගෙ පව්ලේ දෙයක් බල ගන්නවා (අ)
ඩයනා ඇන්ටි තරම් ෆන් ගත්ත කෙල්ලෙක් කොහෙද වෙන රජ පව්ලේ ඉන්නේ ? (අ)
අපෝ නැවක් විතරද නම් කලේ? මෙහේ නම් වරායවල්, රගහලවල්, මාවත්, තොටුපල්වල් ඕනෑතරම් තිබෙනවා, එක එක්කෙනාගේ නමින් (නි)
ඩයනාට කව්ද පව් කියන්නේ? එයා රජ පවුලට නොගැලපෙන මොන තරම් නොහොබිනා දේවල් කළාද? (දී)
අපෝ මෙයාට නැවක් විතරයිනේ තියෙන්නේ. අපේ අයට නම් හැමදේම තියනවා (දී)
කේට් හරිම වාසනාවන්තයි. ඒත් ඩයනා කුමරිය පවු (නි)