ලෝකයේ බලවත්ම රාජ්‍යයේ ජනාධිපතිවරයා ලොව බලවත්ම පුද්ගලයා ලෙස සැළකේ. වර්තමානයේ මේ තනතුර හොබවන බැරක් ඔබාමා වත්මන් ලෝකයේ බලවත්ම පුද්ගලයාය. අති සුඛෝපභෝගී පරිසරයක ජීවත් වෙමින් මහත් සැප සම්පත් අත්විඳින බැරක් ඔබාමා ප‍්‍රථම පන්තියේ අති සුඛෝපභෝගී ගුවන් යානාවලින් ගමන් බිමන් යයි. එහෙත් ඔහුගේ අඩ සොහොයුරු ජෝර්ජ් ඔබාමා අපකීර්තිමත් දුක්ඛිත ජීවිතයක් ගෙවමින් සිටින්නේ අපි‍්‍රකා මහද්වීපයේ කෙන්යාවේ මුඩුක්කු අතරය. මත්පැන් පානයට හා මත්කුඩුවලට දැඩි සේ ඇබ්බැහි වී සිටින ජෝර්ජ් ඔබාමා තම සොහොයුරා ඇතුඑ ඥාතීන්ට හදිසියේම ලැබුණු අසීමිත වූ බලයේ පී‍්‍රතිය භුක්ති විදිමිනි. ජෝර්ජ්ගේ වයස අවුරුදු 30 කි. අධික ලෙස කොකේන් පානය කර නැගිට ගැනීමට නොහැකිව වකුටුවී සිටි ජෝර්ජ් පවසන්නේ තමන්ට ලැබී ඇති වාසගම මහත් වදයක් බවයි. ඇමරිකාවේ ජනාධිපතිවරයාගේ සොහොයුරා වීම ආඩම්බරයට කාරණයක් විය යුතු වුවද හෙතෙම කෙන්යා වැසියන් අතර උසුඑ විසුඑ වලට භාජනය වන්නේ ඔබාමා යන වාස ගම කරදරයක් බව සනාථ කරමිනි. තනි කාමරයක් සහිත කුඩා කුටියක් වැනි මුඩුක්කු නිවසක දිවි ගෙවන ජෝර්ජ් ශක්තිමත් උසැති සිරුරකට හිමිකම් කීව ද මත්කුඩු පානය නිසාම දැන් ඔහු ජරාජීර්ණ මිනිසකු බවට පත්ව සිටී. දුක්ඛිත ජීවිතයක් ගතකරන මේ මිනිසාට දැන් ජනාධිපති යන විකට නමක් ද පටබැඳී තිබේ. ඔහුගේ නිවසේ සහ එලිපත්තේ සුන් බුන් විසිරී ඇත. රැය පුරා මත්පැන් පානය කර දවල් වී අවදිවන ඔහු උදෑසන ආහාරය සඳහා පල්වී ගඳ ගසන කැළි කසළ ගං`ගාවල් මතින් පැන යන විට එහි සෙල්ලම් කරන කොලූ ගැටයෝ පවා ඔහුට සමච්චල් කරති. බැරක් හුසේන් ඔබාමා හෙවත් ඇමරිකාවේ ජනාධිපතිවරයා කෙන්යාවේ ජනපි‍්‍රයම පුද්ගලයා බවට පත්වුව ද මේ දුක්ඛිත මිනිසා හෙවත් ජෝර්ජ් හුසේන් ඔබාමා දැන් වැදගැම්මකට නැති මිනිසකු බවට පත්ව තිබේ. ඇමරිකාවේ ප‍්‍රථම කඑ ජාතික ජනාධිපතිවරයා වූ බැරක් හා ජෝර්ජ් යන දෙදෙනාගේම පියා එක් පුද්ගලයෙකි. හවායි දුපතේ උපත ලද බැරක් ඔබාමා ඔහුගේ පියාගේ ඇමරිකානු බිරිඳ හෙවත් දෙවැනි විවාහයේ දරුවාය. ජෝර්ජ් ඔහුගේ හතරවැනි විවාහයේ දරුවා ලෙස උපත ලබා ඇත්තේ කෙන්යාවේදීය. ජෝර්ජ් හුසේන් ඔබාමා දැන් ජාත්‍යන්තර මාධ්‍යයේ කතා බහට ලක්වන පුද්ගලයකු බවට පත්ව ඇත්තේ ඔහුගේ මත්පැන්, මත්කුඩු පානය හා ඇවතුම් පැවතුම් රටාව හේතුවෙන්ම පමණක් නොවේ. ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා දැඩි සේ විවේචනයට ලක්වන වාර්තා චිත‍්‍රපටයක ඔබාමාගේ චරිතයට පණ පෙවීමට ජෝර්ජ් කැමැත්ත දක්වා ඇති බැවිනි. 2012 දී හෝම් ලන්ඞ් හෙවත් වාස භූමිය නමින් නිබන්ධනයක් ලියූ ජෝර්ජ් එය ග‍්‍රන්ථයක් ලෙස ප‍්‍රකාශයට පත්කැර තිබේ. එහි ඔහු සඳහන් කරන්නේ ‘‘ මගේ සොහොයුරා ලෝකයේ බලවත්ම රාජ්‍යයේ නායකයා වීම මට මුඩුක්කු වල සිටින ලෝකයේ දුප්පත්ම ජනතාවගේ නායකයා වීමේ බලාපොරොත්තු ඇතිකරන්නකි. ’’ යනුවෙනි. ජෝර්ජ් ඔබාමා පවසන්නේ තමන් දේශපාලනයට අකමැති වුව ද බොහෝ මිනිසුන් දේශපාලනයේ යෙදෙන ලෙස තමන්ට ඇරයුම් කරන බවයි.
සටහන සහ ඡායාරූප සැපයීම - සජීව විජේවීර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වුණානම් වෙන දේ ඉතිං අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. (නි)
අයියන්ඩියේ නූඔ ඇවිදින් ගිය දවසේ ගිණි ඇවිලුනා කැණිමඩලට අපේ නිවසේ (ස)
අපේ රටත් ඇමෙරිකාව වගේ තිබුණා නම් කොච්චර හොදයිද නේද? (නි)
ඇත්තටම ඔබාමා ඔබ ඒ අතින් ආදර්ශවත්. මල්ලිට සාධාරණ මට්ටමින් උදවුවක් කළාට කවුරුත් බණින්නේ නැහැ, අපේ රටේ වගේ නැතුව. (නි)
මොහුව ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම්ට පත්කරන්න තිබුණනේ (නි)
ඔබාමා නියම නායකයෙක්. (නි)
ඔබාමා වෙලාවට මල්ලිව ලන්කර නොගත්තේ , නැත්නම් මෙලහකටත් කුඩු කාරයෙක වෙලා. මල්ලි උනත් මොකටද කුඩු කාරයෙක් නම්....(ස)
ඉදලා හිටලා පොඩ්ඩක් සතුටු වෙන එකේ වැරැද්දක් නැහැ. (නි)
අපේ රටේ උනානම් ලොකු තනතුරක් දේවි..(ස)
මේක නම් හරිම නරක දෙයක්. (නි)
මම හිතන්නේ ඔබාමාගේ සහෝදරයන්ට මේක ප්‍රශ්ණයක් නෙමෙයි.. දෙදෙනාගේ දක්ෂතාවය අනුව උගත්කම අනුව හැකියාව අනුව. රට කරන රුකියාව අනුව වෙනසක්..!!(නු)
ඉදිරි දිනයක ඔහු නොසිතූවිරූ තනතුරකට පත්වෙන්නත් පුලුවන්. (නි)
ලංකාවේ නම් ඔය ලෑලි ගේ වෙනුවට මලිගවක් දෙයි. හොද වෙලවට ඇමරිකවෙ උනේ .(ස)
මචන්........... ඇමරිකාවේ මිනිස්සු හැමදේම දැකල තියෙනවා. කාල තියෙනවා. ඇදල තියෙනවා. මෙහෙ තමයි කටුස්සන්ගෙ කරේ රත්තරන් බැන්ද වගේ තියෙන්නෙ. .(ස)
ඔබාමට කිරි මල්ලිට කැකිරි.......(ස)
මල්ලි හරි මල්ලි.........(ස)
මගේ දෙයියෝ..... කොහොමද මිනිස්සුන්ගේ දෛවය කැරකෙන හැටි (දී)
මේ ප්‍රවෘත්තිය ඇමරිකාවට යවන්න...(ස)
අනේ පවු. (නි)
අනේ පව්...(ස)
කොහොමද වෙනස
හැම අයිය කෙනෙක්ම තම බාල සහෝදරයින් රැක බලා ගන්නේ නැහැ.(ස)
කර්මයට මෙය හොද උදාහරණයක්..!!(නු)
ජනාධිපතිගේ මල්ලි උනත් වැඩේ වැරදි (දී)
පව් අනේත...!!
මෙහෙමත් ජීවිත...!!(නු)
තමන්ගෙ සහෝදරයා හදාගන්න බැරි කෙනා කොහොමද ලෝකෙ හදන්නෙ..!!(නු)
හැකියාව තියෙද්දි මෙයා දුක් විදින්නෙ...!!(නු)
නුබද මාද විය මාද නුබද විය නුබ ජනාදි පති විය මම මුඩුක්කු පති විය අනේ අය්යේ සන්සරේක හැටි(නු)
උත්සාහය උක් දණ්ඩක් වැන්නේ. (නි)
මේකට තමයි කියන්නේ 'මැක්කා ඇද උඩ තියන්න බැහැ' කියලා. (නි)
හැම කෙනෙක්ම බලන්නේ කාවහරි වට්ටන්නමයි (නි)
මේක ඇමරිකාවෙ පත්තරවලට යවන්න..!!(නු)
ඒකටත් එක්ක ලංකාවේ! (නි)
පව් අසරණයා(දී)
දෛයිවයේ සරදම හැමෝටම එකයි (දී)
ලංකාවේ නම් සහෝදර ප්‍රේමය ඉහටත් උඩින්....මොනවා කරන්නද පවට පින දෙන්න බෑනේ..(ස)
මොකද එයාට බැරි පවුලේ සියල්ලන්වම දේශපාලනයට යොමු කරන්න? (නි)
ඇමරිකාවෙ ඥාති සංග්‍රහ නැති බවට හොඳ උදාහරණයක්. (නි)
සුදු මිනිස්සු වැඩිම රටක කළු මිනිසෙක්ට රටේ බලය දීලා ලෝකයටම හොඳ ආදර්ශයක් දුනනා වගේම, අයියා ලෝකෙම බලවත් වුනත් මල්ලි දුක විඳිද්දී මහජන මුදල් පුද්ගලිකව පරිහරණය නොකරන බවට හොඳම උදාහරණයක් මේක.අපේ රටේ නම් දෙවියන්ගෙ පිහිට තමා. (ස)
ඇයි දෙවියනේ මේක පුදුම රටක්නෙ... ඔබාමට බනිනවා එහෙම සහෝදරයාට සළකන්නේ නැහැ කියලා..!! මෙහෙ අය එහෙම සළකනකොටත් කියනවා සහෝදරයන්ට සළකනවා කියලා.. (නු)
ඇමරිකාවෙ පාලකයෝ තමන්ගේ බලය ඥාතින් වැනි පෞද්ගලික දේවල්වලට යොදා ගන්නෙ නැහැ.. ඒකයි ඒ රටවල් දියුණු වෙන්නෙ..!!(නු)