බොදුබල සේනා සංවිධානය වීරයන්ද නැද්ද යන වග අපට වැඩක් නැත. සමහරුන්ට බොදුබල සේනාව වීරයන්ය. තවත් අයට ඔවුන් ත‍්‍රස්තවාදීන්ය. මෙය රටේ පොදු කතා බහකි. කොහොමින් කොහොම වුණත් බොදුබල සේනා සංවිධානය කිසියම් අරමුණක් පිණිස යන බව කාටත් පෙනේ. හුදෙක් එය සිංහල ජාතිය, බුදුදහමට පක්ෂපාතී වූ අන්තගාමී ගමනක් බව පැහැදිලිය. ඒ අන්තගාමී ගමනින් ඇතැමුන් තැළෙන පොඩිවෙන බවටද රාවයක් තිබේ. අලූතින්ම සිදුවීම් ඇතිවීමෙන් දින කීපයකට පසු ඇමෙරිකා තානාපති කාර්යාලය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ ඇමෙරිකානු වීසා නතර කළේය. පසුගියදා උන්වහන්සේගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කිරීමක්ද කළේය. ඊට සුලූ මොහොතකට පෙර ඥානසාර හිමියන් සමග අපිදු සාකච්ඡුා කළෙමු. එවේලේ උන්වහන්සේ පැවසුවේ මෙවැන්නකි.
ඔබවහන්සේගේ ඇමරිකා වීසා තහනම් කළ බව ආරංචියි. ඒ කියන්නෙ ආයෙත් ඇමෙරිකාවට යන්න බෑ. මේකට ආසන්න හේතුව අලූත්ගම සිද්ධිය නේද?
ඔව්. රාජ්‍ය නොවන සංවිධාන, මුස්ලිම් අන්තවාදී පිරිස් මේකට සම්බන්ධයි. ඊළඟට පාලිත තෙවරප්පෙරුම මන්ත‍්‍රීවරයා. එයා අමෙරිකානු තානාපති කාර්යාලයට ගිහින් ආවට පස්සෙ තමයි මේක වුණේ. ඔහු කියනවා එයාට හොඳම පිළිගැනීමක් ලැබුණෙ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන්ලූ. ඔය සේරම සිද්ධ වෙන්නෙ මේ රටේ සිංහල බෞද්ධ ජාතිකවාදී වැඩපිළිවෙල අඩපණ කරන්නයි.
ඔබ වහන්සේ ඇමෙරිකාවට නිතර වඩිනවාද?
එක වතාවක් ගියා. ගිය අවුරුද්දෙ ඇමෙරිකාවට ගිහින් මාසයක් විතර හිටියා. නැවත යන්න වුවමනාවක් තිබුණා. ඒත් ලොකු කම්පාවක් මට නෑ. දැන් කියන්නෙ අප ත‍්‍රස්තවාදීන් කියලනෙ. ඉඳිකටුවක්, ඇල්පෙනිත්තක් නැතුව අවිහිංසාවාදී ධර්මයක් ආරක්ෂා කරන්නයි අප වෙහෙසෙන්නෙ. මේ රටේ බෞද්ධයො ඉස්ලාම්කරණයට ලක්වෙනවා. ක‍්‍රිස්තියානිකරණයට ලක්වෙනවා. අපි කෑගහන්නෙ මේකට විරුද්ධවයි.
වචන කියද්දි පරිස්සම් වෙන්න කියලා ඔබ වහන්සේට සංවිධානයේ සභාපති හිමියන් පවා අවවාද කරල තිබුණා. ඇයි ඒක ඔබ වහන්සේට හදා ගන්න බැරි වුණේ?
නායක හාමුදුරුවො සමග අපි නිතර සාකච්ඡුා කරනවා. උන්වහන්සේ අපේ වරදක් දැක්කම පෙන්වල දෙනවා. ඒකට මට කිසිම වෛරයක්, ද්වේශයක් නෑ.
වචන පරිස්සම් කරගන්න කියල නායක හාමුදුරුවො මට කිව්වා. වචනවල තියන ප‍්‍රශ්නයට වඩා බරපතල ප‍්‍රශ්නයක් රටේ තියනවා. අප මේවගෙ වචන කියමින් වැඩකරන්නෙ ඇයි කියල හැමෝම හොයල බලන්න ඕනෑ. මේ නිර්වින්ධනය වෙච්ච සිංහලයන්ට සැර එන්නතක් අවශ්‍යයි. ඒක තමයි අපි මේ ජාතියට දෙන්නෙ.
බොදුබල සංවිධානය කිව්වොත් ඥානසාර හිමි, ඥානසාර හිමි කිව්වොත් බොදුබල සේනාව. ඕකෙ එකම චරිතය ඔබ වහන්සේද?
ඒක වැරදියි. ආණ්ඩුවෙ ඇමතිවරු ඉන්නවා. කවදාවත් මාධ්‍යයක දැකපු නැති ඇමතිවරු කීදෙනෙක් ඉන්නවද? බොදුබල සේනා සංවිධානයේ දැන උගත්, පරිණත, විශාල පිරිසක් ඉන්නවා. පර්යේෂණ අංශය, පුරාවිද්‍යා අංශය, අධ්‍යාපන අංශය, සෞඛ්‍යමය අංශය වගේ අංශ 12කට කටයුතු කරන පිරිසක් ඉන්නවා.
බොදුබල සේනා සංවිධානය දැන් රටේ විශාල පිරිසක් අතර අප‍්‍රසාදයට ලක් වෙමින් තියනවා. මේ බව ඔබ වහන්සේ දන්නවාද?
අපට ඒ ගැන ගැටලූවක් නෑ. සීයට අනූවක් පිරිස අපේ මතය පිළිගන්නවා. සංවිධානයේ ඉදිරි කටයුතුවලට ලබන අවුරුද්දටත් දින දීල ඉවරයි. කවුරු මොනව කිව්වත් සිංහල බෞද්ධයන්ට ප‍්‍රශ්නයක් තියනවා. නිදහසින් පසුව ආපු හැම ආණ්ඩුවක්ම කළේ සුලූ ජාතීන් හුරතල් කරපු එක. තේසවලාමෙයි, ෂරියා නීති ගේන්න හදන්නෙ කවුද? හැම නීතියක්ම තියෙන්නෙ සිංහල බෞද්ධයන්ට විතරද? අකුරණ වගේ පැත්තකට ගිහින් බලන්න. ඔය පළාත්වල ඉදිකිරීම්වලදී නීතිය ක‍්‍රියාත්මක වෙන විදිහ හරිද? මේ රටට ඕනෙ එක නීතියක්.
සෞඛ්‍ය අංශය කඩා වැටිලා. කල් ඉකුත්වූ බේත්වල දින වෙනස් කරන ආයතනයක් පසුගිය දවස්වල පාරිභෝගික අධිකාරිය වැටලූවා. ‘හාකෝස්’ කියලා. මොන මාධ්‍ය ආයතනද මේක අසවල් ආයතනය කියලා වාර්තා කළේ. කවුද මේවා කරන්නේ?
මේ රටට පරිප්පු, හාල් ගෙන්වන්නෙ මුස්ලිම් ව්‍යාපාරිකයො. ඒවායේ විශාල වශයෙන් ප‍්‍රශ්න තියනවා. සමහර මුස්ලිම් අය විද්‍යුත් මාධ්‍යවල ප‍්‍රධානින්ට, පුවත්පත් කර්තෘන්ට කෝල් කරල අන්තවාදී වැඩ පිළිවෙලක් ගෙනියනවා. මේ රටේ තියන ඇත්ත ප‍්‍රශ්නයකට අපි වේදිකාවක් හැදුවා. හැබැයි ගෙවල් කඩන එක, කඩවල් කුඩු කරන එක, ගිනි තැබීම අප අනුමත කරන්නෙ නෑ.
අලූත්ගමදී සිද්ධ වුණේ අනුවණ වැඩක්. දුරදිග නොබැලූ මෝඩ වැඩක්. ඉදිරියේත් මේවැඩ වෙයිද?
කිතුල්ගල පැත්තෙ කිතුල් මදින්න ගහට ගිය මිනිහෙක් බිමට වැටුණත් ඒකට වැරදි බොදුබල සේනා සංවිධානය. කඩ ගිනි තියන්න හෝ කඩ කඩන්න අප අනුබල දුන්නෙ නෑ. සිංහලයන්ගෙත් කඩ කැඩුණා. සාමකාමී පා ගමනකට ගල් ගැහුවෙ අපිද? පෝය දවසෙ සිවුරට අත තිබ්බෙ අපද? ඇත්ත කොයි වෙලේ හෝ හෙළිවේවි.
එදා අලූත්ගම සිද්ධිය නවත්වන්න වගකීමක් වගේම ශක්තියක් ඔබ වහන්සේට තිබුණා. නමුත් සිද්ධ වුණේ වගකීම පොලිසිය පිට පටවිලා පොලිසිය බැනුම් අහපු එක?
එතනදී සම්පූර්ණයෙන් පොලිසියට චෝදනා කරන එක වැරදියි. මුල් අවස්ථාවේදී නීතිය හරියට ක‍්‍රියාත්මක වුණා නම් මේවගේ ප‍්‍රශ්නයක් වෙන්නෙ නෑ. 12 වැනිදා (පෝය දා) සිදුවූ ගැටුම පොලිසියට නවත්වන්න බැරිවුණා. පළාතෙ මැති ඇමතිවරුන්ට බැරි වුණා. මැදිහත්වුණේ බොදු බලසේනා සංවිධානයේ ඒ පළාතේ හාමුදුරුවරු.
විසෙන් විස නසනවා කියලා දෙයක් තියනවනෙ. අප කළේ ඒකමයි. අප පොලිසියට බැන්නා. මිනිස්සු එතකොට විසිල් ගැහුවා.
හූ කිව්වා. පළාතෙ මැති ඇමතිවරුන්ට බැන්නා. මිනිස්සු අත්පොඩි ගැහුවා. විසිල් තිබ්බා. එහෙම කළේ ඔවුන් තුළ තිබුණ ආවේගය පාලනය කරල ප‍්‍රශ්නෙ ඉවර කරන්න. ඇත්තටම පිරිස සාමකාමීව විසිරිලා ගියා. ගල් ගැහුවෙ මේ මිනිස්සුන්ටනෙ.
අලූත්ගම සිද්ධියේ වගකිවයුත්තො වැඩි දෙනෙක් නිදැල්ලෙ. නීතිය හරියට ක‍්‍රියාත්මකයි කියල ඔබ වහන්සේ හිතනවද? අපට හිතෙන්නෙත් ඔබ වහන්සේ කිව්වා වගේ පොලිසිය වැරදි මග කියලයි?
ඔබ අහන්නෙ සංකීර්ණ ප‍්‍රශ්නයක්. විපක්ෂය ඇතුළු සියලූ දේශපාලන පක්ෂ ජනාධිපතිට කියනවා මේ ප‍්‍රශ්නය විසඳන්නලූ. ජනාධිපතිද මේ ආණ්ඩුවද ඔය වැඬේ සිද්ධ කළේ. අපට ගල් ගැහුවෙ ආණ්ඩුවද? මේකට ආණ්ඩුවට ඇඟිල්ල දික් කරල වැඩක් නෑ. බොර දියේ මාළු බාන න්‍යායක් රටේ තියෙන්නෙ. සිංහලයො භේද භින්න වෙලා ලොකු කුඩා පක්ෂ බලය බෙදා ගන්න දඟලනවා. පොලිසිය ඒ වැඬේ හරියට කරයි. මේක ආණ්ඩුවෙ ප‍්‍රශ්නයක් නොවෙයිනෙ
සමහරු කියනවා ඥානසාර හාමුදුරුවො කාලෙන් කාලෙට මාධ්‍යයේ පුවත් මවන්න දඟලනවා කියලා.
ඒක වැරදියි. අප කරන්නේ දේශපාලනයක් නෙමෙයි. මේක ජාතික ව්‍යාපාරයක්. මාධ්‍යයේ පිම්බෙන්න ඕනෙ නෑ. සිංහල බෞද්ධයාගේ අවශ්‍යතාවයට මුල් වෙනවා.
මේ රටේ ජන සංස්කෘතියේ පන්සලේ ගණ්ඨාරෙ එක දිගට ගහන්නෙ ඇයි? කරදරයක් වුණාම. එතකොට ගණ්ඨාරෙ දිග පළල, හැඩය බලල බලනවද? අපි කෑගහන්නෙ ඇයි කියල හොයන්නෙ නෑ. කෑගහන එකට බනිනවා. වෙදකම් කළ යුතු ප‍්‍රශ්නයට වෙදකමක් ඕනෑ. ඵලය ගැන වාද කරන්න එපා. අප මහන්සි ගන්නෙ රජ වෙන්න නෙවෙයි. භෞතික දේවල් ලබන්නත් නෙවෙයි.
අප මහන්සි වෙන්නෙ උපන් නූපන් දරුපරපුර වෙනුවෙන් සිංහල බෞද්ධ කොටසක් රටේ ඉතුරු කරන්නයි.
ඒ හැර ඇත්තටම කිව්වොත් දේශපාලනයට එන්න එහෙම නෙවෙයි නේද?
අපි හැමදාම ඓතිහාසික දේශපාලන ගමන් මගක ඉන්නවා. මේ කුළල්කා ගන්න දේශපාලනය ඇතුළෙ දේශපාලනය නොගැළපෙන විශාල පිරිසක් ඉන්නවා. ඒ මේ රටේ කියල කියන්න බැරි ‘පජාති’ ‘අවජාතක’ කොටසක්. මේක අපේ රට. අපේ අම්මා. මේ ඉන්න දේශපාලකයො අම්මා කියන්න බැරි එවුන් පිරිසක්. එවුන්ට රටේ සුබ සිද්ධිය හදන්න බෑ. ලෝකෙ රටවලට ගියාම චීනෙ අය මා චීනෙ කියනවා. මැලේසියාවෙ අය මා මැලේසියාවෙ කියනවා. ඒ වුණාට මේ රටේ ඉන්න දේශපාලකයො වැඩිදෙනෙක් සිංහල බෞද්ධ කියන්න බැරි අය. එවුන් දේශපාලනයෙන් අතුගාලා දාලා මේ රටේ සැබෑ අයිතිවාසිකම ඇතිකළ හැකි පිරිසක් දේශපාලනයට ගේන්න ඕනෑ. බොදුබල සේනා සංවිධානය ඒකත් කරනවා.
සී.අයි.ඞී. එකත් ජූලි (02) වැනිදා උදේ මට කතා කළා. ඒ අයට අලූත්ගම, බේරුවල සිද්ධිය ගැන මගෙන් කටඋත්තරයක් ගන්න අවශ්‍යයි කිව්වා. මා හවස එන්නම් කියල ඒ අයට වේලාවක් දුන්නා. ඒ වෙලාවෙ මා සහ බොදුබල සේනා සංවිධානයේ හාමුදුරුවරු වැඩම කළා.

එතනදී මගෙන් දිගින් දිගටම විමසුවේ අලූත්ගම ගැටුම ගැන. එම ගැටුමට බොදුබල සේනා සංවිධානයේ මැදිහත් වීම ගැන, මගේ කතාවෙන් නේද මේක ඇවිස්සුනේ කියලා ඇහුවා. එදා මා කරපු කතාවේ කොටස් උපුටාගෙන ප‍්‍රශ්න කළා. මම ඒවට උත්තර දුන්නා. අප ආණ්ඩුවට විතරක් චෝදනා කරන්නෙ නෑනෙ. විපක්ෂයටත් චෝදනා කරනවා. පැය පහක් මගෙන් ප‍්‍රශ්න කළා.
ප‍්‍රශ්න කිරීමට අමතරව වෙන මොකුත් නෑ. අපි විවෘතයි. අපට ජාතික න්‍යාය පත‍්‍රයක් තියනවා.
න්‍යාය පත‍්‍ර දෙකකට අප වැඩ නෑ. ඉදිරියටත් අප ක‍්‍රියාත්මකයි. මේ ගමන ඉදිරියට යනවා.
මෙතනදී අපි සී.අයි.ඞී.යට තවත් මතක් කිරීමක් කළා. ඒ මුස්ලිම් කොංග‍්‍රසය ගැන. මැතිවරණයක් කිට්ටු වෙද්දී මුස්ලිම් ඡුන්ද ටික ගන්න හැම වතාවෙම ඔවුන් රටේ ප‍්‍රශ්න ඇති කරනවා. හැම අවුරුදු 4න් 4ටම මේක වෙන දෙයක්. ඉතිහාසයෙත් වුණා. මේවත් හොයන්න ඕනෑ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙවියෝ ඔබ වහන්සේ රැක ගනිත්වා. උපන් මව් බිමේ දී තැලෙන පොඩි වෙන පෑගෙන දිළිඳු සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින්නේ ඔබ වහන්සේය. (නදී)
ඉන්දියා අගමැතිටත් කලින් නොදීපු ඇමරිකන් වීසා අගමැති වුණාම දුන්නා නේද ? (ස)
හාමුදුරුවනේ ඔබ වහන්සගේ තර්කෙට අනුව අපි කිව යුත්තේ සිංහල බෟද්ධ නම් චීන්නු කිව යුත්තේ කොමියුනිස්ට් කාරයෝ හෝ මාවෝ වාදියෝ ලෙසයි. මැලේසියන් අය කිව යුත්තේ මුස්ලිම් කියල නේද. ඒ වගේම ඇමරිකන් කාරයෝ ක්‍රිස්තියානි කියල ද කිවයුත්තේ. තව ටිකක් පැහැදිලි කර දෙන සේක්වා... (ස)
අදහස් දාන අය වගේ අය එල්ල කරලා තමයි ආගම් වාදී කල්ලි සහ පක්ෂ පිහිට වන්නේ. ලින් මැඩියෝ නොවී, නැති යක්කු නොදැක, බොරුවට නොරැවටී ජනතාව බුද්දීමත්ව සිතිය යුතුයි (නදී)
ලින් මැඩියෝ නොවී, නැති යක්කු නොදැක, බොරුවට නොරැවටී ජනතාව බුද්දීමත්ව සිතිය යුතුයි (නදී)
ඔව් රෝයි මේක සිංහල බෞද්ධයාගේ රට තමයි සිංහලයෙක් නම් බෞද්ධ වියයුතුයි. ඔයා කතෝලික නම් පරම්පරා 3/4 ආපස්සට ගිය තැන ඔයා බෞද්ධ (නදී)
රෝයි ල වගේ අය දැක්කහම මට මතක් වෙන්නේ මර්සලීන් ජයකොඩි පියතුමාව. එතුමා කිව්වේ මගේ ජාතිය සිංහල ආගම කතෝලික මගේ උරුමය බෞද්ධ කියලා. එතුමා තව කිව්වා දකින දකින තැන වෙහෙරක් පෙනීයන් වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන්. ඉන් වන පණිවිඩය නුවනට පෙනීයන්. දුටු දුටු විටදී සිත්වල සිල් දැනීයන් කියල. (නදී)
රෝයිගේ අදහස ගැන මොකද හිතෙන්නේ...මෝඩ පාටයි නේද? (අ)
ඔබ වහන්සේට දීර්ඝායුෂ! (නි)
වීර හමුදුරුවෝ. (නදී)
අපිටත් ඒ වගේ (නදී)
අපේ සිංහල ජාතියේ අය එකාට එකෙක් නැහැ. ඒකයි අපේ රටට ජාතියට මෙහෙම විපතක් වෙලා තියෙන්නේ (නදී)
අපි ඔබ වහන්සේ සමගයි. සිංහල බෞද්ධයාට නැති වේගෙන යන අයිතීන් ලබාගන්න ඔබ වහන්සේ කරන මේ සටනට අපි හැම වෙලේම සහයෝගය දෙනවා. (නදී)
අනේ පව් (නදී)
පහන් ඔබ හරි ඒ උනාට බුදුන් වහන්සේ කියල තියනවද අනෙක් අයට හිංසා පීඩා කරන්න කියලා. ඔයාල වගේ අයගේ අදහස් දැක්කහම හරිම කණගාටු හිතෙනවා. (නදී)
මේ ස්වාමීන් වහන්සේ කරන්නේ කාගේ හෝ කොන්ත්‍රාත්තුවක්ද ? (නදී)
හිමියනි, ජාතිවාදය අවුස්සන්නන්ට මිනිස්සුන්ගේ මොලේ අවුල් කරන්න ඉඩ දෙන්න එපා (නදී)
අපේ සෝම හාමුදුරුවන්ව අපිට නැති වුනේ නිකම්ම නෙවෙයි. ඒකට තියන හේතුව ඔබ වහන්සේටත් බලපාන්න පුළුවන්. අපිට පුළුවන් දෙවිවරුන්ට කියන්න විතරයි ඔබ වහන්සේව අරක්ෂා කරලා දෙන්න කියලා. (ස)
ඔබ වහන්සේට පිං (දී)
මගේ රටට දළදා හිමි සරණයි (දී)
සිංහල අපි වෙනුවෙන් කතාකරන ඔබවහන්සේ ගැන අපි ඇත්තෙන්ම සතුටුයි (නි)
ඔබ වහන්සේට ගොඩක් පින් බුදු දහමට කරන සේවයට..ඔබ වහන්සේ සමඟ අපි හැමදාම ඉන්නවා. (නි)
අපි ඔබ වහන්සේ වටා පෙළගැසෙමු (නි)
ඔබ වහන්ස පරිස්සම් වෙන්න ඔබගේ ගමන වලක්වන්න දැනටමත් අන්තවාදීන් සැලසුම් කරනවා කියලා ආරංචියි. එ්කට අපේ සමහර දේශපාලකයන් සම්බන්ද වෙන්නත් පුළුවන්. ඔබට බුදු සරණයි, දෙවි පිහිටයි (නදී)
ඔබ වහන්සේලාගේ ගමන තව තවත් ශක්තිමත්ව ඉදිරියටම යන්න හාමුදුරුවනේ. මේ රට අවු 2500 ක ඉතිහාසයක් තිබෙන සිංහල බෞද්ධ රටක්. අපිට යන්න වෙන රටක් නෑ. ඒ වෙනුවෙන් ඔබ වහන්සේලා යන ගමනට අපි ආශිර්වාද කරනවා. මොන බාධක ආවත් නොසැලී ඉදිරියටම යන්න. හදවතින් අපි ඔබ වහන්සේලා සමග ඉන්නවා (නදී)
ලෝකෙ රටවලට ගියාම චීනෙ අය මා චීනෙ කියනවා. මැලේසියාවෙ අය මා මැලේසියාවෙ කියනවා. ඒ වුණාට මේ රටේ ඉන්න දේශපාලකයො වැඩිදෙනෙක් සිංහල බෞද්ධ කියන්න බැරි අය. මෙන්න මේ හාමුදුරුවන්ගේ අදහස, චීනේ අය මා චීනේ කියලයි කියන්නේ කියලා එතුමම කියනවා. මැලේසියාවේ අය ම මැලේසියාවේ කියලා කියනවා. එතකොට අපි කියන්න ඕනේ මා ශ්‍රී ලාංකාවේ කියලයි, නැතිව සිංහල බෞද්ධ කියලා නෙවෙයි. ඒ ඒ රටවල අය තමන්ගේ රට ගැනයි කියලා තියෙන්නේ. මෙයා ඒකටත් අපිට ජාතිවාදයයි ආගම්වාදයයි උලුප්පනවා. හරියට අදහසක්වත් කියාගන්න දන්නේ නැහැ. උදාහරණයක්වත් කියාගන්න දන්නේ නැහැ. ඉතින් කොහෙද, මෝඩ වුනාට කමක් නැහැ ඒක පෙන්වන්න හොඳ නැහැ. ඒක ඊටත් වැඩියේ මෝඩ කමක්. අනික තමන්ගේ මෝඩ අදහස් වලින් තව මෝඩයො රැලක් බිහිවෙන්න පුළුවන්. දැනටමත් පේනවනේ වෙලා තියෙන නස්පැත්තිය. බනක් දහමක් දෙසාගෙන හිටියනම් ඉවරනේ. ඒ කාලේ ඉඳලා කතාවක් තියෙනවා, බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියහම වෙන දේ ගැන. අහලා ඇතිනේ. ඒ කතා කිව්වේ කට කහනවට නෙවෙයි. ආදර්ශයක් ලබාගන්නයි. (ස)
ඔබවහන්සේ රටට කීර්තියක් (දී)
ඒකතමයි හාමුදුරුවනේ (දී)
කවුරු මොනවා කිව්වත් ඔබ වහන්සේ ජාතියේ පිනට පහළ වුන වීරයෙක්. (දී)
රෝයි, රට ජාතිය පාවාදෙන මිනිසුන් ඉස්සරත් හිටියා, දැනුත් ඉන්නවා.වැදූ අම්මාත්,රටත් එකවගේ හිතලා වැඩ කරන්න.කතා කරන්න.හාමුදුරුවනේ, ඔබ වහන්සේට මගේ සිංහල ජාතිය වෙනුවෙන් මම දොහොත් මුදුන් තබා වඳිමි. (නි)
ඔබ වහන්සේ වීරයෙක් (නි)
බොදු බල සේනාව කවදාවත් වට්ටන්න බෑ. තව තව ශක්තිමත් වෙනවා ජාතියේ පිනට පහළ උන එඩිතර ස්වාමින් වහන්සේ නමක්. (අ)
සිංහල අපට වෙනත් රටක් නැත.අපට සරණක් වෙනවා වෙනුවට අප වරින් වර බලය පවරණ රජයන් සිය බලය ශක්තිමත් කර ගැනීමට සුළුජාතික පක්‍ෂ වලට අසීමිත වරප්‍රසාද මෙන්ම වගකිය යුතු ඇමතිකම් ලබාදී.සිංහ ජාතියට කෙනහිලිකර කැනහිලුන් මෙන් සිටීමට සැලැස්වූ රටක මහජාතිය ආරක්‍ෂාකරලීමට ඉදිරියට පැමිණි ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකිත්වා. (අ)
කතා විලාසය හාමුදුරු නමකට ගැලපෙනවද ? (නදී)