IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඇවන්ගාඞ් මහා වංචාවක්: ආණ්ඩුව ඒක යට ගහන්න හදනවා

6526

    

මෑතකදී ආන්දෝලනයකට තුඩුදුන් ඇවන්ගාඞ් අවි නැව, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව ආදී කාලීන ප‍්‍රශ්න කීපයක් සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සමග කළ සාකච්ඡාවකි.

 

 

buttonප‍්‍රශ්නය: මේ ආන්දෝලනයට තුඩු දී තිබෙන ඇවන් ගාඞ් සිදුවීම මොකක්ද?
පිළිතුර:
පසුගියදා බී.එම්.අයි.සී.එච් එකේ තිබිලා අවි ආයුධ ගබඩාවකුත් ගාලූ වරායෙන් අවි ආයුධ නැවකුත් සොයා ගත්තා. මේ සිදුවීම හරහා තමයි ඇවන් ගාඞ් කරළියට එන්නේ. ඒවා ඉතාමත් ප‍්‍රබල නූතන අවි ආයුධ. ඒ වගේම ඒ ආයතනයන් සතුව පුහුණුව ලත් විශ‍්‍රාමික නාවුක සෙබළුන් විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම එම සමාගම් හරහා විශාල ධනස්කන්ධයක් රැස්කරගෙන තිබෙනවා. මේ අවි බලයත් මේ හමුදාමය බලයත් මේ මූල්‍ය බලයත් විසින් මෙම ඇවන් ගාඞ් සිදුවීම මෑත කාලයේ ලංකාවේ බරපතල සිදුවීම බවට පත්ව තිබෙනවා.

6565


විශේෂයෙන් අවි ආයුධ රැස්කොට තබාගැනීම, මුහුදු ආරක්ෂණ සේවය එක් ආයතනයකට පමණක් ලබාදීම, රක්නා ලංකා හරහා සිදුවී තිබෙන මහා ගණුදෙනු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් දියත් වෙමින් තිබෙනවා. එම පරීක්ෂණය අපේ රටේ මෑත කාලයේ සිදුවූ වංචාව, දූෂණය, නාස්තිය පිළිබඳව ප‍්‍රබලම පරීක්ෂණය බවට පත්වීම වැළැක්වීමට බැහැ. ඒ හේතුකොටගෙන මේ වනවිට හිටපු ආරක්ෂක ලේකම්වරයාගේත් හිටපු නාවික හමුදාපතිවරයාගේත් ගමන් බලපත‍්‍ර අත්හිටුවා තිබෙනවා14_PAGE_14_M. ඒ තරම් ප‍්‍රබල ගණුදෙනුවක් බවට මේ ගණුදෙනුව පත්ව තිබෙනවා. එනිසා ජනතා විමුක්ති පෙරමුණේ අපි එම පරීක්ෂණය කිසිදු බලපෑමකින් තොරව කරගෙන යෑමට අවස්ථාව සලසා දිය යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා. මෙම පරීක්ෂණයෙන් තේරුම්ගත හැකියි මේ ආණ්ඩුවට වංචාවේ දූෂණයේ යෙදෙන අයට සැබවින්ම දඩුවමක් ලබාදීමට උවමනාවක් තිබෙනවාද යන්න.

 


buttonප‍්‍රශ්නය: ඔබ වර්තමාන ආණ්ඩුවට ඒ පිළිබඳව උවමනාවක් තිබෙනවාද නැද්ද කියලා දෙගිඩියාවකින් යුතුව අදහස් දක්වන්නේ ඇයි. ඒ පිළිබඳව ඔබට පිළිගත හැකි සාක්ෂි තිබේද?
පිළිතුර:
ඔව්. මෙම සිදුවීමේදී දේශපාලනඥයින්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ප‍්‍රබල මැදිහත්වීමක් තිබෙනවා මෙම පරීක්ෂණ යටගැසීම වෙනුවෙන්. පළමුකොටම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් සිදුවෙමින් තිබෙන තත්ත්වයක් හමුවේ මෙම ගණුදෙනු නීති්‍යානුකූල බව පැවසුවා. ඒ වගේම සභානායකවරයා පාර්ලිමේන්තුවේ මෙම ගණුදෙනු නීති්‍යානුකූල බව පැවසුවා. ඒ වගේම අග‍්‍රාමාත්‍යවරයා මුලසුන දරන සාකච්ඡුාවකදී අගමැතිවරයාගේ ¥ෂණ විරෝධී කමිටුවට විටින් විට සහභාගි වූ තිලක් මාරපන හිටපු අමාත්‍යවරයාගේත් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේත් මැදිහත්වීමක් මත ගමන් බලපත‍්‍ර ලබාදීමට සිදුවූ බවට ප‍්‍රකාශයක් සිදුකළා. ඒ වගේම ඒ ප‍්‍රකාශය හමුවේ. අගමැතිවරයා නිහ`ඩ පිළිවෙතක් අනුගමනය කරමින් ඉන්නවා. ඒ වගේම ඇවන් ගාඞ් සභාපතිවරයාට විදෙස් ගතවීමට අවසර ලබාදිය යුතු යැයි කියමින් ආරක්ෂක ලේකම්වරයා විසින් වැඩ නොකරන ඉරිදා දිනයකදි ලිපියක් නිකුත් කර තිබෙනවා. එම නිසා මේ සිදුවීම යටගැසීමටත් සැබෑ වැරදිකරුවන් හඹා යෑම වැළැක්වීමටත් දේශපාලනඥයින්ගේ සහ නිලධාරීන්ගේ මැදහත්වීමක් තිබෙනවා. ඒ හේතුව මත තමයි මේ පරීක්ෂණ පිළිබඳව දෙගිඩියාවක් මතුවෙලා තිබෙන්නේ. එම නිසා මෙම පරීක්ෂණයේදී හැසිරෙණ ආකාරයත් මෙම පරීක්ෂණය සිදුකරන ආකාරයත් අනුව අපිට තේරුම් ගන්න පුළුවන් වර්තමාන රජය වංචනිකයින්ට දඩුවම් දෙන්න මොනතරම් උනන්දුවක් දක්වනවාද නැද්ද කියලා.

 


buttonප‍්‍රශ්නය: ඔබ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පිළිබඳව මේ ප‍්‍රකාශය සිදුකළාට පසුව ඔහු ඔබට විවෘත අභියෝගයක් කළ බවත් නමුත් ඔබ එම අභියෝගය මගහැර ගිය බවත් ඇමතිවරයා පවසනවා. ඒ වගේම ඔබ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් හමුවී එය සමථයකට පත්කරගත්තා යැයිද චෝදනාවක් තිබෙනවා.
පිළිතුර:
මුළුමනින්ම අසත්‍ය කතාවක්. මෙම ප‍්‍රශ්නය විධායක සභාවේත් චම්පික රණවක ඇමතිවරයා විසින් මතු කරනු ලැබුවා. මේ ඇවන් ගාඞ් සිදුවීම පිළිබඳ පමණක් නොවේ අපේ රටේ මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට අප විසින් පැමිණිලි ඉදිරිපත් කොට තිබෙනවා එම පරීක්ෂණ සිදුවෙන ආකාරයත් පිළිබඳව අපිට සෑහීමකට පත්වෙන්න බැහැ කියලා මම කිව්වා. පසුගිය මැතිවරණ වේදිකාවේ ප‍්‍රබල සාධකයක් බවට පත්වූ වංචනිකයින්ට දූෂිතයින්ට දඩුවම් ලබාදිය යුතුයි කියන කරුණ ඈලිමෑලි ස්වභාවකියන් තමයි අපිට පෙනෙන්න තිබෙන්නේ කියාත් මා විසින් ප‍්‍රකාශ කළා. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා වංචා දූෂණයන් පිළිබඳව කර තිබෙන පැමිණිලි ගැන විධිමත් සාකච්ඡුාවක් සඳහා ජනාධිපතිවරයාත්, අග‍්‍රාමාත්‍යවරයාත්, චම්පික රණවක අමාත්‍යවරයාත්, රජිත සේනාරත්න අමාත්‍යවරයාත් මමත් එක්ව සාකච්ඡුාවක් කළ යුතු බවට ජනාධිපතිවරයා යෝජනා කළා. ඒ අනුව පසුගිය දෙවැනිදා එම සාකච්ඡුාව පැවැත්වුණා. එහිදී මා අප විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිලිවල ස්වභාවයත් ඒ පිළිබඳව කෙරෙන පරීක්ෂණ පිළිබඳව අපට සෑහීමකට පත්විය නොහැකි කරුණු පිළිබඳවත් පෙන්වා දුන්නා පමණක් නොව මෙම ආණ්ඩුවේම යම් යම් පුද්ගලයින් වංචා දූෂණ ආරක්ෂා කිරීමට පෙනී සිටින බවත් එතනින් නොනැවතී ඒවා ආරක්ෂා කිරීමට මැදිහත්වූ පුද්ගලයින් පිළිබඳවත් ප‍්‍රසිද්ධ විවාදයකට ආරාධනා කර තිබෙන බවත් මා පැවසුවා. ඒ වගේම ඔවුන් ඉදිරියේ මා කියා සිටියා එම විවාදයට මා සූදානම් කියලා. නමුත් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ඉල්ලා සිටියේ මේ මොහොතේ ඇවන් ගාඞ් සිදුවීම පිළිබඳව ප‍්‍රසිද්ධ විවාදයකට යෑම එම පරීක්ෂණවලට බාධාවක් විය හැකි බැවින් එවැනි විවාදයකට නොයනවානම් සුදුසු බවයි. එහෙත් මා පෙන්වා දුන්නේ ඇමතිවරයා අභියෝග කොට තිබෙන නිසා එම අභියෝගය භාරගන්න සූදානම් බවයි. නමුත් එම අවස්ථාවට අග‍්‍රාමාත්‍යවරයා විසින් විජේදාස රාජපක්ෂ මහත්මයා සහ අග‍්‍රාමාත්‍ය උපදේශක මලික් සමරවික‍්‍රම මහතාත් කැඳෙව්වා. ඔහු ඉදිරිපිටදීද මා විවාදයකට සූදානම් බව පැවසුවා. ඊට පස්සේ 03වෙනිදා පෞද්ගලිකව මා සම්බන්ධ වුණු රූපවාහිනී වැඩසටහනකදීද මා විසින් විවාදයකට සූදානම් බව කිව්වා. ඒ නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත්වී සමථයකට පත් නොකළ බව ඒ වගේම ඒ අභියෝගය කිසිසේත්ම මා මග හැර නොගිය බවත් මා වගකීමෙන් කියනවා.

1


නමුත් එම අවස්ථාවෙන් පසු එම සිදුවීම විකෘති කොට විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය දිනවල මාධ්‍යයට විවිධ අදහස් ප‍්‍රකාශ කරමින් තිබුණා. මා කනගාටු වෙනවා එතුමා ජනාධිපතිවරයාත් අග‍්‍රාමාත්‍යවරයාත් සිටින ලද සාකච්ඡුාවක් විකෘති කොට ඉදිරිපත් කිරීම ගැන. කාට හෝ අවශ්‍ය නම් එම සාකච්ඡුාවේ සිිටි පුද්ගලයින්ගෙන් මේ බව අසාදැනගන්න පුළුවන් ඔවුන් සත්‍ය පවසනවනම්. එනිසා මෙම විකෘති කිරීමෙන් අවලාද නැගීමෙන් පෙන්නුම් කරන්නේ විජේදාස රාජපක්ෂගේ සදාචාරයේ තරමයි.

 


buttonප‍්‍රශ්නය: එම සිදුවීමෙන් පසු ජවිපෙ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට ඇවන් ගාඞ් ආයතනයේ සේවක පිරිසක් ඔවුන්ගේ රැුකියා අහිමිවන බව පවසමින් උද්ඝෝෂණයක් කළා ඔබට චෝදනා කරමින් ඒ වගේම ඇවන්ගාඞ් සභාපතිවරයාත් ඔබට කළ අභියෝගය ඔබ මගහැරියා නේද?
පිළිතුර:
ඇවන් ගාඞ් සභාපතිවරයා විවාදයකට ආරාධනා කිරීමට පෙර විවිධ පාර්ශව හරහා මා මුණගැසීමට උත්සහ කළා. මා ඔහුට දන්වා යැව්වේ ඔහු මුණගැසී කිරීමට කිසිදු සාකච්ඡුාවක් නොමැති බවත් ඔහුට කීමට ඇති තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියන ලෙසත්. මට ඔහුගේ කරුණු පැහැදිලි කිරීම් අවශ්‍ය නැති බවත් කිව්වා. අනතුරුව විජේදාස රාජපක්ෂ පිළිබඳව විවේචනාත්මක අදහසක් මා ඉදිරිපත් කළ පසු ඔහු රූපවාහිනියේදී මට ප‍්‍රසිද්ධියේ අභියෝග කරනවා. ඔහු ඔහුගේ ආයතනයේ යැයි කියාගන්නා කණ්ඩායමක් එවලා අපේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කරනවා. විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පිළිබඳව විවේචනයක් ඉදිරිපත් කළ පසුව ඇවන් ගාඞ් සභාපතිවරයාට ඒ තරමට රිදෙන්නේ ඇයිද කියන ප‍්‍රශ්නයම ඔවුන් අතර තිබෙන සබඳතාවය තේරුම් ගන්න ප‍්‍රමාණවත්. ජවිපෙ අපි මුදල්වලට හෝ ඞීල්වලට හෝ බියවැද්දීම්වලට, අවිබලයට යටපත් කරන්න පුළුවන් කියලා කවුරුහරි විශ්වාස කරනවනම් ඒක මුලාවක් පමණයි. ඒ වගේම අපේ රටේ අපරාධවලට හවුල් වූවන් පිළිබඳව කරුණු හෙළිදරව් කළාම ඒ ගැන විවාද කරන්න අභියෝග කරන සංස්කෘතියක් අපේ රටේ හැදුණොත් වෙලේ සුදාත් වෙනත් කප්පම්කාරයොත් එවැනි විවාදවලට ආරාධනා කරයි.

 


buttonප‍්‍රශ්නය: නමුත් පෙනෙන්න තිබෙන්නේ ඔබ විජේදාස රාජපක්ෂ මහතාගේ අභියෝගය හමුවේ අඩියක් පස්සට ගිය බවයි.
පිළිතුර:
ජනතා විමුක්ති පෙරමුණ පියවරක් ඉදිරියට තබන්නේ ඒ පිළිබඳව අධීක්ෂණයකින් සහ පරීක්ෂාවකින් පසුවයි. ඒ නිසා අප විසින් ඉදිරියට තබන පියවරක් කිසිසේත්ම පසුපසට ගන්නේ නැහැ. වංචනිකයින්ට, දූෂිතයින්ට දඩුවම් දීමට පියවරගැනීමට බලකරනවා වගේම ¥ෂිතයින් ආරක්ෂා කිරීමට උත්සහ කරන පුද්ගලයින් පිළිබඳව කරන හෙළිදරව්කිරීම් කිසිසේත්ම අපි පිටුපසට ගන්න සූදානම් නැහැ.

 


buttonප‍්‍රශ්නය: ඔබ දන්නා විදියට ගෝඨාභය රාජපක්ෂට මේකෙන් සල්ලි ගිහින් තියෙනවද?
පිළිතුර:
එය මට අදාළ කරුණක් නම් නෙවෙයි. එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගත යුතු කරුණක්. නමුත් මෙම සිදුවීම ඇතුළේ විශාල මුදල් ගණුදෙනු සිදුවූ බව පැහැදිලියි. ගියෙ කාටද ගත්තේ කවුද බැංකු ගිණුම් තර වී තිබෙන්නේ කාගෙද කියන දේවල් පරීක්ෂණවලින් සොයාගත යුතුයි. අප විසින් නැවත නැවතත් කියන්නේ එම පරීක්ෂණ කි‍්‍රයාවලියට දේශපාලනඥයින් සහ නිලධාරීන් සිදුකරන මැදිහත්වීම නතර කරන ලෙසයි.

 


buttonප‍්‍රශ්නය: කියන්න පුළුවන්ද ඔබලට මේ ගනුදෙනු ගැන සත්‍ය තොරතුරු ආවේ කොහොමද කියලා.
පිළිතුර:
මේ පිළිබඳව පමණක් නෙවෙයි. අපිට බොහෝ දේ පිළිබඳව තොරතුරු එනවා. මාධ්‍යවේදියෙක් විදිහට ඔබටත් තොරතුරු එනවා. ඒ නිසා වැදගත් වෙන්නේ තොරතුරු ආපු මාර්ගය හෝ දිශාව නෙවෙයි. එම තොරතුරුවල නිවැරදිතාවයයි. එමනිසා අපි විසින් ඉදිරිපත් කළ තොරතුරුවල සත්‍ය හා නිවැරදිභාවයට අපි වගකියනවා. ඒ වගේම අප සතුටු විය යුතුයි අපේ රටේ මිලට ගත හැකි නිලධාරීන් කණ්ඩායමක් සිටින නමුත් එයට එරෙහිව යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් ඉඳීම පිළිබඳව. එනිසා මෙවැනි යටි ගණුදෙනු එළියට එන එක වළක්වන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම ඒ සෑම කෙනෙක්ම ජවිපෙ පිළිබඳව දැඩි විශ්වාසයකින් යුතුව කිසිදු දෙගිඩියාවකින් පැකිළීමකින් තොරව අප වෙත තොරතුරු ලබාදෙන්න කටයුතු කරනවා.

 


buttonප‍්‍රශ්නය: සාක්ෂි තියෙනවනම් මේ වැඬේ මේ චෝදනාවලින් නතර කළේ ඇයි.
පිළිතුර:
ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව විසින් පරීක්ෂණයක් කෙරෙනවා. අපිට තිබෙන්නේ චෝදනාවට අදාළ සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමයි. දූෂිතයින් හඹාගෙන ගොස් පරීක්ෂණ කිරීමට හෝ ඔවුන්ට දඩුවම් ලබාදීමට අපිට හැකියාවක් නැහැ. අපිට තිබෙන්නේ නිල වශයෙන් පිහිටුවා තිබෙන ආයතනවලට පරීක්ෂණ සඳහා සහාය ලබාදීම පමණයි. එය අපි කරනවා.

 


buttonප‍්‍රශ්නය: ඔබ සහ විජේදාස රාජපක්ෂ සමථයකට පත් වූවත් ඔබලා දෙපැත්තට කියාගත්තු චෝදනා කැන්සල් වෙන්නේ නැහැ නේද?
පිළිතුර:
කිසිදු සමථයකට පත්වීමක් නැහැ. මා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සත්‍ය කරුණු. ඔහු විසින් නම් මාගේ හැසිරීම පිළිබඳවත් විවිධ අවලාද, පහත් පෙළේ අදහස් දැක්වීම් සිදුකර තිබෙනවා. මා කිසිදිනෙක විජේදාස රාජපක්ෂ වැනි පුද්ගලයෙකුගෙන් චරිත සහතික බලාපොරොත්තු වෙන්නේ නැහැ.

 


buttonප‍්‍රශ්නය: මේ වගේ ප‍්‍රශ්න මතුවෙද්දී ජවිපෙ තවමත් ජාතික විධායක සභාවේ ඉන්නවා.
පිළිතුර:
මේ ගැටලූවෙයි ජාතික විධායක සභාවයි අතර කිසිදු සම්බන්ධයක් නැහැ. ජාතික විධායක සභාවට පැවරී තිබෙන්නේ ව්‍යවස්ථා සහ නීතිමය ප‍්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය සාකච්ඡුාවන් සිදුකොට ඒවා පාර්ලිමේන්තුව මගින් කි‍්‍රයාත්මක කිරීමයි. අපි ජාතික විධායක සභාව සමඟ සම්බන්ධවන විටම ආණ්ඩුව සමඟ සාමූහික බැඳීමක් නොමැති බව ප‍්‍රකාශ කළා. ඒ වගේම එම සභාවේදී සිදුවන සාකච්ඡුා විවෘතව ජනතාවට ප‍්‍රකාශ කිරීමටත් ඇති අයිතිය සභාව විසින්ම පිළිගෙන තිබෙනවා. එම සභාවේ සිටීම නිසාම තමයි මෙවැනි හෙළිදරව් කිරීම් කිරීමට අපිට හැකියාව ලැබී තිබෙන්නේ.

 


buttonප‍්‍රශ්නය: ජවිපෙ මේ දවස්වල මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට කරන චෝදනාව බරපතලයි නේද?
පිළිතුර:
පසුගිය ආණ්ඩු කාලයේ චෝදනාවන් තිබුණේ ඇමෙරිකන් පුරවැසියන් අපේ රටේ දේපොළ අත්පත් කර ගනිමින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයා කරමින් වංචාවේ දූෂණයේ යෙදෙන බවටයි. වර්තමාන ආණ්ඩුවේ සිංගප්පූරු පුරවැසියන් ඒ දේ කරන්න පටන් අරගෙන තිබෙනවා. මහ බැංකුව රුපියල් මිලියන 1000ක බැඳුම්කර නිකුත් කිරීමට තීරණය කර ගැනුම්කරුවන්ට ඒ සඳහා ඉල්ලූම් කරන්න යැයි දැන්වීම් පළකර තිබියදී බැඳුම්කර මිලදී ගැනීමේදී එය රුපියල් මිලියන 10,000 ඉක්මවා යෑම දක්වා වැඩිකරනවා. වැඩි කරනවා පමණක් නොවේ ඔහුගේ බෑනා හිමිකාරිත්වය දරන සමාගමක් බැඳුම්කර විශාල ප‍්‍රමාණයක් මිලදී 2ගන්නවා. මෙම ගණුදෙනුවේ ඉතාමත් පැහැදිලි චෝදනාවන් දෙකක් තියෙනවා. එක රුපියල් මිලියන දාහක බැඳුම්කර සඳහා දැන්වීම් පළකර තිබියදී රුපියල් මිලියන දසදහස ඉක්මවා යෑමට මිලදී ගැනීම් සිදු කළේ ඇයි? ඒ වගේම රුපියල් මිලියන දසදහසක් ඉක්මවා යන ලෙස මහ බැංකුව මිලදී ගැනීම් සිදුකරන බව මහ බැංකු අධිපතිවරයාගේ බෑනාගේ මූල්‍ය සමාගම දැනගත්තේ කෙසේද? එමෙන්ම එම සමාගම විසින් බැඳුම්කර මිලදී ගැනීම ගැටලූවක්. පසුගිය ආණ්ඩුව සමයේ මහ බැංකුව විසින් කරන ලද ගණුදෙනු රටටත් ජනතාවටත් විශාල ලෙස හානි ගෙනාවා. කඩාවැටෙමින් තිබෙන ග‍්‍රීසියේ මුදල් තැන්පත් කරමින් අජිත් නිවාඞ් කබරාල් රටට විශාල ධනයක් අහිමි කළා. ඒවා පිළිබඳව පරීක්ෂණ කරන්න යැයි බලකරමින් තිබෙන වෙලාවක. ඒවා පිළිබඳව පරීක්ෂණ සිදුකරනවා යැයි කෑ ගසමින් සිටින ආණ්ඩුවක ඒ හා සමාන මහ දවල් මංකොල්ලයක් සිදුවී තිබෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණයක් දියත් කළ යුතුයි. එම පරීක්ෂණ සිදුකළ යුතු වන්නේ වර්තමාන මහ බැංකු අධිපතිවරයා තාවකාලිකව හෝ එම තනතුරෙන් ඉවත් කරලා. මේ මහා පරිමාණ මූල්‍ය ගණුදෙනු තමයි පසුගිය ආණ්ඩුව පළවා හැරීමට හේතු සාධක සැපයූවේ. එවැනි ප‍්‍රබල කරුණු මේ ආණ්ඩුවත් නිර්මාණය කරමින් සිටිනවා. අපි ජනවාරි 08 වැනිදා සිට කියූ ආකාරයෙන් රාජපක්ෂ පාලනය බිඳ දැමීමෙන් පමණක් මේ සටන අවසන් වෙන්නේ නැහැ. වර්තමාන පාලනයේ වංචා ¥ෂණ සම්බන්ධයෙන් සටනක්ද ජනතාවට ඉතිරි වී තිබෙනවා.

 


buttonප‍්‍රශ්නය: ඒ වගේම මේ වනවිට පොර්ට් සිටි ව්‍යාපෘතිය ගැනත් ගැටලූවක් මතුවෙලා...
පිළිතුර:
ඇත්තටම මේ ආණ්ඩුව අමුතු වර්ගයේ ආණ්ඩුවක්. කැබිනට් ප‍්‍රකාශක රාජිත එක ප‍්‍රකාශයක් කරනවා අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව වෙනත් ප‍්‍රකාශයක් කරනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ ඇත්ත තීන්දු තීරණ දැනගන්නේ කාගෙන්ද කියලා පවා අද ප‍්‍රශ්නයක් තිබෙනවා. පොර්ට් සිටි ව්‍යාපෘතිය අපේ රටේ නීති සියල්ලක්ම පාහේ උල්ලංඝනය කර තිබෙනවා. ආර්ථික වශයෙන් අවාසි ගිවිසුමක්. පාරිසරික වශයෙන් විනාශයක් ගෙන දෙමින් තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් ගැටලූ සහගත තත්ත්වයක්. එනිසා මෙවැනි ව්‍යාපෘතියක් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතුව තිබුණා. ඒ වගේම පසුගිය ආණ්ඩුවේ අනෙක් දූෂිත ගණුදෙනු වගේම මෙම ව්‍යාපෘතියේත් ගණුදෙනු වලදී මුදල් එහෙට මෙහෙට සංසරණය වී ඇති බව පැහැදිලියි. එනිසා මේ විනාශකාරී ව්‍යාපෘතිය නතරකිරීමයි කළ යුතු වන්නේ. තාවකාලිකව නතර කිරීම ප‍්‍රමාණවත් නැහැ. මෙය ස්ථිර වශයෙන් නතර කළ යුතුයි. වර්තමාන ආණ්ඩුවත් සූදානම් වන්නේ අමුතු වර්ගයේ ඞීල් එකකටද කියලා අපිට සැකයක් තිබෙනවා. ආරම්භ කරන ලද ඇතැම් යටි ගණුදෙනු සහිත ව්‍යාපෘති තාවකාලිකව නතර කොට නැවත යටි ගණුදෙනු මගින් ආරම්භ කිරීමට සූදානම්වනවාද කියලා සැකයක් තිබෙනවා. පොර්ට් සිටි ව්‍යාපෘතිය පිළිබඳවත් එවැනි සැකයක් තිබෙනවා.

 


buttonප‍්‍රශ්නය: දූෂිතයින්ට දඩුවම් ප‍්‍රමාදයි. ජනතාවගේ ජනවරම අනුව මේ ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ නේද?
පිළිතුර:
එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවන්න ජනවරමක් නැහැ. මේ පාර්ලිමේන්තුව 2010 තෝරාපත්කර ගන්නා ලද ආණ්ඩුවක්. එජාපයට මන්ත‍්‍රීවරු 41යි. ජනාධිපතිවරණය සමයේ සහාය දුන්නු අයත් එක්ක උපරිම 60යි. ඒ නිසා කළ යුතු වන්නේ මේ පාර්ලිමේන්තුව විසුරුවා හැර අලූත් පාර්ලිමේන්තුවක් හදාගන්න ජනතාවට ඉඩ දෙන එකයි. නමුත් පසුගිය ජනවාරි 08දා ජනවරමට මුවා වී ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා. එහෙම හදපු ආණ්ඩුව ජනවරමට අනුව කටයුතු කරන්නේ නැහැ. වංචාකාරයින්ට දූෂිතයින්ට දඩුවම් ලබානොදෙනවා පමණක් නොව ඔවුන්ගේම කණ්ඩායම්වල මහා පරිමාණ ගණුදෙනු හෙළිදරව්වෙමින් තිබෙනවා. මේ තත්ත්වය ජනතාව තේරුම් ගනී කියලා අපි විශ්වාස කරනවා.

 


buttonප‍්‍රශ්නය: ජවිපෙ දිගින් දිගටම ආණ්ඩුවට එරෙහිව කරන චෝදනා ආණ්ඩුව ගණන් ගන්නේ නැත්තේ ඇයි?
පිළිතුර:
මේ ආණ්ඩුව පිරිසිදු කරන්න හෝ ආණ්ඩුවේ සුදු හුණු තවරන්න අපිට වුවමනාවක් නැහැ. අපේ වගකීම තමයි ප‍්‍රබල ජනමතයක් ගොඩනැගීම හරහා ආණ්ඩුවට මහජන තෙරපුමක් ලබාදීම. ඒ වගේම ජනතාව තුළ වංචාවට දූෂණයට එරෙහිව ප‍්‍රබල මතයක් ගොඩනගා තිබෙනවා. අප හිතනවා ජනතාව එයට ඇහුම්කම් දෙමින් තිබෙනවා කියලා. ඒ වගේම පසුගිය මැතිවරණයේදී වංචා දූෂණ පිළිබඳව විශේෂ අවධානයක් යොමු වුණා. එයින් කියවෙන්නේ අපි විසින් ගොඩනගන ලද මතය ඒ සඳහා ඉදිරිපත් කරන ලද කරුණු අද ප‍්‍රබල සමාජ මතයක් බවට පත්වී තිබෙන බව. එනිසා ඒ සමාජ මතය වර්ධනය කරන එක ප‍්‍රබල කරන එක තමයි අපගේ කාර්යභාරය.

 


buttonප‍්‍රශ්නය: මේ සියල්ලට පසුව ඔබලා තවදුරටත් මේ ආණ්ඩුව යම්කිසි දුරකට හෝ රකිනවද?
පිළිතුර:
මේ ආණ්ඩුව අපි කිසිසේත්ම රකින්නේ නැහැ. ආණ්ඩුවවත් එහි පුද්ගලයින්වත් ආරක්ෂා කරන්නේ නැහැ. ඒ ආකාරයෙන් ආණ්ඩුව ආරක්ෂා කරනවා නම් මේ ආකාරයෙන් කරුණු දැක්වීමක් මතයන් ඉදිරිපත් කිරීමක් සිදුවන්නේ නැහැ. පාර්ලිමේන්තුවෙත් පාර්ලිමේන්තුවෙන් පිටතත් ආණ්ඩුවේ ඇතැම් කි‍්‍රයාමාර්ගවලට එරෙහිව ප‍්‍රබල හඩක් මතයක් ගොඩනගමින් තිබෙනවා. නමුත් අපිට ඉටුකරගත යුතු ප‍්‍රජාතාන්ත‍්‍රීය කරුණු ගණනාවක් තිබෙනවා. විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම, ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කිරීම, තොරතුරු දැනගැනීමේ පනත නීතියක් බවට පත්කර ගැනීම මැතිවරණ වල දින නියම කර ගැනීම අමාත්‍ය මණ්ඩලය සීමා කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය වැනි ඉතාමත් වැදගත් ප‍්‍රතිසංස්කරණ ගණනාවක් මේ මොහොතේ සිදුකළ හැකියි. ඒ සඳහා යම් කෙනෙක් බාධා කරනවානම් ඒ බාධාවන්ට එරෙහිව අපි කි‍්‍රයාත්මක වෙනවා. එය කිසිසේත්ම වත්මන් පාලනය ආරක්ෂා කිරීමක් නොවේ. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් අපි විසින් දක්වන ලද දායකත්වයක්.

m

 

 

 



අදහස් (0)

ඇවන්ගාඞ් මහා වංචාවක්: ආණ්ඩුව ඒක යට ගහන්න හදනවා

ලෙස්ලි ජයවර්ධන Wednesday, 18 March 2015 03:34 AM

දැන් ලංකාවේ ලොකු නඩු අහන්නේ ටීවී වලද (ම)

:       0       0

මාලක Thursday, 19 March 2015 07:05 AM

මම ඉතාම සතුටු වෙනවා මෙවැනි දේශයට ආදරය කරන, ඍජු, එඩිතර තරුණ නායකයකු ගැන. කවර පක්ෂයකට අයිති වුවත් අවංක ප්‍රතිපත්ති ඇති නීතිගරුක සහ විචාරශීලී නායකයන් රටට සම්පතක්. මෙවැනි දේශපාලකයන් රජයේ හෝ විපක්ෂයේ සිටීමත්, ජනතාවට සත්‍ය තොරතුරු ලබාදීමත් මහඟු කාර්යයක්. අනුර කුමාර මහතාට සුබ පැතීමට කැමතියි (නි)

:       0       0

කුමාරි Tuesday, 17 March 2015 08:22 AM

වංචා,දුෂණ වගේම බලහත් කාරයෙන් බාලවයස්කාර දැරියක් සඟවා තබා ගැනීමත් වැරදි නේද? ඇයි ඒ ගැන මාධ්‍ය නිහඩ? (දිල්)

:       0       0

සමිත Tuesday, 17 March 2015 10:12 AM

කුමාරි මේ ලිපියෙ කතා කරන්නේ ඇවන්ගාඞ් එක ගැන. ඔයා යන්නේ කොහෙද මල්ල‍ෙ පොල්නේ? (ස)

:       0       0

චේතන Tuesday, 17 March 2015 10:14 AM

වැදගත් රටටම බලපාන දෙයක් ගැන විස්තර සහිතව දිර්ඝව සාකච්චා කරලා තියෙනවා. (ර)

:       0       0

මාධවී Tuesday, 17 March 2015 11:43 AM

ඊයේ ගෝඨාභය මහතා මේ සියලු කරැණු කාරණා පිළිබද ඉතාමත් හොද පැහැදිලි කිරීමක් කළා. (ර)

:       0       0

රවීන් Wednesday, 18 March 2015 11:31 AM

එතකොට ඔක්කොම දැන් හොඳ මිනිස්සු? (නි)

:       0       0

රුචිර Tuesday, 17 March 2015 01:18 PM

කරුණාකර හොඳ දෙය අගය කරන්න පුරුදුවෙන්න. පටු දේශපාලන වාසි ගැන හිතන එක නවත්වන්න. ඇවන් ගාර්ඩ් හොඳ වැඩක්. එය ඉදිරියට ගෙන යායුතුයි. (නි)

:       0       0

උපුල් Tuesday, 17 March 2015 01:19 PM

මේ සමහරුන්ට වෙන වැඩක් නැහැ වගේ... (නි)

:       0       0

සුමුදු හේවා Saturday, 21 March 2015 01:38 AM

අනේ මාලක, ඔයා කවුරු ගැනද මේ කතාකරන්නේ? (නි)

:       0       0

සුමුදු හේවා Saturday, 21 March 2015 01:42 AM

අනේ ඔව් රවින්, දැන් අපේ රටේ ඉන්න නරකම පුද්ගලයෝ දෙන්නා තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමා. අනේ කාලේ වනේ වාසේ කිවුවලු ! (නි)

:       0       0

බර්නාඩ් Saturday, 21 March 2015 06:29 PM

සුමුදු, ඔයා දන්නවා නම් වෙනත් "දේශයට ආදරය කරන, ඍජු, එඩිතර තරුණ නායකයකු " ගැන අපිටත් කියන්නකෝ. ඒ වගේම හොරු වංචාකාරයෝ නැති, ඩීල්කාරයෝ නැති ස්ත්‍රීදුෂකයෝ නැති, කුඩු බිස්නස් වලට සහයෝගය දෙන්නේ නැති, බොරු පොරොන්දු දෙන්නේ නැති, දුෂණ චෝදනා නැති පක්ෂයක් තියෙනවා නම් (ජවිපෙ හැර) ඒකත් අපිට කියන්න ඊළඟ පාර ඡන්දෙ දෙන්න (නි)

:       0       0

ජීවා Tuesday, 17 March 2015 02:18 PM

කුමාරි කියන්නේ ඇත්ත. (නි)

:       0       0

කමල් Saturday, 21 March 2015 08:28 PM

මම නම් මේ ගැන මොකුත්ම කියන්න දන්නෙ නැහැ (නි)

:       0       0

සුජිත් Thursday, 19 March 2015 04:15 AM

ඉගුරු දීල මිරිස් ගත්ත වගේ (ම)

:       0       0

ඇසළ Wednesday, 18 March 2015 04:00 PM

ජේවීපි එක හොඳයි කියපු එක වැඩක් දන්නවා නම් කවුරුහරි ලියන්න බලන්න. (නි)

:       0       0

කපිල Sunday, 22 March 2015 01:30 AM

දැන් පහුගිය කාලේ කළ චෝදනා එකක්වත් ඔප්පුවුණාද? කාලෙන් කාලෙට එක එක දේවල් කියව කියවා ඉන්නවට වැඩිය හොඳයි නේද රටට ප්‍රයෝජනවත් වැඩක් කළා නම් (නි)

:       0       0

ප්‍රශාන්ත Sunday, 22 March 2015 03:11 AM

වැඩකරන මිනිසුන්ගෙන් තමා වැරදි වෙන්නේ. අන්න ඒක මතක තියාගන්න (නි)

:       0       0

කැළුම් Wednesday, 18 March 2015 01:52 AM

අනුර කුමාර මහත්තයා කොහොමත් ඇත්ත කතාකරන කෙනෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4352 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 538 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1140 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 99 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 186 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 244 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site