හැඳි මිටෙහි නුවණින් කාන්තාව මැන්න ලොව එකම රට ලංකාව විය හැකිය. එය කෙසේ සමාජගත වුවත් ඒ සියුමැලි, සොඳුරු ලලනාවන් අද වන විට ගෙයක්, ගමක්, පළාතක්, රටක් නොව ලෝකයක් බබළවන තැනට දස්කම් පා තිබේ. දේශ දේශාන්තරයන්හි පවා ලකඟන බැබළවූ සොඳුරු රුවැත්තියක් පසුගියදා අපට මුණ ගැසිණි. ඇය නමින් දේවිකා දිලානිය.
|
|
|
පවුලේ අය |
ඉතාලියේ අති නවීන විදුලි දුම්රියවල නියාමක තනතුරක් හොබවන ඇය ඇතැම් විට එරට දුම්රියේ රියදුරුවරියක් ලෙසද කටයුතු කරන්නීය. මෙවැනි තනතුරක් දරන ලංකාවේ එකම කාන්තාවද ඇයයි.
”නොහැක්කක් නොමැත” යන්න මැනවින් ඔප්පු කිරීමට ඇය සමත්ව තිබේ. පොදුවේ අපේ රටේ සමස්ත කාන්තා සංහතියටම දේවිකා ආදර්ශයකි. රට සමාජයේ ඉදිරියට ඒමේදී කාන්තාවට කිසිම බාධාවක් නැති බව දේශාන්තර තනිවම ජය ගනිමින් ඇය පෙන්වා දී තිබේ.
දේවිකා දිලානිගේ ළමා කල ගෙවුණේ පූගොඩ තරාල ප‍්‍රදේශයේය. ඇය 3 වැනි ශ්‍රේණිය දක්වා තරාල සිරිකුරුස විදුහලින් උගත්තාය. ඉන්පසු පවුලේ අය මීගමුවේ පදිංචියට ගිය නිසා දේවිකා වෙන්නප්පුව උල්හිටියාව ශාන්ත ෆ‍්‍රැන්සිස් සේවියර් විදුහලට ඇතුළත් කෙරිණි.
නමුත් දේවිකාගේ පියා වූ ජෝෂප් නිවුටන් මහතාටත්, මව වූ නාලනී ප‍්‍රනාන්දු මහත්මියටත් ඉතාලියේ රැුකියා ලැබුණු බැවින් පවුලම ඉතාලිය බලා පිටත්ව ගියහ. ඔවුන් පදිංචි වූයේ ඉතාලියේ මෙසීනාවලය. මෙසීනාහි ලොයියාසි විදුහලෙන් දේවිකා දිලානි ඉගෙනුම ලැබුවාය. එම විදුහලේ විභාග උසස් ලෙස සමත් වූ ඇය බොලොනියා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූවාය. එහිදී දේශපාලන විද්‍යාව හා තානාපතිකරණය හදාරා ඇය ආචාර්ය උපාධිය ද ලැබුවාය. ලංකාව ගැන, ලංකාවේ තත්ත්වය ගැන මනා අවබෝධයකින් පසුවූ ඇය ආචාර්ය උපාධිය සඳහා කළ නිබන්ධනය ද විශේෂ එකකි. එම නිබන්ධනය ‘ශ්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදයට විසඳුම’ ලෙස නම් කර තිබිණි.
මේ කාලයේම දේවිකාට රජයට සම්බන්ධ දුම්රිය සේවයේ නියාමක තනතුරක් ලැබිණි. ඇගේ උපාධිය අනුව තවදුරටත් උසස් රැුකියාවක් ලැබිය හැකි වුවද, ඇය දුම්රිය සේවයට බොහෝ ප‍්‍රිය කළාය. ඒ අනුව එරට දුම්රිය පැදවීම පිළිබඳ විශේෂ පුහුණුවක්ද ලැබිණි. ඉතාලියේ දුම්රිය නියාමක තනතුරක් දරන එකම ශ්‍රී ලාංකිකයා වීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද? හදිසි අවස්ථාවල දුම්රිය පදවන ඇය අනෙක් සෑම අවස්ථාවකම දුම්රියේ ප‍්‍රධාන වගකීම දරමින් නියාමකවරිය ලෙස කටයුතු කරන්නීය.
ඉතාලියේ දුම්රිය සේවා ආරම්භ කරන ප‍්‍රධාන දුම්රිය ස්ථානය බොලොන්නා දුම්රිය පළයි. (ලංකාවේ කොටුව දුම්රිය පළ මෙන්) එහි සිට ඉතාලිය පුරා විහිද යන බොහෝ දුම්රිය වල ඇය සේවය කරන්නීය.
විශේෂයෙන් බොලොන්නා සිට මිලානෝ, රෝමය, වැනීසිය, වෙරෝනා, ටොරීනෝ, ෆෙස්කාරා ආදී ප‍්‍රදේශවලට යන දුම්රියන්හි දේවිකා නිතර කටයුතු කරයි.
දේවිකා දිලානි එරට සිටියද හැකි සෑම විටම ලංකාවට පැමිණෙන්නීය. ඇය ලංකාවට බොහෝ ආදරය කරන අතර තම උපන් ගම් බිම්වල සතුටින් ඇවිද යන්නීය. ඒ ආදරය නිසාම ඉතාලි දුම්රිය සේවයේ කටයුතු කළද ඇගේ නිල ඇඳුමේ ලංකාවේ සිහ ධජය සහිත කුඩා ලාංඡුනයක් පැළඳීමට ද අමතක නොකරන්නීය. පිටරට ගොස් ලංකාව අමතක කරන බොහෝ දෙනාට දේවිකා ඒ අතින් ආදර්ශවත්ය.
”මා ශ්‍රී ලංකාවට ආදරෙයි. මා ශ්‍රී ලාංකිකයි. මගේ ගම්වලට මම ආදරෙයි. මම ඉතාලියේ සේවය කළාට එහෙ ජීවත් වුණාට ලංකාව, ලංකාවෙ අනන්‍යතාව අමතක කරන්න බෑ. මගේ නිල ඇඳුමේ විතරයි, මේ විදිහට ලාංඡනයක් පළඳින්නෙ. තවත් රටවල අය ඉන්නවා. ඒ අය එහෙම තම රටවල ලාංඡුන පළඳින්නෙ නෑ. නමුත් මට සිංහ ධජය සහිත බැජ් එකක් පැළදීම සතුටක්. තාත්තා ලංකාවට ආපු අවස්ථාවක තමයි මම කියලා ගෙන්වා ගත්තෙ.
මගේ නිල ඇඳුමේ සිංහ කොඩිය සහිත ලාංඡුනය තියෙනවා දැකලා මෙහෙට ආපු ලංකාවේ ප‍්‍රධාන පෙළේ අය බොහෝ දෙනෙක් මා සමඟ කතා කළා. මිලානෝ වලට, වැනීසියට යන දුම්රියක දී සිංහල කෙනෙක් හමුවෙලා කතා කිරීමට ලැබීමත් භාග්‍යයක්. වැඩි දෙනා ඉතාලි භාෂාව කතා කරන්නෙ. දුම්රියෙ යන ශ්‍රී ලාංකික මගියකුට ඒ දුම්රියේ නියාමකවරිය සමඟ සිංහලෙන් කතා කරන්න ලැබෙනවා කියන්නෙ පුදුම සිදුවීමක්. කවදාවත් අමතක නොවෙන දෙයක්. ලංකාවෙන් ආපු ඉහළ මට්ටමේ අය දුම්රියෙදි මාව දැකලා කතා කර ප‍්‍රසංසා කළා. ඔවුන්ගේ සතුට ප‍්‍රකාශ කළා. අපට ඒ රටේ රජයෙන් උසස් විදිහට මේ රැකියාවට සැලකීමක් දක්වනවා.
එක අවස්ථාවක අප පදිංචිව සිටි නිවසට භූමිකම්පාවකින් යම් හානියක් වුණා. එරට රජය වහා මැදිහත් වෙලා අපේ පවුලේ අයට අති නවීන පහසුකම් සහිත නිවසක්, ආහාර පාන නොපිරිහෙලා වගකීමෙන් ලබා දීමට කටයුතු කළායි” ඇය පවසන්නීය.
විශේෂයෙන් ලංකාවේ එල්.ටී.ටී.ඊ. ප‍්‍රශ්නය නිමාවට පත්වීම දේවිකා බෙහෙවින් අගය කරන්නීය.
දේවිකා දිලානි විවාහ වී සිටින්නේ ලසන්ත මග්ගොනගේ මහතා සමඟය. ඔවුන්ට දියණියෝ දෙදෙනෙකි. වැඩිමල් දියණිය ක්ලේලියාය. ඇය ක්ලෙවර් කෝරෙ විදුහලේ ඉගෙනුම ලබන්නීය. බාල දියණිය කර්ලොත්තාය.
ශ්‍රී ලාංකිකව ඉපිද, ලොවක් දිනූ, ලාංකික කමට ගරු කරන සොඳුරුරුවැත්තීය දේවිකා දිලානිට අපිද සුබ පතමු.
ස්තූතිය තරාලේ චමිල සමරතුංගට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සුබ පැතුම්! (නි)
මෙහෙ අාවොත් දුම්රිය රියදුරෝ වර්ජන කරාවි. ඒ නිසා එන්න එපා. (නි)
බොහෝ දෙනෙකුට විදේශගත වුණාම ඉක්මනින් මව්බිම අමතක වෙනවා. ඔබ නම් සැබෑම ශ්‍රී ලාංකිකයෙක්.සුබ පැතුම්. (නි)
ජයවේවා ඔබතුමියට!!! (නි)
අපිට ගොඩක් ආඩම්බරයි. (නි)
පිටිගල මිලානෝ, කෝ ඔයා? අපි වෙන්නප්පුවේ. එන්න මොනවා හරි ලියන්න (නි)
ශ්රී ලාංකිකයෙක් විදිහට සතුටුයිඊටත් වඩා අපේ ගමේ කෙනෙක් වුණ එක තවත් සතුටුයි .ඔබට ජය ....(අ)
ඔබ අප රටට අභිමානයකි. ඔබට තව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා! (නි)
ඔබ අප දේශයට ආඩම්බරයකි.ඔබට ජය. (නි)
ඔබ අපට ආඩම්බරයක්! සුභ පැතුම්!! (නි)
ඔබ අපට ආඩම්බරයක් (නි)
අභියෝග ජයගත් ඔබට මගෙන් සුබ පැතුම්! (නි)
සුබ අනාගතයක් වේවා !!! (නි)
ආඩම්බරයි. ළමයින්ගේ නම් සිංහල වුණා නම් තවත් ආඩම්බරයි (නි)
දේවිකා දිලානි රටේ නම තබමින්,දස්කම් හා සිනහව පාමින්, ඔබ යන ඉදිරි ගමනට අපේ හද පතුලෙන් ආදර සුබ පැතුමන්! (නි)
මේ පුංචි රටේ නම, ලෝකයේ බබලවන්නට තව තවත් මේ වැනි ලලනාවන් බිහි වේවා .....! (ස)
ඇත්තෙන් ම ඔබ වැනි දිරිය දියණියක් ලද මගේ මව් බිමට නමස්කාර වේවා! ඔබ සිප් සතර ලැබු සාන්ත ප්‍රැන්සිස් සේවියර් විදුහලේ ස්වේච්ඡා ගුරවරියක ලෙස සේවය කිරීමට ලැබීමත් මා ද එම විදුහලේ ආදි ශිෂ්‍යාවක වීමත් ගැන සියුම් ආඩම්බරයක් මට ද දැනේ. දයාබර දියණිය ඔබ අප පාසැල් මාතාවට ද ලැබ දුන්නේ ඉමහත් ගෞරවයකි. ඔබගේ දෙමව්පියන්වද බැතියෙන් සිහි කරමි. ඔබට සැමියා ට හා දියණියන් දෙව් ආසිරි පතමි! (ස)
මගේ සුබ පැතුම්! ..................... අර පිටිගල දැන් පේන්නත් නෑ....... (ස)
අපේ රටේ කාන්තාවෝ ලොවේ හැම රටකම වගේ දක්ෂකම් පෙන්වමින් ලක්මවගේ නම බබළවනවා.හරිම සතුටක් ,ආඩම්බරයක් වගේම තවත් උසස් තනතුරු ලබාගැනීමට හේතු වාසනා වේවා! ඔබට ජය. (නි)
ඇත්තෙන්ම රටට ආඩම්බරයක් නම් තමයි. ඒ වුණාට ඔයා ලංකාවෙන් ඉතාලියට ගොස් රස්සාවක් කරන එක ඔයාට හොඳයි. ලංකාවේ හිටියා නම් දෙවියන්ගේම පිහිටයි! (නි)
මටත් එළවන්න පුළුවන් ඕක (නි)
සුභ පතනවා (දිල්)
ඔයාට සුබ අනාගතයක්! (නි)
ඔයා ලංකාවේ ඔය රස්සාව කළා නම් ...? (නි)
දිරිය දියණියක් වන ඔබ ගැන ගොඩක් ආඩම්බරයි. ඔබට දෙවි පිහිටයි! (නි)
ආඩම්බරයි දුවේ (නි)
අපට ආඩම්බරයක්! සුභ පැතුම්!! (නි)
ඔබට ජය! (නි)
මිලානෝ පිටිගල කියන කෙනා මේකට අදහස් දාලා නැහැ (නි)
වෙන්නප්පුවේ මිනිස්සුන්ට කොච්චර දොස් කිව්වත්, ඒ අය ඇත්තටම උසස් , ඒ අය රටට ආඩම්බරයක් එක් කරනවා. විවේචකයෝ මොනවද රටට කරන්නේ? (නි)
තව අවුරුදු පහක් යද්දී අපේ සිංහල ළමයි ඉතාලියේ ඉහළ තැන්වලට යන්න වාසනාව ලබනවා (නි)
දැක්කා නේද? මොනවාහරි දෙයක් වෙද්දී වෙන්නප්පුවට බනින ඔයගොල්ලෝ අද මොකෝ කියන්නේ? වෙන්නප්පුවේ මොනවා වුණත් අගයන්න ඕනෑ. (නි)
අප රටට මහා කීර්තියකි (නි)
ඔබ අපට ආඩම්බරයක් (නි)
ඇත්තෙම්ම මට නම් ගොඩක් ආඩම්බරයි. ඔයාට දෙවි පිහිටයි .... (ස)
ඔයා ගැන මට ගොඩාක් ආඩම්බරයි. මං මේ පුවත දැක්ක ගමන් මට හරි සතුටක් දැනුනා. අපේ කෙනෙක් හැටියටත්, අපේ රටේ කෙනෙක් හැටියටත් අපට ලොකු ආඩම්බරයක්, සතුටක්...ඔයාට දෙවි පිහිටයි දේවිකා! (නි)
ශ්රී ලංකික ඔබ, ඔබ ගැන අපට ආඩම්බරයකි. දිලානි (ස)
ලංකාවට ඉමහත් ආඩම්බරයක් එක් කළ ඔබට , සුබ පැතුම් ..!! (නි)
මහත් ආඩම්බරයක් අපිට (නි)
මෙවන් ධෛර්යසම්පන්න සිංහ දෙනුන් තව තවත් බිහිවේවා! (නි)
නියමයි. (ස)
අප රටට මහා කීර්තියකි.ඔබ ගැන අපට ආඩම්බරයකි. (ස)
ඔබට සුබ පතනවා. ඔබ ආදර්ශමත් කාන්තාවක්. (ස)
ඔබට ජය ශ්‍රී . ලංකාවේ අපිට ලොකු සතුටක්. (ස)
ශ්රී ලංකාවේ අපිට ලොකු සතුටක්, සුභ පතනවා... (ස)
ලංකාවේ කාන්තාවක් ඉතාලියේ දුම්රිය නියාමකවරියක් වී ඇතිබව දැකීම ඉමහත් සතුටක්. ඒ වගේම ඔබ ලංකාවේ සිංහ කොඩියක් සහිත ලාංජනයක් පැළඳ සේවය කිරීම අපට මහත් ආඩම්බරයක්. මම රෝමයේ සේවය කරන්නෙක්. (නි)
දිරිය දියණියක් වන ඔබ ගැන ගොඩක් ආඩම්බරය දුවේ. ඔබට දෙවි පිහිටයි! (නි)
ඔබට අපේ සුභ පැතුම්! (නි)
ඔබට සුබ පතනවා. ඔබ ආදර්ශමත් කාන්තාවක් (නි)
අප රටට ලොකු ආඩම්බරයක්. ශ්‍රී ලාංකිය කාන්තාවන්ට අභිමානයක්. මගෙන් උණුසුම් සුබ පැතුම් (නි)
නංගියේ .... ඔයා අපිට ලොකුම ලොකු ආඩම්බරයක්...සුබ පතනවා ...ඔයාට අපේ ආචාරය..(නදී)
ඔබ ශ්‍රී ලංකාවට ආඩම්බරයකි. ආදර්ශයකි අපේ ගමේ වීමත් ඉමහත් සතුටක් ඔබටත් ඔබ පවුලේ සැමටත් ශ්‍රී කුරුසයේ පිහිටයි (නදී)
ලංකාවට මහත් කීර්තියක් ලබා දුන් ඔබට අපගේ සුබ පැතුම්........(නදී)
ඔබගේ නව යොවුන් තාරුණ්‍යයේ මුහුණ දකින විට නම් පැයට කිලෝමීටර් තුන්සීයක පමණ වේගයෙන් ඇදෙන විදුලි දුම්රියක් පදවනවා කියල අදහන්නත් අමාරුයි. මම ඔබට සුභ පතමි.(නදී)
වෙන්නප්පුවට බනින උදවියගේ ගම් වලින් මේ වගේ අය බිහිවෙලා නැත්තේ ඇයි දන්නේ නැහැ නේ ?(නදී)
පිටිගල මිලානෝ මෙන්න ඔබේ උගත් , බුද්ධිමත් භාවය පෙන්වන්න අවස්ථාවක්.(නදී)
අපිට හරිම සතුටක් නගෝ.(නදී)
මේක කියවනවිට මට යමක් සිහි වුණා. විදේශීය රටකදී මට මුණගැසුනා වයස විසි පහක පමණ කාන්තා ගුවන් නියාමකවරියක්.ඇය බලාගෙන සිටින්නේ අැගේ සැමියා පැමිණ අැයව නිවසට රැගෙන යනතුරු. මම ඇහුවා ඔයා වාහන පදවන්නේ නැත්තේ මහන්සිය නිසාද කියලා.ඇය දුන් පිළිතුර මාව පුදුමයට පත්කළා.එයාට රිය පැදවීමේ බලපත්‍රයක් නැතිලු. (නි)
ඔබට ග්‍රහ ලොවකට යන්න වරම් ලැබේවා .... (ස)
අක්කේ ඔබ අපිට ආඩම්බරයක්. අපේ සුභ පැතුම්! (ස)
ආඩම්බරයි අක්කා ඔයා ගැන !!!! (ස)
මගේ සුබ පැතුම් (ස)
පුගොඩ අපෙන් සුබ පැතුම් !!!! (ස)
දිරිය දියණියනි, ඔබට මගේ ප්‍රණාමය !!!!! (ස)
ඔබ ගැන අපිට හරිම සතුටුයි .... ඒ වගේම ආඩම්බරයි..තව තවත් ඉදිරියට යන්න දිරිය ලැබේවා .... ඔබගේ දෙමාපියන්ටත්, සැමියා ඇතුළු දරු දෙදෙනාටත් බුදු සරණ පතමි. (ස)
ලංකාවෙත් කාන්තා ගාඩ්ලා හා රියදුරුවරියන් දුම්රියට පත් කරමු. එවිට මගීන් ගාඩ් පෙට්ටියේ හා එන්ජිමේ යන්න පෙළඹෙන නිසා වැඩිපුර මගීන් ගණනක් ගෙන යා හැකියි. (නි)
මෙහෙත් ඉන්නවා ආචාර්ය උපාධි තියන අය. නමුත් ඒ බොහෝ ආචාර්යවරියන්ට පමණක් නොව ආචාර්ය වරුන්ටවත් බසයක් ලොරියක් පදවන්නවත් බෑ. යන්තම් කාරයක් ජීප් රියක් පදවා ගත්තෑකි. (ස)
දැක්කනේ උගත් පිටිගලගේ අදහස. මේ මනුස්සයාගේ උගත්කම කුහකකම ඒකෙන්ම පේනවා (නි)
පිටිගලට ලෑන්ඩ් මාස්ටරයක්වත් එළවා ගන්න බැහැයි කියන්නෙ ඇත්තද? (නි)
ඔබ අපට ආඩම්බරයක්.කොහේ හිටියත් අපේකම අමතක කරන්න එපා,ඔබට සුබ පතමි! (නි)
ආඩම්බ්රයි අක්කේ.. ඒත් ළමයින්ගේ නම් ලංකික නම් උනා නම් තවත් හොදයි.(නදී)
පිටිගල, මූණ බලලා මිනිස්සු මනින්න බැහැ. ඔබතුමා හිතන්නේ ඔබතුමාට බැරි දේවල් අනෙක් අයටත් බැහැ කියලද? (නි)
සුබ පැතුම්! ඔබ තරාලේ උපන් කෙනෙකු වීම සහ තරාල සිරිකුරුස විදුහලින්ද උගත් කෙනෙකු වීම තරාලේ සැමටම මහත් ආඩම්බරයට සහ සතුටට කරුණකි. (නි)
ඔබට අපෙන් උනුසුම් සුභ පැතුම්!(නදී)
වරුණ මිලානෝ, ඇයි නිකරුනේ පිටිගලට බනින්නේ? එයා හොඳක් නේ ලියල තියෙන්නේ.(නදී)
මගෙන් සුබ පැතුම්. (ස)
නැගණියනි, ඔබට මගේද සුබ පැතුම් එක් කරමි,දරු දෙදෙනාටත් සැමියාටත් දෙමාපියන්ටත් ඔබටත් නිරෝගී සම්පත් ලැබී දිර්ගායුෂ ලැබේවා! ලක් මවගේ දුවක් වීම අගයකොට සළකමි. පිටිගල මිලානොට බැනපු හැමදෙනාම තව වරක් ඔහු ලියූ දේ කියවා බලන්න කියා ඉල්ලා සිටිමි (නි)
ජගත්,අපි දන්නවා ඔයාට බර කරත්තත් එලවන්න පුළුවන් කියලා.අර ළමයාගේ දක්ෂතාවයට සුභ පතන්න ඉගෙන ගන්න.ඔයා මොනවා එලෙව්වත් වැඩක් නැහැ,කෙනෙකුට සුභ පතන්න තරම් මානසිකත්වයක් නැත්නම් . (නි)
නියමයි. අපේ උපහාරය! (නි)
පුගොඩ තරාලේ අපෙන් සුභ පැතුම්.(නදී)
සුබ පැතුම්! (නි)
ගොඩාක් ආඩම්බරයි ..!! කාන්තාවකට අද සමාජයේ බිම දිගට අතුගෑවෙන සායක් ඇදන් නොගියොත් පිළිගැනීම අඩු මිනිසුන් අතරට මේ කාන්තාව ..ලස්සන උත්තරීතර ආදර්ශයක් එක් කර ඇතිබව මම මෙහි ලියන්නේ ... දකින්නේ ..ගොඩාක් උදම් වෙමින් ..!!! ඔබට ජයෙන් ජයශ්‍රී ..!!! (ස)
ගොඩක් සතුටුයි මයේ දුවේ. ඔයාට සම්මා සම්බුදු පිහිටයි.අපේ රටට ගොඩාක් ආඩම්බරයක්. මීට පස්සේ මම දෙයියෝ සාක්කි එකට ලියන්නේ නැහැ. මේවගේ ඒවාට ලියනවා. සමදරා නැන්දා (නදී)
රූපා කාන්තාවක් උනහම අපි දැන ගන්න ඕන කොට සාය අපේ රටට හරි නැති බව. අපේ සංස්කෘතිය නැති බංග කරන්න හදන්න එපා. ඔයා ඔයා යන යන තැන ලෙඩ දාන කෙනෙක් (නදී)
ඉතාලිය වගේ උසස් රටක ජීවත් වෙන්න ලැබීමට ඔයා ගොඩාක් පින් කරලා තියෙනවා. මමත් හරි ආසයි ප්ලේන් එකක කොහේ හරි යන්න. ගිහින්ම නැහැ. ටිකට් එකට සල්ලි තියෙනවා. විසා තමයි ප්‍රශ්නේ. (ස)
වෙන්නප්පුවෙන් බිහිවූ තවත් උදාර දිරිය කාන්තාවක්! අද ඉතාලියේ ජිවත් වන සියලු ලාංකිකයින් හට, ශ්‍රී ලංකික අනන්‍ය තාවයකින් යුතුව එරට විසීමට මග එලි පෙහෙළි කර දුන්නේ වෙන්නප්පුවේ කාන්තාවන් තමයි. එදා මුලින්ම ඉතාලියට ගිය උගත්, නුගත් සියලු දෙනාම මනා බුද්ධියකින් යුතුව නිසි ලෙස ඉතාලි සමාජය හා බද්ද වෙමින් ශ්‍රී ලංකා නාමය ඉතාලි සමාජය තුල සනිටුවන් කල නිසා, ඉන් පසුව ඉතාලියට ගිය පරම්පරාවට එරට ජිවත් වීම පහසුවක් වුවා. එම අවස්ථාවෙනුත් ප්‍රයෝජන අරගෙන වෙන්නප්පුවේ ජනතාවට කුහක කම් කරන්නේ නැතිව, වෙන්නප්පුව නගරය අද තිබෙන දියණු තත්වයට තමන්ගේ ගමත් දියුණු කරගන්න අරමුණු කරගෙන, ඉතාලි යස ඉසුරුත් රැගෙන ලංකාවට එන්න අධිෂ්ඨාන කරගන්න. මා මෙලෙස ලිවේ සැමදාම වෙන්නප්පුවට දොස් නගන කීප දෙනටයි. දිරිය දියණිය ඔබට මගේ ශුභ පැතුම්!! (ස)
ඉතාලිය වගේ උසස් රටක ජීවත් වෙන වෙන්නප්පුවේ මිනිසුන්ගෙන් මෙහෙමත් කෙනෙක් බිහිවීම ගැන ආඩම්බර වෙනවා (නි)
රූපා, ඔයාගේ කොට සාය මැන්චෙස්ටර් වලම තියාගන්න. ඕවා ඇඳගෙන අපේ ගම් පැත්තේ අාවොත් කොල්ලෝ ඔයාගේ කකුල් කඩයි (නි)
අපිට ගොඩක් සතුටුයි (නි)
දරුවන්ටත් සිංහල නම් දැම්මා නම් තවත් වටිනවා. (නි)
ඔබ ගැන ලංකික අපිට හරි ආඩම්බරයක්. lankawe තවම කාන්ත දුම්රිය නියමකවරියන් නැහැ, ඒගැන හිතලවත් නැති තරම් වගේ. මමත් ඉතාලි සංචාරක හොටෙලෙක රැකියාව කරන්නේ, ඔබ ගැන හරිම ආඩම්බරයකින් මම ඉතාලි ගැහැණු ළමයෙකුට කිව, අපේ ගැහැනු ළමයෙක් ඔයාලගේ විදුලි දුම්රිය පදවනවා කියල. ඔබට මගේ සුබ පැතුම්...!! (ස)
සමදරා ඔයාව යවන්න ඕන දබානටයි..?නැහැදිච්ච කම විතරක් ?කැලේටමයි හොද ඔයාව...? පොරවක් කරේ දමාගෙන ඉන්න ...? (නදී)
සමදරා ..මමනම් අදින්නෙම කලිසම..? පිරිමින්ගෙන් තියා දැන් අපිට ඔයාලවගේ ගැහැණියෙකු ගෙන්වත් බේරෙන්න නම් ? ඒක තමයි දැන් තියන කාන්තාවකට ආරක්ෂිතම ඇදුම..?කොට සාය ඔයාම ඇදගන්න..? (නදී)
සමදරා අක්කේ ඔයාට වැඩක් නැද්ද අනිත් අයගේ ප්‍රතිචාර. දිගට ඇන්දත් කොටට ඇන්දත් තමන්ගේ චරිතය තියන්න ඉන්න දන්න කෙනා තමයි නියම ගැහැණිය. (නදී)
නියමයි(නදී)
ඔක්කොම හොඳයි. එහෙත් ළමයින්ගේ නම් දාද්දි නම් අපේකම අමතක වෙලා නේද (නි)
ඇත්තටම ඔබ වැනි දිරිය දුවක් ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නේ. ඔයාට ඉදිරියටම යන්න මගෙන් උණුසුම් සුබ පැතුම්! (නි)
ශ්රී ලාංකීක අපිට ආඩම්බරයි ඔබ ගැන. ජයවේවා! (නි)
දිරිය කතක් වීම ලාංකික කාන්තා පරපුරටම මහත් අභිමානයකි, ආඩම්බරයකි. රටට මහත් ගෞරවයකි. අපෙන් සුබ පැතුම්.(නදී)
අපිට මහත් ආඩම්බරයකි.(නදී)
ඔබ අපට ආඩම්බරයක්! සුභ පැතුම්!ඔයාට ඉදිරියටම යන්න මගෙන් උණුසුම් සුභ පැතුම්! (නි)