රටේ ආණ්ඩු පෙරළීමක ලකුණක් හෝ නොවූ සමයක ඊළඟ ජාතික මැතිවරණයේදී රටේ දේශපාලනය උඩු යටිකුරු වන බවට සුජිත් නිශාන්ත යෝගිතුමා පසුගිය වසර මුලදීම ඉරිදා ලංකාදීපය මඟින් ප‍්‍රකාශ කළේය.

2014-ජනවාරි 19 හා 2014 සැප්තැම්බර් 14 ඉරිදා ලංකාදීප පුවත්පත්වලින් මේ අනාවැකි ප‍්‍රකාශ කළා පමණක් නොව අඟහරු උච්ච කාන්තාවකගේ මැදිහත්වීම ඍජුව සිදුවන බවද ප‍්‍රකාශ කළේය. එම ලිපියේ සිරස්තලවලද මේ බව පළ විණ. 2014 ජුලි 06 ඉරිදා ලංකාදීපයෙන් යෝගිතුමා ප‍්‍රකාශ කළේ ආණ්ඩුවේ විශාල පිරිසක් රජයෙන් ඉවත්වී වෙනම සන්ධාන ගත වන බවයි. එවක බොහෝ ජ්‍යොතිෂවේදීන් එක හඬින් පවතින ග‍්‍රහචාරය රජයට සුභවාදී බව කියද්දී සුජිත් නිශාන්ත යෝගිතුමා ගත්තේ වෙනත් මගකි. එම නිසා එතුමාට බොහෝ බලපැම් එල්ල වුවා පමණක් නොව ඒ මතය පිළිගත් දේශපාලන ක්ෂේත‍්‍රයේ සමහර මැති ඇමැතිවරු ද ඔහු සොයා පැමිණියහ.
නව වසරේ කවරක් රටට සිදුවේද? යෝගිතුමා යළිත් අනාවැකි දක්වති. පසුගිය වසරේ නොවැම්බර් 02 දා දශක තුනකට පසුව සෙනසුරු ග‍්‍රහ මාරුව සිදුවිය. ඊට අමතරව ගුරු හා රාහු මාරුව සිදුවූයේ ද පසුගිය වර්ෂයේය. එහි බලපෑම අවසන්ද?
මහින්ද රාජපක්ෂ මහතා තම රජයට බලපා ඇති හානිය යම්තාක් හෝ මැඩ පවත්වා ගන්නට නම් රටේ නිවැරැුදි සිව් කොණ තෝරා එකම දිනයක, එකම වේලාවක සර්වඥ ධාතු වැඩම කරවා රාති‍්‍රය පහන් වනතුරු පිරිත් දේශනාවක් පවත්වා රටේ අවාසනාවන්ත ලෙස මියගිය හා පින් බලාපොරොත්තු වන සැමට පින් දිය යුතු බව 2014 ජනවාරි 19 ඉරිදා ලංකාදීපයේ ලිපියේ සිටම යෝගිතුමා යෝජනා කළේය. නමුත් එය සිද්ධ වූයේ නැත.
දැනට ලංකා කේන්ද්‍රයේ දහ වැන්නේ සෙනසුරු සතුරුව ගමන් ගනී. එබැවින් රටේ ඉදිරි කාලයේ දේශපාලනය ද ව්‍යාකූලමය.
ලංකා කේන්ද්‍රයේ සිවුවැන්න හා දහ වැන්න ආණ්ඩු පක්ෂය හා විපක්ෂය නියෝජනය කරයි. මෙයින් ලංකා කේන්ද්‍රයේ 11 වැන්නාධිපති ගුරු හයවැන්නේ උච්චව තවදුරටත් ගෝචර ගමනේ යෙදේ. ලංකා කේන්ද්‍රයේ අට වැන්නා වන කන්‍යා රාශියේ රාහු ද මීන රාශිය වන දෙවැන්නේ කේතු ද තවදුරටත් ගෝචර ගමනේ යෙදේ. එබැවින් තවත් වසර දෙක හමාරක් යන තුරු ලංකාවේ දේශපාලනය සුබදායි නැත. බොහේ මහජන නියෝජිතයන්ට වේදනාකාරී අත්දැකීම්, තනතුරු අහිමිවීම්වලට මුහුණ දෙන්නට සිදුවේ. දේශපාලන ක්ෂේත‍්‍රයේ ප‍්‍රකට චරිත කීපයකට නඩු හබවලින් පසු සිරගෙවල්වලට යන්නට සිදුවේ.
පසුගිය කාලයේ දේශපාලන ක්ෂේත‍්‍රයේ බැබලූ මැති ඇමැතිවරු ගණනාවක් ඉදිරි මහ මැතිවරණයේදී අන්ත පරාජයකට පත්වනු ඇත.
එසේම පසුගිය ජාතික මැතිවරණයේදී පරාජයට පත්වූ හිටපු ජනාධිපතිවරයාට ඉදිරි වසර එක හමාරක් සුබ නැත. එබැවින් එම කාලයේ ඔහු සකී‍්‍රය දේශපාලනයට ඒම උචිත නොවේ. එම කාලයේ දැඩි කල්පනාකාරීව හා දූරදර්ශිව කටයුතු කිරීමට එතුමා වග බලා ගැනීම වටී. එසේ නොවුණහොත් එතුමාට තවත් වේදනාකාරී හා අමිහිරි අත්දැකීම් රාශියකට මුහුණ දීමට වනු ඇත. එසේ වුවහොත් පවතින ජනප‍්‍රසාදය තවත් පහළට වැටෙනු ඇත.
රටේ කේන්ද්‍රය හා ලෝකායතන කේන්ද්‍රය සියුම්ව විමසා බලද්දී රටේ ජනයා ප‍්‍රාර්ථනා කරන යහපත් හෝ පරිශුද්ධ අනාගතයක් ඉදිරි වසර දෙක හමාර තුළ දැකිය නොහැක. විශේෂයෙන් ඉදිරි කාලයේ නුසුදුසු අය ඉහළ තනතුරුවලට පත්වීමත් නිසා ආත්මාර්ථකාමී දේශපාලන තීරණ නිසා අහිංසක ජනයාගේ යහපත් බලාපොරොත්තු යටපත් වීමට ඉඩ ඇත.
කෙසේ වෙතත් අගෝස්තු මාසය වනතුරු යම්තාක් රටට යහපත් කාලයක් තිබේ. ඉන්පසු නොයෙක් මතවාද විවිධ මතවාද රජයට එරෙහිව උඩට මතුවේ.
වත්මන් ජනාධිපතිතුමා හා අගමැතිතුමා දිවුරුම් දුන් වේලාව බොහෝ සුභ නැකතක් නොවේ. එම නිසා ඔවුන් පොදු ජනයාගේ සුභ සිද්ධිය අපේක්ෂාවෙන් කරන කටයුතුවලදී පවා අඛණ්ඩව බාධක, විවේචන එල්ලවේ. එබැවින් ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් රජය කර ගෙන යන්නට වෙන්නේ බරපතළ අර්බුද හා මතවාද මධ්‍යයේය.
මේ වර්ෂයේ ප‍්‍රසිද්ධ දේශපාලනඥයන් කීපදෙනෙක් සිර ගෙට යා හැකි අතර හිටපු රජයේ ප‍්‍රබල නිලධාරීන්ද සිර ගෙට යාමට ඉඩ තිබේ. ඒවා මඟින් ඉදිරි සමය පුවත් මැවෙනු ඇත.
මේ රජයේ තරුණ දේශපාලන චරිත කීපදෙනෙක් සෑහෙන ජන ප‍්‍රසාදයට පත්වේ. එම චරිත 2020 සිට රටේ ප‍්‍රධාන භූමිකාව පණ ගන්වන චරිත වනු ඇත.
වත්මන් විපක්ෂ ප‍්‍රධානියාගේ ග‍්‍රහචාරය අනුව ඔහුට ප‍්‍රධාන ස්ථානයක් හෝ වෙනත් ප‍්‍රධාන තනතුරු ලාභ පෙනෙන්නට නැත. පසුගිය කාලයේ බලයේ සිටි ඇතැම් පිරිසක් වෙනම දේශපාලන කණ්ඩායමක් ලෙස සංවිධානය වන බව පෙනේ. එබැවින් ඔවුන්ගේ කි‍්‍රයාකාරකම්වලින් රටේ උණුුසුම් පුවත් මැවෙනු ඇත.
විශේෂයෙන් අගෝස්තු මාසයෙන් පසු ආගමික හා වෙනත් අන්තවාදීන්ගේ කි‍්‍රයා ඉස්මතු වේ. එබැවින් ආරක්ෂක අංශ සීරුවෙන් කි‍්‍රයා කළ යුතුය.
දේශපාලන පිල්මාරු අවසන් නැත. ඒවා ඉදිරියේ තවත් දැකිය හැකිය.
දැනට කතා බහේ පවතින දූෂකයන්, අල්ලස් හා වංචාකාරයන් පිළිබඳ පරීක්ෂණ කෙටි කලෙකින් මන්දගාමී වන බව පෙනේ. ඒවා ඉක්මන් හා ඍජුව වහා නොකළොත් අවශ්‍ය ප‍්‍රතිඵල ලැබිය නොහැකි වනු ඇත. විධායකය සම්පූර්ණව අහෝසි නොවේ. ඉදිරි කාලයේ රටේ බලය හා රැුල්ල දීර්ඝ කාලයක් එක පක්ෂයක් වටා නොපවතිනු ඇත. එබැවින් එය රටේ ජනයාගේ බලාපොරොත්තු බොඳවීමට යම් තරමක් බලපෑ හැකිය.
පසුගිය වසර කීපයේ දක්නට නොලැබුණු ආකාරයට නීතිය කි‍්‍රයාත්මක කරන ආයතන හා යුක්තිය පසිඳලන ආයතනවල ඍජු තීරණ හා කි‍්‍රයාකාරකම් හොඳින් දකින්නට හැකිවනු ඇත.
රටේ පොදු තත්ත්වය සැලකීමේදී තවත් මාස 6 ක් යන තුරු ගොවීන්ට සුබ නැත. කෘෂි භෝගවලට වසංගත රෝග, බෝවන රෝග ඇතිවී විනාශ වී යා හැකිය. නමුත් ජුනි මාසයෙන් පසු වගාවට ඉතා සුබය.
පසුගිය වර්ෂය තරම් 2015 දී වැසි තත්ත්වය දරුණු නැත. එහෙත් සබරගමුව, බස්නාහිර, ඌව, මධ්‍යම, උතුරු ප‍්‍රදේශවල වසර මැදදී සුළි සුළං ඇති වීමට ඉඩ තිබේ. ඒවායින් දේපළ හානි සිදුවේ.
එසේම සුළු භූමිකම්පා තත්ත්වයන් පෙන්නුම් කෙරේ.
සමූහ වශයෙන් ගමන් ගන්නා පොදු ප‍්‍රවාහනවල රිය අනතුරු තව දුරටත් වැඩිවේ. එබැවින් කල්පනාකාරී වන්න.
මහජන සෞඛ්‍යය පැත්තෙන් වසංගත රෝග හා ආහාර විෂවීම් බහුල විය හැක. අධ්‍යාපන කටයුතුවලදී වසර මුල් කාලය සුබය. උසස් අධ්‍යාපනය ලබන දරුවන් අවසන් මාස කීපයේ අධ්‍යාපන ප‍්‍රතිපත්ති හා තීන්දු මත පිහිටා වරින් වර අර්බුද ඇති කරති.
කෙසේ වෙතත් නොපෙනෙන බලවේග සමූහයකින් රටට බලපෑමක් ඇති බැවින් පොදුවේ සුභ කාලයක් පතා රාජ්‍ය නායකයන් ද මැදිහත් වී රටේ හරි සිවු කොණ තෝරා එකම වේලාවක, පංච තූර්ය වාදන පවත්වා සර්ව රාති‍්‍රක පරිත‍්‍රාණ ධර්ම දේශනයක් පවත්වා පින් සිදු කරන්න.
වැඩි විස්තර සඳහා 081-2205758 හෝ 077-5069115 දුරකථන අංකයෙන් සුජිත් නිශාන්ත යෝගිතුමා අමතන්න. මහනුවර වේල්ස්පාක්හි නගරාධිපති නිල නිවස අසල අංක 10/1 චන්ද්‍රා මහඋල්පත මාවත ජලාශය පාරේ යෝගාශ‍්‍රමය පිහිටා තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ දැන් තත්වය අනුව අපිටත් මෙහෙම කියන්න පුළුවන්. මේක වෙළද දැන්වීමක්. ජෝතිශ්ෂය හරියට දේශපාලනය ගැන හිතනවා. (නදී)
මේ මිනිසුන්ට දැන්වත් කටපියාගෙන පැත්තකට වෙලා ඉන්න බැහැනේ. (නි)
අපි මේ අයව පාර්ලිමේන්තුවට යවමුකෝ (නදී)
බටහිර රටවල් දියුනු උනෙත් සාත්තරකාරයෝ පස්සෙ ගිහිල්ලද? (නදී)
දවසට වරක් පත්තර ටික කියෙවුවොත් ඔය ටික කියන එක ඒ හැටි දෙයක්ද? (නි)
අපි ඔය පච අහන්නේ නැහැ. බලමුකෝ මොකද වෙන්නේ කියලා (නදී)
ඔයත් වේඩි තියා ගන්නවද ? (නදී)
මේකට තමා කියන්නේ වැල යන පැත්තට මැස්ස ගහනවා කියලා.ලංකාවේ පොඩි උනුත් දැන් ඕක කියන එක, දැන් ජ්‍යොතිෂවේදීන් ඕනේ නැහැ (දිල්)
අපගේ සර්වබලදාරී දෙවියන් වහන්සේට හැර වෙන කිසිවෙකුටත් අනාවැකි කිව නොහැකිය (නදී)
මෙයා කියන දේවල් අපි නම් කලින්ම දැනගෙන හිටියා. (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මිනිස් අපිට හිතෙන හෝ දැනෙන ඕන දෙයක් කියන්න පුළුවන්. රජුගේ පටන් හිඟන්නා දක්වා සියල්ලන්ටම යම් කාලයක් වෙන වෙනම ලැබිල තියනවා. දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව සිදුවෙන මේ දේවල් ගැන යම් සාස්තරයකට අනුව හෝ වෙනත් ක්‍රමවේදයකට අනුව හෝ කියන අනාවැකි හරි යාම තීරණය වන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත මොකක්ද කියල හරියටම දැනගන්න පුලුවන්නම් විතරක් නේද? ඉතින් එහෙම ක්‍රමයක් නැති නිසා නේද මේ වරදින්නේ. සමාවන්න , මට හිතෙන්නේ නම් එහෙමයි. (නදී)
මෙවර මහා මැතිවරණයේදී විශාල වෙනස් වීමක් සිදුවෙයි කියා සිතනවා.(හේ)
කේන්දර බැලීම යනු පුද්ගලික රහසිගත කාරණාවකි (නි)
මේ ටික නම් දැන් සාමාන්‍යයෙන් කතා වෙන දේවල් වගේ නේ. මේ ටික කොහොමත් වෙයි කියල මිනිස්සු බලන් ඉන්නවා (දිල්)
කවුරු අනාවැකි කීවත් අනවැකි කිහිපයක් කියන නිසා එකක් හරියන්න තියෙන සම්බන්ධතාව වැඩී (අ)
ලොව සිදුවන සෑම දෙයක්ම සියයට පනහක සත්‍යතාවයෙන් යුක්තයි කියලා කියනවනේ! ඒ නිසා කලබල වියයුතු නැත (නි)
අර රාජකීය කේන්දරකරු දැන් කොහෙද ඉන්නේ? (නි)
ඔබ තුමාගේ අනාවැකියක් වරදින්න විදිහක් නැහැ. (ර)
වටපිටාව බලලා වගේ කියන්නේ.(හේ)
මේවා බාල වෙළඳ ප්‍රචරයක්ක් නොවේ නේද ?(හේ)
අපි බලමු මෙයත් වෙඩි තියගනිවිද කියලා.(හේ)
කේන්දරකරුවන් පසුපස ගියොත් මුළු රටම "කේන්දර ජනරජයක්" වේවි!කේන්දර අනාවැකි නොකියා ඉන්න තරමට රජයකට වැඩ කරන්න පුළුවන් වේවි. දැක්කනේ, කේන්දරකාරයන්ගේ උපදෙස් මත මහින්ද මහත්තයට වූ ඇබැද්දිය? (නි)
බලමුකෝ, මේ අනාවැකි කොහොමද කියලා (නි)
අපිටත් පුළුවන් වෙන දේවල් බලාගෙන ඉඳලා මේවා කියන්න. (නි)
ආයේ හඳහන් බලන්නෝ ප්‍රසිද්ධ වෙන්න හදනවා . මේවට අනවශ්‍ය ප්‍රචාරණයක් මාධ්‍ය මගින් නුදුන්නානම් ඉවරයි (දිල්)
අනේ බොරු නොකියා ඉන්න දැන්වත් (දිල්)
මෙය කියන ඒවා සාමාන්‍ය ජනයා එදිනෙදා කතාවෙන දේවල් නේ. මීට වඩා සෘජු පිළිතුරු අවශයයි (නදී)
පසුගිය කාලයේ අනාවැකි කියන්න ගිහින්, කීප දෙනෙකුටම උන් හිටි තැන් නැති වුනා. තවත් කට්ටිය ඒ වලටම වැටෙන්න යනවා. (ර)
මේ පාර මහ මැතිවරණය විශාල වෙනසක් සිද්ධ වෙනවා.(හේ)
කොහොමත් ඒක වෙනවා.(හේ)
මම හිතනවා මෙතුමාගේ අදහස් හරියටම හරි යනවා. එ්ක මට සුවර් 100% (නදී)
මේවා කියන්න යෝගී වෙන්න ඕනේ නැහැ. අපිටත් දැන්මම කියන්න පුලුවන් (නදී)
කොහොමත් එකයි ..(හේ)
මේවා කියපු පලියට හිත කලබල කරගන්න එපා. මේ පුද්ගලයාගේ රැකියාව තමයි. (නදී)
මේ ටික පොඩි ළමයෙකුට වුණත් කියන්න පුළුවන්නේ! (නි)
අපි නම් දැන් ඕවා විශ්වාස කරන්නේ නැහැ (නි)