IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ පදයට අප නැටිය යුතුද?

ජාතික ප‍්‍රශ්නය පිළිබඳ විසඳුම් ලෙස 13 න් එහා යෝජනාව විශ්ව විද්‍යාල අර්බුදය සහ රජයට බලපාන වෙනත් ප‍්‍රශ්න පිළිබඳව අද සඳුදා හමුවෙන් සාකච්ඡාවට එක්වන්නේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතාය. මේ අවදිවන්නේ ඔහුගේ හඬයි. ⋆ උතුරේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉන්දියාවට දක්වන තර්ටීන් ප්ලස් ප‍්‍රතිචාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලටවත් හරිහැටි අවබෝධයක් නෑ. ඒ කියන්නේ ආණ්ඩුවේ රාජ්‍යතාන්ත‍්‍රිකභාවය සමස්ත සන්ධානයට බලනොපාන බවද? කලක් සන්ධාන ආණ්ඩුවේම හවුල්කාර පක්ෂයක්ව සිටි ජනතා විමුක්ති පෙරමුණ මෙය දකින්නේ කෙසේද? ආණ්ඩුව ඇතුළේ ඉන්න සන්ධානය යැයි කියාගන්නා පක්ෂ හොද්දේ කරපිංචා, කරාබුනැටි, සුදු ලූණු ගානට වැටිල තියෙන්නේ. ඒ පක්ෂවල නායකයො තමන් ආණ්ඩුව මෙහෙයවනවා යැයි ආණ්ඩුවට උපදෙස් දෙනවා යැයි තීන්දු තීරණවලට තමන් හවුල් වෙනවා යැයි පුරාජෙරු ගැහුවට සැබැවින්ම පාලනය සිදුවන්නේ ජනාධිපතිවරයා ප‍්‍රමුඛව වටේ ඉන්න තුන් හතර දෙනකුගේ මෙහෙයුම් මතයි. එනිසා ලැජජාසහගත තත්ත්වය වහගන්න විවිධ අවස්ථාවල තමන් ආණ්ඩුවෙ ප‍්‍රබල කොටස් යැයි අර්ථකතනය කළත් ඔවුන් ආණ්ඩුවේ පයට පෑගෙන දූවිල්ලක් හෝ අලූයම ලූ කෙළ පිඩක් තරමටවත් ගණන් නොගන්නා පිරිසක්. කෙසේ වුවත් මෙම ප‍්‍රශ්නයේදී ජනාධිපතිවරයා 13 න් එහා යන විසඳුමකට කැමැත්ත ප‍්‍රකාශ කළ බව මේ රටේ ජනතාව දැනගත්තෙත් ඉන්දීය විදේශ ඇමැතිවරයා හරහායි. ජනාධිපතිවරයා හා ආණ්ඩුව කළ යුතුව තිබුණේ ජාතික ප‍්‍රශ්නය පිළිබඳ විසඳුම් යෝජනා රටේ ජනතාවට ඉදිරිපත් කිරීමයි. එසේ ජනතාවට ඉදිරිපත් නොකොට ඉන්දීය විදේශ අමාත්‍යවරයා වෙත එය ප‍්‍රකාශ කිරීමෙන් පෙන්නුම් කරන්නේ තමන්ගේ යටත්බව හා දීන බවයි. එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍යවරයා කළ ප‍්‍රකාශය ආණ්ඩුව කිසිසේත්ම ප‍්‍රතික්ෂේප කොටත් නෑ. වැරැදි ප‍්‍රකාශයක් යැයි ප‍්‍රකාශ කොටත් නෑ. ඉන් පෙන්නුම කරන්නේ ජනාධිපතිවරයා ඉන්දීය විදේශ අමාත්‍යවරයාට එවැනි එක`ගතාවක් ලබා දුන් බවයි. අපේ රට ස්වාධීන ස්වෛරී රාජ්‍යක් බව ඉන්දියාව තේරුම් ගත යුතුයි. එය මහාරාෂ්ට‍්‍රය හෝ තමිල්නාඩුව නොවේ. මේ රාජ්‍යයේ ස්වාධීනත්වය කෙරෙහි අවශ්‍ය ගෞරවය දැක්විය යුතුයි. නමුත් නිවට පාලකයන් හමුවේ උඩ පනිමින් මෙරට යටපත් කරගත් ස්වභාවයක් දැන් තිබෙන්නේ. මේ ප‍්‍රකාශයෙන් පසුව ජනතාවගෙන් විරෝධයක් නැගෙන බව ආණ්ඩුව දන්නවා. එය සමනය කරන්නට සෙනෙට් සෑදීම හා පොලිස් බලතල නොදීම පිළිබඳ කතා හදනවා. මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ ජාතික ප‍්‍රශ්නය විසඳීම සඳහා ආණ්ඩුවට වැඩපිළිවෙලක්, දැක්මක් හෝ වුවමනාවක් නැති බවයි. ⋆ මේ අතර දෙමළ සිවිල් බුද්ධිමතුන් දෙමළ ජාතික සන්ධානයට තමන්ගේ නිරීක්ෂණ හා යෝජනා ඉදිරිපත් කළා. ඒ වගේම ඔවුන් සහ ආණ්ඩුව අතර සාකච්ඡා නැවත ඇනහිටියා. ඔවුන් උතුරේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවන්නට ගියේත් නෑ. දෙ.ජා.සයේ මේ ප‍්‍රතිචාර දැක්වීම කවරක් නිසා සිදුවූවක්ද? පසුගිය මැතිවරණවලදී දෙමළ ජාතික සන්ධානයට දෙමළ ජනතාව ඡුන්ද ලබා දී තිබෙන බව ඇත්ත. සැබැවින්ම  අත්අඩංගුවට පත්වූවන් පිළිබඳ ගැටලූව, අවතැන්වූවන් පිළිබඳ ගැටලූව, අතුරුදහන්වූවන් පිළිබඳ ගැටලූව, ඔවුන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය, රැුකියා, එදිනෙදා ඔවුන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය වටපිටාව, අර්ධ මිලිටරි පාලනයක් පවත්වාගෙන යෑම ආදී කරුණුවලට එම ජනතාවගේ විරෝධය පළ කිරීමේ සංකේතය බවට දෙමළ ජාතික සන්ධානය පත්වුණා. දැන් දෙමළ ජාතික සන්ධානය එම ජනතාවගේ ගැටලූ විසඳීම කෙරෙහි අවධානය යොමුකරමින් ඒ සඳහා ආණ්ඩුවට බලපෑම් කරන්නට කටයුතු කරන්නේ නෑ. පුළුල් මැදිහත්වීමක් හෝ නායකත්වයක් සපයන්නේ නෑ. ඒ වෙනුවට ඔවුන් නැවතත් ජාතිවාදී ඉල්ලීම් ඉල්ලමින් ඉඩම් බලතල, පොලිස් බලතල, වෙනම පාලනය ගැන කියද්දී දෙමළ සිවිල් සංවිධාන එකමුතුවෙන් ඒකටම හරියන යෝජනාවලියක් ඉදිරිපත් වෙමින් යන ගමනක් දැන් යන්නේ. එය කිසිසේත්ම අපේ රටේ ජාතික ප‍්‍රශ්නය විසඳීම සඳහා සාධාරණ ප‍්‍රවේශයක ඉමක් පෙන්නුම් කරන්නේ නෑ. ⋆ දෙමළ සිවිල් සංවිධානවලිනුත් දෙමළ ජනතාව නියෝජනය නොකෙරෙන බව ද ඔබ කියන්නේ? ඒවා හුදු සංවිධානයක ඉල්ලීම්ද? පළමු ප‍්‍රශ්නය කුමක්ද? එම පළාත්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම, මිලිටරි පාලනය ඉවත්කොට සිවිල් පරිපාලනයට එම ජනතාව ගෙනඒම, එම ජනතාවගේ භාෂාව පිළිබඳ මුහුණ දී තිබෙන ගැටලූවට විසඳුම් දීම හා යටකී ප‍්‍රශ්නවලට පිළිතුරු දීම ප‍්‍රමුඛම ප‍්‍රශ්නයි. නමුත් ඒ ප‍්‍රශ්න කෙරෙහි අවධානය යොමුකරන්නැතිව ඊට වඩා උඩින් තිබෙන ප‍්‍රශ්න කෙරෙහියි දැන් අවධානය යොමුකරන්නේ. ඒක දෙමළ ජනතාව මුහුණ දී සිටින ගැටලූ විසඳීමට ගන්නා යථාර්ථවාදී ප‍්‍රවේශයක් නෙවෙයි. දෙමළ, මුස්ලිම්, සිංහල ජනතාව අතර සැකය අවිශ්වාසය වර්ධනය වන ප‍්‍රවේශයක්. ඒක මේ රටේ ජාතික ප‍්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් දෙන්නට යෝග්‍ය ක‍්‍රමයක් නෙවෙයි. ⋆ පෞද්ගලික විශ්ව විද්‍යාල පනතක් නොගෙනෙන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ පසුත් සරසවි සිසුන් විරෝධතා ක‍්‍රියාමාර්ග නවත්වා නෑ. එක්සත් ජාතික පක්ෂය එම සිසුන් සමග නායකත්ව මට්ටමෙන් සාකච්ඡා පවත්වද්දී ජනඅරගල ව්‍යාපාරය අන්තර් විශ් වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය හරහා ඊට සම්බන්ධ වෙනවා. ආණ්ඩුවත් සිසුනුත් සංවාදයකට ඉඩක් නැති තැනකට යමින් සිටින බව පෙනෙනවා. මේ තත්ත්වය ජ.වි.පෙ දකින්නේ කෙසේද? 2011 සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයේදී ජනාධිපතිවරයා පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට ඉඩකඩ ලබාදීම පිළිබඳ පැහැදිලිව ප‍්‍රකාශ කළා. දැන් ජනාධිපතිවරයා විසින්ම ඉල්ලා අස්කොට ගෙන තිබෙන්නේ ඒ සඳහා නියාමනය කිරීමට ඉදිරිපත් කරන ලද පනත පමණයි. හැබැයි පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ඉවත්කරගෙන නෑ. තිබෙන විශ්ව විද්‍යාල පනත අනුව පෞද්ගලික විශ්ව විද්‍යාල දැන් ආරම්භ කෙරෙමින් තිබෙනවා. එස්.බී. දිසානායක ඇමැතිවරයා පහුගිය අගෝස්තු 31 වැනිදා ගැසට් නිවේදයක් ම`ගින් පැහැදිලි ලෙස පිළිඅරගෙන තිබෙනවා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෛද්‍ය උපාධිය පිරිනැමිය හැකි ආයතනයක් බව. ඒ නිසා ආණ්ඩුව විශ්ව විද්‍යාල පනත පසෙකින් තැබුවත් අධ්‍යාපනය පෞද්ගලීකරණය සඳහා යන ගමන නතර කරල නෑ. ආණ්ඩුව උසස් අධ්‍යාපනය වෙනුවෙන් මෙතෙක් තිබූ දොරටු මුළුමනින්ම වසා දමලා සමාජයේ ඇති පන්තියකට පමණක් අපේ රටේ අධ්‍යාපන අයිතිය සීමා කරන්න යන ගමන පිළිබඳව එනිසා ශිෂ්‍යයන්ටත් ජනතාවටත් පොදුවේ දේශපාලනඥයන්ටත් විශාල විවේචනයක් තිබෙනවා. ආණ්ඩුව ඒ ක‍්‍රියාමාර්ග අකුලා ගන්නවා වෙනුවට ඒවා යටපත් කරමින් වෙනස් ආකාරයකට මතු කරමින් සිටිනවා. ඒ තත්ත්වයට එරෙහිව විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් විශාල විරෝධයක් මතුවෙමින් තිබෙනවා. එම විරෝධ යටපත් කිරීම සඳහා එම ශිෂ්‍යයන්ටත් ඊට එරෙහි වන බලවේග වෙතත් විවිධ ලේබල් අලවමින් සිටින තත්ත්වයකුයි දැන් තිබෙන්නේ. ⋆ ගැටලූවක් ඇතිනම් ඒ සම්බන්ධයෙන් මේ මොහොතේ විශ්ව විද්‍යාල සිසුන් ඊට දක්වන ප‍්‍රතිචාරය සාධනීයයි කිව හැකිද? ජ.වි.පෙ සිසුන්ට කරන යෝජනාව කුමක්ද? පළමු කොටම විශ්ව විද්‍යාල සිසුන් ප‍්‍රශ්නයේ කේන්ද්‍රය තේරුම් කරගත යුතුයි. ප‍්‍රශ්නයේ කේන්ද්‍රය තමයි අපේ රටේ ඈත ගම්මානවල ඉපදුණු දුප්පත් දුවා දරුවන්ට පවා  අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ ඉහළ ස්ථරයන්ට යාමට හැකියාව තිබුණා. ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ ඒ ඉඩ ප‍්‍රස්ථාව වහලා ඇතිහැකි අයට පමණක් අධ්‍යාපනය වරප‍්‍රසාදයක් බවට පත්කරන්නටයි. එතකොට විශ්ව විද්‍යාල සිසුන්ගේ ශිෂ්‍ය ව්‍යාපාර තුළත් දේශපාලන පක්ෂවල ව්‍යාපාර තුළත් ප‍්‍රධාන අරමුණ බවට පත්විය යුත්තේ මේ නිදහස් අධ්‍යාපනය ඇතිහැකි අයගේ වරදානයක් බවට පත්කරන්නට දරණ ප‍්‍රවේශය පරාජය කිරීමයි. එහිදී සිසුන් එම ප‍්‍රමුඛතම අරමුණ වෙනුවෙන් පෙළගැස්වීම වැළැක්වීමට වෙනත් කුඩා ප‍්‍රශ්න මතුකරවන්නට හා එමගින් සටනේ දිශාව වෙනස් කරන්නට ආණ්ඩුවට සැලැස්මක් තිබෙනවා. ඒ වුවමනාව ඉටුකරන්නට යම් යම් කණ්ඩායම් පොළඹවන බවකුත් පේන්න තිබෙනවා. සැබෑ ශිෂ්‍ය ව්‍යාපාරයක ඓතිහාසික කාර්යභාරය නිදහස් අධ්‍යාපනය වළලමින් යන ගමන වැළැක්වීමයි. එනිසා සිසුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ඒ වෙන වෙන කුඩා ප‍්‍රශ්නවලට වෙන සටන්වලට ගොදුරුවන්න එපා. ⋆ උතුරේ යුද්ධය අවසන් කළත් ත‍්‍රස්තවාදීන් මේ වනවිට දේශපාලන පක්ෂවලට මුවාවී කටයුතු කරන බවට ආරක්ෂක ලේකම්වරයා චෝදනා නගනවා. මෙරට ප‍්‍රමුඛ පෙළේ දේශපාලන පක්ෂයක නායකයකු හැටියට ඔබ මේ ප‍්‍රකාශයේ බරපතළකමක් දකිනවාද? විශේෂයෙන්ම අපේ රට තුළ නැවත බෙදුම්වාද ව්‍යාපාරයකට හිස එසවීමට තිබෙන ඉඩ බොහොම අඩුයි. හැබැයි බෙදුම්වාදී ව්‍යාපාරයකට නැවත අපේ රට තුළ හිස එසවීම සඳහා ඉඩකඩ නිර්මාණය වෙන්නේ ආණ්ඩුව කරන වැරැදි කි‍්‍රයාමාර්ග හේතුවෙනුයි. මා යට කී ප‍්‍රශ්න විසඳන්නේ නැතිනම් නැවත ඒ ජනතාව තුළ වෙනස් පන්නයේ ව්‍යාපාරයක් ගොඩනැගීමේ අනතුරක් තිබෙනවා. ඒ අනතුර තිබෙන්නේ ආණ්ඩුව එම ජනතාව කෙරෙහි දක්වන ආකල්පයත් එම පළාත්වල සැබැවින්ම කරන කටයුතුත් හේතු කොටගෙනයි. බෙදුම්වාදී ව්‍යාපාරයකට පණ පොවමින් ඉන්නේ කිසිවෙක් නොවේ ආණ්ඩුවමයි. මේ රටේ ජනතාව එය දැනගත යුතුයි. ඒ වගේම තමන්ගේ ඉලක්ක අසාර්ථක වෙලා නන්නත්තාර වුණාම කෙටි කාලීනව සමාජ අවධානය දිනාගන්න හා සමාජය තුළත් වෙනත් තැන්වලත් වෙනස් හැඩහුරුකම්වලින් හැසිරෙන්න යම් යම් දේශපාලන කණ්ඩායම් ඉන්න පුළුවන්. හැබැයි ඒවා කිසිසේත්ම බෙදුම්වාදී ව්‍යාපාරය ඉදිරියට ගෙන එන්න හෝ යළි ගොඩනැගෙන්න ලොකු කාර්යයක් ඉටුකරන්නේ නෑ. ⋆ මනාප ක‍්‍රමය ඉවත් කිරීමේ සංශෝධන පනත සම්මත කිරීම තෙවැනි වරටත් කල්ගියා. අතාවුල්ලා ඇමැතිවරයා 50 ට 50 ක් ගැන කියනවිට එ.ජා.පයේ රෝසි සේනානායක මන්ත‍්‍රීවරිය කාන්තා නියෝජනය වැඩි කිරීම ගැන කියනවා. ජනතා විමුක්ති පෙරමුණ මේ සංශෝධන ගැන දරණ මතය හා ඉදිරිපත් කරන යෝජනා මොනවාද? මෙම ඉදිරිපත් කර තිබෙන පළාත් පාලන පනත ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පටහැනියි. අපි පිළිගත්තෙ නැතත් මේ පාලන ක‍්‍රම හඳුන්වා දෙනවා මෙහි තිබෙන්නේ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියලා. ඒ කියන්නේ ජනතාව වෙනුවෙන් පත්කරගන්නා ලද නියෝජිතයන් ජනතාව වෙනුවෙන් පාලනය කරනවා කියලයි. එහෙම එකක් වෙන්නේ නෑ. නමුත් මේ පාලන ක‍්‍රමය අර්ථකතනය කරල තිබෙන්නේ එහෙමයි. ඒ ක‍්‍රමය මෙම පළාත් පාලන පනතෙන් ආරක්ෂා වෙන්නේ නෑ.  ඕනෑම පළාත් සභාවක වේවා ප‍්‍රාදේශීය සභාවක වේවා පාර්ලිමේන්තුවේ වේවා ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක් එම ආයතන තුළ තිබිය යුතුයි.  නමුත් මෙම පනත මගින් සිදුකර ඇත්තේ ජනතා කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක් එම ආයතන තුළ සිදුවෙනවා වෙනුවට විකෘති නියෝජනයක් ඇති කිරීමයි. ඊළග ප‍්‍රශ්නය තමයි දැන් අපේ රටේ මනාප ක‍්‍රමයට විශාල විවේචනයක් ඇතිවෙලා තියෙනවා.  එතකොට බොහෝ අය හිතනවා අපේ රටේ මේ දේශපාලනයේ පිරිහීමේ පතුලේ තිබෙන්නේ මේ මනාප ක‍්‍රමය කියලා. ඒ මෙම මුළුමහත් දේශපාලන සංස්කෘතියේම කඩාවැටීම මනාප ක‍්‍රමයට ලඝු කිරීමක්. නෑ මෙම මනාප ක‍්‍රමය නොවෙයි මේ සමාජ ක‍්‍රමයේ ඇති පිළුණුභාවයයි ඒ. එදා කොළොන්නාවේදී මේ සමාජ ක‍්‍රමයේ හොඳ පැතිකඩක් පෙන්නුවා. එහිදී ජනාධිපති උපදේශක, පාර්ලිමේන්තු හා අධීක්ෂණ මන්ත‍්‍රී, පළාතේ පොලිස් ස්ථානාධිපති, පළාතේ ප‍්‍රධාන පාතාල නායකයන්, කුඩු ව්‍යාපාරිකයන් හා නීති විරෝධී ගිනි අවි එකට තිබෙන්නේ. මේ ගරා වැටුණු සමාජ ක‍්‍රමයේ හොඳ ප‍්‍රකාශනයක් එතන තිබුණා. ඒ වගේම අද කැලණියේ පෙන්නුම් කරමින් තිබෙනවා. ඡුන්ද ක‍්‍රම වෙනස් කිරීම ගැනත් අප සොයා බැලිය යුතුයි. නමුත් ප‍්‍රමුඛව සමාජයේ කඩාවැටීමේ පතුළේ ඇත්තේ ඡුන්ද ක‍්‍රම නොව මේ සමාජ ක‍්‍රමයයි. එනිසා අවශ්‍යකම තිබෙන්නේ මේ සමාජ ක‍්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය වූ මැදිහත්වීමක්. එනිසා කවර නීති සංශෝධනයක් කවර පනත් සංශෝධනයක් ගෙනාවත් මේ පවත්නා සමාජ ක‍්‍රමය ඇතුළේ යහපත් ප‍්‍රතිඵල ලබාගන්න බෑ. එනිසා මෙය කිසිසේත්ම පාර්ලිමේන්තුව තුළ සම්මත නොකළ යුතු ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සැබෑ නියෝජනයන් සකස් නොවන නීතියක්. ⋆ කැලණියේ දූෂණ වංචා අයථා ගනුදෙනු හා අක‍්‍රමිකතා ගැන රටේ නීතිය ක‍්‍රියාත්මක වන්නේ අපූරුම ආකාරයකටයි. පවත්නා නීති රාමුවේවත් කටයුතු නොකරද්දී විශ‍්‍රාමික සංස්ථා මණ්ඩල සහ අධිකාරිවල ප‍්‍රධානීන්ගේ වැරැදි සොයා කෝප් කමිටුව ඉදිරියට කැඳවිය හැකිවන පරිදි නීති සම්පාදනය කිරීමට රජයේ ඇති උනන්දුව හාස්‍යජනක නොවේද? මේ සිදුවන්නේ සැබෑ ප‍්‍රශ්නය යටගැසීමක් නොවේද? සැබැවින්ම දූෂිත, පිළුණු වූ, එකිනෙකා පරයා වැඩි වැඩියෙන් මුදල් රැුස්කරගන්නා, බලය තමන්ගේ ජීවිකාව බවට පත්කරගත්තු හා ඒ බලය තමන්ගෙ පටු අරමුණු වෙනුවෙන් මෙහෙයවන සමාජ ක‍්‍රමයක් තමයි තිබෙන්නේ. ඒ ක‍්‍රමය පවත්වාගෙන යෑමට මේ මොහොතේ නායකත්වය දෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසයි. මේ ක‍්‍රමයට එක් කාලයකදී නායකත්වය දුන්නා රනිල් වික‍්‍රමසිංහ ඇතුළු පිරිස. එතකොට මේකයි තිබෙන ප‍්‍රශ්නේ. දැන් සංස්ථා මණ්ඩලවලට පත්කරන අයත් ඒ අයගේ දේශපාලන හිතවතුන්. සභාපති, උප සභාපති, ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ ආදී ප‍්‍රධාන තනතුරු බොහොමයක් ජනාධිපතිවරයා විසින් හෝ අදාළ ඇමැතිවරයා විසින් තමයි පත්කරනු ලබන්නේ. දැන් අලූත් දඬුවම් දීමේ ක‍්‍රමවේදයක් ගැන කතා කරනවා. දැන් මර්වින් සිල්වා අමාත්‍යවරයා සම්බන්ධ යැයි කියන වංචා දූෂණ පිළිබඳ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කමිටුවකින් පරීක්ෂණ පවත්වන්න යනවා. සිය පාක්ෂිකයන්ගේ විනය පිළිබඳ කටයුතු කිරීම මිස රටේ සිදුවන වංචා, දූෂණ, මිනීමැරුම්වලට හවුල්වෙන තම සාමාජිකයන්ට  අධිකරණ හෝ පොලිස් ක‍්‍රියාමාර්ග අභිබවා තීරණ ගැනීමේ බලයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ රටේ ජනතාව හෝ කවර තැනකින්වත් දී නෑ. ඉතින් දැන් එතැනට ආරෝපණය කරමින් යනවා. දැන් ආණ්ඩුව මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ ගැටලූවේදී, දුමින්ද සිල්වාගේ ගැටලූවෙදි , තංගල්ල ප‍්‍රාදේශීය සභා සභාපතිවරයගේ ගැටලූවේදි වගේම තව බොහෝ තැන්වල ආණ්ඩුවේ හිතවාදීන් ඇතිකරන ප‍්‍රශ්නවලදී ක‍්‍රියාකර ඇත්තේ කෙසේද? පළමුකොටම පොලිසියට ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට බාධා පමුණුවනවා. පොලිසිය යම් හෙයකින් පරීක්ෂණ කළොත් ඒ පරීක්ෂණ කරුණු අධිකරණයට ඉදිරිපත් කළොත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගිහින් ඒවා අධිකරණයේදි ඉල්ලා අස්කරගන්නවා. ඒ අනුව තමයි මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ සමෘද්ධි මුදල් වංචා කිරීමේ නඩුව ඉල්ලා අස්කරගන්නේ. කැස්බෑවේ හිටපු මන්ත‍්‍රීවරයකුට තිබුණු ඝාතන නඩුව ඉල්ලා අස්කරගන්නේ. එහෙම නීතිපතිවරයා ඉල්ලා අස්කර නොගෙන අධිකරණ තීන්දුවක් දුන්නොත් ඊට පසුව ජනාධිපතිවරයා සමාව දෙනවා. ඒ ක‍්‍රමයට සබරගමුව පළාතේ ප‍්‍රධානියකුට සමාව දුන්නා. පසුගියදා මහනුවර මහ නගර සභාවේ හිටපු මහ නගරාධිපතිට මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවමක් දුන්නා. ජනාධිපතිවරයා ඔහුටත් සමාව දුන්නා. තවත් අවස්ථාවකදී ද්විත්ව ස්ත‍්‍රී ඝාතනයකට වැරැදිකාරිය වූ අමාත්‍ය බිරිඳකට ජනාධිපති සමාව දුන්නා. අද රටේ නීතිය බවට පත්වී ඇත්තේ මේ ආණ්ඩුවේ කැමැත්තයි. එනිසා පාලක පන්තිය කාටද කැමැති? ඒ අනුව තමයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා හිරේ ඉන්නේ. ඒ අනුව තමයි ඇමැති බිරින්ඳෑවරු එළියේ ඉන්නේ. ⋆ ජ.වි.පෙ හිටපු ප‍්‍රචාරක ලේකම්වරයාව සිට පක්ෂයෙන් වෙන්වූ හා අද රටේ ප‍්‍රධාන ඇමැතිවරයකු වූ විමල් වීරවංශ මහතා තමා පක්ෂයෙන් නෙරපූවේ කුමාර මහත්තයාගේ වුවමනාවකට බවට වත්මන් ජ.වි.පෙ නායකයන්ට චෝදනා කරනවා. බරපතළම චෝදනාව නම් අදටත් ඔබලා කුමාර මහත්තයා සමග දේශපාලනයට නොයන්නේ ජනතා විමුක්ති පෙරමුණ යන නමේ පේටන්ට් අයිතියට කෑදරව මිස කුමාර මහත්තයාගේ දේශපාලන ක‍්‍රමවේදය මතවාදීව ප‍්‍රතික්‍ෂෙප නොකරන නිසා යන්නයි. ඔබත් ජ.වි.පෙ නායකයෙක්? ඔවැනි දේශපාලනිකව බංකොළොත්භාවයට පත්ව නන්නත්තාර වුණු පුද්ගලයකුගේ ප‍්‍රකාශවලට එතරම් සමාජ වටිනාකමක් ලබාදිය යුතු නෑ. ජනතා විමුක්ති පෙරමුණෙන් කවරෙක් ඉවත්වුවත් ඔවැනි ඛේදජනක ඉරණමක් අත්වෙනවා හැරුණුකොට අන් යමක් ඉතිරි වෙන්නේ නෑ. විශේෂයෙන් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා පක්ෂ විනය උල්ලංඝනය කරමින් පක්ෂ සංවිධාන මූලධර්ම ප‍්‍රතිපත්ති උල්ලංඝනය කරමින් පක්ෂ මතවාදයට එරෙහිව කටයුතු කරමින් ආණ්ඩුව සමග කටයුතු කළා. එහෙම කෙනෙක් පක්ෂ වාටියේ සාමාජිකයෙක් හැටියටවත් තියාගන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නෑ. එනිසා තමයි පක්ෂය විසින්ම ඔහු ඉවත් කරනු ලැබුවේ. ඒ ඉවත් කිරීමට අවශ්‍ය විනය ක‍්‍රියාමාර්ග ගන්නකොට තමයි ඔහු පාර්ලිමේන්තුවට ගිහින් කතානායකවරයා ඉදිරියේ ප‍්‍රකාශයක් කළේ. ඒ වගේම ඉවත්වෙන හැම කණ්ඩායමකටම ඉවත්වෙන මොහොතේ මාධ්‍ය අවධානය යොමුවෙනවා. පසුගිය කාලේ ප‍්‍රශ්න මතු වුණාට පසු පුවත්පත් ශීර්ෂපාඨ බැලූවා නම් අද ජනතා විමුක්ති පෙරමුණක් තිබෙන්න විදියක් නෑ. අද සෝමවංශ, ටිල්වින්, විජිත සහෝදරවරු ඇතුලූ පිරිස දේශපාලනයෙත් නෑ. ඒ තරමටම වැරැදි සාහසික ප‍්‍රවෘත්ති වාර්තා කරමින් තිබුණා. ඉතින් හැම තිස්සේම ඔය කණ්ඩායම් එලියට ගියාම මාධ්‍ය හරහා කරන ජවනිකා තිබෙනවා. ඒ ජවනිකාවලට කෙටි කාලෙකට සමහර මාධ්‍යවේදීනුත් හසුවෙන ස්වභාවයක් තිබෙනවා. හැබැයි හැමදෙනාටම තේරෙන්න  ඕනා මේ කිසිදු වැදගත්කමක් නැති හා සමාජයට බලපෑමක් කළ නොහැකි කුඩා කණ්ඩායමක් බවට ක්‍ෂය වී යන බව. අදටත් ජනතා විමුක්ති පෙරමුණ ඉතා හොඳ මතවාදයක සිටිමින් ස්ථාවර ගමනක නිරත වී සිටිනවා.

සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ
 



අදහස් (0)

ඉන්දියාවේ පදයට අප නැටිය යුතුද?

වර්නි Sunday, 29 January 2012 09:56 PM

කතාව සම්පූර්ණ ඇත්ත

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 638 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 257 2

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 618 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 280 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 202 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 170 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 36 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 73 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site