එක්දහස් නවසිය අනූපහ වසරේදී උපසේවා පොලිස් කොස්තාපල්වරයෙකු වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට එක්වී ඇති මෙම මහ සැරයන්වරයා නමින් ආනන්ද සරත් කුමාර සමරසේකර වන අතර ඔහුගේ පොලිස් දෙපාර්තමේන්තුවේ අංකය වන්නේ 65926 වශයෙනි. ඔහු පිරිමි දරුවන් හතර දෙනෙකුගේ පියෙකු වන අතර ඔහු වසර ගණනාවක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරමින් තම පවුල් ජීවිතයද ඉතා හොඳින් ගත කළ පුද්ගලයෙකි.
|
මියගිය කොස්තාපල් |
ඉකුත් දෙසැම්බර් මස දහතුන් වැනිදා ඔහු සේවය කළ උඩුදුම්බර පොලිසියේ රාති‍්‍ර කාර්යභාර නිලධාරියා ලෙස වැඩභාර ගත්තේ ඔහුගේ දෛවෝපගත සිදුවීමක් සිය ජීවිත මංපෙතේ සනිටුහන් කරමිනි.
එදින රාති‍්‍ර දොළහේ කනිසම වැදීමත් සමග, එනම් දෙසැම්බර් මස දහ හතර වැනිදා තෙල්දෙණිය භාර සහකාර පොලිස් අධිකාරිවරයාත් තෙල්දෙණිය මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාත් කඩා පනින්නේ රාති‍්‍ර කාර්යභාර නිලධාරියාගේ නිල කාමරයටය.
බුලත් විටක් සප්පායම් වෙමින් සිටි රාත‍්‍රි කාර්යභාර මහ සැරයන්වරයා ඒ අසල තිබූ ජල කරාමයට ගොස් කට සෝදාගෙන තම හිස් වැසුමද පැළඳ ඉහළ නිලධාරීන් දෙදෙනාට තම ආචාරය පුද කරන්නේ එම මොහොත තම ජීවිතයේ අමිහිරිම මොහොත වන බවකට හාන්කවින්සියක් හෝ නොදැනය.
එහි පැමිණ සිටි සහකාර පොලිස් අධිකාරි මංජුල මහගිරිල්ල මහතාගේ ප‍්‍රථම ප‍්‍රශ්නය වූයේ තමුසේ බීලා නේද ඉන්නේ යනුවෙනි. එහිදී මහසැරයන්වරයාගේ පිළිතුර වූයේ නැහැ සර් යනුවෙනි.
එම පිළිතුරත් සමග සහකාර පොලිස් අධිකාරිවරයා තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කර සිටියේ ඔහු බීමතින් සිටින්නේදැයි මුව සිඹ පරීක්‍ෂා කරන ලෙසයි.
මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාගෙන් ලද ප‍්‍රතිචාර අනුව ඔහු තෙල්දෙණිය අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කෙරුණ අතර එහිදී ලැබෙන වෛද්‍ය වාර්තාව වූයේ ඔහු බීමතින් නොසිටින බවයි.
ඔහු නැවතත් උඩුදුම්බරට ගෙනැවිත් එහි රෝහලේ වෛද්‍යවරයාට ඉදිරිපත් කළත් ලැබුණේ එම වාර්තාවමය.
වෛද්‍යවරුන් දෙදෙනෙකු ඔහු බීමතින් නොසිටි බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරද්දී ඉහළ නිලධාරියා මෙහි වාර්තාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.
|
අවමඟුල් පෙරහර |
ඒ අනුව ආනන්ද සරත් කුමාර සමරසේකර නමැති වසර ගණනාවක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරමින් ත‍්‍රස්ත බෝම්බවලට පවා මුහුණදී ආබාධිතව සිටි පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනමට ලක්වන්නේ එක් පෑන් පහරකිනි.
මෙම සිද්ධියෙන් අතිශය කලකිරීමට පත්ව සිටි ආනන්ද සරත් කුමාර සමරසේකර මහතා ඉකුත් සඳුදා දිනයේ තම භාර්යාවගේ සාරියකින් ගෙල වැලලාගෙන තම නිවෙසේදීම සියදිවි හානිකර ගත්තේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වන කේ.එම්. පද්මලතා කෝනාර ආරියසිංහ (32) මහත්මිය පවසන්නේ මෙවැනි කතාවකි.
මගේ මහත්තයාට ජනවාරි පළමුවැනිදා වැඩ තහනම් ලිපිය ලැබුණායින් පස්සේ හිටියේ ඉතාමත්ම කළකිරීමකින්. ඔහු හැම වෙලාවෙම කිව්වේ ඉහළ නිලධාරීන් පැමිණි දෙසැම්බර් දහතුන්වැනිදා ඔහු බීමතින් නොසිටි බවයි.
මගේ මහත්තයා මේ සම්බන්ධයෙන් අභියාචනා ලිපි තුනක් ලිව්වා. අවසාන වශයෙන් ඔහු ඉල්ලා සිටියේ දඬුවමකට යටත් කොට හෝ සේවයේ පිහිටුවන ලෙසයි.
නමුත් ඒ එක ලිපියකටවත් ප‍්‍රතිචාර දැක්වුණේ නැහැ. මා ඇතුළු පිරිමි දරුවන් හතර දෙනෙකුට කන්න බොන්න දෙන්නේ කොහොමද කියලා මහත්තයා නිතර සිටියේ කලකිරීමකින්.
මහත්තයා අපේ ගේ හදාගන්න ගත්ත රුපියල් දෙලක්‍ෂ පනස් දහසක මුදලේ වාරිකයත් ඒ වනවිට ගෙවා ගැනීමට නොහැකිවයි සිටියේ. මහත්තයා කලකිරීමෙන් සිටින බව දැනගත් නිසා මම නිතරම කිව්වා අපි පුළුවන් විදියකට ජීවත් වෙමු කියලා.
නමුත් මහත්තයා දැඩි කලකිරීමකින් සිටියා. මේ මරණයට ඉහළ පොලිස් නිලධාරීන් වගකිවයුතුයි යැයිද ඇය පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් උඩදුම්බර ගම්වාසියෙකු පවසා සිටියේ එම පොලිස් නිලධාරියාගේ දරුවන් පාසල් යනවිට තම පියාගේ වැඩ තහනම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කරමින් නොයෙකුත් විහිළු තහළු යහළුවන් සිදු කරන බැවින් එම දරුවන් පාසල් යාමට අකමැත්තක් දැක්වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන්ද ඔහුගේ සිතේ විශාල කලකිරීමක් තිබූ බවයි.
|
බිරිඳ සහ දරුවා කම්පිතව... |
පොලිසියේ ඉහළ නිලධාරින්ගේ දැඩි අසාධාරණයකට ලක්වූ මෙම පොලිස් නිලධාරියා ත‍්‍රස්තවාදී කි‍්‍රයාන්විතවල නිරත වෙමින් මඩකළපුව, කලවංචිකුඩි, සෙට්ටිකුලම් ආදී ප‍්‍රදේශවල කි‍්‍රයාන්විතවල නිරත වෙමින් බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්ව ආබාධිතව සිටි පොලිස් නිලධාරියෙකි.
එම හේතුව නිසාම ඔහුගේ ගමේ පොලිසියට අනුයුක්ත කරන ලද පොලිස් නිලධාරියෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය සහකාර පොලිස් අධිකාරි මංජුල මහගිරිල්ල මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ එම මහ සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් කිසිවක් මාධ්‍යට ප‍්‍රකාශ කළ නොහැකි බවත් එය තමාට අදාළ කටයුත්තක් නොවන බවත් එය ප‍්‍රශ්නෝපගත ප‍්‍රශ්නයක් බැවින් ඒ පිළිබඳව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් කරුණු විමසන ලෙසයි.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එම මහ සැරයන්වරයාගේ වැඩ තහනම් කර සිටියේ බීමතින් සිටි නිසා නොවන බවත් රාජකාරිය පැහැර හැරීම නිසා බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකවේ පොලිස් ලොක්කෝ කුඩ්ඩන්ට සැලියුට් ගහනවා.නිර්දෝෂී අහිංසක මනුස්සයට පයින් ගහනවා. (දී)
පොලිසිය ඉන්නේ මහජනතාවට සේවය කරන්න නොවේ දේශපාලකයන්ට කඩේ යන්න. අපිට පොලිස් සහතිකයක් ගන්න ගියත් කොච්චර අමාරුද. කාට කියන්නද මේවා.(නදී)
පොලිචිය ඇතුලේ ඉන්න අහිංසක නිළධාරින්ට මෙහෙම නම් රටේ ජනතාවට සලකන විදිය ගැන අහන්න ඕනෙද. (අ)
මේ වගේ වැඩ කාටවත් යා දෙන්නේ නෑ (අ)
මේවා පලදේවි.(නදී)
ඔක්කොම අපායට යි (අ)
දැන් කාටද පාඩුව (දී)
මමත් වසර 4 ක කාලයක් මොනරාගල කොට්ටාශයේ පොලිස් කොස්තාපල් 73551 වශයෙන් සේවය කරලා මෙ වන විට නිවසේ ඉන්නවා. පොලිසියේ ලොකු මහත්වරු ගැන මටත් ලස්සන කතාවක් තියෙනවා කියන්න. මාව 0774521770 අමතන්න කතාව කියන්නම්.(නදී)
සහ ගහන අපරාද.(නදී)
ඔයවගේ පාන්බට්ටෝ දන්නේ අහිංසක එකෙක් අල්ලාගෙන වීරත්වය පෙන්නවන්න විතරයි. මර්වින් සිල්වා වගේ අය දක්කාම හතර අතේ සැලියුට් ගහනවා.(නදී)
මේ රටේලොක්කෝ කුඩු කන්ටේනර් ගණන් ගේනවා මේ පොඩි එකෙක් පොඩ් වරදක් කලාම තමා වැරදි(දී)
මේ ලෝකේ අවංකකමට කවදාවත් ඉඩක් නැ.අවංක මිනිසුන් හැමදාමත් අසරණය ...!!! (අ)
පොඩි පොඩි දේවල් වලට අහිංසක මිනිසුන්ව කරදරේ දානවා (අ)
මේවා ලස්සනට යට ගහන්න කට්ටිය දන්නවා පව් අර ළමයි ටික. මොකක්ද නීතිය ? (අ)
බඩට ගහනවා කියන්නේ මේකට . දරුවෝ ඉන්න මනුස්සකමක් ගැන යන්තන් කැක්කුමක් තියෙනවනම් මෙහෙම වෙයිද (අ)
මේවා හෙන ගහන අපරාද , මේ අහිංසක දරුවන්ගේ විලාපය ඇසී වැරදි කරන්නවුන්ට ශාප වේවා! (නදී).
මේ නිලධාරියාට මේ වගේ දෙයක් කරගන්න කලින් සිය පව්ල ගැන හිතන්න තිබුනා. දැන් මේකෙන් අසරණ වෙන්නේ අහිංසක දරු පව්ලනේ (දී)
අය්යෝ ලංකාවේ පොලීසියද...? ඇතුලෙත් ඔහොමනම් සාමාන්‍යය මිනිස්සු ගැන මොන කතාද ? (දී)
මේවා හෙන ගහන අපරාද , මේ අහිංසක දරුවන්ගේ විලාපය ඇසී වැරදි කරන්නවුන්ට ශාප වේවා! (දී)
පොලිස් ලොක්කෝ වැඩිහරියක් කිසිම හිතක් පපුවක් නැති අය . තමන්ගේ වාසිය ගැන විතරයි හිතන්නේ. බලය නිසා හිස උදුම්මවගත්ත පිරිසක්. (දී)
ඔය කියන සහකාර පොලිස් අධිකාරිවරයට දඩුවම් සොබාදහමින් ලැබෙවී . බලන්ඩ අනිවාර්යෙන්ම ලැබෙන්ව. මම ඔහොම සිද්දි කීපයක් දෙකල තියනවා. පව් අහිංසක පොලිස් නිලධාරිය, මගේ කණගාටුව ප්‍රකාශ කරනවා ඒ පුලේ අයට. (අ)
දුකයි, කේන්තියි.(නදී)
දෙවියනි මුන් ටික ඉක්මනි්න අළු දුවිලි කරන්න.(නදී)
නිරපරාදේ ඔය දේ කෙරුවා නම් ඔවුන් දෙන්නට වැඩක් දීලා තමයි මැරෙන්න තිබුනේ. මොකද ආයෙත් කාට හරි ඔහොම කරන්න බැහැනේ.(නදී)
පොඩි මිනිහට තමයි බලේ පෙන්නන්නේ ලොක්කෝ ඉස්සරහ දෙකට නැමෙනවා.(නදී)
වගකිව යුත්තන්ට ස්වභාවධර්මයෙන් දඬුවම් ලැබෙයි (අ)
මම අහල තියෙනවා යුද්දය කාලේ, හමුදාවේ සාමාන්‍ය විරුවන්ට රාත්‍රි කාලයේ ඉහල නිලධාරීන් දුන් අමානුෂික වද. හරිම හිරිකිතයි. මේවා තමන්ගේ තනතුරේ බලපුළුවන්කාර කම පෙන්වන්න දුන්නට ඔවුන්ට මේවා ස්වභාව ධර්මයෙන් අත්විදින්න වෙනවා.(නදී)
අපරාදේ, වැරදි කරපු අයව භංග වේවා! ළමයගේ මුහුණ දැක්කම හරිම දුකයි.(නදී)
තිලක් ඔබ අරි මෙවෙනි අපරාධකාරයන්ට නිසි දඬුවම් දිය යුතුයි, පොලිස් සැරයන් වරයාට නිවන් සුව ලැබේවා ! (නදී)
ඔය රාළහාමිට තිබුනේ අර ඔලුව ඉදිමිච්ච ලොක්කෝ දෙන්නට දඩුවම් කරලා ඊට පස්සේ කරන දෙයක් කරන්නයි.(නදී)