IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


උදාවන වසර ඔබට කොහොමද?

උදාවන වසර ඔබට කොහොමද?..........

 

 

පොදු තත්ත්වය

මේෂ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති කුජ හා ලග්න නැකත් අධිපතින් ශූභා ශූභ මිශ‍්‍ර බලයෙන් සිටින මොහොතේ උදාා වන නව වසර ඔබගේ අත්‍යවශ්‍ය කාර්යය කටයුතු කෙරෙන් ද ශූභා ශූභ මිශ‍්‍ර බවක් ඇති කරයි. බාධා මධ්‍යයේ නමුදු ක‍්‍රමයෙන් අරමුණු සැලසුම් සාර්ථක කර ගත හැකිය.

 

 

අධ්‍යාපනය

ඉගෙනීම් කටයුතු වලට අවහිර බාධා ඇති කරයි. පොතපතට ඇති උනන්දුව යොමුවීම අඩුවී විනෝදයට බරවන බැවින් එවැනි දෙයට නතු නොවී සිය අධ්‍යාපනික කටයුතු වලට ප‍්‍රමුඛත්වයක් දී ක‍්‍රියා කරන්න. අධ්‍යාපනික ආයතන කෙරෙන්ද කළකිරීම් සහගත දෑ ඇති කරයි. ඔබ වැඩි වශයෙන් ඉගෙනීමට යොමුවන, ඊට කැමැත්ත ඇති යහළු යෙහෙළියන් ආශ‍්‍රය කරන්නට මේ වසරේදි උනන්දු වන්න.

 

 

ආර්ථික, රැකියා හා ව්‍යාපාර

ධන අය භාවාධිපතීන් ශුභා ශුභ මිශ‍්‍ර බලයෙන් යුක්ත බැවින් ඔබට මේ වසරේ අපේක්‍ෂිත මිල මුදල් ලාභ ලැබුණත් වියදම් ද එ් අයුරින්ම ගෙනදේ. විටෙක අපේක්‍ෂිත මුදල් එ් අයුරින්ම නොලැබීමටත් ඉඩ ඇත. ණය ගනු දෙනු බලාපොරොත්තු කල් යයි. ගමන් බිමන් වලට අමතර මුදල් වැය වේ. කල්පනාවෙන් සැලසුම්සහගතව ඉපැයීම් මාර්ගවල නිරත වන්න. කෙසේ නමුත් ජුනි මැදභාගයෙන් පසු යම් යම් ආර්ථික ලාභ ලැබෙන මංපෙත් විවර වේ

 

 

පේ‍්‍රමය සහ විවාහ දිවිය

මේ වසරේ තමන් අදහස් කළ අන්දමට සැලසුම් කළ ආදර කටයුතු හෝ විවාහ කටයුතු සිදුනොවීම නිසා සිතේ සහනය සතුට පහව යයි. ඇතැම් හිතවතුන් හිතවතියන් මාර්ගයෙන් කිසියම් විවාහ යෝජනාවන්ද ගෙන දේ. කෙසේ වෙතත් මේ වසර පුරාවටම මෙන් ආදර සබඳතා හා විවාහ කටයුතු වලට යම් යම් ප‍්‍රශ්නකාරී ගති මතු වන නිසා තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයාට දෙන පොරොන්දු කෙරේ සැලකිලිමත් වන්න. විරුද්ධවාදීකම් හා ප‍්‍රශ්නකාරී දෑ වුව මේවාට බලපානු ඇත. අපවාද චෝදනාවලට ලක්වන දෙයින් ද ඔබ මේ වසරේ වළකින්න.

 

 

සෞඛ්‍යය

රත් පිත්,රක්ත දෝෂ, අමාශය ආශි‍්‍රත ආසාදන, අර්ශස් මුලාග්නියට සම්බන්ධ රෝග වැඩි වශයෙන් ඔබට මේ වසරේදි හට ගනී.

 

 

 

පොදු තත්ත්වය

වෘෂභ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති ශුක‍්‍ර හා ලග්න නැකත් අධිපතින් ශුභාශුභ බලයෙන් යුක්තව සිටින මොහොතේ උදාවූ මේ වසරේ ඔබට සිය කාර්යය කටයුතු කර ගැනීමට සිදුවන්නේ ද නොයෙකුත් අවහිරතා මධ්‍යයේය. අවබෝධයෙන් කටයුතු කළහොත් අනාගත අභිවෘද්ධියට හේතුවන ප‍්‍රයෝජනවත් දෑ රැසක් සිදුකර ගත හැක. ඔක්තෝබර් මැදභාගය පසුවන තෙක් තමාගේ අත්‍යවශ්‍ය වැඩවලට විවිධ අවහිර බාධක යෙදේ

 

 

අධ්‍යාපනය

විද්‍යස්ථානය බලවත් නිසා මේ වසරේ ඉගෙනීමේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවන්නේය. සිතේ සහනයෙන්, කි‍්‍රයාශීලීබවෙන් පොතේ පතේ කටයුතු කරගෙන යාමටත් එමෙන්ම හැකිවනු ඇත. අහිමි වූ නේවාසික පහසුකම් වැනි දෑ වුව නැවත ලැබේ. ඉගෙනීමට යහපත් වසරකි. අවබෝධ ඥානය, ධාරණශක්තිය මැනවින් ගොඩනැගේ

 

 

ආර්ථිකය, රැකියා හා ව්‍යාපාර

ඔබට ආර්ථික වශයෙන් අඟහිඟතා මේ වසරේදී ඇති නොවන්නේය. ආදායම් වැඩිකර ගැනීමටත් ඔබ වෙහෙසී ක‍්‍රියා කරයි. ස්ථිර ලෙස ආදායම් ලැබෙන සේ කටයුතු පිළියෙළ කර ගනී. අනවශ්‍ය වියදම් සීමා වී මූල්‍ය පාලනයක් සිදුවන වසරක්ද වෙයි. උරුම හිමිකම්, ලාභ, නිශ්චල චංචල දේපළ මිලදී ගැනීම්වලටද යෝග්‍ය වන්නේය. 2014 ජූනි තෙක් ලැබීමට ඉපැයීමට වාසනාව මතුවන්නේය.

 

 

පේ‍්‍රමය සහ විවාහ දිවිය

ඔබට මේ වසරේ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් අයහපත්ම නොවුණත් මීට අදාළ කටයුතුවලදී හොඳින් සොයාබලා තීරණ ගන්න. මේ වසරේ අවසන් මාස 6 තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සිත්තැවුල් මතු වන දෑ වුවත් සිදුවේ. එම නිසා යම් යම් අය ඇසුරු කිරීම් වලදී කල්පනාකාරි වන්න. කෙසේ නමුත් හැඟීම් වලට වහල් නොවිය යුතු වසරකි.

 

 

සෞඛ්‍යය

ඇසේ, හිසේ රෝගාබාධ විටින් විට මතු කරන අතර පපුවේ අසනීප ඇති අය ඒ කෙරේ වඩාත් ආරක්‍ෂා වන්න.

 

 

 

පොදු තත්ත්වය

මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති හා ලග්න නක්‍ෂත‍්‍රාධිපතින් බලයෙන් යුක්තව සිටින මොහොතේ උදාා වූ නව වසර වැඩි වශයෙන් සුබ ඵල වසරක් බවට පත් වේ. තම වැඩ කටයුතු වලට අවශ්‍ය අයගේ අධාර උපකාර මැනවින් ලැබෙන අතර අරමුණු සැලසුම් සාර්ථක වේ. මෙය ඔබ මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කරන වසරකි.

 

 

අධ්‍යාපනය

මේ වසරේ ඉගෙනීම් කටයුතු අවහිර බාධාවකින් තොරව හා උනන්දුවෙන් උද්යෝගයෙන් යුතුව කරගෙන යා හැක. 2014 ජූනි මාසය තෙක් කාලයේ අධ්‍යාපනයට යම් යම් බාධා අවහිර මතුවන බැවින් ඒ කෙරේ සැලකිලිමත් වන්න. කෙසේ නමුත් සතුටුවිය හැකි අධ්‍යාපන ජයග‍්‍රහණයක් ද ඔබට මේ වසරේ හිමි කර ගත හැක.

 

 

ආර්ථිකය, රැකියා හා ව්‍යාපාර

ඔබට ජුනි 20න් පසු ආර්ථිකයේ වැඩි දියුණුවට කටයුතු සිදුවේ. ලාභ අපේක්‍ෂාවෙන් කරන ඉපැයීම් හා ගණුදෙනු වලින් වාසි ප‍්‍රයෝජන අත්පත් වන්නේය. ආදායමෙහි වැඩි දියුණුවක් සැලසෙන අතර අයකර ගැනීමට ඇති මිල මුදල් ලැබෙනු ඇත. විකිණීම් මිලයට ගැනීම් වලින් ලාභ ප‍්‍රයෝජන අත්වේ. කෙසේ නමුත් අවිශ්වාස අය සමග ගණු දෙනු නොකරන්න. මුල් මාස 6 ආර්ථිකයේ සමබරතාවක් ඇතිනොවේ.
 

 

පේ‍්‍රමය සහ විවාහ දිවිය

මේ වසර තුළ ඔබ පහසුවෙන් විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක්වේ. පේ‍්‍රම සබඳතා හා විවාහ දිවිය කෙරෙන් පැවති ගැටලූ නිරාකරණය වනු ඇත. මේවා කෙරෙහි බලපා තිබූ යම් යම් අවුල් සහගත තත්ත්ව පහව යයි. සාර්ථක විවාහ තීන්දු තීරණ ගැනීමටත් ඉඩකඩ සැලසේ. කල්ගත වූ විවාහ ගිවිසුම් ස්ථීරව තහවුරු වන්නේය. පේ‍්‍රම දිවියේ හා යුග දිවියේ නවෝදයක්, සාර්ථකභාවයක් ඇති කරන වසරක් ද වනු ඇත. වසරේ අවසන් මාස 6 මේවා කෙරෙන් වැඩිවශයෙන් සුබපල ඇතිකරයි.
 

 

සෞඛ්‍යය

ඇස්වල හා උදරගතව යම් යම් රෝගී ගති මතුවන වසරක් වුවත් වැඩි වශයෙන් නිරෝගි බවක් ඇති කරයි.
 

 

 

 

පොදු තත්ත්වය


කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති මෙන්ම ලග්න නැකත් අධිපතීන් දැඩි පීඩාවකින් තොරව වසරේ ගමන් කරන නිසා කරදර බාධක විඳ දරාගෙන අභියෝග මැඩගෙන ඉදිරිය කරා ගමන් කළ හැක. දුරදිග බලා තීරණ ගැනීමටත්, අනාගතය සම්බන්ධ පැහැදිලි සැලසුමකින් යුතුව කටයුතු කරගෙන යෑමටත් අවස්ථාව සැලසෙන වසරකි. අවහිර බාධා මැඩගෙන තම අරමුණු සැලසුම් ඉටුකර ගැනීමට හැකි වන්නේය.
 

 

අධ්‍යාපනය

විශේෂයෙන් තාක්‍ෂණික හා කාර්මික ක්‍ෂේත‍්‍රයේ විෂයන්ගෙන් විවිධ දක්‍ෂතා පෙන්නුම් කිරීමට ඉඩ ලැබේ. කෙසේ වෙතත් ඔබට මේ වසරේ අධ්‍යාපනික පාඨමාලා හා අධ්‍යාපන ආයතනයන්ට සම්බන්ධව බල පෑ ප‍්‍රශ්න විසඳා ගැනීමට හැකිවෙයි. මේ වසරේ මුල් මාස හය තුළ ඉගෙනීම් කටයුතු වල ප‍්‍රගතියක් ඉදිරියට යාමක් පෙන්නුම් නොකරයි. එසේම මුල් මාස හය පොතට පතට ඇති උනන්දුව අඩු වී යන නිසා උනන්දුවෙන් කටයුතු කරන්න.
 

 

ආර්ථිකය, රැකියා හා ව්‍යාපාර

පසුගිය කාලයේ පසුබැස හා අඩපණව තිබූ ධනෝපායන මාර්ගයන්හි ක‍්‍රමවත් වර්ධනයක් මේ ජුනි මාසයෙන් පසු ගොඩනැගේ. යම් යම් මුදල් හා ද්‍රව්‍ය ලාභය මෙහිදී හිමිවන තැනට කටයුතු පිළියෙල වේ. ණය ගනුදෙනුවකින්ද නිදහස් වීමටත් අවස්ථාව සැලසේ. ජුනි පසුවන තෙක් ගණුදෙනු හා විකිණීම්, මිලට ගැනීම් වැනි කටයුතුවලදී පරිස්සම් වන්න. පොදුවේ ඔබට ගතවූ වසරට වඩා මේ වසරේදී ආර්ථික වශයෙන් අග හිඟතා ඇති නොවනු ඇත
 

 

පේ‍්‍රමය සහ විවාහ දිවිය

ආදර සබදතාවන්ට හා විවාහ යෝජනාදියට ශුභදායී වාතාවරණයක් ගොඩනැගුණත්, තමා ඇසුරු කරන තැනැත්තාට හෝ තැනැත්තියට සම්බන්ධව සැක සංකා මතු වීමෙන් සමගිය, සමාදානයට අහිතකර දෑ සිදුවේ. සුදුසු වයසේ නම් විවාහ යෝජනා ගෙන එයි. විරුද්ධ ලිංගිකයන් සමග නව සබඳතා ගොඩනැගේ. මේ වසරේදී ඔබට වැඩි වශයෙන් විරුද්ධ ලිංගික ඇසුර ලැබේ. දැන හැඳිනුම් පේ‍්‍රම සබදතා පහසුවෙන් ඇතිවන වසරක්ද වේ. පේ‍්‍රමය හා විවාහ දිවියට සම්බන්ධ කියන කරන දේ සාර්ථක වන වසරකි.
 

 

සෞඛ්‍යය

මුත‍්‍රා ආසාදන, මල බද්ධය, අර්ශස් වැනි රෝග පවතින ඔබ මේ වසර පුරාවට ඒ කෙරේ වඩාත් ආරක්‍ෂා වන්න. 
 

 

 

 

පොදු තත්ත්වය

ඔබේ ලග්නාධිපති හා යෝගකාරකයන් ශුභා ශුභ මිශ‍්‍ර බලයෙන් යුක්තව හැසිරෙන මේ වසර ඔබටද ශුභා ශුභ මිශ‍්‍ර ඵල ගෙන දෙන්නේය. 2014 ජුලි මාසය තෙක් අවහිර බාධා මැඩගෙන කටයුතු කිරීමට හැකියාව ලැබුණත් ඉන් පසු යම් යම් ප‍්‍රශ්න මධ්‍යයේ කටයුතු කිරීමට සිදුවන බැවින් සැලකිල්ලෙන් විමසිල්ලෙන් කටයුතු කරන්න.
 

 

අධ්‍යාපනය

විද්‍යස්ථානාධිපති තරමක් දුර්වල බැවින් උනන්දුවෙන්, කැපවීමෙන් අධ්‍යාපන කටයුතුවල නිරත විය යුතුයි. දක්‍ෂතා පෙන්වූ විෂයන් කෙරේ උදාසීන ගති මතු කරයි. අධ්‍යාපනික කටයුතු, පාඨමාලා වැනි කටයුතු සඳහා විදේශගත වීමට හෝ දුර බැහැර පෙදෙසක යාමට සිත යොමුවෙයි. පොදුවේ ඔබ මේ වසරේ සියලූ අධ්‍යාපන කටයුතු වලට උනන්දු වන්න. ජුනි මාසය අවසන් වන තෙක් බාධක මැඩගෙන මේවායේ කාර්යන් ඉටුවේ.
 

 

ආර්ථිකය, රැකියා හා ව්‍යාපාර

මේ වසරේදී ඔබගේ අපේක්‍ෂිත මූල්‍ය සැලසුම් ඉටුවන්නේ නමුදු අනවශ්‍ය වියදම් ද යෙදේ. පොදුවේ අනුන් වෙනුවෙන් වැඩිපුර වියදම් යෙදෙන වසරකි. කෙසේ නමුත් ලාභ බලාපොරොත්තුවෙන් වියදම් කරන දෙයින් ලාභ ලැබේ. මුල් මාස 6 තුළ බලාපොරොත්තු වන ආර්ථික සහන ඔබට හිමිවනු ඇත. එහෙත් ගණුදෙනු වලදි හා මුදල් පරිහරණයේදි කල්පනාකාරී වන්න. විටෙක ශරීර සනීපය රැක ගැනීමටත් අමතර මිල මුදල් වියදම් කරන්ට සිදුවේ.


 

පේ‍්‍රමය සහ විවාහ දිවිය

මේ වසරේ මුල් මාස හය තුළ ආදර සබඳතා හා දැන හැඳිනුම් වැනි දෑ කෙරෙන් යහපත් වන අතර, අවසන් මාස හයේදී මේවා කෙරෙන් අසහන, සිත් තැවුල් මතුවන පසුබිමක් ගොඩනැගේ. විශේෂයෙන් මේ වසරේදී ඔබට නුසුදුසු හා නොගැලපෙන සබඳතා ගොඩනැගීමට ඉඩ ඇති බැවින් එවැනි දේට නතු නොවන්න. දෙදෙනා තුළ සැක උපදවන දෑ සිදු නොවන ලෙස අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරන්න. පේ‍්‍රම දිවිය හා යුග දිවිය ශුභා ශුභ මිශ‍්‍රයි.
 

 

සෞඛ්‍ය

ඔබ වැටීම්, තැලීම්, හදිසි පීඩා අනතුරු අබාධවලින් ආරක්‍ෂා විය යුතු වසරකි. ශරීර සනීපයද විටින් විට දුර්වල කරයි.
 

 

 

 

පොදු තත්ත්වය

කන්‍යා ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති හා ලග්න නැකත් අධිපතීන් සුබදාායී අයුරින් සිටින මොහොතේ උදාවන මේ වසර වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙළ වන්නේය. මෙය ඔබට උසස් පුද්ගලයන්ගෙන් ගරු සරු වැඩි වශයෙන් හිමිවන අතර කරන කියන කටයුතු සපල වන්නාවූ වසරක්ද වනු ඇත.
 

 

අධ්‍යාපනය

ඉගෙනීම් කටයුතුවල ප‍්‍රගතියක් ගොඩනැගෙනු ඇත. වෘත්තීය හා පාසල් මෙන්ම උසස් අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වයක් බලා සතුටු විය හැකිවෙයි. උසස් අධ්‍යාපන කාර්යයකටද සිත යොමුවේ. විශෙෂයෙන් අධ්‍යාපනික විශේෂ ජයග‍්‍රහණ ගෙන දෙන වසරකි. පොතපත කියවීමටත්, දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමටත් ආශාවෙන් කටයුතු කරයි. ශිෂ්‍යත්ව ලාබාදිය හිමිවීමටත් බලය ඇත. අලූත් හා ගැඹුරු විෂයන්ට සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ. අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය මිල මුදල් ලැබෙනු ඇත.
 

 

ආර්ථිකය, රැකියා හා ව්‍යාපාර

මේ වසරේ අඩපණව පැවති ඔබගේ ඉපැයීම් මාර්ග ශක්තිමත් කරගත හැකි වන්නේය. අමතර ආදායම් මාර්ගයක්ද සලසා ගැනීමට අවස්ථාව උදාවේ. පොදුවේ අතට මිල මුදල් ලැබෙන වැඩපිළිවෙළක් සැකසෙන අතර බොහෝ දුරට ප‍්‍රධාන මූල්‍ය අවශ්‍යතා රැසක් ඉටුකර ගැනීමටද ඉඩ ප‍්‍රස්ථා සැලසේ. මුල් මාස තුනේදි අනවශ්‍ය වියදම් වලින් මිදී කටයුතු කරන්න. පොදුවේ ඔබට නිශ්චල - චංචල දේපළ ලාබ ද ගොඩනගාගත හැකි වසරකි.
 

 

පේ‍්‍රමය සහ විවාහ දිවිය

ඔබගේ ආදර සබඳතා හා විවාහයට අදාළ කටයුතු කෙරෙන් සිතට සතුට දනවන දෑ සිදුවේ. තමා ඇසුරු කරන පෙම්වතා/ පෙම්වතිය සමග ප‍්‍රීතිමත් ගමන් බිමන් යෑමටත් අවස්ථාව සැලසේ. මීට අදාළ බලාපොරොත්තු හා සැලසුම් ඉටුකර ගැනීමටත් හැකිවනු ඇත. විශේෂයෙන් මේ වසර ඔබගේ යුගදිවියේ හා පේ‍්‍රම දිවියේ කටයුතු සම්බන්ධයෙන් නවෝදයක් ඇතිවේ. මංගල යෝජනා ස්ථිර තහවුරු වෙයි. එය එසේ වුවත් මේ වසරේ අවසන් මාස හයේ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් ඇති කරන යම් යම් ප‍්‍රශ්නකාරී දෑ කෙරේ සැලකිල්ලෙන් විමසිල්ලෙන් පසුවන්න. ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා සමග අනවශ්‍ය ගැටුම් ඇති නොකර ගැනීමටත් සැලකිලිමත් වන්න.
 

 

සෞඛ්‍යය

උදරාබාධ සහ හිස, පපුව, පෙනහැල්ල ආශ‍්‍රිත සෙම් අසාදන පහසුවෙන් ඇති කරන වසරකි. 
 

 

 

 

පොදු තත්ත්වය

තුලා ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයට අනුව ග‍්‍රහ බලය ශුභා ශුභ මිශ‍්‍ර අයුරින් කි‍්‍රයාත්මක වන නිසා උදාවන්නාවූ නවවසර ශුභ ඵල මෙන්ම අශුභ ඵල ද මිශ‍්‍රව ගෙනදෙන්නේය. තම අරමුණු, සැලසුම් ඉෂ්ට සිද්ධ කර ගැනීමට යාමේදී විවිධ අවහිර, බාධා මතුකරයි. පොදුවේ බලන කල යම් යම් අවහිර බාධා මධ්‍යයේ නමුදු තම කාර්ය කටයුතු වල සතුටු විය හැකි ප‍්‍රගතියක් උදාකරයි.
 

 

අධ්‍යාපනය

මේ වසර පුරාවටම පොතපතට ඇති උනන්දුව යොමුවීම අඩුවී විනෝදයට බරවන බැවින් එවැනි දෙයට නතු නොවී සිය අධ්‍යාපනික කටයුතු වලට ප‍්‍රමුඛත්වයක් දී ක‍්‍රියා කරන්න. අධ්‍යාපනික ආයතන මෙන්ම සම වයසේ මිතුරු මිතුරියන් කෙරෙන්ද කළකිරීම් සහගත දෑ ඇති කරයි. ඔබ වැඩි වශයෙන් ඉගෙනීමට යොමුවන, ඊට කැමැත්ත ඇති යහළු යෙහෙළියන් ආශ‍්‍රය කරන්නට මේ වසරේදි උනන්දු වන්න.

 

 

ආර්ථිකය, රැකියා හා ව්‍යාපාර

ඔබට මේ වසරේ අපේක්‍ෂිත මිල මුදල් ලාභ ලැබුණත් වියදම් ද එ් අයුරින්ම ගෙනදේ. ණය ගණුදෙනු බලාපොරොත්තු කල් යයි. ගමන් බිමන් වලට අමතර මුදල් වැය වේ. කල්පනාවෙන් සැලසුම්සහගතව ඉපැයීම් මාර්ග වල නිරත වන්න. පොදුවේ ලැබෙන මුදල් ඉතිරිකර ගැනිමට අපහසු වන වසරකි. වසර ආරම්භයේ සිට කිසියම් මුදල් ලාභාදියක් හිමිවන ලෙස පෙන්නුම් කළත් අවශ්‍යතා පිරිමැසෙන පරිදි මිල මුදල් නොලැබේ. ලැබෙන දෙය වියදම් වී යෑම නිසා ඉතිරි කිරීමක් සිදු නොවනු ඇත.
 

 

පේ‍්‍රමය සහ විවාහ දිවිය

මේ වසරේ තමන් අදහස් කළ අන්දමට සැලසුම් කළ ආදර කටයුතු හෝ විවාහ කටයුතු සිදුනොවීම නිසා සිතේ සහනය සතුට පහව යයි. ඇතැම් හිතවතුන් x හිතවතියන් මාර්ගයෙන් කිසියම් විවාහ යෝජනා ද ගෙන දේ. කෙසේ වෙතත් මේ වසර පුරාවටම මෙන් ආදර සබඳතා හා විවාහ කටයුතු වලට යම් යම් ප‍්‍රශ්නකාරී ගති මතු වන නිසා තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයාට දෙන පොරොන්දු කෙරේ සැලකිලිමත් වන්න. පේ‍්‍රම දිවියේ හා විවාහ දිවියේ ඇතැම් පොරොන්දු ගිවිසුම් වෙනස් වී යයි. තම විරුද්ධ ලිංගිකයා තමා කෙරේ සැක සංකා නොසිතන ලෙස හැසිරෙන්නට ඔබ උත්සාහ කරන්න.


 

සෞඛ්‍යය

රත් පිත්, රක්ත දෝෂ, අමාශය ආශි‍්‍රත ආසාදන වැනි රෝග වැඩි වශයෙන් ඔබට මේ වසරේදි හට ගනී. මලබද්ධය, අර්ශස්, මුලාග්නියට සම්බන්ධ රෝග ඇති අයගේ රෝගී තත්ත්වය වර්ධනය වේ.

 

 

 

පොදු තත්ත්වය

වසර මැද භාගයේ සිට ඔබේ ලග්නයට ග‍්‍රහ බලය ශුභදායී ලෙස ගතවන බැවින් එතැන් සිට ඔබගේ බොහෝ අරමුණු සැලසුම් රාශියක් ඉෂ්ඨ සිද්ධ කර ගනිමින් කිසියම් ජයග‍්‍රහණයක්ද අත්පත් කරගෙන ඉදිරිය කරා ගමන් කිරීමට හැකිවන්නේය. පොදුවේ ඔබට මෙය යහපත් ඵල උදාාවන වසරකි. මේ වසරේදි ඔබ උද්යෝගයෙන් ක‍්‍රියාශූරත්වයෙන් කටයුතු කරමින් අරමුණු සැලසුම් රැසක් සාර්ථක කර ගනී.
 

 

අධ්‍යාපනය

ගතවූ වසරට වඩා මේ වසර ඉගෙනීම් කටයුතු වලට යහපත් වන්නේය. ඔබ අනවශ්‍ය ලෙස කාලය නාස්ති නොකර ගනිමින් සිය අධ්‍යාපනික කටයුතු කර ගනී. මාර්තු - මැයි අතර කාලයේ අධ්‍යාපනයට යම් යම් බාධා අවහිර මතු කළත්, ඉන්පසු කාලයේදී අධ්‍යාපනික කටයුතු වල ප‍්‍රගතියට පසුබිම සැකසේ. මෙතැන් සිට අධ්‍යාපනයට අවශ්‍ය මූල්‍ය හා ද්‍රව්‍ය සම්පත් ද ලැබේ.


 

ආර්ථිකය, රැකියා හා ව්‍යාපාර

ධන-අය භාවාධිපතීන් සුබදායක අයුරින් හැසිරෙන නිසා සැලසුම් කළ මූල්‍ය කටයුතු සාර්ථක වන්නේය. උරුම හිමිකම් සම්බන්ධ ගැටලූ මතු කළත් ඉපැයීම් මාර්ග ශක්තිමත් කරගත හැකියි. අලෙවිකර ගැනීමට අපහසු දෙයක් අලෙවියට මග පෑදේ. විකිණීම් මිලයට ගැනීම්වලින් යම් යම් ලාභ ලැබේ. නිවසේ අලූත්වැඩියාවක් වැනි දෙයකට ද අමතර මුදලක් වැය කරන්නට සිදුවේ. එහෙත් මුල් මාස පහ ආර්ථිකයේ ප‍්‍රගතියක් පෙන්නුම් නොකරයි.
 

 

පේ‍්‍රමය සහ විවාහ දිවිය

විවාහකාරක හා මංගල භාවාධිපති ශූභදාායි ලෙස ගමන් කරන නිසා මේ වසරේ ඔබගේ ආදර සබඳතා හා විවාහ කටයුතුවලට මතුව තිබූ ප‍්‍රශ්නකාරී ගති හා බාධා පහව ගොස් සාමය සතුට ගොඩනැගේ. සාර්ථක විවාහ යෝජනා හා පේ‍්‍රම සම්බන්ධතා දැන හැඳිනුම් වැනි දෑ පවා අලූතින් ගොඩනැගේ. ඔබට වැඩි වශයෙන් ද විරුද්ධ ලිංගික ඇසුර ලැබෙන වසරකි. එමෙන්ම පේ‍්‍රමය හා විවාහ දිවියට සම්බන්ධ කියන කරන දේ සාර්ථක වන වසරක්ද වනු ඇත. ජුනි වලින් පසු අවිවාහකයන්ට මංගල යෝජනා ගෙනදෙන්නේය.

 

 

සෞඛ්‍යය

සෙම් හා ලේ දුෂ්‍ය ආසාදන වැඩි වශයෙන් මතු කෙරේ. දණහිස් ආබාධවලට පහසුවෙන් ලක් වෙයි.
 

 

 

 

පොදු තත්ත්වය

ඔබගේ ලග්නාධිපති හා යෝගකාරක ග‍්‍රහයන් මේ වසරේ පීඩාවකින් තොරව ගමන් කරන බැවින් සිතට සහනය සතුට දනවන දෑ සිදුවේ. ක‍්‍රමානුකූලව වැඩ කටයුතුවල නිරත වෙමින් අනාගත අභිවෘද්ධියට හේතුවන වැඩ කොටසක් ද සපුරා ගනී. උත්සාහයේ ප‍්‍රතිඵල ලැබෙන වසරකි. උදව් අපේක්‍ෂා කරන්නන්ගෙන් උදව් උපකාර ද නිසි පරිදි තම වැඩවලට ලැබෙනු ඇත.

 

 

අධ්‍යාපනය

ඔබට මේ වසර පුරාවටම සියලූම අධ්‍යාපනික කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවෙයි. සහය ලැබිය යුත්තන්ගේ සහය ද මැනවින් ලැබෙනු ඇත. මේවාට අවශ්‍ය මූල්‍ය හා ද්‍රව්‍යමය ලාභ ද ලැබේ. විශේෂයෙන් ඔබගේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ දියුණුවට අමතර වැඩ කොටසක් සැකසෙන වසරකි. ඔබට ශිෂ්‍යත්ව ලාභාදිය පවා සැලසෙන වසරකි.
 

 

ආර්ථිකය, රැකියා හා ව්‍යාපාර

මෙම වසරේදී ඔබට ඉපැයීමේ දක්‍ෂතා ඇති කළත් යම් යම් මුදල් ලාභ හිමිවන අවස්ථා යෙදුණත්, අනවශ්‍ය දෙයට වියදම් කිරීම හේතුවෙන් මිල මුදල් ලැබුණත්, අවසානයේ දී මුදල් නොලැබුණා සේ දැනේ. එනිසා ඔබ මනා කළමනාකරණයකින් යුතුව මුදල් පරිහරණයේ යෙදෙන්න. බලපෑ උරුම හිමිකම් ප‍්‍රශ්න විසඳෙන වසරකි. ඔබගේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට මං පෙත් විවර වනු ඇත. ගණුදෙනු වලින් නොසිතූ වාසි ප‍්‍රයෝජන අත්වේ. යටපත්ව පැවති හිමිකම් හා අයිතිවාසිකම් ලැබෙන මාර්ග විවර වෙයි.
 

 

පේ‍්‍රමය සහ විවාහ දිවිය

ඔබගේ පේ‍්‍රම දිවියේ හා විවාහ දිවියේ කටයුතු ප‍්‍රශ්න බාධාවලින් තොරව ගෙවෙනු ඇත. කාලයක් මුළුල්ලේ සිතෙහි හටගෙන තිබූ පේ‍්‍රමාන්විත හැඟීමක් තම විරුද්ධ ලිංගිකයාට ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව උදාවේ. නව ආදර සබඳතා ගොඩ නැගේ. විවාහ යෝජනා ගෙන එන වසරක් ද වන්නේය. මේවා කෙරෙන් ශුභ ඵල සහිතයි. පසුගිය කාලයේ ඔබගේ ආදර සබඳතා හා විවාහ කටයුතු වලට මතුව තිබූ ප‍්‍රශ්නකාරී ගති හා බාධා පහව ගොස් සාමය සතුට ගොඩනැගේ. සාර්ථක විවාහ යෝජනා හා පේ‍්‍රම සම්බන්ධතා දැන හැඳිනුම් වැනි දෑ ඇතිවන වසරක් ද වන්නේය.
 

 

සෞඛ්‍යය

සාමාන්‍යයෙන් නිරෝගී දිවියකට කටයුතු පිළියෙළ වේ. දරුණු ලෙස හෘද රෝග ඇති අය නිසි පරිදි වෛද්‍ය උපදෙස් පිළිපදින්න.

 

 

 

පොදු තත්ත්වය

ඔබගේ ලග්නාධිපති හා යෝග කාරක මේ වසර උදාාවන මොහොතේ ශුභව ගමන් කරන නිසා නව වසරේ ඔබට අවහිර බාධා මැඩගෙන තම කාර්ය කටයුතු කරගෙන යාමට හැකි වේ. සමාජයේ කැපී පෙනෙන අයුරින් කටයුතු කිරීමටත් පුළුවන්කම ලැබේ. අරමුණු, සැලසුම් සිතැඟි පරිදි ඉෂ්ඨ සිද්ධ කර ගැනීමටත් මෙහිදී හැකියාව ලැබේ.
 

 

අධ්‍යාපනය

ඔබගේ අධ්‍යාපනික කටයුතුවලට මේ වසර අයහපත් නොවේ. අපේක්‍ෂිත අධ්‍යාපනික ඉලක්ක සපුරා ගැනීමට හැකියාවද ලැබේ. සිය අධ්‍යාපනික කටයුතුවලට අවශ්‍ය මූල්‍ය සම්පත් හා ද්‍රව්‍යම සම්පත් අඩුවකින් තොරව ලැබෙන නිසා සිතේ සතුටින් සහනයෙන් ඉගෙනීම් කටයුතු වල නිරත විමටත් හැකියාව ලැබේ.
 

 

ආර්ථිකය, රැකියා හා ව්‍යාපාර

ධනකාරක හා ධන අය භාවාධිපතින් බලයෙන් යුක්ත බැවින් ඔබගේ ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සහය නිසි ලෙස ලැබේ. මෙය ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට ඔබ යම් යම් කි‍්‍රයාදාමයන්හි නිරතවන සැටියක් ද පෙන්නුම් කරන වසරකි. ආයෝජනයකට අවශ්‍ය වූ මූල්‍ය සම්පතක් කෙසේ හෝ උපයා සපයා ගත හැකිවෙයි. ණය මුදලකින් නිදහස් වීමටත් අවස්ථාව සැලසේ. ලැබීම් අතින් අයහපත් වසරකි.
 

 

පේ‍්‍රමය සහ විවාහ දිවිය

ඔබට මේ වසරේ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් අයහපත් නොවුණත් මීට අදාළ කටයුතුවලදී හොඳින් සොයා බලා තීරණ ගන්න. මෙම වසරේ අවසන් මාස හය තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් බලපෑ බාධක ඉවත්ව ගොස් මීට අදාළ බලාපොරොත්තු ඉටුකර ගැනීමට පසුබිම සැකසේ. අවිවාහක අයට විවාහ යෝජනා ගෙන එයි. මේවා කෙරෙන් බල පෑ ප‍්‍රශ්නකාරී ගති මගහැරෙන වසරකි.
 

 

සෞඛ්‍යය

ආහාර දිරවීමේ දුර්වලතා විටින් විට ඇති කරයි. වැඩි වශයෙන් නිරෝගී බවක් ගොඩනැගෙන වසරකි.
 

 

 

 



අදහස් (0)

උදාවන වසර ඔබට කොහොමද?

ආෂි Wednesday, 01 January 2014 09:10 PM

මම තරමක් දුරට ජෝතිෂ්‍ය විශ්වාස කරනවා. නමුත් මගේ ලග්නයේ පලාපල පුවත්පත් දෙකක තියෙන්නේ දෙවිදියකටයි.(නදී)

:       0       0

රංජිත් වසන්ත Wednesday, 22 January 2014 09:31 AM

හොඳයි. (නදී)

:       0       0

කෙනත් Thursday, 02 January 2014 11:13 PM

මේවා විද්‍යාවෙන් ඔප්පු කරන්න බැහැ නේද? (නදී)

:       0       0

කුමාරි Wednesday, 01 January 2014 01:34 PM

සැම දෙනාගේ අකුසල් සිදී කුසල් මතුවී,ආයු,දන,බල,සිරි,සැප,වැඩි සාමයෙන් සමාදානයෙන් 2014 වසර ගත කිරීමට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා!(නදී)

:       0       0

ආශා Tuesday, 31 December 2013 06:28 PM

හොඳයි (අ)

:       0       0

යෙහානි Tuesday, 21 January 2014 02:06 PM

බොහෝ දුරට නිවරදියි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 297 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 47 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 111 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 217 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 231 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 897 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 516 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 293 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.