IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


උපන් ගමන් බිළිඳා ළිඳට දැමූ මෙහෙමත් අම්මෙක්

2

කුලියාපිටියේ කරන්නිප්පල, පහළ පිදුම ප‍්‍රදේශයේ පදිංචි ඔහු ආර්.ඒ. පියසේනය. 75 හැවිරිදිය. ඔහු ගෙවා ආ දශක හත අටක වියපත් ජීවිත කාලයේ සිඟිති දරුවකුගේ ප‍්‍රාණය නිරුද්ධ සිරුරක්, ළිඳක පාවෙනු දුටු බවක් මතකයේ කොතැනකවත් නැත.


තමන් පදිංචි පහළ පිදුමේ නිවසට යාබදව ඇති වගාළිඳට 2014.09.06 වන දින උදේ 7ට පමණ ඔහු පියනැගුවේ ළිඳ අවට වැවී ඇති තණ විසිගැසීමටය.
ළිඳෙහි පොළොව මට්ටමට පිරී තිබූ ජලය මත, අඩි 2ක් පමණ උසැති බෝනික්කකු මුනින් අතට පාවෙමින් සිටිනු දුටු ඔහු ඒ දෙස මඳ වේලාවක් බලා සිටියේ ආසාවෙන් හා විමතියෙනි.


නිවසේ සිටි සිය දියණියට කතා කළ හේ ”දුවේ මෙන්න ළිඳේ බෝනික්කෙක් පාවෙනවා” යැයි කීවේ හඬනගාය.


ළිඳ ළඟට පැමිණි දියණිය මල්ලිකා ළිං ජලයේ පාවෙමින් සිටි බෝනික්කා නිරීක්ෂණය කරද්දී බෝනික්කාගේ පිටේ මැස්සන් වසා සිටිනු හා බෝනික්කාට කක්කා ගොස් තිිබෙනු දැක ‘‘තාත්තේ මේ බෝනික්කෙක් නෙමෙයි. උපන් හැටියෙ වගේ දරුවෙක්. මේ කොණ්ඩෙත් තියෙන්නෙ’’ යැයි බියපත්ව කෑ ගැසුවාය.


මල්ලිකාගේ නිවසේ තාවකාලිකව නැවතී සිටි රෝහිණී නැමැත්තිය ද මල්ලිකා පිටුපසින් ළිඳ අසළට පැමිණ සිටියාය. ‘‘අනේ සුද්දියෙක් වගේ ගෑනු දරුවෙක්. මේ අපරාධය කරපු එකාටනං හෙනහත වදින්න  ඕනෑ’’. දැඩිව කම්පිත ලෙසින් පැවසුවාය.

 

13_page_1nm


‘‘මේ ගැන ඉක්මනට පොලිසියට දන්වන්න  ඕනෑ. මගේ ෆෝන් එකේ සල්ලි නෑනේ’’යි මල්ලිකා ළතැවිල්ලෙන් කීවාය. ‘‘මගේ ෆෝන් එක ගෙදර. ඒකෙන් 119 ට කියමු’’ යැයි රෝහිණී යෝජනාවක් කළාය.


සිඟිති දරුවකුගේ මළ සිරුරක් පාවෙන වගාළිඳ අසලට අසල්වැසියන් රොක්වූයේ ඒ ආරංචිය සැලවීමෙනි. ඒ කවුරුන් හෝ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දී තිබූ ආරංචිය අනුව පොලිස් නිලධාරී කණ්ඩායමක් ද එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කරනු ලැබිණ.


එදින ගතව ගිය පැය තුන හතරකින් ඉක්බිතිව, ළදරු මරණය සම්බන්ධයෙන් මල්ලිකා නමැත්තියගේ නිවසේ තාවකාලිකව නවාතැන්ගෙන සිටි රෝහිණී නැමැත්තිය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.


පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂණ අරඹා ළදරු මළ සිරුර පාවෙමින් තිබූ ළිඳට යාබද නිවැසියන් කීපදෙනෙකුගෙන් රහසේ ප‍්‍රකාශ ලබාගෙන රාජකාරි කටයුතු කරද්දී සැකකාරිය රැුඳී සිට ඇත්තේ ළිඳේ පාවෙන ළදරු මළ සිරුර පිළිබඳ ආරංචිය තටුසලා යාමෙන් ළිඳ අවට රැස්කකා සිටි පිරිස අතරේය.
මේ කතා පුවතේ අගමුල ගියතැන් සොයා අපි, කුලියාපිටියේ කරන්තිප්පල පහළපිදුම ප‍්‍රදේශයේ පුස්තුන වගාළිඳට යාබද වූ නිවෙස් දෙක පිහිටි පරිශ‍්‍රයට ගියෙමු.


පාලූවත්ත නමැති ඉඩමේ පිහිටි වගාළිඳ ප‍්‍රයෝජනයට ගන්නේ එම නිවෙස් දෙකෙහි නිවැසියන් පමණි.


පොලිස් අත්අඩංගුවට ගැණුනු සැකකාරිය වූ රෝහණී එම එක් නිවෙසක හෝ ස්ථිර පදිංචිකාරියක නොවේ. ඇගේ පදිංචිය ඊට සැතපුම් 3-4 ක් පමණ බැහැරින් වූ ඇපලදෙනිය ප‍්‍රදේශයේය.


පහළපිදුමේ ඒ එක් නිවෙසක ගෘහණිය වූ මල්ලිකා රංජනී (42) සැකකාරිය වූ රෝහිණී දැනහඳුනාසිටියේ නෑ සබඳතාවයක් මත නොවේ.
මල්ලිකාගෙත් රෝහිණීගේත් (සැකකාරිය) සමවියේ පුතුන් දෙදෙනා පාසලේ පන්ති සගයන්වීම නිසාය.

 

1


මල්ලිකා හා රෝහිණී, 11 හැවිරිදි සමවියේ වූ තම පුතුන් දෙදෙනා සිය නිවෙස්වල සිට පාසලටත්, අනතුරුව පාසලේ සිට තම නිවෙස්වලටත් කැටුව යාම එ්ම කළ නිසා ඒ මව්වරුන් දෙදෙනා අතර දැනහැඳුනුම්කම් ඇතිවී ඔව්හු මිතුරියන්ව සිටියහ.


මේ දැනහැඳුනුම්කම නිසා තමාට මුහුණ පාන්නට සිදු වූ අසීරුතාව හා අපහසුතාව පිළිබඳව වරෙක කදුළු සලමින් ද, මල්ලිකා රංජනී අප සමග පැවසූ අයුරින්ම එම සංසිද්ධිය මෙසේය.


‘‘මගේ නිවසේ ඉන්නේ මමයි, මගේ පුතයි (11) තාත්තයි. 75 හැවිරිදි තාත්තාගේ නම පියසේන මගේ සැමියා අපේ පුතාට මාස 5ක් තිබියදී අපව දාලා ගිහින්. මම කුලීවැඩ කරලා, තාත්තත් එක්ක වගාකටයුතු කරලා දුක් මහන්සියෙන් අපි තුන්දෙනාගෙ ජීවිත ගැටගහගන්නේ.


රෝහිණී පත්මකුමාරි (සැකකාරිය) දැනහඳුනාගන්ට ලැබුණේ මගෙයි එයාගෙයි පුතුන් දෙදෙනා පාසලේ එකම පන්තියේ යාලූවන්ව සිටීම නිසයි.
2014.8.27 වැනිදා ? 8.30ට විතර රෝහිණී එයාගේ ඇඳුම් බෑගයත්, දරුවාගේ පොත් බෑගයත් රැගෙන, දරුවාත් සමග අපේ ගෙදරට ආවා. ඇවිත් මට කීවා මටයි මගේ පුතාටයි දින දෙකතුනක් මේ ගෙදර නවතින්න ඉඩදෙන්න ඊට පස්සේ අපි කුලියට කාමරයක් හරි සොයාගෙන යනවා කියා.


ඇයගේ පවුලේ සමීපතම ඥාතීන් ඇයට අයත් ඉඩමෙන් හා නිවෙසින් ඇය පන්නාදැමීම සඳහා ඇයට හදිහූනියම් කර ඇති බවත් ඒ අනුව ඇගේ බඬේ හටගෙන ඇති ගෙඩියකින් දැඩිව පීඩාවිඳින බවත් මොන දේවාලෙකට හරි ගිහින් මේ හූනියම කපාගන්න  ඕනෑ කියලත් රෝහිණී මා සමඟ කීවා.
ඇය පැවසූ විධියට ඇගේ සැමියාත් ඇයයි, දරුවයි දාලා ගිහින්. ඇයත් මා මෙන්ම අසරණවූ තැනැත්තියක නිසා මා ඇයට හා දරුවාට අනුකම්පාකොට ඇයටත් දරුවාටත් අපේ නිවසෙහි නැවතීමට ඉඩකඩ සලසා දුන්නා.


පහුවැනිදා (28) ඉඳන් හැමදිනකම වගේ රෝහිණී එයාගෙ දරුවත් එක්ක, එක්කෝ සාත්තරයක් අහන්න නැත්නම් දේවාලෙකට යන්න කියල ගෙදරින් යනවා. එ ගමන් බිමන් ගියේ ත‍්‍රීවීල්වලින්. නැවත හවසට ගෙදර යනවා. එයාගෙ පුතාට ස්කෝලෙ ගමනත් නෑ.


පසුගිය 3 වැනිදා බදාදා හවස රෝහිණී ගෙදර ඇවිත් කීවා අද ගිය දේවාලයෙදි මතුරපු තැඹිලිගෙඩි 3ක් මට බොන්න දුන්නා. හදිහූනියමකින් බඬේ හටගෙන තිබෙන ගෙඩිය හෝදගෙන යන්න බඩ විරේකයක් කියල කසාය මුල් 7ක් ද රෝහිණී ගෙනත් තිබුණා. ඒ කසාය උණුකරගෙන ?ටයි උදේටයි බීවා.
රෝහිණීගේ බඬේ තිබෙනවැයි කියපු ගෙඩිය පිටට තරමක් නෙරාතිබුණා. ඒ හින්ද බඩ නොපෙනෙන්න ලොකු සායක්, නෑමට අදිනව වගේ තනමත්තට ගැටගහගෙන එයා හිටියෙ ගෙදර ඉන්න වෙලාවට.


කලින් දවසක එයා ගේ ළඟ පොල්ගහක් අල්ලගෙන කෑගැගැහැව්වා බඬේ ගෙඩිය කැක්කුමයි කියල.


පසුගිය 4 වැනිදා බ‍්‍රහස්පතින්දා රෝහිණී කෙහේවත් ගියේ නෑ. එදින දහවල් 1ට විතර මං මගේ පුතාත් සමග කුලියාපිටිය නගරයේ සතිපොළට ගියා. පුතාගෙ කොණ්ඩෙ කපාගන්නත් තිබුණ නිසා අපි ගෙදර එනකොට සවස 5ට විතර ඇති.


ඒ ආවම තාත්තා කීවා බලපන්කො ළමයො වගාළිඳ ළඟ තණගොල්ලේ ලේකැටි වගයක් තිබුණා මං හෝදල දැම්මා කියලා. රෝහිණී වෙනසක් නැතුව ගෙදර හිටියා. ඇඳිරි වැටෙන්න කිට්ටුවෙලත් රෝහිණී කීප වතාවක්ම ළිඳ ළඟට ගියා. ඒ ගැන මං ඇහුවම රෝහිණී කීවා ඇඟ හරි උෂ්ණයි. ඇෙඟ් වතුර ටිකක් ගාගත්තානම් හරි සනීපයි කියලා.


5 වැනිදා සිකුරාදා උදේ රෝහිණී වැඩට ගියා. එයා රැුකියාවට කළේ කුලියාපිටියේ නගරයේ පුද්ගලික උපකාරක පන්ති පවත්වන ආයතනයක කාර්යාල කටයුතුවලට සහායවීම. රෝහිණී එදා හවස ගෙදර ඇවිත් වෙනදාට වඩා සැහැල්ලූවෙන් හිටියා. බඬේ අමාරු ගැන කිසිවක් කීවේ නෑ.


අපේ ගෙවල් දෙකේ උදවිය විතරක් ඵලප‍්‍රයෝජනගන්න වගාළිඳේ බෝනික්කෙක් පාවෙනවා කියලා 6 වැනිදා උදේ 7ට විතර තාත්තා මට කතාකරලා කීවා. මං ගිහින් බලනකොට ඒ බෝනික්කෙක් නොවෙයි. මුණින්අතට පාවුණු ළදරු මළ සිරුරක්. ඒ මළ සිරුරෙ පිටේ මැස්සො වහලා හිටියා. ඒ ළදරුවට කක්කත් ගිහින් තිබුණා.

පොලිසිය එනවිටත්, ඒ ඇවිත් පැයක් හමාරක් ගතවන තුරුත් රෝහිණී සිටියේ ළිඳේ පාවෙන ළදරු මළ සිරුර බලා කියාගන්න ළිඳට නුදුරින් රොක්වෙලා හිටපු ජනකාය  අතරට වෙලයි.


පොලිසිය අපේ ගෙදරට ඇවිත් මගෙනුත් තාත්තගෙනුත් කට උත්තර ගත්තා. ගෙදර ඉන්න රෝහිණී ගැනත් මං පොලිසියට කීවා. ළිඳේ පාවෙන මළ සිරුර ගැන මට රෝහිණී සැකයි කියා ද මං පොලිසියට කීවා.


පොලිසියේ කැඳවීම මත රෝහිණී පිරිස අතර සිටි අපේ ගෙදරට එමින් මගෙන් අහුවා මට මොකටද දන්නෑ පොලිසිය එන්න කියන්නේ කියා. එවිට මං කීවා ඔයා මේ ගෙදරට පිටින් ආපු කෙනෙක්. පොලිසිය මගෙනුත් කට උත්තරයක් ගත්ත නිසා ඔයාගෙනුත් කට උත්තරයක් ගන්නයි එන්න කියනවා ඇත්තේ කියල.


පවුල් සෞඛ්‍ය සේවිකාවක් ද පොලිසියෙන් අපේ ගෙදරට කැඳවා සිටියා. පවුල් සෞඛ්‍ය සේවිකාව රෝහිණීව අපේ නිවසේ කාමරයට කැඳවාගෙන ගොස් පරීක්ෂාකර බැලූවා. මෙයා (සැකකාරිය) මෙයට පෙර දවසකට දවස් එකහාමාරකට විතර පෙර බබෙක් හම්බවෙච්ච කෙනෙක් බව තේරෙනවා. කියා පවුල් සෞඛ්‍ය සේවිකාව කීවා.


රෝහිණී පසුව පොලිස් නිලධාරීන් ඉදිරියේ පිළිගත්තා ළිඳේ පාවෙන ළදරුවා ප‍්‍රසූත කළේ තමා බව දරුවා ප‍්‍රසූත කළේ වැසිකිළිය තුළදී බවත් කී ඇය. මං දරුවාගේ පෙකෙනිවැල අතින් ඇදලා කැඩුවා’’ යැයිද කීවා.


දරුවා හැඬුවද? කියා ඇසුවාම රෝහිණි කීවා හැඬුවේ නෑ කියා. 4 දා දහවල් දරු ප‍්‍රසූතිය සිදුවූ බව ද කීවා.
රෝහිණී ගැන තරහෙන් මගේ හිත පුපුුරු ගැහැව්වා. පොලිසිය ඉස්සරහදීම මං රෝහිණීට කීවා උඹ ඔය සහගහන අපරාධය කරන්නේ නැතුව වදපු දරුවාව මේ ගෙදර දාලා ගියා නං මං ඒ නොදරුවව හදාගන්නව කියල’’.


මල්ලිකා රංජනීගේ නිවසට යාබද නිවසේ ඇගේ මල්ලී හා ඔහුගේ බිරිඳ පදිංචිව සිටී. මල්ලීගේ බිරිඳ ජේ.ඩි. සුවිනීතා (25) ය.
සිය නෑනාගේ (මල්ලිකාගේ) නිවසෙහි ආගන්තුකව වෙසෙන සැකකාර රෝහිණීගේ ඇවතුම් පැවතුම් ගැන තමා කෙරෙහි පැවැති සැකය දැන් තහවුරුව ඇති බැව් සුවිනීතා පවසන්නීය.


‘‘රෝහිණී අපේ අක්කාගේ (මල්ලිකාගේ) ගෙදරට ඇවිත් කරපු කියුම් කෙරුම් හා ඇගේ ඇවතුම් පැවතුම් පිළිබඳව මං සැකයකින් අවිශ්වාසයකින් හිටියෙ.
බඬේ හටගෙන තිබුණාය කියන ගෙඩියට ප‍්‍රතිකාර ගන්න එයා රෝහලට ගියේ නෑ. ගෙදර ඉන්නකොට එයා නිතරම හිටියෙ ඇඳන් හිටපු දිග සාය තනමත්තට වෙන්න ගැටගහගෙන. එයා හොඳ රඟපෑමක් කළේ.


පසුගිය 4 වැනිදා බ‍්‍රහස්පතින්දා උදේ 8ට විතර මල්ලිකා අක්කා ඇවිත් මට කීවා. රෝහිණීට ටිකක් අමාරුයි වගේ බඬේ ගෙඩිය රිදෙනවා කියා කෑගසන බව
4 වැනිදා උදේ වරුවේ රෝහිණී වැසිකිළියටත්, ළිඳ ලඟටත් නිතරම ගියා. ඒ වගාළිඳ තියෙන ඉඩම පාළුයි. අපේ ගෙවල් දෙකේ අය හැරෙන්න ඒ ඉඩමට ගමේ වෙනකවුරුවත් යන්නේ නෑ.


මං වතාවක් රෝහිණීගෙන් ඇහැව්වා ඔයා ඇයි නිතරම ‘‘ලැට්’’ එකට යන්නේ කියා. එවිට ඇය කීවා මට සනීප නෑ. මෙන්සස් හැදිලා කියා.


ටික වෙලාවකට පස්සේ මං දැක්කා රෝහිණී වගාළිඳ ළඟට ගිහින් නානවා. යනකොට වෙලාව දවල් 2ට විතර ඇති.
රොහිණී නාගෙන ආවාට පසු මාත් ළිඳට ගියා නාගැනීමට එවිට මං දැක්කා ළිඳ ළඟ තණගොල්ලේ ලේ කැටි තිබුණා.
නාගෙන ඇවිත් මං වැසිකිළියට ගියාම මා දැක්කා වැසිකිළියේ ලේ තියෙනවා. මේ සියලූ විස්තර මං පොලිසියට කීවා.


මේ ළදරු මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය වැඩබලන මහේස්ත‍්‍රාත් පර්සි වඩුගෙදර මහතා අදාළ වගාළිඳ පිහිටි ස්ථානයට පැමිණ සිය නිරීක්ෂණ හා පරීක්ෂණ පවත්වා, මේ බිළිඳු මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා, වෛද්‍ය වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කුලියාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියමකළ අතර මේ අපරාධය සම්බන්ධයෙන් වූ වාර්තා 2014.9.15 වන දින අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කුලියාපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට නියම කළේය.


කුලියාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වයි.එම්.ජී ඉලංගරත්න මහතා හා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.එම්. වසන්ත කේ. හේරත් යන මහත්වරු මෙම බිළිඳු මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූහ.


ඉපිද සුළු කාලපරාසයකින් පසු ළිඳට දැමුණු බිළිඳු දරුවා, දින 1 1/2 ක පමණ කාලයක් දියේ ගිලෙමින් සිටීම නිසා බිළිඳාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්හී සියුම් පටකවලට සිදුව ඇති හානි හේතුවෙන් මේ මරණය සම්බන්ධ නිශ්චිත නිගමනයන් ලබාදීම අපහසු බැව් පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවෙන් දක්වා තිබිණ.


ප‍්‍රතිකාර සඳහා පොලිස් ආරක්ෂාව සහිතව කුලියාපිටිය රජයේ මූලික රෝහලට ඇතුළත් කොට සිටි සැකකාර මවගේ තත්ත්වය නිරීක්ෂණය සඳහා ඉකුත් 7 වැනිදා රෝහලට ගිය කුලියාපිටිය වැඩබලන මහේස්ත‍්‍රාත් බන්දුල විජේසිංහ මහතා එම සැකකාරිය 2014.9.15 වන දින දක්වා රිමාන්ඞ් භාරයේ තැබීමට නියම කළේය.


කුලියාපිටිය පොලිස් අධිකාරී ආනන්ද සේරසිංහගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ගාමිණී මීගහකුඹුර මහතාගේ අධීක්ෂණය යටතේ, කුලියාපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතාගේ මෙහෙයවීම, මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලන්ත පේ‍්‍රමරත්න උප පොලිස් පරීක්ෂක ඞී.කේ. චිත‍්‍රසෝම, නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බන්දුල විජයලත්, උප පොලිස් පරීක්ෂකවරුන් වන සිල්වා, ජයතිස්ස, කොස්තාපල්වරුන් වන රණසිංහ (49754), රංජිත් (45417), බාලසූරිය (2779) යන මහත්වරු මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යති.


මේ ලිපිය සැකසීම සඳහා යාම ඒමට ගමන් පහසුව සලසාදුන් කෝන්ගහගෙදර ආනන්ද තිස්ස මහතාට ස්තුතියි.


 m 

 



අදහස් (0)

උපන් ගමන් බිළිඳා ළිඳට දැමූ මෙහෙමත් අම්මෙක්

ශ්‍යාම් Monday, 22 September 2014 10:37 AM

අනේ මෙහෙමත් අම්මලා. දරුවෝ නැති කෙනෙකුට දුන්නා නම් මොකද හදාගන්න කියලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 39 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 25 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 15 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 36 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 18 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 532 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 570 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site