වළලූ ලූ දෙඅතක හැඩ දකින දවසක් නැවත ඈ වෙත නොඑන බවනම් සැබෑවකි. කුලවමියක වී පෝරුව මත පය තබන දවසක රන්මුද්දක් පළඳවන්න වම් අතේ වෙදැඟිල්ල ඇයට සදාකාලයටම අහිමි බව සැබෑවකි. වමත හුරු අත වූ නීති සිසුවියට අකුරු ලියන්නට වම් අත අහිමි වූ බව සැබෑවකි. කවරකින් කවර ලෙසකින් පිරිමැසුවත් අහිමි වූ අතේ වටිනාකම ඒ අත ජීවිතයට දුන් ශක්තිය වෙනත් භෞතිකයකින් ඒ සමානවම පූරණය කළ නොහැකි බව නම් සැබෑවකි.
වරද හෝ නොසැලකිල්ල කොතැනක වී දැයි අපි නොදනිමු. මේ අහිමිවීම වරදක ප‍්‍රතිඵලයක්ද නොඑසේනම් නොසැලකිල්ලක ප‍්‍රතිඵලයක්දැයි කියන්නටත් අපි තවම නොදනිමු. එහෙත් වරදකට සමාව නිර්දේශ කළ හැකි වුවත් නොසැලකිල්ලට සමාව නිර්දේශ කළ හැකිද? නොසැලකිල්ල කවර ලෙසකින්වත් සාධාරණීකරණය කළ හැකිද?
කොතැනකදී හෝ සිදුවූ වරදක් නැත්නම් නොසැලකිල්ලක් හේතුවෙන් වම් අත අහිමිව අද කොළඹ ජාතික රෝහලේ 64 වැනි වාට්ටුවේ සයනයක් මත සිටින ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන අචලා පි‍්‍රයදර්ශනීය.
අචලාගේ ගම ඌරුබොක්ක හීගොඩය. ඌරුබොක්ක ජාතික පාසලෙන් අධ්‍යාපනය ලද ඇය 2008 වසරේදී උසස් පෙළ විභාගයට පෙනී සිටියේ කලා විෂය ධාරාවෙනි. මාතර දිස්ති‍්‍රක්කයේ දොළොස්වැනියා බවටත්, දිවයිනෙන්ම 193 වැනියා බවටත් පත්වෙමින් ඇය එම කඩඉඩ ජයගත්තේ ඒ සාමාර්ථ තුනක් හිමිකර ගනිමිනි.
මේ වෙද්දී යම් රෝගි තත්ත්වයක් හේතුවෙන් සැත්කම් හතරකට බදුන් වී ඇති 59 හැවිරිදි ඇගේ පියා ගොවිකම හැරෙන්නට රැකියාවක් නොකරයි. 54 හැවිරිදි වියේ පසුවන මව මීට කළකට ඉහතදී ලෙබනනය බලා ගියේ තම දරුවන්ට ඉගෙන්වීමේ බලාපොරොත්තුවෙනි. නොයෙක් ආර්ථික ප‍්‍රශ්න තිබුණත් ඉගෙනුමට දක්ෂ තම දියණිට හොඳින් ඉගැන්වීම මවගේත් පියාගේත් බලාපොරොත්තුව විය. ඇගේ සොයුරා දර්ශන තිලකරත්න තී‍්‍රවිල් රථයක් ගෙන තම රැකියාව ලෙස තී‍්‍රවිල් රස්සාව තෝරාගත්තේය.
ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වෙන්නට සුදුසුකම් ලද්දේ 2009 වසරේදීය.
නීති පීඨයට යන්නට වරම් ලද ඇගේ සිතේ නලියන්නට වූ බලාපොරොත්තුව වූයේ නීතිඥවරියක වී තම ගම් ප‍්‍රදේශයේ අහිංසක ජනතාවට සේවය කිරීමය.
දුරු රට ගිය මවගේ අඩුව නිවසට නොදැනෙන්නට නිවසට මවක වූයේ ඇයය. උයා පිහා ගේ දොර අතු ගාන දියණියක ලෙස පියාට සහෝදරයාට විය යුතු සියලූ යුතුකම් ඇය ඉටු කළාය. දුරු රටක මව වෙහෙසෙන්නේ තම ජීවිත වෙනුවෙන් බව ඇය කුඩා වියේ සිටම තේරුම් ගත්තාය. ඔවුන්ගේ ජීවිත මත පහනක් ලෙස දැල්වෙන්නට ඇය ප‍්‍රාර්ථනා කළේද එහෙයිනි.
නීති පීඨයේ ශිෂ්‍යයන්ට දයාබර මිතුරියක වූ ඇය තම එකම සහෝදරයාට ආදරණීය සොහොයුරියක වූ ඇය ජාතක කළ පියාට සෙනෙහෙබර දියණියක වූ ඇය තවත් පුංචි දරු පැටවුන් දෙදෙනකුට ආදරණීය නැන්දනියකද වූවාය. ඒ තම එකම සොයුරාගේ දරු පැටවුන් දෙදෙනාටය. කොළඹ සිට ගමට යන මේ පුංචි නැන්දා ඒ දරුවන්ට ඇපල් හා දෙඩම් ගෙන ගියාය. ඒ දරුවන් සුරතල් කිරීම ඇයගේ පි‍්‍රයතම විනෝදාංශයක් විය.
ඒ ඉකුත් 17 වැනිදාය. එදිනද ඇය ඒ දරුවන් සමග සෙල්ලම් කළාය. පඩිපෙළ ලිස්සා ඇය ඇද වැටුණේ ඇය තම නිවෙස වෙත යමින් සිටියදීය.
අනතුරුව ඇය හීගොඩ රෝහලට ඇතුළත් කෙරුණි.
වැලමිටියේ සිට මැණික් කටුව දක්වා වම් අතේ අස්ථි බිඳීගොස් ඇති බව තීරණය කළ වෛද්‍යවරු එදින රාති‍්‍රයේම ඇය මාතර මහ රෝහල වෙත මාරු කර හැරියාය.
අත නොසෑහෙන්නට රිදුම් දුන්නාය. එක්ස්රේ ඡායාරූපයක් ගත්තත් එදින රාතී‍්‍ර වෙනත් ප‍්‍රතිකාරයක් සිදුකෙරුණේ නැත. පසුව තාවකාලික ප්ලාස්ටරයක් දැමූ අතර මුළු රාති‍්‍රයම ඇය ගතකළේ වේදනාවෙනි. පසුව අතට වෙළුම්පටියක් යොදා ඇති අතර 19 වැනිදා උදෑසන වෙද්දී අතේ වේදනාව ඇයට දරාගත නොහැකි තරම් වූවාය.
ඊට පෙර ඇයට වේදනා නාශක ලබා දුන්නත් එයින්ද වේදනාව සමනය වී නොතිබුණෙන් ඇයට පසුව එන්නතක් ලබා දුන්නේය. ඒ එන්නතින් පසු ඇය නිදි සුව ලැබුණු අතර ඒ අතරතුරද අතේ එක්ස්රේ ඡායාරූප ලබාගෙන තිබුණි.
එදින සවස්වෙද්දී ඇගේ අත නිල්පැහැ ගැන්වී තිබූ අතර එදින සවස 2.00 වනතුරුම ඇය පරික්ෂා කරන්නට වෛද්‍යවරයෙක් පැමිණ සිටියේ නැත.
අචලා මාතරින් කරාපිටිය රෝහලට මාරු කර යැව්වත් මාතර රෝහලේදී යම් වරදක් සිදුවී ඇති බවත් වටහාගත් කරාපිටිය රෝහලේ බලධාරීන් ඇය බාර නොගත් අතර ඇය කොළඹ ජාතික රෝහලට ගෙන එන ලද්දේ ඒ අනුවය.

එහිදී සැත්කම් කිහිපයකට බදුන් වූ ඇයට අවසානයේ දැනගන්නට ලැබුණේ තම අතේ ස්නායු මැරී ඇති බවය.
අත කපන්න දවස් කීපයකට පෙර මට ඒ බව කීවා. අත නොකැපුවොත් මගේ ජීවිතය බේරාගන්න නොහැකි බව කීවා. කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු මගේ අත නොකපා බේරාගන්න හුඟාක් උත්සාහ කළා.
කොතනකදී වැරැද්ද හෝ නොසැලකිල්ල සිද්ධ වුණාද කියන්න මා දන්නේ නෑ. මට මගේ අත වටිනවා. ඒත් අතට වඩා ජීවිතය වටිනවා. ඒ නිසා මගේ ජීවිතය රැකගන්න මගේ අත කපනවට මම කැමැති වුණා. මම හිත හදාගත්තා. මට මගේ අත නැති වුණා. අවුරුදු 23ක් වගේ වයසකදී මෙහෙම ඉරණමක් බලාපොරොත්තු වුණේ නෑ මට. ඒත් දැන් සියල්ල සිදුවෙලා ඉවරයි.
මගේ අත නැති වුණාට මා වටේටම අත් ගොඩාක් තියෙනවා. නීති පීඨයේ මගේ යාළුවෝ කියන්න බැරි තරම් මට උදව් කළා. මගේ ගමේ අය යාළුවෝ පාසලේ යාළුවෝ මම නොදන්න අය පවා මාව බලන්න ආවා. ජනාධිපතිතුමා යුදහමුදාපතිතුමාට විශේෂ නියෝගයක් දීලා තිබුණා. මා ගැන හොයන්න කියලා. මේජර් ජෙනරාල්වරයෙක් ඇවිත් මගේ අවශ්‍යතා ගැන සොයා බැලූවා. ලෝකයේ ඇති හොඳම තත්ත්වයේ අතක් ලබා දීමට පොරොන්දු වුණා. ජනාධිපතිතුමාට මම ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.
අම්මා - තාත්තා - අයියා මට වුණ දෙයින් ලොකු වේදනාවකට පත්වුණා. මම හිතන්නේ දැන් එයාලා හිත හදාගෙන ඉන්නේ. මගේ හුරු අත කියන්නේ මගේ වම් අත. මම උයපු, අකුරු ලියපු, වැඩකරපු අත මට නැති වුණා. ඒත් මම මගේ ජීවිතයට මුහුණ දෙනවා. මම මගේ හිත දැන් ශක්තිමත් කරගෙනයි ඉන්නේ. ඒ අචලාගේ දිරිය පිරි සිතයි.
ඩබ්ලිව්.කේ සුගතදාස ඇගේ ආදරණීය තාත්තා සමගද අපි කතා කළෙමු.
‘‘අත කපන්න වෙයි කියලා අපි හිතුවේ නෑ. දුව මේ තත්ත්වයට උගන්වන්න අපි හුඟාක් මහන්සි වුණා. එයාගේ අම්මා රට රස්සාවට ගියේ ඒ නිසා. දුවට නොපෙන්නුවාට අපි ඉන්නේ ලොකු වේඳනාවෙකින්. අපි ඉල්ලන්නේ සල්ලි මිල මුදල් නොවෙයි. මගේ දුවට වැඩකරගෙන යන්න පුළුවන් විදිහේ කෘති‍්‍රම අතක් දැන් ඕනෑ. ඒ අත මගේ දුවට දෙන්න. අද මගේ දුවට වුණ දේ හෙට තව දුවකට වෙන්න එපා කියලා මම තාත්තා කෙනක් විදිහට කියන්නේ.
වැරැද්ද හෝ නොසැලකිල්ල කා අතින් වුණාද අපි දන්නේ නෑ. ඒත් ඒක කා අතින් වුණත් තරාතිරම නොබලා ඒ අයට දඬුවම් දෙන්න. මගේ දුව වෙනුවෙන් මං ඉල්ලන සාධාරණය ඒකයි.
තමා අචලාගේ කැඩුණු අතට ප්ලාස්ටර් ඔෆ් පැරිස් බදාමය දැමුවේ ඇගේ අතට අහිතක් කිරීමේ අරමුණින් නොවන බවත් එයින් අහිතකර බලපෑමක් සිදුවුණා නම් එය ඇයගේ ”වෙලාව” විය යුතු බවත් මෙවැනි අවාසනාවන්ත සිදුවීමකට තම වෛද්‍ය ජීවිතයේදී තමා මුහුණ දුන් ප‍්‍රථම අවස්ථාව මෙය බවත් මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන වෛද්‍ය කණ්ඩායම ඉදිරියේ මාතර රෝහලේ වෛද්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ මේ පිළිබඳ ප‍්‍රශ්න කෙරෙන අවස්ථාවේදීය.
එමෙන්ම ඇතැම් වෛද්‍යවරුන් පැවසුවේ මේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පවත්වන විමර්ශන කමිටුව කෙරේ තමාට විශ්වාසයක් නැති බවත් ඊට හේතුව විමර්ශන කමිටුවේ ඇතැම් සාමාජිකයන් සිද්ධිය සම්බන්ධව චෝදනා ලැබ සිටින මාතර රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ හිතවතුන්ය යන කරුණත්ය.
අපි සියල්ලෝම අපේ රාජකාරිය සම්බන්ධයෙන් වගකීමක් දෙවුර දරන්නේ වෙමු. වෛද්‍ය, හෙද වැනි සේවාවන්ගේ නියුතු වුවන් ඒ වගකීම දෙවුර දරන්නේ තවත් අයකුගේ ජීවිතයක්ද සමගිනි. ඉසිවරුන් සදිසි වෙදැදුරන් අප ප‍්‍රාර්ථනා කරන්නේ එහෙයිනි. ඔවුන් අතින් සිදුවන අල්පමාති‍්‍රක වරද හෝ නොසැලකිල්ල වරදක් නොකළ තවකෙනෙකුට ජීවිතය හෝ ජීතියේ අංගයක් අහිමි කිරීමක් නම් සිතා බැලීම අපි ඔබටම බාර කරමු.
| වෛද්‍ය නොසැලකිල්ලට පියවර ගන්න නීති ගේන්න |
කොළඹ නීති පීඨ ශිෂ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ජයන්ත දෙහිඅත්තගේ |
|
තමන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් ස්වාධීන පරික්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට එරෙහිව නිසි පියවර ගන්නා ලෙස ඉල්ලමින් අචලා පි‍්‍රයදර්ශනී ශිෂ්‍යාවගේ අත්සනින් යුතුව සකස් කළ පැමිණිල්ල නීති පීඨ ශිෂ්‍ය ව්‍යාපාරය විසින් මානව හිමිකම් කොමිසම වෙත බාර දුන්නා.
|
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හැමෝටමත් ඒ කතාව හොද ආදර්ශයක් (දී)
ඔය මොනවා කිව්වත් ආපදාවකදී කෙනෙක් රෝහලකට යන්නේ විශ්වාසය තියලා. ඒක එහෙම නොවෙනව නමි මේ කරපු දෙය අපරාධයක්. ඊයේ පෙරේදා රජයේ රෝහලක කඩුපහර කෑ තරුණයෙකුගේ මුහුණ හැදුවා. ඉතින් මේ දරුවගේ අත කපන්න සිදු වුනේ කාගේ වරදින්ද කියලා අපට නම් තේරෙන්නේ නැහැ මේ දරුවට සාධාරණයක් කරන්න.(නදී)
ඇත්තටම මේ පිළිබදව නිසි පරීක්ෂනයක් පවත්වා වරදක් කර ඇතිනම් නිසි දඩුවම් ලබා දෙන්න ඕන..!(නු)
දැන් ලංකාවේ හොර දොස්තරලා වැඩියි . විමසිල්ලෙන් ඉන්න .....දුක් නොවන්න . ඔබේ සුවය ප්‍රාර්ථනා කරමු (ස)
යුද්ධෙන් අතපය නැතිවුන අය අප්‍රමානයි. ඔබ දුක්වෙන්න එපා. ඔබට ජය.(නදී)
අනාගතයේදී ඔබ දක්ෂ නීතිවේදිනයක් වනවා සිකුරුයි. (නි)
ඔයාට ජීවිතයේ කවදාවත් වරදින්නේ නැහැ නංගී. (නි)
ඔයාට වරදින්නේ නැහැ. හිත ශක්තිමත් කරගන්න. (නදී)
මේ රටේ කෙනෙක් එසේ වැරදිව මැරුණොත් ස්චීමටික් හාර්ට් ඩිසීස් යනුවෙන් ලියනු ඇත. එපමණයි ඇමෙරිකාවේ නම් විශාල වන්දියක් ගෙවිය යුතුවනවා. (නි)
මේ තත්වය ලංකාවෙන් තුරන් කළ යුතුයි.(නදී)
වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදෙන්න. (නි)
අපි රෝහල්වලට යන්නේ අපේ තියෙන අසනීපය හොද කරගන්න අපිට බැරි නිසා. රෝහල් කාර්යමන්ඩලය හිතන්න ඕනේ ලෙඩාගේ තියෙන වේදනාව, අසරණකමත්. ලෙඩේ හරියට හොයලා බෙහෙත් දෙන එකත්.(නදී)
අභියෝගය ජය ගැනීමයි ජීවත් වීම කියන්නේ. ඔබට සුබ අනාගතයක් සහෝදරියේ (ස)
දෑන් දොස්තරලා කතා කරන්නේ හරියට එයාලගෙ අතින් වෑරෑද්දක් වෙලා නැහැ වගේ. (නි)
බටහිර රටක මෙහෙම වුනානම් වන්දිය සහ දඩුවම විශාලයි. මොනව කරන්නද අපේ අහිංසක අම්මලා තාත්තලට මේ අය එක්ක හැප්පෙන්න පුලුවන්ද?(නදී)
ජීවිතේට බලා පොරොත්තු නොවන කරදර එන්න මහ වෙලාවක් යන්නෙ නැහැ. කවුරු හරි වුණත් කවුරු වැරදි වුණත් දැන් නැතිවුණු අත ආයෙ ගන්න බැහැ. ඒත් ඔයාගෙ හිතේ තියෙන දිරිය අපි අගය කරනවා. ඒක අපි හැමෝටම ආදර්ශයක්. ඔයාගෙ අනාගතේ සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුභ අනාගයක් නංගි. ඔබට ඉක්මන් සුව! (නි)
නංගි, ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ. ඔයා අනිත් හැමෝටම හොද ආදර්ශයක් දීලා තියෙනවා. ඒ එක්කම දොස්තරලා මින් ඉදිරියටවත් මීට වඩා වගකිමෙන් වැඩ කළොත් හොදයි, අහිංසක ජීවිතත් එක්ක. (නි)
අනාගතය සර්වප්‍රකාරෙයන්ම සාර්ථක ෙවන්න කියලා සිය දහස් වරක් පතනවා. නොසැලකිල්ලට උපරිම දඩුවම්ද, ඇයට උපරිම වන්දියක්ද ලැබියයුතුයි.(නදී)
ලංකා මාතාව බිහි කල තවත් දිරිය දියණියක් (දී)
ඔබ දිරිය දුවෙක් , අපි ඔබ සමගයි දුවේ (දී)
දිරිය දියණියක් (දී)
බලධාරීන් මාතර රෝහල ගැන මීට වඩා සැළකිළිමත් වියයුතුයි. (නි)
අනෙකෙකුගේ වරදින් මෙලෙස අති විශාල කරදරයකට මුහුණපෑම ඉතාමත් කණගාටුදායකයි. ඔබේ ධෛර්ය්‍යවන්තකම සහ චින්තන බල ශක්තියෙන් මේ විපතින් කිසිදිනක නොසැලී ජීවන මග ජයගන්න ලැබේවා! බාධක තිබේ ජීවිතයේ සැමදාම... වෙහෙසිය යුතුයි ජයගෙන පෙරටම යෑම... හැකිවන ලෙසට ඔබ ඇරඹූ ඉගෙණීම... කළහැකි පහසු දේ දකුණ'ත හුරුවීම---- තාක්ෂණය දියුණුයි අත් බද්ධවෙන... ඔබටද එයින් නිසැකව ලැබෙතියි සහන... සිතුවිලි මනසෙ අනුවට අත ක්‍රියාවෙන... හැකිවෙයි කෘතිම'තට ඉදිරියෙ නිපදවන (නි)
ඔබට සාධාරණයක් ඉටුවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නංගියෝ, හිත ධෛයය කරගෙන අනාගතය සාර්ථක කරගන්න. ඔබට ජය..! (නි)
සුදුහුණු ගාලා වැරැද්ද වහලා කතා කරන අය දැන්වත් ඇස් ඇර බලන්න. වරදිකරුවන්ට දඩුවම් නොදී හිටියොත් අපිටත් මේටික තමයි වෙන්නේ. මටත් ඉන්නවා මේ වගේ දුවෙක්. පක්ෂ පාට නොබලා සියළු වැරදිකරුවන් නීතිය ඉදිරියට ගේන්න.(නදී)
අචලා, මාතර රෝහලේ දින දෙකක් තියාගෙන අතේ ස්නායු මැරුනට පස්සේ තමයි කරාපිටිය රෝහලෙන් බාර නොගෙන කොළඹට යැව්වේ කියන එක ප්‍රකාශයෙන් වැටහෙනවා. බැරි වෙදකම් නොකර ඉන්නවානම් හොදයි. මේ වගේ දොස්තරවරුන්ට විරුද්ධව නීති මගින් තටයුතු කරන්න ඕනේ.(නදී)
අපේ ජීවිතය සෙල්ලමකට ගත් දොස්තරලාට එරෙහිව නැගී සිටිය යුතුයි. (නි)
අචලා නංගියේ, ඉන්දියාවේ ජායිපූර් නගරයේ තියනවා කෘතිම වුනාට ස්වභාවික විදියට අත් හදන සමාගමක්. ඒ සමාගම සම්බන්ද කරගෙන ඔබට සාර්ථක ජීවිතයක් ගතකරන්න පුළවන්.(නදී)
නියන චරිතයක් (දී)
ඔයාගේ එඩිතර හිත නිසා ඔයාගෙ අනාගතය සාර්ථක වෙනවා නංගි. ඔයාට බුදු සරණයි! (නි)