IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


එදා 13 දුන්නා නම් යුද්ධයත් නෑ අවුලත් විසඳිලා

ප‍්‍රශ්නය:- රට තුළ අද සමාජ ආර්ථික හා දේශපාලන වශයෙනුත් ජනතාවගේ පැත්තෙන් අධික ජීවන බර, විරැකියාව නීතිය වල්වැදීම ආදී චෝදනාත් පවතිනවා. මේ ගිනියම් බවේ ප‍්‍රමුඛ ඉසව් ගැන ඔබේ විග‍්‍රහය කුමක්ද? පිළිතුර:- ඔබ ඉහත කී හැම පැත්තෙන්ම රටත් ජනතාවත් ගිනියම් වෙලා අනාථ වෙලා ඉන්නේ. ඊට අදාළ ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ග දකින විට පුදුම හිතෙනවා. හිනා යනවා. මේ රටේ වාර්ගික ප‍්‍රශ්නයට එජාපය 13 සංශෝධනය හරහා 1987 දී විසඳුම් දුන්නා. 2001 එජා ආණ්ඩුව ආ වෙලාවේ එජාපය කිව්වේ 13 පරිපූර්ණ ලෙස කි‍්‍රයාත්මක කරලා විසඳුම ලබාදෙන බවයි. චන්ද්‍රිකා මැතිනිය හා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සියලූ පක්ෂවලින් අපි සහාය ඉල්ලූවා. දේශපාලන විසඳුමක් අවශ්‍ය බව ලෝකයම කියපු නිසයි එජාපය ඒ උත්සාහය කළේ. මොකද ලෝකයට විරුද්ධ වෙලා මෝඩ තාලෙට අපේ වගේ රටකට යන්න අමාරුයි. එජාප උත්සාහයට ශ්‍රීලනිපය චන්ද්‍රිකා මහින්ද ජවිපෙ හෙළ උරුමය ආදී අය විරුද්ධ වුණත් ලෝකයම ඒ සඳහා අපට සහාය ලබා දුන්නා. ජපානයේ තිබූ ලංකාවට ආධාර දෙන සමුළුවට රටවල් හැට ගණනක් හා ප‍්‍රබලතම සංවිධාන 75ක් ඇවිත් රු. කෝටි 45,000ක් ලංකාවට ආධාර දෙන්න පොරොන්දු වුණා. මේ 13 විසඳුම දීමෙන් රටට හානියක් නැති නිසා මේකට සහාය දෙන්නැයි අපි ඉල්ලූවත් දුර නොදකින අවස්ථාවාදී පක්ෂ ඊට සහාය දුන්නෙ නෑ, 13 යනු රට කඩන ක‍්‍රමයක් බවයි චන්ද්‍රිකාල මහින්ද රාජපක්ෂල කිව්වේ. රට ගිනි තියලා ජනතාව නොමග යවලා එජාප ආණ්ඩුවේ අමාත්‍යංශ 03ක් පවරා ගෙන එජාප ආණ්ඩුවත් විසුරුවා හැරියා. එල්.ටී.ටී.ඊ.ය එක්ක යුද්ධ කරමු. එහෙම වුණොත් මොකුත් දෙන්න  ඕන නැති බවයි ඔය සමහරු කිව්වේ. අන්තිමේ රණවිරුවන් ජීවිත පූජා කරලා යුද්ධය දිනා දුන්නා. එතැනදී ආණ්ඩුව හිතුවෙ රටේ ප‍්‍රශ්නය දැන් ඉවරයි; දේශපාලන විසඳුම් ගැන කතා කරන්නෙ මොකටද කියලයි. යුද්ධ කරන්න එජාපයටත් තිබුණා. අපි ඒක නොකළේ යුද්ධ කළත් නැතත් අන්තිමට විසඳුමකින් විනා යුද්ධයෙන් ප‍්‍රශ්නය ඉවර නොවෙන නිසයි. අනික යුද්ධයෙන් අපේම රටේ අය මැරුණාම ඒ වෛරය මකන්න බෑ. යුද්ධය වෙනුවට විසඳුමක් ගැන එජාපය හිතුවේ ඒකයි. මුලින්ම විසඳුම දුන්නා නම් දොපර්ශ්වයම දිනනවා. ප‍්‍රශ්නය:- රටේ වාර්ගික ගැටුම ත‍්‍රස්තවාදයෙන් යටපත්ව තිබුණා. ත‍්‍රස්තවාදය අසීරුවෙන් මර්දනය කළ පසුව දේශපාලන කප්පමක් ලෙස විසඳුමකුත් ලබාදීමේ අවශ්‍යතාව මෙකද්දැයි ආණ්ඩුව හිතුවා නම් එය සාධාරණ නැද්ද? පිළිතුර:- මේ ආණ්ඩුව යුද්ධ කළේ 13 විසඳුම නොදී ඉන්නයි. එජාපය හැදුවේ යුද්ධයක් නැතුව 13 දීලා ප‍්‍රශ්නය බේරන්නයි. එවිට ජීවිත දේපොළ හෝ රටේ ප‍්‍රතිරූපය විනාශ වෙන්නෙත් නෑ. රටට ලෝක සහායත් ලැබෙනවා. ඒත් මේ ආණ්ඩුවට දැක්මක් නැති නිසා ඔවුන් හිතුවෙ යුද්ධය දිනුවොත් විසඳුමක් නොදී ඉන්න පුළුවන් කියලයි. ඒත් ඉන්දියාව ඇතුළු මුළු ලෝකයත් දෙමළ ජනතාවත් ත‍්‍රස්තවාදය මර්දනයෙන් පසුව විසඳුමක් ගැන බලකරනවා. යුද්ධය යන කාලෙත් යුද්ධය ඉවරවූ ගමන් 13 ප්ලස් විසඳුමක් දෙන බව මේ ආණ්ඩුුව ඉන්දියාව ඇතුළු ලෝකයටම කිව්වා. අන්තිමට ආණ්ඩුව යුද්ධයත් කරලා දැන් 13 ප්ලස් දෙන්න කතා කරනවා. ඒත් එජාපය හැදුවේ යුද්ධයක් නැතුව 13 විතරක් දීලා ප‍්‍රශ්නය අවසන් කරන්නයි. රටට අවංකව ආදරේ එජාපයද මෙයාලද කියලා ජනතාව දැන් තේරුම් ගන්න  ඕනෑ. යුද්ධයත් කරලා 13 ප්ලස් දෙනවා කියන්නේ යුද්ධයට පූජා කළ ජීවිත හා දේපොළ අපරාධයක් බව තහවුරු කිරීමයි. එජාපය 13 දුන්නොත් රට කැඩෙනවා කියලා 89 හා 2001 දී රට ගිනි තියපු අය. දැන් 13 ප්ලස් දුන්නාම රට බෙදන්නේ නැද්ද කියලා අපි අහනවා. යුද්ධය යන කාලේ 13 ප්ලස් දෙනවා කියලා ආණ්ඩුව කිව්වෙ ඉන්දියාව හා ලෝකය රවටන්නයි. මොකද එජාපය වඩමාරච්චි ගහන කාලේ ඉන්දියාව මැදිහත්වෙලා යුද්ධය නැවැත්තුවා වගේ මෙතැනදීත් නවත්තාවි කියන සැකය නිසයි ආණ්ඩුව ඒ බොරුව කිව්වේ. මහින්ද රාජපක්ෂගෙ ලණු ගිලලා දැන් ඉන්දියාව අමාරුවෙ වැටිලයි ඉන්නේ. තමිල්නාඩුවේ ජයලලිතා හා දෙමළ ජනතාව ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවෙන් දැන් අහන්නේ ඉන්දියාවට පොරොන්දුව 13 ප්ලස් විසඳුම ලබා දෙන ලෙසයි. යථාර්ථය පැහැදිලියි. එජාපයද මෙයාලද රටට ආදරේ කියල පැහැදිලියි. අපි යුද්ධ නොකර ජීවිත දේපොළ රැකගෙන 13 විසඳුම දෙන්න ගියා. මේ අය යුද්ධ කරලා රු. කෝටි ලක්ෂ ගණනක් හා ජීවිත දේපොළක් විනාශ කරලා දැන් එජාපයටත් එහා ගිය 13 ප්ලස් විසඳුමක් ගැන කතා කරනවා. අනික යුද්ධයක් ඇති වුණාම දෙපැත්තෙම අහිංසක අයත් මැරෙනවා. යුද්ධයකින් පසු සංහිඳියාවක් ඇති කරන්නත් අමාරු ඒකයි. 2001 එජාප ආණ්ඩුවට මෙයාල සහාය දුන්නා නම් යුද්ධයක් නැතිව ප‍්‍රශ්නය විසඳන්න තිබුණා. ප‍්‍රශ්නය:- ඒත් ප‍්‍රභාකරන් හා එල්.ටී.ටී.ඊ.ය සකී‍්‍රයවී තිබියදී වෙනම රටක් හැර වෙන විසඳුම් ඔවුන් පිළිගනීවිද 87 ඉන්දියානු බලපෑමට පවා ඔවුන් 13 පිළිගත්තෙ නැහැ නේද? පිළිතුර:-එදා ඔවුන් 13 පිළිනොගත්තේ එල්.ටී.ටී.ඊ.ය ශක්තිමත්ව සිටි නිසයි. ඒත් එජාපය 2001 දී එල්.ටී.ටී.ඊ.ය තුළ සූක්ෂමව බෙදීම් ඇති කළා. කරුණා ඔවුන්ගේ සන්නද්ධ නායකයා. ඔහු සමග කොටි හමුදාවෙන් භාගයක් එනම් කොටි 10,000ක් එජාප ආණ්ඩුව කඩා ගත්තා. තවත් එවැනි ප‍්‍රබල කොටි නායකයන් 08 ක් එක්ක අපි සාකච්ඡා පටන් අරන් ප‍්‍රභාකරන් තනි කරලයි තිබුණේ. එජාප ආණ්ඩුව දෙන විසඳුම නොපිළිගෙන බැරි තැනට පත්වෙලයි තිබුණේ. ඒත් රට ගැන ආදරයක් දේශපාලන දැක්මක් නැති පිරිස උද්ඝෝෂණ කරලා එජාප ආණ්ඩුව 2004 දී විසුරුවා හැරියා. එජාප සැලසුම් අඩාල වුණා. මෙයාලා යුද්ධ කරලා දිනුවා. ඒක අගය කරනවා. ඒත් ජාතීන් අතර වෛරය වැඩි වුණා. අනික හමුදාවක් ඉදිරියට යන කොට කොටි කොලර් එකෙන් අල්ලලා නවත්වා ගැනීමේ දේශපාලන පසුබිමක්  ඕනෑම රටක තියෙන්න  ඕනෑ, එහෙම නොවී හමුදාවට සීමාව ඉක්මවා කි‍්‍රයාකරන්න හෝ අනවශ්‍ය බුරුලක් දුන්නෙත් කොයි රටකත් ඔවුන් කි‍්‍රයා කරන ආකාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතකර නෑ. හමුදාවට තම සීමාව පන්නලා කටයුතු කරන්න මේ ආණ්ඩුව ඉඩදීමෙන් රට ජාත්‍යන්තරව අප‍්‍රසාදයට ලක්ව ඇති බව පෙනී යනවා. ඒ පසුබිම හානි කරයි. යුද්ධයක් නැතිව රට ඇතුළේ ප‍්‍රශ්නයට විසඳුම් දීලා විසඳා ගත්තා නම් මෙවැනි ලෝක බලපෑම් එන්නෙ නෑ. එහෙනම් විසඳුම් දීම සිදුවන්නේ රට ඇතුළෙයි. ප‍්‍රශ්නය අද වගේ ලෝකයට කාන්දු වෙන්නෙ නෑ. ප‍්‍රශ්නයක් ලෝකයට ගියාම අපට පාලනය කරගන්න බැහැ. එතකොට ඒක පාලනය කරන්නේ ලෝකයයි. ලංකාවට අද වෙලා තියෙන්නේ ඒක. දැන් රට පත්ව සිටින අනතුරුදායක පසුබිම ගැන ආණ්ඩුවට කිසිම පාලනයක් නැත්තෙ ඒකයි. ප‍්‍රශ්නය:- මේ ආණ්ඩුවේ කටයුතු ගැන එක්සත් ජාතීන්ගේ මහා ලේකම් වාර්තාවක් එළිදැක්වුවා. එය දරුස්මාන් වාර්තාව ලෙස නම් කළ ආණ්ඩුව වාර්තාව ප‍්‍රතික්ෂේප කරමින් කීවේ උගත් පාඩම් කොමිසන් වාර්තාවෙන් ලෝකය එල්ල කරන සියලූ චෝදනාවලට පිළිතුරු ලැබෙන බවයි. එම නිර්දේශ කි‍්‍රයාත්මක කරන බවත් කිව්වා. එම පූර්ණ වාර්තාව ආණ්ඩුව එළිදක්වා ඇතත් නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ ආණ්ඩුවේ භාවිතාව ගැන එජාප ස්ථාවරය කුමක්ද? පිළිතුර:- ඒකපාර්ශ්වික දරුස්මාන් වාර්තාව ප‍්‍රතික්ෂේප කරන බව මේ ආණ්ඩුව කිව්වට ඒකෙ තිබුණු දේවල්ම තමයි උගත් පාඩම් කොමිසන් වාර්තාවෙන් 80%ක් විතර තිබුණේ. අනික 2005 ඉඳලා එජාපයේ අපි පාර්ලිමේන්තුවේදීත් පිටතදීත් කියපු දේවල් තමයි මේ වාර්තා දෙකේම තියෙන්නේ. එදා එජාපය කී දේ නොසළකා ආණ්ඩුව කටයුතු කළා. අද ඒ කරුණුම කොමිෂන් වාර්තා ලෙස එළියට ඇවිත්. ආණ්ඩුව පත්කළ කොමිෂන්වල හිරකාරයකු බවට ආණ්ඩුවම පත්ව ඇති බව පේනවා. උගත් පාඩම් එකේ වාර්තාවෙන් ලෝකය ලංකාවට එල්ල කරන සියලූ චෝදනාවලට පිළිතුරු ලැබෙන බවයි ජී. එල්. හා මහින්ද සමරසිංහ ලෝකයට කිව්වේ. එහෙම කියලා කල් ගැනීමයි කළේ. පුදුමය වන්නේ ආණ්ඩුව දැන් කියනවා උගත් පාඩම් කොමිෂන් වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන්නේ නැහැ කියලා. ඒකට හේතු මොනවාද කියලා අපි අහනවා. ආණ්ඩුවට එල්ලවෙන ලෝක අපවාද හා බලපෑම් වලින් මිදෙන්න කළ හැකි හොඳම දේ වාර්තාව ජීනිවාවලට ඉදිරිපත් කරලා වාර්තාවේ ඇති නිර්දේශ ලංකාව තුළ කි‍්‍රයාවට නැංවීමයි. ඒකෙ ක්ෂණිකව කළ නොහැකි දේවලූත් තියෙනවා. අපි ඒවා ගැන බලකරන්නෙ නෑ. ඒත් මන්තී‍්‍රවරු 161 ක එනම් 2/3 ක බලයක් ඇති ආණ්ඩුවට ඉක්මනින් කළ හැකි නිර්දේශ කි‍්‍රයාත්මක කරන්න කියලයි අපි කියන්නේ. ආණ්ඩුව සති 2-3ක් තුළ 17 වන සංශෝධනය අහෝසි කරලා ස්වාධීන කොමිෂන් සභා වළලා දැම්මා. උගත් පාඩම් එකේ නිර්දේශයක්වූ ස්වාධීන කොමිෂන් සභා ඉක්මනින්ම යළි ඇති කරන්න කියලා අපි දැන් ආණ්ඩුවට කියනවා. ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම අවි දරන කණ්ඩායම් නිරායුද කිරීම ආදී තවත් එවැනි ඉක්මණින් කළ හැකි නිර්දේශ ඉටු කළොත් ආණ්ඩුවට එන ලෝක බලපෑම්වලින් තරමකට හෝ මිදෙන්න ලැබේවි. එජාපයේ අපට කවුරුවත් දංගෙඩියට යවන්න  ඕන නෑ. ආණ්ඩුවේ සමහරු ටී. වී. එකේදී දංගෙඩියට බෙල්ල දෙන්න කතා කළාට අපට එහෙම වුවමනාවක් නෑ. එජාපය රටේ ජනතාව වෙනුවෙන් ඉල්ලන්නේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් හා නීතියේ උත්තරීතර බව රකින්න කියලයි. මේ අවශ්‍යතා 04 ඇතිවෙන්න නම් මුලින් ස්වාධීන කොමිෂන් සභා ඇතිවිය යුතු වෙනවා. අමාරුවේ වැටුණු රට බේරාගන්න එජාපය  ඕනෑම සහායක් දෙනවා. ආණ්ඩුව බේරගන්න අපට අවශ්‍ය නෑ. මේ ජනාධිපති හා ආණ්ඩුව වසර කිහිපයක් පුරා ලෝකයත් එක්ක ඇති කරගත්ත ගැටුම් නිසා සුඩානයට වෙච්ච දේ ලංකාවටත් වේවිදැයි අපි බියකිනුයි ඉන්නේ. ප‍්‍රශ්නය:- සුඩානය ළඟදී දෙකඩ වුණා. ඊට බලපෑ පසුබිම කුමක්ද? පිළිතුර:- සුඩානයේත් උතුර දකුණ එනම් මුස්ලිම්වරු හා ක‍්‍රිස්තියානි අය අතර සිවිල් යුද්ධයක් ඇති වෙලා සුළුතරය වූ ක‍්‍රිස්තියානි අය ලක්ෂයක් විතර මිය ගියා. දැන් ලංකාවට කියනවා වගේ එක්සත් ජාතීන් සුඩානයටත් කිව්වේ අභ්‍යන්තර පරීක්ෂණයක් කරන්න කියලයි. සුඩානය ඒක මඟ හැරියා. එවිට එක්සත් ජාතීන් පරීක්ෂණයක් කළා. එහිදී යුද අපරාධ සිදුවූ බව තහවුරු වුණා. එතැනදී එක්සත් ජාතීන් යළිත් සුඩානයට කිව්වේ අපරාධ කළ අයට දඬුවම් කරන්න කියලයි. ඔවුන් ඒක කළෙත් නෑ. කතෝලිකයන්ට යුක්තිය ඉටු නොවන නිසා දෙපිරිසටම එකම රටේ ඉන්න බැරි බවට එක්සත් ජාතීන් යෝජනාවක් සම්මත කළා. පසුව එකට ඉන්නවාද නැද්ද කියලා දකුණේ කි‍්‍රස්තියානි අයගෙන් අහන ජනමත විමසුමක් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් තිබ්බම අගතියට පත්වූ පාර්ශ්වය ලෙස කි‍්‍රස්තියානි අය වෙන් වෙන්න තීන්දු කළා. රට දෙකඩ වුණා. අද ලංකාවත් එවැනි අනතුරක් ඉදිරිපිට ඉන්නේ මේ ආණ්ඩුවේ වරදිනුයි. සුඩාන ආණ්ඩුව කි‍්‍රයා කළ අන්දමේ අඥාන විදියටයි මේ ආණ්ඩුව වැඩ කරන්නේ. සුඩානයේ පාලකයන් වගේම ලංකාවේ අයත් අද ලෝකයට අභියෝග කරනවා. ඔවුන් හිතන්නේ ලෝකය තියෙන්නේ ලංකාව ඇතුළේ කියලයි. සුඩානයට වගේම ලංකාවේත් යුද්ධයේදී මැරුණු අය ගැන පරීක්ෂණ කරන්නැයි එක්සත් ජාතීන් හා ලෝකය කියනවා. මේ ආණ්ඩුව ඒක නොකළොත් එක්සත් ජාතීන් ඒ පරීක්ෂණය කරාවි. ඒ අනුව සිංහල දෙමළ ජාතීන් 02 ට ලංකාවේ එකට ඉන්න බැරි බවට ඔවුන් තීන්දු කළොත් මොකද වෙන්නේ. අනික බැංකිමූන් බි‍්‍රතාන්‍යයට ආ වෙලාවේ ලංකාවේත් එවැනි ජනමත විමසුමක් ඉක්මනින් නොතියන්නේ ඇයි කියලා දෙමළ ඩයස්පෝරාව ඔහුගෙන් ප‍්‍රශ්න කර තිබෙනවා. ඒක භයානක තත්ත්වයක්. මේවා සිදුවන්නේ මේ ආණ්ඩුවේ නොහැකියාව තුළයි. ආණ්ඩුව දිගටම ලෝකය එක්ක හැප්පිලා සුඩානය වගේ රට දෙකඩවීමේ අනතුරකට ලංකාව තල්ලූ කිරීම ගැන අප දැඩි අප‍්‍රසාදය පළ කරනවා. ප‍්‍රශ්නය:- උගත් පාඩම් එකේ නිර්දේශ වහාම කි‍්‍රයාත්මක කරන ලෙස ඇමෙරිකාව යුරෝපය ඇතුළු ප‍්‍රබල රටවල් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කරන්නට යාමත් මෙහි කොටසක්ද? පිළිතුර:- මේ විදේශ අමාත්‍යංශය තරම් ලැජ්ජා නැති වැඩ කරන තවත් තැනක් නෑ. ලංකාවට එල්ලවෙන සියලූ චෝදනාවලට උගත් පාඩම් එකෙන් උත්තර ලැබෙන බව ලෝකය වටේ ගිහින් කියපු විදේශ ඇමැති දැන් කියනවා ඒ වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන්නෙ නැහැ කියලා. දිනෙන් දින මේ රට හිරකරන එකයි ආණ්ඩුව කරන්නේ. අපට එරෙහිව ඇමරිකාව හා යුරෝපා රටවල් ජිනීවාවලට යෝජනා ගේන්න හදන්නෙත් ඒකයි. හිලරි ක්ලින්ටන් ජී.එල්.ට කියල තියෙනවා ඇවිත් මේ ගැන සාකච්ඡා කරන්න කියලා. ඇමරිකාවට මේ ආණ්ඩුව මෙහේ ඉඳන් බනිනවා. දැන් පුළුවන් නම් හිලරි හමුවෙන්න නොගිහිං ඉන්න කියලයි සමහරු කියන්නේ. මෙවර ජිනීවාවලදි පදනම වැටෙන්නේ එක්සත් ජාතීන් ලංකාවට එරෙහිව කරන භයානක පරීක්ෂණයේ ආරම්භය බවට අපට සැකයක් තිබෙනවා. රට දෙකඩ කරවන එවැනි විශාල අනතුරකට දාලයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ. ඇමරිකාවේ නිව් ජර්සිවල ඊළාම් ආණ්ඩුවකුත් හදල තියෙන්නේ. මේ ආණ්ඩුවට අපි මේවා පෙන්වා දෙන්නේ රට දෙකඩ කරන වැඩ කරන්න එපා කියන පණිවිඩයත් ලබාදෙමිනුයි. රට දෙකඩවීමේ අනතුර හංගගෙන ඉන්න එපා කියලා මම ජී. එල්. ඇමතිට පාර්ලිමේන්තුවේදී කිව්වා. දෙකඩ වූ සුඩානය වසර 04 කට කලින් හිටියේ අද ලංකාව ඉන්න තැන බවත් මම පෙන්වා දුන්නා. එජාපයේ ප‍්‍රශ්න දැන් ඉවරයි. අපි එකමුතුව එජාපය දිනවීමට කැප වෙනවා. මේ ආණ්ඩුවේ අඥානකම් නිසා දෙකඩවීමට යන හා ආර්ථික ලෙස නන්නත්තාර වන රට අපි බේරාගන්නවා. ආණ්ඩුව මේ නිදහස් දිනය සැමරුවේ 48 නිදහස ලැබුදා සිට 2005 දක්වා ගත්ත ණය වගේ දෙගුණයක් ණය 2005 ඉඳලා මේ දක්වා සුළු කාලයට අරගෙන රට උගස් කරලයි. මේ ආණ්ඩුවේ නොහැකියාවට ඒකම මදිද? ඒ නිසා ස්වාධීන කොමිෂන් පත් කරලා ඒ හරහා මානව හිමිකම් ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙස අපි ආණ්ඩුවට මතක් කරනවා. එහෙම නොවන පරීක්ෂණයක් ලෝකය පිළිගත්තෙ නෑ. ආණ්ඩුව සර්ව පාක්ෂික සමුළුවට දැන් එජාපයට කතා කරනවා. හිරවුණාමයි විපක්ෂය මතක් වෙන්නේ. 17 අහෝසි කරලා 18 ගේන කොට විපක්ෂය එක්ක කතා කළාද කියලා අපි අහනවා. ඒත් ආණ්ඩුව නෙවෙයි හිරවූ රට බේරගන්න එජාපය කැප වෙනවා. එජාප ආණ්ඩු කාලෙ ජාත්‍යන්තර දැල දැම්මේ කොටින්ට එරෙහිවයි. දැන් ජාත්‍යන්තර දැල ආණ්ඩුවේ ඔළුවටයි වැටිල තියෙන්නේ. ඒක භයානකයි.

එජාප ජ්‍යෙෂ්ඨ උපසභාපති මහනුවර දිස්ත‍්‍රික් එජාප මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල

සංවාද සටහන - අශෝක ජයතුංග



අදහස් (0)

එදා 13 දුන්නා නම් යුද්ධයත් නෑ අවුලත් විසඳිලා

ජෙ‍ෆ් Tuesday, 07 February 2012 02:46 PM

ශ්‍රී ලංකාව කියන්නේ ස්වාධීන රජයක් බව මතක තියාගෙන කතා කළොත් හොදයි. බටහිරයන් නැතිව පැවැත්මක් නැති බව අප දන්නෙ මීට හුග කාලයකට පෙරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 660 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 274 2

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 627 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 285 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 208 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 173 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 47 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site