ඒ ඉකුත් 28 වැනිදා ය. කොළඹ පැපිලියාන ප‍්‍රදේශයේ එදින සිදු වූ සිදුවීමකින් යළිත් කැලඹීමක් ඇතිවූයේ එම සිදුවීම පිටුපස ජාතිවාදී හැඟීම් හි ගිනිපුපුරු ඇතැයි යන සැකය ප‍්‍රධාන කොටගෙනය.
එහෙත් පැපිලියාන ප‍්‍රදේශයේ පිහිටා තිබූ ෆැෂන් බග් ආයතනයේ රෙදි ගබඩාවකට පහරදීමේ සිද්ධිය කේන්ද්‍රගතව තිබූ කතාන්දරය පසුබිම්ව පැවතියේ පෞද්ගලික සංසිද්ධියකි.
පැපිලියාන ප‍්‍රදේශයේ ජීවත් වූ කාර්මික ක්‍ෂේත‍්‍රයේ රැකියාවක් කළ මුස්ලිම් තරුණයෙක් එම ප‍්‍රදේශයේම ජීවත් වූ සිංහල තරුණියකට පේ‍්‍රම කළේය. ඇගේ වයස අවුරුදු පහළොවකි.
හිටිගමන් ඉකුත් සතියේ තම දියණිය අතුරුදන් වීමත් සමඟ ඇගේ පියා මේ පිළිබඳව අදාළ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ඇය පහළොස් වැනි වියේ පසුවූ යුවතියක වූ හෙයින් ලංකාවේ නීතිය අනුව ඇයට විවාහ වීමේ අවසරයක් නැති අතර එවැනි වයසක යුවතියක් කවර හෝ ලිංගික කාර්යකට යොදාගැනීමට හෝ ඒ සඳහා පෙළඹවීම සැලකෙන්නේද ස්ත‍්‍රී දුෂණයක් ලෙසය.
පොලිසියට කළ පැමිණිල්ලෙන් අනතුරුව මෙම සිද්ධියට සම්බන්ධ මුස්ලිම් තරුණයා පොලිස් අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහුට පොලිස් මාංචු වැටුණේ ඔහු සේවය කරමින් සිටි ස්ථානයේදීමය. එයින් ටික වේලාවකට පසු අදාළ යුවතියගේ පියා ආගමික ස්ථානයකට ගොස් මෙසේ පැවසුවේය.
‘‘මුස්ලිම් කොල්ලෙක් අපේ කෙල්ල කරදරේ දාලා’’ තම දියණිය මුහුණ දුන් ඛේදවාචකය පිළිබඳව මේ පියා වචන ගොනු කරද්දී අවට පිරිස් රැස්වුණේ සිද්ධියට හේතු කවරක්දැයි විමසා සිටින්නටය.
මේ කතන්දරය ඇසූ මිනිසුන් පාලනයකින් හෝ දුරදිග විමසා බැලීමකින් තොරව කටයුතු කරන්නට පෙළඹුණේ ඉනික්බිතිවය. මුස්ලිම් තරුණයා රැුකියාව කරන ස්ථානයට ගොස් පළමුව පිරිස පහර එල්ල කළ බවටද විශ්වාසදායක ආරංචි මාර්ග අනාවරණය කරයි. ඉන්පසු කලබලකාරීව හැසිරුණු පිරිස ආදාළ වෙළෙඳ ආයතනයට අයිති ගබඩාව වෙත ගොස් ගල්-මුල් ආදියෙන් ප‍්‍රහාර එල්ල කර ඇත.
මෙසේ පිරිස ගල් මුල් වලින් ප‍්‍රහාර එල්ල කරද්දී ඒ ගල් මුල් වැදී ඒ අවට සිංහල ගෙවල් වලට ද අලාභ හානි සිදුවිය.
එදා මෙසේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස අතර එම පළාතේ වැඩ නොසිටින භික්‍ෂූන් වහන්සේලා කිහිප දෙනෙක්ද සිටි බව සඳහන් වේ. පහර දීමට සම්බන්ධ පිරිස පිටින් පැමිණි සංවිධානාත්මක කල්ලියක් යන අදහස ආවේ මේ පසුබිමද කරණ කොටගෙනය.
මේ සිද්ධිය වෙද්දී ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිටියේ නෙළුම් පොකුණ රංගපීඨයේ සංදර්ශනයක් නරඹමිනි. ආරක්‍ෂක ලේකම්වරයාගේ ජංගම දුරකතනයට ඒ මොහොතේ දුරකතන ඇමතුමක් ආ අතර ඇමතුම කෙළවරේ රැඳී සිටියේ පොලිස් නිලධාරියෙකි.
සර්, ෆැෂන් බග් එකේ බිල්ඩින් එකකට ගහනවා... පොලිස් නිලධාරියා සිදුවීම සැකෙවින් ආරක්‍ෂක ලේකම්වරයාට විස්තර කළේය.
ආරක්‍ෂක ලේකම්වරයා ඊළඟ මොහොතේම පොලිස්පතිවරයාට කතා කළේය. ඒ මොහොතේ පොලිස්පතිවරයා දැයට කිරුළ වැඩසටහනේ රාජකාරි කටයුතු පිණිස අම්පාරේ යාමට පිටත්ව සිටියේ ය.
|
ප‍්‍රහාරය පිළිබඳව ප‍්‍රසිද්ධ වූ ඡායාරූප |
‘‘පොලිස්පතිතුමා ආපහු හැරිලා එන්න...’’ පොලිස්පතිතුමා ආරක්‍ෂක ලේකම්වරයාගේ තීරණයට එකඟ විය. පැපිලියාන සිද්ධිය සිද්ධ වූ ස්ථානයට කිට්ටුව හමුදා කඳවුරක් ද පිහිටා තිබේ. පොලිසිය පැමිණෙන තුරු විශේෂ කාර්ය බලකාය සහ හමුදාව සිද්ධිය පාලනය කිරීම සඳහා යෙදවිණි.
එමෙන්ම එසැණින්ම ආරක්‍ෂක ලේකම්වරයා නෙළුම් පොකුණ රංගපීඨයේ සංදර්ශනය නැරඹීම නවතා එතැනින් පිටත්ව ආවේය. ආරක්‍ෂක ලේකම්වරයා පැමිණියේ කිරම විමලජෝති හිමියන් හමුවීමටය.
‘‘හාමුදුරුවනේ, මේ මොකද වෙන්නේ...’’ ආරක්‍ෂක ලේකම්වරයා විමසුවේය.
අපිනම් දන්නෙ නෑ... මහත්තයා... බොදුබල සේනා සංවිධානයේනම් මේකට කිසිම සම්බන්ධයක් නෑ... පිටින් ආපු කට්ටියක් වෙන්න ඇති. හොයලා බලන්න...
එහෙනම් හාමුදුරුවෝ හෙට උදේ පාන්දරම මාධ්‍යයට ප‍්‍රකාශයක් කරන්න බොදුබල සේනා සංවිධානය මේ සිද්ධියට කිසිම සම්බන්ධයක් නෑ කියලා.
හොඳයි මහත්තයා, ඒක මම කරන්නම්... මේ කතා බහ ඇතිවූයේ ආරක්‍ෂක ලේකම්වරයා සහ කිරම විමලජෝති හිමියන් අතරය.
මේ සිදුවුණේ අනවශ්‍ය දෙයක්. පෞද්ගලිකව විසඳා ගන්න තිබුණ දෙයක් අනවශ්‍ය පැත්තකට යොමු වුණා. මේකට සම්බන්ධ අය පිළිබඳව අවශ්‍ය පියවර ගන්න... මේ සිද්ධිය පිළිබඳව විචාරාත්මකව බැලූ හැමදෙනෙක්ම දැරූ මතය එයම වූයේය.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පැමිණ තත්ත්වය මැඩපැවැත්වූ අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ද අත්අඩංගුවට ගත්තේය.
මේ සිද්ධිය අධිකරණය තෙක් යන අවස්ථාවේ ෆැෂන් බග් පාලන අධිකාරිය අධිකරණමය ක‍්‍රියාදාමයකින් තොරව සිද්ධිය සමථයකට පත්කර ගන්නට එකඟ වූයේය.
‘‘අපි මෙය ගමේ මිනිසුන් සමඟ සමථයකට පත්කර ගන්නම්. ඇක්ෂන් ගන්න අවශ්‍ය නෑ.’’ ෆැෂන් බග් පාලන අධිකාරිය පොලිසිය හමුවේ එසේ පවසද්දී රජයේ මුස්ලිම් ඇමැතිවරුන්ද ආරක්‍ෂක ලේකම්වරයාට කතාකොට සිද්ධිය සමාදානයෙන් සමථයකට පත්කර ගැනීම සිදු වූ බව ප‍්‍රකාශ කළේය.
එහෙයින් සිද්ධිය තවත් අතුරිකිලි ලා වැඩෙන්නට පෙර එතෙකින් සමථයකට පත්විය.
|
අපි සම්බන්ධ නෑ - බොදුබල සේනා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඤාණසාර හිමි |
| ‘‘මේ සිද්ධියට බොදුබල සේනා සංවිධානයේ කිසිඳු සම්බන්ධයක් නැහැ. අප මෙවැනි පටු හැසිරීම්, තීරණ ගන්නෙත් නැහැ. මේ සම්බන්ධව මට කිව හැක්කේ එපමණයි. |
|
රටේ සාමය පවත්වාගෙන යන්න අපි ශපථ වුණා - ෆැෂන් බග් කළමනාකරණය - ෆැෂන් බග් පෞද්ගලික සමාගම |
|
‘‘දෙසීයක පමණ කලහකාරී පිරිසක් ෆැෂන් බග් ආයතනය ආසන්නයේ පිහිටි වෙනත් ව්‍යාපාරික ස්ථානයකට ප‍්‍රථමයෙන් ප‍්‍රහාරයක් එල්ල කළා. ඉන් අනතුරුව කිසිදු හේතුවක් නැතුව ෆැෂන් බග් ආයතන පරිශ‍්‍රයටද ඇතුළු වී එම ස්ථානයට ද බරපතළ හානි සිදුකළා.’’
‘‘ප‍්‍රධාන කාර්යාලයට, ගබඩා සංකීර්ණයට, වෙළෙඳ ද්‍රව්‍යයන්ට, වාහනවලට හා ගොඩනැගිල්ලට රුපියල් මිලියන 10කට අධික අලාභයක් කරන ලදැයි යන චෝදනාව මත මේ පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත පැමිණෙව්වා. ෆැෂන් බග් ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රය ආසන්නයේ සිටි මාධ්‍යවේදියකු විසින් එම අවස්ථාව රූගත කර තිබෙන අතර කාර්යාල පරිශ‍්‍රයේ ආරක්‍ෂක කැමරාවන්හිද එම සිදුවීම සටහන් වී තිබෙනවා.’’
‘‘හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා සැකකරුවන් වශයෙන් පූජ්‍ය පක්‍ෂයද ඉදිරිපත් කර ඇති නිසා ජාතීන් අතර ගැටලූ පැන නැගිය හැකි බැවින් සහ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් රටේ ප‍්‍රතිරූපයට හානි සිදුවන බැවින් මෙම සිදුවීම සමථයකට පත්කර ගැනීමට අප කැමති බව අගතියට පත් පාර්ශ්වය වශයෙන් අප අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළා. රටේ සාමය පවත්වා ගැනීමේ අරමුණින් ෆැෂන් බග් ආයතනය මේ ගැන කිසිඳු ඉදිරි ක‍්‍රියාමාර්ගයක් නොගන්නා බව අධිකරණය වෙත දන්වා සිටියා. |
|
සටහන - සංජීවිකා සමරතුංග
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසුන් මහතා රටේ වෙන අනික් අපචාර වලට දක්වන විරෝධයට සමාන විරෝධයක් මුස්ලිම් කෙනෙක් කලාමත් දක්වන්න. මුස්ලිම් කෙනෙක් කලයි කියා වෙනස් විරෝදයක් දැක්වීමෙන් ඔබ ජාති වාදියකු වනවා. අර සිංහල දේශපාලකයෙක් ගැනුන් 100 දුෂණය කර උත්සවයක් පැවත් වුවා. කවුරුත් මොකුත් කීවද ? අයි මේ දැන් මේක ලොකු වෙලා.(නදී)
මේ රටේ මුස්ලිම් අන්තවාදයක් පැතිරෙනවා නම් ඒක වගකිවයුතු අංශ බලාගත යුතුයි. (නි)
සිංහලයන් මේ රට අල්ල ගත්තේ කුවේණි රවට්ටලා කියලයි ඉතිහාසේ කියන්නේ. ඉතිහාසෙට පයින් ගහන්ට අපි කාටවත් බෑ.(නදී)
විදේස මාධ්‍ය වාර්තා කලේ කහ ත්‍රස්තවාදේ කියලා. මොන තරම් ලැජ්ජද?(නදී)
දිනේෂ් මිනිස්සුන්ගේ බේබදු කම, හොර හිත, වංචා හිත, ස්ත්‍රී දුෂක හිත, ඉරිසියා සහගත හිත වෙනස් කරන මධ්‍යම පන්තිය වැඩි කරන සමාජ අසහනේ අඩු කරන ක්‍රමයක් ගැන හිතන්න. එවිට ඔබ බලා පොරොත්තු වෙන දේ ලැබෙයි.(නදී)
රීටා, ඔයා දන්නවද ? මෙතන තියෙන්නේ ළමා අතවරයක්. මම දන්නා නිසයි කතා කරන්නේ. ඔයාගේ දුවෙක්ට මෙහෙම වුණා නම් ඔය කොහොමද කතා කරන්නේ. (නි)
දිනේෂ් ට මාර කැක්කුමක්නේ තියන්නේ? ලංකාවේ ප්‍රතම වතාවට ද ළමා අතවරයක් වෙලා තියන්නේ? කහවත්තේ ළමයාව මරපු ඒකනවා නිදහස් කරපු ලංකාවේ නේද ඔයත් ඉන්නේ (ස)
ෆයිරූස්, දැන් ඔයා කියන්නේ රටේ තව ළමා අපචාර වෙනවා. ඒක නිසා මුස්ලිම් කෙනෙක් එහෙම කළාට කමක් නැහැ කියලද. දිනේෂ්ගේ කතාව හරියට හරි. (නි)
අපිත් දිනේෂ් සමගයි. (නි)
අනේ කසුන්, නීතිය කාටත් එක සමානයි. සිංහල මුස්ලිම් කියලා නැහැ. (නි)
මම මේ කියන්නේ මෙතන අදහස් දාන සිංහලයන්ට... ඔයාලා ඔයාලගේ අම්මට තාත්තට ආදරෙයි නම් ඒ වගේම සිංහල ජාතියටත් පනටත් වැඩිය ආදරය කරන්න. මතක තියාගන්න ලෝකයේ උතුම්ම ජාතිය සිංහල ජාතිය කියලා. මම සිංහල ජාතිය ගැන කතාකරන්න කාටවත් බය නැහැ. ඒ මම කොන්ද පන තියෙන සිංහලයෙක් නිසා. (නි)
මේක දඹානේ ඉන්න ආදී වාසීන්ගේ රට. (නි)
ඊයේ පෙරේදා ලන්ඩන් වල ඉන්න මුස්ලිම් අය ලංකාවේ තානාපති කාරියාලය ඉස්සරහ ලොකු උද්ගෝෂණයක් තිබ්බා. මෙයාල මේක ලෝකේ හැම තැනම දැන් කරන්නයි හදන්නේ. ලංකාවේ අයට රස්සා දෙන්න එපා කියලත් ඉල්ලීම් කරන්න යනවයි කියනවා. මේවා පටන් ගත්තු අපේ නියමුවන්ට සන්තොශයිද දැන්.(නදී)
ෆෙරුස්, මට සිංහල ජාතිය ගැන කැක්කුමක් තියෙනව තමයි. ඇයි ඇමෙරිකාව ඔයාලගේ නාභිතුමා ගැන හදපු චිත්‍රපටිය දැකලා ඔයාලට කැක්කුම හැදුනේ නැද්ද? (නි)
දිනේෂ්ගේ කතාව හරි. මුස්ලිම් මහජාතිය වුණ රටක අන්‍යාගමික නිදහසක් නැහැ. ඒක තමයි තිත්ත ඇත්ත. හැබැයි අපේ සිංහල මිනිස්සු ඔතන හැසිරිච්ච විදිය නම් හරි නැත. (නි)
කසුන් තර්කයක් කරද්දී හරියට කරන්න.මොකෝ ඉතාලි කාරයෝ පොලිසියට ගිහින් උසාවි දැම්මා හැර ඔහොම හු තිබ්බේ නැහැ (නි)
බුදුන් වැඩියේ කොහේ සිටද? ඉහල අදහස් දක්වපු අය කියන්න බලන්න. බුදු හාමුදුරුවන් මොන ආගමේ කෙනෙක්ද? (නි)
නසාර් මොනවද ඔය මේ කියවන්නේ.(නදී)
දිනේෂ් කියන එක සම්පූර්ණ ඇත්ත. මුස්ලිම් කෙල්ලෙකුට මෙහෙම වුනානම් සිකුරාදාට ඔක්කොම කට්ටිය පාරේ. සිංහල මිනිස්සු එකතු වෙනවට බයේ තමා මෙතන සමහරක් අදහස් දාල තියෙන්නේ. (අ)
බලන්න ඔයගොල්ලන්ගේ අදහස් වලින්ම ජාතිවාදියෝ කවුද කියලා පෙනෙනවා. (නි)
මේවා දෙමාපියන්ගේ වැරදි. දරුවන්ට නිසි ආරක්ෂාවක් ලබා නොදීම, දරුවන්ගේ එදිනෙදා ජිවන ක්‍රමවේදය අධ්‍යයනය නොකිරීම, දරුවන්ට අනවශ්‍ය නිදහස ලබා දීම, නිසි ආගම ධර්මය කියා නොදීම ආදිය මිට හේතුවයි. තම තමන්ගේ දරුවන් තම තමන් හදාගන්නවා මිසක් ජාතිවාදය කතා කරලා පලක් තිබේද? (නි)
ඔය විදියට හිතන නිසා තමයි අපේ රට තාම දියුණුවක් නැත්තේ. බෞද්ධ අපිට වගේම අනිත් ආගම් වල අයටත් ලංකාවේ උරුමය තියනවා. මොකද එයාලගෙත් මව් බිබ.(නදී)
83ත් ඔය දිනේෂ් ලා වගේ පටු විදියට යථාර්ථය තේරුම් නොගත් කට්ටිය නිසා තමා අපේ අහිංසක ජනතාව ජීවිත වලින් වන්දි ගෙව්වෙ. අද අපේ රට මුළු ලෝකෙන්ම කොන් වෙච්ච රටක් වෙලා. දැන්වත් පහුගිය කාලේ හිතපු සහ කරපු මෝඩකම් නවත්වලා සෑම ජාතියක් සමගම අත්වැල් බැඳගෙන ඉදිරීයට යන්න උත්සහ කරමු. (නි)
ඔව දිනේෂ්, නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර දහස් ගණන් බලෙන් අල්ලාගෙන මෙයාලා කරන්න හදන්නේ මොනවද කියල අපි දැන්ම හිතුවේ නැත්නම් අයෙමත් කාලයක් එන්නේ නැහැ. මෙයාලට උවමනා කරන්නේ අපී රටත් කවදාහරි ඇෆ්ගනිස්ටනයක් , බන්ගලිදේශයක් නැත්නම් පකිස්ටනයක් වගේ කරලා සතුටු වෙන්න. (නදී)
මෙවන් දේ යලි සිද්ද නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ (දී)
ඔයාලගේ හිතේ තියෙන ජාතිවාදීකම නැති වෙනකල් මේ රට ගොඩ ගන්න බැහැ. ළිඳේ ඉන්න මැඩියෝ වගේ නැතුව ටිකක් අනිත් රටවල් දිහා බලලා හරි දැන්වත් හැදෙන්න බලමු . (නි)
අහිංසා,ශෙහාන් ඔයාල හිතන විදියේ 89 කලබලය හා සමාන දෙයක් නෙවෙයි මෙතන වෙන්නේ. මේ රටේ මේ වෙනකොට පැහැදිලිවම මුස්ලිම් අන්තවාදයක් පැතිරෙනවා. මම බේරුවල කෙනෙක්. ඔයාල පුලුවන්නම් බේරුවලට ඇවිල්ල බලන්න මේ මුස්ලිම් අන්තවාදයේ තරම . දිනේෂ් කියන දේ හරි මේක සිංහල රට. (ස)
ශෙහාන්, ඔයා මට කියන්න ලෝකයේ සර්වාගමික එකම මුස්ලිම් රටක් තියනවද කියලා. කොහෙද තියෙන්නේ. (නි)
ඔයාල දන්නවද? මුස්ලිම් මහජාතිය වුණ රටක් කියන්නේ අන්‍යාගමික නිදහස තියන රටක්. (නි)
අන්‍ය ආගමික බලවේග අභිබවා යන ශක්තියක් බෞද්ධ ධර්මය තුල තියෙනවා නම් ඇයි අපි අන් ආගම්වලට සහ ඔවුන්ගේ බලවේග වලට ඔච්චර බය?? ඒ කියන්නේ ඒ ගොල්ලො අපිට වඩා බලගතුද? අපිටත් පුළුවන් නේද ඔවුන් අභිබවා හිටගන්න? හැබැයි වෛරයෙන් ද්වේශයෙන් නොවේ. එහෙම වුනොත් අපි ආපහු ආපස්සට යනවා අනීවාර්‍යයි. මෙන්න මේ ගැටලුව විසඳමු බලන්න... (නි)
මමත් මුස්ලිම් අන්තවාදීන්ට විරුද්ධයි. හැබැයි අපේ සිංහල මිනිස්සු ඔතන හැසිරිච්ච විදිය නම් හරිම ම්ලේච්ඡයි. මුස්ලිම් මිනිස්සු උපක්‍රමශීලී ජාතියක්. ඒ මිනිස්සු දීර්ඝ කාලීන සැලසුම් තියාගෙන නිහඬව ඒවා ක්‍රියාත්මක කරනවා. අපේ අය සෝඩා බෝතලේ කැඩුවා වගේ. මුස්ලිම් මිනිස්සු ඒ ගොල්ලන්ගේ පල්ලිය එක්ක එකතු වෙලා තමයි සද්ද නැතිව ව්‍යාප්තවාදය පතුරවන්නේ. සිංහල බෞද්ධ මිනිස්සු කරන්න ඕනෑත් ඒකයි. පන්සල එක්ක එකතු වෙන්න ඕනෑ. ගමේ පන්සල එක්ක එකතු වෙලා වැඩිය සද්ද දාන්නේ නැතිව හැමෝම දැනුවත් කරන ක්‍රමයක් ලංකාවේ පන්සල් වල නැහැ. (නි)
අහිංසා, නුඹ ගැහැණියෙක් නේද? නුඹටත් මේ වගේ හිතක් තිබෙන එක , ගැහැණු ජාතියටම ලැජ්ජයි. (නි)
වැඩේ ගොඩින් බෙරගතක කොහොමටත් හොඳයි. මොකද නැත්නම් ෆැෂන් බග් දිගටම වහල තියන්න තමයි වෙන්නේ. මොකද මේක සිංහල රටනේ..(ස)
දිනේෂ්, අනේ මේ රටෙන් යන්න අපිට සාමදානයෙන් ඉන්න දීලා.. (ස)
සේරසිංහ, මේ විදිහට ගියොත් මට විතරක් නෙමෙයි ඔයාලටත් මේ රටෙන් යන්න වෙයි. මොකද ලංකාව බංගලාදේශය වගේ වෙන්න වැඩිකාලයක් යන එකක් නැහැ. (නි)
ලක්දෙරණේ බහුතර බෞධදයා වඳවී යන්නේ බේබදුකම නිසා. දිනකට මත්පැන් බීලා කීදෙනෙක් මියදෙනවද අනතුරුවලින්? බුදු දහම අනුගමනය කරන්නේ සුලු පිරිසකි. ඔබ සැබවින්ම ආගමට දහමට ලැදිනම් ඔබගේ සිත තුල සාමය සතුට ඇතිවේ. මුස්ලිම්වරුන්ට බැන වැදීමෙන් පලක් නැත. අපිත් ලංකාවේ උපන් අය. අපිත් අපේ රටට සැමදා ආදරය කරන්නෙමු. (නදී)
මමත් දිනේෂ් එක්ක එකගයි. (නි)
පැෂන් බග් ආයතනයටත්, ආරක්ෂක ලේකම්වරයාටත් අපේ ප්‍රණාමය! පහරදීමට ආව භික්ෂුන්ටත් , බොරු ප්‍රචාර දුන් අයටත් බලවත් විරෝධය! (නි)
ඇමරිකාවට සුද්දන්ගේ රට කියා කියන්නේ නැත.එය ඇමරිකන් කාරයන්ගේ රටියි.එහි කළු සුදු,ආසියානු,ලතින් ඇමරිකානු සියල්ල වෙසෙති. ඕස්ට්‍රේයාවේද එසේය.එක්සත් රාජදානියේත් ස්චොට්ලන්ත, ඉයිරිස්, ය ඇත. ලංකාවද සිංහලයන්ගේ පමණක් රටක් නොවේ. එය ලාංකිකයන්ගේ රටයි.(ස)
දිනේෂ් වගේ වර්ගවදියෝ මෙරටෙන් පිටමං වේවා... (ස)
මේක සිංහලයන්ගේ රට කියා කියන්නේ මොන පදනමෙන්ද? අපිත් ආවේ බෝට්ටු වල එල්ලිලා. (නි)
ජාති ආලය සහ ජාති වාදය යනු එකම කාසියේ දෙපැත්තයි.දේසපාලන විද්‍යාවේ ජාති ආලය කියන්නේ ජාති වාදය විස්තර කරන තවත් විදිහක්. විද්‍යාවට බොරු කරන්න අපට බැහැ නොව. (නි)