රාවණ කතාව රටේ නව මතවාදයක් දක්වාම පැමිණ තිබේ. එම තීරණාත්මක මොහොත තෙක් අපි මාධ්‍ය මෙහෙවරක් කළෙමු. පෙර පාසල් දරුවාගේ සිට මහල්ලා දක්වා ‘‘රාවණා’’ ප‍්‍රබෝධයකින් පසුවෙයි.
මෙය ජාතික මෙහෙවරකි. එසේම විජාතික බලවේගයක්, ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් හෝ ඔත්තු සේවයක් නොවේ. ජාතියට හිතැති පපුවක් ඇති අයට රාවණා ලිපි පෙළ සතුටකි. උගත්කම් අතරේ විජාතික වූ සමහර අයට මේ ලිපි අගුණ ඇති බව ඇතැම් දෙයින් අපට සිතේ. වෛරය, ක්‍රෝධය ‘‘රාවණා’’ වෙනුවෙන් වැපිරූ එක්කෙනෙක් දෙන්නෙකුට මෛත‍්‍රී කරමින් ‘‘ලාංකීය උරුමයේ මහා උරුමක්කරු ගැන අදත් කතාව අරඹමු.’’

ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර සඳහන් කරන පරිදි ලෝකයේ රටවල් බොහොමයක් ජනාවාස වූයේ රාවණාගෙනි. පළස්තීනය මින් එක් තැනෙකි. පලස්තීනය පුරාණ යක්ෂ ගෝත‍්‍රිකයන් පදිංචි කළ ප‍්‍රදේශයකි.
රාවණා රජතුමා ලෝකයේ රට රටවල සිංහලයන් පදිංචි කෙරුණේ හේතු ප‍්‍රකාරවය. එතුමා ඔස්සේ බලාපොරොත්තු වූයේ ජාතිය කවර කලෙකත් විනාශ නොවනු ඇති බවය. එම නිසා රාවණා රජ සමයේ සිංහලයන්ගේ කොලනි ලොව පුරා රටවල් ගණනාවක තිබිණි. මේ ‘‘කොලනි’’ ව්‍යාපාරයෙහි මූලිකයා රාවණාය.
එකල සබරගමුවේ ‘‘ජුදා’’ නමින් රාක්ෂයකු විය. මොහුද සමඟ විශාල ජන පිරිසක් නැවු මගින් ‘‘කනාන්’’ නම් ප‍්‍රදේශයට පිටත් කළේය. ‘‘කනාන්’’ යනු ද පලස්තීනයමය. කනාන් පෙදෙසට ගොඩ බට යක්ෂ ගෝත‍්‍රිකයෝ කොළ පාට පළසක් ගෙනැවිත් එය බිම එලා සියල්ලෝ එහි වාඩිලා ගත්හ. එහි සිටම ඔවුහු දිවුරුමක් දුන්හ.
‘‘අපි කිසි කලෙක වෙනත් ජාතියක ස්ත‍්‍රියක හා විවාහ නොවෙමු. අපගේ කුලයේ, අපගේ ගෝත‍්‍රිකයන් හා පමණක් විවාහ ගිවිසමු. ලෝකයේ කවර ආගමක් පහළ වුවද අපි ඒවා පසුපස නොයමු. අපි අදහන්නේ පාරම්පරිකව අපට උරුම වුණු සූර්ය ආගම පමණි. කෙතරම් භාෂා අලූතින් පැමිණිය ද අපි කතා කරන්නේ අපට පුරුදු සබරගමුවේ පුරාණ සිංහල භාෂාව පමණි.’’

එදා සබරගමුවේ තිබුණු පුරාණ සිංහල භාෂාව අද හීබෲ භාෂාව බව ආචාර්ය මිරැුන්ඩෝ කියයි. එය හීබෲවී ඇත්තේ සබර යන වචනය කාලයාගේ ඇවෑමෙන් වෙනස් වීමෙනි. එනම් සබර, හබර, හෙබර, හෙබෙරෙවු, හීබෲ ලෙසිනි. මේ අවුරුදු 7,500කට එහා සබරගමුවේ භාෂාවයි.
පළසක් බිම එලා ඉහත දිවුරුම දුන් බැවින් එම ප‍්‍රදේශය ‘‘පලස්තැන්න’’ බවට පත්විණ. එම පලස්තැන්න පසු කලෙක පලස්තීනයවී ඇත. ජුදා රාක්ෂයාගේ ජනතාව පිළිවෙළකට විසූ ජාතියකි. රාවණ සමයේ පටන් පරම්පරානුබද්ධ ඔවුහු පිළිවෙළ යක්ෂ ගෝත‍්‍රිකයෝය. මේ අයගේ පිළිවෙළ පැවැත්මට අසල්වැසි ජෝර්දානය, ඉරාකය, ඊජිප්තුව නිතර ප‍්‍රශ්න ඇති කළ බව මිරැුන්ඩෝ කියයි. අවසන ඒ බොහෝ දෙනා එම රටවලට ගොස් වහල් සේවයෙහි යෙදුණු බව පැවසේ. මෝසස් යනු එම පිරිස අතරින් පැමිණි අයෙකි. ඔහු රාවණා රජු දැඩිව පිළිගත්තෙකි. අද සටන් පවතින ගාසා තීරය යනු පුරාණ යක්ෂ ගෝත‍්‍රිකයන් විසින් අස්වද්දවා, දියුණු කරන ලද ප‍්‍රදේශයයි.
පලස්තීනයේ සිටි යක්ෂ ගෝත‍්‍රිකයනට අවට මුහුදෙන් බොහෝ කරදර පීඩා විඳින්නට සිදුවිණි. අද මෙම මුහුද ‘‘මළ මුහුද’’ වුවත් එදා මෙය බොහෝ චණ්ඩ, රළු මුහුදක් විණ. මුහුදේ චණ්ඩ ස්වභාවය ගැන රාවණ රජුට පැමිණිලි ලැබිණි.
රාවණ රජු එම අදහස් සැලකිල්ලට ගෙන පලස්තීනයහි යක්ෂයන් අතරට පැමිණියේය. යක්ෂයෝ තමන්ට මුහුදෙන් සිදුවන විපත කීහ. රාවණ රජු මහමුහුදක්, ගොඩබිමක් වුව කැමැති පරිදි නම්වා ගන්නට ශක්තිය, බලය තිබුණෙකි. ඔහුට ඒ සඳහා විශිෂ්ට මන්ත‍්‍ර ශාස්ත‍්‍රයක් තිබිණි. අහසේ. පොළොවේ, මහමුහුදේ ඇති දේ මන්ත‍්‍ර බලයෙන් වෙනස් කිරීම රාවණා කළ දෙයකි. අද සමාජයේ පවතින මන්ත‍්‍ර රාවණා සමයට යම් නෑකමක් ඇත්තේ වුවද ඒ සියල්ල වෙනස්වී විකෘතිවී ඇති බව සිහිනැංවිය යුතුය. ඉඳහිට රාවණ මන්ත‍්‍ර එකක් දෙකක් හැර අනෙක් සියල්ල විවිධ ගුරුන් අතින් අත පැමිණි ඒවා වෙයි.

රාවණ රජ රළු මුහුද මළ මුහුද කර ඇත්තේ මන්ත‍්‍ර බලයෙනි.
මන්ත‍්‍රයක් මතුරා එම මුහුද නිසල කරවා රාවණ මළ මුහුදෙහි ඇවිද ගියේය. එය බලා සිටියවුන් පුදුම ඉපදවිය. එදා පටන් අද දක්වාම රළු මුහුද රැුළි නොනංවන නිසල දියක් බවට පත්විණ.
මෙම පුරාණ යක්ෂ ගෝත‍්‍රික යුදෙව් ජනතාවගේ ලේ සාම්පල් පරීක්‍ෂා කළ යුරෝපීය විද්‍යාඥයකු වන පෝල් පීීටර්සන් සඳහන් කරන්නේ ඒවා පුරාණ ලංකා වාසීන්ගේ රුධිරයට සමාන බවය. මෙවැනි පර්යේෂණ ගණනාවක් විටින් විට මේ ආශ‍්‍රිත ප‍්‍රදේශයෙහි සිදුකෙරී ඇත. එම තොරතුරු අනුව යමින් පලස්තීනය ලාංකික මුත්තනුවන්ගේ ආදි ජනභවනක් බව ‘‘රාවණ කතා’’ පුස්කොළ පොත්වලින් වඩාත් මුල් බැස ගනි.
තවද බයිබලයේ මෙන්ම, කුරානයේ ද සඳහන් ‘‘ඊශ‍්‍රායල්’’ නම් වීර චරිතය ජුදා නම් යක්ෂයාගේ පරපුරේ අයෙකි.
ඉන්දියාව x ලංකාව වැනි ආදි සබඳතා සේම ලංකාව හා පලස්තීනය අතර ද ගැඹුරු සමීපකමක් තිබී ඇත. පුරාණයේ යුදෙව් ජනයා ලංකාවේ පදිංචිව සිටි බවට ඉතිහාස මූලාශ‍්‍ර සෙවීමේ දී හමුවේ. නවවැනි සියවසේ ලංකාවට පැමිණි ඉබ්න් වහබ් නම් දේශ ගවේෂකයා ද, ක‍්‍රි.ව. 911 දී මෙහි පැමිණි අබු සහීඞ් පවසා ඇත්තේ ද එකල ලංකාවේ යුදෙව්වන් සිටි බවත්, ලක් වැසියෝ යුදෙව්වන් සමඟ හිතවත්කම් පැවැත්වූ බවත්ය. එබැවින් මේ යුදෙව් නෑකම රාවණ යුගයෙන් ඇරඹෙන්නකි.
(Tennant Ceylon Vol.1 586 . 8 පිටු)
ක‍්‍රි.ව. 911 ලංකාවේ රජුගේ ඇමැති මණ්ඩලයේ යුදෙව් ජාතික හතර දෙනෙක් ඇමැතිකම් දැරූ බව පැරණි ලංකාවේ ආගම් සහ පුද පූජා පොතෙහි (පිටුව 76* සඳහන් වෙයි.
මේ නෑකම රාවණ රජු ආරම්භකොට පලස්තීනයට යැවූ මිත‍්‍රත්වයේ පාලම විය යුතුය.
විශේෂයෙන් යුදෙව්වන්ගේ පුරාණ සිරිත් විරිත් සලකන කල ද එය යක්ෂ ගෝත‍්‍රික නෑකමට ළංවේ. ඔවුහු සූර්ය වන්දනය කරන ලද බව ක‍්‍රි.ව. 12 වැනි සියවසේ සිටි බෙන්ජමින් රබායි නැමැති යුදෙව් දේශගවේෂකයා පවසයි.
පලස්තීනයට අමතරව චීනය සමඟ රාවණ රජු සමීප සබඳතා පවත්වා ඇත. චීන අධිරාජ්‍යයාගේ පුත‍්‍ර මාහෝ කුමාරයා රාම x රාවණ යුද්ධයේ දී රාවණාට උදව් කිරීමට කැමැති වූවෙක් බව අපි පසුගිය කලාපයේ ලීවෙමු.
රාවණ රජු පමණක් නොව රාවණගේ පියා විශ‍්‍රවස් මුණිද චීනයේ හිතවතෙකි. මාහෝ කුමාරයා ලංකාවට පැමිණෙද්දී ඔහුව රාජතාන්ත‍්‍රික මට්ටමින් පිළිගෙන ඇත. මාහෝ කුමරුට වාසය කිරීමට හස්ති ශෛල පුර අසල අගනා මන්දිරයක් සූදානම් කර දුන් බව රාවණ කතාවේ සඳහන් වෙයි.

මාහෝ කුමරුට මෙරට රාජ භෝජන සූදානම් කෙරිණි. එසේම ඔහුට විශාල ආරක්ෂාවක් ද යොදවා තිබිණි. මාහෝ කුමරුගේ ආරක්ෂාව භාරව සිටි ප‍්‍රධානියා වූයේ රටේ දකුණු ප‍්‍රදේශයේ සිටි භීම යක්ෂයාය.
චීන කුමාරයාගේ ලංකා සංචාරයේ රෙජ්ජිපුර සුමාලින් මාළිගාව හා කතළු පුරයේ කතළු කුමරුගේ මන්දිරය ද ඇතුළත්විය.
මාහෝ කුමාරයා ලංකාවේ දකුණු දිසාවේ ගාල්ල අවට මුහුදෙහි ඔරුවක ගොසින් මාළු ඇල්ලීමට ද එවක සම්ප‍්‍රදායික ජන නැටුම් බලා විනෝද වීමට ද අමතක නොකළේය.
ලංකාවේ සිටි සෑම දිනකම ඔහු සෑහෙන තරම් වින්දනයක් ලැබීය. දිනපතා රාත‍්‍රී සබරගමුවේ ආදිදිෂ්ට ගණිත පුරයෙන් නැටුම් කණ්ඩායම් කැඳවා සන්දර්ශන පැවැත්විය. විශේෂයෙන් රාජතාන්ත‍්‍රික අනුවම යමින් මාහෝ කුමරු සබරගමුවේ මැණික් පතල් නැරඹීය.
මාහෝගේ පියා වූයේ චීනයේ චාහෝ අධිරාජ්‍යයාය. එම රජදවස චීනයෙන් ලංකාවට එවූ වාණිජ හා කුරුඳු බැලීමට ද ගියේය. හත්සිශෛලපුරේ මාහෝ කුමරුවන් නැවතී සිටියේ අද ‘‘මාහෝ’’ නමින් හඳුන්වන ප‍්‍රදේශයේය. විශේෂයෙන් පැරණි යුගයේ වෙඩි බෙහෙත් නිෂ්පාදනය කිරීමට යොදාගත් ඛණිජ සම්පත් ද කුමරුගේ නිරීක්‍ෂණයට පාත‍්‍ර විය. මාහෝ කුමරු ලංකාවෙන් යාමට පෙර රාවණ රජු හමුවී, රාමගෙන් එන ප‍්‍රහාරයට මුහුණ දීමට චීනයෙන් ආධාර ලබා දීමට තමන් ද චාහෝ අධිරාජ්‍යයා ද කැමැත්තෙන් පසුවන බව ප‍්‍රකාශ කළේය. නමුත් රාවණ රජු චීන යුද ශක්තිය යුද්ධයට අල්ප මාත‍්‍රයකුදු යෙදවීමට කල්පනා නොකළේය.
මාහෝ රජුගේ පිය රජුට බාර දීමට රාවණ රජු වටිනා රතු මැණිකක් ප‍්‍රදානය කළේය. තවද රාජ සභාවෙන් තවත් තෑගිබෝග කුමරුට ලැබුණු බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා පවසයි. රාවණ රජු මාහෝ කුමාරයාට තෑගි කළ මාණික්‍යය අඟහරු ලොවෙන් ගෙනාවකි. එවැනි මැණික් ගල් හතක් රාවණ ළඟ තිබී ඇත. ඒවායින් ක
හවර්ණ මාණික්‍යය සමනොළ කන්දේ තිබේ. රක්ත වර්ණ තවත් එකක් ත‍්‍රිකුණාමලයේ කෝනේශ්වරම් කෝවිලේ ද, තව එකක් හලාවත මුන්නේශ්වරම්හි ද, ඉතිරිවා රාවණාගේ භූගත මාළිගාවේ ද ඇති බව ආචාර්ය මිරැන්ඩෝ පවසයි.
මේ තොරතුරු අනුව රාවණ යුගයේ දීප්තිමත් බව අපේ චින්තනය මත අලූත් විය යුතුය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කොහොම කිව්වත් අපි තරම් ඉක්මනට ඉතිහාසය අමතක කරන පිරිසක් ලෝකේ කොහෙවත් නැතිව ඇති. දැන් ඉගෙන ගන්න ළමයින්ට ඉතිහාසය කියල පාඩමකුත් නැතිලු. එකෙන්ම අපේ කම තේරුම් ගන්න පුළුවන්නේ. අපි කොහොමද විජයගෙන් පැවත එන්නේ? විජය එනකොට ලංකාවේ යක්ෂ සහ නාග කියල ගෝත්‍ර 2ක මිනිසුන් හිටිය. ඔවුනුත් ඉතා දියුණු තලයක ඉදල තියෙන්නේ. කුවේණිය ත් කපු කටිමින් හිටිය කියල කියන්නේ. ඉතින් අපි කොහොමත් පිටරට දේ අගය කරන්න හපන්නු නිසා ඉන්දියාවෙන් අපු විජයව අගය කරනවා. (දී)
මමත් මේ ලිපිපෙළ කියෙවුව ගොඩක් වැදගත් නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්ත මිනිස්සු අද රාවනවා පිලි නොගන්න ගොඩක් හේතු තියෙනවා ලෝකේ කිසිම කෙනෙක් කැමති නැහැ ලංකාව වගේ පොඩි රටක කෙනෙක් ලෝකය පාලනය කර කියල පිළිගන්න මම ඉඳල හිටලාරාවනා ගැන කතා කරනවා ඔවුන් කියන්නේ රාම ඔහුගේ පියව ගාතනය කර කියල ලංකාවේ ඉතිහාසය හෙමෝම වසන් කරනවා නමුත් දවසක ඇත්ත එලි වේවි ආචාර්ය මිරෙන්දෝ කරන්නේ ලොකු දෙයක් එයට කැමැති නැති ගොඩක් අය ඉන්නවා .(දී)
ආචාර්ය මිරැන්ඩෝ කියන කතාව ගොන් හරක්ට තේරෙන්නේ නැහැ තේරුනත් පිළිගන්න කැමැති නැහැ (අ)
අපි කොහොමද මේවා විශ්වාස කරන්නේ (දී)
ඉතිහාසය යන්නෙහි තේරුම "එය මෙසේ සිදුවිය" යන්නයි. තාර්කික පදනමකින් ගොඩනැඟෙන සිද්ධීන් විද්‍යාත්මකව තහවුරු කිරීමෙන් පසුවයි ඉතිහාසය ලියැවෙන්නේ. ඒ හින්දා ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර පවසන දේ ඉතිහාසය ලෙස පිළිගැනීමට තව දුරටත් විද්‍යාත්මක පර්යේෂණ කරන්න සිදුවේවි. (නි)
මේවා කොහොමද දැන් එළිවෙන්නේ? (නි)
උපුල්, ඔබතුමා රාවණ ඉතිහාසය ගැන යමක් දන්නවානම් කරුණාකරලා මට මම කලිනුත් පළ කර ඇති ප්‍රශ්ණයට උත්තරයක් ලබා දෙන්නොත් ලොකු පිනක් අපි උගෙන ඇති බෞද්ධ දර්ශණයය් මේ කියන එකය අතර පොඩි පරතරයක් ඇති නිසයි අහන්නේ...කියා දුන්නොත් ගොඩක් පින්. බුදු වරුන් ලොව පහළ වන්නේ කල්ප ගනන් කාළ පරතර ඇතිව යැයි අප අසා තිබෙනවා. නමුත් මේ මහාචාර්යතුමාට අනුව රාවනා මෙහි වාසය කර තිබෙන්නේ වසර 7500ක් වැනි කාලයකට පෙරයි. එකළ ලොව පහළව සිටියේ ගෞතම බුදුන් නොවන බවත් කෝනාගම බුදුන් බවත් මෙම ළිපි පෙලේ කලින් පළ උනා. කරුණාකර මෙම කරුණු පිළිඹඳ පැහැදිළි කිරීමක් කරන්න. (දී)
මේවා කියෝලා අපිට පිස්සු හැදෙනවා (දී)
මට නම් වැඩක් නැහැ (දී)
මෝසස් හිටියේ කොයි කාලේද ? (දී)
තව ටික කාලයක් ගතවුනාම කියාවි රාවණ රජු තිමයි ලොව පහලවූ ප්‍රථම මිනිසා කියලා,(දී)
ලෝකේ එහා කෙලවරට ලංකා ඉතිහාසය දිවයනවා (දී)
කිසිම මුලාශ්‍රයක් සාධකයක් හෝ සාක්ෂියක් නැතිව කියන කතා බෝල් වී මෙන් හිස් වන්නේමය. මේ වගේ ආචාර්යවරු ඉන්න්නකන් අපේ රටට දෙයියන්ගේම පිහිට තමයි. (ස)
මේවා බොරු (දී)
රසවත් කතාවක් ගොතා ඇත (දී)
ඇත්තටම මේවා ඇත්ත කතාද (දී)
බොරු (දී)
මේවා කියන්නේ මොන මුලාශ්‍ර මතද (දී)
වසර 7500 කට කලිනුත් සබරගමුවට සබරගමුව කියලමද කියුවේ?. එතකොට එක පැත්තක විතරක් සබරගමුව හිබ්රු වෙලා, අනෙත් පැත්තේ මොකුත්ම වෙනසක් වෙලා නැ. අදින බේගල් රාවනා රජ්ජුරුවන්ටත් අපහාසයක්. (ස)
මට හිතෙන්නෙ අපි කළ යුත්තේ රාවන රජු ගෑන තර්ක කිරීම නොව මේ වර්තමයට ගෑළපෙන රාවනා කෙනෙක් හදා ගෑනීමයි.එහෙම නොවුනොත් මේ රට බේරා ගෑනීමට බෑරිවෙයි .එදා හිටියෙ එක හනුමන්තයි දෑන් හනුමො වෑහි වෑහලා.රට හෑම අතින්ම විනාශය කරා ගමන් කරනවා වේගයෙන් .ඉතින් පරණ මිනිස්සු ගෑන උදම් ඈනීම නවත්තලා අපි අපේ රට වෙනුවෙන් යමක් කරමු රවනා නෑගිටන තුරු බලා නොයිද .වෑරදි විදියට තේරුම් ගන්න එපා මා කතා කළේ දේශපාළනයක් නොව. (දී)
ජයවේවා රාවනා (දී)
ලංකාවේ මිනිස්සු දන්නේ යටගිය අතීතයක් ගැන දොඩවන්ඩයි පම්පෝරි ගහන්ඩයි විතරයි.අනාගතය ගැන හිතන්න කිසිම උවමනාවක් නැහැ අපේ මිනිස්සුන්ට.එකයි අපි තාමත් මෙතන ඉන්නේ. (ස)
දැන් අපි පම්පෝරි ගහලා වැඩක් නැහැ. දැන් හිතන්න ඕනෑ කොහොමද අනාගතයේදී රට නඟාසිටවන්නේ කියලා. (නි)
ඇත්තටම සාක්ෂි තියෙනවාද?(හේ)
තව කෙනෙක් කියනවා කැස්පියන් මුහුදට නම වැටුනේ කාශ්‍යපගේ මුහුද නිසාලු. එක සමානව ශබ්ධ වන වචන වලට අනුව ඉතිහාසේ ලිව්වා නම් ඩයිනොසර්ලත් ධනසේකරලගේ නෑයෝ වෙනවයි කියාවි. (නදී)
රාවනා රජ්ජුරුවෝ බොරු කතාවක් නෙවේ. මම වැඩ කරන්නේ මැද පෙරදිග මේවයි ඉන්න ඉන්දියන් කාරයෝ උන්ගේ රාමා ගැන මාර ලොකුවට කතා කරන්නේ. මේ හැම දෙයක්ම ඉක්මනට එලිවෙනවා නම් මුන්ට කට හොල්ලන්න බැරි වෙන්න අපිටත් කතා කරන්න තිබුනා. (නදී)
අප කුඩා කාලයේ පටන් රාවණාට වඩා අපේ හිත්වල සනිටුහන් උනේ රාවණාගේ දඬුමොණර යන්ත්‍රයයි. සිංහලයින් විජය රජුගෙන් පැවත එන බව විවාද සම්පන්න මතයක් වීත් මෙතරම් බල සම්පන්න සිංහල රජ කෙනෙක් ලෝකය පාලනය කල වගක් භාවිත ලංකා ඉතිහාසයට එක් නොවුයේ ඇයි? මෙය ඉතිහාසඥයින් විසින් හිතා මතා කල දෙයක්ද? මෑත කාලයේ ඉතිහාසය පිළිබඳව ගවේෂණයක් කල ජැක්සන් ඇන්තනී මහතාත් හිතාමතා මෙය මග හැරියේද? (නදී)
පිස්සු හැදෙනවා මේ ලිපිය කියෙව්වාම. (නි)
නියම පුවතක් (දී)
මේ සම්බන්දව අදහස් එවපු සියලුම දෙනාට බොහොම ස්තුතිය් හැබය් ඔයගොල්ල හැම දෙනාටම මේ සම්බන්දව වැඩි විස්තර ස්ථිර වශයෙන්ම ලැබෙන දිනය වැඩි කාලයක් යන්නේ නැහැ (දී)
එහෙමනම් අපි පලස්තීනෙට එහෙම උදව් කලාට කමක් නෑ අනික අපි චීනෙන් උදව් ගත්තත් කමක් නෑ මොකද පලස්තෙනෙ ඉන්නේ හෙළයෝ සහ චීනෙන් රවානට උදවු කරන්නත් ඇවිල්ලනේ (දී)
රාවනා නමින් රජ කෙනෙක් සිටි බව අපි දනිමු. නමුත් ඔහු මේ තරම් බලවත් සහ ලෝකයම පාලනය කරපු බවක් හිතා ගන්න බැහැ. ඉතිහාස පොත්වල ලොකුවට මේ බව ලියවිලා නැහැ (නදී)
සුගත් බණ්ඩාර , ඒ කොහොමද ලඟදීම දැන ගන්න ලැබෙන්නේ ? රාවණ රජතුමා ඔයාට ලියුමක් වත් එවුවද ? (ස)
මේවා ඔප්පු කරන්න තියෙන සාදක මොනවද (දී)
නුවන් ඔබගේ කතාව 100% හරි (දී)
මේ සම්බන්දව විධ්‍යත්මකව පරීක්ෂණ කරන්න පිරිසක් උනන්දු උනොත් හොදයි නේද. ආණ්ඩුවෙනුත් උදව් ගන්න වෙනවා. ආසියාවේ අශ්චර්යට වෙන මොකුත් ඕනේ නේ නේද.... (දී)
මේ මෝඩ කතා කියන අයයි අහන අයයි දෙගොල්ලොම එකයි. (ස)
මෙවැනි මත ඉදිරිපත් කරන මහාචාර්යවරුන්ටත් පිස්සු, කියවන අපිටත් පිස්සු. (ස)
මේ කතා ඇත්තද (දී)
ලෝකෙම රාවණාට යටත් වෙලා හිටියේ නමුත් වත්මන් පිරිස ඒ දේ පිලි ගන්න කැමති නැහැ (දී)
පිස්සු විකාර (දී)
මම හිතන්නේ නැහැ (දී)
බුදු වරුන් ලොව පහළ වන්නේ කල්ප ගනන් කාළ පරතර ඇතිව යැයි අප අසා තිබෙනවා. නමුත් මේ මහාචාර්යතුමාට අනුව රාවනා මෙහි වාසය කර තිබෙන්නේ වසර 7500ක් වැනි කාලයකට පෙරයි. එකළ ලොව පහළව සිටියේ ගෞතම බුදුන් නොවන බවත් කෝනාගම බුදුන් බවත් මෙම ළිපි පෙලේ කලින් පළ උනා. කරුණාකර මෙම කරුණු පිළිඹඳ පැහැදිළි කිරීමක් කරන්න. (නදී)
මොකටද මෙච්චර මේ යුදෙව්වෝ ගැන කතාකරන්නේ. (දී)
මම නම් මේ කිසිවක් විශ්වාස කරන්නේ නැහැ (දී)
මේ වගේ කතා වලට ඉංගිරිසියෙන් කියන්නේ ටෝල් ස්ටෝරි කියල. සිංහලෙන් නම් කියන්නේ කෙබර කියල. (දී)
මේ සම්බන්දව විද්‍යාත්මක පරීක්ෂණ කරන්න පිරිසක් උනන්දු උනොත් හොඳයි නේද? ආණ්ඩුවෙනුත් උදවු ගන්න වෙනවා. ආසියාවේ අශ්චර්යට වෙන මොකුත් ඕනේ නෑ නේද.... (ස)
මේ අය තාම ඉන්නෙ ගල් යුගයේ අපේ රටට කොහේද අනාගතයක්... ?
හෙළ පරම්පරාවෙන් යුදෙව්වන් පැවත එනවානම්. යුදෙව්වන් යැයි කියා ඔප්පු කිරිමට පුලුවන් ඕනේම කෙනෙකුට ඊශ්‍රායලයෙ පුරවැසිභාවය දෙනවාලු. ඉතින් මේ කථාව ඇත්ත නම් ඇයි අපිට ඊශ්‍රායලයේ පුරවැසිභාවය නොදෙන්නේ.
දැන් නම් මට 1515 පෘතුගීසි ලංකාවට ආවද කියලත් විශ්වාස නෑ. මේක යකාගේ ඉතිහාස පාඩමක් උණානේ.
කිසිම සෝර්ස් එකක් වත් නැතුව ගොතපු කතා...
රටට වැඩක් ඇති දෙයක් කියන්න. අඩු ගානේ ළමයින්ට වැදගත් දෙයක්
ගංජා ඇට පිටින් ගැහුවම මේ වගේ දේවල් හිතට එනවා.
මේක නිකං සුරංගනා කතාවක් වගේ... ලෝකෙ මේ දවස් වල ඊශ්‍රායලේ ගැන කතා කරන හින්දා කොහෙන් හරි ලංකාව ඊශ්‍රායලේ එක්ක සම්බන්ධයක් හදා ගන්නවා. ලංකාවේ මිනිස්සු ආසයිනේ අපිට මෙහෙම අතීතයක් තියනවා කියලා පම්පෝරි ගහන්න. ඒත් දැන් අපේ රටයි, ඒ රටවලුයි තියන තැන දැක්කාම පේනවා ලංකාවේ මිනිස්සුන්ගේ තත්වේ. මට නම් හිතෙන්නේ යුදෙව්වන් කොහෙත්ම ලංකාවෙන් පැවතෙන්නේ නෑ. යුදෙව්වන් කියන්නේ ස්වාධීන බුද්ධිමත් දූරදර්ශි ජාතියක්.
හරි හරි ඔයා කියන එකක් තමයි. අනේ නිකන් යන්න...
ලෝක ඉතිහාසය ගැන කියන්න කළින් ලෝකය ගැන හොඳින් ගවේශනය කරලා ඉන්න.
ඉතිහාසය වෙනස් කිරීමට දරන වෑයමකි.