IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


එළවළු විකුණන තැපැල් කන්තෝරුව

තැපැල් කන්තෝරුවට කවුරු හෝ යන්නේ මුද්දරයක් ගැනීමටය. එක්කෝ ලියුමක් දාන්නය නැත්නම් ලියුමක් හෝ පාර්සලයක් ලියාපදිංචි තැපෑලෙන් යවන්නටය. තැපෑලෙන් කරගත හැකි රාජකාරියක් කරගන්නටය. එහෙත් තැපැල් කන්තෝරුවට ගිහින් හොඳ එළවළු ටිකක් අරගෙන එන්න පුළුවන් කියල කිව්වොත් ඔබ ටිකක් පුදුම වේවි. වතුරගෙදර තැපැල් කන්තෝරුවට ගියාම වසවිස නැති අලූත් එළවළු ටිකකුත් අරගෙන එන්න පුළුවන්. පසුගිය දවස්වල ජනතාව කීවේ බොරුවට නම් නොවේ. එදිනෙදා නැවුම් එළවළු සහන මිලකට ලබාගත හැකි තැනක් ලෙස වතුගෙදර තැපැල් කාර්යාලය ජනතාව අතර ප‍්‍රසිද්ධියට පත්විය. 2009 වසරේ දී ලංකාවේ තැපැල් කාර්යාල සියල්ල අතරින් ලංකාවේ කාර්යක්‍ෂම තැපැල් කාර්යාලය ලෙස ප‍්‍රථම ස්ථානය දිනාගත්තේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා කාර්යක්‍ෂම සේවයක් මහජනතාව වෙනුවෙන් ඉටුවන නිසාවෙනි. ලංකාවේම කාර්යක්‍ෂම තැපැල් කාර්යාලය ලෙස මීට වසර දෙකකට ඉහතදී සම්මාන දිනු වතුගෙදර තැපැල් කාර්යාලයෙන් මේ වසරේ ලංකාවේම කාර්යක්‍ෂම තැපැල්කරු බිහිවන්නේ ජනතාවට සමීප ජනතාවට හිතැති රජයේ කාර්යාලයක් නිසාවෙනි. ලංකාවේ කාර්යක්‍ෂම තැපැල්කරු සොයා ලංකාවේ කාර්යක්‍ෂම තැපැල් කාර්යලයට පසුගිය දිනක ගොඩවූයේ ඉරමුදුන් වී තිබූ හෝරාවේය. ලෝක තැපල් දිනයට සමගාමීව තැපැල් කාර්යාල හා කාර්ය මණ්ඩල අතර තරගයේ දී මේ වසරේ කාර්යක්‍ෂම තැපැල්කරු ලෙස ප‍්‍රථම ස්ථානය දිනාගත් වතුගෙදර තැපැල් කාර්යාලයේ වරුෂවිතාන ප‍්‍රසන්න කුසුම් මහතා අගමැති දි.මු. ජයරත්න හා තැපල් ඇමති ජිවන් කුමාරණතුංග යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ දී පැවති උත්සවයක දී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. ”වතුගෙදර තැපැල් කන්තෝරුවේ ප‍්‍රසන්න කීවාම ඔහු ගැන නොදන්නා කෙනකු නැති තරම්ය. ඔහු එතරම්ම ලොකු කුඩා ජනතාවට සමීප හිතවතෙකි. ඔහු තැපැල් කරුවකු පමණක්ම නොවේ. කලා හැකියා රැසකින් පිරිපුන්ය. ”ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත” යන කියමන ඔහුට නොගැලපේ යැයි මට සිතුනේ ඔහු කෙරෙහි තිබූ දක්‍ෂකම් හා හැකියා රැුසක් නිසාවෙනි. බළපිටිය මාදුගං කොමළිගේ පහස ලබන සුන්දර ගම්මානයක් වූ සීනිගොඩ ගම්මානයේ වඩු කාර්මිකයකුගේ පුතකු ලෙස දිළිඳු පැලක උපත ලබන ප‍්‍රසන්න ජාතික මට්ටමේ ජයග‍්‍රහණයක් දක්වා යන්නේ ඔහු තුළ තිබෙන අවංක නිහතමානීකම නිසාම නොවේ. සැබවින්ම ඔහු දිරිය පුතෙක් නිසාය. වරුෂ විතාන ධර්මසිරි හා මිලිමාග‍්‍රට් ප‍්‍රසන්නගේ දෙමාපියන්ය. 1967 වසරේ උපත ලබන ප‍්‍රසන්න වතුගෙදර සිරි අභයතිස්ස හා සීනිගොඩ සිරිඅභයතිස්ස යන විදුහල්වලින් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන අම්බලන්ගොඩ විද්‍යාලෝක පිරිවෙණට ඇතුලත්වී උසස් පෙළ හැදැරීය. උපතින්ම උරුම වූ දුප්පත්කම නිසාම පාසල් දිවිය නොයෙකුත් දුක් ගැහැට මැද ගතවිය. පාසල් වියේදීම නොයෙකුත් සුළු රැකියා කරමින් ජීවිත ගමන පටන් ගත්තේ දිගු ගමනක් යාමට පියවර තබමිනි. පාසල් වියේදිම ඡායාරුප ශාලාවකට ඇතුලත්ව ඡායාරූපකරණය හා මුද්‍රණය ගැන අවබෝධයක් ලබාගන්නා ප‍්‍රසන්න 1984 වසරේදී වෙස්මුහුණු කැපීම, කැටයම් කැපීම හා වෙස් මුහුණු පින්තාරුකරුවකු ලෙස ලෝක ප‍්‍රකට අම්බලන්ගොඩ බන්දු විජේසූරිය කලායතනයට එක් වී සේවය කරන්නේ ඊට තම නිසග කළා හැකියාවද එක් කරවමිනි. 1985 වසරේදී වතුගෙදර තැපැල් කාර්යාලයේ ආදේශකයකු ලෙස සහෝදර තැපැල්කරුවකු වන නෙවිල් විමලරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ එක්වන ප‍්‍රසන්න 1988 දී ලියාපදිංචි ආදේශකයකු ලෙසත් 1991 දී විදුලි පණිවුඩකරුවකු ලෙසත් ස්ථිර පත්වීමක් ලබාගන්නේ කාගේත් හොඳ හිත දිනාගනිමිනි. 2006 වසරේදී කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස පත්වීමක් ලැබූ ප‍්‍රසන්න එවකට තැපැල් ස්ථානාධිපතිවරයා ලෙස රංජිත් අබේසිංහ මහතාගේ අවසරයෙන් කාර්යාල කටයුතු ප‍්‍රතිසංවිධානය කිරීමේ කටයුතු අරඹන්නේ සෙසු සහෝදර සේවකයන්ගේ ද නොමඳ සහයෝගයෙනි. පිරිසුදු එමෙන්ම ප‍්‍රසන්න වටාපිටාවක් බිහිවීමේ හේතුවෙන් කාර්යාලයේ කාර්යක්‍ෂමතාව ප‍්‍රගුණ කරමින් පාරිභෝගික අවශ්‍යතා ප‍්‍රමාදයකින් තොරව ඉටුකරනා තැනක් බවට පත්විය. දකුණු පළාතේ හොඳම තැපැල් කාර්යාලය ලෙස ජයග‍්‍රහණය ලැබුවේ මේ නිසාමය. 2008 වසරේදී නව ස්ථානාධිපතිවරයා ලෙස පත්ව එන ජී.ජී.සී. නිරෝෂණ මහතාගේ පැමිණිම කාර්යාලයේ ස්වර්ණමය යුගය උදාවේ ආරම්භය වේ. එස් පහ සංකල්පය අනුව යමින් ඉවත ලන දේ උපයෝගී කරගෙන කාර්යාලය සිත්ඇදගන්නා මෙන්ම ජනතාවට කලට වේලාවට සේවය කරන කාර්යාලයක් බවට පත්කිරීමට මූලිකයා වන්නේද ප‍්‍රසන්නය. 2009 වසරේ ලංකාවේ කාර්යක්‍ෂම තැපැල් කාර්යාලය ලෙස කිරුළ පළඳින්නේ මේ කැපවීමේ ප‍්‍රතිඵල නිසාවෙනි. වතුගෙදර තැපැල් කාර්යාල ගෙවත්තද සරුසාර බිමක් බවට පත්වන්නේ මොහුගේ බලවත් උනන්දුව මතය. උපතින්ම ගෙන ආ කලා කුසලතා රැසකින් පිරි ප‍්‍රසන්න චිත‍්‍ර මූර්ති කැටයම් ශිල්පයෙහි දස්කම් දක්වන තරුණයෙකි. ඉංග‍්‍රීසි භාෂාව කථාකිරීමට ලිවීමට හැකියාවක් ඇති ප‍්‍රසන්න 1996 වසරේදී කටාර් රාජ්‍යයේ චිත‍්‍ර ශිල්පියකු ලෙස සේවය කරන කාලයේදී කටාර් රාජ්‍යයේ නායකයා වූ ශේක් කලිෆාගේ අඩිපහළොවක ප‍්‍රමාණයේ මුහුණත් සිතුවම් කිරීම නිසා සැමගේ ප‍්‍රශංසාවට ලක්විය. මඟුල් පෝරු, තොරණ, පිරිත් මණ්ඩප, බැනර්, කටවුට් මෙන්ම බිතු කැටයම් (මියුරල්) දිය ඇලි නිර්මාණ උද්‍යාන අලංකරණය, චිත‍්‍ර නිර්මාණයේ උපන් හපනකු වන ප‍්‍රසන්න ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය කිහිපයක කලා අධ්‍යක්‍ෂවරයකු ලෙසද කටයුතු කර ඇත. ”රිදීපෝරු”, ”තරුපතන”, ”ක්ෂත‍්‍රිය මායම්” යන ටෙලිනාට්‍ය හා ”පරදාර නගරය”, ”ආදිපාද” වේදිකා නාට්‍ය ඔහු කලා අධ්‍යක්ෂණය කළ නාට්‍ය වන්නේය. ඉහත ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය නිපදවූ රත්නසිරි පරණවිතාන කලාකරුවා ප‍්‍රසන්න ගැන තබා ඇති සටහනකින් කියා ඇත්තේ ප‍්‍රසන්න පූර්ණකාලීනව කලාකටයුතුවල නියැළෙන්නේ නම් ඔහු ලංකාවේ ප‍්‍රමුඛපෙළේ කළා ශිල්පියකු වන බවය. ඉකුත් වසරේදී දකුණු පළාතේ කාර්යක්‍ෂම කාර්ය සහායක ලෙස ජයග‍්‍රහණය ලබන ප‍්‍රසන්න ලංකාවේම තැපැල්කරුවන් 7458 දෙනෙකු අභිබවමින් ප‍්‍රථම තැන දිනාගැනීම ගැන ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. මේ ඒ පිළිබඳව ප‍්‍රසන්න කීයනදේය. ”හිටපු ස්ථානාධිපතිවරුන් මෙන්ම සැම සේවකයකුම මේ ජයග‍්‍රහණයට උදව් කළා. මම කවදාවත් සම්මාන බලා ගෙන වැඩ කළේ නැහැ. මං කිසි දවසක මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරල නැහැ. කාර්යාලයට එන කවුරුත් රස්තියාදු කරන්නේ නැහැ.  ඕනැම කටයුත්තක් විනාඩි කීපයකින් කරල දෙනවා. මගේ රාජකාරියට වේලාවක් බැලූවේ නැහැ අද වනතුරු මට කවුරු හෝ නරකක් කියල නැහැ යැයි ප‍්‍රසන්න කීවේ මහත් හැඟීමෙනි. ”වතුගෙදර සූර්ය පදනම, මනහර ක‍්‍රීඩා සමාජය වැනි පොදු සමිති කීයකම ක‍්‍රියාකාරී සාමාජිකයකු වූ ප‍්‍රසන්න තම බිරිඳ වන මානෙල් තොටවත්ත මහත්මිය සමග එක්ව සිය ගෙවත්තද වගා කර ඇත්තේ රටටම ආදර්ශයක් දෙමිනි. ”මට මොන වැඩ තිබුණත් රාජකාරිය හරියටම කරනවා. මොනදේ කළත් අවංකව කරන්නේ. මම කාලය නාස්තිකරන්නේ නැහැ. මේ සම්මානය මට විතරක් ලැබුණු එක්ක නෙවි ගමටම ගෞරවයක්. සම්මාන උපහාර ලැබුණත් නැතත් මම දිගටම වැඩ කරනවා”යි ප‍්‍රසන්න අපට සමුදෙමින් කීවේ අප කාටත් පාඩමක් කියාදෙමිනි. ප‍්‍රසන්නගේ ගුරුවරයා ප‍්‍රසන්නමය.

විස්තර හා සේයා රූ-  අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා
ප‍්‍රසන්න කුසලානය හා සහතිකය අතැතිව ප‍්‍රසන්නගේ තෙළිතුඩින් නිර්මාණය වූ සිතුවම් වතුගෙදර තැපල් කාර්යාලයේ සරුසාර ගෙවත්ත නිවසේ ළිඳ නිර්මාණය කර ඇති අයුරු  



අදහස් (0)

එළවළු විකුණන තැපැල් කන්තෝරුව

රජිත Monday, 09 January 2012 01:34 PM

ඇත්තටම මුලු රටටම ඔබ ආදර්ශයක්

:       0       0

කාංචනා Monday, 12 December 2011 12:27 PM

ඔබ වැනි මිනිසුන් මගේ රටට වාසනාවක්

:       0       0

ක්‍රිෂාන්ත Monday, 23 January 2012 06:01 PM

ඔබ ඇත්තටම ශ්‍රී ලාංකිකයෙක්. අපිට ඔබ ගැන ආඩම්බරයි

:       0       0

රොෂාන් තරංග සිල්වා Saturday, 31 December 2011 11:32 AM

හරිම හොඳයි ප්‍රසන්න අයියා - ඩුබායි රොෂාන්

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 328 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 118 1

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 448 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 206 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 132 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 138 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 25 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site