නොක් එයාර් යනු තායිලන්තයේ, මිල අඩු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවකි. නොක් එයාර් ගුවන් සේවයට අයත් බෝයිං ඇතුළු සෙසු ගුවන් යානා සෑම එකකම නාසයේ එසේත් නැතිනම් ගුවන් යානයේ ඉදිරිපස මුහුණේ තාරා හොටක් සිතුවම් කර තිබේ. ‘නොක් එයාර්’ අනන්‍යතාව එයයි.
මිල අඩු වුවත් ‘නොක් එයාර්’ ගුවන් සේවය තායිලන්ත වැසියන් අතර ජනපි‍්‍රය නොවිණි. පසුගියදා ‘නොක් එයාර්’ ගුවන් සමාගම අපූරු වෙළෙඳ ප‍්‍රචාරක වැඩසටහනක් ආරම්භ කළේය. ඔවුන් එය ආරම්භ කළේ හිතමිතුරු සමාජ ජාල වෙබ් සේවයක් වන ‘ෆේස්බුක්’ හරහාය. අඩනිරුවත් ගුවන් සේවිකාවන් ගුවන් යානාවල සේවයේ යෙදවීම එම වැඩසටහනයි.
|
බිකිනියකින් සහ කොට කලිසමකින් සැරැසුණු සුරූපී ගුවන් සේවිකාවන් ‘නොක් එයාර්’ ගුවන් යානා ඉදිරියේ පෙනී සිටින ඡායාරූප ෆේස්බුක් හරහා ප‍්‍රසිද්ධ කෙරුණි. මෙම ‘ආකර්ෂණීය’ ඡුායාරූප හේතුවෙන් ‘නොක් එයාර්’ ගුවන් සමාගම අද වනවිට තායිලන්තයේ පමණක් නොව, මුළු ලෝකයේම ආකර්ෂණය දිනා සිටී. එපමණක් නොව, තව නොබෝ දිනකින් ඔවුන් මියන්මාරය සමඟ ගුවන් ගමන් ආරම්භ කිරීමට ද සූදානම් වෙයි.
”අප කළේ ආන්දෝලනාත්මක දෙයක්. බැණුම් අහන්නත් වුණා. විවේචන එල්ල වුණා. ඒත් අන්තිමේදී අපේ අදහසට කැමැති බොහෝ දෙනෙක් සිිටින බව පැහැදිලිව පෙනුණා. අපේ ආදායම දැන් ඉහළ ගිහින්” යැයි ‘නොක් එයාර්’ සමාගමේ ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂ පැටී සරසින් පැහැදිලි කරයි.
”අප අපේ අලූත් අදහස මුලින්ම ෆේස්බුක් හරහා ප‍්‍රසිද්ධ කර බැලූවා. ඊට තායිලන්ත වැසියන් පමණක් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් කැමැත්ත පළ කළා. අප එය කි‍්‍රයාවට නැංවීමට තීරණය කළේ ඉන් පසුවයි. මා ඒ ගැන ඇත්තටම සතුටු වෙනවා” යැයි ද පැටී සරසින් වැඩි දුරටත් කියා සිටී. කෙසේ නමුත් තම ගුවන් සේවාවේ ලාභය වෙනුවෙන් කාන්තාවන් අඩ නිරුවත් කිරීම කිසිසේත් සුදුසු නොවන බව කාන්තා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන චෝදනා කරයි. තායිලන්ත සංස්කෘතික අමාත්‍යාංශයට පවා මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි ද වාර්තා වේ.
එපමණක් නොව ‘නොක් එයාර්’ ගුවන් සමාගමට කලාපීය සෙසු රටවල ප‍්‍රධාන පෙළේ ගුවන් සේවා සමාගම්වලින් ද විවේචන එල්ල වී ඇත. ”ගුවන් සේවිකාවන් සඳහා ගන්නේ සුරූපිණියන්. ඒක එසේ විය යුතුයි. ආකර්ෂණයක් අවශ්‍යයි. ඒත් ඔවුන්ගේ සිරුරු පෙන්වා මගීන් ඇද ගැනීම සුදුසු ද කියා දෙවරක් සිතා බලන්න වෙනවා” යැයි චීනයේ විදේශ ගුවන් සේවා සමාගමේ ප‍්‍රධානී ජී යැං ජියොන් පවසයි.
නොක් එයාර් ගුවන් සේවය පිහිටුවනු ලැබුවේ 2004 වසරේදීය. එහි මූලස්ථානය පිහිටා ඇත්තේ බැංකොක් නුවරය. තායි ජාත්‍යන්තර ගුවන් සේවය හා සම්බන්ධ මිල අඩු ගුවන් සේවයක් ලෙස එය මුල සිටම ජනතාවට හඳුන්වා දෙනු ලැබුණි.
|
පුහුණුව ලබාදෙමින්... |
2004 වසරේ නොක් එයාර් ගුවන් සේවය ආරම්භ කළ අවස්ථාවේදී එහි සිටි සේවක සේවිකාවන් ගණන 130 කි. 2011 වෙද්දී එය 600 තෙක් ඉහළ ගියේය. 2007 වසරේදී ඉන්දියාවේ බැංගලෝර් තෙක් තම ගුවන් සේවය ව්‍යාප්ත කිරීමට නොක් එයාර් සමාගමට හැකිවිය. මෙය නොක් එයාර් ගුවන් සේවයේ ප‍්‍රථම විදෙස් ගුවන් සංචාරයයි.
ඉන්පසු ඉන්දියාවේ චෙන්නායි, නවදිල්ලි සහ හයිද්‍රාබාද් යන නගරවලට ද තායිලන්තයේ සිට ගුවන් ගමන් ආරම්භ කළේය. කෙසේ නමුත් 2007 වසර අවසන් වෙද්දී ‘ජෙස්ටර් ඒසියා’ ගුවන් සේවයෙන් එල්ල වූ අභියෝග හමුවේ බැංගලෝර් ගුවන් ගමන අත්හිටුවීමට නොක් එයාර් සමාගම තීරණය කළේය.
සී.එන්.එන්. වාර්තාවක් ඇසුරිනි - ලූසිත ජයමාන්න
|
ගුවන් සේවිකාවෝ |
|
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුලගට ඔබේ නිවසට ඇතුලුවීමට ඉඩහරින්න. නමුත් සුලගට ඔබේ ගෙදර බඩු ගසාගෙන යාමට ඉඩ නොහරින්න. (නි)
ඇත්තටම මගීන්ගේ මානසික සුවයට හොදයි (අ)
මේක ලංකාවටත් කොහොමහරි ආවා නම් හරි. පාඩු ලබන ලංකාවේ දුම්රිය සේවයටත් මේක යොදනවා නම් හොදයි. (නි)
ලන්කාවටනම් මේ සේවාව ගැලපෙන්නේ නැහැ
ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න හොඳ අවස්ථාවක්. ලංකාවේ ගුවන් යානා වලටත් මේ ක්‍රමය හොදයි. රට නිකම්ම දියුණු වෙයි.(නදී)
වැඩි කල් නොගිහින් ඔය ටිකත් නැතුවම සේවයේ යොදාවාවි. අපොයි ඕව මෙහෙට බෝ කරන්ඩ නම් එපා.(නදී)
මගේ අදහස පාඩු ලබන අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවය දියුණු කරන්න මේ වගේ කරන්න එක හොඳ වැඩක් කියලයි (නි)
අපෝ මෙහෙට නම් ඔහොම ඇඳුම් අන්දවන්න එපා. (නි)
අපිට ඕවා ඕනෑ නැහැ.අපේ රට කොහොමත් පෙරට නිසා ඕවා අපි අදහස් විදියට දාලා තේරුමක් නැහැ. (නි)
මිහින් ලංකා එකට විතරක් නෙමෙයි තව ටික කාලෙකින් ශ්‍රී ලංකන් එකටත් මේකම කරන්න වෙයිද දන්නේ නැහැ. (නි)
එතකොට ගුවන් සේවිකාවෝ මෙහෙම නම් ගුවන් සේවකයෝ අදින්නේ අමුඩයද ? (ස)
පිරිහීමක තරම කියන්නේ මේවාටද? (නි)
ඔය ගුවන්යානයේ ගමන් කරන කාන්තා පක්ෂයටත් පිරිමි දැකලා සතුටු වෙන්න ක්‍රමයක් හදමු නේද? (නි)
අපට හලාල් එපා , අපට ඕනෑ හරාම් . (නි)
මෙවැනි අඩ නිරුවත් සුරූපිනියන් දකිද්දී ගුවන් නියමුවන් අතින් ගුවන් අනතුරු ඇතිවෙන්නෙ නැද්ද? (නි)
මත්තලටත් මේ වගේ දැම්මා නම් මරුනේ.(නදී)
නොක් එයාර් ලංකාවේ දාලා අපේ රටේ ට්‍රැවල් කරන කොල්ලන්ගේ අසහනය නවත්වන්න පුලුවන් වෙයි. මොකද තායිලන්තයේ මේවා සාමාන්‍ය දේවල්. කෙල්ලෙකුට රෑ 2 ට 3ටත් පාරේ ගියෑකි. (නි)
මිහින් එයාර් එකේ කට්ටියට මේ නිල ඇඳුම ඇන්දුවොත් හොඳට තියේවි (නි)
මේ රටවල අපේ මිනිස්සුන්ට වගේ උන්හිටි තැන අහිමි වෙන පිරිමි නැහැ. හේතුව එක එතරම්ම සාමාන්‍යයි. අර අකතාවක් තියෙන්නේ නිතර දකින කුකුලගේ කරමල වගේ කියලා.(නදී)
ලසන්ත ඕකට තමයි කියන්නෙ වයසට යනවා කියලා.අවුරුදු 20- 30 දී දැනෙන හැගීම් වගේ නෙමෙයි 80 පැන්නාම( කාට කාටත් ඔහොම වෙනවා තමයි) (නි)
මාරයි! ඒ කොහෙද? (නදී)
මම නිකමට කල්පනා කරලා බැලුවා අපේ ගුවන් සේවිකාවෝ කොට කලිසම් ඇන්දොත් කොහොමට හිටීවිද කියලා.(නදී)
එපා ලංකාවට එපා.. (ස)
අම්මෝ වැරදිලාවත් මේ පුරුදු අපේ රටට නම් බෝ වෙන්න එපා. (නදී)
හොද වෙලාවට ප්ලයිට් වලට වල් කණ්ණාඩි නැත්තේ. (නි)
මේවා දැක්කහම මිනිස්සුන්ට නිම් හිම් නැහැ.උන් හිටි තැන අමතක වෙනවා. මටත් ඉස්සර මොකද්දෝ වගේ.දැන් නම් කිසි ගානක් නැහැ. (නි)
මිහින් ලංකා එකේ අයටත් මේ නිල ඇදුම අන්දවමුකෝ (නි)
මත්තලටත් අපි මෙහෙම එකක් හදුන්වලා දුන්නොත් නරකද? (නි)