IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කෝටි දෙකක හොර බෙහෙත් ජාවාරම

අද  සමාජයේ  මිනිස්සු  යහමින්  මුදල් ඉපැයීම සඳහා විවිධ දේ  කරති. ඒ අතුරින් ආයුධ ජාවාරම, මත් ද්‍රව්‍ය ජාවාරම සහ ගණිකා ව්‍යාපාරය මුල් තැනක් ගනී. ඒ සියළු ජාවරම් අතරට  අද අලූතෙන් එක් වී ඇත්තේ ඖෂධ ජාවාරමයි. එය කොතෙක් ශ‍්‍රී ලංකාව තුළ ව්‍යාප්තව ඇතිද යන්න සනාථ  කරමින් රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුතු, නීති විරෝධීව ගෙන්වන ලද ඖෂධ තොගයක් පසුගිය බදාදා කටුනායකදී විනාශ කර දැමීමට රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා නියෝග කළේය.

 

අත්අඩංගුවට ගනු ලැබූ  ඖෂධ පරික්ෂා කරන රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී. විජේවීර, රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී සහ ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ සරත් නෝනිස් යන මහත්වරුන් ඇතුළු පිරිස

 

බැලූ බැල්මටම නොපෙනුනත් මෙය අන් සියළු ජාවාරම්වලට වඩා අති භයානකය. එබැවින් මෙය ඉතා සුළු කොට බැහැර කර හැරිය හැකි කරුණක් නොවේ. මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ ඖෂධ නිියාමන පනත මගින් පෞද්ගලික අංශයට ආනයනය කිරීම සපුරා තහනම් කර ඇති  ඖෂධ මෙන්ම මෙරට භාවිතය සඳහා ලියාපදිංචි නොකළ  ඖෂධ වර්ග 57 ක් මේ අතර තිබීමයි.

මෙහි ඇති ඛේදජනකම තත්ත්වය වන්නේ   මෙයින්  බහුතරයක් අපේ අනාගත පරපුර විනාශ කරන අනවසර ගබ්සා මධ්‍යස්ථානවල භාවිතා කරන ගබ්සා කිරීම සහ උපත් පාලනය  සඳහා උපයෝගී කරගන්නා බාල වර්ගයේ ඖෂධ වීමයි. ඒ අතර ඩිපෝ පේ‍්‍රවේරා, රිවෝටි‍්‍රල්,  මිසෝප්‍රොස්ට්, මීපේප‍්‍රීන්, තැලිමයිඩි ආදිය ඇතුළත් වේ.  

මෙහි ඇති  භයානකම සිද්ධිය වන්නේ පාසල් සිසුන් අතර පිළිලයක් සේ ව්‍යාප්ත වී ඇති මත් බෙහෙත් ලෙස භාවිතා  කරන, මානසික රෝගීන්ට ලබා දෙන විවිධ පෙති වර්ග අසූ පන්දහසක්ද ඒ අතර තිබීමය. මීට අමතරව  වකුගඩු බද්ධ කිරීමේදී දෙනු ලබන ප‍්‍රතිශක්තිකරණ ඖෂධ, හෘද රෝගීන්ට ලබා දෙන ඖෂධ  මෙන්ම පිළිකා රෝගීන්ට ලබා දෙන  ඖෂධ ද විය.

මේවායේ ඇති විෂ රසායනික තත්ත්වය පිළිබඳව නොදන්නා මහජනතාව වෙළඳ පොළෙන් මේවා මිලදී ගතහොත් ඉන් සිදුවන හානිය ඉමහත් වේ. මන්දයත් මේ ලබාගන්නා ඖෂධවල නිසි ප‍්‍රමිතිය නැති හෙයින් එහි ගුණාත්මක භාවයක්ද නැති බැවිනි. රෝගියාට සිදුවන්නේ අසනීප  තත්ත්වය සුව වීම කෙසේ වෙතත් තවත් අතුරු ආබාධයක් ඇගට පටවා ගැනීමටය.

ඖෂධ වර්ග නීත්‍යනුකූලව මෙරටට ගෙන්වන්නේ නම් ඒවාට නිසි උෂ්ණත්වය හා ප‍්‍රමිතිය අවශ්‍ය වන අතර බොහෝ විට සමහර මගීහු අනවසර ආකාරයෙන් ගමන් බෑග් තුළ සූක්ෂම ලෙස සඟවා හෝ ශරීරයේ සඟවා ගෙන එනු ලබති. 

අඩු උෂ්ණත්ව තත්ත්ව යටතේ ප‍්‍රවාහනය හා ගබඩා කළ යුතු එවැනි ඖෂධ මෙලෙස  වැරදි ලෙස ගෙන ඒම නිසා අවසානයේ එම ඖෂධවල ක‍්‍රියාකාරිත්වය බරපතල ලෙස දුර්වල වන බව සඳහන් කළ යුතුමය.

වකුගඩු බද්ධ කිරීමේදී ශල්‍යාගාරවල හා දැඩි සත්කාර ඒකක තුළදී පමණක් භාවිතා කරන ඉතා මිල අධික ඖෂධ  කුප්පි තොගයක්ද මෙහි  විය.   මින් එක්  කුප්පියක මිල  රුපියල් එක්ලක්ෂ පනස් දහසක්  පමණ වෙයි. 

 

මෙම ඖෂධ ශල්‍යාගාරවල භාවිතා කරන බැවින්  සුවිශේෂී තත්ත්වයන් යටතේ ප‍්‍රවාහනය හා ගබඩා කිරීම කළ යුතු අතර මෙලෙස  ගමන් මළු තුළ බහා රහසේ ගෙන ඒමේදී එහි ප‍්‍රමිතිය ගැන විශ්වාසයක් තිබිය හැකිද යන්න ගැනද අවධානය යොමු කළ යුතු කාරණාවකි.

අනිත් කාරණාව වන්නේ  මේවා  නීත්‍යානුකූලව ආනයනය කරන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවඳ විලවුන් උපකරණ හා ඖෂධ පිළිබඳ අධිකාරියේ බලපත‍්‍රය සහිතව ලියාපදිංචි වූ ව්‍යාපාරිකයින්ට නිසි ආනයන බලපත‍්‍රයකින් පමණක් ආනයනය කළ යුතු වේ.  ගුවන් තොටුපොළේදී අල්ලා ගන්නා ලද මෙම නීති විරෝධී ඖෂධ සඳහා නිසි බලපත‍්‍රයක් නැතුවා මෙන්ම, නිසි ප‍්‍රමිතියක් ද නැත.

බොහෝ අවස්ථාවල මෙම ඖෂධ රැගෙන විත් තිබුණේ ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙනි. මේවා රැගෙන ඒමට උත්සාහ කොට අත්අඩංගුවට පත් වූවන් අතර ශ‍්‍රී ලාංකිකයෝ මෙන්ම පාකිස්ථාන ජාතිකයෝ සහ ඉන්දියානුවෝද වෙති.  පිරිමින් සේම ගැහැණුන්ද මේ අතර වෙති.

රටේ පුරවැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ මහඟු වගකීම රජය සතු වේ.  ශ‍්‍රී ලංකාව තුළ රජයේ රෝහල්වල හා පෞද්ගලික අංශයේ භාවිතයට අවශ්‍ය ඖෂධ ආනයනය  කිරීම, නියාමනය කිරීම සඳහා ව්‍යවස්ථාපිත ආයතනයක් සහ නීති පද්ධතියක් ඇත. ඒ අනුව රජයේ රෝහල්වල  භාවිතයට අවශ්‍ය ඖෂධ රජයේ ඖෂධ සංස්ථාව මගින් ආනයනය කෙරෙන අතර පෞද්ගලික අංශය සඳහා අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට ඖෂධ නියාමන අධිකාරිය මගින් අවසර ලබා දී ඇති ඖෂධ සමාගම් ගණනාවක් ඇත. 

ඖෂධ නියාමන අධිකාරියේ අවසරයකින් තොරව රට තුළට ඖෂධ ආනයනය කිරීමට, ප‍්‍රවාහනය කිරීමට, ගබඩා කිරීමට හෝ විකිණීමට කිසිවෙකුට නොහැකි අතර එසේ කිරීම 1980 අංක 27 දරණ විලවුන්, උපකරණ හා ඖෂධ අධිකාරි පනතට අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.

 

 

නීතිමය තත්ත්වය එසේ වුවද  දිනපතා අනවසරයෙන් මෙලෙස ඖෂධ මෙරටට ගෙන ඒම මහා  පරිමාණයෙන් සිදුවන බව වාර්ථා වෙයි. ඒ අනුව පෙනී යන්නේ අනවසරයෙන් ඖෂධ මෙරටට ගෙන ඒමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් දීර්ඝ කාලයක් පුරා මෙරට ක‍්‍රියාත්මක වන  බවය. 

රේගු නිලධාරීන්ගේ කැපවීම මත යම් ප‍්‍රමාණයක් මෙලෙස අල්ලා ගත්තද මුහුදු මාර්ග වලින් වන ප‍්‍රවාහනය පිළිබඳව ද බලධාරීන් අවධානය යොමු කළ යුතුය.
 එමෙන්ම මෙම සියළු ඖෂධ වර්ග මෙරට වෙළෙඳපොළේ සිතූ පැතූ මිල ගණන් යටතේ විවිධ ක‍්‍රම වලින් අළෙවි කිරීමට හැකියාව ඇත. මෙහිදී මෙම කූට ව්‍යාපාරිකයින්  යහමින් මුදල් ඉපැයිය හැකි එවැනි ඖෂධ වර්ග පමණක්  තෝරා බේරාගෙන මෙරටට ගෙන ඒමට තරම් සූක්ෂම වී ඇත.

එමෙන්ම  දිනපතා විවිධ ක‍්‍රම අනුගමනය කරමින්  ගමන් මලූ තුළ බහා  හෝ ශරීරයේ සගවාගෙන හෝ මහා පරිමාණයෙන් රට තුළට ගලා ඒම  අතිශයින්  ඛේදජනක කරුණකි.

මෙලෙස ගෙන එනු ලබන ඖෂධ විවිධ ක‍්‍රම  ඔස්සේ මෙරට වෙළෙඳපොළට යාමද අතිශයින් භයානක කරුණකි.  මෙය ගම්පහ සහ කොළඹ දිස්ත‍්‍රික්කවල ව්‍යාප්තව ඇති ආකාරය පිළිබඳව සොයාබැලීමේදී අපට දැනගත හැකි වූයේ කොළඔ දිස්ත‍්‍රික්කයේ මහරගම, නුගේගොඩ, මරදාන, බොරැල්ල, ග‍්‍රෑන්ඞ්පාස්, පානදුර යන ප‍්‍රදේශවලද ගම්පහ දිස්ත‍්‍රික්කයේ  කඩවත, ගම්පහ, නිට්ටඹුව, ජාඇල, වත්තල, මීගමුව වැනි ප‍්‍රදේශවලද හොර රහසේ පවත්වාගෙන යන ගබ්සා මධ්‍යස්ථානවල අවශ්‍යතාවයන් පිරිමසාලීමටද මෙලෙස අනවසරයෙන් ගෙන්වන ගබ්සා පෙති සැපයෙන බවයි.

මීට අමතරව නගරබද ෆාමසි කිහිපයක ද මේවා රුපියල් දසදහසේ සිට රුපියල් තිස්පන්දහස දක්වා අධික මිල ගණන් යටතේ විකිණීමට ඇති බවත් අනාවරණය විය.

මේ සඳහා තැරැව්කරුවෝද පත් කර සිටිති.  ගම්පහ ප‍්‍රදේශයේ ඉතාමත් රහසිගත ලෙස පවත්වාගෙන යන එක්තරා  ගබ්සා මධ්‍යස්ථාන කරා කාන්තාවන් රැගෙන යාමට ප‍්‍රවාහන සේවයක් ද ගම්පහ ප‍්‍රදේශය අවට ක‍්‍රියාත්මක වන බව අපට  දැනගත හැකි විය. 

 

උපත් පාලන එන්නත් කුප්පි

 

සිරිංජර තොගයක්

 

 

මේ සඳහා පළපුරුදු තැරැව්කරුවෝද සිටිති. ගබ්සා මධ්‍යස්ථාන සොයා එන පිරිස් සමග සම්බන්ධතාවයක් ඇති කරගන්නා මෙම තැරැව්කරුවෝ අදාළ කාන්තාව පමණක්  වෑන් රථයකට නංවාගෙන රහසි ගත ස්ථානයට රැගෙන ගොස් ගබ්සාව සිදුකර නැවත බාරකරුවන්ට බාර දෙන සේවාවක් ජාඇල සහ ගම්පහ ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වන බවද දැනගන්නට හැකි විය.

තමන් විවාහවීමට සිටි පෙම්වතා නිසා ගැබ්ගත් එක්තරා රූමත්  තරුණියක් තම පෙම්වතා ද සමග ජාඇල ප‍්‍රදේශයේ ගබ්සා මධ්‍යස්ථානයක් සොයා ගොස් ඇති අතර එහිදී හමු වූ තැරුව්කරුවෙකුගේ මාර්ගයෙන් මෙම වෛද්‍යවරයා මුණගැසී ඇත.

එහිදී පෙම්වතා සමග කතාකොට ගබ්සාව සිදුකිරීමෙන් අනතුරුව එම ස්ථානයටම ආපසු ගෙනවිත් බස්වන බව පවසා  පෙර කී තරුණිය පමණක්  වාහනයට නංවාගෙන ගම්පහ ප‍්‍රදේශයේ යම් ස්ථානයකට පැමිණ ගබ්සාව සිදුකිරීමට පෙර ඇයව දුෂණය කර ඇත. පසුව ගබ්සාවද සිදුකර  ආපසු ජා ඇලට  ගෙනත් ඇරලවීමද සිදුකර ඇත.
 
තැරුව්කරුවන් යොදා ලබාගන්නා ගබ්සාවට පත්කරන තැනැත්තිය පමණක් වෑන් රථයකට නංවාගන්නා මෙම වෛද්‍යවරයා එම වෑන් රථය විවිධ මාර්ග ඔස්සේ වට රවුම් කිහිපයක්  කරකවා  රහසිගත ස්ථානයකදී ගබ්සාව සිදුකර එම රථයෙන්ම ආපසු ගෙනත් බස්වන බවද හෙළිවිය.  මෙලෙස වටරවුම් ගසන්නේ ස්ථානය සොයාගැනීමට නොහැකි වන ලෙසිනි. 

බොහෝ කාන්තාවන් මෙම වෛද්‍යවරයා අතින් දුෂණයට ලක්ව  ඇතත් මෙරට පවතින නීතිමය තත්ත්වය අනුව ඔවුන්ට ඇති ලජ්ජාව සහ පොලිසියට ඇති බිය නිසා මේවා හෙළි නොකරන බවද වාර්ථා විය. 

යක්කල සහ නිට්ටඹුව අතර ඇති තවත් ගබ්සා මධ්‍යාස්ථානයක් ක‍්‍රියාත්මක වන්නේ වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙසිනි.  ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන මෙම ගබ්සා මධ්‍යස්ථානය වෙත දිනපතා ගබ්සාවන් සිදුකරගැනීමට  විශාල පිරිස්  පැමිණෙති. මෙහි සාමාන්‍ය මුදලකට පහසුවෙන් එය කරගත හැකි නිසා ඉතා හොඳ ඉල්ලූමක්  පවතින බවද වාර්ථා විය.

අනිත් භයානකම කාරණය වන්නේ බොහෝ පාසල්  වයසේ පසුවන තරුණයින්ට මත්වීමට ගන්නා පෙති  සැපයීම සඳහා ද තැරැව්කරුවෝ සිටිති. ගනේමුල්ල, ගම්පහ, මීරිගම ප‍්‍රදේශවල මෙම බෙහෙත් පෙත්ත පාසල් දරුවන් අතර බොහෝ ජනප‍්‍රියව ඇත.

පාසල් දරුවන් මෙන්ම හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ තරුණයෝ මෙන්ම කැරෝකේ සමාජ ශාලාවල තරුණ තරුණියෝ ද මෙම බෙහෙත් පෙතිවලට ඇබ්බැහි වී ඇති බව වාර්ථා විය.

මෙම පෙති නිල්ල සොයා, පිස්සු පෙති, ටැබා පෙති වැනි විවිධ නම් වලින් සමාජයේ තරුණයන් අතර ජනප‍්‍රියව ඇත. මෙම පෙත්තක් රුපියල් සියයේ සිට රුපියල් පන්සීය දක්වා වූ මිල ගණන්  යටතේ ගම්පහ අවට අළෙවි වන බවද දැනගන්නට හැකි විය.

මේවා තරුණයන් අතරට පත්කරන  වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින්නෝද, ඔසු සැල්වල සේවය කරන  පුද්ගලයින්ද, ඔසු සැල්ද තැරැුව්කරුවෝද සිටින බව අනාවරණය වී ඇත.

 

 

සමහරුන් මෙම පෙති හෙරොයින්වලට ආදේශකයක් වශයෙන්ද භාවිතා කරති. මෙම ප‍්‍රදේශවල ඉතා හොඳ වෙළෙඳපොළක් සකසා ඇති අයුරුද මේවා භාවිතා කරන තරුණ පිරිස්ගෙන්ම දැනගන්නට හැකි විය.

ප‍්‍රසිද්ධියට පත් නොවුනත් මේවා ඇබ්බැහිවීම නිසා විවිධ අතුරු ආබාධ වලින් දුක්විඳින තරුණයන්  විශාල ප‍්‍රමාණයක් ද හදිසි අනතුරුවලින් මිය ගිය තරුණයන් ප‍්‍රමාණයක් ද සිටින බව සත්‍යකි.  

රටේ ජනතාවගේ සෞඛ්‍ය රැකගැනීමේ මහගු වගකීම රජය සතුවේ. එය රේගුවට පමණක් තනිව කළ හැකි කාර්යයක් නොවේ. මෙම ඖෂධ විනාශ කිරීමට පෙර කටුනායක ගුවන්තොටුපොළේදී රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී. විජේවීර, රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සහ ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් යන මහත්වරුන් පැවසුවේද මහා පරිමාණ ඖෂධ මාෆියාවක් ශ‍්‍රී ලංකාව තුළ සීග‍්‍රයෙන් වර්ධනය වන බවක්  පෙනී යන බවයි.
මෙම තත්ත්වය පාලනය කිරීමට බලධාරීන් වහාම තීරණ ගත යුතුය. එතෙක් රෝගීන්ට සිදුවන්නේ  පුරාණ කාලයේ මෙන් දේශීය ඖෂධයක් තම්බා බී හෝ තම ලෙඩ රෝග සුවකර ගැනීමය. ප‍්‍රමිතියෙන් තොර මෙවැනි බටහිර  ඖෂධ භාවිතා කර තම රෝගය තවත් උත්සන්න කරගන්නවාට වඩා දේශීය ඖෂධයක් ලබාගැනීම මීට වඩා  සුදුසු බැවිණි. 

එබැවින්  මත්කුඩු තරමටම  හිස ඔසවමින් පවතින මෙම ඖෂධ මාෆියාව  නතර කර දැමීමට දැන් කාලය එළැඹ ඇත.   එසේ නොවුනහොත් අනාගතයේ අපට ඉතිරිවන්නේ රෝගී වූ මන්ද බුද්ධික වූ පරම්පරාවක් පමණි.

 

 

සටහන හා ඡායාරූප - ගුවන්තොටුපොළ දීපා අදිකාරි

 



අදහස් (0)

කෝටි දෙකක හොර බෙහෙත් ජාවාරම

බන්දුල-කටාර් Monday, 13 May 2013 01:21 AM

මුළු රටම විනාශ මුඛයට ඇද දමන මෙවැනි ජාවාරම් බය නැතිව කරගන යන්නේ නීතියේ හිදැස් වලින් බේරෙන්න පුළුවන් බව දන්නා නිසා. නමුත් මේවට පිළියම් යොදන්නට වග කිවයුතු අය ඉදිරිපත් නොවන්නේ එයාලටත් මේවගෙන් ලැබෙන ප්‍රතිලාබ අහිමිවෙන නිසා වෙන්න ඇති. රට මෙතරම් විනාසයට තල්ලුකල යුගයක් අපේ ඉතිහාසයේම තිබිල නැහැ. හරිම කණගාටුදායක තත්වයක්.(නදී)

:       0       0

චූලා Tuesday, 14 May 2013 10:25 AM

මිනිසුන්ගේ මුලික අයිතීන් අහුරන නීති රීතිත් වංචාවන් ඇතිකිරීමට හේතුවක් වෙනවා. උදාහරණ ලෙස සිසි 250 අඩු මෝටර් සයිකල් ලංකාවට ගෙනෙන්ට තහනම් වෙලා තිබුන යුගයේ මිනිස්සු කැලි කෑලි ගෙනත් මෙහෙදී හයි කරන දිවුවා. වාහනත් එහෙමයි. බෙහෙත් හා සම්බන්ද තත්වේ මොකද්ද මන් දන්නේ නැහැ. නමුත් මුලික අයිතීන් අහුරන ලංකාවේ අනවශ්‍ය නීති රීති වැඩියි.(නදී)

:       0       0

සරත් Wednesday, 15 May 2013 07:58 AM

ආණ්ඩුවෙත් කව්රුහරි කොහොම හරි ගෑ විලා ඇති.(නදී)

:       0       0

සෙනරත් Monday, 13 May 2013 10:21 PM

අනේ අනේ එතකොට ඔය හරි විදියට ලංකාවට ගේන බෙහෙත් ප්‍රමිතියට අසුරලා ගේනවා ඇති. (නි)

:       0       0

රන්දි Thursday, 16 May 2013 01:02 PM

මමත් විදේශයක වැඩකරන්නේ බෙහෙත් ගබඩාවක. ඇසුරුම් හා ස්ටෝර් අංශයේ. බෙහෙත් ඇනවුම් කලාම විශේෂ බෙහෙත් වර්ග අපට එවන්නේ ගුවනින. විශේෂ ශීතකරණයක දමා අයිස් පැකට් ඇසුරුම් සමග. එම පෙට්ටියෙන් එලියට ගත් වහාම අධි ශීත කරන වලට උෂ්ණත්වය අනුව බෙහෙත් ගබඩා කලයුතුයි. ඇත්තටම මේ බෙහෙත් ගොඩ දකිද්දී මට අපේ රට ගැන කල කිරුනා. මොන පාප කර්මයක් කල මිනිස් ජීවිද මේ අකාලයේ විනාශ වෙන්නේ කියලා. බලධාරීන් ඇයි නොඇසුනා වගේ ජීවත් වෙන්නේ. වරාය සහ ගුවන් තොටුපල කරන සේවයට ගොඩබිමින් නිදහසේ ඉන්න හමුදාව පැය24 යොදවන්න. වැඩි ප්‍රතිපල ලබා ගණ අපේ රට පත්වී ඇති , ඊලග මෙම යුද්දයෙනුත් ජයගන්න හැකිවේවි.(නදී)

:       0       0

දිනේෂ් Sunday, 12 May 2013 09:26 PM

රේගුවේ මහත්වරුන්ට පින් මේ ජාතික ව්‍යසනය හෙළි කලාට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 23 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5616 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 802 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1383 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 124 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 209 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25586 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site