IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කට දෙපැත්තෙන් ලේ පෙරෙන ගෑනු ළමයා

23-page4-S2-6
23-page4-S2-5
 

ලස්සන ගැහැනු ළමයකුට භූතයෙක් වැහිලා ඒ භූතයා ගැහැනු ළමයාගේ ඇඟට ඇතුල් වෙලා ලේ උරා බොද්දි කට දෙපැත්තෙන් ලේ පෙරෙනවා.
පපුවේ හා හිසේ කැක්කුමක් තිබෙන බව පවසමින් පොල්ගහවෙල දිසා රෝහලේ වාට්ටුවක ප‍්‍රතිකාර ලබන දැරිය ගැන රෝහල පුරා පැතිර ගිය මේ කතාව නිසා රෝහල් කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනකුද පසුවූයේ තරමක තිගැස්මකට හා බියකට පත්වය.

රෝහල් වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පවා දැරියගේ කට දෙපැත්තෙන් ලේ වහනය වීම නිසා ඒ බිය දෙගුණ තෙගුණ කිරීමට හේතුවී ඇත.
දැරියගේ කට දෙපැත්තෙන් ලේ වහනය වී තිබෙන බව දුටු වාට්ටුවේ හෙදියෝ මේ බව පොල්ගහවෙල දිසා රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී දොස්තර ජේ.එම්. ජයතිලක මහතාට පවසා තිබේ.

වෛද්‍ය ජයතිලක මහතා දැරිය පරික්ෂා කර බලා ඇතත් මෙසේ කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යාමට හේතු සාධකයක් සොයා ගැනීමට නොහැකිවූ නිසා තවදුරටත් ඇය වාට්ටුවේ නතරකර තැබීමට තීරණය කර ඇත්තේ මෙයට හේතුව සොයා ගැනීමටය.

දැරියගේ කටෙන් වරින් වර හිටි හැටියේ කට දෙපැත්තෙන් ලේ වහනය වූ අතර වාට්ටුවේ හෙදියන් හා කාර්ය මණ්ඩලය පමණක් නොව වාට්ටුවේ සිටි රෝගීන්ද මේ දර්ශනය දැක කිසියම් තැති ගැන්මකට ලක්වී ඇත්තේ මෙය අමනුෂ්‍ය දෝශයක් නිසා සිදුවන බව විශ්වාස කිරීම නිසාය.

name-01මෙය අමනුෂ්‍ය දෝෂයක් හෝ භූත දෝෂයක් නිසා සිදුවන්නක් නොවන බව කල්පනා කළ වාට්ටුවේ හෙදියෝ කිහිපදෙනෙක් මේ හොරය කුමක්ද කියා අල්ලා ගැනීමට සෝදිසියෙන් සිට ඇතත් වරින් වර ඇයගේ කට දෙපැත්තෙන් ලේ වහනයවී ඇත්තේ එම හෙදියන්ද පුදුමයට හා විශ්මයට පත්කරවමිනි.

ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී ජයතිලක මහතා රෝහලේ රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ අයි.එම්. නිශ්ශංක අබේරත්න මහතා සමග සාකච්ඡුා කර මේ අබිරහස සොයාගැනීමට මෙවැනි අද්භූත සිද්ධීන් ගැන දීර්ඝ කාලයක සිට ගවේශණ හා පර්යේෂණවල නියැලී සිටින විද්වතෙකු වන මහනුවර මහ රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

වෛද්‍ය ජනක ජයසූරිය මහතා මේ සම්බන්ධව පර්යේෂණය කිරීමට කැමැත්ත පළකර ඇත.

පොල්ගහවෙල දිසා රෝහල බලා පසුගිය ඉරිදා අප ගියේ ඒ ඉල්ලීමට අනුවය.

වෛද්‍ය ජයතිලක, හෙද සොහොයුරියන් වන පුෂ්පකාන්ති, එච්.ආර්. සාගරිකා සහ රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ නිශ්ශංක යන මහත්ම මහත්මීන් විසින් කැඳවාගෙන ගොස් වරින් වර කට දෙපැත්තෙන් ලේ වහනය වන දැරිය ළඟට කැඳවාගෙන යනු ලැබූහ.

භූත දෝෂයක් නිසා කට දෙපැත්තෙන් ලේ වහනය වන බව කියන දැරිය සමග කතාබහ කළ අතර ඇය එහිදී පැවසුවේ මෙවැනි කතාවකි.

name 02”මා 11 වැනි වසරේ ඉගෙනුම ලබනවා. ඉස්කෝලෙදී පවා මගේ කට දෙපැත්තෙන් ලේ වහනය වීමට පටන්ගත්තා. මුලින්ම නහයෙන් ලේ ආවා ඊට පස්සේ දිගටම කට දෙපැත්තෙන් ලේ ගලන්නට පටන්ගත්තා. එක පාරක් දෙපාරක් වගේ ඇස් දෙකෙන්ද ලේ ගැලූවා. මාස හතරක විතර කාලයක ඉඳලා තමා මේ විදිහට ලේ ගලන්න පටන්ගත්තේ.

ඉස්කෝලේ පන්ති කාමරයේ ඉද්දි පවා මගේ කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යන්න පටන්ගත්තා. ටීචර්ලා කිව්වා මේක හොඳ කරගෙන ඉස්කෝලෙ එන්න කියා. පහුගිය වාරෙම ඉස්කෝලෙ යන්න බැරිව ගියා. සමහර ටීචර්ලාත් කිව්වේ මෙය භූත දෝෂයක් නිසා සිදුවන දෙයක් කියා යැයි” ඇය පැවසුවාය.


වෛද්‍ය ජනක ජයසූරිය - කට දෙපැත්තෙන් මේ විදිහට ලේ ගලාගෙන යන්න කළින් මොනවාගේ දෙයක්ද දැනෙන්නේ?

දැරිය - ”ඇගට ලොකු බරක් වගේ දැනෙනවා. සීතල ගතියකුත් දැනෙනවා. ඊට පස්සේ එක පාරටම කට දෙපැත්තෙන් ලේ ගලනවා. මගේ තාත්තගේ තාත්තා ඒ කියන්නේ මගේ අත්තා අවුරුදු හතරකට විතර කලින් මිය ගියා. අත්තාගේ භූත ආත්මය මගේ ඇඟට ඇතුල්වෙලා තියනවා කියා දේවාලයකින් කිව්වා. අත්තාගේ භූත ආත්මය ඇඟට ඇතුල්වෙලා ලේ උරා බොද්දි මගේ කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යනවා.”

වෛද්‍යවරයා - මොකක්ද දුව ඔය අතේ බැඳගෙන ඉන්න රතුපාට නූල
දැරිය - ”දේවාලයේ කපු මහත්තයා ජීවම් කරපු රතුපාට නූලක් තමා අතේ බැඳගෙන ඉන්නේ. මේ නූල අතේ බැඳගෙන ඉන්නකොට කට දෙපැත්තෙන් ලේ ගලන්නේ නැහැ.

තනියම ඉන්න වෙලාවල්වලට ටොයිලට් එකට ගියාමත් කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යනවා. ගොඩක් කට්ටියක් එක්ක ඉද්දි කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යන්නේ නැහැ” යැයි දැරිය පැවසුවේ වෛද්‍යවරයා ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙය වෛද්‍ය ජනක ජයසූරිය මහතාගේ විශේෂ අවධානයට ලක්වූ කරුණක් විය.

 

හෙද සොහොයුරියක් වන එච්.ආර්. සාගරිකා මහත්මිය මෙසේ පැවසුවාය.

”මේ ගැහැනු ළමයා වාට්ටුවේ ඉද්දි කිහිපවරක්ම එයාගේ කටින් ලේ ගැලූවා. අපි හොඳ සෝදිසියකින් ඈතට වෙලා බලාගෙන හිිටියා. එහෙම ඉද්දිත් ළමයාගේ කටින් ලේ ගලා ගියා. මෙය අපට අදහාගත නොහැකි සිද්ධියක් වුණා.

මියගිය අත්තාගේ භූත ආත්මය ඇඟට ඇතුල්වෙලා ලේ උරා බොන බව දැනෙන බව ඇය මා සමග කීවා. අත්තාගේ භූත ආත්මය ලේ උරා බීලා ඇෙඟන් පිටවෙලා යන්න සූදානම් වෙද්දි කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යන බව ඇයගෙන් ඇහැව්වාම කිව්වා අත්තා තමා සමග තරහවී සිටිය බවත් ඇය පදිංචිවෙලා හිටපු ගෙදර වත්තට ආශාවකින් මියගිය බවත් ඇය මා සමග පැවසුවා යැයි”ද හෙද සොහොයුරි සාගරිකා මහත්මිය පැවසුවාය.

භූත ආත්මයක් ශරීරයට ඇතුළුවී ලේ උරා බීම නිසා කටෙන් ලේ ගලන බව කියන දැරියගේ පියාද රෝහලට පැමිණ සිටි අතර ඔහුගෙන්ද වෛද්‍ය ජනක ජයසූරිය මහතා කරුණු විමසූ අවස්ථාවේ ඔහු මෙසේ කීය.

”මාස තුන හතරක විතර කාලයක ඉඳලා තමා දුවගේ කටෙන් ලේ ගලන්න පටන්ගත්තේ. ඉස්කෝලේ ඉගෙන ගනිද්දිත් කටෙන් ලේ ගලාගෙන ගිහින් තියනවා. මුලින්ම නාසයෙන් ලේ ගලාගෙන ගිහින්. එක් වරක් දෙකක් විතර ඇස් දෙකෙන්ද ලේ ගලාගෙන ගොස් තිබෙනවා. ඊට පස්සේ දිගටම කට දෙපැත්තෙන් ලේ ගලාගෙන යන්නට පටන්ගත්තා.

කුරුණෑගල ඉස්පිරිතාලයට අරන් ගිහින් නැවැත්තුවා. ස්කෑන් කළා එක්ස්රේ පරීක්ෂණ කළා. කිසිම රෝගයක් නොමැති බව දුව පරික්ෂා කළ වෛද්‍යවරුන් කිව්වා. වෛද්‍යවරුන් එහෙම කිව්වේ ස්කෑන් හා එක්ස්රේ වාර්තාද පරික්ෂා කර බලමිනි. දොස්තර මහත්වරුන් එහෙම කිව්වත් ගෙදර ඉද්දි හිටි හැටියේ දුවගේ කටෙන් ලේ ගලාගෙන ගියා. ගෙදරට ගොඩවෙන්න හදද්දි එකපාරටම ඇඟ වෙවුලලා වගේ කටෙන් ලේ ගලන්න පටන්ගත්තා. ඒ තමා මුලින්ම ලේ ගලන්න පටන්ගත්තු දවස.

මෙය භූත දෝෂයක් නිසා සිදුවන දෙයක් බව කල්පනා කරලා දේවාලයකට එක්ක ගිහින් සාත්තුවක් කළා. ජීවම් කරපු රතු පාට නූල දුවගේ අතක බඳින්න කියා කපු මහත්තයා දුන්නා. ඒ නූල අතේ බැඳගෙන ඉද්දි කටෙන් ලේ ගලන්නේ නැහැ.

දවසක් දුව උන්නු ගමන් ගෙදරින් යන්න ගිහින්. අපි කලබල වෙලා දුව හොයාගෙන යද්දි ගමේ මිනි පිට්ටනිය ළඟ ඉන්නවා. එයාගේ කට දෙපැත්තෙන් ලේ ගලා තිබෙන අන්දම දැක්කා. දුව ක්ලාන්තය හැදිලා වැටෙන්න යද්දි අප අල්ලා ගත්තා. කටින් ලේ ගලමින් සිටි දුව පාරේ ගමන් කරන අන්දම ගමේ කිහිපදෙනෙක් දැක ඒ බව පැවසුවා යැයි”ද දැරියගේ පියා පැවසීය.


 

පවුලේ තොරතුරු හෙළිකරමින් ඔහු වෛද්‍යවරයා සමග මෙසේද කීවාය.

”අගහිඟකම් නිසා බිරිඳ මැදපෙරදිග රස්සාවකට ගියා. බිරිඳ රට ගිහින් අවුරුදු හතක් විතර වුනා තවම ලංකාවට ආවේ නැහැ. ඉඳලා හිටලා මගෙත් එක්ක දුවත් එක්ක කතා කරනවා. සල්ලි එවන එකත් අඩුයි. මගේ වැඩ තහනම් කරලා අවුරුදු 1 1/2 ක් විතර වෙනවා. එක පුතෙක් හදිසි අනතුරකට ලක්වෙලා එක්තැන් වෙලා. මේ දුවට හොඳට ඉගෙන ගන්න පුළුවනි. බොහොම අමාරුවෙන් ජීවිතය ගැටගසා ගන්නේ. බොහොම අමාරුවෙන් ජීවිතය ගැට ගසාගනිද්දි තමා දුවට මේ කරදරය වෙන්න පටන්ගත්තේ. බිරියගේ අම්මා තමා දුව රැුකබලාගන්නේ. නැන්දම්මාත් දැන් රෝගාතුර වෙලා. ප‍්‍රශ්න ගොඩක ඉන්නේ.

රස්සාව හදාගන්න වයඹ දැයට කිරුළ පැවති කාලයේ ජනාධිපතිතුමාට ලියුමකින් පැමිණිලි කළා. මේ ගැන පරීක්ෂණයක් කරපු මහත්වරු ලොකු තැන්වලට දැනුම්දීලා රස්සාව හදාගන්න හදන්නේ මෙයා අපිට කිව්ව නම් හදලා දෙනවානේ කියා බැන්නා. තවම රස්සාව ලැබුණේ නැහැ යැයි දැරියගේ පියා පැවසුවේ හැඬූ කඳුළින් යුතුවය.

දවසක් එක පාරටම අතේ බැඳගෙන හිටපු රතු නූල ගැලවී ගියා. ඊට සුළු මොහොතකට පසු දුවගේ කටෙන් ලේ ටිකක් ගලාගෙන ආවා යැයි”ද ඔහු කීවේ අලූතින් වූ  සිද්ධියක් ගැන තොරතුරු හෙළිකරමින්ය.

 

හිටිහැටියේ කටෙන් ලේ ගලාගෙන යන දැරිය ප‍්‍රතිකාර ලබන දැරිය සිටින ඇඳ සමීපයේ රෝගයකට ප‍්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගතව සිටින ආර්.ඒ. ප‍්‍රියන්ති මහත්මිය මේ සම්බන්ධව අප සමග මෙසේ පැවසුවාය.
 

”මේ ළමයා පැත්තකට හැරිලා නිදාගෙන ඉද්දි එක පාරටම එයාගේ කටින් ලේ ගලාගෙන ගියා දැක්කා. රෙද්දක් පොරවාගෙන ඉඳලා ළමයා ඒ පොරෝනය ඉවත් කරද්දි කටෙන් ලේ ගලාගෙන ගොස් තිබෙනවා දැක්කා. මේ අවස්ථා දෙකේදීම නර්ස් නෝනලාට කතා කර දැනුම් දුන්නා.

මේ විදිහට ලේ ගලන්නේ ඇයිද කියා මට හිතාගන්න බැහැ යැයි”ද ප‍්‍රියන්ති මහත්මිය කීවාය.

රෝහල් වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් කිහිපදෙනෙක් කීවේ මෙය භූත දෝෂයක් නිසා සිදුවන දෙයක් බවය.

අතේ බැඳගෙන සිටි රතු පැහැති නූල ගලවා දමන ලෙස වෛද්‍ය ජයසූරිය මහතා කළ ඉල්ලීමකට අවනත වෙමින් ඇය නූල ගලවා දමා ඇඳේ දිගා වූවාය.
දැරියගේ ඇඳ සමීපයේ සිටි ප‍්‍රියන්ති මහත්මියට ඇය ගැන හොඳ සෝදිසියකින් සිටින ලෙස කල්තියා දැනුම්දී තිබූ අතර මෙන්න ළමයාගේ කටෙන් ලේ ආවා යැයි ඇය පැවසුවාය.

වෛද්‍යවරයා දැරියගේ මුඛය හා දිව ද ඉතා හොඳින් පරික්ෂා කර බලා නැවතත් ඇයට ඇඳට වී සිටින ලෙස පවසා හෙද සොහොයුරි පුෂ්පකාන්ති ඇතුළු හෙදියන් සමග කතාබස් කරමින් මේ ගැන කරුණු පැහැදිලි කරදෙමින් සිටිය අතරවාරයේ දැරියට වැසිකිළියට යාමට අවශ්‍ය බව පවසා ඇත.

දැරිය වාට්ටුවේ තිබෙන වැසිකිළියට මුත‍්‍රා කිරීමට ගිය අතර ඇය පිටතට පැමිණෙන තෙක් දොර අසල හෙද සොහොයුරි සාගරිකා මහත්මිය රැුඳී උන්නාය.
දැරිය වැසිකිළියෙන් පිටතට පැමිණියේ කටෙන් ගලා තිබූ ලේ සමගය.

මේ බව හෙද සොහොයුරි සාගරිකා මහත්මිය වෛද්‍ය ජනක ජයසූරිය මහතාට පැවසීමෙන් පසු ඔහු කරන ලද දැනුම්දීමක් මත රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ නිශ්ශංක අබේරත්න මහතා වහා ක‍්‍රියාත්මක වී ඒ ලේ කොටස් රසායනාගාර පරික්ෂණයකට ලක්කිරීම සඳහා ලබාගත්තේය.දැරියගේ කට ප‍්‍රදේශයේ කැටිවී තිබියදී ලබාගත් ලේ රසායනාගාර පරීක්ෂාවකට ඒ මොහොතේම ලක්කර ඒවා බී නෙගටිව් කාණ්ඩයට අයත් බව පැවසීය.

දැරියගේ සිරුරෙන් ද ලේ සාම්පලයක් ලබාගෙන එයද පරික්ෂා කර බලා අබේරත්න මහතා පැවසුවේ එයද බී නෙගටිව් කාණ්ඩයට අයත් බවය.

ලේ සාම්පල් මෙවැනි පරික්ෂාවකට ලක්කරනු ලැබුවේ කටින් පිටව තිබුණේ මිනිස් ලේ ද එසේත් නොමැති නම් වෙනත් වර්ණකයක්ද යන්න ගැන විද්‍යාත්මකව සොයා ගැනීමටය.

දැරියගේ කටෙන් පිටවී ඇත්තේ ඇයගේම ලේ බව සැකහැරගත් පසු කටෙන් මෙසේ ලේ පිටවන්නේ කෙසේද යන්න හෙළිකර ගැනීම වෛද්‍ය ජනක ජයසූරිය මහතා ඉදිරියේ පැවති ඊළඟ අභියෝගය විය.

පැය තුනක පමණ ගවේෂණයකින් පසු දැරියගේ කටෙන් ලේ ගලාගෙන යන රහස හෙළිකර ගැනීමට වෛද්‍යවරයා සමත්විය.
වෛද්‍යවරයා කළ ඒ ගවේෂණය ද මේ සමගම පළකර ඇත.

මෙම සිදුවීම භූත දෝෂයක් අමනුෂ්‍ය දෝෂයක් නිසා සිදුවන්නක් නොවන බව හෙළිකරගත් වෛද්‍යවරයා ඒ කරුණු කාරණා ගැන වෛද්‍ය ජයතිලක මහතාට දැනුම් දුන්නේය.

දැරියගේ කටෙන් ලේ ගැලීමේ අබිරහස හෙළිකරදීම ගැන වෛද්‍ය ජයතිලක මහතා වෛද්‍ය ජයසූරිය මහතාට කෘතඥතාව පළකර සිටියේ අතට අත දීමෙනි.

 

පොල්ගහවෙල දිසා රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී ජේ.එම්. ජයතිලක මහතා මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ කීය.

”කටෙන් ලේ ගලායාම දැනගත් පසු මා දැරියව පරික්ෂා කළා. ලේ ගලාගෙන යන ආකාරය ගැන හෙළිකර ගැනීමට ඇයගෙන් ප‍්‍රශ්න කළත් ඒ ගැන වචනයක්වත් ඇය හෙළිකළේ නැහැ. මියගිය අත්තාගේ ආත්මය සිරුරට ඇතුළුවූ පසු මෙවැන්නක් සිදුවන බව පමණයි ඇය දිගින් දිගටම කීවේ. එතැනින් එහාට කිසිම දෙයක් කිව්වේ නැහැ. දැරියට කිසියම් මානසික ආතතියක් තිබෙන බවක් ඇය හා කළ කතා බහේදී පෙනී ගියා.

කෙසේ වෙතත් මේ ලේ ගලන රහස හෙළිකර ගැනීමේ අවශ්‍යතාව මට තදින්ම දැනුනා. මෙවැනි අද්භූත සිදුවීම් ගැන පර්යේෂණ ගවේෂණයන්හි නිරතව සිටින වෛද්‍ය ජනක ජයසූරිය මහතාට මේ ගැන දැනුම්දීමට තීරණය කර දුරකථන අංකය සොයාගෙන ඔහුට මම කතා කළා. වෛද්‍ය ජයසූරිය මහතා ඔහුගේ වටිනා කාලය කැපකර මේ ගැන පර්යේෂණයක් කිරීමට පැමිණීම ගැන ඔහුට මා ඇතුළු රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයේම ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ වගේ අද්භූත දේවල් ගැන කෙරෙන පර්යේෂණ ගැන ජනතාවට ඇත්ත පහදා දෙමින් දැනුවත් කිරීමේ මහඟු කාර්යක නිරතව සිටින ඉරිදා ලංකාදීපයටත් අපේ විශේෂ ස්තුතිය පුදකරනවා යැයි වෛද්‍ය ජයතිලක මහතා කීය.

මේ දරුවාගේ හිසේ හා පපුවේ කැක්කුමක් තිබෙන බව පවසා රෝහල්ගත කළේ. නළලේ සෙම තිබෙන බව පෙනීගියා. කටින් ලේ ගැලීමක් තිබෙන බව පැවැසූ නිසා රෝගයකට  ප‍්‍රතිකාර ලබාදීමට තීරණය කළා යැයි”ද වෛද්‍ය ජයතිලක මහතා පැවසීය.

වෛද්‍ය ජනක ජයසූරිය මහතා දැරිය සම්බන්ධව පර්යේෂණයක් කර අවශ්‍ය උපදෙස් ඇයට ලබාදී ගිය පසු කටින් ලේ වහනයක් සිදු නොවූ නිසා පසුදින (18* රෝහලෙන් ටිකට් කැපූ බව රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ නිශ්ශංක අබේරත්න මහතා පැවසුවේ වෛද්‍යවරයා කළ මේ කටයුත්ත ගැන හා ඉරිදා ලංකාදීපයට ද විශේෂ ස්තුතියක් පුදකරමිනි.

මනෝ වෛද්‍ය උපදේශකවරයෙක් වන රෝහණ තෙන්නකෝන් මහතාද වෛද්‍ය ජයසූරිය මහතාගේ ගවේෂණය දැක බලාගැනීමට පැමිණ සිටියේය.
භූත යක්ෂ බලවේග වලින් සිදුවනවා යැයි කියන සිදුවීම් සිය ගණනක් ගැන මා පර්යේෂණ කරලා ඒවා එසේ නොවන බව සාධක ඇතුව හෙළිකර ගෙන තිබෙනවා. ඒත් මෙවැනි ආකාරයක සිද්ධියක් ගැන පර්යේෂණයක් කළේ මුල්වතාවට යැයි වෛද්‍ය ජයසූරිය මහතා කීය.

මෙම පර්යේෂණය සාර්ථක කරගැනීමට රෝහලේ හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ලොකු සහායක් ලැබුණා. එයට ඔවුන් සැමටම ස්තුතිය පුදකළ යුතුයි. මේ ගැන මාහට දැනුම්දී පර්යේෂණයක් කිරීමට ආරාධනය කිරීම ගැන වෛද්‍ය ජයතිලක මහතාටත් විශේෂ ස්තුතියක් පුදකළ යුතුව ඇතැයි වෛද්‍ය ජයසූරිය මහතා පවසයි.

දැරියගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට ඔබටත් අත්වැලක් විය හැකිය. යම් උපකාරයක් කළ හැකිය.

 

fech-03-futter


 


 

මෙය ඉතා සුළු මානසික ව්‍යාකූල තත්ත්වයක්


වෛද්‍ය මතය:
janaka-jayasuriyaමේ කථාව දෙස අප මනෝවිද්‍යාත්මක සහ සමාජයීය යන පැතිකඩ දෙකම ඔස්සේ බැලිය යුතු වෙනවා. තමාගේම ශරීරයට තුවාල කර ගැනීම, හිංසා, පීඩා කර ගැනීම හඳුන්වන්නේ DELIBERATE SELF HARM (DSH) නමින්. වයස අවුරුදු 10 ත් 19 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන් අතර මේ තත්ත්වය වඩාත් දැකිය හැකියි. මෙහි විශේෂත්වය නම් මේ අය තම ශරීර අවයවයකට තුවාල කරගැනීම, කෙස් ඇදගැනීම, කපාගැනීම, තියුණු දේවලින් ශරීරයට ඇනගැනීම වැනි දේ කළත් ඒවා කරන්නේ මරණය බලාපොරොත්තුවෙන් නොවීමයි. එනම් ඒවා මරණීය චේතනාවකින් කරන ඒවා නොවේ. මේ තත්ත්වය දරුණු මානසික රෝගයක් නොවේ. බොහෝ අය වෙතින් මානසික රෝග ලක්ෂණයන් දකින්නට ලැබෙන්නේත් නැහැ.

එහෙත් මානසික ආතතිය, පෞරුෂත්වයේ බිඳවැටීම්, විශාදය වැනි තත්ත්ව ඇති අය මඟින් මේ ක‍්‍රියාකාරකම් දිස්විය හැකියි.

මේ දැරිය ඉතා අහිංසක, ගැමි දැරියක්. කිසිවකු රැුවටීමේ, කිසිවකුට බොරුවක් කිරීමේ වුවමනාවක් ඇයට නැහැ. තම වයසට හිමි දයාව, කරුණාව, සෙනෙහස, ආදරය හා අවධානය ආදියේ අඩුවක් ඇති කල්හි  ඕනෑම අයකු ඒවා ලබාගැනීමට කුමක් හෝ කරනවා. ඇතැම් අය ඒවා කරන්නේ ඉතාම අහිංසක චේතනාවකිනි. මේ දැරියත් එසේමයි.

ඇගේ මුවින් රුධිරය වහනය වූ ආකාරය පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩලයේ පවා වූයේ කුකුසකි. ඊට පෙර දින ඇගේ මුව වටා රුධිරය තැවරුණු වහාම වාට්ටුවේ හෙද කාර්ය මණ්ඩලය හෙද සොයුරිය හා වෛද්‍යවරයකු මුල්වී ඇය පරික්ෂා කළත් කිසිදු ”සාධකයක්” හමුනොවූ බව හෙද සොයුරිය අප හා පැවසුවා. මෙය අදෘශ්‍යමාන බලවේගයක් නිසා සිදුවන දෙයක් බවට සැක කරන්න අවශ්‍ය වටපිටාව ඒ වනවිට නිර්මාණය වී තිබුණා.එහෙත් දෙවියන්, යකුන්, භූතයන්, හොල්මන් හා අවතාර ආදිය මිනිසාගේ මනඃකල්පිත නිර්මාණයන් පමණක් නිසා මේ රුධිර වහනය ඇය විසින්ම සවිඥානකව හෝ අවිඥානකව කරන්නක් බව මා අවධාරණය කළා.

අප වාට්ටුවේ සිටියදීත් දෙවතාවක් ඇගේ මුව වටා ලේ තැවරී ගියා. මම ඇය පරික්ෂා කළත් කිසිදු තුවාල වීමක් දක්නට ලැබුනේ නැහැ. ඇගේ මුවවටා තැවරී තිබුණු රුධිරය ඇගේ රුධිර ඝනය හා ගැළපෙන්නේදැයි පරික්ෂා කර බලන ලෙස මා රෝහලේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිශ්ශංක මහතාගෙන් ඉල්ලා සිටි අතර, ඒ රුධිරය ඇගේ රුධිර ඝනය හා ගැළපෙන බැව් ඔහුගේ පරික්ෂාවෙන් තහවුරු වුණා.

අප කාටත් ප‍්‍රශ්නය වූයේ මුව වටා තවරාගැනීමට ඇය රුධිරය ලබාගන්නේ කෙසේද යන්නයි. පියාගේ අවසරය ලබාගෙන ඇයව කෙටි වශීකරණයකට ලක්කළ විට ඇය ඇගේ ‘‘සියලූ තොරතුරු’’ මා හා පැවැසුවා. රුධිරය තැවරීමත් ඒ සමඟම නිමාවුනා.

මා මුලින් සඳහන් කළ අන්දමට ඇය ඉතා අහිංසක දැරියක් බව යළිත් සිහිපත් කළ යුතුයි. ඇයට දැඩි ‘‘නීති රීති’’ වෙනුවට ‘‘දයාබරිත වදන්’’ අවශ්‍යයි. ඇගේ සහෝදරයන් ඇයව පණමෙන් ආරක්ෂා කරන බව ඇත්තක් වුවත් ඇගේ තාරුණ්‍යයේ සිතිවිලි තේරුම් ගැනීමට මව තරම් සුදුසු කෙනෙක් තවත් නැහැ.
ඇය රුධිරය තවරාගන්නේ සිතාමතා නොවෙයි. එය අවිඥානකව සිදුවන්නක්. ඒ නිසා ඇය කපටි හෝ බොරුකාරියක් ලෙස කිසිවිටෙකත් සිතිය යුතු නැහැ. මා සමඟ කරන ලද කතාබහේදී අධ්‍යාපනයට ඇගේ ඇති කැමැත්ත මට පෙනීගියා. සියල්ල අමතක කර ඇගේ අධ්‍යාපන කටයුතුවලට ආධාර කිරීමයි කළ යුතු වන්නේ. එහෙත් ඇගේ පියාගේ රැුකියාව අහිමි වී යාම ඇයට කම්පනයක් ගෙන දී තිබෙනවා. ඔහුට සුදුසු රැුකියාවක් ලබාගැනීමට කිසිවකු ඉදිරිපත් වන්නේ නම් සහ මවගේ ආදරණීය රැුකවරණයක් සේම ආදරය හා කරුණාව ඇයට නොඅඩුව ලැබෙන්නේ නම් ඇය රටට වැඩදායක, උගත් දියණියක් බවට පත්වේවි.

මේ සිදුවීම මෙතනින් අමතක කර දමන්නැයි මා ඇගේ පවුලේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙහිදී දේවාල වල පිහිට පැතීම අනවශ්‍ය බව මා ඇගේ පියාට පහදා දුන්නා. මේ ප‍්‍රශ්නය දුරදිග යන්නට නොදී, ඒ දැරියගේ අනාගතය සුරක්ෂිත කිරීමට දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරී ජයතිලක මහතාත්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිශ්ශංක මහතාත් මැදිහත් වීම ගැන ඔවුනට ස්තුතිවන්ත විය යුතු වෙනවා.
ඊනියා භූතයන් කරනවා යයි කියන මෙවැනි දේ ගැන තොරතුරු ඇතොත් අපට දැනුම් දෙන්න. ඊට විසඳුම් ලබාදෙන්නට අප සූදානම්.



අදහස් (0)

කට දෙපැත්තෙන් ලේ පෙරෙන ගෑනු ළමයා

ගුණසිරි Wednesday, 03 September 2014 02:31 AM

නාඩන් දුව නුඹ නාඩන් (නි)

:       0       0

Hemapala Tuesday, 26 August 2014 05:50 PM

මේවා මිත්‍යා මත (දී)

:       1       0

ඉසුරු Tuesday, 26 August 2014 05:50 PM

මේවා සාමාන්‍ය දේවල් (දී)

:       0       0

මංගල Tuesday, 26 August 2014 05:50 PM

දැන් වෙන වැඩ ඇස් අදහා ගන්න බැහැ (දී)

:       0       0

හේමපාල Tuesday, 26 August 2014 05:48 PM

කට කපා ගන්නවා වෙන්න බැරිද (දී)

:       0       0

හේවගේ Tuesday, 26 August 2014 05:50 PM

මනෝවිද්‍යා ප්‍රශ්නයක් (දී)

:       0       0

ඉශාන් Tuesday, 26 August 2014 05:48 PM

මේක නවත්තන්න විදිහක් නැද්ද (දී)

:       0       0

කුමාර Friday, 05 September 2014 07:58 AM

මෙම රෝගය බොහොම සුළුවට මටත් තිබුනා. මගේ ලේ ගැලුවේ ඇස්වලින්. මෙම රොගය ප්ලීහාව සම්බන්ධව ඇතිවන රෝග තත්වයක් බැවින් ඉතා ඉක්මනින් මේ පිළිබඳ විශේෂ දෙ‍ාස්තර මහතකු ලවා පරීක්ෂා කර ගන්න (නි)

:       0       0

හල්පිට Tuesday, 26 August 2014 05:48 PM

මානසික ව්‍යාකුල තාවයක් (දී)

:       0       0

මිගාර Tuesday, 26 August 2014 05:50 PM

මේ ළමයා පාසල් යන්නේ කොහොමද (දී)

:       0       0

ලංකා Tuesday, 26 August 2014 05:48 PM

ඇත්තටම මේ වගේ ලේ එනවද (දී)

:       0       0

ලංකා Tuesday, 26 August 2014 05:50 PM

මම ඇහුවමයි මේ වගේ දෙයක් (දී)

:       0       0

පියල් Tuesday, 26 August 2014 05:50 PM

අහනකොටත් බය හිතෙනවා (දී)

:       0       0

දොන් Wednesday, 27 August 2014 05:59 AM

මේක මානසික රෝගයක්. මෙවැනි ළමයෙක් ගැන මාත් දන්නවා. දිව හපාගෙන ලේ ගන්නවා. තොවිල් කරලා සේසතම නැති වුණා . පස්සේ මානසික රෝගයක් බව සොයා ගත්ත. දැන් හොදටම හොඳයි (අ)

:       0       0

ධනුෂ්ක Monday, 01 September 2014 08:43 AM

ලෙඩේට හේතුව මොකක්ද එතකොට? (නි)

:       0       0

අතුල Sunday, 31 August 2014 09:50 AM

‍මීට හේතුව මෙහි සඳහන්ය. නැවත කියවා තේරුම්ගන්න (නි)

:       0       0

නදීෂා සඳමාලි Thursday, 28 August 2014 02:20 PM

ලිපිය නොඉවසිල්ලෙන් කියුව ඒ වුණාට මේකේ සඳහන් කරලා නෑ නේ මේ රෝගයට හේතුව.තේරුමක් නැති ලිපියක් කියුව කියල මට හිතුනේ.අපරාදේ මගේ වෙලාව (අ)

:       0       0

සදුනි Tuesday, 26 August 2014 10:48 AM

ජයසූරිය වෛද්‍යතුමා මෙබදු පර්යේෂණයක් නොකරන්නට මේ දැරිය කපටි කපුවන්ගේ කට්ටඩියන්ගේ ගොදුරක්බවට සදහටම පත්වෙන්න තිබුනා. (නදී)

:       0       0

රෝමි Wednesday, 27 August 2014 06:33 AM

ඇය රුධිරය තවරා ගන්නේ කෙසේද යන්න දොස්තර සඳහන් කර නැහැ (අ)

:       0       0

චන්දි Friday, 29 August 2014 10:07 PM

පුලුවන්නම් මේ දැරියගේ මව ඉන්න රටත් ලිපිනයක් හෝ ටෙලිෆෝන් අංකයක් ලබා දෙන්නේ නම් සොයා බලන්න පුළුවන් (දැරියට කරන උදව්වක් වශයෙන් ) (අ)

:       0       0

ප්‍රදීප් Friday, 29 August 2014 06:39 AM

මේක මානසික රෝගයක්ද? (නි)

:       0       0

රජීව Monday, 01 September 2014 10:08 AM

මෙම වාර්තාව ඉතාමත් බුද්ධිමත් ආකාරයට පුවත් පතේ පළකර තිබෙනවා. (ස)

:       0       0

ප්‍රියංකා Friday, 29 August 2014 08:00 AM

ලිපිය නොඉවසිල්ලෙන් කියෙව්වා. ඒ වුණාට මේකේ සඳහන් කරලා නෑ නේ මේ රෝගයට හේතුව. තේරුමක් නැති ලිපියක් කියෙව්වා කියලයි මට හිතුනේ. අපරාදේ මගේ වෙලාව (නදී)

:       0       0

බෝපේ Tuesday, 26 August 2014 12:33 PM

කෝ ලේ තවරා ගන්න ආකාරය පවසා නැහැ .(නදී)

:       0       0

අජිත් Wednesday, 03 September 2014 07:14 AM

ඉතා සීරුවෙන් හෙළිදරව් කරගන්නා ලද සත්‍යයට වෛද්‍ය ජනක ජයසුරිය මහතාට අප සියල්ලන්ගේම ගෞරවය! (නි)

:       0       0

විජයසිරි Friday, 19 September 2014 06:47 AM

මෙවැනි මිත්‍යා මත පිළිබඳව මහජනයා දැන්වත් කර සත්‍ය පහදාදිය යුතුයි. මෙයද එවැනි අවස්ථාවකි. (නි)

:       0       0

වරුණ කුමාර Wednesday, 03 September 2014 08:06 AM

ලිපිය නොතේරෙන අයට උත්තරය ධම්ම දීල තියනවා. මට කියන්න තියෙන්නේ මේවගේ දේවල් රෝහලකින්ම විසදාගන්න උත්සහ කරන්න (නදී)

:       0       0

සඳුනි Thursday, 28 August 2014 07:28 AM

මේ දියණිය කපටි කට්ටඬියන්ගේ කපුවන්ගේ ගොදුරක් වීමට පෙර බේරාගත් වෛද්‍යතුමාට පින්. (අ)

:       0       0

ධම්ම Saturday, 30 August 2014 11:03 AM

මේ ලිපිය නොතේරුණු අය නැවත නැවත කියවන්න. එවිට තේරේවි වෛද්‍යතුමා මනා සංවරයෙන් පැහැදිලි කළ කාරණාව. එය නැවත පාරේ භාෂාවෙන් කිව යුතු නැත.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4939 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 672 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1247 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 111 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 198 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 266 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site