IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


කොටි වධකාගාරවල දසවධ ගැන කොටි සැකකරුවෙක් කියන කතා

 

 

 

කොටි සංවිධානය ක‍්‍රියාත්මකව පැවැති සමයේ විදේශයකට පලාගොස් සිටි ‘තම්බි’ නමැති කොටි ත‍්‍රස්තවාදියකු හොර රහසේ නැවත මෙරටට පැමිණි සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ ත‍්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසයේ ටී.අයි.ඞී. පොලිස් කණ්ඩායමක් විසිනි.

අත්අඩංගුවට ගත් ‘තම්බි’ නමැති මෙම කොටි ත‍්‍රස්තවාදියා රැුඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන දිගින් දිගටම ප‍්‍රශ්න කිරීමේදී අහස පොළොව නුහුලන අතිශය බිහිසුණු සමූහ මිනිස් ඝාතනයක සුල මුල හෙළිකර ගැනීමට ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමට හැකි වී ඇත.

මුලතිව් ඔඞ්ඩුසුඩාන් මහ කැලෑවේදී සාමාන්‍ය වැසියන් 85 දෙනකු අමු අමුවේ වෙඩි තබා මරා දැමීමට අමතරව ගල්කිස්ස ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය ස්ථානාධිපති ටී. ජෙයරත්නම් මහතා සහ හමුදා බුද්ධි අංශයේ නායකයෙක් වූ ලකී මහතා ඝාතනය කිරීම ගැන ද තොරතුරු මොහුගෙන් ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන සිටි ‘තම්බි’ නමැති කොටි ත‍්‍රස්තවාදියාගෙන් තව දුරටත් ප‍්‍රශ්න කිරීමේදී හෙලි වූ තොරතුරු මත මෙම මහා මිනිස් ඝාතනයේ ප‍්‍රධාන සැකකරු ලෙස සැලකෙන ප‍්‍රබල කොටි නායකයෙක් ඇතුළු තිදෙනෙක් ද කොළඹ ත‍්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මොවුන් හතර දෙනාම එවක කොටි  පාලනය යටතේ පැවැති ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

වධකාගාරවල රඳවා සිටි සාමාන්‍ය ජනයා අතරේ සංවිධානයට එරෙහි ද්‍රවිඩ දේශපාලන පක්‍ෂවල ප‍්‍රබල ක‍්‍රියාකාරින් සහ සාමාජිකයින්ද සිට ඇත.
වැඩියෙන්ම වධබන්ධනවලට ලක්ව ඇතැයි කියන්නේ මොවුන්ය.

අත්අඩංගුවට ගත් කොටි නායකයා එවකට මුලතිව් පුදුකුඩිරිප්පු වල්ලිපුරම් ප‍්‍රදේශයේ පිහිටි ඇල්ෆා 2 සහ ඇල්ෆා 5 යන කොටි කඳවුරු සංකීර්ණයේ නායකයාය.

සාමාන්‍යයෙන් 85 දෙනෙකු රඳවා ඇත්තේ මෙම කොටි කඳවුරු සංකීර්ණයේ පිහිටි වධකාගාරවල බවට තොරතුරු අනාවරණය වී ඇත.
මේ අය අතර වවුනියාව පොලිසියේ සේවය කර ඇති පොලිස් කොස්තාපල්වරයෙක්ද සිට තිබේ.

කොටි සංවිධානයේ ක‍්‍රියාකලාපයන් විවේචනය කිරීම, ඔත්තු සැපයීම සහ කප්පම් මුදල් නොගෙවීම යන චෝදනා යටතේ මෙම සාමාන්‍ය වැසියන් 85 දෙනා වරින්වර අල්ලාගෙන ඇවිත් වධකාගාරවල රඳවා තබා සිට ඇත්තේ දෙපාවලට විලංගු දමාය.

හරිහැටි වාතාශ‍්‍රයක් නැති, හිරු එලිය නොවැටෙන අඳුරු සිර මැදිරිවල රඳවා සිට ඇති මොවුන් එළියට ගන්නේ ශරීර කෘත්‍යයකර ගැනීමට පමණකි.

එක් අයෙක් රඳවා තබා ගැනීමේ හැකියාවක් ඇති සිර කුටියකට දෙතුන් දෙනෙක් රඳවා තබා ඇති නිසා ඔවුන්ව හැරෙන්නවත් හැකියාවක් නොමැතිව ඇත.
දිනකට බීමට දෙන්නේ වතුර වීදුරු තුනක් පමණකි. ඊට පසු තිබහට වතුර ඉල්ලූවත් වතුර පොදක් ලැබෙන්නේ නැත.

හරිහැටි කුස පිරෙන්න කෑමක් පවා ලැබී නොමැති අතර කෑමට අවස්ථා දෙකක් දී ඇත්තේ සතියකට වතාවක් පමණකි.

වධකාගාරවල රඳවා සිටි මේ සාමාන්‍ය වැසියන් 85 දෙනා අතරින් බොහෝ දෙනකු දද, කුෂ්ට වැනි විවිධ රෝගාබාධවලට ගොදුරු වී සිට ඇති අතර තවත් සමහරුන්ගේ දෑස් නොපෙනී ඇත්තේ දිගු කාලයක් නිසි හිරු එළියක් නොලැබීම නිසාය.

මේ සියලූ දෙනා යාන්තමට පණ කෙන්ද රැුකගෙන සිටියේ ලැබෙන සොච්චම් ආහාරවලට පින්සිදුවන්නටය.

මේ තොරතුරු සියල්ලක්ම අනාවරණය වී ඇත්තේ පොලිස් පරීක්‍ෂක ජයරත්නට, හමුදා කපිතාන් සහ සාමාන්‍ය වැසියන් 85 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කොටි ත‍්‍රස්තයින් හතර දෙනා ගෙන් කරන ලද  ප‍්‍රශ්න කිරීම්වලදීය.

මොවුන් සාමාන්‍ය වැසියන් ලෙස ජීවත් වෙමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබිණි.

මෙම කඳවුරු සංකීර්ණයේ පිහිටි වධකාගාරවල රඳවා සිටි සාමාන්‍ය වැසියන් 85 දෙනා වෙඩි තබා ඝාතනයකර ඇත්තේ අවස්ථා දෙකකදී බවට තොරතුරු පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා පවසයි.

වධකාගාරවල රඳවා සිටි මෙම සාමාන්‍ය වැසියන් පිරිස වෙඩි තබා ඝාතනයකර ඇත්තේ 2006 මැයි සහ ජූලි යන මාසවලදී බව ද පොලිස් අධිකාරි සිරිවර්ධන මහතා කියයි.

බස් රථයක සහ ලොරි රථයක පටවාගෙන විශ්වමඩු ප‍්‍රදේශයේ කැලෑවකට රැගෙන ගොස්  වෙඩි තබා මරා දමා ඇති අතර මෙසේ අත්අඩංගුවට ගත් හතර දෙනා අතර එක් රථයක් පදවාගෙන ගිය රියැදුරෙක් ද සිටියි.

කඳවුරේ රඳවා සිටි 85 දෙනා සම්බන්ධයෙන් වෙනම ලිපි ගොනු පවත්වා ගෙන යන අතර ඒවායේ ඔවුනට එරෙහිව ඇති චෝදනා ඇතුළු සවිස්තර තොරතුරු ඇතුළත් කර තිබේ.

කොටි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් සහ අභ්‍යන්තර බුද්ධි අංශ නායකයා ඇතුළු ඉහළ පෙළේ නායකයන් මෙම පිරිස ගෙන් ප‍්‍රශ්න කිරීම හා ඔවුන්ට ලබාදෙන වධබන්ධන ගැන තීරණය කරන බව අල්ලාගත් කොටි හතර දෙනා පොලිස් ප‍්‍රශ්න කිරීම් වලදී හෙළිකර ඇත.

‘‘කොටි නායකයාව සිටි ප‍්‍රභාකරන්ගේ නියෝගයක් අනුව බුද්ධි අංශ නායකයාව සිටි පොට්ටු අම්මාන්ට ලැබී තිබුණා. ඒ නියෝගය අනුව කඳවුරු සංකීර්ණයේ රඳවා සිටින අයගේ ෆයිල් එවා තිබුණා. එම ෆයිල්වල වෙනවෙනම සටහන් කර තිබුණා නම සඳහන්කර මේ අය ඉවත් කරන්න කියා. ඉවත් කරන්න කියන එකෙන් කියවුණේ මරා දමන්න කියන එක’’ යැයි අත්අඩංගුවේ පසුවන කොටිනායකයා පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ.

අත්අඩංගුවට පත් කොටි නායකයා පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ මෙසේද පවසා ඇත.

ඉහළින් නියෝගය ලැබුණයින් පස්සේ යකඩ දම්වැල් දමා ඇස් බැඳලා සාමාන්‍ය වැසියන් 25 දෙනකු පමණ ලොරියක පටවාගෙන ඔඞ්ඩුසුඩාන් ප‍්‍රදේශයේ කැලෑවකට අරන් ගියා. අපි මේ කොහේද අරන් යන්නේ කියා ඔවුන් හඬාවැටෙමින් ඇසුවා. සමහර විට මරන්න අරන් යනවා කියා ඔවුන්ට තේරුම් යන්ට ඇති. අහපු ඒ ප‍්‍රශ්නයට පිළිතුරු දෙන්න ගියේ නැහැ.

ලොකු දර ගොඩක් කල් ඇතිව ගොඩගසා තිබුණා. ඒ දර ගොඩ වටේ කට්ටිය හිටෙව්වා. පස්සේ දර ගොඩට පෙට‍්‍රල් දමා ගිනි තිබ්බා. ඒ එක්කම දිගට හරහට වෙඩි තිබ්බා. වෙනත් කොටි කණ්ඩායමක් තමා වෙඩි තිබ්බේ. වෙඩි කෑ පුද්ගලයන් ගිනි ගොඩට ඇඳගෙන වැටුණා. මර ළතෝනි දෙමින් ඒ මිනිස්සු පිළිස්සී අඟුරු බවට පත් වුණා. සෑහෙන වෙලාවකින් සියලූ දෙනා අළු බවට පත් වුණා. 30 දෙනාටම වෙඩි තිබ්බෙ 2006 මැයි මාසයේ දිනකයි.

ඒ වසරේම ජූලි මාසයේ දිනක ලොරියක සාමාන්‍ය වැසියන් 20 දෙනෙක් ද රෝසා වර්ගයේ බස් රථයක 40 දෙනෙක්ද පටවාගෙන ඔඞ්ඩුසුඩාන් කැලෑවට ගෙන ගොස් අර විදිහට වෙඩි තබා සිරුරු පුළුස්සා දැමුවා.

කිසිම හිතක් පපුවක් නොමැතිව සාමාන්‍ය වැසියන්ට කොටි වෙඩි තබා ඇත්තේ ඔවුන් ජීවිත දානය ඉල්ලා මර හඬ දෙද්දී ය.

ජීවිත දානය ඉල්ලා කෑ ගැසූ ඔවුන්ට ලැබුණේ වෙඩි උණ්ඩ ය. කොටි සාමාන්‍ය වැසියන්ට වෙඩි තබා ඇත්තේ ඔවුන් ගේ හිස් ඉලක්ක කර ගනිමින්ය.
වෙඩි වැදුණත් නොවැදුණ ඇතමුන් බුර බුරා නගන ගිනි මැලයට ඇද වැටී පිළිස්සී ඇත්තේ පණපිටින්මය

මේ බිහිසුණු සමූහ මිනිස් ඝාතනවලට සම්බන්ධ තවත් කොටි ත‍්‍රස්තයන් කිහිප දෙනකු අල්ලා ගැනීමට ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාස සොයන අතර මේ අතරින් එක් කොටියෙක් රටින් පලාගොස් ඇත.

ගල්කිස්ස ත‍්‍රස්තවාදී විමර්ශන අංශයේ නියෝජ්‍ය ස්ථානාධිපතිවරයාව සිටි ටී. ජෙයරත්නම් මහතා කොළඹ සිට පැහැරගෙන ගොස් ඝාතනය කළ ආකාරයද මෙම කොටින්ගේ ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය කර ගැනීමට ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාස පොලිස් නිලධාරින්ට හැකි වී තිබේ.

කොටි ත‍්‍රස්තවාදීන් උපක‍්‍රමශීලි ලෙස ජෙයරත්නව පැහැරගෙන යන විට ඔහු සේවය කරමින් සිටියේ පොලිස් ක්‍ෂේත‍්‍ර බළකා මූලස්ථානයේය.

පොලිස් පරීක්‍ෂක ජෙයරත්නම් මහතාට බිරිඳ සරලාට සහ දරු දෙදෙනාටද ගල්කිස්සේ සුපිරි හෝටලයක රාත‍්‍රි කෑමකට ආරාධනා ලැබී ඇත්තේ ඔහුගේ හොඳම මිතුරාගෙනි.

සුපිරි හෝටලයට ගොස් රාත‍්‍රි ආහාරය ගැනීමෙන් පසු බිරිඳ සහ දරු දෙදෙනා කලින් පිටත්කර හැර ඇත්තේ ජෙයරත්නම්ගේ මිතුරා කළ ඉල්ලීමක් නිසාය.
සුපිරි හෝටලයේ මේ සාදය පැවැත්වුණේ 2005 වසරේ අපේ‍්‍රල් මස 21 වැනිදාය.

 

 

මධුවිත ගෙන වෙරි වූ පසු ජෙයරත්නම්ව වෑන් එකක පටවාගෙන කල්පිටිය දක්වා රැගෙන ගොස් එතැන් සිට බෝට්ටුවක පටවාගෙන කෙළින්ම රැුගෙන ගියේ මන්නාරමේ එවකට කොටි පාලනය යටතේ පැවති වෙඩිතලතිව් ප‍්‍රදේශයටය.

එතැන් සිට පැජරෝ ජීප් රථයක නංවාගත් ජෙයරත්නම් කිලිනොච්චිය ප‍්‍රදේශයේ කොටි වධකාගාරයට රැගෙන ගොස් රඳවා දැඩි වධහිංසා පමුණුවමින් ප‍්‍රශ්න කර ඇත.

පොලිස් පරීක්‍ෂක ජෙයරත්නම් කොටින්ට මහත් හිසරදයක්ව සිටි පොලිස් නිලධාරියෙකි.

ජෙයරත්නම් මහතා කොටි සමග බද්ධ වෛරයකින් පසු වූයේ ඔහුගේ සහෝදරයකු වන ජේ. ජෙයරත්නම් කොටි වෙඩි තබා ඝාතනය කිරීම නිසාය.
පොලිස් කොස්තාපල්වරයකුව සිටි ජේ. ජෙයරත්නම් මහතා යාපනයේදී 1990 වසරේදී ඝාතනය කිරීමත් සමගම ඔහු වෙනදාටත් වඩා කොටින්ට එරෙහිව කළ සටන වේගවත් කර ඇත.

පොලිස් පරීක්‍ෂක ජෙයරත්නම් සමග කොටින් බද්ධ වෛරයකින් පසු වූයේ කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල ප‍්‍රචණ්ඩකි‍්‍රයා සිදු කිරීමට පැමිණි කොටි ත‍්‍රස්තවාදීන් බුරුතු පිටින් අවි ආයුධ හා බෝම්බ ද තොග සමග අල්ලා ගැනීමට කටයුතු කර තිබූ නිසාය.

කොටි වධකාගාරයක රඳවා සිටි ජෙයරත්නම් මාරාන්තික උපවාසයක් ද කර ඇති අතර වරක් ඔහු පලා යාමට තැත්කිරීමේදී කොටින්ට කොටු වී ඇත.
කොටින් පසුව ජෙයරත්නම්ගේ හිසට වෙඩි තබා ඝාතනය කර ඇති අතර පසුව හමුදා කැප්ටන්වරයෙක්ව සිටි ලකී මහතා ද වෙඩි තබා ඝාතනය කර ඇත.
ඇතැම් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ මෙරට සිටින ඇතැම් දේශපාලනඥයින් කොටි සංවිධානය දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිය බව ජාත්‍යන්තර ප‍්‍රජාවට ඒත්තු ගැන්වීමට ලොකු උත්සාහයක අදටත් නිරතව සිටින්නේ මෙවැනි ම්ලේච්ඡු ඝාතන ගැන වචනයක්වත් කතා නොකරමින්ය.

දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියමින් කොටින් අමු අමුවේ ඝාතනය කරනු ලැබුවේ ඔවුන්ගේම ජාතියේ 85 දෙනෙකි.
කොටින්ට අදටත් ආවඩන ඇතැම් දෙමළ දේශපාලනඥයන්ට දෙමළ ඩයස්පෝරාවට කීමට ඇත්තේ කුමක්ද? යන්න කාටත් ඇති ලොකු ප‍්‍රශ්නයකි.
ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරින් මේ මිනිස් ඝාතන ගැන තොරතුරු හෙළිකරමින් ඉටුකර ඇත්තේ ජාතික වගකීමකි.

 

 

කොටි හිතවාදින් අපේ රට ගැන රණවිරුවන් ගැන විදේශයන්හි බොරු ප‍්‍රචාර අදටත් ගෙන යන අතර ඒවාට පිළිතුරු දීමට කොටින්ගේ මෙවැනි ම්ලේච්ඡ මිනිස් ඝාතන ඒ රටවලද ප‍්‍රචාරය කළ යුතුයි.

ත‍්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් සමූහ මිනිස් ඝාතන ගැන තොරතුරු හෙළිකරගෙන ඇත්තේ දිවා රාත‍්‍රි නොබලා කැපවීමකින් කරන ලද පරීක්‍ෂණවල ප‍්‍රතිඵලයක් වශයෙනි.


 

ශ‍්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය

 



අදහස් (0)

කොටි වධකාගාරවල දසවධ ගැන කොටි සැකකරුවෙක් කියන කතා

රේණුක Saturday, 17 August 2013 12:06 PM

මිනිසත් බව ලබා ගන්න කොතරම් පින් කරන්න ඕන ද. ඒ අසරණ මිනිසුන් ට තෙරුවන් සරණයි. නොදන්නා ඔබලා වෙනුවෙන් නෙත අගට කදුලක් ආවා.(නදී) .

:       0       0

නෙවිල් Monday, 19 August 2013 10:30 AM

කෝ මේ අදහස් පළ කරන කට්ටිය,ආණ්ඩුවෙන් මොනවා හරි වුණා නම් මේ වෙනකොට පිරෙන්ට දාලා,ඇයි කොටි කරපු හින්දද සද්ද නැතුව ඉන්නේ ?(ස)

:       0       0

චන්දා Sunday, 11 August 2013 06:02 PM

දනිමි හැදිනෙමි... (නි)

:       0       0

අසේල Saturday, 17 August 2013 01:21 PM

රතුපස්ස්වල වතුර ඉල්ලපු උදවියට සැලකුවෙත් මේ විදියටම නේද? දෙගොල්ලන්ගෙන් කව්ද වෙනස් කියල කියන්න පුලුවනිද?(නදී)

:       0       0

පියල් Tuesday, 20 August 2013 08:15 AM

මෙන්න නියම කතා... (නි)

:       0       0

මධුෂාන් Friday, 16 August 2013 11:31 AM

ඒ වගේම එයාලටත් හම්බ වුණා... (ස)

:       0       0

මහේෂ් Friday, 16 August 2013 01:15 PM

ඔය එකක් විතරයි. කරපු පව් තව තිබෙනවා (නි)

:       0       0

ධම්ම Monday, 12 August 2013 04:48 PM

මේවා කියවන විටයි ගොඩක් දේවල් අපිට තේරෙන්නේ (නි)

:       0       0

දොන් Sunday, 18 August 2013 04:51 AM

මේවා එලියට එන එක බොහොම හොදා.. මේවා ඉංග්‍රීසි පත්තරේ වැටෙන්නේ නැති එක තමා දුක. (නදී)

:       0       0

Asela Sunday, 18 August 2013 04:55 AM

මෙම කොටි ත්‍රස්තවාදීන්ගේ ඝාතන විස්තර සිංහලෙන් පළකිරීමෙන් වැඩක් නැහැ. එම නිසා මේ විස්තර ඉංගිරිසියෙන් පළකර විදේශ තානාපති කාර්යාල වලට යවන්න වැඩ පිළිවෙලක් සකස්කළ යුතුයි. එසේ කිරීමෙන් කොටි ඩයස් පෝරාව ගෙන යන බොරු ප්‍රචාර උඩ අපරාද චෝදනා පරාජය කල හැකිය.(නදී)

:       0       0

දොන් Sunday, 18 August 2013 05:04 AM

අසේල, මෝඩ පටු දේශපාලනයට රැවටෙන්න එපා. අපේ රට බේරපු හමුදාවට නිග්‍රහ කිරීමෙන් වලකිනු. කොටින්ට සුදු හුණු ගාණ නිවටයෙක් නොවෙනු. කවුරු අතරින් වැරදි වුවත් වතුර සම්බන්දයෙන් ඇති වූ ප්‍රශ්නය සහ කොටි මිනී මරුවන් කාරණා දෙකක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 221 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 44 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 88 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 180 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 226 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 872 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 499 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site