නිග්‍රෝධාරාම විහාරස්ථානය පිහිටා ඇත්තේ කොට්ටාව-හොරහේන පාරේය.
ඕනෑම කෙනකුගේ සිත් සතන් නිවන රමණීය භූමි භාගයක පිහිටි මේ පින් බිමට වසර 125ක එහා ගිය ඉතිහාසයක් ඇත.
නිග්‍රෝධාරාම විහාරස්ථානය ගල උඩ පන්සල ලෙස ද ප්‍රසිද්ධියට පත්ව තිබේ.
මේ විහාරස්ථානයේ විහාරාධිපති ධුරය හොබවන්නේ 94 හැවිරිදි වියේ පමණ පසු වන තුම්බෝවිල අරියනන්ද හිමියෝය. උන්වහන්සේ සුපේෂණ ශික්ෂාකාමී හිමිනමකි.
විහාරස්ථානයට හිමිදිරි උදේම පැමිණ බෝ මළුව ඇමදා මල් පහන් පූජා කර බුදුන් වැඳ ගිලන්ව සිටින අරියනන්ද හිමියන්ගේ ද සුවදුක් සොයා බලාගෙන කාලයක් තිස්සේ බී.එච්. සිරිසේන උපාසක මහතා පුරුද්දක් වශයෙන් කරගෙන යන අයෙකි.
බෝ මළුව වටා යමින් බෝධිය වන්දනාමාන කෙරෙන අතරවාරයේ සිරිසේන උපාසක මහතා දුටු දෙයක් ඔහු මොහොතක් වෙලා ගල් ගැසී ඒ දෙස බලා සිට ඇත.
බෝ මළුවේ සුදෝ සුදුවන් වැලි තලාවේ අසාමාන්‍ය පා සලකුණු දෙකක් සටහන්ව ඇති අයුරු දැකීම නිසා සිරිසේන උපාසක මහතා විශ්මයට පත්ව ඒ දෙස මොහොතක් බලා සිට බෝ මළුවේ බුදුන් වඳිමින් සිටි තවත් උපාසක මහත්මයකුට හා උපාසිකාවකට කතා කර ඇත.
වැල්ලේ බොහෝ පැහැදිලිව සටහන්ව තිබූ ඒ අසාමාන්‍ය අද්භූත පා සලකුණු දෙක උපාසක මහත්මයාට හා උපාසිකාවට ද පෙන්වීමෙන් පසු ඔවුන් ද එය දැක පුදුමයෙනුත් පුදුමයට පත්ව කට අයාගෙන ඒ දෙස ඇස් පිය නොසොල්වා බලා සිට තිබේ.
පියල් විජේරත්න |
නිග්‍රෝධාරාම විහාරස්ථානයේ බෝ මළුවේ සාමාන්‍ය පුද්ගලයකුගේ පා සලකුණුවලට වඩා ලොකු පා සලකුණු දෙකක් සටහන්ව ඇති බවත් එය දැක බලා ගැනීමට පිරිස් දිවා රෑ දෙකේ පැමිණෙමින් සිටින බවටත් දැන ගැනීමට ලැබී ඒ ගැන තොරතුරු සොයා බැලීමට පසුගිය 3 වැනිදා ඉරුදා සවස් යාමයේ අපි එහි ගියෙමු.
නිග්‍රෝධාරාම විහාරස්ථානයේ බෝ මළුවේ සටහන්ව ඇති ඒ අද්භූත අසාමාන්‍ය පා සලකුණු දෙක සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ගිය මේ ගමනට අපත් සමග ගලගෙදර දිසා රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතා ද එක් විය.
වෛද්‍ය ජනක ජයසූරිය මහතා අද්භූත සිදුවීම් සම්බන්ධයෙන් විද්‍යාත්මක ගවේෂණයක් ජනතාවට එම දේ ගැන ඇත්ත ඇති සැටියෙන් පහදා දෙන විද්වතෙකි.
බෝ මළුවේ ඇති ඒ අසාමාන්‍ය පා සලකුණු වටේ ගල් කැට තබා ඒ මතින් වීදුරු කැබලි දෙකක් තබා දායකයින් පිරිසක් එය ආරක්ෂා කර ඇත.
ඒ අද්භූත පා සලකුණු දෙක එසේ ආරක්ෂා කර ඇත්තේ අනෙක් අයට පෑගී ඒ සලකුණු මැකී යාමෙන් වළක්වා ගැනීම සඳහා බව ඩැනියෙල් මහතා අප සමග පැවසීය.
අප එහි ගත කළ කාලය ඇතුළත වරින් වර පිරිස් මේ අද්භූත අසාමාන්‍ය පා සලකුණු දැක බලා ගැනීම සඳහා එහි පැමිණෙන අයුරු දක්නට ලැබිණි.
ඇතැමුන් මේ බෝ මළුබෝ සටහන්ව ඇති දෙවි කෙනකුගේ පා සලකුණු යැයි සිතා දොහොත් තබා ඒ පා සලකුණුවලට බොහෝ බැති බර සිතින් වඳින අයුරු ද අපට දැක ගැනීමට හැකි විය.
බී.එච්. සිරිසේන |
වෛද්‍ය ජනක ජයසූරිය මහතා ඒ අද්භූත පා සලකුණු බොහෝ වේලාවක් තියුණු හා සූක්ෂ්ම ලෙස පරීක්ෂාවට ලක් කර එවා බැලූවේය.
ඒ එක් පා සලකුණක දිග අඟල් 18ක් පමණ බව ඒවා මැන බැලීමේ දී හෙළි විය.
වෛද්‍යවරයා මේ සම්බන්ධව කරන ලද සොයා බැලීම්වල දී හෙළි කරගත් කරුණු කාරණා ගැන විද්‍යාත්මක විග්‍රහයක් වෙනම පළ කරන නිසා ඒ ගැන මෙහි දී කිසිවක් නොපවසමි.
බෝ මළුවේ තවත් එවැනිම අසාමාන්‍ය පා සලකුණු දෙකක් සටහන්ව තිබූ බවත් ඒ අවස්ථාවේ අදෘශ්‍යමාන කෙනෙක් ගමන් කර ඇති බවත් ඒ සමගම ඇවිස්සී ගිය දුහුවිල්ලකින් ඒ පා සලකුණු දෙක මැකී ගොස් ඇති බවටත් ගමේ ආරංචි පැතිර ගොස් ඇති බව එහි ගිය අපට දැන ගැනීමට ලැබිණි.
බෝ මළුවට පහළින් විශාල නුග රුකක් පිහිටා ඇති අතර සමහර බැතිමතුන් ඒ නුග රුකේ දෙවි දේවතාවුන් වැඩ සිටින බවට විශ්වාස කර එයට වන්දනාමාන කරති.
නුග රුක පිහිටි වැලි තලාවේ ද අද්භූත පා සලකුණු දෙකක් සටහන්ව තිබූ බවත් ඒ පා සලකුණු බෝ මළුවේ සටහන්ව තිබූ පා සලකුණු තරම් විශාල ඒවා නොවන බව ද එහි දී අපට හමුවූ බැතිමතුන් පිරිසක් පැවසූහ.
පා සලකුණු දෙකේ සටහන්ව තිබූ බවට කියන ඒ ස්ථානය එම වටා පොල් තෙල් පහන් තබා තිබූ අතර වෛද්‍ය ජනක ජයසූරිය මහතාගේ දැඩි නිරීක්ෂණයට ඒ ස්ථානය ලක් විය.
ජී. ආර්. මල්ලිකා |
එතැන පා සලකුණු තිබූ බවට සාධක පෙනෙන්ට නොතිබූ බව වෛද්‍ය ජනක ජයසූරිය මහතා පවසයි.
ජී.ආර්. මල්ලිකා මහත්මිය සිය සැමියා හා දරුවන් ද කැටිව විහාරස්ථානයට පැමිණ සිටියේ මේ අද්භූත පා සලකුණු දැක බලාගෙන බුදුන් වැඳීම සඳහාය. ඇය කොට්ටාව සිරිමල්වත්තේ පදිංචිකාරියෙකි.
මල්ලිකා මහත්මිය මේ අද්භූත විශ්මයජනක පා සලකුණු ගැන අදහස් දක්වමින් මෙසේ කීවාය.
මේ පන්සල ගොඩක් හාස්කම් තියන තැනක්. මේ බෝ මළුවේ සටහන්ව ඇත්තේ දෙවි කෙනකුගේ පා සලකුණු බව කිසිම සැකයක් නැහැ. මීට පෙර මේ වගේ අසාමාන්‍ය පා සලකුණු දෙකක් ජීවිතේ කිසිම දිනක දැකලා නැහැ. වෙන කොහේවත් පුද බිමක මේ වගේ පා සලකුණක් සටහන්ව තිබූ බව අහලවත් නැහැ.
කොට්ටාව සිරිමල්වත්තේ සිට අසාමාන්‍ය පා සලකුණු දැක බලා ගැනීම සඳහා පැමිණ සිටි පී.එච්. අමරසේන මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ මෙවැනි කතාවකි.
මේ බෝ මළුවේ සටහන්ව ඇත්තේ විහාරස්ථානයේ ලොකු නුග ගසේ වැඩ වාසය කරන දෙවි කෙනකුගේ පා සලකුණු බවට විශ්වාසයක් තිබෙනවා. මේ දෙවි කෙනකුගේ පා සලකුණක් කියා මගේ හිතෙත් විශ්වාසයක් තියෙනවා. විහාර මළුවේ තියෙන නුග ගස බොහෝම හාස්කම් ඇති ගහක්. මේ පැත්තේ කොයි කවුරුත් ඒ බව දන්නවා. මම මේ පා සලකුණු බලන්න ආවේ දෙවැනි වරටයි. මේ වගේ අසාමාන්‍ය පා සලකුණක් මිහි පිට ඉන්න කෙනකුට තියෙන්න බැහැ. ඒ නිසයි මේ පා සලකුණ දෙවි කෙනකුගේ කියලා අපි කියන්නේ. මේ අසාමාන්‍ය පා සලකුණ ගැන ආරංචි දැන් දැන් රෑ දවල් දෙකේම හරියට කට්ටිය එතන යැයි ද අමරසේන මහතා අවසන් වශයෙන් පැවසීය.
බී.එච්. අමරසේන |
කොට්ටාවේ නිග්‍රෝධාරාම විහාරස්ථ දායක සභාවේ ලේකම් පියල් විජේරත්න මහතා ද හමුවීමට ගොස් මේ ගැන කතාබහ කළෙමු.
මේ පන්සල අවුරුදු 125කටත් වඩා ඉතිහාසයක් තිබෙනවා. මේ විහාරස්ථානයේ වැඩ වසන නායක හාමුදුරුවෝ බොහෝම සිල්වත් හිමිනමක්. සල්ලිවත් අතපත ගාන්නේ නැහැ. අවුරුදු 12 දී මහන වෙලා මේ පන්සලේ වැඩ වසනවා. කලින් විහාරාධිපති තනතුර හෙබවූ සුබෝධානන්ද හිමියන් 1956 වසරේ අපවත් වුණාට පස්සේ විහාරාධිපති තනතුරට පත් වුන අරියනන්ද හිමියන්, සුබෝධනන්ද හිමියන් හා අරියනන්ද හිමියන් මේ විහාරස්ථානය මේ තත්ත්වයට වැඩිදියුණු කරන්න ලොකු කැප කිරීම් කළා.
පන්සලේ ඉතිහාසය ගැන කෙටි හැඳින්වීමක් කළ විජේරත්න මහතා ඊළඟට අප සමග කතාබහ කළේ විහාර මළුවේ වැලි තලාවේ සටහන්ව තිබූ අසාමාන්‍ය පා සලකුණු සම්බන්ධයෙනි.
විහාරස්ථ දායක සභාවේ සභාපති නිමලසිරි පෙරේරා මහතා මට කිව්වා විහාරයේ බෝ මළුවේ වැලි තලාවේ අසාමාන්‍ය පා සලකුණු දෙකක් තියෙනවා කියා. උපාසක මහත්තයෙක් පැවසූ බවට මමත් ඒ කතාව අසා පන්සලට ගියා. අසාමාන්‍ය පා සලකුණු දෙක මං දැක්කා. මෙතැන අසාමාන්‍ය පා සලකුණු දෙකක් සටහන්ව තිබීම ගැන මට හිතා ගන්න බැහැ. කුමන ආකාරයට මෙවැනි අසාමාන්‍ය පා සලකුණක් ඇති වුණා ද කියලා මට පැහැදිලිවම කියන්න අමාරුයි. කොහොම වුණත් මේ වගේ දෙයක් වුනේ කොහොම ද කියන එකේ ඇත්ත නැත්ත දැන ගැනීමට අවශ්‍යයි.
මේක කවුරු හරි කෙනෙක් කළා ද? එහෙමත් නැත්නම් හාස්කමකින් සිදු වූවක් ද කියන්න දන්නේ නැහැ. ඒකයි අප කියන්නේ මේකෙ ඇත්ත නැත්ත දැන ගත යුතුයි කියා.
මේ පන්සලේ කිසිම දාක වන්දනාමාන කරන්න එන අයගෙන් ආධාර මුදල් ලබා ගන්න පින් කැට තැනින් තැන තියලා නැහැ. මේක පන්සලට ආර්ථික වාසි ලබා ගන්න කරපු දෙයක් නොවේ කියා මම බොහොම පැහැදිලිවම කියනවා. එහෙම අරමුණක් තිබුණා නම් දැන් මේ ජනයාගෙන් කොච්චර මුදල් එකතු කර ගන්න තිබුණ ද? අපේ පන්සලේ කිසිම දායකයකුට එහෙම අරමුණක් නැහැ. මේ ප්‍රසිද්ධියක් ගන්න කියූ දෙයක් නම් නොවේ. මෙය පන්සල හෝ විහාරස්ථ දායක සභාවේ අනුදැනුම මත හිතලා කරපු දෙයක් නොවන බව නැවතත් බොහොම පැහැදිලිවම වගකීමකින් යුතුව පවසනවා.
පන්සලේ වැඩ වසන නායක හාමුදුරුවො බොහෝම සිල්වත්. සල්ලි අල්ලන්නේ නැහැ. ඒ වගේම රෑට දානය වළඳින්නෙත් නැහැ. ගැබිනි මාතාවන්ට අපේ නායක හාමුදුරුවො පිරිත් දේශනා කරනවා. ආශිර්වාද කරනවා. ඒත් කවදාවත් කිසිම දෙයක් ගන්නේ නැහැ. අඩුම තරමේ බුලත් කොලයක් හුණු ටිකක්වත් ගන්නේ නැහැ. අපේ නායක හාමුදුරුවෝ එදා ඉඳලාම අල්පේච්ඡු ජීවිතයක් ගත කළේ. දැන් වයෝවෘද්ධයි. ගිලන්ව ඉන්නේ. උන්වහන්සේට උවටැන් කරන්නේ අපේ දායකයෝ තමා යැයි දායක සභාවේ ලේකම්වරයා පැවසීය.විජේරත්න මහතාගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්තය. අසාමාන්‍ය පා සලකුණු ප්‍රදර්ශනය කර මුදල් ආධාර ලබා ගැනීමක් කොහොමවත් වන්නේ නැත. එසේම විහාරස්ථානයේ කොනකවත් පින් කැට තබා නොමැත. එය සුවිශේෂී තත්ත්වයකි.
බෝ මළුවේ වැලි තලාවේ අසාමාන්‍ය පා සලකුණු සටහන්ව තිබෙන බවට මුලින්ම දුටු බී.එස්. සිරිසේන (59) මහතා හමු වීමට ද හොරහේන පාරේ ඔහුගේ නිවස සොයා අපි ගියෙමු.
පසුගිය 26 වැනිදා බදාදා උදේ මට ...... බෝ මළුවට ගියා. වැඳීමට වන්දනාමාන කරමින් බෝධීන් වහන්සේ වටා යද්දි තමා මේ අසාමාන්‍ය පා සලකුණු දෙක දැක්කේ. ඒ වෙලාවෙ පන්සලේ හිටපු උපාසක මහත්තයකුටයි උපාසිකාවකටයි මම මේ අසාමාන්‍ය පා සලකුණු දෙක පෙන්නුවා. අපි පුදුමයෙන් මේ පා සලකුණු දෙස බලාගෙන සිටියා. මේ පා සලකුණු දකිද්දි එදා උදේ 8.45ට පමණ ඇති.
මේ අසාමාන්‍ය පා සලකුණු ඇති වුණේ කොහොම ද කියලා ඔබ හිතන්න. මම සිරිසේන මහතාගෙන් විමසූ අවස්ථාවේ මොහු පැවසුවේ මට නම් හිතා ගන්නවත් බැහැ කියාය.
පා සලකුණු යැයි කියන දෙය වටකර තබා තිබේ |
අදෘශ්‍යමාන කෙනෙක් එදා හිටපු අයගේ ඇඟේ හැපුනා. එක පාරටම ලොකු දුවිලි ගොඩක් ඇවිස්සුණා කියලා කියන කතාවේ ඇත්තක් තිබෙනවා දැයි කියා සිරිසේන මහතාගෙන් විමසීමි.
එහෙම දෙයක් අපට නම් වුනේ නැහැ. මේ කියනකම් ඔය වගේ කතාවක් මා දැනගෙන හිටියේ නැහැ කියා සිරිසේන මහතා මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කීය.
නිග්‍රෝධාරාමයේ විහාරාධිපති තුම්බෝවිල අරියනන්ද හිමියන් ද බැහැදැක උන්වහන්සේ සමග සුළු වේලාවක් අපි කතාබහ කළෙමු.
මගේ වයස දැන් අවුරුදු 94ක් විතර වෙනවා. ඇවිද ගන්න අපහසුයි. මම නම් ඔය කියන පා සලකුණු බලන්න ගියේ නැහැ. ඕක ඔච්චර ගණන් ගත යුතු දෙයක් නොවේ. ඔයිට වඩා හාස්කම් මෙතැන වෙලා තිබෙනවා යැයි උන්වහන්සේ වෛද්‍ය ජනක ජයසූරිය මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසූහ.
තොරතුරු සොයා යාමේ දී නන් අයුරින් සහය දුන් මහරගම මහින්ද ෆොන්සේකා සහ බෝකුන්දර ලලන්ත ද සිල්වා යන මහත්වරුන්ට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තූතිය.
මේ පා සටහන් කිසිවකු විසින් නිර්මාණය කළ බවයි පෙනෙන්නේ...
|
කොට්ටාව නිග්‍රෝධාරාම විහාරයේ බෝ මළුවේ සටහන්ව ඇති පා සලකුණු දෙක මම හොඳින් නිරීක්ෂණය කළෙමි. එක් පාදයක දිග අඟල් 18කි. අනෙක් පාදය අඟල් 17කි. පාදවල වර්ග ඵලය දෙස බැලූ විට ඒවාට හිමිකම් කියන තැනැත්තා අඩි 10ක් පමණ උස දැවැන්ත සිරුරකට හිමිකම් කියන්නෙක් විය යුතුයි. එසේම මළුවේ එම කොටසේ එවැනි වෙනත් පා සටහන් නොමැත. එබැවින් ඒ තැනැත්තා ”අහසින්” පැමිණි අයකු විය යුතුයි! වෛද්‍ය ජනක ජයසූරිය - දිසා රෝහල, ගලගෙදර |
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොට්ටාවේ යෝධ පා සැලකුණේ අභිරහස
දයාන් Tuesday, 12 March 2013 02:15 PM
මමත් කොට්ටාවේ මේ කතාව ඇත්ත (දී)
ගාමිණි Tuesday, 12 March 2013 02:28 PM
නැහැ. නැහැ. බොරුවක් නොවෙයි, මේ කතාව ඇත්ත (දී)
අමිල Monday, 11 March 2013 04:21 PM
මොන බොරුද (දී)
ලක්ෂාන් Tuesday, 12 March 2013 10:54 PM
මට කියන්න පුලුවන් මෙච්චරයි. ඔය අඩි සළකුනු මගෙ නම් නෙමෙයි. (නි)
සමීර Tuesday, 12 March 2013 07:36 AM
මම පිලි ගන්නේ නැහැ , බොරු කියන්නේ මොන පදනමෙන්ද (දී)
මේෂා Thursday, 14 March 2013 05:12 PM
අපිට දකින්න, ස්පර්ෂ කරන්න පුලුවන් ඒ වස්තුවට දිගක්, පළලක් හෝ ගැඹුරක් තිබුනොත් පමණයි. මේ තල 3 ට වඩා වෙනස් වු තල නොතිබේයැයි කියන්න පුලුවන් කාටද? අනික වේගයෙන් චලනය වන වස්තුන් අපේ ඇසට අසු කරගන්න බෑ.. සමහර විට අපි කියන අදෘර්ශමාන දේවල්, අධික ශක්තියක් අරගෙන වේගයෙන් චලනය වන නිස අපේ ඇසට පහසුවෙන් අසුනොවෙනවා වෙන්න පුලුවන්..
මේඝ Thursday, 14 March 2013 05:20 PM
අපිට දකින්න, ස්පර්ෂ කරන්න පුලුවන් ඒ වස්තුවට දිගක්, පළලක් හෝ ගැඹුරක් තිබුනොත් පමණයි. මේ තල 3 ට වඩා වෙනස් වු තල නොතිබේයැයි කියන්න පුලුවන් කාටද? අනික වේගයෙන් චලනය වන වස්තුන් අපේ ඇසට අසු කරගන්න බෑ.. සමහර විට අපි කියන අදෘර්ශමාන දේවල්, අධික ශක්තියක් අරගෙන වේගයෙන් චලනය වන නිස අපේ ඇසට පහසුවෙන් අසුනොවෙනවා වෙන්න පුලුවන්..(නු)
තුෂාර Friday, 15 March 2013 09:42 AM
අහු වෙන්න එපා ලොකු බොරුවක් ඔය (දී)
සිසිල් නිලංගන Sunday, 07 April 2013 01:29 AM
මේ අබිරහස ස්කුබි ඩූ කණ්ඩායමට බාරදුන්නොත් මොකද වෙන්නේ ? (නි)
කස්තුරි Thursday, 14 March 2013 06:13 PM
මනස කියල දෙයක් අපිට තියනවා, එත් පියවි ඇසට පෙනෙන්නේ නැහැ. එත් මනස තමයි ජීවිතයේ සැම දෙයටම මූලික වෙන්නේ. නවීණ විද්‍යාවට හසුකර ගත නොහැකි බොහෝ දේ අනන්තයි.(නු)
හේරත් Tuesday, 12 March 2013 09:00 AM
මේක අමුලික බොරුවක් (දී)
ධම්මි Wednesday, 13 March 2013 09:37 PM
මේක මාධ්‍යයට වැදගත් වුනාට අපට නම් සත පහක් වටින්නෙ නෑ
නිරෝෂා Monday, 11 March 2013 12:03 PM
අඩි සටහනෙත් ඡායාරූපයක් දාන්නකෝ. (නි)
නිශාන්ත Sunday, 10 March 2013 11:14 PM
නොපෙනන දේ ගැන අපි දන්නේ මොනවාද? (නි)
කුරුවිට Tuesday, 12 March 2013 09:35 AM
සිරිසේන මහතාගේ කතාව නම් මට විශ්වාසයි. (නි)
නිස්සංක Friday, 22 March 2013 10:58 AM
විකාර (ස)
දයා Wednesday, 13 March 2013 08:12 AM
ඔප්පු කරලා පෙන්නුවත් පිලිගන්නවා (දී)
දයානන්ද Tuesday, 12 March 2013 10:26 AM
බොහොම හොද තේරුම් කිරිමක්. ස්තූතියි. (නි)
සුසන්ත - ඉතාලිය Monday, 11 March 2013 03:17 AM
එම අත්භුත පා සටහන් වල ඡායාරූපයක් දාන්නකෝ. (නි)
සෙනරත් Monday, 11 March 2013 04:22 AM
මේ පන්සලේදී මම සුදු ඇදගත් කෙනෙක්ව දැකලා තිබෙනවා. එයා සැණෙකින් නොපෙනී ගියා. මට ඒ ගැන තවමත් හිතාගන්න බැහැ. (නි)
වීරා Monday, 11 March 2013 09:16 PM
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (නි)
චන්ද්‍රා Monday, 11 March 2013 05:04 AM
මෙය යම් කිසිවෙක් විසින් කළ දෙයක් නම් ඔහුව සොයා ඔහුට නැගිටීමට අත දියයුතුය. (නි)
මුෂ්තාක් Thursday, 14 March 2013 11:05 PM
මේක බලන්න මාත් ගියා, ඒවා පුදුම තමයි. මනුස්සයෙකුගේ නම් නොවෙයි. හොදට හිතල බැලුවොත් අපේ ආගමේ හැටියට මෙහෙම දේවල් වෙන්න බැහැ. නමුත් මේ වගේ දේවල් අපේ ඇස ඉදිරිපිට වෙනවා! අපි ඇත්ත දැකිය යුතුයි. මම දන්නා විදිහට වෙනත් මිනිස් ඇසට නොපෙනෙන අය ඉන්නවා කියලා ඒ ගැන හොදින් සදහන් කරන්නේ බුදු දහමෙයි. ආගම බේදයක් නැතුව මම ආරාධනා කරනවා ඕනෑම ආගමක කෙනෙකුට මේවා ගවේෂණය කරලා හරි දේ තෝරාගන්න කියලා. (නි)
කෙනත් Thursday, 14 March 2013 11:18 PM
මේ වගේ වෙලාවක මෙතන අදහස් දක්වන්න ඕනෑ හිත දියුණු කල ධර්මධර විදු ඇස ඇති කෙනෙකුයි යන්නයි මගේ අදහස. එදා මෙහෙම කලකදී නම් මේ වගේ දෙයක් දැක්කම මිනිස්සු ගියේ බුදුරජාණන් වහන්සේ හෝ රහතන් වහන්සේ කෙනෙක් හමුවට, ගිහින් අහාවි, ස්වාමීනි මෙහෙම එකක් වුණා, මෙහෙම දැක්කා, මේකට හේතුව කුමක්ද ? කියලා. එතකොට ලස්සන දේශනාවකින් ඔක්කොම පැහැදිලිව පෙන්වලා ඒ තුලින් ලෝකේ ගැන මහා අවබෝධයක් ලබා දෙනවා, ඒවා කියවන අපටත් මේ යුගයේදීත් එතුලින් නුවණ ලබා දෙනවා. (නි)
මංගලා Wednesday, 13 March 2013 09:16 AM
මම හිතන්නේ දේවතා එලි.. ඇත්ත මම දැකලා තියෙනවා.. ටිකක් විශාලයි.. පාපන්දුවක් වගේ එත් හරිම වර්ණවත්.. මීටර් විසිපහක් විතර දුරින් ඒක ගමන් කළේ.. ඇස් මට්ටමට ටිකක් ඉහළින්.. පැත්තට.. මමයි මගේ මල්ලියි.. රෑ ගමනක් යනකොට මම දැක්කේ.. මගේ මල්ලිට පෙන්නන්න් හදනකොට ගස් අතරේ නොපෙනී ගියා..!(නු)
පැතුම් Friday, 15 March 2013 01:46 PM
කොල්ලෙක් නිකන් ඉන්න ගමන් විහිලුවට වැල්ලේ පා සටහන් දෙකක් ඇන්දාවද්ද? (නි)
ෂාරෝ Monday, 11 March 2013 06:43 AM
විමල රත්නකුමාර කවියාණන් විසින් රචිත අයියනායක කවි පන්තිය මතක් උනා දෙවි දේවතාවුන් සැරිසරන මහ වනේ පවතින බලය ඇඟ ලොම් තුඩකටද දැනේ මොලයෙන් තමා ලෝකයෙ සුවය වැනැසුණේ මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම කෙම්මුර දවස් වල පානින් සැරසීම වන අතු කඩා ගස් දෙබලක දැවටීම මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම (නි)
සුමුදු Monday, 11 March 2013 02:18 PM
කාටවත් කියන්න බැහැ මේක අදුර්ශමාන දෙයක් නොවෙයි කියලා (දී)
රංග Friday, 15 March 2013 12:09 AM
මම විහිළුවට ඇන්ද කකුල් දෙක මාර දුරක් ගිහිංනෙ..!
සමන් Monday, 11 March 2013 07:49 AM
මමත් කියන්නේ කොල්ලෙක් කල වැඩක් වෙන්න ඇති (දී)
ෂාරෝ Monday, 11 March 2013 07:54 AM
මෙහිදී පා සටහන් ව්‍යාජ පා සටහන් යැයි සිතමු. නමුත් නුග ගස ගැනත් එහි වාසය කරන රුක් දෙවියන් ගැනත් පළ කර ඇති සමහර අදහස් සමග මට එකඟ විය නොහැක. එවැනි දේ විශ්වාස නොකරන පමණින් එක හෙළා එවැනි දේ නැති බවත්, එවැනි දේ විශ්වාස කරන අයට අපහාස වන අන්දමින් කරුණු දැක්වීමත් අනුමත කළ නොහැක . (නි)
සුමුදු Thursday, 14 March 2013 05:01 AM
අති සාර්ථක ගවේෂණීය මාධ්‍ය වාර්තාවක්. (නි)
තිසල් Thursday, 14 March 2013 05:40 AM
විකාර. මේවා මෝඩයින්ටනම් මැජික් (ස)
ප්‍රියා Monday, 11 March 2013 10:30 PM
ඇත්තටම ගුරුන්නාන්සේ කෙනෙක්වත් නැද්ද මේ අභියෝගය භාර අරගෙන ප්‍රසිද්ධියේ මේ ගැන පරීක්ෂණ කරලා ඔප්පු කරන්න? (නි)
නිත්‍යා Thursday, 14 March 2013 02:49 PM
පෙනෙනෙ දේට වඩා නොපෙනෙන මායාවන් පසුපස යන පිරිස අද වන විට සීඝ්‍රෙයන් වැඩි වෙලා (ස)
නිත්‍යා Thursday, 14 March 2013 02:54 PM
අන්ද භක්තිය රට පුරා පැතිරිලා (ස)
ෂලිනි Monday, 11 March 2013 09:07 AM
සෙනරත්,ඔය කියන සුදු ඇඳගත් කෙනා දැක්ක ගමන් ඔයාට යම් නිදිමත ගතියක්,තෝන්තු ගතියක් දැනුනා නේද? (නි)
දමිත Wednesday, 13 March 2013 01:35 PM
මම ගොඩක් ආසයි මේ වගේ අදෘෂ්‍යමාන දේවල් ගවේෂණය කරන්න.. තව විස්තර ඉදිරිපත් කරන්න..!(නු)
වොට්සන් Wednesday, 13 March 2013 01:40 PM
මම නම් හිතන්නේ මෙයා ෂර්ලොක් හෝම්ස් වෙන්නයි හදන්නේ..!(නු)
වසන්ත Wednesday, 13 March 2013 01:35 PM
ෂර්ලොක් හෝම්ස් ගේ අබිරහසක්...!(නු)
වත්සලා Wednesday, 13 March 2013 01:35 PM
අභිරහෙසක් සෙවිය යුතුයි ඉතාම වැදගත් ලිපියක්..!(නු)