IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


කටුවන ප‍්‍රහාරයේ රහස්

ජීවන වියදම දවසින් දවස ඉහළ  යයි. නාගරික ජනතාවට එය වැඩිපුර දැනුණත් ගම්බද ජනතාවටද දැන් එම තත්ත්වය දැනෙන්නට පටන්ගෙන ඇත. එවැනි තත්ත්වයක් මත ජනතාවට සැබෑ තත්ත්වය තේරුම් කර දී ඔවුන් ඒකරාශී කරගෙන පවතින රජයට එරෙහිව අභියෝගයක් එල්ල කිරීම  ඕනෑම දේශපාලන පක්ෂයක, කණ්ඩායමක හෝ සංවිධානයක අරමුණකි. මේ බව තේරුම් ගත් ජනතා විමුක්ති පෙරමුණද රට පුරා ග‍්‍රාමීය ජනතාව ඉලක්ක කර ගනිමින් රැස්වීම් මාලාවක් පැවැත්වීමට තීරණය කළේය. ”ජනතාව පෙළන පාලනයට එරෙහිව පෙළ ගැසෙමු” යන තේමාව මුල් කරගත් කටුවන ජනහමුව පැවැත්වීමට සූදානම් කර තිබුණේ ඉකුත් 15 වැනි දින හැඩිවත්ත ප‍්‍රජාශාලාව ඉදිරිපිට එන්. රංජිත් මහතාගේ නිවසේදීය. සුපුරුදු ආකාරයට ඔවුන් කල් ඇතිව සිය පෝස්ටර් ව්‍යාපාරය මගින් ජනතාව ඒ පිළිබඳව දැනුවත් කර තිබුණි. වේලාව රාතී‍්‍ර 7.00 පමණ ඇත. ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාකාරිකයකු විසින් පළමුව රැස්ව සිටි පිරිස පිළිගනු ලැබීය. ඉන් අනතුරුව ප‍්‍රධාන කථිකයා වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය දේශනය ආරම්භ කළේ රජයට දෙහි කපමිනි. විශේෂයෙන්ම ඉන්ධන, ගෑස්, කිරිපිටි, සිමෙන්ති ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමත් ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයේ මිල පහළ යන ආකාරය පිළිබඳවත් ඔහු අදහස් දක්වමින් සිටින විට හරියටම රාතී‍්‍ර 7.20 පමණ නාඳුනන පිරිසක් රැස්වීම පැවති නිවස ඉදිරිපිටට පැමිණියහ. යතුරුපැදි පහකින් පමණ පැමිණි පිරිස බිමට බැස්සේ රැුස්වීමේ සිටි අය දෙසට වෙඩි  ප‍්‍රහාරයක් එල්ල කරමිනි. ඒ වන විට එහි පුටුවල හැටදෙනෙක් පමණ අසුන්ගෙන සිටියහ. ඔවුහු මරළතෝනි දෙමින් පණ බේරාගෙන දුවන්නට වූහ. බොහෝ අය ඒ ආසන්නයේ පිහිටි කැලෑබද ප‍්‍රදේශයට ගොස් සැඟවුණි. මැරයින් පිරිස ඉන් අනතුරුව රැුස්වීමට පැමිණි අයගේ වාහනවලට පොලූවලින් පහරදී ඒවා පෙරළා දමා අලාභ හානි කළේය. ඔවුන් පැය භාගයකට ආසන්න කාලයක් එහි රැඳී සිට සිය අණසක පතුරුවන ලදී. පසුව එම මැරයින් පිටත්ව ගිය පසු දිවි බේරා ගැනීමට කැලෑව තුළට ගොස් සිටි කිහිපදෙනකු නැවත රැුස්වීම් භූමිය වෙත පැමිණ බලන විට තිදෙනෙකුට වෙඩි වැදී තිබෙන බව දැක ගත හැකි විය.සියලූ දෙනා එක්ව ඔවුන් තිදෙනා ඉතා ඉක්මනින් කටුවන රජයේ රෝහල වෙත ගෙන ගියෝය. එහෙත් පුටුව මත අසුන්ගෙන සිටියදීම වෙඩි වැදුණු එදිරිමාන්නගේ මාලනී (51) මහත්මිය බිම ඇදවැටී සිටි ජයසේකර පතිරණගේ නිමන්ත හේෂාන් (18) තරුණයා ඒ වන විටත් මියගොස් සිටින බව බොහෝ දෙනකුට අවබෝධ වී තිබුණි. කටුවන රජයේ රෝහලේ වෛද්‍යවරු එම දෙදෙනා පරීක්ෂා කොට ඒ බව තහවුරු කළහ. වෙඩි වැදුණු 23 හැවිරිදි අනෙක් තරුණයා ඇඹිලිපිටිය රජයේ රෝහල වෙත මාරු කළ අතර ඔහු දැනට බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබයි. ”යතුරුපැදි පහකින් පුද්ගලයන් දසදෙනකු ආවා. ජුලම්පිටියේ අමරෙත් ඒ අතර සිටියා. යතුරුපැදියක පිටුපසින් පැමිණි ඔහු තමයි ඉස්සෙල්ලම රැස්වීම දෙසට වෙඩි තිබ්බේ. මම අමරෙව හොඳින් අඳුනනවා. ඔහු අත ටී56 වර්ගයේ ගිනි අවියක් තිබුණා. තවත් දෙදෙනෙකු ළඟත් ගිනි අවි තිබෙනවා දැක්කා. ඉතිරි අය ළඟ පොලූ ටිකක් තිබුණා. වෙඩි දෙක තුනක් එල්ල වන විටම මමත් පණ බේරා ගන්න පැනලා දිව්වා. පසුව ඔවුන් යන්න ගියා. මම මේ බව පොලිසියට ප‍්‍රකාශයක් දී තිබෙනවා”. යයි මෙම සිද්ධිය ඇසින් දුටුවකු වූ ජුලම්පිටියේ පදිංචි ආර්.එල්. සරත් (45) මහතා පැවසීය. ඔහු එසේ නොබියව සිද්ධිය හෙළි කළද බොහෝ දෙනකු නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරයි. ඊට හේතුව ජුලම්පිටියේ අමරේ නමැති දකුණු පළාතේ ප‍්‍රබල පාතාල කල්ලි සාමාජිකයාට ඇති බිය නිසාය. සිද්ධිය ගැන කෙසේ වෙතත් අමරේ කියන නම කියා ගැනීමට තරම්වත් ඔවුන් සතුව ආත්ම ශක්තියක් නොමැත. ඒ තරමටම ජුලම්පිටියේ අමරේ ප‍්‍රදේශයේ දාමරිකයකු බවට පත්ව සිටී. රැස්වීමට සහභාගි වූ කේ.කේ. පේ‍්‍රමසිරි (30) මහතා මෙසේ කීය. ”වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කතා කරමින් සිටින විටයි යතුරුපැදිවලින් මැරයින් පැමිණියේ. ඉන් තුනක විතර අංක තහඩු තිබුණේ නැහැ. පුද්ගලයින් තුන්දෙනකු අත ගිනි අවි තිබ්බා. ඔවුන් වෙඩි තබන විටම මාත් පැනලා දිව්වා. නැවත පැමිණ බලන විට මාලනී අක්කා පුටුව උඩම වෙඩි වැදිලා මියගොස් සිටියා. නිමන්ත මල්ලිත් බිම වැටිලයි සිටියේ. ඔහුද මියගොස් තිබෙන බව තේරුම් ගියා. සමහර විට මැරයින් වෙඩි තබා ඉක්මනින් ගියා නම් ඔවුන් බේරා ගන්න තිබුණා. වැඩිපුර ලේ ගොස් තිබූ නිසා ඔවුන් මැරෙන්න ඇති. ජුලම්පිටියේ අමරේ කවුද කියා මා හරියටම අඳුනන්නේ නැහැ. ඒ නිසා ඔහු ආවාද කියා හරියටම කියන්න බැහැ. කෙසේ වෙතත් මෙම මැර ප‍්‍රහාරය එල්ල කරන විට සියලූ දෙනාම පණ බේරාගෙන දිව ගියත් එක් අයකුට එම ස්ථානයේම රැඳී සිටීමට සිදු විය. ඔහු ආබාධිත යුද හමුදා සෙබළෙකි. කි‍්‍රයාන්විත රාජකාරියේදී බට්ටකු පෑගීම නිසා ඔහුගේ දකුණු කකුල සැත්කමකින් ඉවත් කර ඇත. ”වෙඩි තියන විට ඔක්කොම දුවද්දි මම එතැනටම වී සිටියා. නාඳුනන පුද්ගලයකු පැමිණ තුන් වතාවක් මගේ පපුවට ටී56 වර්ගයේ ගිනි අවිය තබා වෙඩි තියන්න හැදුවා. මම අත් දෙක එකතු කරලා බුදු මහත්තයෝ මාව මරන්න එපා කියලා වැඳ වැටුණා. ඔහු වෙඩි තියන්නමයි හැදුවේ. මට දරුවන් තිදෙනකු සිටින බව කීවා. එවිට මගේ පස්සට පයින් එකක් ගහලා එහෙනම් බඩ ගාගෙන පලයන් කීවා. ඒ අනුව මම බඩගාගෙන කැලෑව දෙසට ගියා”යැයි එම ආබාධිත යුද හමුදා සෙබළා පැවසීය. කෙසේ වෙතත් ඔහුට අයත් ත‍්‍රිරෝද රථයට මැරයින් දැඩි අලාභ හානි කර තිබුණි. ජනතා විමුක්ති පෙරමුණේ ජන හමුව බැලීමට පැමිණ සිටියදී වෙඩි උණ්ඩයකට ලක්ව මියගිය කටුවන, හැඩිවත්ත, ජය නිවසේ පදිංචිව සිටි ජයසේකර පතිරණගේ නිමන්ත හේෂාන් (18) තරුණයා ඒ ආසන්නයේම පදිංචිකරුවෙකි. වඩු මඩුවක සේවය කරන මෙම තරුණයාගේ පියා ජේ. පී. ධර්මදාස (48) මහතා මාර්ග කොන්ත‍්‍රාත් සමාගමක කම්කරුවකු ලෙස සේවය කරයි. නිමන්තගේ මව ආර්. සුමනාවතී (48) මහත්මියට සිය එකම පුතු නොමැති අඩුව දරාගත නොහැක්කකි. කටුවන ජාතික පාසලේ ආදි ශිෂ්‍යයකු වන ඔහුගේ එකම සහෝදරිය ජේ.පී. ධනුෂිකා මධුෂානි (22) ඇඟලූම් කර්මාන්ත ශාලාවක රැුකියාව කරන්නීය. ඇය මෙසේ කීවාය.”යාළුවා ආපු නැති නිසා මල්ලී අද වැඩට ගිහින් නැහැ. අම්මාටවත් කියන්නේ නැතිවයි මේ රැස්වීමට ගිහින් තියෙන්නේ. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් නොවෙයි. තවම ඡන්දයවත් මල්ලිට නැහැ. ඔහු ආසාවට රැස්වීම බලන්නයි ගිහින් තිබෙන්නේ. රැස්වීමට වෙඩි තියලා කියා ආරංචි වුණාම මල්ලිගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබා ගත්තා. එය කි‍්‍රයා විරහිත වෙලයි තිබුණේ. පසුව දැන ගන්න ලැබුණා මල්ලිටත් වෙඩි වැදී මියගොස් ඇති බව. අනේ අපේ මල්ලිට මේ මොකද වුණේ?” කටුවන, තල්වත්ත ගම්භාර ගෙදර පදිංචිව සිටි එදිරිමාන්නගේ මාලනී (51) මහත්මිය මෙම ජන හමුවට සහභාගී වීමට පැමිණියේ සිය සැමියා වූ එච්.ඒ. ගුණරත්න (55) මහතාද සමගින්ය. එම දෙදෙනා ගමේ පදිංචි පිරිසක්ද සමග කුඩා ලොරි රථයකින් ඒ සඳහා පැමිණ තිබුණි. මාලනී මහත්මිය තිදරු මවක් වන අතර ඇය ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන සාමාජිකාවකි. අසාධාරණයට, බඩු මිලට එරෙහිව රැුස්වීමක්, උද්ඝෝෂණයක් කොතැනද ඇය ඊට සහභාගී වූවාය. ප‍්‍රදීපා නිසංසලා (26), ප‍්‍රදීපා සුභාෂනී (24) හා ප‍්‍රදීපා ලක්මාලි (20) යන දියණියන් තිදෙනාම විවාහ වී වෙන් වෙන්ව ජීවත් වීම නිසා ඇයගේ කටයුතුවලට පහසුවක් විය. එම නිවසද ජනතා විමුක්ති පෙරමුණට අලූත් තැනක් නොවේ. නායකයින් පවා ගමට පැමිණි පසු මාලනී මහත්මියගේ නිවස වෙත ඒමට අමතක නොකරයි. ඒ තරමටම ඇය පක්ෂයට ලැදි කාන්තාවකි. පසුගිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීමට ඇයගේ දියණියක තරග කළේද එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. කෙසේ වෙතත් මියගිය දෙදෙනාගේ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය වළස්මුල්ල වැඩබලන මහේස්ත‍්‍රාත් හා නීතිඥ ඩබ්ලිව්.එල්. හේරසිංහ මහතා ඉදිරියේදී පැවැත්විණි.ඒ මහතා අපරාධය සිදුවූ ස්ථානයටද පැමිණ පරීක්ෂා කළේය. එහි තිබූ ටී56 වර්ගයේ  හිස් පතොරම් කොපු නවයක් පොලිසිය විසින් පෙන්වන ලදී. ඊට අමතරව රැස්වීම් භූමියේ තිබී මැර ප‍්‍රහාරයට ලක්වූ ත‍්‍රිරෝද රථ තුනක්, යතුරුපැදි නවයක්, පාපැදි හතරක්, ලොරි රථයක් ආදී වාහනද පොලිසිය භාරයට ගන්නා ලෙස නියෝග කළ වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා ඒවායෙහි අයිතිකරුවන් පොලිසිය වෙත ප‍්‍රකාශයක් ලබා දී අනන්‍යතාව තහවුරු කොට වාහන ලබාගත යුතු බවටද දැනුම් දුන්නේය. කෙසේ වෙතත් මෙම ද්විත්ව ඝාතන පරීක්ෂණ සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ගේ මෙන්ම ඇඟිලි සලකුණු සටහන් කිරීමේ නිලධාරීන්ගේද සහාය ලබාගෙන තිබුණි. එම ස්ථානය වෙත පැමිණි දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මාතර, දික්වැල්ල, කඹුරුපිටිය, ගන්දර, තිහගොඩ, බෙලිඅත්ත, හුංගම, වළස්මුල්ල, මිද්දෙනිය, කටුවන හා හම්බන්තොට ආදී පොලිස් ස්ථාන 16ක නිලධාරීන් ගෙන්වා ගත්තේය. ඊට අමතරව යුද හමුදාවේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේද සහාය ලබා ගන්නා ලදී. ඒ අනුව දහසකට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයෝ පිරිසක් කටුවන වටකරගෙන සිටියහ. එහෙත් ඝාතකයින් ඒ වන විටත් පලාගොස් සිටියහ. මේ අතර පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකු ප‍්‍රධාන 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉතා ඉක්මනින් කොළඹ සිට කටුවනට එවා තිබුණි. ඉන් පසුව තවත් නිලධාරීහු සහායට පැමිණ සිටියහ. ඒ වන විට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 30 දෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබුණි. ඒ අතර කිහිප දෙනකු මෙම ද්විත්ව ඝාතනයට ජුලම්පිටියේ අමරේ නමැති සැකකරුවකු පැමිණි බවට පොලිසිය වෙත දන්වා සිටින ලදී. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ මෙම ද්විත්ව ඝාතනයේ වගකීම රජය පිට පැටවීමට උත්සාහ කරන විට රජයේ වගකිවයුතු ඇතැම් නිලධාරීන් විවිධ අර්ථකථන ලබා දුන්නේය. මෙය ජනතා විමුක්ති පෙරමුණෙන් කැඞී ගිය පිරිසක් කරන්නට ඇති බවට එක් අයකු කියන විට එම පක්ෂයේම කැරළිකාර කණ්ඩායම සිදු කළ බවට තවත් අයෙක් කීවේය. ජන අරගල ව්‍යාපාරය සිදු කරන්නට ඇති බවටද ප‍්‍රචාරය විය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් විසින් එම සියලූ ප‍්‍රකාශ තරයේ ප‍්‍රතික්ෂේප කරන ලදී. ඔවුන් එකහෙළා කියා සිටියේ රජයේ දේශපාලන රැුකවරණය ලබන පාතාල කල්ලි සාමාජිකයකු ඇතුළු සගයින් පිරිසක් මෙම අපරාධය කළ බවයි. එම නිසාම ජනතා විමුක්ති පෙරමුණ ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස රජයට බල කරමින් කටුවන නගරයේදී හා කොළඹ කොටුවේදී උද්ඝෝෂණ පැවැත්වීය. පෝස්ටර්, බැනර් හා කටවුට් ප‍්‍රදර්ශනය කරන්නට විය. අවමංගල්‍යයට එරෙහිව අධිකරණ නියෝගයක් ගැනීමටද පොලිසියට සිදු විණි. මැර ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ දෙදෙනාට ශෝකය පළ කිරීම සඳහා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාද පැමිණියේය. ඔහු එහිදී ප‍්‍රකාශ කළේ මෙම ඝාතනවලට එරෙහිව ජනතාව සංවිධානය විය යුතු බවත් අසාධාරණයට ලක් වූවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතු බවත්ය. කෙසේ නමුදු නොසිතූ නොපැතූ මොහොතක නොකළ වරදකට ජීවිතයෙන් වන්දි ගෙවූ එදිරිමාන්නගේ මාලනී (51) මහත්මිය හා ජයසේකර පතිරණගේ නිමන්ත හේෂාන් (18) තරුණයා ඉකුත් 18 වැනි දින සවස මළ හිරු බැස යන විට සිය අවසන් ගමන් ගියේ දහස් ගණනකගේ සෝ සුසුම් මැදය. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන අනුර කුමාර දිසානායක හා සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරු ඇතුළු පිරිසක්ද සහභාගී වූහ. මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව අවසානයේ පාර්ලිමේන්තුවේදී කතාබහට ලක් විය. කෙසේ වෙතත් ඒ පිළිබඳව දිගින් දිගටම රජයට චෝදනා එල්ල වෙද්දී ඊට වගකිවයුතු බවට සැක කෙරෙන ගීගන ගමගේ අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ (42) නමැත්තා ඉකුත් 19 වන දින තංගල්ල මහාධිකරණය වෙත පැමිණ බාර විය. ඒ නීතිඥ නිශාන්ත සදබරණ මහතා මාර්ගයෙනි. 2003 වසරේ මිනීමැරීමට තැත් කිරීමේ නඩුවකට වරෙන්තු වී සිටීම නිසා ඔහු මහාධිකරණය වෙත පැමිණ බාර වූ බව නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේය. ඊට පිළිතුරු ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂ මහතා කියා සිටියේ මාධ්‍ය මගින් දැනගත් ආකාරයට වෙනත් පුද්ගලයන්ගේ ජීවිතය නැති කළ ඔහු තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ ආකාරයෙන් මහාධිකරණය වෙත පැමිණ බාරවීම හෘද සාක්ෂියට අනුව යුක්ති සහගතදැයි කල්පනා කරන ලෙසයි. කෙසේ වෙතත්  ඕනෑම පුද්ගලයකුගේ ජීවිතය ආරක්ෂා කිරීම අධිකරණයේ යුතුකමක් වන බැවින් ඔහු රිමාන්ඞ් භාරයට පත් කෙරිණි. කෙසේ වෙතත් ඉන් පසු දින (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහාධිකරණය හමුවේ පෙනී සිටිමින් කටුවන ද්විත්ව ඝාතනයටද ජුලම්පිටියේ අමරේ නමැති සැකකරුගේ සම්බන්ධයක් ඇති බවට පෙනී යන නිසා ලබන 29 වැනි දින ඔහු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා වළස්මුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද ඉල්ලා සිටියේය. ඊට අවසර ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා සැකකාර ජුලම්පිටියේ අමරේ ලබන 11 වැනි දින දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස නියෝග කෙරිණි. නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමට  ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට මේ පුංචි රට තුළ අයිතියක් ඇත. එය ජනතා විමුක්ති පෙරමුණට පමණක් හිමි වූවක් නොවේ. එහෙත් එම නිදහස වෙඩි උණ්ඩවලින් සීමා කරන්නට කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම් එය බරපතළ වරදකි. එය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වී තිබෙන මරු පහරකි. එම නිසා ජීවිත දෙකක් බිලිගත් කටුවන හැඩිවත්තේ ජනතා විමුක්ති පෙරමුණට එල්ල කළ මැර ප‍්‍රහාරයේ ඉදිරි පරීක්ෂණ කටයුතු පිළිබඳව මෙන්ම එහි ඝාතකයින්ට සිදු වන්නේ කුමක්ද යන්න මුළු රටේම ජනතාව අවදියෙන් සිටිනු ඇත.

ඡායාරූප හා සටහන - මාතර කි‍්‍රෂාන් ජීවක ජයරුක්
කටුවන, හැඩිවත්ත ජනතා විමුක්ති පෙරමුණු  ජන හමුවට මැර ප‍්‍රහාරයක් එල්ල වී තිබූ අයුරු පොලිසිය පරීක්ෂණ පවත්වමින් මියගිය නිමන්ත හේෂාන් මියගිය මාලනී මාලනී මහත්මියගේ දියණියන් හඬා වැළපෙමින් මාලනී මහත්මිය අවසන් ගමන් යමින් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාව  කටුවන ද්විත්ව ඝාතනයේ සැකකරුවකු  වූ ජුලම්පිටියේ අමරේ (42) නමැත්තා තංගල්ල මහාධිකරණයට බාරවීමෙන් පසු



අදහස් (0)

කටුවන ප‍්‍රහාරයේ රහස්

සෑම් Friday, 29 June 2012 10:56 AM

හිනා යනම දේ තමයි ආයුධයේ වර්ගයත් හරියටම කියලා තියෙන එක

:       0       0

දීප්ත Tuesday, 26 June 2012 06:31 AM

මේ ර‍ට කවදාවත් හැදෙන්නේ නෑ

:       0       0

චන්දන Sunday, 24 June 2012 09:22 PM

ආසියාවේ ආශ්චර්යය...

:       0       0

සුජී Wednesday, 27 June 2012 06:08 PM

මෙක සිදු නොවිය යුතු දෙයක් තමයි. නමුත් මේකෙන් දේශපාලන වාසි ගැනීමත් සිදු නොවිය යුතුයි. මේ මැරයා ආන්ඩුවට සම්භන්දයි කියල හැමදාම සාකච්චා තිය තියා කෑගහනවා. පෙල පාලි යනවා. රුපවාහිනියෙ මූන පෙන්න ගන්නවා. ඒත් කවුරත් එහෙම චෝදනාවක් කරලා එකම එක නඩුවක් වත් දාල නෑ. පැමිණිල්ලක් කරලා නෑ නේද? කොහොමද බොර දියේ මාලු බෑම?

:       0       0

අනුර Tuesday, 26 June 2012 09:26 AM

මිනිසුන් මෘග සිවුපාවුන් වෙලා

:       0       0

රාජා/ Saudi Sunday, 24 June 2012 03:32 PM

ආසියාවේ ආශ්චර්යමත්ම රට

:       0       0

සුමන Sunday, 24 June 2012 04:23 PM

මොනවා ලිව්වත්, කිව්වත්,එල්ලුම්ගහ නියම කරත් අන්තිමට සමාව ලබයි ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1204 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


කැනඩාවේ අධිකරණ ඇමැති පුටුවට ගිය යාපනයේ උපන් දෙමළ ජාතිකයා
2025 අප්‍රේල් මස 05 1371 3

කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ


දූෂිතයින් පිටුදැකීමේ අභියෝගය
2025 අප්‍රේල් මස 05 222 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්


නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 389 3

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 660 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 136 1

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 735 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 594 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1044 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site