අනුරාධපුර, පොළොන්නරුව යුගයෙන් පසුව ශී‍්‍ර ලංකාවේ වන්දනාවට ලක්වෙන දැවැන්තම බුදුරුව රම්බඩගල්ල මොණරාගල විහාරයේ නිර්මාණය වෙමින්
පවතී.
මහමෙවුනාවේ සමාධි බුදු පිළිමය, තොලූවිල බුදුපිළිමය හා ගල්විහාරයේ සමාධි පිළිමය ට පසුව අවුරුදු අටසිය ගණනකට පසු ඉදිවන රම්බඩගල්ල සමාධි පිළිමය දැවැන්ත කළුගලක් තුළින් මතුවන අයුරු දකින්කට ඹබේ දෙනෙත් පිංකර ඇත.
කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ රම්බඩගල්ල ග‍්‍රාමයේ පිහිටි විහාරය මොණරාගල නම් නම ලදුයේ මෙහි ඇති කළුගල් ශිඛරය මත මොණරුන් ඉගිලවිත් වසා සිටිනා බැවිනි. හාත්පස දිස්වෙන නීලවර්ණයෙන් යුත් කදු වළල්ලත් වනලැහැබත් දකින්නන්ගේ ගත සිත සමාධියට පත්කරනු නිසැකය.
මේ මනස්කාන්ත වටපිටවෙන් පිය මැන ගල්තලාව මතට ගිය විට සිදුවනදේ දැකීමෙන් ඔබ සැබැවින්ම මවිතයට පත්කරණු නිසැකය. කටුව, මිටිය හා ග‍්‍රයින්ඩරයෙන් මතුවන මහා කටෝර ශබ්දයත් ඒ තුළින් නැගඑන දුහුවිල්ලත් දැඩි අව් රශ්මියත් ඔබ මොහොතකුදු පීඩාවට පත් නොකරනු ඇත. මන්ද යත් මහා කාරුණිකයානන් වහන්සේගේ නොසැලෙන, සෘජු ශී‍්‍ර බුද්ධකාය ගල්කුළින් තුළින් මතුව ඇති හෙයිනි.
2001 වසරේදී ඇප්ගනිස්ථානයේ බාමියන් නිම්නයේ බුදුපිළිම විනාශය දුටු අපගේ දෙනෙතින් කදුළු වැගිරිණි. එම පාපතරයින්ගේ කි‍්‍රයාවෙන් තැතිගත් ළමා පිරිසකගේ සිත් තුළ හටගත් පියුම අද මහා ගල් කුළ මත විකසිත වී ඇත.
උස අඩි 67.5 කින් යුත් ආසියාවේ විශාලතම ශෛලමය සමාධි බුදු පිළිම වහන්සේ නෙලීමේ මහා සද්කාර්ය සොයා බලා නිරතුරු අනුශාසනා කරන්නේ විහාරාධිපති ශාස්ත‍්‍රපති එගොඩමුල්ලේ අමරමෝලි ස්ථිවිරයන් වහන්සේය.
ප‍්‍රධාන ශිල්පියා දකුණු ඉන්දියානු ශිල්පී පද්ම ශ‍්‍රී, ශිල්ප කලාමණී ඇම්.ඇම්.ස්ථපතිතුමාය.
ප‍්‍රදේශ වාසීන් මෙන්ම සතර දෙසින් පැමිණෙන්නවුන් මෙපින්බිම තුළ තම ශ‍්‍රමය, දහඩිය, කදුල හෙලන්නේ අද දින තම යුතුකම මෙන්ම වගකීම ඉටුකිරීමටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට බුදුදහමේ අඩුවක් මිසක බුදු පිළිම අඩුවක් මට පෙනෙන්නේ නැහැ. මෙරටට රෝහල් පුස්තකාල ක්‍රීඩාගාර පාසල් මිටවඩා ගොඩක් වැදගත්. අද අප ජිවත් වෙන්න අගහරු තරනය කරන යුගයේ. පෙර ගල්වඩුවන්ට වගේ නොව යන්ත්‍ර සුත්‍ර බොහෝය. අවශ්‍ය දෙය පළමුව ආසා දෙය දෙවනුව.(නදී)
නුතනයේ නිර්මාණ කර ඇති සමහර පිළිම වහන්සේලාගේ හැඩය හා ලක්ෂණ ,නියමාකාර ලෙස ගැනීමට බොහෝ සිත්තරුන් අපොහොසත් වී තියෙනවා.කෙසේ වෙතත් මාපලගම විපුලසාර හිමියන්ගේ නිර්මාණ ඉතාමත් ශ්‍රේෂ්ටයි.ශෛලමය පිළිම යක් නෙලීම අතී දුෂ්කර වැඩක් වුවද,කීවට ඇස්වහ ,කටවහ නැහැ ,මෙම පිළිමවහන්සේගේ හැඩ රුව නියමාකාර ලෙස ඉදිරිපත් කිරීමට කලාකරුවාට හැකිවී තිබීම ලෝක ගෞරවයට පත්‍ර විය යුත්තක් බව මනසේ පැහැදිලිවෙනවා!සාධු !සාධු!!සාධු!!! (ස)
මමත් මෙතනට දායක වෙලා තියනවා. ඒ වගේම හරි හාස්කම් තියෙනවා. මම ඒක අත්විඳලා තියනවා. හරිම පුදුම හිතෙනවා සාධු සාධු සාධු.(නදී)
දෙවෙනි තුන්වෙනි පින්තුර පෙනෙන ගල පහල තියෙන ගල් පේනවා නේද? දැන් එතන තියෙන්නේ ස්වභාවික ජල උල්පතක්. මුලදී මෙ හරියේ තිබුනේ ලොකු කළු ගල. හමුදාවේ අය ඉන්න පින්තුරේට උඩින් 3 එක බලන්න පොකුන පේනවා.(නදී)
මේක හදන දවස්වල මම එතනට ගියා, උඩටත් නැග්ගා. ඒක හදන ඉන්දියානු බාස් ලා (කළා කරුවෝ) එක්ක බුදු පිළිමේ කර උඩ ඉඳන් තේ බිව්වා. ගල් කටුවෙන් වැඩත් කළා. පස්සේ මම ඔවුන්ට තේ බොන්න සන්තෝසමක් දීල ආවා. ඒක මට හොඳ මතකයක්. ලේසියෙන් කාටවත් නොලැබෙන අවස්තාවක්.(නදී)
විශ්මිත නිර්මාණයක් ...සාධු,සාධු,සාධු! (නි)
චමල් ඔයා පින්කමක් කලාට නුවන තවමත් දියුණු වෙලා නැහැ. බුදුපිලිමේ කර උඩ ඉදගෙන තේ බිව කීම කොච්චර කැතද මේ පිළිම වහන්සේ දිහා බලාගෙන. (නදී)
බුදු සසුන බැබලේවා! සාධු,සාධු,සාධු! ... (නි)
සම්බුදු හිමි සමවත් සුවයෙන් හිදී... සව් කෙළසුන් වැනසු රහතුන් වැනි... ලෝ දස දෙස බුදු සිසිලස පැතිරී... සාදු සාදු වදිනෙමි අපේ බුදුහිමි (නි)
ආමිෂ පූජා සහ ප්‍රතිපත්ති පූජා... කළු ගල් වගේ තියෙන අපේ මිනිස්සුන්ගේ මොලේ හාරලා ඔප මට්ටම් කරන්න තමා ඕනෑ. (නි)
සාධු... සාධු... සාධු...! (නි)
යකඩ කටින් කෑ ගසලා ටී.වී.එකෙන් පෙන්නාගෙන පෙලපාලිත් ගිහින් වතුර නාලා කදුලු ගෑස් ගහගෙන සිවුරුබිම දාලා දුවනවාට වඩා නරකද මේවාගේ වැඩක් කරලා ඉතා උතුම් පුණ්‍ය ත්‍රියාවක් කරලා රටට ආදර්ශයක් දෙන්න. මේ මහගු පිංකම සියලුම අය අගය කරනවා ඒකාන්තයි. (නි)
මේ පිළිමය දකිද්දී දැන් පුදුම සතුටක් දැනෙනවා. මෙයට මුදල් සහ නොයෙක් දානයෙන් තමන්ගේ මහන්සියෙන් දායක වුන සියලු දෙනාටම නිවන් සැප ලැබේවා! (නි)
අපි ලංකාවට ගියාම නිතර යන සහ ස්වේචාවෙන් අපි ආධාර කළ ස්ථානයක්. මේ නායක ස්වාමින් වහන්සේ දෙවිකෙනෙක්. දකුණු ඉන්දියාවේ පින්වත් පිළිමේ නෙලීම බාරගත් ශිල්පියා වැඩ කිරීම නොනවත්වා කරගන යාම නිසා බොහෝ පින්වතුන්ගෙන් ආධාර ලැබීම බෞද්ධ අපි සැමගේම වාසනාවක්. ඒ වගේම පෞරාණික උරුමකම් වලින් බොහෝ වටිනාකමක් ඇති මේ පුරාන රජමහ විහාරය පිහිටි බිම අපිට අදහා ගන්න අමාරු ස්ථානයක්, පුදුම ලස්සනක්, සිතට පුදුමම සැහැල්ලුවක්, දැනෙනවා . අවට බලන විට මට දැනෙන්නේ මම ලංකාවේ මැද්දේ හිටගෙන ලංකාව දකිනවා වගේ හැගීමක්. මෙම ස්ථානය ඔබ හැමෝම දවසක වන්දනා කළ යුතු ඉතාමත් වටිනා පින් බිමක්. පිළිම වහන්සේ නොබෝ දිනකින් , අපිට වන්දනා කරගැනීමට වාසනාව ලැබේවි ...! (නි)
සාදු! සාදු! සාදු! (නි)
ඇත්තටම මහා පිනක් මේ කටයුත්ත මෑත කාලයේ (ස)
අපේ උරුමය,අපේ කලාව රකින ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටයි! (නි)
මේවා හදල නිකන් මිනිස්සුන්ට පෙන්නලා වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ මොනවද කිව්වේ ඒවා හොඳට හිත තුලට දාරණය කරලා හොඳ මිනිස්සුන් වෙන්න බලනවා හොඳයි මේවා බුදුදහමට පටහැනි දේවල්. (නදී)
සදාචාරවත් දේශයක ආරම්භය මේ සමග සිදුවේවා! (නි)
හොද වැඩක් මම අගය කරනවා ලොකු හාමුදුරුවන්ට දීර්ගා යුෂ.(නදී)
ඉතා හොද වැඩක් දැකීමට පින් කරමු (අ)
සාදු සාදු! සියලු දෙනාට තෙරුවන් සරණයි (නි)
මම මේක බලන්න ගියා. පිළිම වහන්සේ ඉතාම විස්මිත නිර්මාණයක්. නමුත් දුක තමයි මේ වගේ දෙයක් හදන්න ඇත්තටම අපේ අය හොයාගන්න නැද්ද කියන එක (නි)
සාදු! සාදු! සාදු බලන්න ලස්සනයි. ත්‍රාසජනකයි. මෙහෙමත් දේවල් කරන්න පුලුවන් පිරිසක් තවමත් අපේ පුංචි රටේ සිටින එකට බොහොම ආඩම්බරයි.(නදී)
ලංකාවටම ලොකු ආඩම්බරයක්.මේවා හොද වැඩ. තව මේවා කරන්න ලැබේවා! (නි)
හබ්බයෝ දත්මිටි කනවා ඇති... බුදු සසුන බැබලේවා..! (නි)
සාදු සාදු සාදු ! මා සැබවින්ම පින් කළ කෙනෙක් බව දැනේ මේ මාහැඟි දසුන නැරඹීමෙන්. (නි)
මේ පිළිම වහන්සේ විශ්වකර්ම නිර්මාණයක්.මේ උතුම් පින්කමට දායක වූ අපේ නායක ස්වාමින්වහන්සේ ප්‍රමුඛ සියලුම දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! සැම දෙනාට තෙරුවන් සරණයි! (නි)
ආශ්චර්යමත් නිර්මාණයකට දායක වූ සැමට වැඩි වැඩියෙන් පින් සිදු වේවා! නිදුක් නිරෝගී සුව ලැබේවා! (නි)
සාදු..සාදු...!!අද්විතීය නිර්මාණයක් .අප සැමගේ අධාරය ලැබිය යුතුයි.(නදී)
මේ ශ්‍රේෂ්ටවු නිර්මානය කිරීම සඳහා තම කැපවිම, ශ‍්‍රමය, දහඩිය, කදුල හෙළන සියලුම දෙනාට අපගේ නමස්කාරය වේවා.. බුදුසරණයි….!(නදී)
අර සේනා මේ සේනා , දේශපාලුවෝ කෝ මේවට ආධාර කරනවා.(නදී)
සාදු සාදු ශ්‍රේෂ්ට නිර්මාණයක්, දකින්නවුන්ගේ සිත් පහන් කරවන බුදුගුණ සිහිකරමු. නිර්මාණ ශිල්පීන්ටත්, උරදුන් සැමටත්, මෙය බලා සිත් පහදවගත් සැමටත් සතුටු සිත් ඇති වේවා! පිනෙන් සතුටු වෙත්වා! සැප බල ආයුෂ වැඩිදියුණු වෙත්වා!! (දී)
අපේ හාමුදුරුවනේ මාත් මේ සදහා දායක වීමට කැමතියි. මා හාමුදුරුවන් සමග කරපු වැඩසටහනක් දැක්කා හදන සමාදී පිළිමේ ගැන. මට ඒ වෙලාවේ හිතුණා මෙයට දායක වීමට. ඒත් මම ලෙබනන් එකට ඇවිත් මාස 02 විතර ඇති. මේ දායක වීමට ක්‍රමයක් ලංකාදීප කතු මණ්ඩලයෙන් හරි හමුදුරුවගෙන් හරි දැන ගැනීමට කැමතියි.(නදී)
සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.(නදී)
ඉතා හොද නිර්මානයක් මෙවැනි දෙකට සභාගි වෙන්න තියනවනම් ලොකු පිනක් දාගැබක් පිළිමයක් වැවක් හදනවා කියන්නේ ඉතා හොද වැඩක් මෙවනුවෙන් දහඩිය මුදල් ලබාදුන් සියලු දෙනාට පින් හොද දෙකට විවේචනය නොකරන්න (දී)
ඇත්තෙන්ම ලස්සනයි අපි ගියා 2013.06.02 දින. මහා පුදුම වැඩක් මේකට අපේ සිංහල මිනිස්සු එන්නේ නැද්ද කියන එකයි ප්‍රශ්නේ.(නදී)
මෙම කටයුත්තට දායක වූන හැමදෙනාට ම තුණුරුවන් සරණ පිහිට ලැබෙන්න ඕනේ සාදු සාදු ! (ස)
සාදු! සාදු! සාදු! වදිමි මුනිදු සැමදා ..... මා දන්නා තරමින්...මේ මහා පිළිරැවේ ආරම්භකයෝ පුංචි ලමයි පිරිසක්... http://dahamvila.blogspot.com (ස)
සාදු ! සාදු! සාදු! අපේ හාමුදූරුවෝ මේ පින් බලෙන් නිවන් දකින්න ඕනේ, සහයෝගය දුන් හැමට පින් ලැබේවා ! (ස)
සාදු! සාදු! සාදු! (ස)