IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කුඩු කන්ටේනරයේ කුඩු කෑම

 

 

සුගතදාස ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ව්‍යාපාරය කසිප්පු විකිණීමයි. බිරිය යසවතී සුගතදාසගේ ව්‍යාපාරයට අකමැති වුවත් ඊට බාධා නොකර කරබාගෙන සිටින්නීය. දිනක් සුගතදාස අවශ්‍යතාවක් සඳහා නිවසින් පිටව ගියේය.

මේ අතරේ හදිසියේම ගමේ පොලිසිය සුගතදාසගේ ගෙදරට කඩා පැන්නේය. සෝදිසි වරෙන්තු නැතත් නිවස ද පරීක්ෂා කළේය. ගේ මුල්ලේ සඟවා තිබූ කසිප්පු කාලක් සොයා ගත් පොලිසිය සුගතදාස නැති නිසා බිරිය යසවතී පොලිස් ජිප්රියට නංවාගෙන කෙළින්ම ගියේ පොලිසියටය. එය ආරංචි වූ යසවතීගේ පුත‍්‍රයා ද පොලිසියට ගියේය. තාත්තා අල්ලගෙන ආවොත් අම්මව එවනවා. නැත්නම් කසිප්පු තියාගත්තා කියලා අම්මා උසාවි දානාවා. පොලිසියේ ලොකු මහත්තයා කීවේය. පැය ගණනකට පසු සුගතදාස පොලිසියට ආ අතර යසවතීට නිවසට යෑමට හැකි වූවාය.

ඒ එක්තරා ගමක කතාවකි. ඒ ගමේ හෙරොයින්, ගංජා නැත. ඇත්තේ කසිප්පු පමණි. කසිප්පු කාලක් නිසා පැය ගණනක් පොලිසියේ ලගින්නට යසවතීට සිදුවූවාය.

කසිප්පු කතාව එසේ වුවත් හෙරොයින් කතාව ඊට තරමක් වෙනස්ය. හෙරොයින් මත් කුඩු කිලෝ 261ක් සහිත කන්ටේනරයක් ගෙන්වූ අයටත්, ඒවා නිදහස් කර ගැනීමට ලියුම් දුන් අයටත්, ලියුම් දෙන ලෙස බලපෑම් කළ අයටත් එය අදාළ නොවේ.

කරච්චියේ ෂා ඉන්ඩස්ටී‍්‍රස් වෙතින් ඉකුත් ජූනි මස 17 වැනි දා නැව් ගත කළ අඩි 40ක් පමණ දිගැති කන්ටේනරයක් ජූනි 22 වැනි දා කොළඹට ළඟා විය. එහි  ග‍්‍රීස්, ගොඩනැගිලි ද්‍රව්‍ය, ප්ලාස්ටික් ආදී දෑ ඇතැයි සඳහන් කර තිබිණි.

කන්ටේනරය එවා තිබුණේ මාලිගාවත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයකුගේ නමිනි. ග‍්‍රීස් ගෙන්වීමට ඛණිජ තෙල් සංස්ථාවේ අවසරයක් තිබිය යුතු වුවත් මීට එවැනි අවසරයක් ලබා තිබුණේ නැත.

මෙවැනි කාරණා කිහිපයක් නිසා කන්ටේනරය රේගුවේ රඳවාගනු ලැබීය.

මාස දෙකකට ආසන්න කාලයක් කන්ටේනරය රේගු අංගනයේ තිබිණි.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරක් අනුව මේ කන්ටේනරය ගැන සෙවිල්ලෙන් සිටියේය. එය පරීක්ෂා කිරීම සඳහා පොලිස්පති හරහා රේගුවට දැන්වීය. ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ රේගු නිලධාරීහු කන්ටේනරය විවර කළහ. ඒ ඉකුත් අගෝස්තු 30 වැනිදාය.

ඒපීඑච්යූ6103222/09 දරන බහාලූමේ ග‍්‍රීස් ටින් අස්සේ සඟවා තිබූ හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 261 යි ග‍්‍රෑම් 292ක් හමුවූයේ ඒ අනුවය. දකුණු ආසියාවේ එක්වරකදී අසුවූ වැඩිම කුඩු තොගය ලෙස වාර්තා තැබූ මේ කුඩු තොගය 2013 සැප්තැම්බර 02 වැනි දා ඊඑන්පී/2013/12809 යටතේ රස පරීක්ෂක වෙත යවන ලදුව නොවැම්බර් අටවැනිදා එන්/5481/2013 (සීඞී4055/2013) අනුව රසපරීක්ෂක වාර්තා ලැබිණි. එහි සඳහන් වූයේ රස පරීක්ෂණයට යොමු කළ දෑ හෙරොයින් ලෙස හඳුනා ගත් බවයි. එහි ශුද්ධ බර කිලෝග‍්‍රෑම් 131 ග‍්‍රෑම් 148ක් ලෙස එම වාර්තාවේ සඳහන් විය.

තිබූ කුඩු ප‍්‍රමාණයෙන් බාගයක් අඩුවූයේ කෙසේදැයි දැඩි කතාබහක් ඇති විය. විවිධ පිරිස් විවිද දෑ කීහ.

මත්කුඩු කන්ටේනරය ගැන විමර්ශන කළ පොලිස් කණ්ඩායම සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට ගත්හ. පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර අංක 323/එෆ්/11/3හි පදිංචි ජමාල් නාසීෆ් අසීස් අබ්දුල් එක් අයෙකි. කොළඹ 10 මාලිගාවත්තේ දුම්රිය නිවාස සංකීර්ණයේ පදිංචි මොහොමඞ් කමීල් අනෙක් සැකකරුය.
කන්ටේනරය අත්අඩංගුවට ගැනීමට පෙර රටින් පිටවූ බව කියන සර්දර් අසාද් මොහොමඞ් ඛාන් නම් පකිස්තානුවා කුඩු කන්ටේනරය ගෙන්වීමට මූලික වී ඇතැයි පොලිසිය කියයි. පකිස්ථානයේ කාශ්මීර දේශසීමාවේදී එම සැකකරු ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා නිවේදනය කළේය.

මත්ද්‍රව්‍ය කන්ටේනරය ලංකාවට ගෙන්වූයේ කවුද, කොපමණ කලක සිට මේ ජාවාරම ක‍්‍රියාත්මක වන්නේ ද ආදී ප‍්‍රශ්නවැලක් ඉතිරිව තිබියදී පොලිස් පරීක්ෂණවල තත්ත්වය ගැන කතාබහ යටපත් විය.

නැවත එය ඉස්මතු වූයේ අගමැති ලේකම්වරයකු විසින් කන්ටේනරය නිදහස් කර ගැනීම සඳහා ලබා දුන් බව කියන ලිපියක් නිසාය.

එම ලිපිය නිකුත් කර ඇත්තේ අගෝස්තු 25 වැනි දාතමින් ය. එහි අත්සන් තබා ඇත්තේ බුද්ධ ශාසන ඇමැතිගේ ලේකම්වරයෙකි. බුද්ධ ශාසන ඇමැති ලෙස කටයුතු කරන්නේ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අග‍්‍රමාත්‍යවරයා ය. ඒ අනුව කුඩු සහිත කන්ටේනරය නිදහස් කරන්නැයි ලිපි යවනු ලැබ ඇත්තේ ශ‍්‍රී ලංකා අගමැතිගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු විසිනි.  එහි සඳහන්ව තිබී ඇත්තේ මාලිගාවත්තේ සමාගමක් විසින් ගෙන්වන ලද කන්ටේනරය ප‍්‍රමාද ගාස්තුවලින් සහ වරාය ගාස්තුවලින් නිදහස්කොට මුදා හැරීමට අවශ්‍ය පියවර ගනු ලබන්නේ නම් අගමැති වෙනුවෙන් ස්තුතිවන්ත වන බවයි.

ලේකම්වරයා විසින් යැවුණු බව කියන ලිපිය ගැන මාධ්‍ය අනාවරණය කරද්දී පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ ඒ ගැන ප‍්‍රශ්න කරන්නට වූහ. අගමැතිත්, ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරියාත් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි ප‍්‍රශ්න කළහ. තවත් සමහරු මේ පිටින් දේශපාලන වශයෙන් ගොඩ යන්නට උත්සාහ කළහ. ඒ කෙසේ වෙතත් ආණ්ඩුව ඇතුළේම ඒ ගැන විශාල කතා බහක් ඇති විය.

ඒ අනුව පොලිසිය අදාළ සම්බන්ධීකරණ ලේකම්ගෙන් ප‍්‍රකාශයක් ලබා ගත්තේය. එම සම්බන්ධීකරණ ලේකම්වරයා ප‍්‍රසිද්ධියේ පැවසුවේ ප‍්‍රාදේශීය දේශපාලනඥයකු විසින් එය මුදා හරින ලෙස ඉල්ලා සිටි බවයි. එම දේශපාලනඥයාද තවත් උත්තරයක් දී ලිස්සා ගියේය.

ලොක්කන්ගේ පව් සොක්කන් පිටින් යන න්‍යාය කුඩු කන්ටේනරයේ කතාවට ද ඈඳී ඇතැයි කෙනකුට සිතෙන්නට පුළුවන. විමර්ශන කෙරීගෙන යන ආකාරය දෙස බලන කළ එය අසත්‍ය යැයි කිසිවකුට කිව නොහැක. ඇතැම්විට ලේකම්ට මේ ලිපිය නිකුත් කිරීමට බලපෑම් කළ පුද්ගලයා යටපත් කර සියලූ චෝදනා ලේකම් පිටින් යැවීමට ද ඉඩ ඇත.  

කුඩු කන්ටේනරය සම්බන්ධයෙන් අගමැති ලේකම් ලිපියක් දුන්නානම් මුලින්ම ඔහුගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගෙන කරබාගැනීමට පොලීසියට හැකියාවක් නැත. අනිත් අපරාධකරුවන්ගෙන් ඇත්ත දැන ගැනීමට ප‍්‍රශ්න කිරීමේ කලාව ඊට ද උපයෝගී කර ගත යුතුය.  ලිපි නිකුත් කිරීමට අගමැතිගේ සම්බන්ධීකරණ ලේකම්ට  උපදෙස් දුන්නේ කවුද යන්න ඊළඟට සොයා බැලිය යුතුය. ඒ ඔස්සේ දිගටම යමින් කුඩු කන්ටේනරයේ සුල මුල හෙළි කර ගත හැකිය. නමුත් එලෙස වන පාටක් තවම පෙනෙන්නට නැත.

කුඩු කන්ටේනරයට සම්බන්ධ ව්‍යාපාරිකයකු තරුණ දේශපාලනඥයකුගේ ඡන්ද ප‍්‍රචාරක රැලියකට වාහන සැපයීයැයි ද, ඔහුගේ ඡන්ද ප‍්‍රචාරයට වියදම් කළැයි ද පසුගියදා මාධ්‍ය වාර්තා කළේය. එය ද ඉවත දැමිය නොහැකි බරපතල කාරණයකි.

 

 

අගමැති හෝ ලේකම් සම්බන්ධ බව අනාවරණය වී නෑ

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ

 

කුඩු කන්ටේනරය ගැන තවම පරීක්ෂණ කෙරීගෙන යනවා. පාකිස්තානයෙන් ඇවිත් අපිට තොරතුරු දීලා ගියා. දුරකතන අංක කිහිපයක් ඔස්සේ අපි විමර්ශන පවත්වනවා. ඒ අනුව අනාවරණය වන කරුණුවලට අනුව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගන්න බලාපොරොත්තු වෙනවා.
පාකිස්තානයේ දී අත්අඩංගුවට ගත් සැකකරු ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා.
හෙරොයින් සම්බන්ධ වැරදි තමයි ළඟ තබාගැනීම, ජාවාරම් කිරීම, ආනයනය කිරීම, වෙළෙඳාම් ආදිය. අගමැති හෝ අගමැති ලේකම් මේ වැරදි කළ බවක් මේ වනතෙක් අනාවරණය වී නෑ. මේ වැරදි කළ බවට අනාවරණය වුණොත් තමයි අත්අඩංගුවට ගන්නේ. එහෙම නැතුව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නෑ. පෙර කී වැරදි එකක් හෝ කළ බවට මේ වන තෙක් අනාවරණය වෙලා නෑ.

 

 


 



අදහස් (0)

කුඩු කන්ටේනරයේ කුඩු කෑම

දයා අලහකෝන් Sunday, 05 January 2014 05:25 PM

කන්න ඕනෑ වුණාම කබරගොයත් තලගොයා වෙනවලු. රටම දන්නවා කතන්දරේ. පොඩි මිනිහෙක් කළා නම් කොහොමද? (ත)

:       0       0

ගමගේ Tuesday, 07 January 2014 03:34 PM

දැන් සේරම තොත්ත බබාලා (දී)

:       0       0

ලියෝඩ් Monday, 06 January 2014 04:53 PM

සේරම් ඔයාගේ අදහසට මමත් එකගයි.(නදී)

:       0       0

අජිත් Sunday, 05 January 2014 07:45 PM

ඇයි තවමත් ලේකම් තුමාව අත්අඩංගුවට නොගන්නේ? (ත)

:       0       0

ඉන්ද්‍රකීල Monday, 06 January 2014 06:23 PM

පාර්ලිමේන්තුවේ ඉන්නවා කියපු කුඩ්ඩෝ පස් දෙනා කවුද? මේ සේරමලාට නීතිය බෙදන්න කියලයි මිනිස්සු කියන්න ඕනේ. මේ අපරාධ වලින් එන සල්ලි වලට යට වෙලා ජාතිය විනාස කරනවා. උපත් පාලන ඒවත් ගෙන්නලා හොරෙන් බෙදනවා. මේක යටගහන්න හදන සේරම ජාති ද්‍රෝහියි.(නදී)

:       0       0

සුගත් Tuesday, 07 January 2014 09:52 AM

අස්මිත් සහ සේරම් සමග මමත් එකගයි. පොඩි මිනිහෙක් කරානම් කොහොමද. අගමැති පුතාට ඡන්දෙට වියදම් කළේ මෙයාලු. දැන් මේ ගොල්ලෝ බබාල වෙන්න යනවා. මරු පොලීසියක් අපිටත් තියෙන්නේ. හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වාගෙ.(නදී)

:       0       0

නුවන් Monday, 06 January 2014 01:19 PM

අනේ අපේ රටට ගිය කලක් (දිල්)

:       0       0

කමල් Sunday, 05 January 2014 11:15 PM

සිංහල ජාතිය විනාශ කරන්නේ මේවයින් තමා (දී)

:       0       0

නලින් Tuesday, 07 January 2014 12:11 AM

පොලිස් ප්‍රකාශකගේ කතාව ප්‍රේහෙලිකාවක් . එතකොට අපරාධ වලට අනුබල දීම වැරද්දක් නෙමේද? (දී)

:       0       0

නිමල් Thursday, 09 January 2014 09:41 PM

අනේ රටට මොකක් වුනහම මොකද රස්සාව බේරගන්න පොලිස් මහත්තයෝ.(නදී)

:       0       0

අස්මිත් Sunday, 05 January 2014 03:49 PM

පොලිසිය මීට වඩා තීක්ෂණ විය යුතුයි.දේශපාලකයන්ට එක විදිහකටත් සාමාන්‍ය මිනිසුන්ට තව විදිහකටත් සලකන්න බැහැ.මෙතන සිද්දිය සොයා ගැනීමට අවශ්‍ය සෑම තොරතුරක්ම /පරීක්ෂණයක්ම ලෙහෙසියෙන් සිදුකිරීමට අවශ්‍ය මුලික පසුබිම ලැබී තිබියදීත්,දේශපාලන අතගසීමක් නිසා මන්දගාමී ස්වරුපයක් ගෙන ඇති බව සියලු දෙනාටම තේරෙනවා. (ත)

:       0       0

සේරම් Monday, 06 January 2014 08:36 AM

අනේ පොලිස් මහත්තයෝ, ඔබ තුමා හිතාගෙන ඉන්නේ ලංකාවේ මිනිස්සු ඔබ තුමා වගේ කියලද? (නදී)

:       0       0

සාගර Wednesday, 08 January 2014 06:03 AM

ලංකාව බෞද්ධ රකක් වෙලත් දැක්කද වෙන අපරාධ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5123 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 714 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1285 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 116 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 268 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39092 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site