ලංකාව ආසියාවේ කුඩු කේන්ද්‍රස්ථානය බට පත්වීගෙන එතියි පසුගිය සතියේ වාර්තා විය. හැම දෙයක්ම වටලන බොදුබල සේනාව මත්කුඩු සම්බන්ධ දේශපාලනඥයන් හමුවේ කිසිදු පියවරක් නොගැනීම ගැන එම සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානිස්සර හිමියන්ගෙන් විමසීමු.
ප‍්‍රශ්නය: ලංකාව ආසියාවේ කුඩු කේන්ද්‍රස්ථානය වෙලා කියන්නේ ඇත්තද?
පිළිතුර: දැන් දැන් අපට ඒ කතාව ඇත්ත වගේ පේනවා.
ප‍්‍රශ්නය: ඉන්දියාවෙන් ඒක අනාවරණය කරගන්නකම් අපේ පොලීසියට ඒක බැරි වුණා නේද?
පිළිතුර: සමහර වෙලාවට පොලීසිය ඒක දැනගෙන හිටියද දන්නේ නෑ. ගොඩක් වෙලාවට අපේ පොලීසිය වැටලීම් කරනවා. නමුත් මීට වඩා වැඩි දෙයක් කළ යුතුයි.
ප‍්‍රශ්නය: ඔබවහන්සේ මීට පෙර කියා තිබුණා දේශපාලනඥයෝ කුඩු ව්‍යාපාරයට හවුල් කියා. නම් වශයෙන් කියන්නේ නැත්තේ ඇයි?
පිළිතුර: නම් වශයෙන් කියන එක සදාචාරාත්මක නෑ.
ප‍්‍රශ්නය: ඒ අතර ආණ්ඩුවේ දේශපාලනඥයෝ ඉන්නවා ද?
පිළිතුර: අනිවාර්යෙන්ම ඔව්.
ප‍්‍රශ්නය: කුඩු ව්‍යාපාරයට සම්බන්ධ ආණ්ඩුවේ දේශපාලකයන් කී දෙනෙක් විතර ඉන්නවාද?
පිළිතුර: හතර පස් දෙනෙක් ඉන්නවා.
ප‍්‍රශ්නය: ඒ පිරිස කුඩු ප‍්‍රශ්නයට සම්බන්ධයි කියා හරියට හඳුනාගෙන තියෙනවා ද?
පිළිතුර: ඔව්.
ප‍්‍රශ්නය: අවස්ථාවක් ආවොත් නම් හෙළි කරනවද?
පිළිතුර: ඔව්. අනිවාර්යෙන්ම නම් හෙළි කරනවා.
ප‍්‍රශ්නය: කුඩුකාරයොයි පොලීසියයි අතර සම්බන්ධකම් නැද්ද?
පිළිතුර: අනිවාර්යෙන්ම තියෙනවා.
ප‍්‍රශ්නය: ඒ ගැන මොකද කරන්නේ?
පිළිතුර: පොලිස්පති දැනුම්වත් කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩියෙන්ම තියෙන්නේ මේ දේශපාලනඥයන්ගේ ගැටලූව.
ප‍්‍රශ්නය: ඔබවහන්සේලා හැම දෙයක්ම වටලන එකේ ඇයි මේ කුඩු සම්බන්ධ දේශපාලනඥයන්ගේ ගෙවල් වටලන්නේ නැත්තේ?
පිළිතුර: ඉතා හොඳ ප‍්‍රශ්නයක්. වැඬේ වෙලා තියෙන්නේ අපට එහෙම වටලන්න ඇත්තටම අයිතියක් නෑ. වටලනවා කියන එක මාධ්‍යවලින් නිර්මාණය කළ දෙයක්. භික්ෂූන් කියා අපට විශේෂ නීතියක් නෑ. අපි රටේ නීතියට යටත්. නමුත් සමාජයේ කඩා වැටීම බලාගෙන ඉන්න බැරි තැන තමයි හැකි මට්ටමින් වගකිවයුත්තන්ගේ ඇස් ඇරගන්න යම් යම් ක‍්‍රියාමාර්ගවලට පෙළඹුනේ. දේශපාලනඥයන්ගේ ගෙවල් වැටලීම කෙසේ වෙතත් ඔවුන් පරාජය කිරීමේ බලමුළු කරමින් ඉන්නවා. දැන් මිනිසුන් දන්නවා ඔවුන් කොහොමද එකපාරට පෝසතුන් වුණේ කියා. දේශපාලනඥයන් හිතන් ඉන්නේ හැමදාම ජනතාව අන්දන්න පුළුවන් කියා. ඒක බොරුවක්.
ප‍්‍රශ්නය: කුඩු තුරන් කරන්න බොදුබල සේනා සංවිධානයෙන් මොනවද කර තියෙන්නේ?
පිළිතුර: මේක එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයට වඩා දරුණු ත‍්‍රස්තවාදයක්. අපි හිතුවා මේක කොළඹ ආශ‍්‍රිතව විතරයි තියෙන්නේ කියා. දැන් මේක හැමතැනම ව්‍යාප්ත වෙලා. ඉහළ මධ්‍යම පාන්තිකයාගේ සිට පහළම එකා දක්වා බොහෝ පිරිසක් මීට ඇබ්බැහි වෙමින් තියෙනවා. කුරුණෑගල, පොල්ගහවෙල, මහියංගනය වගේ පැතිවල පාසල් සිසුන් මීට ඇබ්බැහි වෙලා. යුද්දෙ කාලේ සිවිල් ආරක්ෂක කමිටු පිහිටෙව්වා. ඒ වගේ ගමින් ගමට ගෙන් ගෙට ගිහින් අප මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටවනවා.
ප‍්‍රශ්නය: කුඩු කන්ටේනරයේ ගැටලූව සම්බන්ධයෙන් අගමැති ඉවත් විය යුතුද?
පිළිතුර: එහෙම පූර්වාදර්ශයක් නැහැනේ මේ රටේ. හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළියේ. වෙන රටකනම් ඉල්ලා අස්වෙනවා. අපේ රටේ එහෙම භාවිතයක් නැහැනේ. එක එක්කෙනා බෝලේ පාස් කරගන්නවා.
ප‍්‍රශ්නය: ඉදිරියේ ලංකාවට මොනවා වෙයිද?
පිළිතුර: දැනටම මේක හබ්එකක් කරගෙන ඉවරයි. එක එක රටවලින් විවිධ කණ්ඩායම් එනවා. කිසිම පාලනයක් නෑ. ඕනෑම එකකුට ඇවිත් ලගින්න පුළුවන් අනාථ කඳවුරක් වෙලා මේ රට. මේකට දැන්මම විධිමත් ක‍්‍රියාමාර්ගයක් නොගතහොත් මේක සූඩානයක් වෙන එක නවත්වන්න බෑ.
ප‍්‍රශ්නය: බොදුබල සේනාව කියනවා ආණ්ඩුවේ දේශපාලනඥයන් හතර පස් දෙනෙක් කුඩු ජාවාරමට හවුල් කියා. ඇයි ඔවුන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ?
ප‍්‍රශ්නය: කුඩුකාරයන් සමග සම්බන්ධකම් තියෙන පොලිස් නිලධාරීන් ඉන්නවා නේද?
|
බොදු බල සේනාව කියන පරිදි කුඩු සම්බන්ධ දේශපාලනඥයන් අත්අඩංගුවට නොගන්නේ ඇයිදැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගෙන් විමසීමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රකාශ දෙකම කියෙව්වාම හිතා ගන්න පුළුවන් දෙගොල්ලොටම නිසි වැඩ පිළිවෙලක් නැති බව. ප්‍රශ්නවලට මොනවා හරි උත්තරයක් දීලා තියෙනවා. එච්චරයි.(නදී)
කුඩු එන්නේ පාකිස්ථානයෙන්. පාකිස්ථානයෙන් එන හැම කන්ටේනර් එකක්ම දැඩි පරීක්ෂාවට ලක් කල යුතුයි.(නදී)
පොළිස් මාධ්‍ය ප්‍රකාශකගේ පිළිතුරු දකිනකොට,පොළීසිය ගැන දුකක් ඇතිවෙනවා. සත්‍ය පිළිතුරු දුන්නොත් මාරුවක් ලැබේවී තූත්තුකුඩියට. මොනවා කරන්නද?පොළීසිය හසුරුවන්නෙත් දේශපාලකයින්නේ. බොදු බල සේනා සංවිධානයට පුලුවන් වේවිද දේශපාලුවන් එක්ක හැප්පිලා සිංහළ තරුණ පරපුර මත් උවදුරෙන් බේරාගන්න.(නදී)
අද කලේ පොලෝසිය ගැන කිසිම විශ්වාසයක් තියාගන්න බැහැ. ඉතින් කොහොමද ඔත්තු ලබා දෙන්නේ. ලබාදුන්නා එකාගේ පවුල් පිටින් ඉවරයි.(නදී)
කුඩු කන්ටේනර් ගෙනාපු අය එළියේ මිලිග්‍රෑම් අතේ තිබුණු අය පෝරකේ. (නදී)
මේවා නතර කරන්න උවමනාවක් කාටවත් නැහැ. මුළු මහත් ජාතියම විනාශ කරමින් සල්ලි හම්බ කරන්න කටයුතු කරන පිරිසක් ලංකාව තුල ඉන්නවා. ඒ පිරිස සුර සැප විදිනවා. කුඩු කාරයන්ට බය වන්න ප්‍රදාන හේතුව ඒ දේවල් වලට රට තුල බලයක් තියෙන නිසා. නිල තල දරන දේශපාලුවෝ, පොලිස් නිලදාරීන් මේවට උදව් කරනවා. කොලොන්නාව කුඩු රාජධානියක් වගේම හැම තැනකම හොරු හැම තැනම කුඩු. කව්ද වැරදි කරුවෝ ?(නදී)
අනේ අහිංසක පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක.(නදී)
දෙන්නම ප්‍රශ්න වලින් ලස්සනට ලිස්සලා ගිහින් තියෙනවා නියමෙටම.(නදී)
පොලිසිය සහ බොදුබල සේනා ප්‍රකාශකයන් එකම මේසයකට ගෙන්වා සාකච්ඡාවක් තියන්න. (ත)
බොදු බල සේනාවෙන් විග්‍රහ කළා වගේ දේශපාලනය කරන අය මේවට සම්බන්ධයි. ලංකාවේ සිටින ලොකුම ව්‍යාපාරකයින් මේවට සම්බන්දයි. රජය මේවා අල්ලනවා නම් අපි උදව් දෙනවා. මේ වගකීමෙන් කියන්නේ.(නදී)
පොලිසිය සමාන නැහැ බොදුබල සේනාව සමග එකම මේසයකට එන්න. නමුත් පොලිසිය උත්තර දෙන විදිහට යමක් තේරෙනවාද? නිකන් බයවෙලා වගේ. දේශපාලනය කරන අයයී පොලිසියයී වග කියන්න ඕනා මේවාට.(නදී)